ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

අකුරු ඇමිණූ සොඳුරු සිහිනය......




     බොහොම කාලෙකට පස්සෙ ඔන්න මකුළුට පුංචි ඉඩකඩක් ලැබුණා වියමන පැත්තෙ ඇවිත් යන්න..බොලේ..වියමනේ සිරාවටම මකුළු දැල් බැඳිලා නොවැ..ඉතින් ටිකක් අස්පස් කරලා දාලම වාඩි වුණා,මොනව හරි ලියන්නය කියලා.... යාළුවො ටික තරහ වෙලාදත් මංදා... මකුළු පැංචි ගොඩාක් කාලෙකින් මොකුත්ම ලිව්වෙ නැති එක ගැන..ඒ මදිවට අර මකුළුගෙයි වවුල්ස්ගෙයි ප්‍රේම පුරාවතත් තවම ඇනහිටිය තැනමනෙ.. 

රාහු ගිලින ඉරයි හඳයි......


     

     කට්ටියම පෙරේදා දවසම ආසවෙන් බලාගෙන හිටියනෙ කාලෙකට පස්සෙ පුර්ණ චන්ද්‍රගහණයක් දැකගන්න..මකුළු පැංචිටත් වසීලීස්සගෙ රටට ඒක අපූරුවට පෙනුණා.ඒත් පින්තූරයක් නං ගන්න බැරි වුණා..දුකේ බෑ..දවසම ලෙක්චර්සුයි ක්ලාසුයි නිසා ගෙදර හිටියෙ නැති මකුළු පැංචිට ඒ ගැන අහම්බෙන් වගේ දැනගන්න ලැබූණේ ගූගල් ඩූඩ්ල් එක හින්දයි..ඒ නිසා ගූගල් දෙයියන්ට මුලින්ම තුති..කොහොම වුණත් කලාතුරකින් දැකගන්න ලැබුණු චන්ද්‍රග්‍රහණය නිසා පැංචිට නිකමට වගේ ඒ ගැන යම් යම් තොරතුරු ටිකක් හොයලා කියවලා  බලන්න හිතුණා....එහෙම කියවද්දි හරිම අපූරු විස්තර වගයක් පැංචිගෙ දැනුම පොතට එකතු වුණා...ඉතින් ඒ වගේ රසවත් වැදගත් දේවල් තනියෙන් විඳිනවට වඩා බෙදාගන්න එක වටිනවනෙ...ඔන්න ඒ නිසා මකුළු පැංචි මේ වියමන වෙන්කරන්නෙ විවිධ රටවල් වල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ හා බැඳුණු මිත්‍යාවන් සහ විශ්වාසයන් ගැනත් අමුතු අමුතු චාරිත්‍ර විධි ගැන විස්තරයකට...

     කට්ටියම කියවලා බලන්නකෝ...ඔයාලත් මේ තොරතුරු දැනගෙන හිටියද කියලා....

මගෙ හීනය මට විඳින්න....







හැඟුම් නොමැති නිද්‍රාවක
නෙතු පියාන නිදා උන්න
මේ නුපුරුදු කළු හීනෙන්
සෙමින් ඇවිත් මා මුදන්න
නුඹෙ දෙතොලග පුරා ගැයෙන 
ඒ සොඳුරුම හැඟුම් ගොන්න
ඔය පපුවට තුරුලු කරන් 
මගෙ නෙතුපිය මත ඉහින්න

රතු පාටට විල් දිය මත
හිරු දියවෙන හැන්දෑවට
ගී මුමුණන මදනලකින්
මගෙ හීනෙට නුඹ එබෙන්න
අතැඟිළි තුඩු මිරිකාගෙන
ඉඳහිට ඔය හද අවුලන
ගිනි සිළුවක දවටාගෙන
නුඹෙ ගීතය මට ගයන්න

නිල දිලිහෙන පිණිබිඳු මත
මගෙ මෘදු හදවත තියන්න
රන් පාටට ඉගිලෙන මුදු
සමනළ තටුවක් වියන්න
නුඹෙ ගැඹුරුම හදගැස්මට
වැතිරීගෙන නිදි වදින්න
පොඩියක් මට ඉඩ දෙනවද
මගෙ හීනය මට විඳින්න




෴මංචි෴



'හැමදේම වෙන්නෙ හොඳටලූ'............ෂුවර්ද....?????



     


     හ්ම්.. ඔන්න ආපහු ලියන්න වෙලාවක් ලැබුණා..ගොඩක් අය කියලත් තිබුණා ඉක්මනට කතාව දාන්නය කියලා.ඒත් ඉතින් එදිනෙදා වැඩත් තියෙන නිසා පරක්කු වුණාට පැංචිට සමාව දෙන්න හොඳේ..


     හරි දැන් ඉතින් වැල්වටාරම් නැතුවම කතාව පටන් ගන්නම්කෝ..කට්ටියටම මතක ඇතිනෙ..මකුළු පැංචි පහුගිය පෝස්ට් එකෙන් මකුළු පැංචියෙකුගෙයි,වවුල් කුමාරයෙකුගෙයි කතාවක් කියන්න පටන් ගත්තා කියලා..අමතක අය නොකියවපු අය මෙතනින් ගිහින් කියෙව්වොත් තමා හොඳ..නැත්තම් අද කතාව අපබ්‍රංශ වගේ හිතුණොත් ඔන්න මකුළු නං නෑ ඕවට...හිකිස්ස්....

මා සිතට අහම්බෙන්..... ඔබ එබිකම් කළ අරුමය රහසින්....




     මකුළු පැංචිගෙ ජීවිතේ අම්මිටයි තාත්තිටයි පස්සෙ ඉන්න වැදගත්ම කෙනා තමයි වවුල් කුමාරයා.මතකනෙ පොඩිකමට වසීලීස්සා වුණු වෙලාවෙ තමයි මකුළු පැංචි එයාගෙ කුමාරයා මොන වගේ වෙන්න ඕනෙද කියලා මවාගත්තෙ කියලා..හික් හික්..අපි හැමෝම ජීවිතේ යම් යම් අවස්තාවන් වලදී ඔහොම මවාගැනීම් කරනවනෙ නැද්ද..?? ඒ වුණාට මකුළුට දැන් නම් ඒ රූපෙ හාංකවින්සියක්වත් මතක නෑ ඕං...

හොඳ හොඳ සෙල්ලම් රෑ වෙන ජාමෙට........






     ඔන්න හෝ ගාලා වැඩ තිබ්බ දවස් දෙක තුනක් ගෙවිලා ආපහු වියමන පැත්තෙ එන්න මකුළු පැංචි අමාරුවෙන් ඉඩ කඩ හොයාගත්තා.නිතරම වියමනේ නැවතිලා බලන යාළුවො ටික තරහ වුණේ නෑ නේද පැංචිත් එක්කලා...???


     ඒ හැටි අමාරුවක් නොවුණු පොඩි ක්ලාස් ටෙස්ට් එකකුයි, කාලයක් තිස්සෙ පෙරුම් පුරාගෙන හිටපු සාදයකුයි නිමකරලා ඇවිත් මකුළු පැංචිට නම් හරිම මහන්සීයි. ඒ මදිවට හොඳටම කැස්සත් හැදිලා.ඒත් හිතනම් හරිම සතුටින් පිරිලා.මොකද දන්නවද....


     ඉන්නකො ඉතින් කියනකම්...

අඳින්න ගිය තාප්පය ඉහේ කඩාවැටීම....






     යාළුවනේ ඔයාලා කවදහරි දවසක තාප්පෙක චිත්‍රයක් ඇඳලා තියෙනවද...??

     මං හිතන්නෙ ගොඩක් අය කියාවි නෑ කියලා.(එක්කෙනෙක්වත් ඔව් කිව්වොත් ලොකු දෙයක්....).ඒත් මකුළු පැංචිටනම් ඒ විනෝදාත්මක අත්දැකීම විඳගන්න වාසනාව ලැබිලා තියෙනවා..මම මේ ඔයාලට කියන්න යන්නෙ තාප්ප වල චිත්‍ර ඇදීමේ කලාව ගැන හෙම නෙවෙයි ඔන්න.එහෙම තාප්පෙක චිත්‍රයක් අඳින්න ගිහින් මකුළු පැංචිටයි,එයාගෙ චිත්‍ර කණ්ඩායමටයි වෙච්ච හදියක් ගැන.......එක හදියකුත් නෙවෙයි හදි යුගලයක් හෙවත් ඩබලක් ගැන.... :D

Related Posts Plugin for WordPress, Blogger...