ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

 20...


මැණික...

මට ඇයි මෙහෙම කරන්නෙ කියල මම අහන්නෙ නෑ..

ඒත් ඔයාව මේ ලෝකෙ මෙච්චරම විස්වාස කරපු පපුව පැලෙන්න තරන් ආදරේ කරපු මගෙ හිත ආයෙම මෙහෙම කුඩුකරල දාන්න ඔයාට පුලුවන් වුනේ කොහොමද කියල දන්නෙ නෑ.. වීදුරු පිලිමයක් උස කන්දක් උඩට අරන් ගිහින් ඒ කන්ද පල්ලෙහාට එක සැරේ අත ඇරලා දාන එක කොච්චර රිදෙනවද කියල ඔයා දන්නවද..

මම හැඟීම් දැනීම් අයින් කරලා ප්‍රැක්ටිකල් ජීවත් වෙන්න හිත හදාගෙන ඉද්දි මගෙන් පුංචි වත් අනුබලයක් නැතුවයි ඔයා ආයෙමත් ආවෙ.. මගෙ පව්කාර කමට මගෙ හිතේ ඔයාගැන ආදරේ එහෙම්පිටින්ම පරිස්සම් වෙලා තිබ්බා. අවුරුදු ගානක් කඳුළු සාගර හතක් ගලලත් ඒ ආදරේ බිංදුවක්වත් හේදිලා ගිහින් තිබ්බෙ නෑ මැණික..

ඒත් ඔයාට ඒව වැඩක් නෑ නේද..

ඉතින් ඒ ඇවිත් මට ආදරේ පෙන්නුවම ඔයාගෙ හිත හැදුනද රත්තරන්.. දැන් ඉතින් සැනසීමෙ ඉන්න.. අදින් පස්සෙ ඒ කලින් ආදර කතාවත් නෑ.. පස්සෙ තිබ්බ මොකද්දෝ එකත් නෑ.. මමත් නෑ ඔයාගෙ ජීවිතේ..

ආයෙ කවදාවත් ආත්මෙක මාව ඇස් දෙක මානෙටවත් නොපෙනේවා කියල පතන්න සුදූ... මේ හැටි රිද්දන්න.. මොකට ආදරේ කරනවද අපි..

මගෙන් වැරදි වුණ බව දන්නවා.. ඒත් ඔයාට ඔහොම පලිගන්න තරම් මම රහසින්වත් වරදක් කරලා නෑ ඔයාට.. මගේ ජීවිතේ දිග පළල දැන දැනම.. ඔයා ලඟට එන්නෙ නැත්නම් ආයෙ කතාකරන්වත් එපා කියන්න තරමට ඔයාට මාව පිළිකුල් වුණාද දෙයියනේ.. ඔයා අවුරුදු ගානක් උන්නද මළාද කියල හොයල නොබල ඉඳලත් ඊයෙ ආදරෙන් හිටිය වගේ ආදරෙන් කතාකරපු කෙල්ලට නේද ඔයා එහෙම කිව්වෙ..

මම පණවගේ වුණත්... ඔයා ආදරේ කරලා නෑ මැණික.. එදත් නෑ.. අදත් නෑ.. 

ඔයාම හිතුවොත් ඔයාට පෙනෙයි.. ඔයාට වටින්නෙ ඔයාගෙ සතුට විතරයි.. ඔයාට මගෙන් වැඩක් නෑ.. රෝහිනිගෙන් වැඩක් නෑ... අඩුගානෙ දෝනිගෙ සතුට වුණත් ඔයාට වැඩක් නෑ..

මාත් එක්ක ඉන්න දවස් වල මේ ලඟක් වෙනකල්ම ඔයා හිතුවෙ රෝහිනිගෙන් ගැලවෙන්න ඔයාට විදිහක් නෑම කියලයි.. මම හින්දා එයා මට අනතුරක් කරයි කියල හිතල ඉන්නව දෝනි හින්ද ඉන්නව කිව්වත් ඔයා හිටියෙ එතනින් යාගන්න විදිහක් නෑ කියල දන්න නිසයි..

ඔයාට අමතක ඇති.. අද හෙට නොවුණත් කවදහරි දවසක මම ඔයා එක්ක එන්න හීන මැව්වෙ මට ඔයාගෙ නීත්‍යානුකූල බිරිඳ වෙන්න විදිහක් ජීවිත කාලෙටවත් නොළැබෙන්න පුලුවන් බව දැන දැනයි.. බොරුවට මුදු මාරු කරගෙන මිස්ටර් මිසිස් කිව්වත්.. ඒ හීන හැබෑ නොවන බව මම නොදැන හිටියා නෙමෙයි.. ඔයා හොඳටම දන්නවා ඒ වගේ තැනක ඉන්න ඔයාට මේ ඔයා ගැන ආදරෙන් නහින්න යන මෝඩ ගෑණි ඇරෙන්න වෙන කෙනෙක්ගෙන් ඇත්තටම ආදරයක් නොලැබෙන බව..

ඒත් ඔයා දැන් දන්නවා ඔයාට රෝහිනිගෙන් ගැලවෙන්න විදිහක් තියෙන බව.. ඔයාගෙ ලෝයර් ඒක කිව්වනෙ නේද.. 

දැන් ඉතින් ආදරෙයි වුණත් ඔයාට මාව මොනාටද සුදූ..  හෙණ ගැහුවත් ඔයා යන්න එයාගෙන් වෙන වෙලා නිදහස් වෙන්න.. වෙන කෙනෙක් හොයාගන්න.. ඔයාට දැන් සල්ලි තියෙනවා නිදහස තියෙනවා ඕන ගෑනියෙක් එයි ඔයා ගාවට.. අල්ලන්න බැරි දුරක ඉන්න පිස්සු ගෑනියෙක් මොකටද... මට තේරෙනවා මැණික.. ඔයා වැරදි නෑ.. මිනිස්සු වුණාම එහෙමයි ඉන්න ඕනේ.. 

ඔයා කියනවා ඔයා මගේ ජීවිතේ ඔප්ශන් එකක්ලු... ඇත්තටම හිතුවොත් මම ඔයාගෙ ජීවිතේ ඔප්ශන් එකක්වත් නෙමෙයි සුදූ... මම ඔයාගෙ ජීවිතේ නිකම්ම නිකන් 'ඔන්නොහේ කමක් නෑ" එකක්. ඔයා කැමති අනික් හැම දේම ඔයාට නොලැබෙන වෙලාවෙදි නිකම් පාලු මකන්න ආපු කෙනා මම.. 

එහෙදි ඔයාගෙ පාලු මක මක ඉඳල ලංකාවට ආවම ඔයාට ඔප්ශන්ස් ගොඩක් ලැබෙන්න ඇති..මං වෙනස් වෙනකල් ඉවසන්න බෑ කියල හිතුනා නේද...

රෝහිනිගෙන් ගැලවෙන්න පුලුවන් දැන්.. ජීවිතේ තව කොච්චර විදින්න තියෙනවද නේද.. මං වෙනුවෙන් මොකට බලබ් ඉන්නවද කියල හිතුනා නේද.. එහෙමකරන එක පව් සුදූ... මමත් මනුස්සයෙක්නෙ. ඔයාට පපුව පැලෙන්න ආදරේ කරන මනුස්සයෙක්නෙ.

උදේ හවා කතාකර කර ඉඳලා එක සැරේටම මාව නොදැක්කා වගේ ඉන්න ඔයාට කොහොම පුලුවන් වුනාද කියල මට කවදාවත් තේරුම්ගන්න බැරු වුනා. අදත් බෑ මැණික.. ආදරේ කලානම් එක මොහොතක්.. ඔයාට පුලුවන්ද මගේ කටහඬ අහන්ණැතුවම සමුගන්න.. අඩු ගානෙ එක වතාවක් නොදැක යන්න.. එච්චර ආදරෙන් තුරුලු කරගත්ත ගෑණිව කුණුගොඩක් වගේ විසිකරල දාන්න...? කොච්චර තරහ වුනත් එහෙම කරන්න පුලුවන්ද දෙයියනේ.. ඒකද ආදරේ කියන්නෙ සුදු.


Related Posts Plugin for WordPress, Blogger...