ඉස්සර වගේම අදත්...ගං දෑල අද්දරට ලස්සනට සුදෝ සුදුවට හඳ පායලා... මතකද ඉස්සර....අපි දෙන්නගෙ ආදරේ දිහා මේ හඳත් ආදරෙන් බලාගෙන උන්නු හැටි...අපි ලං ලංව නොහිටිය වෙලාවට වුණත් එකම හඳ දිහා බලාගෙන අපි ඒ තරම් ඈත නෑ කියලා හිත සනසගත්ත හැටි..... කිසිම සද්දයක් නැතුව එදා මේ හඳ අපේ ආදරේ රස වින්ඳා වගේම...තවත් එක දුක්බර දවසකදි ඔයා මගෙන් වෙන් වෙලා යද්දිත් මේ සඳ අපි දෙන්න දිහා බලාගෙන හිටියා...
කවදාවත් කවුරුවත්ම නොදන්න තරම් දේවල් මේ සුදු සඳ අපේ ආදරේ ගැන දැනගෙන හිටියා... අනේ මේ හඳහාමිට කතා කරන්න පුලුවන්නම්...එයා ඔයාට කියාවි...එදා ඔයා ගියාට පස්සෙ මම මොන තරම් ඇඬුවද කියල...එදා විතරක් නෙවෙයි..පහුවුණු හැම දවසකම මම කොයි තරම් නම් දුක් වින්ඳද කියල....
දුරම දුර කඳු හිසට මුවා වෙලා කළුපාට වළාකුලු වලින් මුහුණ වහගෙන එදා ඒ සඳ වැළපුනු බව ඔයා දැක්කෙ නෑ...හරියට එදා මගේ ඇස් දෙකෙන් ගලපු කඳුලු ඔයාට නොපෙනුණා වගේම.... හ්ම්ම්ම්....දැන් මේ සඳ මට මතක් කරන්නෙ අපේ ආදරේ ගැන විතරක්ම නෙවෙයි...එදා මේ ගං දෑල ලඟදි ඔයා මගෙන් සමුගත්ත හැටි.....ඒ දැණුනු කියාගන්නවත් බැරි තරමෙ වේදනාව......මගේ ඇස් පිය ඉවුරු වලින් අදත් මේ පිටාර ගලන්නෙ එදා ඒ ගලන්න පටන් ගත්ත කඳුලු ගඟමයි....
අනේ මම මොන තරම් ආදරේ කළාද කියලා ඔයා දන්නවනම්...ඔයා කවදාවත් මාව මේ තරම් අසරණ කරන්නෙ නෑ...ඇත්තමයි...ජීවිතේ මට ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් තිබුණෙ නෑ..ඔයා වෙනුවෙන් අත්හරින්න බැරි...දෙන්න බැරි දෙයක් තිබුණෙ නෑ මට...ඒ...මම මටත් වඩා ඔයාට ආදරේ කළ නිසා වෙන්න ඇති..ඒත් ඒ ආදරෙන් පලක් වුණෙ නෑ...අන්තිමේදි...ඔයාව දිනාගන්න තරම් මම වාසනාවන්ත වුණේ නෑ...ඔව්..මම පැරදුණා... මුළු හදවතින්ම ආදරේ කරලත් කොහොමද මම පැරදුණේ....කොහොමද 'අපි' පැරදුණේ...??..කාලයක් තිබුණා මතකද...මේ ලෝකෙ වැඩිපුරම එකිනෙකාට ආදරේ කරනවා ඇත්තෙ අපි දෙන්න කියල අපි හිතපු...ඒ දවස් වලට මොනවද වුණේ....???
මගේ හිත මටම නෝක්කාඩු කියනවා..මට මං එක්කම තරහයි වෙලාවකට... වරද කොතනද කියලවත් නොදැන ඔයාට යන්න දුන්නෙ ඇයි මම....?? මට මීටත් වඩා ඔයා වෙනුවෙන් දෙයක් කරන්න තිබුණවත්ද කියලා හිත හිත මගේ හිත තවමත් වද වෙනවා...සමහර විට එහෙම දෙයක් තිබුණනම්...මම ඒ දේත් ඔයා වෙනුවෙන් කළා නම්...ඔයා අදටත් මගෙත් එක්ක ඉඳීවිද..??
ඔයා වරදක් කළා කියල අදටත් මට හිතෙන්නෙ නෑ...අවංකවම ඔයා නිසා ඒ දවස් වල මගේ ජීවිතේ පිරිල ඉතිරිලා ගිහින් තිබුණෙ...මට කියන්න මගෙ අතින් ඔයාට වරදක් අඩුපාඩුවක් වුණාද..?? පුංචිම පුංචි හරි වරදක් වත්..?? දැනුවත්වනම් එහෙම වුණේ නෑ නේද..?? මම දන්නෙ නෑ..ඇත්තෙන්ම මට හිතාගන්නවත් බෑ අපට කොතනද වැරදුනේ කියල...මම දන්නෙ මට මම පණ වගේ ආදරේ කරපු ඔයාව අහිමි වුණා කියල විතරමයි...
හ්ම්ම්ම්ම්....ඇත්තෙන්ම ඔයා දන්නවනම්....එදා ඒ දුන්නු වේදනාව කොච්චරක්ද කියලා....ඔයාට හරිම දුක හිතෙයි...ඒත් ඔයාට දැන් ඒ ගැන දැනෙන්නෙ නෑ කියල මම දන්නවා...ඔයාට දැන් මම පිටස්තරයෙක් විතරක්ම බව මම දන්නවා..අපට දැනෙන්නෙ තමන්ගෙ කෙනෙක්ගෙ දුක විතරයිනෙ...වෙලාවකට මට හිතෙනවා ඔයාව උරහිසෙන් අල්ලලා හයියෙන් හොළවලා ඔය ගල් හිත ඇහැරවන්න...එහෙම ඇහැරවලා මගේ හිතේ හියෙන වේදනාව කෑ ගහල ඔයාට කියන්න...
ඒත් එතකොට ඔයා හිතාවි මම ඔයාට වෛර කරනවා කියලා...අනේ නෑ.....ඔයා කිසිම ගාණක් නැතුව මගේ ජීවිතේ කළුවරට ඇදල දැම්ම තමයි....ඇත්ත...ඉස්සර මම ලෝකය දැක්කෙ කොච්චර ලස්සනටද...දැන් ඉර පායද්දි මට ආලෝකයක් පේන්නෙ නෑ...මල් පිපෙද්දි පාටක් පේන්නේ නෑ...වැස්සකට පස්සෙ දේදුන්නක් පෑයුවට මට ඒ සොඳුරු බව දැනෙන්නෙ නෑ.. ඇත්තෙන්ම මේ ඔයා ඉතුරු කරල ගියේ අඳුර විතරමයි....
ඔයා එහෙම කළා වුණත්...මට කවදාවත් ඔයාට වෛර කරන්න නම් බෑ...ඒ තියා ඔයා ගැන පුංචි තරහක්වත් හිතෙන්නෙ නෑ මට..මම කොහොම ඔයාට වරදක් කියන්නද දෙවියනේ... දැන් ඔයා මගේ ජීවිතේ නෑ තමයි..ඒත් ඔයා මගේ ලඟින් උන්නු ඒ ලස්සන වසන්තය තමයි මං ජීවිතේ සතුටින්ම හිටපු දවස් ටික...ජීවිත කාලෙටම කිසිම කෙනෙක්ගෙන් මට නොලැබුණු තරම් සොඳුරු,සියුමැලි..උණුහුම් ආදරයක් ඔයා මට දුන්නු බව මං කොහොම අමතක කරන්නද....
ඉතින්... ඒ ආදරේ ඔයා මට අහිමි කළා වුණත්...ඔයා මගේ වෙලා හිටිය පුංචි කාලෙදි ඔයා මට දීපු දේවල් අමතක කරල දාල ඔයාට වෛර කරන්න මට කොහොමටවත්ම බෑ..
ඇත්තෙන්ම ඔයාට මම ආදරේ කළ තරමට...ඔයාට වෛර කරන්න මට කවදාවත්ම පුලුවන් වෙන එකකුත් නෑ....හ්ම්ම්ම්.....
සුදු ඇඳගෙන සඳ ඇවිදින්..දුර කඳු මුදුනට..
රිදවුණු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරට...
ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවක...
ඒ ගං ඉවුරට.........
බාධක බිඳ නුඹ ජයගන්නට බැරිවුණෙ මට....
ඇයි දැයි දොස් පවරන සඳ සිත...
නුඹෙ වරදද...මගෙ වරදද...
ඇයි දැයි දොස් පවරන සඳ සිත...
නුඹෙ වරදද...මගෙ වරදද...
එය මා දන්නෙ නැත.....
සුදු ඇඳගෙන....
සුදු ඇඳගෙන....
නුඹ මා ලොව කළුවර කර පැනගිය පළියට
කෙලෙසක දොස් පවරමි නුඹ හට...
කිසි කෙනෙකු නොදුන් ආදරයක්....
නුඹ මට දුන් කොට.....
සුදු ඇඳගෙන.....
සුදු ඇඳගෙන.....
෴
මංචි දිවුල්ගනේගෙ සිංදු වලට බොහොම කැමති කෙනෙක්...මොකද්දෝ අමුතු සිත්ගන්නාසුලු බවක් ඒ කටහඬේ තියෙනවා වගේම..දිවුල්ගනේගෙ ගීත වල තියෙන සරල...ඒත් හදවතට කතා කරන ගේය පද පිලිවෙලත් ඒ කැමැත්තට හේතුවක්...
පුදුමෙ කියන්නෙ...දිවුල්ගනේගෙ ගීත හැම එකක්ම වගේ හොය හොයා අහන මංචිට මේ ගීතය මට ඇරිලා තිබුණු එකයි...අලුත් සිංදුවකුත් නෙවෙයිනෙ...කොහොම වුණත් හරිම ආස වුණා අහපු මුල් වතාවෙදිම...නිකමට වගේ ඒකට අදහසක් එකතු කරන්න හිතුණා..
ඉතින් ඔන්න ඒ එකතු වුණු හැඟීම් ගොන්න තමා මේ ලිව්වෙ..... එහෙනම් සිංදුවත් අහලම යන්නකෝ...
මකුළු පැංචි නියමයි ලස්සන නිර්මාණයක් කරලා තියෙන්නේ ඔයා...
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
බොහොම ස්තූතියි නලීන්... :)
Deleteලස්සනයි කතාව මකුළු පැංචියෝ. :)
ReplyDeleteතැන්කූ මදාරා.... :)
Deleteමතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ .......... ලු ..
ReplyDeleteහැ ..... කවුද මංචි දිවුල්ගනගේ කියන්නේ :D :D
හ්ම්ම්ම්ම්......හෑ......... අයියූ දිවුල්ගනගෙ නෙවෙයි අනේ 'දිවුල්ගනේ'ගෙ..ඔයා දන්නෙ නැද්ද ''කරුණාරත්න දිවුල්ගනේ'' :D :D
Delete//දැන් ඔයා මගේ ජීවිතේ නෑ තමයි..ඒත් ඔයා මගේ ලඟින් උන්නු ඒ ලස්සන වසන්තය තමයි මං ජීවිතේ සතුටින්ම හිටපු දවස් ටික...:xජීවිත කාලෙටම කිසිම කෙනෙක්ගෙන් මට නොලැබුණු තරම් සොඳුරු,සියුමැලි..උණුහුම් ආදරයක් ඔයා මට දුන්නු බව මං කොහොම අමතක කරන්නද....@};-/// මේ ටික මට තේරෙනවා හොඳට.... :)
ReplyDeleteහ්ම්ම්ම්...මෙහෙමනම් ඔයාටත් මේ සිංදුව හදවතට බොහොම සමීපව දැනෙන්න ඇති නේද මාලුවො... :)... මොන තරම් ලොකු දුකක් ආවත් ඒ සොඳුරු බව මකන්න බෑ නේද..?? :)
Deleteහප්පට සිලී... මෙන්න මෙයා ආයේ දැළ වියන්න පටන්ගෙන.. එල එල (y)
ReplyDeleteමම නම් සින්දුව කලින් අහලා තියනවා. මංචි ඊට එක් කරපු පූර්විකාව නම් ලස්සනයි
තැන්කූ තැන්කූ... :D
Deleteඔයා අදද දැක්කේ.. :D
අපිත් අවා ඔන්න බ්ලොග් එක පැත්තේ ඇවිත් යන්න.... ගොඩක් ලස්සන ලිපියක් ජය
ReplyDeleteස්තූතියි ලහිරු... :)
Deleteදිවිල්ගනේ සිංදුවක් කිව්වොත් දුක තමයි. වොයිස් එකේ හැටියට මේවනේ මැච් වෙන්නෙ. ඒත් කියන්නෙ සිංදු ඇහුවට තේරුම ගැන හිතන එක මම කරන්නෙ නෑ. මේව දැක්කම තමා හිතෙන්නෙ ඇත්තනේ කියලා.
ReplyDeleteහෙහෙ....හ්ම්ම්ම් ඇත්ත තමයි..දිවුල්ගෙ ගොඩක් සින්දු විරහ ගීත තමයි නේද..??..මට නම් හිතෙන්නෙ විරහ ගීතයක් තියෙන්නෙ අමුතුම සුන්දරත්වයක්..ඒක හරියට අර නෙල්ලි ගෙඩියක රහ වගේ... අනේ තේරුමත් අහල බලන්න...හරිම ලස්සනයි.. :)
Delete.හ්ම්ම්..... ලස්සන කතාවක් ... දුකත් හිතෙනවා....
ReplyDeleteස්තූතියි සඳරු... :)
Deleteඇත කොනක බැංකුවක ........... අපි දවසක් හිටපු තැනම වසන්තයට සුවදට මත් වෙලා හිටපු
ReplyDeleteහදවත් වල රාවය මට දැනුන ඔව් මම හිතින් ගොඩක් දුර ගියා ඔව් ඒ අතීතයටම .....
ලස්සනයි අක්කො.... :D
හ්ම්ම්ම්...අපේ හිත වල දාහක් නොකියපු කතා.... සතූතියි මල්ලී...:)
Deleteපෙර දිනේ
ReplyDeleteඅපි පැතු ඒ පැතුම්
බොද වෙලා............
නීම් තෙරේ
දුටු අපේ සිහිනයේ සෑගවිලා
දිවී මගේ මා නුබේ
හමුවුණා මතකයේ
අපි තැනු මාලිගා
නුබ පා කලේ ඇයි මෙසේ .......................
නුබ වගේ සමනලුන්
මා පැතු හැටි මැවේ
ඒ හැගුම් පා කලේ
ඇයි නුබ.............
සඳ සැගවුණු
මොහොතේ............
නුබේ සෙනේ
පෙර වගේ මගේ
හදවතේ මතකයේ ....................
නෙත් නුබේ ලස්සනයි
මගේ කුමරියේ පෙර වගේ................
නුබේ පා සගවමින්
එනවදෝ
යන්නට පෙර වගේ ආදරෙන් ...............
තවමත් මෑවේ
නුබෙ සිනා
මගෙ දෙසවනේ..................
මට සීතේ
නුබ සිබින්නට
ලස්සනයි සචිත් මල්ලි...ඇත්තෙන්ම හරිම ලස්සනයි... :)
Deleteඇත්තමටම වුන දේක කතාවක් වගේ මට මකුළු පැංචි යේ....ලස්සනයි...
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
බොහොම ස්තූතියි රතී... :)
Deleteඑක හුස්මට කියවාගෙන ගිය අකුරු වැල නැවතුනේ ගීයේ හඬ ළඟ ....ලස්සන නිර්මාණයක් ..ලස්සන වියමනක් මකුළු පැංචී ...
ReplyDeleteබොහොම ස්තූතියි හෙද තුමනි... :)හරිම ලස්සනයි නේද??
Deleteඅම්මෝ ආදරේ බේරෙනවා. මේයැයිට මෙහෙම එවුවා නම් ලියන්න ඇහැකි නෙ. :)
ReplyDeleteඑහෙම තමා හලිද..අපි හදවතේ ආදරේ පිරුනු රොමැන්තික මිනිස්සු...(වුවමණා වෙලාවට.. ;) )
Deleteමේ සිංදුවකට හිත ගිහින්නෙ. මං ඒත් බැලුව මංචිට මොකද එක පාරට වුනේ කියල. නියමෙට ලියල තියනවා.
ReplyDelete:D.... මංචිගෙ කතාවටත් මේ ගීය සමීප නොවෙනවාම නෙවෙයි.. තැන්කූ ගිමන් නිවන්නෝ.. :)
Deletenice one...
ReplyDeleteRavi
thanks a lot Ravi.. :)
Deleteමංචිට යොදන මගේ පළවෙනි කොමෙන්ටුව..
ReplyDeleteඇත්තටම මේ සින්දුව සහ මේ කියල තියෙන දේ මේ විදිහටම සැබෑ ජීවිතේදි අත්විඳින්න උන කෙනෙක් මම. ඒ හින්දම මේ ලියැවිලා තියෙන හැම අකුරකම සෑහෙන්න ලොකු බැඳීමක් මගේ ජීවිතේට තියෙනවා.. කෙටියෙන්ම කියන්නම්.. විශිෂ්ඨයි..!!!
බොහොම ස්තූතියි රස්තියාදුකාරයෝ.. පළවෙනි කොමෙන්ටුවට.. :)
Deleteඔයාට විතරක් නෙවෙයි...මංචිත් අදටත් මේ ගීත කතාවෙ ජීවත් වෙන කෙනෙක් කිව්වොත් තමා හරි..ඔයා මම වගේම මේ ලෝකේ මේ කතාවට බැඳුනු කොච්චර නම් හිත් ඇත්ද... :(
මංචි අක්ක ගොඩක් දවසකින් නේද? මාත් දිවුල්ගනේ මහත්මයාගේ සිංදු වලට කැමතියි... අමුතුම ලයාන්විත බවක් තියෙනව ඒ කටහඬේ... ඔයාගේ කතාවත් ලස්සනයි අක්කේ...!!!
ReplyDeleteබොහොම ස්තූතියි අනූ නගෝ.. කාලෙකින් නේද මේ පැත්තෙ..
Deleteඇත්ත..දිවුල්ගනේ මහත්මයගෙ කටහඬෙ තියෙන්න අමුතු නිවුණු ප්‍රේමණීය බවක්.. :)
ගොඩක් ගීත කතාකරනවා කියන්නේ මම මේ හේතුව හින්දා. අත්දැකීම් එක්ක ගීත කතා කරන්න ගන්නේ නොහිතන විදියට.
ReplyDeleteඅම්මෝ...මෙන්න එක්කෙනෙක්ට අපිව මතක් වෙලා.. :D
Deleteඇත්ත තමයි අයියණ්ඩි.. හිත පිරිලා තියෙන කාලෙට වඩා හිත හිස්වෙලා තියෙන කාල වලදි ගීත කතා ඇහෙනවා වැඩිද මංදා... :)
ලස්සන විස්තරයක් මන්චි...
ReplyDeleteකාලෙකින් පෝස්ට් එකක් දැක්කේ. කොහෙද ගිහින් හිටියේ! ;)
ReplyDeleteවැඩ වැඩී සබීත්... දැන් දැන් ක්ලිනිකල්ස් නිස.. :(
Deleteහඳහාමිට කතා කරන්න පුළුවන් උනා නම් ඔයිටත් වඩා දුක්බර වෙන්වීම් ගැන කියාවි... මුලු ලෝකෙම පිරිල තියෙන්නෙ හමුවීම් සහ වෙන්වීම් වලින්. හඳහාමි ඒක හොඳට තේරුම් අරන් ඇති.
ReplyDeleteඒකනම් ඇත්ත යසිත්.. :(
Deleteහ්ම්ම්ම්... කාලයක් මගෙත් ආසම සිංදුවක් වෙලා තිබුනේ මේ සිංදුව... දිවුල්ගනේගේ කටහඬ ගැනත් කියන්න වචන නෑ... හරිම ලස්සනයි කථාවත් මංචි අක්කියෝ...
ReplyDeleteආයෙත් ලියන එක නැවැත්තුවද?
ReplyDeleteඔන්න ආයෙම ලිව්වෝ....
Deleteලස්සන නිර්මාණයක් :)
ReplyDeleteබොහොම ස්තූතියි ලයාන්... :)
Delete