අකුරු ඇමිණූ සොඳුරු සිහිනය......
සබැඳි:
ආදර කතා,
මකුළු පැංචිගෙ පෙම් පුරාවත....,
මතක මාවත
රාහු ගිලින ඉරයි හඳයි......
කට්ටියම පෙරේදා දවසම ආසවෙන් බලාගෙන හිටියනෙ කාලෙකට පස්සෙ පුර්ණ චන්ද්‍රගහණයක් දැකගන්න..මකුළු පැංචිටත් වසීලීස්සගෙ රටට ඒක අපූරුවට පෙනුණා.ඒත් පින්තූරයක් නං ගන්න බැරි වුණා..දුකේ බෑ..දවසම ලෙක්චර්සුයි ක්ලාසුයි නිසා ගෙදර හිටියෙ නැති මකුළු පැංචිට ඒ ගැන අහම්බෙන් වගේ දැනගන්න ලැබූණේ ගූගල් ඩූඩ්ල් එක හින්දයි..ඒ නිසා ගූගල් දෙයියන්ට මුලින්ම තුති..කොහොම වුණත් කලාතුරකින් දැකගන්න ලැබුණු චන්ද්‍රග්‍රහණය නිසා පැංචිට නිකමට වගේ ඒ ගැන යම් යම් තොරතුරු ටිකක් හොයලා කියවලා බලන්න හිතුණා....එහෙම කියවද්දි හරිම අපූරු විස්තර වගයක් පැංචිගෙ දැනුම පොතට එකතු වුණා...ඉතින් ඒ වගේ රසවත් වැදගත් දේවල් තනියෙන් විඳිනවට වඩා බෙදාගන්න එක වටිනවනෙ...ඔන්න ඒ නිසා මකුළු පැංචි මේ වියමන වෙන්කරන්නෙ විවිධ රටවල් වල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ හා බැඳුණු මිත්‍යාවන් සහ විශ්වාසයන් ගැනත් අමුතු අමුතු චාරිත්‍ර විධි ගැන විස්තරයකට...
කට්ටියම කියවලා බලන්නකෝ...ඔයාලත් මේ තොරතුරු දැනගෙන හිටියද කියලා....
සබැඳි:
දැනුමට යමක්,
රස කතා
මගෙ හීනය මට විඳින්න....
හැඟුම් නොමැති නිද්‍රාවක
නෙතු පියාන නිදා උන්න
මේ නුපුරුදු කළු හීනෙන්
සෙමින් ඇවිත් මා මුදන්න
නුඹෙ දෙතොලග පුරා ගැයෙන
ඒ සොඳුරුම හැඟුම් ගොන්න
ඔය පපුවට තුරුලු කරන්
මගෙ නෙතුපිය මත ඉහින්න
රතු පාටට විල් දිය මත
හිරු දියවෙන හැන්දෑවට
ගී මුමුණන මදනලකින්
මගෙ හීනෙට නුඹ එබෙන්න
අතැඟිළි තුඩු මිරිකාගෙන
ඉඳහිට ඔය හද අවුලන
ගිනි සිළුවක දවටාගෙන
නුඹෙ ගීතය මට ගයන්න
නිල දිලිහෙන පිණිබිඳු මත
මගෙ මෘදු හදවත තියන්න
රන් පාටට ඉගිලෙන මුදු
සමනළ තටුවක් වියන්න
නුඹෙ ගැඹුරුම හදගැස්මට
වැතිරීගෙන නිදි වදින්න
පොඩියක් මට ඉඩ දෙනවද
මගෙ හීනය මට විඳින්න
෴මංචි෴
සබැඳි:
කවි වියමන්
Subscribe to:
Posts (Atom)





