මා සිතට අහම්බෙන්..... ඔබ එබිකම් කළ අරුමය රහසින්....
සබැඳි:
ආදර කතා,
මකුළු පැංචිගෙ පෙම් පුරාවත....,
මතක මාවත
හොඳ හොඳ සෙල්ලම් රෑ වෙන ජාමෙට........
ඔන්න හෝ ගාලා වැඩ තිබ්බ දවස් දෙක තුනක් ගෙවිලා ආපහු වියමන පැත්තෙ එන්න මකුළු පැංචි අමාරුවෙන් ඉඩ කඩ හොයාගත්තා.නිතරම වියමනේ නැවතිලා බලන යාළුවො ටික තරහ වුණේ නෑ නේද පැංචිත් එක්කලා...???
ඒ හැටි අමාරුවක් නොවුණු පොඩි ක්ලාස් ටෙස්ට් එකකුයි, කාලයක් තිස්සෙ පෙරුම් පුරාගෙන හිටපු සාදයකුයි නිමකරලා ඇවිත් මකුළු පැංචිට නම් හරිම මහන්සීයි. ඒ මදිවට හොඳටම කැස්සත් හැදිලා.ඒත් හිතනම් හරිම සතුටින් පිරිලා.මොකද දන්නවද....
ඉන්නකො ඉතින් කියනකම්...
අඳින්න ගිය තාප්පය ඉහේ කඩාවැටීම....
යාළුවනේ ඔයාලා කවදහරි දවසක තාප්පෙක චිත්‍රයක් ඇඳලා තියෙනවද...??
මං හිතන්නෙ ගොඩක් අය කියාවි නෑ කියලා.(එක්කෙනෙක්වත් ඔව් කිව්වොත් ලොකු දෙයක්....).ඒත් මකුළු පැංචිටනම් ඒ විනෝදාත්මක අත්දැකීම විඳගන්න වාසනාව ලැබිලා තියෙනවා..මම මේ ඔයාලට කියන්න යන්නෙ තාප්ප වල චිත්‍ර ඇදීමේ කලාව ගැන හෙම නෙවෙයි ඔන්න.එහෙම තාප්පෙක චිත්‍රයක් අඳින්න ගිහින් මකුළු පැංචිටයි,එයාගෙ චිත්‍ර කණ්ඩායමටයි වෙච්ච හදියක් ගැන.......එක හදියකුත් නෙවෙයි හදි යුගලයක් හෙවත් ඩබලක් ගැන.... :D
Subscribe to:
Posts (Atom)





