එතකොට මකුළු පැංචි හිටියෙ හතර වසරෙ විතර.ඔන්න දවසක් ටීචර් කිව්වා පහුවෙනිදට මොකද්ද මන්දා වැඩසටහනක් තියෙනවාලු(දන්නවනෙ ඉතින් ඔය එක එක කුසලතා සංවර්ධන වැඩසටහන් තියෙනවනෙ ඉස්කෝල වල )...ඒකට පන්තියෙ හැමෝම කතාවක් ලියන්න ඕනෙලු.කතාවට ගැලපෙන විදිහට චිත්‍ර සටහන් 3කුත් අඳින්න ඕනෙ,පහු වෙනිදට එද්දි හාෆ්ෂීට් වලින් හදාපු පොඩි පොත් පිංචකුත් ගේන්නය කියලා තමා ගුරුතුමී කිව්වෙ.
ටීචර් කියලා තියෙන්නෙ අපි අපේම කතාවක් හදලා ලියන්න ඕනෙ කියන එකයි.ඒත් මකුළුට ඕක ඔළුවට ගියේ තමන් අහපු,ගොඩක්ම ආසම කතාව තමන් ඒ කතාවෙ චරිතෙකට ආදේශ වෙලා ආපහු ලියන්න ලෑස්ති වෙලා එන්න ඕනෙ කියලයි.ඒකට හේතුව වෙන්න ඇත්තෙ ඊට දවස් කීපෙකට කලින් අම්ම ගෙනත් දුන්න 'රුසියානු සුරංගනා කතා'' පොත කියවලා මකුළු පැංචි සුරංගනා ලෝකෙක හිරවෙලා හිටපු සන්තෑසිය වෙන්න ඕනා.
කොහොමින් කොහොමින් හරි මකුළු පැංචි ඒ වෙලාවෙම තීරණය කළා හෙට ලියන්නෙ මෙන්න මේ කථාවය කියලා.තෝරගත්තු කතාව තමා ''ලස්සන වසීලීස්සා''.
ඉතින් එදා ගෙදර ගිය වෙලාවෙ ඉඳලම මකුළු පැංචිට වෙන වැඩක් තිබුණෙම නැ.හෙට ලියන්න තියෙන කතාව ගැන හිතනවා මිසක්.වසීලිස්ස අඳින්නෙ මොන වගේද කියල හිතනවා.(මකුළු පැංචිට ඒ දවස් වල තිබ්බ ලස්සන රතු පාට ගවුමක් රැළි ගොඩාක් තියෙන.ඕක තමා වසීලිස්ස වුණාමත් අඳින්න හිතාගත්තෙ..හිකිස්)..ඉළඟට හිතනවා බෝනික්ක මොන වගෙද කියල,අශ්වයා පිටින් එන කුමාරයා මොන වගේද කියලත් හිතාගන්න ඇත්තෙ ඒ වෙලාවෙ වෙන්න ඇති.. ;) (ඒ ගැන පස්සෙ කියන්නම්කො )
කොහොම හරි ගෙදර අයගෙන්වත් ඇහිල්ලක් බැලිල්ලක් නැතුව මකුළු පැංචි ඔක්කොම දේවල් ලැස්ති කරගත්තා.චිත්‍රයට නගන්න අවස්ථා 3කුත් හිතාගත්තා.ඔන්න ඉතින් පහු වෙනිදා ඉස්කෝලෙ ගිහින් කථාවත් ලිව්වයි කියමුකො.කතාවනම් කටපාඩම් නිසා ඉක්මනටම ලියලා ඉවර වුණා.වැඩිම වෙලාවක් ගියේ චිත්‍ර තුන අඳින්න.වසිලිස්සා බෝනික්කට කතා කරන විදිහයි,බබා-ගාගා ආච්චි කොස්සෙන් යන හැටියි,අස්සයා පිට කුමාරයා එන හැටියි තමා මකුළු පැංචි ඇන්ඳේ.
දැන් මේ ලියපු කතාව පන්තිය ඉස්සරහ කියවන්නත් ඕනෙලු...මකුළු පැංචිට හරිම සතුටුයි...ඔන්න දැන් එක එක්කෙනා එයාලගෙ කතා කියවනවා.ඒත් එක්කෙනෙක් දෙන්නෙක් තම තමන්ගෙ කතා කියවද්දි මකුළුට හිතුණා එයා ඒ කතා කවදාවත් අහල නෑනෙ කියලත්.එයත් දැන් ඉස්සරහට ගිහින් කියවන්න ගත්තා වසීලිස්සගෙ කතාව...නෑ නෑ...''මකුළු පැංචිගෙ කතාව''...ටිකක් කියවගෙන යද්දි මෙන්න ටීචර් හිනා වෙනවා...එතකොටම එක පොඩ්ඩෙක් නැගිටලා කෑගැහුව..''ඕක මකුළු පැංචිගෙ කතාව නෙවෙයිනෙ,අපි ඕක කියවලා තියෙනවනෙ..ඕකෙ ඉන්නෙ වසීලිස්සනෙ....'' කියල.මකුළුටත් දැන් අගක් මුලක් හොයාගන්න බෑ.ඇස් දෙකේ ලොකු කඳුළු බෝල දෙකකුත් පිරිලා..ඇයි මෙච්චර ආසාවෙන් ලියපු කතාවට යාළුවො අනං මනං කියනවත්නෙ.
එතකොට ඔන්න ටීචර් ළඟට ඇවිත් මකුළු පැංචිව තුරුල් කරගත්තා.''කමක් නෑ පුතේ..ඔයා ලියල තියෙන විදිහත් හරිම ලස්සනයි..දිගටම කියවන්නකො...''කියලා ටීචර් කිව්වා...මකුළු පැංචිත් කතාව කියවලා ඉවර කළා.එදා මකුළු පැංචිගෙ කතාව තරඟෙන් දින්නෙනම් නෑ.ඒ වුණාට මකුළු ඒකෙ ඇඳපු චිත්‍ර තුන පන්තියෙන් හොඳම චිත්‍ර තුන නිසා එයාට එදා පාට පැන්සල් පෙට්ටියක් තෑග්ගට ලැබුණා...
ඔන්න ඔහොමයි මකුළු පැංචි වසිලිස්ස වුණේ.එත් මකුළු පැංචිට එදා දවස කවදාවත් අමතක වෙන්නෙ නෑ.එදා තමයි මකුළු පැංචි හිතාගත්තෙ කවදාවත් වෙන කෙනෙක්ගෙ නිර්මාණ පස්සෙ යන්නෙ නැතුව,ලියන කියන අඳින දෙයක් තමන්ට හිතෙන දැනෙන හැටියටම කරනවයි කියලා.
ඒ වගේම මකුළු පැංචිගෙ නොතේරුමට කරපු දේ ලැජ්ජාවක් විදිහට දැනෙන්න නොදී..එයාගේ හිත සනසපු ගුරුතුමීවත් මකුළු පැංචිට ජීවිතේ කවමදාකවත්ම අමතක වෙන්නෙ නෑ ඔන්න....
වසීලිස්සා කියවන්න මෙතැනින්...
ඔය කරගෙන තියෙන්නේ....
ReplyDeleteහෙහ්..හෙහ්...ඒක නේන්නම්....මොනා කරන්නද ගෝල්ඩ් ෆිසෝ....පොඩි කාලෙ මෝඩයිනෙ..(දැන් කියලත් වෙනසක් නෑ ඉතින්...ලොල්..)
ReplyDeleteවෙලාවට පන්තියෙ සෙට් එක ඕක කලින් කියවල තිබුනේ...
ReplyDeleteඔව්..නැත්තන් එයාල ඇත්ත වසීලීස්සා කියෙව්වම හිතාවි සුරංගනා කතා කාරයා මගෙන් කොපි කරල කියල..ලොල්...
ReplyDeleteතවත් මකුළුවෙක්.......
ReplyDeleteලස්සන කතාවක්....දිගටම ලියන්න...
ස්තූතීයි ශාන්..... දිගටම ලියන්නයි කල්පනාව..ඉඩ තියෙන වෙලාවට මේ පැත්තට ඇවිත් යන්නකෝ.... :))
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමකුලු පැංචිටත් වෙන්නේ මාරම වැඩ තමයි. පොඩි කාලේ කරන සමහර දේවල් ජීවිතේ තියෙන තුරාවටම මතක තියෙනවා.
ReplyDeleteඔන්න මාත් මකුලු පැංචි පස්සේ වැටුනා. දිගටම එන්නයි බලාපොරොත්තුව. කමක් නැද්ද මන්දා. දිගටම ලියන්න. ලියන විදිහ ලස්සනයි.
ඔන්න මමත් කියෙව්ව
ReplyDelete@මධුරංග :
ReplyDeleteඔව්..සමහර දෙවල් හැමදාටම මතක තියෙනවා....කොච්චර දෙයක්ද..තැන්කූ....අපෝ කමක් නෑ..දිගටම එන්න...මකුළු පැංචි ආදරෙන් පිළිගන්නවා... :)))
@ටී.බී. හේරත් :
තැන්කූ කියෙව්වට... අදහසකුත් කියල යන්න ඉඩක් තියෙනවනම්.. :)) මල් වගේම ගලුත් බාරගන්නවා...
ඔය පන්තියෙ සාතන් හිටියනම් ඕක පැංච් ලිව්ව එකක් කියල තමයි හිතන්නෙ... මොකද වසිලිස්ස කථාව සාතන් දැනගත්තෙ සොදුරු සිතේ තිබ්බ කවි කථාවෙන්නෙ... හික් හික් හික්...
ReplyDelete@සාතන් :
ReplyDeleteහොඳ වෙලාවට මකුළු පැංචිට සොඳුරු සිත ලින්ක් කරන්න මතක් වුණේ...අපරාදෙ මගෙ පන්තියෙ ඉන්න තිබ්බෙ සාතන් වගේ ළමයි ටිකක්..හිකිස්. ඒත් එහෙම නොවුණු එකත් හොඳට ගියා. නැත්තම් මකුළු පැංචි තවමත් අනුන්ගෙ කතා ලිය ලියා ඉඳීවී.... ;)
ඒ කතා කියෙව්වම සුරංගනා පිස්සුව හැදෙන්නේ නැත්තන පුදුමයි මකුළු පැන්චියේ.. මේ මට උ.පෙ කරන කාලෙත් පොත අහුවෙලා සේරම වැඩ නවත්තලා මම ඒක කියෙව්වා.. නියමයි හොඳේ කතාව.
ReplyDelete@රවින් :
ReplyDeleteහික් හික්...ඒකනම් ඇත්ත..ඒ කතා හරිම ලස්සනයිනේ...අනික මොනවා වුණත් අවසානය ප්‍රීතිමත්... :))
wasillissa potha mata hambenakota awrudu 3k withara athi.e dawas wala amma thama kathawa mata kiyala denne,wishwasa karanna thamath e potha thiyenawa.but samahara ptu adui.man thamath eka kiyawanawa.potha kilutuwela thiyenne kalayath ekka wedunu mage angili salakunu walin.math adatath surangana katha gana heena dakinawa.mage 1st love eka waseelissa pothe raajaali kumaraya.man eyage pinthure diha bala bala hemadamath rata nidiyanna kalin heena mewwa.kaalayath ekka matath sebe jeewithe kumarayek hambuna.eth eya kawadawath mawa hurathal kalena,mata adareyi kiyala kiwwena.e wunata mawa es2 wage balagaththa.mage thaththatath wada adaren mawa balagaththa.eth man hema welawema surangana katha wala kumarayo ekka compare karala mage hitha ridda gaththa.eth kalayak yanaakota mata e adare denuna.aththatama adarei kiyala katin kiyana ekata wada adare danennayi eyata oni wune.man ada mage menikawa surangana kathawala kumarayo ekka compare karannena,mokada kumarayanta wada dewiyo uthum nisa.mage menika mata dewiyek>>>>>>>> kuubichchi>>>>
ReplyDelete