ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

සයුරේ රළ සේ...අහසේ තරු සේ............

     
     මකුළු පැංචි ලේසියෙන් හොඳම යාළුවො හදාගන්නෙ නැති බව එකෝමත් එක කාලෙකදි කිව්වනෙ..ඉතින් එයාට ඉස්කෝලෙ යන කාලෙ හිටියෙ හොඳම යාළුවො 3 දෙනයි.වින්ධ්‍යා,ප්‍රතිභා,ළහිරු තමයි ඔය තුන්දෙනා.ළහිරු කියන්නෙ කොල්ලෙක් එහෙම නෙවෙයි,කෙල්ලෙක්ම තමා.


     මකුළු පැංචිගෙ ''හොඳම හොඳම යාළුවා'' වින්ධ්‍යා.අනික් දෙන්නා හොඳම යාළුවො.අපි හතර දෙනා ඉතින් ඉස්කෝලෙ රිංගපු නැති අස්සක් මුල්ලක් නෑ.ඕන තරම් ගුරුවරුන්ගෙන් බැණුම් අහලා ඇති...එක එක බාහිර වැඩ වලට පීරියඩ්ස් කට් කරලා.ප්‍රතිභා ඇරෙන්න අනික් තුන් දෙනාම සෞන්දර්ය විෂය විදිහට කළේ චිත්‍ර..මේ තුන් දෙනා ඉතින් ඉස්කෝලෙ නම ගිය ආටෝ තුන්දෙනෙක්.ප්‍රතිභා හොඳ නැට්ටුක්කාරියක්.ඒත් මකුළුයි,වින්ධ්‍යයි,ළහිරුයි ඔය චිත්‍ර අඳින වැඩකට සෙට් වුණාම ප්‍රතිභත් එතන කැරකි කැරකි ඉන්නව නොවැරදීම.

එකෝමත් එක කාලෙක.........



                   
    
 මකුළු පැංචිට රෑ ජාමෙ මැද්දෙත් හිතක් පහල වුණා මොනවහරි ලියන්ට ඕනේ කියලා..මකුළු පැංචි මේ දවස් වල ඉන්නෙ මව්බිමෙන් ඈත රටක.ඒ නිසාද කොහෙදෝ බ්ලොග් සටහනක් ලියද්දි පවා සිහි වෙන්නෙම ගෙදර අය,ඉස්කෝලෙ යාලුවො.ඉස්කෝලෙ යන දවස් තරම් ආස කරපු දවස් මකුළු පැංචිටනම් ආයෙ මුළු ජීවිත කාලෙටම එන එකක් නෑ.මකුළු දැලේ තියෙන පිණි වැටුණු දැල් ගොනුවක් වගේ තමයි ඒ කාලේ.සුන්දරයි.සැහැල්ලුයි......

මකුළු බිත්තරෙන් එළියට....



     මකුළු පැංචි බ්ලොගයක් ලියන්න ගත්තට මොකද කොහෙන් පටන් ගන්නද කියලා එයාටවත් හිතාගන්න බැහැ.කොහොමටත් මකුළු පැංචිගෙ ජීවිතේ මුල ඉඳලම ඒ වගේ.හරිම අනපේක්ෂිත විදිහට හැමදේම පටන් අරන් හිතාගන්නවත් බැරි මංමාවත් වල ගලාගෙන ගිහින් පුදුමාකාර විදිහට තමා ඉවර වෙන්නේ.

Related Posts Plugin for WordPress, Blogger...