මකුළු පැංචිට රෑ ජාමෙ මැද්දෙත් හිතක් පහල වුණා මොනවහරි ලියන්ට ඕනේ කියලා..මකුළු පැංචි මේ දවස් වල ඉන්නෙ මව්බිමෙන් ඈත රටක.ඒ නිසාද කොහෙදෝ බ්ලොග් සටහනක් ලියද්දි පවා සිහි වෙන්නෙම ගෙදර අය,ඉස්කෝලෙ යාලුවො.ඉස්කෝලෙ යන දවස් තරම් ආස කරපු දවස් මකුළු පැංචිටනම් ආයෙ මුළු ජීවිත කාලෙටම එන එකක් නෑ.මකුළු දැලේ තියෙන පිණි වැටුණු දැල් ගොනුවක් වගේ තමයි ඒ කාලේ.සුන්දරයි.සැහැල්ලුයි......
මකුළු පැංචි ඉස්කෝල දෙකකටම ගිහින් තියෙනවා.දෙකම බාලිකා විද්‍යාල.සාමාන්‍ය පෙළින් පස්සෙ මකුළු පැංචි ගියේ කොළඹ ප්‍රසිද්ධම බාලිකා විද්‍යාලෙකට.ඒ වුණත් අවුරුදු එකොලහක්ම ඉගෙනගත්තු ඉස්කෝලෙ තමයි එයාගෙ මතකයෙ නිතරම රැඳිලා තියෙන්නෙ.දුක සතුට,කඳුළු සිනා ගොන්නක්ම එක පාරටම හදවතට කඩාවදිද්දි මකුළු පැංචිට නිදිමතත් නැතුව යනවා.
මකුළුට පොඩි කාලෙ ඉඳලම යාලුවො ගොන්නක්ම හිටියා.ඒත් හොඳම යාලුවො කියලා හිටියෙනම් හරිම අතලොස්සයි.මොකද එයා හරිම සංවේදි කෙනෙක්.පොඩ්ඩ වරදින්න බෑ හිත රිද්ද ගන්නවා.ඒ මදිවට ඉස්කෝලෙ යන දවස් වල මකුළු පැංචිට හරියට කේන්තිත් යනවා.
මකුළු පැංචි ඉස්කෝලෙට වගේම ආසා කරපු තැනත් තමයි දහම් පාසල,අවසාන ශ්‍රේණි විභාගෙ කරල ගෙදර නතර වෙනකල්ම එයා දහම් පාසල් ගියේ හරිම ආසාවෙන්.ඒත් මකුළු බිත්තරෙන් එළියට ආපු කාලෙදිම පටන් ගත්තු පරිස්සම හින්දම මකුළුගෙ අම්මා එයාට වැඩිපුර බාහිර ක්‍රියාකාරකම් වලට නම් ඉඩ දුන්නෙ නෑ.මොකද ඉස්කෝලෙන් පස්සෙ නතර වුනාම මකුළුට ගෙදර එන්න වෙන්නෙ තනියම හින්දා.අද ඒ ගැන හිතනකොටත් මකුළුට දුක හිතෙනවා.මොන තරම් සුන්දර අත්දැකීම් ගොන්නක් එයාගෙන් ගිලිහෙන්න ඇතිද කියලත්....
මකුළුගෙ ජීවිතේ හරි සැහැල්ලුයි වගේ පෙනුනට මකුළු දැලක වගේම ලිහාගන්න බැරිතරම් දුක්බර කතාවක් ඒකෙ හැංගිලා තියෙනවා.වෙලාවකට මකුළු පැංචිට හිතෙනවා එයාගෙම මකුළු දැලේ එයා හිරකාරියක් වෙලාවත්ද කියලා.....
දිගටම ලියන්න මකුළු,
ReplyDeleteමගේ සුබ පැතුම් සහ දිග ගමනකට ආසිරි!
ස්තූතියි රවී සොයුර.... :))
ReplyDeleteමකුළු දැල් බැන්දට, දැලේ පැටලෙන චූටි සත්තුන්ට හිටි හැර කරන්නේ නෑ නේද?
ReplyDeleteඅනේ නෑ..කශු....මම හරිම අහිංසක,හිත හොඳ මකුළු පැංචියෙක්.... :))
ReplyDeleteඅනික ඔයානම් චූටි සතෙක්යැ...මහ විසාල බ්ලොගයක හිමි කරුවෙක් නොවැ...
ReplyDeleteඅද ආවේ....තව ඩිංගිත්තෙන් දැලේ පැටලෙනවා ........හිහි
ReplyDeleteසොඳුරු සිතක් ආපු එක කොච්චර දෙයක්ද??...දැලේ පැටලුනාට කිසිම හානියක්නම් නොවෙන බවට මම සහතික වෙනවා ඔන්න...ඒ නිසා ආයෙත් එන්න...දැලේ පැටලිලා සිතුරිලි බෙදාගන්න...
ReplyDeleteFunnel Web කෙනෙක් වෙන්න එපා
ReplyDeleteඅපෝ නෑ..මම අහිංසක cobweb spider කෙනෙක්... :))
ReplyDeletecobweb spiders ල තමයි මැස්සෝ දෙන්න දෙන්න අල්ලන්නෙ
ReplyDelete(Please remove word verification for comments)
හෙහ්..හෙහ්..එහෙනන් ඉතින් මකරු කොච්චර මැස්සො අල්ලනවා ඇතිද නේද...?? (ඔන්න verification අයින් කළෝ...)
ReplyDeleteමකරු මැස්සො ඇල්ලුවට කන්නෙ නෑ. හුරතල් කරනව විතරයි
ReplyDeleteඑතකොට මකුළු පැංචිටනම් හිතෙන්නෙ මැස්සෙක් නොවී මකුළු පැංචෙක් වුණ එක මොනතරම් පිනක්ද කියලයි..ඇයි දෙයියනේ..මකරෙක් හිරතල් කරද්දි අර මැස්සො ටික ඇත්තෙ පරාණ බයේ ගැහි ගැහිනෙ.... හිකිස්.....
ReplyDeleteවෙලාවක හිමිහිට මකුලු පැංචිගේ හිතේ තියෙන කියන්න පුලුවන් හැම දෙයක් ම බ්ලොග් එකේ අකුරු කරන්න. එතකොට හිත ගොඩක් සැහැල්ලු වෙයි.
ReplyDeleteදිගටම ලියන්න සුබ පතනවා.