මංචි අද පොඩ්ඩ වෙලාවකට ස්කයිප් ලොග් වුණාම මෙන්න බොලේ යාලුවෙක් තකහනියක් ට්‍රයි කරනවා මංචිත් එක්ක චැට් කරන්න.. (වෙනදට උන්න-මළා නොබලන උන්... :P)) ගියේනම් ගෙදරින් ඔන්ලයින් ඇවිත්ද කියලා බලලා නැත්තං ටාර් ගාලා ඉන්විසිබල් යන්නය කියලා හිතාගෙනයි.... ඒත් ඉතින් මොනව වුනත් දන්න කියන මනුස්සයෙක් කතා කරනකොට නොදැක්කා වගේ යන එක හරි නෑ නේ.. (අනික මෙයා ඉතින් මංචිගෙ බ්ලොග් එක පැත්තෙ එහෙමත් යන එන කෙනෙක් වෙච්චි..)...
ඉතින් ඔන්න හායි කියාපුවහම මමත් හායි ****** අයියා කොහොමද...??කියලා පොඩ්ඩක් කතාවට සෙට් වුණාය කියමුකො... (හා හා...කට්ටිය කලබල වෙන්න එපා..මේ කියන කෙනා ඔයාල කවුරුත් දන්න කෙනෙක් එහෙම නෙවෙයි..මගේ පුද්ගලික මිතුරෙක්...)
හෝව් හෝව්......!!
මේ වල් පල් අපිට මොකටද කියලා හැරිලා යන්න එපා... මොකද මම මේ කියන්න යන්නෙ ******ගෙයි මගෙයි කතා බහ ගැන නෙවෙයි... එතනදි මතු වුනු කාරණාවක් ගැන තමා මේ කියන්න යන්නෙ...