සිනාවක් එක
පතා ආවෙමි...
සිනා යායක්
නුඹෙන් හමු වුණි..
සොඳුරු නුඹ හිත
ලඟම සදහට....
සිනාසෙන්නට
පෙරුම් පිරුවෙමි..
අනේ එනමුදු
නුඹේ සෙවනෙහි
විදින්නට මිස
නොවන්නට නිමි
එකම හසරැළි
පියල්ලක්වත්...
මවෙත හිමි නැති
බවම දුටුයෙමි...
නුඹට නොදැනෙන
විලස වැලපෙමි..
කඳුලු නදියක්
නෙතින් වැගිරුනි...
බිඳුනු හදවත...
සමග ඒ ගඟ
පසට යට කොට
ඉතින් නික්මෙමි...
මගේ කඳුලැලි
සිසිල ලබමින්..
තවත් විකසිත
නුඹේ හසරැළි..
නුඹට නොපෙනෙන
විලස විඳිමින්
මහද දැවි දැවි
වුවද...සැනසෙමි...
෴මංචි෴
ඔන්න අද මංචි ලියන්න යන්නෙ සෑහෙන වෙරි වෙන මාතෘකාවක් ගැනයි.. 
අපේ සහෝදරයින්ට නං මේක බොහොම වැදගත් වේවි..ඒ වගේම සහෝදරියන්ට වුණත් ඒක වැදගත් වෙන්නත් පුලුවනි..
ඔක්තෝබර් පළවෙනිදා හැමෝම වගේ ළමා දිනේ වෙනුවෙන්ම බ්ලොග් පෝස්ට්ස් ලියල තිබුණා.ඒ හැම එකක්ම වගේ කියෙව්වත් කොමෙන්ට් කරන්න වෙලාවක් නම් ලැබුණෙ නෑ වැඩ ගොඩාක් තිබුණු නිසාම...පාඩම් කරලා මහන්සියෙන් නිදියන්න හිතාගෙන නිදිමත එනකල් යූ-ටියුබ් එකේ සිංදුවක් අහ අහ ඉන්නකොට තමා අමුතුම විෂුවල් එකක් දාපු සුපුරුදු සිංදුවක් දැක්කේ.. 
''සබඳ අපි කඳු නොවෙමු..'' කියන සිංදුව....අහපු නැති කෙනෙක් නැතුව ඇතිනේ...මංචිට මෙතනදි හිතට වැදුනෙ සිංදුවට වඩා ඒකට යොදාගෙන තිබුණු පසුබිම් රූප පෙළ....මෙතනින් ගිහින් ඒක බලන්න පුලුවනි ඔයාලටත්...