ඇත්ත.....
ඔයා මගේ ප්‍රථම ප්‍රේමය නෙවෙයි..
ඒත් නොතේරුම් කාලෙ තිබ්බ වචනෙන් දෙකෙන් පැණනැංග සරල ප්‍රේම කතාවලට වඩා…මුල්ම වතාවට ඇහැටවත් නොපෙනෙන පුංචි සෛලයක් වගේ හදවතේ කොනක ඉපදිලා මහා වනස්පතියක් වගේ වෙනකල් හිත පිරෙන්න ආදරයක් ඇති වුණානම්.. මම මටත් වඩා වෙන කෙනෙකුට ආදරේ වුණානම් ඒ ඔයාට….
ඉතින්… මගේ ප්‍රථම සැබෑ ප්‍රේමය ඔයාම කිව්වත් වරදක් නෑ….
ඔයා ගිහින් අවුරුදු අටක් ගෙවුණු තැන අද මම ආයෙමත් හැරිලා බැලුවා… ආපහු බලන්නෙම නෑමයි කියල ශපථ වුනත් බලන්නම හිතුණු දවසක් ආවා...