අකුරු ඇමිණූ සොඳුරු සිහිනය......
සබැඳි:
ආදර කතා,
මකුළු පැංචිගෙ පෙම් පුරාවත....,
මතක මාවත
රාහු ගිලින ඉරයි හඳයි......
කට්ටියම පෙරේදා දවසම ආසවෙන් බලාගෙන හිටියනෙ කාලෙකට පස්සෙ පුර්ණ චන්ද්‍රගහණයක් දැකගන්න..මකුළු පැංචිටත් වසීලීස්සගෙ රටට ඒක අපූරුවට පෙනුණා.ඒත් පින්තූරයක් නං ගන්න බැරි වුණා..දුකේ බෑ..දවසම ලෙක්චර්සුයි ක්ලාසුයි නිසා ගෙදර හිටියෙ නැති මකුළු පැංචිට ඒ ගැන අහම්බෙන් වගේ දැනගන්න ලැබූණේ ගූගල් ඩූඩ්ල් එක හින්දයි..ඒ නිසා ගූගල් දෙයියන්ට මුලින්ම තුති..කොහොම වුණත් කලාතුරකින් දැකගන්න ලැබුණු චන්ද්‍රග්‍රහණය නිසා පැංචිට නිකමට වගේ ඒ ගැන යම් යම් තොරතුරු ටිකක් හොයලා කියවලා බලන්න හිතුණා....එහෙම කියවද්දි හරිම අපූරු විස්තර වගයක් පැංචිගෙ දැනුම පොතට එකතු වුණා...ඉතින් ඒ වගේ රසවත් වැදගත් දේවල් තනියෙන් විඳිනවට වඩා බෙදාගන්න එක වටිනවනෙ...ඔන්න ඒ නිසා මකුළු පැංචි මේ වියමන වෙන්කරන්නෙ විවිධ රටවල් වල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ හා බැඳුණු මිත්‍යාවන් සහ විශ්වාසයන් ගැනත් අමුතු අමුතු චාරිත්‍ර විධි ගැන විස්තරයකට...
කට්ටියම කියවලා බලන්නකෝ...ඔයාලත් මේ තොරතුරු දැනගෙන හිටියද කියලා....
සබැඳි:
දැනුමට යමක්,
රස කතා
මගෙ හීනය මට විඳින්න....
හැඟුම් නොමැති නිද්‍රාවක
නෙතු පියාන නිදා උන්න
මේ නුපුරුදු කළු හීනෙන්
සෙමින් ඇවිත් මා මුදන්න
නුඹෙ දෙතොලග පුරා ගැයෙන
ඒ සොඳුරුම හැඟුම් ගොන්න
ඔය පපුවට තුරුලු කරන්
මගෙ නෙතුපිය මත ඉහින්න
රතු පාටට විල් දිය මත
හිරු දියවෙන හැන්දෑවට
ගී මුමුණන මදනලකින්
මගෙ හීනෙට නුඹ එබෙන්න
අතැඟිළි තුඩු මිරිකාගෙන
ඉඳහිට ඔය හද අවුලන
ගිනි සිළුවක දවටාගෙන
නුඹෙ ගීතය මට ගයන්න
නිල දිලිහෙන පිණිබිඳු මත
මගෙ මෘදු හදවත තියන්න
රන් පාටට ඉගිලෙන මුදු
සමනළ තටුවක් වියන්න
නුඹෙ ගැඹුරුම හදගැස්මට
වැතිරීගෙන නිදි වදින්න
පොඩියක් මට ඉඩ දෙනවද
මගෙ හීනය මට විඳින්න
෴මංචි෴
සබැඳි:
කවි වියමන්
'හැමදේම වෙන්නෙ හොඳටලූ'............ෂුවර්ද....?????
හ්ම්.. ඔන්න ආපහු ලියන්න වෙලාවක් ලැබුණා..ගොඩක් අය කියලත් තිබුණා ඉක්මනට කතාව දාන්නය කියලා.ඒත් ඉතින් එදිනෙදා වැඩත් තියෙන නිසා පරක්කු වුණාට පැංචිට සමාව දෙන්න හොඳේ..
හරි දැන් ඉතින් වැල්වටාරම් නැතුවම කතාව පටන් ගන්නම්කෝ..කට්ටියටම මතක ඇතිනෙ..මකුළු පැංචි පහුගිය පෝස්ට් එකෙන් මකුළු පැංචියෙකුගෙයි,වවුල් කුමාරයෙකුගෙයි කතාවක් කියන්න පටන් ගත්තා කියලා..අමතක අය නොකියවපු අය මෙතනින් ගිහින් කියෙව්වොත් තමා හොඳ..නැත්තම් අද කතාව අපබ්‍රංශ වගේ හිතුණොත් ඔන්න මකුළු නං නෑ ඕවට...හිකිස්ස්....
සබැඳි:
ආදර කතා,
මකුළු පැංචිගෙ පෙම් පුරාවත....,
මතක මාවත
මා සිතට අහම්බෙන්..... ඔබ එබිකම් කළ අරුමය රහසින්....
සබැඳි:
ආදර කතා,
මකුළු පැංචිගෙ පෙම් පුරාවත....,
මතක මාවත
හොඳ හොඳ සෙල්ලම් රෑ වෙන ජාමෙට........
ඔන්න හෝ ගාලා වැඩ තිබ්බ දවස් දෙක තුනක් ගෙවිලා ආපහු වියමන පැත්තෙ එන්න මකුළු පැංචි අමාරුවෙන් ඉඩ කඩ හොයාගත්තා.නිතරම වියමනේ නැවතිලා බලන යාළුවො ටික තරහ වුණේ නෑ නේද පැංචිත් එක්කලා...???
ඒ හැටි අමාරුවක් නොවුණු පොඩි ක්ලාස් ටෙස්ට් එකකුයි, කාලයක් තිස්සෙ පෙරුම් පුරාගෙන හිටපු සාදයකුයි නිමකරලා ඇවිත් මකුළු පැංචිට නම් හරිම මහන්සීයි. ඒ මදිවට හොඳටම කැස්සත් හැදිලා.ඒත් හිතනම් හරිම සතුටින් පිරිලා.මොකද දන්නවද....
ඉන්නකො ඉතින් කියනකම්...
අඳින්න ගිය තාප්පය ඉහේ කඩාවැටීම....
යාළුවනේ ඔයාලා කවදහරි දවසක තාප්පෙක චිත්‍රයක් ඇඳලා තියෙනවද...??
මං හිතන්නෙ ගොඩක් අය කියාවි නෑ කියලා.(එක්කෙනෙක්වත් ඔව් කිව්වොත් ලොකු දෙයක්....).ඒත් මකුළු පැංචිටනම් ඒ විනෝදාත්මක අත්දැකීම විඳගන්න වාසනාව ලැබිලා තියෙනවා..මම මේ ඔයාලට කියන්න යන්නෙ තාප්ප වල චිත්‍ර ඇදීමේ කලාව ගැන හෙම නෙවෙයි ඔන්න.එහෙම තාප්පෙක චිත්‍රයක් අඳින්න ගිහින් මකුළු පැංචිටයි,එයාගෙ චිත්‍ර කණ්ඩායමටයි වෙච්ච හදියක් ගැන.......එක හදියකුත් නෙවෙයි හදි යුගලයක් හෙවත් ඩබලක් ගැන.... :D
Subscribe to:
Posts (Atom)