ඉන්නකොට තරහින්
ඔරවගෙන අහස...
කළුම කළු පාට
කරගෙන සුදු මූණ..
හිතුවෙ වත් නැතුවැති...
තද හිතැති පොළොව
තව ටිකකින්
වහින බව....
හඬාගෙන දුකට....
෴මංචි෴
(සචී පණවල කිවිඳියගේ සිතිවිලි බ්ලොගයේ පෝස්ටුවකට එකතු කළ කොමෙන්ටු කවියකි)
''දුශ්කරයි කියා හැර යා යුතුද ජීවිතය.... කටු පොකුරු සිපගනිමි හෙට මලක් වනු පිණිස.....''
හිතක මෙලෙක සොයතහැකි එකම ක්‍රමය " කදුල " බවට නැහැ නොවැ කිසිම වාදයක් . . . :) නෙවෙද . . .
ReplyDeleteතද හිතැති පොළොව
ReplyDeleteනොහිතපු වෙලාවක,
ඔරවන් හිටි අහසේ
කළු කරගත්තු සුදු මූණෙන්
වැටුනු කඳුලු බිඳු
තද හිතක්
මොළොක් කළ අපූරුව!
පොළොව මොනවම හරි හිතේ තද කරන්න හිටියද දන්නේ නැහැ නේද ?
ReplyDeleteමේක ලිව්වේ ජොලියට නේද?
ReplyDeleteකමෙන්ටු කවියක් උනත් හරිම ලස්සනට ලියලා තියෙනවා.
ReplyDeleteහිත කඩන්නෙත් කඳුළු
ReplyDeleteකැඩුණු හිත හදන්නෙත් කඳුළු.
@සුශාන් ප්‍රියනාත් රත්නායක :
ReplyDeleteඅනිවා..කඳුලක ගැබ්වෙන මෘදු බව ඕනම තද හිතකටත් තේරෙනවා...
@පූසා :
ශා...පූසටත් ලස්සනට කවි ලියන්න පුළුවන්නෙ,.....
@ChammA :
ඔව්... ඒකත් කියන්න බෑ...
@ගෝල්ඩ්fish :
ReplyDeleteඒ මොකෝ එහෙම අහන්නෙ මාළුවො.... :O
@මධුරංග :
තැන්කූ මධුරංග අයියා... :))
@පිණිබිඳු... :
අනේ මංදා...ඒකනම් අමුතු වුනාට ඇත්තම ඇත්ත,,,....හ්ම්ම්...
රළු පොළවේ නපුරු හිතට
ReplyDeleteදුක් අරගෙන අහස
කදුළු වැහි වටලා හිතට
මෘදු කරාවියි නොහිතන පොළව
තව තව රිද්දාවි
දයාඹර අහස...
දැන ගත යුතුයි පොලොව
ReplyDeleteවහින බව අනෝරා වැහි
මුලින් ඔරොවන කොට
තරහින්
කම් නැතේ ඒත්
වැස්සෙන් පහු
හිනා විය හැකියි යලි
සුපුරුදු සෙනෙහසින්
පුරවා සුදු මූන හිනාවෙන්
දුක් වේදනා . .
හෝදගෙන ගොස් අහවරයි
අනෝරා කඳුලු වැස්සෙන්
වහින වැස්සක් වැහැපුදෙන්...
ReplyDeleteසතුටින් තෙමෙන්න....
ග්‍රීස්මයට සමු දේ....
වසන්තය රැගෙන එන්නට....
@Dinesh :
ReplyDeleteහ්ම්ම්ම්............පොළව ඔහොමයි හැමදාමත්.. :(
@දුකා :
බොහොම ස්තූතියි අයියේ මගේ බ්ලොගේ දිහා ආවට... :)
ඊටත් වඩා සතුටුයි හරිම ලස්සන පිළිතුරු කවියක් ලිව්වට... :)))))
@නරක සමනලයා :
සමනලයා නරක වුණාට....අදහස් නම් නරක නැති පාටයි.... :D