මා ඇඳ මත ඇඳුම් ගොඩ ගසා තිබුණු හෙයින් චූටි දුව ඇඳ අසල බිම වාඩිවී සෙල්ලම් කරමින් සිටියාය...
''අම්මී...අම්මි අලක අරන් දෙන්නකෝ..??''
ඇඳ උඩට නගින්නට පටන් ගනිමින් ඈ කීවාය..
''මොකද්ද චූටි..???'' මම ඇඳුමක් නවන අතරේම ඇසුවෙමි...
''අර තීන්නෙ... අර නිල් පාට......''
නිල් පාට...???.. හැරී බැලුවෙමි....
චූටි දූ බලා සිටියේ මෙතෙක් කල් මා පණ මෙන් පරිස්සමට අරන් තබා තිබූ 'ඉවානුෂ්කා' දෙසය..
ක්ෂණයකින් මගේ හිත අතීතයට දිව ගියේය...
උදෑසන සිටම තදින් හිම වැටෙන්නට පටන් ගෙන තිබුණද ඒ මගේ ජීවිතයේ මල්බරම සමයයි........ඉරිදා දවසේ යුනිවර්සිටිය නිවාඩු හෙයින් උදෙන්ම අවදි වන්නට අවශ්‍යතාවක් නොවුනද..පාන්දරම අවදි වන්නට මට හේතුවක් තිබිණි..ඔහුත් මමත් පෙමින් බැඳී මාසයක් සපිරෙන එදින අප හමුවීමට කතිකා කරගෙන උන්නෙමු...
සුපුරුදු පරිදි අප නගරය කෙළවරෙහි කුඩා අවන්හලෙහි අපේ සුපුරුදු මේසයෙහිම හමුවුණෙමු....වීදුරු බිත්තියෙන් එපිට හිම වැස්ස අපේ ප්‍රේමනීය මොහොතට සීතල පසුබිමක් මැවුවද අපේ හදවත් උණුසුමින් පිරී තිබිණි..එහෙත් මම කිසිත් නොකියාම ඔහු දෙස දඟකාර බැල්මෙන් බලා උන්නෙමි...
''මොනවද බලන් ඉන්නෙ...??''
''ඔයා මට ගෙනාපු තෑග්ග දෙනකල්...''
''තෑගි...හෙ හෙහ්....මම මොකටද ඔයාට තෑගි දෙන්නෙ...ඔයානෙ මට තෑගි දෙන්න ඕන..මාසයක් තිස්සෙ ඔයා වෙනුවෙන් කටු කනවට....''
''අනේ යන්න.....මම තරහයි...''
මම බොරු නෝක්කාඩුවක් මවා ගතිමි...
ඔහු මගේ අතින් අල්ලාගත්තේය... ''අනේ පොඩ්ඩක් හිනා වෙන්න....නැත්නම් ඔන්න තෑග්ග දෙන්නෙ නෑ..''
මම හිනාව තද කරගෙනම සිටියෙමි...
''කෝ ඉතින්...අපෝ තියෙන නපුරු පාට.... බබාගායි ආච්චි වගේ...''
මගේ මුවින් හිනාවක් පැන්නේ ඉබේටමය...
''අන්න හොඳයි..දැන් නම් තෑග්ගක් දෙන්න වටිනවා...''
ඔහු මෙතෙක් වේලාවක් සඟවාගෙන සිටි පාර්සලයක් එළියට ගනිමින් කීවේය..
පුංචි රිබන් පටියේ පටන් ඔහු දෙන සෑම දෙයක්ම මා ආදරයෙන් පරිස්සම් කරගන්නා බව හොඳින්ම දන්නා බැවින් තෑගි දෙන කවර දෙයක් වුවද පරෙස්සමට ලස්සනට ඔතා දෙන්නට ඔහු වගබලාගත්තේය..
මම තෑග්ග කුමක්දැයි බැලීමට නොයිවසිලිමත් වීමි...
මුලින්ම වෛරම් වැටුණු රතු පැහැති රිබන් පටිය ලිහා...තෑගි ඔතන කඩදාසියද සිරුවෙන් ගැලවූයෙමි... ඔහු ඒ දෙස බලා උන්නේ පුංචි දරුවෙකු පරිද්දෙනි...
ඇතුළත වූ කාර්ඩ්බෝඩ් පෙට්ටිය විවර වුණෙ කොතරම් සිරුවෙන්ද යත් ඉන් පුංචිම සද්දයක්වත් නොනැගිනි....
මට හුස්ම ගන්නටද අමතක වූවා විය යුතුය...
එහි වූයේ මම ඉතා ආසා කළ රුසියානු ලී බෝනික්කන් කට්ටලයකි...
''අනේ........අනේ හරිම ලස්සනයි........''
මම ආදරයෙන් ඒ දෙස බලා උන්නෙමි..ඔහු බලා උන්නෙ මගේ ඇස් දෙක දිහාවය...
''ඉන්නකො....''කී ඔහු ලොකු බෝනික්කා මගෙ අතින් ගෙන හෙමි හෙමින් ඇතුළෙ සිටි කුඩා බෝනික්කන් සියල්ල එකින් එක එළියට ගෙන පේලියට මේසය මත සිටවන්නට විය..
සෑම බෝනික්කෙකුම එළියට ආවේ මගේ හදවතෙහි සතුට තව තවත් පුළුල් කරවමින්ය..
එහි වූයේ බෝනිකි අම්මාත්...බෝනිකි තාත්තාත්...පුංචි බෝනිකි පැටව් අට දෙනෙකුත්ය....පුංචිම එකා සුලැඟිල්ලක් තරම්වත් ලොකු නොවීය...
අනේ...හරි ලස්සනයි නේද.?? ඇයි ඉතින් දහ දෙනෙක්ම ඉන්න එකක් ගත්තෙ...??
එකල ඔහුගේ මුවගට නැගුනේ දඟකාර සිනහවකි...
''මාත් හිතන් ඉන්නෙ මේ වගේ පවුලක් හදන්නනෙ ....ඒකයි......හොඳයි නේද...??'' ඇසූ ඔහු මට ඇසක් ගැසුවේය...
''ආහ්හ්.....ඇත්තට....හොඳයි හොඳයි.....හැබැයි ඉතින් ඔයාට වෙන බඳින්න කෙනෙක් හොයාගන්න වෙයි...''
''ඇයි ඔයා ඉන්නෙ.....??''
''අපෝ මටනම් බෑ ඔච්චර ළමයි හදන්න....'' මම බොරු නෝක්කාඩුවකින් කීවෙමි...
පුංචි මේසය මතින් මගේ දෑත ග්‍රහණය කරගත් ඔහු මගේ දෑසට එබුණේය...මම ඉබේටම ඒ අතැඟිලි වල උණුසුම්ට අවනත වීමි...හදිසියේම ඒ දඟකාරයාගේ දෙනෙත් ඉතා හැඟුම්බර වී තිබුණි...

''අට දෙනෙක් නම් ඕනේ නෑ බබා......ඒත්....මට ලස්සන පුංචි පවුලක් හදාගන්න ඔයා මට උදව් වෙනව නේද...??....හ්ම්ම්.....??....''
මම මොහොතක් ප්‍රමාද වුණෙමි....එහෙත්.....
හදවතෙහි වූ පිළිතුර ගැන මට පුංචි සැකයක්වත් නොතිබුණි.....
''හ්ම්ම්ම්....ඔව්.....'''
අම්මී.....චූටි දූ කතා කළ හඬින් මම කල්පනාවෙන් මදක් මිදුනෙමි....
''අනේ ඒක දෙන්නකෝ....''
''නෑ නෑ...ඒක ඕනෙ නෑ....ඔයාට තියෙන්නෙ සෙල්ලම් බඩු පෙට්ටියක්ම.....යන්න ගිහින් ඔයාගෙ බෝනික්කො ටිකත් එක්ක සෙල්ලම් ගෙයක් දාන්න....''
එහෙත් ඈ කාමරයෙන් නොගියාය....මගේ පරණ අත්බෑගයක් සොයාගත් ඈ එහි යම් යම් දේ දමාගෙන කණ්නාඩි මේසය ඉදිරියේ රඟපාමින් සෙල්ලම් කරන්නට වූවාය...
අල්මාරිය අසල බිම හිඳ ගත් මම ඇඳුම් නවන අතරේ යළිත් කල්පනාවට වැටුණෙමි....
........
ඒ තරම් ආදරයෙන් වුන් අප අද ලෝක දෙකක තනි වූයේ කෙලෙසද...??
ඩහ්හ්......!!
යමක් බිම වැටෙන බොල් හඬින් මම ගැස්සී පියවි ලොවට ආවෙ ඒ මතක ලෝකයේ සොඳුරු සිහිනම මිස වෙනත් කිසිවක් නොවිණිදැයි සිතමින් සිටියදීය......
දෑසේ මතුව තිබු තෙත් පටලය අතරින් මා දුටුවේ බිය වන්නට තරම් දසුනක් නොවේ ..එහෙත් මගේ හදවත නුහුරු බියකින් සලිත විය....
චූටි දූ ඇඳ ඇතිරිල්ල අදිමින් සිටි අතර...ඉවානුෂ්කා ඇඳ පාමුල බිම වැටී සිටියාය...
හිතට නැගුණු කේන්තිය කොතරම්ද යත්...දෙවරක් නොසිතාම මම චූටි දුවගේ අතට සැරෙන් පහරක් ගැසීමි....
''අත අරිනව ඕක...කිව්වා නේද ඒක ගන්න එපා කියල...එක පාරක් කිව්වම කියන දේ අහන්න ඉගෙන ගන්නවා...''
ඇගේ අහිංසක පුංචි දෑස් වලට කඳුළු එකතු වන්නට මහා වේලාවක් ගත වූයේ නැත......මොහොතකින් ඈ කෑ ගසා හඬන්නට පටන් ගත්තාය...
සාලයේ සිටි මාධවද කාමරයට දිව ආවේ කලබලයෙනි...
''මොකද වුණේ මේනු...ඇයි මේ චූටි අඬන්නෙ...??''
මම ගොලුවී උන්නෙමි...
''චූටි...ඇයි පුතේ අඬන්නෙ....??? එවර ඔහු දියණිය වඩාගනිමින් ඇසුවාය...
''බෝනික වැටුව කීල...අම්මි ගැවුවා...... ඊඊඊඊඊඊඊඊ...........'' චුටි දූ හඬමින්ම පැමිණිලි කළාය...
මාධව මා දෙසට හැරුණේ කලකිරීමෙන් විය යුතුය.....
''මොකද්ද මේනු ඔයාට වෙලා තියෙන්නෙ...??.....ඔය ලී කෑල්ලක් වැට්ටුව කියල මේ නොදරුවට ගහන්න ඕනද??.. මේ අහිංසකීට තේරෙනවද ඔයාගෙ ඔය මහලොකු රුසියන් දර්ශනේ......''
ඔහු දියණිය සනසවමින් කාමරයෙන් පිටවී ගියේ කෝපයෙනි...
මම බෝනික්කා අහුලා අතට ගත්තෙමි...
''දෙයියනේ ඇත්තටම මම මේ මොකද්ද කළේ...?? ඇයි මම මගෙම දරුවට අතක් ඉස්සුවෙ මේ ලී බෝනික්කෙක් නිසා......''
මාධව සමග අතිනත ගන්නට පෙර දින රැයෙහි මම මගේ සොඳුරු අතීතයෙහි සියලුම සැමරුම් පෙට්ටියක ලා මුද්‍රා තැබුවෙමි...ඒවා ,මගේම දෝතින් මරා දමන්නට නොහැකි වුවද...යළි අවුස්සා නොබලමියි මගෙම හදවතට සපථ වූයෙමි....
මා ඉතිරි කරගත් එකම මතකය මේ බෝනික්කි පවුල පමණකි...එදා මම ප්‍රේමයෙන් පැරදුණු බොලඳ යුවතියක වූයෙමි....
එහෙත් වැඩුණු ගැහැනියක මවක වුවද අදද මා කොතරම් නම් බොලඳද....? ඔහුගේත් මගෙත් ආදරය අද ද සජීවීව තිබිණි නම් මේ ලී බෝනික්කා දිවි හිමියෙන් ආරක්ශා කිරීමෙහි වරදක් නොවනු ඇත... එහෙත් අද ඒ ආදරයේ හෙවනැල්ලක්වත් පවතින්නේ නම් ඒ මගේ මතකයෙහිම පමණක් නොවේද..?? මේ ලී බෝනික්කා අහම්බයකින් හෝ දැන් දුටුව හොත් සිහින පුරවා එය මට තිළිණ කළ ඔහුටවත් එය හඳුනාගන්නට නොහැකි වන්නට බොහෝ සෙයින්ම ඉඩ ඇත.... එහෙයින්ම මේ ලී බෝනික්කා දැන් නිකම්ම ලී පතුරක් පමණක්ම නොවේද...??
ජනේලයෙන් එපිට මිදුලෙහි මාධව චූටි දූ සමග හුරතල් බස් දොඩනු මට ඇසිණි... ඔහු ඈ සනසවාගන්නට මිදුලට කැදවාගෙන යන්නට ඇත....
මම 'ඉවානුෂ්කා' කලින් ඔතා තිබූ ඇද ඇතිරිල්ලෙහිම ඔතා යළි අල්මාරියෙහි තැන්පත් කළෙමි....
හිස කකියාගෙන ආ හෙයින්...නවා තිබූ ඇඳුම් ටිකද ඉක්මනින් තට්ටු වල අසුරා ඉතිරිය අස්පස් කිරීම පසුවට කල් තැබූ මම මදක් හාන්සි වූනෙමි.....
චූටි දූ උස් හඬින් සිනාසෙන හඬිනුත්..මාධවගේ කටහඬිනුත් මම අවදි වන විට සවස පහත් පසුවී තිබුණි...
සාලය හරහා ඇවිද යද්දි මට පිටුපා සිටි ඔවුන් දෙදෙනා මා දුටුවේ නැත...ඔවුන් දෙදෙනා තවමත් මා සමග තරහෙන් වන්නට ඇතැයි මට සිතුණි...
මුළුතැන්ගෙයට වැදුණු මම තේ සාදන්නට පටන් ගත්තෙමි....
''උඹ නම් මහ නපුරු ගෑනියක්....!''
මගෙම හිත දොස් පවරන හඬින් මගේ දෑසට කඳුලු නැගිණි...
මාධව මගේ ළඟටම එන තෙක් මට දැනුනේවත් නැත....මා දෑසේ වූ කඳුළු පිසගන්නට පෙරම ඔහු ඒවා දුටුවේය...මගේ හිස සෙමින් පිරිමදිමින් ඔහු මා තමාට ලං කරගත්තෙ සැබෑම සැමියෙකුගේ සෙනෙහසිනි....
''තවම ඔළුව කකියනවද මේනු.....??...මම බැන්නට තරහද..?? ''
ඒ ආදරණිය වචන හමුවේ මගේ හිත තව තවත් මට දොස් කියන්නට විය...දෙවියනේ මම වගේ පවුකාරියක්....!
චූටි දුවද මුළුතැන්ගෙට දිව ආවෙ එවිටය...
මා හඬනු දුටු ඈ මගේ අතේ එල්ලුණේ සුපුරුදු හුරතලෙනි....
''අඬන්න අපා අම්මී.....මම ආයේ නෝටි වෙන්නෑ.....''
මට මගෙම හදවතෙහි චපලත්වය තවදුරටත් දරාගත නොහැකි තරම් විය.....
මාධවටද දියණියටද තුරුළු වූ මම හිතේ දුක තුනී වන තෙක්ම හැඬුවෙමි....
සියල්ල සන්සුන් වී අප තේ බී අවසන් වූ පසු මාධව සහ චූටි දූ යළි සිය බැරෑරුම් කටයුත්ත ආරම්භ කළහ...මාධව හිස් පෙට්ටි කිහිපයක් එකතු කර දියණියට බෝනිකි ගෙයක් සාදා දෙමින් සිටියේය.... සැබැවින්ම මගේ පුංචි දූ කුමරිය බෝනික්කන්ට බෙහෙවින් ආශා කළාය....
මා සැර වැර කර හිත රිද්දුවේ ඒ පුංචි හිත නොවේද...??
දියණියද සිය සෙල්ලම් බඩු පෙට්ටිය අවුස්සමින් සෙල්ලම් ගෙයට තැබිය යුතු නොයෙක් දෑ තෝරමින් සිටියාය...
මම කාමරයට වැදී අල්මාරිය හැර 'ඉවානුෂ්කා' අතට ගත්තෙමි.....මගේ හදවත දෙමංසලකට පැමිණ තිබු අතර...යා යුතු මග කිමෙක්දැයි මා තීරණය කර තිබුණි.... අවසන් වතාවට ඉවානුෂ්කාගෙ මතකය මෙනෙහි කරන්නට දෑස පියාගත් මම.... මොහොතකින් ඇස් ඇරියෙමි... තව දුරටත් හඬන්නට කඳුළකුදු ඉතිරිව තිබුණේම නැත....
බෝනික්කාද අතින් ගෙන සාලයට පියමැන්න මා දියණියද...මාධවද හිඳ සිටි තැනින්ම හිදගත්තෙමි....

''චූටි දූ....එන්න සෙල්ලමක් කියා දෙන්න...''
ඈ වහා මගේ ඇකයට පැන තුරුළු වූවාය.....
මම ඇයට බෝනික්කන් එකින් එක ගලවා යළි සවි කරන ආකාරය කියා දුන්නෙමි...ලොකු බෝනික්කන් තුළින් පොඩි පොඩි බෝනික්කන් මතු වෙන අයුරු දකිද්දි ඇගේ පුංචි ඇස් වලින් විස්මය උතුරා යමින් තිබිණි....
මාධව අප දෙදෙනා දෙස බලා උන්නේ සෙනෙහසිනි....
''දූ පොඩ්ඩක් සෙල්ලං කරලා ආසාව ගියහම ඔයා ආයේ මේක අරන් තියාගන්න...ඔයත් පොඩි එකානෙ....නේද...හෙහ් හෙහ්....''
මගේ හදවතට බොහෝ කලෙකින් නොදැනුණු සැහැල්ලුවක් දැනිණි.......මමද සිනාසුණෙමි....
''කමක් නෑ....දූ එයාලව එයාගෙ සෙල්ලම් ගෙදර තියාගත්තාවෙ....මට දැන් ආදරේ කරන්න ලී බෝනික්කො නැතුවට ඔයාල ඉන්නවනෙ.....''

෴මංචි෴
.
.
.
.
.
.
.
ලැබුවාවූ 2013 නව වසර හැමෝටම සතුට , සැනසීම , ජයග්‍රහණය ගෙනත් දෙන,....වැඩි වැඩියෙන් බ්ලොග්ස් ලියවෙන..මටත් ලියන්න වෙලාව ලැබෙන සුභ නව වසරක් වේවා කියලත් පතනවා එහෙනම්...
/// ''කමක් නෑ....දූ එයාලව එයාගෙ සෙල්ලම් ගෙදර තියාගත්තාවෙ....මට දැන් ආදරේ කරන්න ලී බෝනික්කො නැතුවට ඔයාල ඉන්නවනෙ.....''//
ReplyDeleteමං මේ කල්පනා කරන්නේ මටත් එහෙම හිතෙයිද කියලා.... හි හි....
මමත් මේ කල්පනා කළේ මටත් එහෙම හිතේවිද කියල තමයි හිරූ..... ඒත් ඒ දවස අද ඊයෙක ඒවිද මන්දා...
Deleteමගෙත් හදවත දාල ගියා මේ ලිපියට. අතිත සැමරුම් වුවත් දරු සෙනෙහස ඉදිරියේ කුඩු පට්ටම් කරල දාන්න වෙනවා. මටත් බොහොම සමීපයි මේ කතාව.
ReplyDeleteමම සමකය වටේ ලියන නලින්
හ්ම්ම්ම්..,, ඔව්....මම තවම අම්ම කෙනෙක් නෙවෙයි නිසා දරු සෙනෙහස ගැන හරියටම දන්නෙ නෑ...ඒත් මම මේනුගෙ තැන හිටියනම් සමහරවිට මේ දේම කරාවි... :) බොහොම ස්තූතියි කියෙව්වට... :)
Deleteනිකං හිතේ මැවුන කතාවක්ම නෙමෙයි හින්ද මේකෙ අවසානයට නම් මම පට්ට හැපී... ඔච්චර කාලයක් නොයා අවසානෙ ආවනම් තවත් මරු... :)
ReplyDeleteඅනේ සුදු සාතන් අයියේ... ඔයා හිතන සිද්ධියටනම් තවමත් මේක අනාගත කතාවක්.. කවදහරි සිද්ධ වෙයිද කියලවත් කියන්න දන්නෙ නැති කතාවක්.. ඒත් දැනටත් බොහොම කල් ගිහින් බව මමත් දන්නවා.. :(
Deleteඅන්තිම පෙළියට මම මාර ලයික්. ඇත්තමයි. සැහෙන්න රොමැන්ටික් ඒ වචන සෙට් එක. :)
ReplyDeleteතැන්කූ මදාරා... ඔයාටනම් මේ දවස් වල රොමැන්ස්ම තමයි නේද?? අපේ අයියන්ඩි මෙයාව සෑහෙන නරක් කරල තියෙන හැඩයි.. :)
Deleteලස්සන කතාවක්..!
ReplyDelete//මට දැන් ආදරේ කරන්න ලී බෝනික්කො නැතුවට ඔයාල ඉන්නවනෙ.....''//
වර්තමාණය කොයිතරම් වටිනවද..!
බොහොමත්ම ස්තූතියි නන්ඳු.... ඇත්ත වර්ථමානය හරි වටිනවා.... :)
Deleteමම ගොඩක් ආදර කතා දැකලත් තියේ, කියවලත් තියේ....
ReplyDeleteඒ ඔක්කොම පටන් ගන්නෙ එකිනෙකට වෙනස්ව උනාට අවසානය එකම විදියයි... වේදනාවක්...
ගොඩක් ආදර කතා එහෙම වෙන්නෙ ඇයි කියන්න මටත් නිතරම හිතෙනවා...හැම ජීවිතයකම අපි නොදන්න ගොඩක් වේදනාවල් සැඟවිලා තියෙනවනෙ යසිත්...වේදනාව දිහා අපි බලන විදිහ අනුව වෙන්න ඕන ඒකෙ විඳවීම තීරණය වෙන්නෙ... ස්තූතියි...
Deleteකථාව ලස්සනට ගලාගෙන යනවා.
ReplyDeleteනිරෝගිමත් සුභ නව වසරක් වේවා!
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
බොහොම ස්තූතියි ගයනි...ඔයාටත් එසේම වේවා... :)
Deleteඔයාට කවදා හරි ඒ ලස්සන අනාගතය හමු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....
ReplyDeleteකොහොමත් අලුත් ජීවිතයක් ලබාගන්න ඕනා පරන ජීවිතේ මතකයන් සදාකාලිකවම වල දාලා මිසක් ඉතුරු කරන් නෙවෙයි...
කඩ කඩ ලියන්න එපා... දිගටම ලියන්න.....
Ravi
මේනු තරම් මංචි වාසනාවන්ත වේවිද කියන්න දන්නෙ නෑ රවි අයියෙ.. වලදානව කියන වචනෙ ක්‍රියාවට යොදවන්න උත්සහ කරපු කෙනෙක් දන්නවා ඒකෙ අමාරු බව.. :(
Deleteඇත්තෙන්ම කඩ කඩ ලියන්න වෙන එක ගැන මටත් දුකයි...ඒත් වෙලාව තමා නැත්තෙ...
තාම භාගයයි කියෝ ගත්තේ. ගෙදර ගිහින් ඉතුරු ටිකත් කියෝලා කමෙන්ට් එකක් දෙන්නම්.
ReplyDeleteසුබ අළුත් අවුරුද්දක් වේවා දරුවෝ !
හරි අයියණ්ඩී....සුභ නව වසරක් ඔයාටත්.. :)
Deleteකොහොමද අප්පේ මේක ලිව්වේ... :O පිස්සු හැදෙනවා කියවලා ඉවර වෙද්දි... නියමයි... උපරිමයි.
ReplyDeleteගෝල් ෆිස් අයියා මාව මුරුංග අත්තෙ තියනවා නේ........???? තැන්කූ තැන්කූ...එච්චරටම හොඳනම් සතූ...ටුයි... :)
Deleteඇත්තටම ලස්සනයි
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් !!!
අලුත් අවුරුද්දෙ මුලින්ම කියවපු කෙටි කතාව, අවුරුද්ද පුරාවටම මතක හිටින තරමට ලස්සනයි!
ReplyDeleteබොගොම ස්තූතියි ගිමන් නිවන්නෝ... :) අවුරුද්ද මුලදිම හොඳ දෙයක් දෙන්න ලැබුනනම් සතුටුයි.. :)
Deleteහුඟකාලෙකින් සරළ සැහැල්ලු ලස්සන කෙටි කතාවක් කියෙව්වා... හරිම රහයි... දරුවො නිසා අත්හරින්න වෙන දේවල් ඔයිට වඩා ගොඩාක් වැඩියි පැංචියේ....
ReplyDeleteබොහොම ස්තූතියි මාතලන්... ඔව් ඒක වෙන්න පුලුවන්... ඒකනෙ අම්මයි තාත්තයි දෙවෙනි බුදුවරු වගේ කියන්නෙ.... තමන්ගෙ ජීවිතේ වටිනම දේවල් පවා අපි වෙනුවෙන් කැප කරන දෙවිවරු... :)
Deleteමකුළු පැංචි වියමන ඔයාගේ දලට අදමයි අවේ. ඇත්තටම මේ වගේ අත්දැකීම් හුගක් සන්වීදී. දරුවෝ නිසා ගොඩක් දේවල් කැප කරන්න වෙනවා කියල මාත් තේරුම් ගත්තේ මගේ දූ උපන් මුල් දවස් වළමයි. මේ වියමන ගොඩාක් ලස්සනයි
ReplyDeleteමුල්ම වතාවට වියමනට ආව ඔයාව ආදරෙන් පිළිගන්නවා අක්කෙ...බොහොම ස්තූතියි... :)
Deleteඇත්තටම ලස්සනයි
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් !!!
බොහොම ස්තූතියි සහන්...ඒ වගේම ඔයාටත් සුබ නව වසරක්... :)
Deleteහ්ම්ම්
ReplyDeleteහ්ම්ම්ම්..... :D
Deleteමංචි මේක තව කොහේ හරි දැම්මද ??? මේක මට කියවල තියෙනවා වගේ මතකයි නේ..
ReplyDeleteඅපොයි නෑ...කාලයක් තිස්සෙ හරි හමන් අවසානයක් ගැන තීරණය කරගන්න බැරුව ඉඳල ඉඳල ඊයෙ තමා ඉතුරු බාගෙ ලියලා ඒ වෙලාවෙම පබ්ලිශ් කළේ...හැබැයි ගිමන් නිවන්නා අද එයාගෙ මූණු පොතේ මේ කතාව දාල තිබ්බා (මගෙනුත් අහල)..ඒකද දන්නෙ නෑ ඔයා දැක්කෙ... :)
Deleteසෑහෙන කාලෙකින් ලස්සන කතාවක් ලියලා.. දන් ඉස්සර වගේ ලිය වෙන්නේ නැති එක සෑහෙන හෙලා දකිනවා නංගියේ..
ReplyDeleteතැන්කූ අයියණ්ඩී... මොනා කරන්නද අනේ...දැන් වැඩ වැඩීනේ... :(
Deleteමාතලන් කිව්ව වගේ සරල සුන්දර කතාවක්. . අර රුසියාවෙ දේවල් කියත්දි මොකක්ද අමුතු දෙයක් ඔලුවට එනව!. . මොකක්ද කියන්න තේරෙන්නෙ නැහැ . සමහර විට මමත් ඊට සමාන වටපිටාවක ජීවත් වෙන නිසා වෙන්න ඇති . . . !!
ReplyDeleteජයවේවා අක්ක . . . :-)
මට එහෙම ලියවෙන්නෙ මම ඒ වටපිටාවෙ ඉන්න නිසා වෙන්න ඇති...ස්තූතියි සහෝධරයා.. :)
Deleteහරිම සුන්දරයි නංගි
ReplyDeleteතැන්කූ අක්කි.. :)
Deleteහොඳම දේ තමයි කරලා තියෙන්නෙ.
ReplyDeleteවාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
බොහොම ස්තූතියි ඩූඩ්... ඔබටත් එසේම වේව... :)
Deleteලස්සන කතාවක් අක්කිය! :) සුභ අලුත් අවුරුද්දක් වේවා! :)
ReplyDeleteතැන්කූ අලියෝ... ඕයාටත් එසේම වේවා.. :)
Delete"මට දැන් ආදරේ කරන්න ලී බෝනික්කො නැතුවට ඔයාල ඉන්නවනෙ."
ReplyDeleteකතාවත් ලස්සනයි.සුබ අලුත් අවුරුද්දක් වේවා.
තැන්කූ විල්සන් මාමේ... මාමටත් සුබ අලුත් අවුරුද්දක්... :)
Deleteහිතට දැනෙන අන්දමට ලස්සනටම ලියපු කතාවක්.... මංචිත් මාරම කතාකාරියක්නේ බලනකොට... කතාව අවසන් කරපු අන්දමට නම් ගොඩාක් කැමතියි.... දැන් නම් අවුරුද්ද ලැබිලා ටික දවසක් වුනත් මංචීටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවායි පතනවා.......!
ReplyDeleteබොහොම තැන්කූ තොටියෝ... පරක්කු වෙලා හරි ඔයාටත් සුබ අලුත අවුරුද්දක්.. :)
Deleteහිතට දැනෙන්න ලස්සනට ලියල තියනවා.......... ඒත් කවදාවත්ම ඔයාට එහෙම නොවෙන්න කියල ප්‍රර්ථනා කරනවා ............. සුභ පැතුම් !!!!!!!!!!!
ReplyDeleteබොහොම ස්තූතියි රුවන්.. ඒ වනත් දැන් ඔයාගෙ පැතුම ඉටු වෙන්න පමා වැඩිද මන්දා.. :(
Deleteමේ කතාව වගේම සතුටින් තමන්ට අදරය කරන පිරිසක් එක්ක මන්චිගෙ කතාවත් ඉවර වෙන්න කියන එක තමයි මගේ පැතුම!- ලශෝ
ReplyDelete