යාළුවනේ ඔයාලා කවදහරි දවසක තාප්පෙක චිත්‍රයක් ඇඳලා තියෙනවද...??
මං හිතන්නෙ ගොඩක් අය කියාවි නෑ කියලා.(එක්කෙනෙක්වත් ඔව් කිව්වොත් ලොකු දෙයක්....).ඒත් මකුළු පැංචිටනම් ඒ විනෝදාත්මක අත්දැකීම විඳගන්න වාසනාව ලැබිලා තියෙනවා..මම මේ ඔයාලට කියන්න යන්නෙ තාප්ප වල චිත්‍ර ඇදීමේ කලාව ගැන හෙම නෙවෙයි ඔන්න.එහෙම තාප්පෙක චිත්‍රයක් අඳින්න ගිහින් මකුළු පැංචිටයි,එයාගෙ චිත්‍ර කණ්ඩායමටයි වෙච්ච හදියක් ගැන.......එක හදියකුත් නෙවෙයි හදි යුගලයක් හෙවත් ඩබලක් ගැන.... :D
ඔන්න මේකත් වුණේ මකුළු පැංචි ඉස්කෝලෙ යන කාලේ.එතකොට මකුළුයි,එයාගෙ සෙට් එකයි හිටියෙ නමය පන්තියෙ.මේ වෙද්දි මකුළු පැංචියි ,එයාගෙ චිත්‍ර අඳින හොඳම යාළුවො දෙන්නයි ඉස්කෝලෙ සැහෙන පරසිද්ධයි හොඳ ආටො කියලා.(වෙන කවුරුත් හිටියෙ නැති නිසා හොඳයි ඉතින්...).චිත්‍ර ගුරුතුමීත් ඕන වැඩකට අඬගහන්නෙ මේ තුන්දෙනාට තමයි.
චිත්‍ර ගැන මෙලෝ අත්දැකීමක් නැතත්,වැස්ස වෙලාවකවත් ඔය ඉස්කෝලයක් ළඟින් එහෙම යද්දි,ඔයාල දැකලා ඇතිනෙ සමහර ඉස්කෝලවල තාප්ප වල එක එක ඉස්කෝල වල නම් යටතේ චිත්‍ර ඇඳලා තියෙනවා.අන්න ඒ වගේ චිත්‍ර අන්දගන්න ගොඩක් ඉස්කෝල වලින් කරන දෙයක් තමා ව්‍යාපෘතියක් කරන එක.ගොඩක් වෙලාවට උ/පෙ කණ්ඩායම් ව්‍යාපෘති විදිහට තමයි ඒක දියත් වෙන්නෙ.ඒ කියන්නෙ තරඟයක් සංවිධානය කරනවා.(එතකොටනෙ හැමෝම ෆුල් ට්‍රයි එක දාලා ලස්සනට අඳින්නෙ..නැත්තම් අපිට වෙන වැඩ නැතුවයැ වෙන ඉස්කෝල වල බිත්ති පාට කර කර ඉන්න...;)
හරි..හරි....දැන් ආපහු කතාවට හැරෙමුකො..
කොච්චර ප්‍රසිද්ධ වුණත් තවම මකුළුටයි එයාගෙ යාළුවො දෙන්නටයි (වින්ධ්‍යා සහ ළහිරු )තවමඅවස්ථාවක් ලැබුණෙ නෑ ඔය වගේ තරඟෙකට යන්න.ගොඩක් වෙලාවට එහෙම තරඟ වලට චිත්‍ර ගුරුතුමී තෝරලා යැව්වෙ 12-13 ශ්‍රේණිවල ලොකු අක්කලා.ඇත්තෙන්ම තාප්පෙක අඳින එක ඔය හිතෙන තරම් ලේසි වැඩක් නොවෙන බව මකුළු පැංචිටත් තේරුණේ පස්සෙයි.පැය ගාණක් පාර අයිනෙ හිටගෙන,අව්වට වේලි වේලි,කොල්ලන්ගෙ හැකර කටවලුත් ඉවසගෙන, චිත්‍රෙකුත් අඳිනවා කියන්නෙ මාරම කට්ටක් ඕං...ඒත් ඉතින් ඒ දවස් වල මාර ආසයි...(තාමත් ආසයි ඇත්තම කියනවනං....)
ඔන්න ඉතින් දවසක් චිත්‍ර ටීච පණිවිඩයක් එව්වා මේ තුන්දෙනාට වැදගත් වැඩකට එන්නයි කියලා.ඒ වෙලාවෙ තිබ්බෙත් වසම කම්මැලි විෂයයක් නිසා මකුළු පැංචියි,යාළුවො දෙන්නයිත් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් පන්තියෙන් පැනලා ගියා කියමුකො ඔන්න චිත්‍ර කාමරේ පැත්තට. බලනකොට ලොකු අක්කලා දෙන්නෙකුත් ඉන්නව ඇවිත්..ටීච කතාව පටන් ගත්තා...
මේකයි වෙලා තියෙන්නෙ.....
දෙහිවල පැත්තෙ ඉස්කෝලෙකින් එයාලගෙ පාසල් පවුර චිත්‍රයට නගන්න තරඟයකට ආරාධනා ලැබිලා.ළමයි 5 දෙනෙක්ට තමා එන්න කියලා තියෙන්නෙ.මකුළු පැංචීයි යාළුවො දෙන්නයිත් ඒකට යන්න තෝරගෙන අර අක්කල දෙන්නත් එක්ක.....!...දැන් මේ තුන් දෙනාට මාර හැපී.තාප්පෙක චිත්‍ර අඳින්න 9 වසරෙ ළමයින්ට ලැබෙනවා කිව්වම හරි ආඩම්බරයක් ඒ දවස් වල.ඒ විතරක්යෑ ලොකු පන්ති වල අක්කලා දෙන්නෙක් එක්ක හවුලෙ අඳින්න ලැබෙනවා කිව්වහම...
ඔන්න දැන් කට්ටිය වැඩේට බැස්සා.ලොකු ඩ්‍රොවින්ග් ෂීට් එකක කටු සටහනක් එහෙම ඇඳලම වැඩේ පටන් ගන්න ඕනෙ කියලා තමයි අක්කලා දෙන්නාගෙන් උපදෙස් ලැබුණෙ.තේමාවන් කීපයක්ම තිබ්බත් අපි තෝර ගත්ත තේමාව වුණේ ''සාමය තුළින් සශ්‍රීකත්වය'' කියන එක.හැමෝම තනි තනියෙන් කටුසටහන් ඇඳලා එකක් තෝරගමු කියල තමයි යෝජනාව.පස්සෙ කොහොමින් කොහොමින් හරි මකුළු පැංචිගෙ කටුසටහන තමා තේරුණේ..(අනේ ඔන්න යාළුවො දෙන්නව කපන්න හිතලා කිව්ව නෙවෙයි..පැංචිගෙ කටුසටහන තාප්පෙ ලේසියෙන් අඳින්න පුළුවන් විදිහෙ සරල එකක් වුණු නිසයි ඒක තෝරගත්තේ)
මේ වෙද්දි හැමෝම හොඳට යාළුයි.අක්කල දෙන්නත් ලොකු පන්ති වල වුණාට මොකද කිසි ආඩම්බරයක් නැතුව ඉක්මනට පොඩ්ඩො තුන්දෙනත් එක්ක යාළු වුණා.කටු සටහනේ හරි වැරදිත් හදාගෙන ඔක්කොම ලෑස්ති කරගෙන කට්ටියම පහුවෙනිදා වැඩේට රෙඩි වෙලා එන අරමුණින් විසිර ගියෝය කියමුකො.මකුළු පැංචිනම් අම්මගෙන් වැඩේට අවසර ගත්තෙ හැබෑම අමාරුවකින්. එකෝමත් එක කාලෙකදි කිව්වා මතකනෙ පැංචිගෙ අම්මට පැංචි ඔය බාහිර ක්‍රියාකාරකම් වලට යෑම වැඩිය අල්ලන්නෙ නැති බව.ඒත් ටිකක් අඬලා කන්කෙඳිරි ගාලා පැංචි අවසර ගත්තා කොහොමහරි..(මකුළු පැංචි ඉතින් දස්සයිනෙ...)
පහු වෙනිද ඔන්න කට්ටියම පාන්දරම ඉස්කෝලෙට ආවා කතාකරගත්ත විදිහටම.අපිත් ඉතින් හීන බල බල ඉන්නවා.ඒත් ඉතින් ගුරුතුමීව එකතු කරගන්න චිත්‍ර කාමරේට ගියාම තමා කට්ටියගෙ හීන ලෝකෙ දෙපා මුලටම කඩා වැටුණෙ..මොකද දන්නවද වුණේ......චිත්‍ර ටීචර් එකපාරටම කියනවා, මකුළු පැංචිලාට තරඟෙට යන්න වෙන්නෙ නැහැලු.ටීචර්ගෙ බබාට කළින් දවසෙ හදිස්සියෙම අසනීප වෙලා රෝහල්ගත කරලලු...ඉතින් ටීචර්ට දවල්ට හොස්පිට්ල් යන්න තියෙන නිසා එයාට එන්න වෙන්නෙ නැහැලු..භාරකාරයෙක් නැතුව මේ වගේ තරඟෙකට යවන්නෙ නැහැනේ ගෑණු ළමයින්ව..ඉතින් අපිට තරඟෙට යන්න වෙන්නෙ නෑ...!!!!!
අනේ....අපිට දැන් මාරම දුකයි..අක්කලට නම් එච්චරම ගානක් නෑ.ඒත් අපිට නම් දුකේ බෑ..වින්ධ්‍යා නම් අඬන්න ඔන්න මෙන්න...මකුළු පැංචිත් තියෙන අප්සෙට් එකටම කිව්වෙ නැතෑ කතාවක්...මොකද්ද දන්නවද කිව්වෙ..''අනේ මිස්..මිස් නාවට කමක් නෑ..අපි ගිහින් අඳින්නම්කො...අපි ඒ ඉස්කෝලෙ අයියලව අඳුනනවා....''......!!!(ඇත්තටම ඒ දවස් වල මකුළු පැංචිගෙ දහම් පාසලේ යාලුවෙක් ඉගෙනගත්තෙ ඒ ඉස්කෝලෙ..)
ඒ වෙලාවෙ මිස්ගෙ මූණ දැක්කනං වහ කන්න හිතෙනවා..මිස් ඊලඟට කියපු ටික නං කොහොම අපි අහන් හිටියද මන්දා..අපිට තරඟෙට යන්න නෙවෙයි වුවමණාව,කොල්ලො බලන්නය කියලයි මිස්ගෙ බැනුමෙ සාරාංශයෙන් කියවුණේ...මකුළුට මතක හැටියටනම් ටීචර් එදා පැය බාගයක් විතර බැන්නා..ඒ මදිවට එතන 9 ශ්‍රේණියෙම වෙන පන්තියකට ආර්ට් පීරියඩ් එක.එයාලත් කන්න වගේ කටවල් ඇරන් බලන් ඉන්නවා..(වහ කන්න හිතෙන තරම් ලැජ්ජාවනෙ ඉතින්..)
දැන් ඔයාලා හිතන්න එපා මාර ගුරුවරියක්නෙ.ඔහොමද ළමයින්ට කතාකරන්නෙ කියලා.ඒ වෙලාවෙ ටීචර් හිටියෙත් යහපත් මානසික මට්ටමක නෙවෙයිනෙ.(එයාගෙ බබාට අසනීප නිසා).ටීචර් වුණත් මනුස්සයෙක්නේ.අනික මකුළු පැංචිත් බයක් සැකක් නැතුව අයියලාගෙ ඇඳුනුංකං කියන්ට ගියා නොවෑ.කොහොමින් කොහොමින් හරි ජීවිත කාලෙටම එක පාරක් පමණක් අහගන්න ලැබෙන ආකාරයේ බැණුමක් අහගත්තා එදානම්..මකුළුයි,වින්ධ්‍යයි ඇඬුවත් එක්ක..
හොඳම දේ කියන්නෙ ඔහොම බැනලා බැනලා ඉවර වුණාම ටීචර්ම අපිට වැඩේ ගොඩදාගන්න විදිහක් කියපු එකයි...මොකද්ද දන්නවද.අපි කාගෙහරි අම්ම කෙනෙක් අපිත් එක්ක එක්කන් යන්න පුළුවන්නම් අපිව බලාගන්න.. වැඩේ ගොඩ...ඉතින් ඕවා සිම්පල් වැඩනෙ..වින්ධ්‍යගෙ අම්මට කෝල් එකක් දීලා (ප්‍රින්සිපල් මැඩම්ගෙ ඔෆිස් එකේ දුරකතනයෙන්...හොඳද... ;) )ආන්ටිව ගෙන්නගෙන අපි එදා තරඟෙට නම් ගියා අන්තිමේදි...
එහෙම ගිහිල්ලා තරඟෙ අතර'තුර වෙච්ච රස කතා ඊලඟ පෝස්ට් එකෙන් හොඳේ..... :))

ඔන්න මම ආවා මකුළු පැංච්ගේ වියමනට.. වියමන ගොඩක් සුන්දරයි.. මම කලින් දැන හදුන ගත් මකුළු පැංච්ට වඩා මේ මකුළු පැංච් ගොඩක් වෙනස් වගේ.. දිගටම ලියන්න.. හැමදාම වියමනටත් ගොඩ වෙන්න එනවා..
ReplyDelete@Dinesh :
ReplyDeleteයේහ්....මෙන්න දිනේෂ් අයියත් ඇවිත් මගේ ගෙදර පැත්තෙ..හරිම සංතෝසයි ඒ ගැන..ඔව් ඔයා හරි..වෙනද ඔයා දැකපු මකුළු පැංචිට වඩා වෙනස් කෙනෙක් තමයි මේ වියමනේදි ඔයාට මුන ගැහෙන්නෙ....එහෙනම් හැමදාම එන්නයි කියලා ආදරෙන් ආරාධනා කරනවා... :))
හප්පේ.... මමත් ඇන්ද නෙව පහුගිය දවසක බිත්තියක චිත්‍රයක්... ඒ ගැන විස්තර ලියන්න හිතාගෙන තමයි ඉන්නේ.... ඇත්තටම අපූරු අත්දැකීමක් තමයි!
ReplyDeleteඕහ්..නියමයි..පැංචි හිතුවට වඩා කට්ටිය බිත්ති චිත්‍ර ගැන දන්නව නොවැ..හරිම අගෙයි..පෝස්ට් එක දැම්මම අපිටත් කියන්න අමතක කරන්ඩ එපෝ...(කියවන්න ඕන නිසාම මකුළු පැංචිත් ජීවත් එනකොට පස්සෙන් වැටුණා..)
ReplyDelete'' ඉස්කෝල කතා ''.... පාසැල් ජීවිතය තමා බොහෝ දෙනෙකුගේ ජීවිතයේ රසවත්ම කාලය. සුන්දරම කාලය. මකුළුපැංචිටත් එහෙම කාලයක් තිබිලා තියෙනවා. ඒක රසවත්ව හා සුන්දරව ලියන්නත් ඇයට පුළුවන්. මෙහෙම තමයි ලොකු ලොකු දේවල් ලියන්න පුරුදුවෙන්නේ. ලියන්න දිගටම ලියන්න... ජයශ්‍රී !!!
ReplyDeleteහෙහේ මකුළුපැංචි මොකටද අයියලගෙ ඇදුනුංකම් කියන්න ගියේ... ඉල්ලගෙනන කාලා තියෙන්නෙ.... අවුලක් නෑ ස්ටෝරියෙ අනිත් ටිකත් දාන්නකෝ.... හා මම දැන්නෙ දැක්කෙ මකුළුපැංචි බ්ලොග් අවකාශේ මිතුරෝ ගෘපියටත් සෙට් වෙලා කියලා එල එල අලුතෙන් පෝස්ට් එකක් දාපුගමන් ගෘපියෙත් ලින්ක් එක දාන්නකෝ....
ReplyDeleteමකුළු පැංචිට බ්රේක් නැති කටක් නෙව තියෙන්නෙ... ඇති ඔයින් ගියා...
ReplyDeleteඅප්පේ මකුලු පංචිටත් වෙන්නේ මාරම වැඩ තමයි නේ. කොහෙද කටට බේක් නෑනේ. :) බැනපු හැටි මතක් වෙද්දිත් හිනා යනවා.
ReplyDeleteඉක්මනට ඉතුරු කතා ටිකත් ලියන්න මකුලු පැංචි !!!!
මකුලු පැංචිගේ බ්ලොග් එක සිංහල බ්ලොග් සංසදයටයි. සින්ඩියටයි දාන්න.
මාළුවා නහින්නේ කට හින්දනේ...කියලා කතාවක් තියෙනවනේ අක්කේ...අමතක කරන්න එපා හොඳේ....
ReplyDeleteඕකනෙ ඉතින් කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියන්නෙ.......
ReplyDeleteඒයි ඉප්පයිඩර්... ඊළඟට වෙන්නේ මොකද්ද කියලා කියන්නේ?
ReplyDelete@Wipula Sumanasekera :
ReplyDeleteඇත්ත තමයි විපුල අයියණ්ඩී....පාසල් කාලය තමයි ජීවිතේ සොඳුරුම කාලය..ස්තූතියි ඔබතුමාගෙ අගය කිරීමට...මේ මගේ පළවෙනි කතා ලියන බ්ලොගය..ඉතින් අඩුපාඩු තිබුණොත් පෙන්නලා දෙන්න කියලා නිහතමානීව ඉල්ලනවා..ස්තූතියි යළිත්...
@කිඩෝ :
හිතේ තිබ්බ අප්සෙට් එකටනෙ අනේ එහෙම කියවුනේ.අයියලාව අඳුනනවනම් බය වෙන්න දෙයක් නෑ කියල මිස්ට තේරෙන්න එපැයි..නැද්ද??? ;))
ඔව් දිනේශ් අයියගෙ ඔත්තුවකට අනුව මමත් ඔන්න ගෘපියට සෙට් වුණා..අලුත් පෝස්ට් දෑම්මහම කියන්නම්කෝ..
@සාතන් :
ඒකනෙ සාතන්..හෑබෑයි ඉතින් ඕක පළවෙනි වතාවවත් අන්තිම වතාව වත් නෙවෙයි..ලොල්..තවමත් අන්තිම වතාව ඇවිත් නෑ මං හිතන්නෙ..
@මධුරංග :
ReplyDeleteහෙහ් හෙහ්....හිනා තමයි...තාමත් කන් දෙකේ දෝංකාර දෙනවා.... ඉක්මනට ලියන්නම්..
සිංහල බ්ලොග් සංසදයට නම් ඉල්ලුම්පතක් දාලයි තියෙන්නෙ.සින්ඩියට නම් ඔන්න දැන් බැඳුණා.. :))
@ශාන්..... :
ඕක මට මන්තරයක් වගේ කටපාඩම් කලත් අමතක වෙනවනෙ මල්ලි...:((
@හරී :
අයියෝ...මකුළු පැංචිගෙ කාඩ් කුඩු.. ^_^
@ගෝල්ඩ් fish :
ඊලඟ පෝස්ට් එක දානකම් අපේ ගෝල්ඩ් fish ඇතුලු කට්ටියට පුලුවන් ඕනනම් අනුමාන කරන්න ඊලඟට මොකද වෙන්නෙ කියලා....ඕන ඔට්ටුවක්...හිතාගන්න නම් බෑ... :P
මම අද තමයි මේ දැලේ පැටලුනේ..
ReplyDeleteඔහොම ගුරුවරු ඉන්නව, කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතාකරොත් හිතන්නෙ වැරදි විදිහටමයි :D අනේ මංද එයාලගෙත් හිත් :D
RROFL :D :D :D
ReplyDeleteඅදයි සෙට් උනේ.. :D
බ්ලොග් අවකාශේ තවත් සතෙක් :P :D
@සසීන්ද්‍ර වීරසිංහ :
ReplyDeleteඑන්න එන්න පැටලෙන්න..සාදරෙන් පිළිගමී... ඒකනෙ අනේ..මම වගේ අහිංසක මකුළු පැංචියෙක් ගැන ඔහොම කිව්වම මොන තරම් පව්ද නේද???
@Bunny :
සයිබර් කැලෑවෙ අද්දැකීම් බහුල බනියාත් ආපු එක කොච්චර දෙයක්ද..?? අනේ මාවත් සත්තු ලිස්ට් එක යටතේ ලියාපදිංචි කරගන්ට හොඳේ.... :D :D :D
හික් හික්, අනේ! අනේ!! :D
ReplyDelete@ටී.බී.හේරත් :
ReplyDeleteහයියෝ ඒකනේ... :((
ඔන්න පැංචියේ මමත් ආවා මේ පැත්තෙ .........
ReplyDeleteකට හින්දලු මකුළුවා නහින්නෙ ..........
ඔන්න මම අද ඉදන් පස්සෙන් එනවා .......
හරේ අයියා දාලා තිබුන ලින්ක් එකකින් මාත් ආවා මේ පැත් තේ. ආ ඔය මගේ මලයා නමට එක දාන් තියෙන් නේ. පී.
ReplyDeleteඉක්මනට ලියමුකෝ ඉතිරියත්.
@කල්හාර දිසානායක :
ReplyDeleteඔන්න කල්හාර සහෝවත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා වියමනට... :))
@හා පැටික්කි (MS) :
ReplyDeleteආහ් මෙන්න බනියෙක් මදිවට හා පැටික්කියෙකුත් ඇවිදින්..හොඳා හොඳා... කිව්වත් වගේ සයිබරය සත්තු වත්තක්නෙ..හිකිස්..
ඉක්මනට ලියන්නම් හා පැටික්කි..පොඩි විබාග කෑල්ලක් තියෙන නිසා ඉරිදට විතර තමා ලියන්ට වෙන්නෙ හැබැයි..කට්ටිය මකුළු පැංචි එක්ක තරහා නෑ නේද ඒකට...??? :)))