එළඹෙන සති කීපයම මකුළු පැංචිට හරිම කාර්යබහුල කාලයක් වෙන හින්ද මංචිට හිතුණා වවුල්-මකුළු ප්‍රේම කතාවෙ ඊලඟ කොටස අදම දාන්න ඕනෙයි කියලා...
ඔන්න ඉතින් වැඩි කතන්දර ඕනෙ නෑනෙ..කලින් කතාව නොකියවපු අයට ඔය පහල තියෙන යොමු වලින් ගිහින් ඒවා කියවලාම අද කොටසට එකතුවෙන්න පුලුවනි.
හරි එහෙනම් කට්ටියම දැන් මුල කොටස් වල වුණු සිද්ධි ඔක්කොම දන්නවනෙ.ඉතින් ජයග්‍රාහී ලෙස මංචි පසුගිය කොටසෙදි වවුල් කුමාරයට ආදරේ කෙටි පණිවිඩයකින් කියලා යැව්වනෙ...ඒත් පැංචිට හිතෙන විදිහටනම් ඒකට වවුල්ස්ට හොඳටම තරහ ගිහින් බවයි පෙනුනෙ.ඒ නිසා මකුළු හිතුවෙ මේ ගැන වවුල්ස් එක්ක කෙලින්ම කතකරනවයි කියලයි..
ආහ්හ්...... එහෙම හිතන්න තවත් හේතුවක් තමා එදා රෑ වවුල්ස්ගෙන් ලැබුණු කෙටි පණිවිඩේ..එයා කියනවා එයාට ගිල්ටි ෆීලින්ග්ද මොකද්ද එකක් තියෙනවලු වැරදිලාවත් තමන් මංචිට බලාපොරොත්තු දුන්නවත්ද කියලා...එයා හිතල නම් එහෙම කළේ නැති වුනත් එහෙම වුණානම් සොරි වෙන්නලු...ඕං ඉතින් බලාපල්ලකො...කෝල් නොකර පුළුවනිද කියලා....හිකිස්

ඔන්න ඉතින් පහු වෙනිද වවුල්ස් උදේ නැගිටලා මිස් කෝල් එකක් දෙනකම් මංචි බලාගෙන හිටියෙ හරිම නොයිවසිල්ලෙන්... ඔහොම ඉඳලා ඉඳලා බැරිම තැන මංචි කෝල් එකක් අරගෙන බලද්දි වවුල්ස් නැගිටලා ඒත් තරහ නිසා මිස් කෝල් එකක් දීලා නෑ..හිකිස්...චන්ඩියා වගේ කෙලින්ම කතා කරනවයි කියලා හිතුවට ඉතින් කොහෙන් කතාව පටන් ගන්නද කියලා පැංචිත් ලත වෙනවා.වවුල්සුත් මොකුත් කියන්නෙත් නෑ.අන්තිමේදි ඔන්න හිතට හයිය අරගෙන මංචිම කතාව පටන්ගත්තයි කියමුකො..
මංචි : වවුල්......ඔයා මගෙත් එක්ක තරහ වෙලා නේද?
වවුල්ස් : මම තරහ වෙලාද නැද්ද කියලා ඔයාට පේනවා ඇතිනෙ..
මංචි : ඉතින් ඔයාම නේද කිව්වෙ මම ආදරේ කරන කෙනාට මගේ හිතේ තියෙන දේ කියන්න කියලා..ඉතින් මම ඔයට ඒක කියපු එක වැරදිද ඉතින්?? අනික ඔයාම කිව්වනෙ ඒ ඔයා වුනානම් ඔයා තරහ වෙන්නෙ නෑ කියලා... :(
වවුල්ස් : නෑ ඔයා ඒක මට කියපු එක ගැන නෙවේ මට තරහා..
මංචි : එහෙනම්..?? මගෙ හිතේ ඔයා ගෑන ආදරයක් ඈති වුණු එකටද තරහ...
වවුල්ස් : ඒකට ඉතින් ඔයා එක්ක තරහ වෙලා වැඩක් නෑනෙ මංචි..එහෙම අදහසක් ඔයා බලෙන් හිතේ ඇති කරගත්තා නෙවෙයිනෙ..ඉබේ ඈති වුණා මිසක..එහෙම නේද??
මංචි : ඔව්..මම ඒක හිතලා ඇති කරගත්තෙ නෑ..ඒත් එහෙනම් ඇයි ඔයා තරහ වෙලා ඉන්නෙ..???
වවුල්ස් : මට තරහ වෙන මොකුත් නිසා නෙවෙයි මංචි..අපි දෙන්න මෙච්චර කිට්ටු හොඳම යාළුවො වෙලත්..ඔයා ආදරේ කරන්නෙ මටයි කියල කියන්න ඇයි මෙච්චර කල් ගත්තෙ..අනික ඔයා හොඳටම දන්නවනෙ මගෙ උත්තරේ මොකක් වුනත් ඒකෙන් අපි දෙන්නගෙ යාලුකමට වෙනසක් වෙන්නෙ නැති බව.
මංචි : ඒ වුනත් ඔයා දන්නවනෙ මම එහෙම කළේ ඇයි කියලා.මොන තරම් ෂුවර් වුනත් මට බය හිතුනා ඔයා කේන්ති අරන් මගෙත් එක්ක සදහටම තරහ වෙයි කියලා..
වවුල්ස් : ඉතින් ඒකත් කෙලින්ම කිව්වෙ නෑනෙ...පරංගියා කෝට්ටෙ යනවා වගේ බහුබූතයක් නටලනෙ කිව්වෙ...
වවුල්ස්ට හොඳටම තරහ ගිහින්..බැනුම් කෝටියයි.ඒ මදිවට හිත හොඳටම රිදිලා.බනීනවා බනිනවා ඉවරයක් නෑ..මකුළු පැංචිටත් ඉතින් කර කියාගන්න දෙයක් නෑ...තමන්ගෙම වරදනෙ කියලා අහගෙන ඉන්නවා ඇරෙන්න..
හැබැයි අපරාදේ කියන්නෙ.... ලව් ගහපු එකට නෙවෙයි බැන්නෙ.එයා ගැන මට මේ තරම්ම අවිස්වාසද කියල තමා බැන්නෙ...මංචිත් ඉතින් බටර් පාරවල් දෙක තුනක් ගාලා හෙමීට වැඩේ ශේප් කරගත්තා...හැබැයි ඉතින් එතකොට පැයක් විතර හොඳට බැනුම් අහගෙනයි තිබුනෙ..
ශේප් වුණාට පස්සෙ ඉතින් මංචිට තේරුණා..එයා ආදරේ ප්‍රකාශ කළා කියලා වවුල්ස් කොහොමටවත් ඒ දෙන්නගෙ යාලුකමට ඒක කළු ලකුණක් කරගෙන නැතිබව...ඒ වගේම එයාට පැහැදිලි කළා මංචි වවුල්ස්ට ලව් ගැහුවෙ වවුල්ස් flirt කිරීමක් වගේ දෙයක් කරපු නිසා නොවෙන බව...
ඔන්න එතකොට තමයි මංචිට කාලෙකට පස්සෙ හිතට නිදහසක් දැනුනෙ..ඇත්තෙන්ම තමන්ගෙ යාලුවෙක්ගෙන් හරි ඊටත් වඩා කිට්ටු කෙනෙක්ගෙන් හරි යමක් හංගනවා කියන්නෙ පිදුරුතලාගල කන්ද හිත උඩ තියාගෙන ඉන්නවා වගේ සීන් එකක්ද කොහෙද කියල තමයි මංචිට හිතුනෙ... ඒකනේ අප්පා රහස කියලා දැම්මම මේ තරම් හිතට සැහැල්ලු...
කොහොම වුණත් මංචිගෙයි,වවුල්ස්ගෙයි දු.ක. සංවාද වල සුන්දරම දවස එළඹුනේ ඔය වලි කතන්දර ඉවර වුනයින් පස්සෙ... !!( ඔන්න ඔන්න ...කට්ටිය දැම්මම කේක් ඉල්ලන්න කට හදාගන්නවා....හිකිස් ..නෑ නෑ.... වවුල්ස් මකුළුට කැමතියි කිව්වෙ නෑ...මේ වෙන සුන්දර සීන් එකක්..)
දැන් ඉතින් දෙන්නම කාරණේ දන්න නිසා...වවුල්සුයි මංචි ඊලඟට කළේ ආතීතාවර්ජනයක් කරන එක.. ඒ කියන්නෙ මංචිගෙ හිතේ වවුල්ස් ගැන ආදරයක් ඇති වුණු හැටි..ඒක මංචිට දැනගන්න ලැබුණු හැටි...,මංචි වවුල්ස්ට ආදරේ කරන්න ගත්තු දවසෙ ඉදන් කරපු දේවල්.. මංචි වවුල්ස්ට අර ''එයා ආදරේ කරන කෙනා'' ගැන කියද්දි බොහොම පරිස්සමින් වචන හසුරවන්න පරිස්සම් වුණු විදිහ..ඒ වගේම වවුල්සුත් ඒක දන්නෑ වගේ රඟපාපු හැටි..ඒක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් වුණු හැටි..
දෙන්නටම වචන වැරදිලා රහස් එළිවුණු අවස්තාවලදි වවුල්ස්ටයි,මංචිටයි හිතුණු දේවල්..වවුල්සුත් රහස දන්න බව මංචි දැනගත්තු හැටි..ඒක කන්ෆර්ම් කරගන්න මුට්ටියක් හෙම දාලා බලපු විදිහ....වවුල්ස් වෙන කෙල්ලො ගැන කියද්දි මංචිගෙ ඇඟේ මාළු ගඟේ නටපු හැටි...යනාදි එකී මෙකී නොයෙක් කාරණා තමා මෙහෙම දෙන්නත් එක්ක කතා වුණේ... (උපහාරෙට පින්සිද්ද වෙන්ට)..එහෙමත් රසවත් විනෝදාත්මක කතාබහක්....!!!!!!!
වවුල්ස්ගෙම වචන වලින් කියනවනම් එකිනෙක ගලපගන්න බැරුව හිටපු ''සිද්ධි දාමයක්''ම එලියට ආවා ඔන්න එදා....ඉතින් යාළුවනේ...ඒ තරම් අඬපු,හිනා වුණු,ලැජ්ජාවෙන් ඇඹරුණු,විහිලු කරගතපු,සංවේදි වුණු දවසක් මංචිටනම් ජීවිතේටම මතක තිබුණේ නෑ...ඇත්තෙන්ම ඒ හැඟීම වචන වලට පෙරළන්න පැංචිට තේරෙන්නෙ නෑ.... ඒ තරම් සුන්දරයි.....ඉතින් ඔහොම කතා කරලා කරලා පැංචිට ලොකු අම්මගෙන් කණ පිරෙන්න බැනුමක් අහගන්න සිද්ද වුණත් ගාණක්වත් තිබුනෙ නෑ...
හැබැයි මේ වෙනකලුත් වවුල්ස් මංචිට උත්තරයක් දීලා තිබුනේ නෑ... මංචිට කවදත් හිතුනේ එයා වවුල්ස්ට ආදරේ වුණාට වවුල්ස් නං මංචිට ආදරේ වෙන එකක් නම් නෑ කියලා තමයි..කොහොමත් මංචි වැඩිය ලස්සනත් නෑ..කළුම කළුයිත් එක්ක...(දන්නවනෙ ඉතින් මකුළුච්චියො... හිකිස්)..වවුලොත් කලුනෙ කියලා දැන් කට්ටිය කියයිද මංදා..ඒත් මේ වවුල් කුමාරයෙක්නෙ..එයා සුදුයි... :D
කොහොම හරි මංචිට වුවමනාවෙලා තිබ්බෙ එයාගෙ හැඟීම වවුල්ස්ට කියන්නයි...උත්තරේ මොකක් වුණත් බාරගන්න ලෑස්ති පිටයි මංචි හිටියෙ...කොහොම වුණත් දවස් දෙකක් ගතවෙලා මංචි ගමේ ඉඳන් ආපහු කොළඹ එනකල්ම වවුල්ස්ගෙන් උත්තරයක් ලැබුණේ නෑ..මංචි ඒ ගැන ඇහුවෙත් නෑ..(මේ දවස් නිකම් අර සංක්‍රාන්ති සමය වගේ..දෙන්නම පොඩ්ඩක් ඈත්වෙලා වගෙ...පරිස්සමට කතා බහ ඔක්කොම)....
ඒත් ඉතින් මංචිට ඉවසන්නත් හරි අමාරුයි..ලොකුම අමාරුව තමයි දවස් ගෙවෙන්න ගෙවෙන්න හිතේ තියෙන බලාපොරොත්තුව වැඩි වෙන එක...
ඔය අතරෙ දවසක තමයි මංචි මුණුපොතේ ඔන්න ඔය කවියෙ වවුල්ස්ව ටැග් කළේනම් (දරුණු අදහසකින් හෙම නෙවෙයි..... )කොහොම වුණත් වවුල්ස්ට ඒක නොහිතපු තරම් තදට හිතට වැදිලා.... :(
ඒ නිසාම තමයි කවිය ටැග් වෙලා පහුවෙනිදා වෙන්නත් කළින් වවුල්ස්ගෙන් කෙටි පණිවිඩයක් මංචිට ලැබෙන්නෙ......!!!
ඔන්න කට්ටිය අඬන්න ඔට්ටු නෑ...මංචිත් ඇඬුවෙ නෑ... (අද පෝය නෙවෙයි නේද...? :P)
දිගම දිග කෙටිපණිවිඩයක් තමා එවලා තිබ්බෙනම්.....ඒකේත් සාරාංශය කිව්වොත් මෙහෙමයි.... ''මේ වගේ තීරණයක් ගන්න එක සරල නැති නිසායි මේ තරම් දවස් ගියේ උත්තරයක් දෙන්න...වවුල්ස් මංචි කියපු දේ ගැන හුඟක් කල්පනා කළා...මංචි වවුල්ස්ගෙ හොඳම යාලුවා..ඒකේ ආයේ කතා දෙකක් නෑ.. ඒ වුණත් වවුල්ස්ට මංචි ගැන යාළුවෙක් විදිහට වඩා වෙනස් විදිහට හිතෙන්නෙම නෑ''ලූ.....හ්ම්ම්ම්...... ඔන්න ඔහොම තමයි ඉතින් තිබුනේ........... :((((((((
කොහොම වුණත් හිත හැදෙන කතා එහෙමත් ලියලා තිබුණා..විශේෂයෙන්ම අපේ යාළුකමනම් පොඩ්ඩක්වත් වෙනසක් නොවෙන බව..කවිය දැක්කහම උත්තරයක් නොදී ඉන්න හිතුණෙ නැහැලු...
හ්ම්ම්....අනේ මන්දා...මංචි ඉතින් ඕක බොහොම සාමාන්‍ය sms එකක් වගේම කියවලා (වෙනසකට තිබ්බෙ දෙතුන් පාරක් කියවපු එක තමා) ඔහෙ හිටිය එක තමා කළේ...(දැන් ඉතින් වෙන කුමක් කරන්නද....හිකිස්)... ඇත්තෙන්ම දුක නැතුවද..දුක වැඩිකමටද මංදා මංචිට මොකුත්ම දැනුනේ,හිතුනෙ නෑ... කොටින්ම ඇස් දෙකට කඳුලක්වත් ආවෙ නෑ දවසක් විතර යනකල්.... ...............................
අෆෝයි..මොකද මේ කට්ටිය අඬන්නෙ.......හා හා...කට්ටිය නාඬා ඉන්න දැන් ඉතින්........... :D..ගොඩාක් ඇඬෙනව නම් ඔය ටිෂූ බොක්ස් එකෙන් ටිෂූ එකක් අරන් කඳුලු පිහදාගන්නකෝ............... :))))))))
වවුල්ස් : ඉතින් ඒකත් කෙලින්ම කිව්වෙ නෑනෙ...පරංගියා කෝට්ටෙ යනවා වගේ බහුබූතයක් නටලනෙ කිව්වෙ...
වවුල්ස්ට හොඳටම තරහ ගිහින්..බැනුම් කෝටියයි.ඒ මදිවට හිත හොඳටම රිදිලා.බනීනවා බනිනවා ඉවරයක් නෑ..මකුළු පැංචිටත් ඉතින් කර කියාගන්න දෙයක් නෑ...තමන්ගෙම වරදනෙ කියලා අහගෙන ඉන්නවා ඇරෙන්න..
හැබැයි අපරාදේ කියන්නෙ.... ලව් ගහපු එකට නෙවෙයි බැන්නෙ.එයා ගැන මට මේ තරම්ම අවිස්වාසද කියල තමා බැන්නෙ...මංචිත් ඉතින් බටර් පාරවල් දෙක තුනක් ගාලා හෙමීට වැඩේ ශේප් කරගත්තා...හැබැයි ඉතින් එතකොට පැයක් විතර හොඳට බැනුම් අහගෙනයි තිබුනෙ..
ශේප් වුණාට පස්සෙ ඉතින් මංචිට තේරුණා..එයා ආදරේ ප්‍රකාශ කළා කියලා වවුල්ස් කොහොමටවත් ඒ දෙන්නගෙ යාලුකමට ඒක කළු ලකුණක් කරගෙන නැතිබව...ඒ වගේම එයාට පැහැදිලි කළා මංචි වවුල්ස්ට ලව් ගැහුවෙ වවුල්ස් flirt කිරීමක් වගේ දෙයක් කරපු නිසා නොවෙන බව...
ඔන්න එතකොට තමයි මංචිට කාලෙකට පස්සෙ හිතට නිදහසක් දැනුනෙ..ඇත්තෙන්ම තමන්ගෙ යාලුවෙක්ගෙන් හරි ඊටත් වඩා කිට්ටු කෙනෙක්ගෙන් හරි යමක් හංගනවා කියන්නෙ පිදුරුතලාගල කන්ද හිත උඩ තියාගෙන ඉන්නවා වගේ සීන් එකක්ද කොහෙද කියල තමයි මංචිට හිතුනෙ... ඒකනේ අප්පා රහස කියලා දැම්මම මේ තරම් හිතට සැහැල්ලු...
කොහොම වුණත් මංචිගෙයි,වවුල්ස්ගෙයි දු.ක. සංවාද වල සුන්දරම දවස එළඹුනේ ඔය වලි කතන්දර ඉවර වුනයින් පස්සෙ... !!( ඔන්න ඔන්න ...කට්ටිය දැම්මම කේක් ඉල්ලන්න කට හදාගන්නවා....හිකිස් ..නෑ නෑ.... වවුල්ස් මකුළුට කැමතියි කිව්වෙ නෑ...මේ වෙන සුන්දර සීන් එකක්..)
දැන් ඉතින් දෙන්නම කාරණේ දන්න නිසා...වවුල්සුයි මංචි ඊලඟට කළේ ආතීතාවර්ජනයක් කරන එක.. ඒ කියන්නෙ මංචිගෙ හිතේ වවුල්ස් ගැන ආදරයක් ඇති වුණු හැටි..ඒක මංචිට දැනගන්න ලැබුණු හැටි...,මංචි වවුල්ස්ට ආදරේ කරන්න ගත්තු දවසෙ ඉදන් කරපු දේවල්.. මංචි වවුල්ස්ට අර ''එයා ආදරේ කරන කෙනා'' ගැන කියද්දි බොහොම පරිස්සමින් වචන හසුරවන්න පරිස්සම් වුණු විදිහ..ඒ වගේම වවුල්සුත් ඒක දන්නෑ වගේ රඟපාපු හැටි..ඒක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් වුණු හැටි..
දෙන්නටම වචන වැරදිලා රහස් එළිවුණු අවස්තාවලදි වවුල්ස්ටයි,මංචිටයි හිතුණු දේවල්..වවුල්සුත් රහස දන්න බව මංචි දැනගත්තු හැටි..ඒක කන්ෆර්ම් කරගන්න මුට්ටියක් හෙම දාලා බලපු විදිහ....වවුල්ස් වෙන කෙල්ලො ගැන කියද්දි මංචිගෙ ඇඟේ මාළු ගඟේ නටපු හැටි...යනාදි එකී මෙකී නොයෙක් කාරණා තමා මෙහෙම දෙන්නත් එක්ක කතා වුණේ... (උපහාරෙට පින්සිද්ද වෙන්ට)..එහෙමත් රසවත් විනෝදාත්මක කතාබහක්....!!!!!!!
වවුල්ස්ගෙම වචන වලින් කියනවනම් එකිනෙක ගලපගන්න බැරුව හිටපු ''සිද්ධි දාමයක්''ම එලියට ආවා ඔන්න එදා....ඉතින් යාළුවනේ...ඒ තරම් අඬපු,හිනා වුණු,ලැජ්ජාවෙන් ඇඹරුණු,විහිලු කරගතපු,සංවේදි වුණු දවසක් මංචිටනම් ජීවිතේටම මතක තිබුණේ නෑ...ඇත්තෙන්ම ඒ හැඟීම වචන වලට පෙරළන්න පැංචිට තේරෙන්නෙ නෑ.... ඒ තරම් සුන්දරයි.....ඉතින් ඔහොම කතා කරලා කරලා පැංචිට ලොකු අම්මගෙන් කණ පිරෙන්න බැනුමක් අහගන්න සිද්ද වුණත් ගාණක්වත් තිබුනෙ නෑ...
හැබැයි මේ වෙනකලුත් වවුල්ස් මංචිට උත්තරයක් දීලා තිබුනේ නෑ... මංචිට කවදත් හිතුනේ එයා වවුල්ස්ට ආදරේ වුණාට වවුල්ස් නං මංචිට ආදරේ වෙන එකක් නම් නෑ කියලා තමයි..කොහොමත් මංචි වැඩිය ලස්සනත් නෑ..කළුම කළුයිත් එක්ක...(දන්නවනෙ ඉතින් මකුළුච්චියො... හිකිස්)..වවුලොත් කලුනෙ කියලා දැන් කට්ටිය කියයිද මංදා..ඒත් මේ වවුල් කුමාරයෙක්නෙ..එයා සුදුයි... :D
කොහොම හරි මංචිට වුවමනාවෙලා තිබ්බෙ එයාගෙ හැඟීම වවුල්ස්ට කියන්නයි...උත්තරේ මොකක් වුණත් බාරගන්න ලෑස්ති පිටයි මංචි හිටියෙ...කොහොම වුණත් දවස් දෙකක් ගතවෙලා මංචි ගමේ ඉඳන් ආපහු කොළඹ එනකල්ම වවුල්ස්ගෙන් උත්තරයක් ලැබුණේ නෑ..මංචි ඒ ගැන ඇහුවෙත් නෑ..(මේ දවස් නිකම් අර සංක්‍රාන්ති සමය වගේ..දෙන්නම පොඩ්ඩක් ඈත්වෙලා වගෙ...පරිස්සමට කතා බහ ඔක්කොම)....
ඒත් ඉතින් මංචිට ඉවසන්නත් හරි අමාරුයි..ලොකුම අමාරුව තමයි දවස් ගෙවෙන්න ගෙවෙන්න හිතේ තියෙන බලාපොරොත්තුව වැඩි වෙන එක...
දැන දැනත් නුඹ
අහිමි හිමිකමක්
වන වග...
ජීවිතේ තවත් එක
කඳුලකින් පොඟවන..
බලා හිදිමි
නොවෙනස්ව
නෙළා දෙන අපූරුව
තව තවත්
පැතුම් මල් ගොන්නක්
අහේතුකවම
නුඹ මට..
෴
ඒ නිසාම තමයි කවිය ටැග් වෙලා පහුවෙනිදා වෙන්නත් කළින් වවුල්ස්ගෙන් කෙටි පණිවිඩයක් මංචිට ලැබෙන්නෙ......!!!
ඔන්න කට්ටිය අඬන්න ඔට්ටු නෑ...මංචිත් ඇඬුවෙ නෑ... (අද පෝය නෙවෙයි නේද...? :P)
දිගම දිග කෙටිපණිවිඩයක් තමා එවලා තිබ්බෙනම්.....ඒකේත් සාරාංශය කිව්වොත් මෙහෙමයි.... ''මේ වගේ තීරණයක් ගන්න එක සරල නැති නිසායි මේ තරම් දවස් ගියේ උත්තරයක් දෙන්න...වවුල්ස් මංචි කියපු දේ ගැන හුඟක් කල්පනා කළා...මංචි වවුල්ස්ගෙ හොඳම යාලුවා..ඒකේ ආයේ කතා දෙකක් නෑ.. ඒ වුණත් වවුල්ස්ට මංචි ගැන යාළුවෙක් විදිහට වඩා වෙනස් විදිහට හිතෙන්නෙම නෑ''ලූ.....හ්ම්ම්ම්...... ඔන්න ඔහොම තමයි ඉතින් තිබුනේ........... :((((((((
කොහොම වුණත් හිත හැදෙන කතා එහෙමත් ලියලා තිබුණා..විශේෂයෙන්ම අපේ යාළුකමනම් පොඩ්ඩක්වත් වෙනසක් නොවෙන බව..කවිය දැක්කහම උත්තරයක් නොදී ඉන්න හිතුණෙ නැහැලු...
හ්ම්ම්....අනේ මන්දා...මංචි ඉතින් ඕක බොහොම සාමාන්‍ය sms එකක් වගේම කියවලා (වෙනසකට තිබ්බෙ දෙතුන් පාරක් කියවපු එක තමා) ඔහෙ හිටිය එක තමා කළේ...(දැන් ඉතින් වෙන කුමක් කරන්නද....හිකිස්)... ඇත්තෙන්ම දුක නැතුවද..දුක වැඩිකමටද මංදා මංචිට මොකුත්ම දැනුනේ,හිතුනෙ නෑ... කොටින්ම ඇස් දෙකට කඳුලක්වත් ආවෙ නෑ දවසක් විතර යනකල්.... ...............................
෴ නිමිද මන්දා.......෴
අයියෝ . . අවසානය දුක්බරයිනේ . . . :(
ReplyDeleteමකුළු පැංචිට මේ අවසානයත් එක්ක අනිවාර්යෙන්ම තව අළුත් කතාවක ඇරඹුමක් හමුවේවි නිසැකවම . . . :D
මේ මකුළු පැංච්වනම් මම දන්නවද මන්ද?... මූණු පොතේ කවි සංසදේට ලියන්න නැතුව ඇති නේද?... ;)
ReplyDelete@සුශාන් ප්‍රියනාත් රත්නායක :
ReplyDeleteඔහොම තමයි අනේ..දුක සැප නිති පෙරළේ..නෙ...අනික ඉතින් කිව්වත් වගේ අලුත් ඇරඹුමක් ලඟ එනවදත් මංදා... :D
@සාතන් :
හප්පට සිරි... හිතුවා වගේම වැඩේ දෙපිටින් ගිහින් වගේ...කවි සංසදේ කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑලු මම...හිකිස්... ;) ලොල්...
අවසානය ඉතින් දුක්බරයි නේ.. :(
ReplyDeleteඑත් ඉතින් අවුලක් නැහැ මොකද අන්තිමට නිමිද මන්ද කියලා දාල තියනවනේ... :D
ආහ් මුණපොත් රික්වෙස්ට් එකක් එව්වා ඒක ඉතින් තාම ඇක්සේප්ට් කොරලා නැහැ නේ..ඒ නිසා මන්ද බුකියේ ලින්ක් එක මට පෙන්නේ නැහැ..
අනේ මකුළු පැංචියෙ මේ කතාවෙ අවසානය මෙහෙම වෙයි කියලා මම නම් නිකමට වත් හිතුවෙ නෑ. වෙලාවකට මට තරහයි වවුල් ගැන. ඔයාගෙ කවියනම් නියමයි පැංචි. එයාට ඒක හොඳටම වදින්න ඇති.
ReplyDeleteහපෝ අවසානය මාරම දුකක් නේ. මාත් ටිෂූ එකක් ගන්නවා. කදුළු එනවට වඩා හොටු ගලනවා.
ReplyDeleteඇයි නංගි මේ ආදර කතාව මෙහෙම උනේ. ඔයා එච්චර ආදරයක් කරලත් එයාට ඇයි ඔයා ගන පොඩි හරි අදහස්ක්වත් හිතුනේ නෑත්තේ ???
ඒක මට ලොකු ප්‍රශ්නයක්. තව එකක්. අර යාළුකම තාම පලුද්දක් නැතුව තියෙනවද ?
හැම ආදර කතාවකටම ලස්සන අවසානයක් නැති බව මම් මේ කතාවෙන්ම දැනගත්තා !!!!
@ChammA :
ReplyDeleteඅනේ සොරි වෙන්න චම්මා....ඔන්න දැන් ඇක්සෙප්ට් කොළා..හැම නිමාවක්ම ඇරඹුමක්ය කියනවනෙ යාළු.. :))
@හංසි :
තරහ ගන්න එපා හංසියෝ...වවුල්ස් ගැනත් අහිතක් හිතන්න එපා..මොකද ආදරේ කියන එක බලෙන් ඇතිකරන්න වත් ඇතිකරගන්න වත් බැහැනෙ..නේද?? කවියනම් ඉතින් එහෙම බලපෑමක් ඇතිකරන්න හිතලා කරපු දෙයක් නෙවෙයි.. ඉබේටම එහෙම වුණා මිසක.. :D
@මධුරංග:
ReplyDeleteඔව් ඒකනම් පුදුම වේදනාත්මක අත්දැකීමක් තමයි..ඊට පස්සෙ තියෙන්නෙ ඊටත් වඩා දුක්බර කාල පරිච්ඦේදයක්...මොකද ආදරයයි යාලුකමයි අතර තියෙන සියුම් ඉර පැන්නට පස්සෙ ආයෙත් යන එක කරන්න බැරි වැඩක්... :((
එයාට ආදරේ නොහිතුනු එක ඉතින් පුදුමයක් නෑ අයියේ... බොරුවක් කරලා මවා පෑමක් කරනවට වඩා.එයා දීපු අවංක පිළිතුර මට හරිම වටිනවා...කොහොම වුණත් හැම ආදර කතාවක්ම ඔය නවකතාවල,ෆිල්ම්ස් වල තියෙනවා වගේ ලස්සනට ඉවර වෙන්නෙ නම් නෑ තමයි...
සිද්ධිය වෙලා දැන් අවුරුද්දක් වෙනවා.. ඇත්තෙන්ම ඒ යාළුකම ඉස්සරටත් වඩා ලෙංගතු වුණා ඔය සිද්දියෙන් පස්සෙ... :))
ඒ වගේම අවුරුද්දක් කියන්නෙ ලොකු කාලයක්..හුඟක් දේවල් වෙනස් වෙලා...ඒ දේවලුත් කියන්නම්කො ඉස්සරහට...
ඕවත් ලියන්න මට බය මේක මෙගා ලිපියක් වෙලා කට්ටියට අප්පිරිය වෙයිද කියලයි...හිකිස් :D
සභාතොමෝ සතුටින් විසිර ගියහද අක්කේ....මේ එහෙම ඒවා ඔට්ටු නෑ හරිද?
ReplyDeleteආදරේ කියන්නේ දුක, සතුට, වේදනාව මේ හැමදේම එකතු උන දෙයක්.. අහිමි උන දේ ගැන දුක් වෙන්න එපා.. හැමදේම හොද විදිහකින් අවසන් වේවි...
ReplyDelete@මකුළුවා..... :
ReplyDeleteඉතින් මල්ලි සතුටින් විසිර ගියානං නෙ හොඳ... හිකිස්...මෙන්න බොලේ මෙයා මැර ටෝක් එකක් දීලා ගිහින්...බයෙත් බෑ... :O
@Dinesh :
ඒක ඇත්ත අයියණ්ඩී... අහිමි වුණු දේ ගැන දුක් නොවීනම් ඉන්න බැරි තරම්.. ඒත් හැමදේම හරියාවිද කාලය එක්ක...??
අනේ මන්දා මටත් මුකුත් හිතෙන්නේ නෑ
ReplyDeleteයාළුකම අතරට ආදරයක් ආවම යාළුකම ටිකක් කේස් යනවා... ඒ අතින් ඔයාලා හරි හොඳයි... මේ කතාවෙන් මං මාවම දැක්කා...
ReplyDeleteමුලින්ම වැඩේ දෙපිටින් ගියෙ ලැපා කැඩුනයි කියල දාපු දවසෙ... ;) අනික ඔය ෆෝමැට් එකෙන් කවි ලියල එක්කෙනයි හිටියෙ..
ReplyDeleteමේ පෝස්ට් එක ගැන දැන් දුක් වෙලා වැඩක් නෑ...නේ නේද?...
අනේ තව කොටසක් ලියන්නෝ... මේ කතාව මරු වගේ.
ReplyDeleteසභාතොමෝ සතුටින් විසිර යන්නේ සුරංගනා කතා වල විතරයිනේ....මේක රියැලිටි කතාවක්....කොච්චර වුනත් සතුටින් විසිර යාමක් සිද්ධ වෙන්න බෑ හරිද..... :D....අපි හිතට එකඟව සතුටින් විසිර යනවා කියලා කිව්වට අක්කේ....තව පාරක් ඒක ගැන හිතලා බලන්න...ඇත්තටම අපි සතුටින් විසිර ගියාද කියලා.... :)
ReplyDeleteනැ නැ නැ මකුලු අක්කි කාතාව නැවැත්තුවෙ අර ටෙලි ඩ්‍රාමා එකක් පහුවදාට නවත්තනවා වගෙ නියම තැනින්.. ඔන්න බලන්නකො ඉස්සරහට වෙන දෙ... :D දුක් වෙන් නැ මම නම්... ඔන්න ඊලඟ පොස්ට් එකෙන් අපිට කේක් කන්න පුලුවන් අනිවා නෙද අක්කෙ.........:D
ReplyDelete@පූසා :
ReplyDeleteමටත් එහෙම තමයි...... :(((
@මන්තරකාරි :
ඇත්තෙන්ම ගොඩක් වෙලාවට වෙන්නෙ ඒක තමයි..ඒකනේ මකුළු පැංචි බයේ ගැහි ගැහි හිටියෙ ඕක කියාගන්න.. ඒ අතින් මගේ යාළුවනම් සුපිරි.... :) ඔයාටත් මේ වගේ ඇබැද්දියක් වුණාද මන්තරකාරීයේ... :D ඉතිං මන්තරයක් මතුරලා ශේප් කරගන්න එපැහි..හිකිස්...
@සාතන් :
සාතන් නං රහස් පොලිසියෙන්ද මන්දා... :P
ඔව් අනේ..දැන් ඉතින් වෙන කුමක් කරන්නද....?? :D
@ගෝල්ඩ්fish :
ReplyDeleteතැන්කූ මාළුවෝ...තවනම් ලියන්න ඕන තරම් සිදුවීම් වුණා ඊට පස්සෙ..ඒත් මේක මෙගා ටෙලියක් වෙනවට කට්ටිය කැමති වේවිද මන්දා...
@මකුළුවා..... :
ඒක ඇත්ත මල්ලියා..මොන තරම් හොඳට ඉවර වුනත් ඊලඟ මොහොතෙම පොඩ්ඩක් හරි දුකක් වෙන දෙයක් සිද්දවෙනවා..මෙතනදි එයාට නම් විශේෂ සතුටක් හෝ දුකක් නැතුවැති..මට සතුටයි දුකයි දෙකම..සතුට..අපේ යාළුකම රැකුණු එක...දුක...... දන්නවනෙ ඉතින් මොකද්ද කියලා.. (හිකිස්..) :D
සිරි කොලුවා :
;))
කට්ටියම කැමති මේ කතාව තව ඉස්සරහට යනවනම් වගේ නේද...??
හරි එහෙනම් බලමුකො කේක් කන්න ක්‍රමයක් හොයාගන්න... :D
අනේ, මේ මොකක්ද වුනේ. ඇත්තමයි මම ගිතුවේ වවුල්ස් කැමති ඇති කියලා. අපරාදෙනේ.. ඇත්තටම මෙහෙමද වුනේ...
ReplyDeleteFriendship often end with love. But love in friendship NEVER...
ReplyDelete@ප්‍රාර්ථනා :
ReplyDeleteහෙහ්හෙහ්...ඇත්තටම ඔහොම තමයි සවලියො වුණේ...හැමදේම වෙන්නෙ වෙන්න තියෙන විදිහටලුනෙ ඉතින්... :D
@පිණිබිඳු... :
thatz very true පිණිබිඳු... :((
අපොයි..මොකෝ මේ සෝක ප්‍රකාශ...මටනම් අර නිමිද මන්ද කියල තියන එකෙන් තේරෙන්නේ නිමි නෑ කියන එක ..ඉක්මනට ඉතිරිය දාන්න
ReplyDeleteඅනේ අක්කා මේ ඇත්තමද :( :( :(
ReplyDelete@සිතුවිලි නිහඬයි :
ReplyDeleteහෙහ් හෙහ්...හිතුනොත් ඉතිරියත් දාන්නම්කො සිනි.. :)
@ශානු :
ඇත්තටම වුණු දේ තමා නගෝ මේ... :((
අයියෝ.... ලියපු හැටියට මම හිතුවේ අවසානය සතුටුදායක ඇති කියලා...
ReplyDeleteනිමිද මන්දා කියලා ලියපු විදියටනම් හිතෙන්නෙ නිමි වගේ කියලා..
ReplyDeleteඒත් කතාව ඉවරයි කියල කිව්වට ඉවර නෑ වගේ...
:D :D
මකුළු වියමන් ටික එක හුස්මට කියෙව්වා... මම ඒත් කල්පනා කලේ... "මංචි"ගෙ සටහන් ටික මට මගඇරුනෙ කොහොමද කියල...(මගෙ කොමෙන්ටු නම් ඉතින් තියෙන්නෙ බොහොම අතලොස්සයි. වැඩිපුර කරන්නෙ කියවන එකනෙ. )
ReplyDeleteගියදේ ගියා... වෙලාව එනකල් ඉවසන්න...
@රවින් :
ReplyDeleteසමහර අවසානයන් අවසානයක්ම නෙවෙයිනෙ.. :)
@ආගන්තුකයා :
හෙහ් හෙහ්...නිමි කියලා ඉවරයි වගේ පේන කතාවනුත් සමහර විට අලුත් කතාවලටම මුල පුරනවනෙ.. :)
@'සුලඟ' :
ඒකට කමක් නෑ යාළු..කියවපු එකම මට වටිනවා..ඒත් ඒ බව මටත් දැන ගන්න පුලුපුලුවන් වෙලාවට කොමෙන්ට් එකකුත් දාලම යන්න හොඳේ..
එක හුස්මට මුල ඉදල අගටම කියෙව්වා... මට නම් හිතෙන්නේ මේ අවසානය නෙමෙයි කියලමයි..
ReplyDelete@Soda ගුනේ :
ReplyDeleteතැන්කූ මේ පැත්තෙ ආවට ගුනෙ අයියා... :D
සැබැවින්ම අවසානය මෙය නොවේ..........
මටත් උනේ ඕකම තමයි වෙනසකට තියෙන්නේ යලුකමත් නැති වුනු එක තමයි
ReplyDelete@mahima :
ReplyDeleteඅයියෝ...යාලුකමත් නැති වුණාද...?? :((((((
ඒකනෙ මංචිත් බයෙන් හිටියෙ.. :(
අයියෝ.... දුකයිනෙ...:(
ReplyDelete@හිතුවක්කාරි :
ReplyDeleteහ්ම්ම්ම්...දුකයිනම් තමා... :((