ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

වන සිවුපාවුන් සහ දෙවි දේවතාවන්....

     


     ඇත්තෙන්ම පහුගිය දවස් වල වියමන දිහා එන්න තියා බලන්නවත් ඉස්පාසුවක් තිබුනෙ නෑ..විභාග වැඩ කටයුතු නිසා මනසට විවේකයක් තිබුණෙ නෑ වගේම..ජීවිතේට කඩා වැටුණු උල්කාපාත වැස්සක් එක්ක හදවතත් එක්තැන් වෙලා ජීවිතේම එපා වෙලා තමයි මංචි හිටියෙ.... (දැනට ඒ අසනි වැස්ස ගැනනං අහන්න එපා යාලුවනේ... මොකද තවමත් වැහැලා ඉවර නැති නිසා... )  හිතේ ප්‍රශ්ණත් එක්ක විභාගෙට පාඩම් කරන්න උණාම ඉතින් වෙන සංතෑසිය යාලුවන්ට වැටහෙනව ඇතිනෙ...  

රිසි අතක දුවන්නට......




ඉඳ හිටක හිත තෙමන
පිනි තුහින අහුරු මිස
නුඹෙ හිතින් මවෙත වට
   මෝසමක් නොවුණු කොට...

වියළි හිත් බිම මතට
මගෙම කඳුලැලි උනන
නොනවතින උල්පතක්
   නැගෙනු ඇති දිනෙක හෙට...

හිත් බිඳුම් දැනෙන්නට
තව ඉඩක් නොවනු ඇත
කාරියක් නැත නුඹට
   යළි ඉතින් තැවෙන්නට...

'වළාකුල් සුපෙම්වත'
නොරිසි නම් මගේ හිත
බැමි ලිහා හරිමි නුඹ
   රිසි අතක දුවන්නට....




෴මංචි෴



මේක සොඳුරු ලෝකයක්ද..???

     



     පිස්සු විකාර පෝස්ට් එකක් වුණත් ලියන්නම කියල හිත බල කරපු නිසා නිකමට වගේ ලියන්න ගත්තෙ..


     මේ ගැන  මුලින්ම මගෙන් ඇහුවෙ මගේ හොඳම යාලුවා....වින්ධ්‍යා... ඔව්..ඔව්.අර...අඳින්න ගිය තාප්පෙ ඉහේ කඩා වැටුණු වෙලාවෙ මගෙත් එක්ක හවුලෙ බැනුම් අහපු මංචිගෙ පිස්සුම පිස්සු යාලුවා ගැන තමා ඒ කිව්වෙ.. 

Related Posts Plugin for WordPress, Blogger...