"ඉතින්...කොහොමද ඔයාට...??"
දෙසවනට නුහුරුවට ඇසුනද ඒ කටහඬ කවදත් මගේ හදවතට නම් හුරුපුරුදු ස්වරයකි.... එහෙත් දැන් ඒ හඬ මගෙන් කොතරම් නම් ඈත්ව ගොස්ද... මට සුසුමක් හෙළුනේ ඉබේටමය...
මේ කතාබහ බොහෝ විට කෙළවර විය හැක්කේ අවසනදී තවත් කාලයකට නොසංසිඳෙන දුකක් මා වෙත ශේෂ කරමින් වග හොඳින්ම දන්නා නමුදු..තවමත් ඔහුගේ කටහඬ ඇසීමෙන්ම මගේ හිත සතුටින් පිරී යන්නේ ඇයි... කතා බහින් තොර මුළු කාලය පුරාවටම හිතේ ගොඩනැගෙන හිර කරවන සුළු ගතිය මොහොතකින් නිවී යන්නේ ඇයි.... මෙවන් නොවිසඳුණු ප්රශ්නාර්ථ රැසක්ම හදවතේ තිබුණද...ඒවාට පිළිතුරු සොයන්නට ගොස් තවමත් අතරමංව උන්නේ මමමය....






