ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

ඉගිලී එන්නෙමි.......මම නුඹෙ තුරුළට...


   


  උතුරන තනිකම..
හිම මත තනිකොට
පියඹමි පියඹමි
    උණුසුම් පියසට....
කොතරම් කඳුලැලි
නැඟුනත් නෙතඟට
සැනෙකින් පිසලන
   අදරැති සෙවණට...

නොකෙරෙන දීගෙට ඇද වෙන හෙවනැළි.......

     


     සයිබරය පුරාම සිකුර උච්ච වෙලාද මංදා...කසාද බඳින එක..පොරොන්දම් බලන එක..ආදරේ කරන්න සහකාරයො සහකාරියො හොයාගන්න විදිහ ගැන මදි නොකියන්න කියවන්න ලැබෙනවා මේ දවස් වල.. සමහරු කියනවා ආදරේ කරල බඳින එක තමා හොඳ කියලා...තවත් සමහරු කියනවා...ගෙදරින් කතාබහ කරලා ඕව කරගන්න එක කරදර අඩුයි කියලා...සමහරු නම් කියන්නෙ නොබැඳ ඉන්න එක තරම් සැපක් තවත් නෑ කියලයි... 

සුදු පාට ලෝකයක....නවතිමුද මොහොතකට.....






     මේ දවස් වල වසීලිස්සගෙ රටට ශීත සෘතුව හෙවත් සාමාන්‍ය භාවිත භාශාවෙන් කිව්වොත් වින්ටර් එක ලබලනෙ..සාමාන්‍යයෙන් වින්ටර් එක මැදක් වෙද්දි නම්  උශ්ණත්වය - 30ක් -35ක් හෝට ඊට වඩා වුණත් අඩු වෙනව වුණත් තවම පටන් ගත්ත කාලෙ නිසා වැඩියම සීතල නෑ.. පොඩි කාලෙ ඉඳලම හුරු වෙලා නිසා මේ රටවල් වල මිනිස්සුන්ට නම් ඒක ඒ තරම් ලොකු වෙනසක් නොවුණත් උපන් දා ඉඳලම හිරු එළියට උණුසුම් වෙවී...සදාහරිත පොලවක සැහැල්ලු ඇඳුම් පැළදුම් එක්ක ජීවත් වුණු මංචිලාට නම් ඒක ලොකු වෙනසක් බව අමුතුවෙන් කියන්න ඕනෙත් නෑනෙ නේද.. 

වන සිවුපාවුන් සහ දෙවි දේවතාවන්....

     


     ඇත්තෙන්ම පහුගිය දවස් වල වියමන දිහා එන්න තියා බලන්නවත් ඉස්පාසුවක් තිබුනෙ නෑ..විභාග වැඩ කටයුතු නිසා මනසට විවේකයක් තිබුණෙ නෑ වගේම..ජීවිතේට කඩා වැටුණු උල්කාපාත වැස්සක් එක්ක හදවතත් එක්තැන් වෙලා ජීවිතේම එපා වෙලා තමයි මංචි හිටියෙ.... (දැනට ඒ අසනි වැස්ස ගැනනං අහන්න එපා යාලුවනේ... මොකද තවමත් වැහැලා ඉවර නැති නිසා... )  හිතේ ප්‍රශ්ණත් එක්ක විභාගෙට පාඩම් කරන්න උණාම ඉතින් වෙන සංතෑසිය යාලුවන්ට වැටහෙනව ඇතිනෙ...  

රිසි අතක දුවන්නට......




ඉඳ හිටක හිත තෙමන
පිනි තුහින අහුරු මිස
නුඹෙ හිතින් මවෙත වට
   මෝසමක් නොවුණු කොට...

වියළි හිත් බිම මතට
මගෙම කඳුලැලි උනන
නොනවතින උල්පතක්
   නැගෙනු ඇති දිනෙක හෙට...

හිත් බිඳුම් දැනෙන්නට
තව ඉඩක් නොවනු ඇත
කාරියක් නැත නුඹට
   යළි ඉතින් තැවෙන්නට...

'වළාකුල් සුපෙම්වත'
නොරිසි නම් මගේ හිත
බැමි ලිහා හරිමි නුඹ
   රිසි අතක දුවන්නට....




෴මංචි෴



මේක සොඳුරු ලෝකයක්ද..???

     



     පිස්සු විකාර පෝස්ට් එකක් වුණත් ලියන්නම කියල හිත බල කරපු නිසා නිකමට වගේ ලියන්න ගත්තෙ..


     මේ ගැන  මුලින්ම මගෙන් ඇහුවෙ මගේ හොඳම යාලුවා....වින්ධ්‍යා... ඔව්..ඔව්.අර...අඳින්න ගිය තාප්පෙ ඉහේ කඩා වැටුණු වෙලාවෙ මගෙත් එක්ක හවුලෙ බැනුම් අහපු මංචිගෙ පිස්සුම පිස්සු යාලුවා ගැන තමා ඒ කිව්වෙ.. 

නුඹ තුටින් නම්..............





සිනාවක් එක
   පතා ආවෙමි...
සිනා යායක්
  නුඹෙන් හමු වුණි..
සොඳුරු නුඹ හිත
    ලඟම සදහට....
සිනාසෙන්නට
  පෙරුම් පිරුවෙමි..


අනේ එනමුදු
නුඹේ සෙවනෙහි
විදින්නට මිස
නොවන්නට නිමි
එකම හසරැළි
   පියල්ලක්වත්...
මවෙත හිමි නැති
   බවම දුටුයෙමි...


නුඹට නොදැනෙන
  විලස වැලපෙමි..
කඳුලු නදියක්
   නෙතින් වැගිරුනි...
   බිඳුනු හදවත...
සමග ඒ ගඟ
පසට යට කොට
   ඉතින් නික්මෙමි...


මගේ කඳුලැලි
  සිසිල ලබමින්..
තවත් විකසිත
  නුඹේ හසරැළි..
නුඹට නොපෙනෙන
විලස විඳිමින්
මහද දැවි දැවි
   වුවද...සැනසෙමි...



෴මංචි෴





පොතේ හැටියට සෙට් වෙන්න.......

     

     ඔන්න අද මංචි ලියන්න යන්නෙ සෑහෙන වෙරි වෙන මාතෘකාවක් ගැනයි..   අපේ සහෝදරයින්ට නං මේක බොහොම වැදගත් වේවි..ඒ වගේම සහෝදරියන්ට වුණත් ඒක වැදගත් වෙන්නත් පුලුවනි..

වැටවල් ගසා අප...වෙන්කරනු ලැබූ නමුදු......






     ඔක්තෝබර් පළවෙනිදා හැමෝම වගේ ළමා දිනේ වෙනුවෙන්ම බ්ලොග් පෝස්ට්ස් ලියල තිබුණා.ඒ හැම එකක්ම වගේ කියෙව්වත් කොමෙන්ට් කරන්න වෙලාවක් නම් ලැබුණෙ නෑ වැඩ ගොඩාක් තිබුණු නිසාම...පාඩම් කරලා මහන්සියෙන් නිදියන්න හිතාගෙන නිදිමත එනකල් යූ-ටියුබ් එකේ සිංදුවක් අහ අහ ඉන්නකොට තමා අමුතුම විෂුවල් එකක් දාපු සුපුරුදු සිංදුවක් දැක්කේ..   ''සබඳ අපි කඳු නොවෙමු..'' කියන සිංදුව....අහපු නැති කෙනෙක් නැතුව ඇතිනේ...මංචිට මෙතනදි හිතට වැදුනෙ සිංදුවට වඩා ඒකට යොදාගෙන තිබුණු පසුබිම් රූප පෙළ....මෙතනින් ගිහින් ඒක බලන්න පුලුවනි ඔයාලටත්...

මගෙම හදවත...ගැයෙනු ඇසුවෙමි......




     වෙන කාගෙවත් වෙන්නේ කොහොමද..
ඔබ මගේ දිවි මාවතේ...............ඉතින් කොහේ කොතනද තව කෙනෙක්ට ඒ මාවතට ඇතුල් වෙන්න ඉඩක් තියෙන්නෙ..ඔයාගෙ ආදරේ මගේ ජීවන මාවතේ රැඳෙන තුරාවට කොහොමද මම තවත් කෙනෙක්ගෙ ජීවිතේක මොහොතක්වත් වෙන්නෙ..මගෙ හදවතේ සෛලයක් සෛලයක් ගානෙම ඔයාටම තරම් ආදරේ කරනකොට මගේ ජීවිතේ හැම අංශු මාත්‍රයක්ම ඔයාගෙ වුණු කොට...කොහොමද මම ජීවත් වෙන තුරාවටම ඔයාව මගෙ මාවතින් මුදා හරින්නෙ...''ඒක හරිම බොළඳ හැඟීමක්..!!..'' 

සිනා පිපෙනා මේ වසන්තය....නෙළා දෝතට මලක් සේ.....♥

      



     හ්ම්ම්ම්...වැඩ නම් අහස උසට...ඒ වුණත් හිතේ කලබල ගතිය යන්නත් එක්කලා ආයෙමත් බ්ලොග් සටහනක් ලියන්නයි ආවෙ...වෙන මොනවත් නෙවෙයි මංචි ගෙයි වවුල්ස්ගෙයි කතාවටයි අදත් මම මේ මුලපුරන්නෙ....යාලුවන්ට අමතකද මංදා පහුගිය පෝස්ට් එකේ අන්තිමේදි වවුල්ස් මංචිට කොල්ලෙක් හොයා දෙන්නම් කිව්වනෙ...ඒ ඊට පස්සෙ මංචි එයාගෙ යාලුවෙක්ව වවුල්ස්ට සෙට් කරන පොරොන්දුව පිට..ආඅහ්හ්..අමතක අයත් ඉන්නව වගේ...එහෙනම් මෙතනින් ගිහින් කියවලාම එන්නකෝ....

පෙර දා මැවූ සිනා..........

     



     කාලෙකින් පෝස්ට් එකක් ලියන්න පුංචි ඉඩක් ලැබුණු නිසා හිතුණා මකුළු පැංචිගෙ ප්‍රේම පුරාවතෙන්ම ටිකක් ලියල දානවය කියලා..ඉතින් වැඩි කතා නැතුව ලියන්න ගන්නම්කො..


     මතකනෙ මංචි නිවාඩුව ඉවර වෙලා ආපහු වසීලීස්සගෙ රටට ආපු බව..එහෙම ආව වුණත් ආවෙනම් ලොකු දුකකින්..නෑ නෑ...නිවාඩු කාලෙ සෙරෙප්පුවක් කාපු නිසාම නෙවෙයි..ගෙදර අයව දාල ආපහු එන්න වුණු එක නිසයි ඒ හැටිම දුක..ආයෙත් ඉතින් කාලෙකටනෙ දකින්න ලැබෙන්නෙ..

එදා රෑ.....ගුවන් තොටුපලේදි........





     පහුගිය දවස් ටිකේම වෙන වෙන පෝස්ට් දදා හිටපු නිසා මකුළු පැංචිගෙ ප්‍රේම කතාව ලියන එක අතපහු වුණා..හැබැයි අතපහු වුණා කීවටත් වඩා කැමැත්තෙන්ම අතපහු කළා කිව්වොත් හරි..ඒකට හේතු වුණ් මංචි පහුගිය දවස් වල ටිකක් දුකින් හිටපු එක.ඒ නිසා පරණ මතක අකුරු කරන්න යන එක ඒ දුක වැඩිකරන වැඩක් වුණා..ඔන්න ඇත්තම හේතුව කිව්වා හොඳේ...යාලුවො ඒ නිසා මංචිත් එක්ක තරහ ගන්න එපා ඔට්ටු නෑ ඕං....

පිළිලය.... 3 (අවසාන කොටස)








     ඇමතුමේ අනෙක් පසින් නැගී ආවේ උපුලිගේ මවගේ කටහඬයි....

     පුතේ ඔයා තාම මගද...?? ඈ ඇසුවේ දුර්වලව ගිය ස්වරයකිනි....

     නෑ අම්මේ මම මේ හොස්පිට්ල් එක ගාවම...රෝහල් වීදියට රථය හරවමින්ම ඔහු කීවේය..මම ඉක්මනට එන්නම්...

     ඔහු රෝහලේ කොරිඩෝව දිගේ දිව ගියේ පිස්සෙකු මෙනි..

පිළිලය.... 2




     පෝය නිවාඩුව දවසේ මහගෙදරටත්,පන්සලටත්  ගොස් පැමිණි උපුලී ආවෙලේ සිට සිටියේ බුම්මාගෙනය...නිරායාසයෙන්ම ඇගේ හැසිරීම් කියවාගන්නට සමත් ප්‍රසන්නට එදා ඒ මුහුණින් කිසිවක් හඳුනාගත නොහැකි විය...වෙනදා ආ-ගිය කතා මතක ආවර්ජන වලින් පිරුණු රාත්‍රි කෑම මේසය මෙදින නුහුරු නිහැඬියාවකින් වැසී ගොසිනි..

පිළිලය.... 1






     අනේ දෙයියනේ මගේ උපුලී........




     නැන්දණියගේ හදිසි දුරකථන ඇමතුම ලද වහාම රෝහලට දුවන්නට නික්මුණ ප්‍රසන්නට තමාත් උපුලීත් විවාහ වීමට පෙර කරන ලද කතාබහක් මතකයට නැගුණේ ඇසිපිය හෙලන ඇසිල්ලකිනි...


     ප්‍රසන්න....අපි දෙන්නා බැඳල බබාලා කී දෙනෙක් හදනවද..?

දුර යන්නම යන්නම ඕනෑ නම්......






නෙතින් නොහඬා සිතින් ඉවසා
ඉන්න යැයි නොකියා...මගෙන්
දුරක පියඹා යන්න හෙට දින
දමා මෙහි තනිවම ඉතින්
හදෙහි ඇවිලෙන වියෝ ගිනි කඳ
නොපෙන්වා සඟවමි නුඹෙන්
ඉතින් සැනසී ඉගිල යනු මැන
නොයන්නැයි නොකියමි මුවින්

අතුරුදන් වූ සුභ පැතුම්.......!!






     කාලෙකින් වියමන පැත්තෙ ගොඩ වුනේ...මේ දවස් වල මංචිගෙ හිතට හරි නෑ..ඒකට හේතුව වවුල් කුමාරයා තව හරියටම සතියකින් වසීලීස්සගෙ රට අතහැරලා ලංකාවට යන එක.. :(( ඉතින් මංචිට කොච්චර දුකද කියලා යාලුවන්ට කියන්න ඕනේ නෑ නේ අමුතුවෙන්..මේක ඉතින් අර වෙනදට නිවාඩුවට ගිහින් එනවා වගේ නෙවෙයි...එයාගෙ උපාධියත් අරන් වෛද්‍යවරයෙක් විදිහට තමයි එයා මේ සැරේ ලංකාවට යන්නෙ..

නිමි වුවද නිමක් නැති.....





     ඔන්න ගොඩක් අය කියපු හින්දයි ,කෙල්ලන්ගෙ ලැජ්ජාව අමුතුම මිම්මකින් මනින කොල්ලො හින්දයි , පුංචි කතන්දරයක් මෙගා ටෙලියක් වෙන එක ගැන පසුතැවිල්ල පැත්තකින් තියලා මංචි තීරණය කළා වවුල්ස්ගෙයි -මකුළුගෙයි කතාව අද තියෙන තැන දක්වාම ලියන්න... 

     අද කතාව පටන් ගනිද්දි මංචි ඉන්නෙ නුවර...

ලැජ්ජා නැති කෙල්ලෝ.................!!!




       මංචි අද පොඩ්ඩ වෙලාවකට ස්කයිප් ලොග් වුණාම මෙන්න බොලේ යාලුවෙක් තකහනියක් ට්‍රයි කරනවා මංචිත් එක්ක චැට් කරන්න.. (වෙනදට උන්න-මළා නොබලන උන්... :P)) ගියේනම් ගෙදරින් ඔන්ලයින් ඇවිත්ද කියලා බලලා නැත්තං ටාර් ගාලා ඉන්විසිබල් යන්නය කියලා හිතාගෙනයි.... ඒත් ඉතින් මොනව වුනත් දන්න කියන මනුස්සයෙක් කතා කරනකොට නොදැක්කා වගේ යන එක හරි නෑ නේ.. (අනික මෙයා ඉතින් මංචිගෙ බ්ලොග් එක පැත්තෙ එහෙමත් යන එන කෙනෙක් වෙච්චි..)...


     ඉතින් ඔන්න හායි කියාපුවහම මමත් හායි ****** අයියා කොහොමද...??කියලා පොඩ්ඩක් කතාවට සෙට් වුණාය කියමුකො... (හා හා...කට්ටිය කලබල වෙන්න එපා..මේ කියන කෙනා ඔයාල කවුරුත් දන්න කෙනෙක් එහෙම නෙවෙයි..මගේ පුද්ගලික මිතුරෙක්...)


     හෝව් හෝව්......!!


     මේ වල් පල් අපිට මොකටද කියලා හැරිලා යන්න එපා... මොකද මම මේ කියන්න යන්නෙ ******ගෙයි මගෙයි කතා බහ ගැන නෙවෙයි... එතනදි මතු වුනු කාරණාවක් ගැන තමා මේ කියන්න යන්නෙ...

තහනම් ගහ සහ විවාහය.....!!





     පහුගිය දවසක දුකා විසින් දාලා තිබුණු බස් පෝස්ට් එකකට මංචිම දාපු කොමෙන්ටුවක් තව ටිකක් අදහස් එකතු කරලා වියමනෙත් පෝස්ටුවක් විදිහට දාන්න හිතුණා....එහෙම හිතුණෙ මේ දවස් වල මංචිට අලුත් පෝස්ට් ලියන්න වෙලාව මදි නිසාමත් නෙවෙයි... දුකාගෙ සංවාදයෙන් ඇරඹුණූ මාතෘකාව මීට අවුරුදු දෙකකට කලින් (දුකාගෙ මේ පෝස්ටුව 2009 ජූලි 4 වෙනිදා ලියාපු එකක්.. :D ) වගේම  මේ අදටත් ඉතාම කාලෝචිත බව මකුළු පැංචිටත් තදින්ම හිතුණු නිසා...  


     දුකාගෙ පෝස්ටුවෙ අරමුණ වුණේ සැමියෙක් හෝ බිරිඳක් තමන්ගෙ සහකාරිය/සහකරුවාට හොරෙන් අනියම් සබඳතාවකට යොමු වන්නෙ ඇයි කියන එක සංවාදයට ලක් කරන එකයි...


     ඉතින් ඒක කියවලා මංචිගෙ ආකල්පයට අනුව මංචි එයාගෙ අදහසත් එකතු කළා.... මෙන්න මෙහෙම....

අහස සහ පොළොව.......!!






  ඉන්නකොට තරහින්
    ඔරවගෙන අහස...
කළුම කළු පාට
  කරගෙන සුදු මූණ..
   හිතුවෙ වත් නැතුවැති...
තද හිතැති පොළොව
තව ටිකකින්
      වහින බව....
     හඬාගෙන දුකට....




 ෴මංචි෴

(සචී පණවල කිවිඳියගේ සිතිවිලි බ්ලොගයේ පෝස්ටුවකට එකතු කළ කොමෙන්ටු කවියකි)


දැන් ඉතින්...වෙන කුමක් කරන්නද.......................????








     එළඹෙන සති කීපයම මකුළු පැංචිට හරිම කාර්යබහුල කාලයක් වෙන හින්ද මංචිට හිතුණා වවුල්-මකුළු ප්‍රේම කතාවෙ ඊලඟ කොටස අදම දාන්න ඕනෙයි කියලා...

     ඔන්න ඉතින් වැඩි කතන්දර ඕනෙ නෑනෙ..කලින් කතාව නොකියවපු අයට ඔය පහල තියෙන යොමු වලින් ගිහින් ඒවා කියවලාම අද කොටසට එකතුවෙන්න පුලුවනි.


අකුරු ඇමිණූ සොඳුරු සිහිනය......




     බොහොම කාලෙකට පස්සෙ ඔන්න මකුළුට පුංචි ඉඩකඩක් ලැබුණා වියමන පැත්තෙ ඇවිත් යන්න..බොලේ..වියමනේ සිරාවටම මකුළු දැල් බැඳිලා නොවැ..ඉතින් ටිකක් අස්පස් කරලා දාලම වාඩි වුණා,මොනව හරි ලියන්නය කියලා.... යාළුවො ටික තරහ වෙලාදත් මංදා... මකුළු පැංචි ගොඩාක් කාලෙකින් මොකුත්ම ලිව්වෙ නැති එක ගැන..ඒ මදිවට අර මකුළුගෙයි වවුල්ස්ගෙයි ප්‍රේම පුරාවතත් තවම ඇනහිටිය තැනමනෙ.. 

රාහු ගිලින ඉරයි හඳයි......


     

     කට්ටියම පෙරේදා දවසම ආසවෙන් බලාගෙන හිටියනෙ කාලෙකට පස්සෙ පුර්ණ චන්ද්‍රගහණයක් දැකගන්න..මකුළු පැංචිටත් වසීලීස්සගෙ රටට ඒක අපූරුවට පෙනුණා.ඒත් පින්තූරයක් නං ගන්න බැරි වුණා..දුකේ බෑ..දවසම ලෙක්චර්සුයි ක්ලාසුයි නිසා ගෙදර හිටියෙ නැති මකුළු පැංචිට ඒ ගැන අහම්බෙන් වගේ දැනගන්න ලැබූණේ ගූගල් ඩූඩ්ල් එක හින්දයි..ඒ නිසා ගූගල් දෙයියන්ට මුලින්ම තුති..කොහොම වුණත් කලාතුරකින් දැකගන්න ලැබුණු චන්ද්‍රග්‍රහණය නිසා පැංචිට නිකමට වගේ ඒ ගැන යම් යම් තොරතුරු ටිකක් හොයලා කියවලා  බලන්න හිතුණා....එහෙම කියවද්දි හරිම අපූරු විස්තර වගයක් පැංචිගෙ දැනුම පොතට එකතු වුණා...ඉතින් ඒ වගේ රසවත් වැදගත් දේවල් තනියෙන් විඳිනවට වඩා බෙදාගන්න එක වටිනවනෙ...ඔන්න ඒ නිසා මකුළු පැංචි මේ වියමන වෙන්කරන්නෙ විවිධ රටවල් වල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ හා බැඳුණු මිත්‍යාවන් සහ විශ්වාසයන් ගැනත් අමුතු අමුතු චාරිත්‍ර විධි ගැන විස්තරයකට...

     කට්ටියම කියවලා බලන්නකෝ...ඔයාලත් මේ තොරතුරු දැනගෙන හිටියද කියලා....

මගෙ හීනය මට විඳින්න....







හැඟුම් නොමැති නිද්‍රාවක
නෙතු පියාන නිදා උන්න
මේ නුපුරුදු කළු හීනෙන්
සෙමින් ඇවිත් මා මුදන්න
නුඹෙ දෙතොලග පුරා ගැයෙන 
ඒ සොඳුරුම හැඟුම් ගොන්න
ඔය පපුවට තුරුලු කරන් 
මගෙ නෙතුපිය මත ඉහින්න

රතු පාටට විල් දිය මත
හිරු දියවෙන හැන්දෑවට
ගී මුමුණන මදනලකින්
මගෙ හීනෙට නුඹ එබෙන්න
අතැඟිළි තුඩු මිරිකාගෙන
ඉඳහිට ඔය හද අවුලන
ගිනි සිළුවක දවටාගෙන
නුඹෙ ගීතය මට ගයන්න

නිල දිලිහෙන පිණිබිඳු මත
මගෙ මෘදු හදවත තියන්න
රන් පාටට ඉගිලෙන මුදු
සමනළ තටුවක් වියන්න
නුඹෙ ගැඹුරුම හදගැස්මට
වැතිරීගෙන නිදි වදින්න
පොඩියක් මට ඉඩ දෙනවද
මගෙ හීනය මට විඳින්න




෴මංචි෴



'හැමදේම වෙන්නෙ හොඳටලූ'............ෂුවර්ද....?????



     


     හ්ම්.. ඔන්න ආපහු ලියන්න වෙලාවක් ලැබුණා..ගොඩක් අය කියලත් තිබුණා ඉක්මනට කතාව දාන්නය කියලා.ඒත් ඉතින් එදිනෙදා වැඩත් තියෙන නිසා පරක්කු වුණාට පැංචිට සමාව දෙන්න හොඳේ..


     හරි දැන් ඉතින් වැල්වටාරම් නැතුවම කතාව පටන් ගන්නම්කෝ..කට්ටියටම මතක ඇතිනෙ..මකුළු පැංචි පහුගිය පෝස්ට් එකෙන් මකුළු පැංචියෙකුගෙයි,වවුල් කුමාරයෙකුගෙයි කතාවක් කියන්න පටන් ගත්තා කියලා..අමතක අය නොකියවපු අය මෙතනින් ගිහින් කියෙව්වොත් තමා හොඳ..නැත්තම් අද කතාව අපබ්‍රංශ වගේ හිතුණොත් ඔන්න මකුළු නං නෑ ඕවට...හිකිස්ස්....

මා සිතට අහම්බෙන්..... ඔබ එබිකම් කළ අරුමය රහසින්....




     මකුළු පැංචිගෙ ජීවිතේ අම්මිටයි තාත්තිටයි පස්සෙ ඉන්න වැදගත්ම කෙනා තමයි වවුල් කුමාරයා.මතකනෙ පොඩිකමට වසීලීස්සා වුණු වෙලාවෙ තමයි මකුළු පැංචි එයාගෙ කුමාරයා මොන වගේ වෙන්න ඕනෙද කියලා මවාගත්තෙ කියලා..හික් හික්..අපි හැමෝම ජීවිතේ යම් යම් අවස්තාවන් වලදී ඔහොම මවාගැනීම් කරනවනෙ නැද්ද..?? ඒ වුණාට මකුළුට දැන් නම් ඒ රූපෙ හාංකවින්සියක්වත් මතක නෑ ඕං...

හොඳ හොඳ සෙල්ලම් රෑ වෙන ජාමෙට........






     ඔන්න හෝ ගාලා වැඩ තිබ්බ දවස් දෙක තුනක් ගෙවිලා ආපහු වියමන පැත්තෙ එන්න මකුළු පැංචි අමාරුවෙන් ඉඩ කඩ හොයාගත්තා.නිතරම වියමනේ නැවතිලා බලන යාළුවො ටික තරහ වුණේ නෑ නේද පැංචිත් එක්කලා...???


     ඒ හැටි අමාරුවක් නොවුණු පොඩි ක්ලාස් ටෙස්ට් එකකුයි, කාලයක් තිස්සෙ පෙරුම් පුරාගෙන හිටපු සාදයකුයි නිමකරලා ඇවිත් මකුළු පැංචිට නම් හරිම මහන්සීයි. ඒ මදිවට හොඳටම කැස්සත් හැදිලා.ඒත් හිතනම් හරිම සතුටින් පිරිලා.මොකද දන්නවද....


     ඉන්නකො ඉතින් කියනකම්...

අඳින්න ගිය තාප්පය ඉහේ කඩාවැටීම....






     යාළුවනේ ඔයාලා කවදහරි දවසක තාප්පෙක චිත්‍රයක් ඇඳලා තියෙනවද...??

     මං හිතන්නෙ ගොඩක් අය කියාවි නෑ කියලා.(එක්කෙනෙක්වත් ඔව් කිව්වොත් ලොකු දෙයක්....).ඒත් මකුළු පැංචිටනම් ඒ විනෝදාත්මක අත්දැකීම විඳගන්න වාසනාව ලැබිලා තියෙනවා..මම මේ ඔයාලට කියන්න යන්නෙ තාප්ප වල චිත්‍ර ඇදීමේ කලාව ගැන හෙම නෙවෙයි ඔන්න.එහෙම තාප්පෙක චිත්‍රයක් අඳින්න ගිහින් මකුළු පැංචිටයි,එයාගෙ චිත්‍ර කණ්ඩායමටයි වෙච්ච හදියක් ගැන.......එක හදියකුත් නෙවෙයි හදි යුගලයක් හෙවත් ඩබලක් ගැන.... :D

නුඹට රිසි නම් යන්ට යන්නෙමි.......

     මකුළු පැංචි අද ඉන්නෙ හරිම දුකෙන්.ඒ නිසා පැත්තක් අල්ලගෙන ඉන්නකොට ඒ ගැන යමක් ඔයාලටත් කියන්න හිතුවා.මකුළු පැංචි අද කාලෙකට පස්සෙ ගොඩාරියක් වෙලා සින්දු ඇහුවා.මකුළු පැංචිට සින්දු අහන්න හිතුණොත් play list එකේ අනිවාර්‍යන්ම තියෙන සින්දුවක් තමයි අග පිපි මල් ටෙලි නාට්‍යයේ තේමා ගීතය වුනු ''අහස ගුගුරා..'' කියන ගීතය.මකුළු පැංචිට මේ ගීතයටත් ඒ වගේම ටෙලි නාට්‍යයටත් තියෙන්නෙ පුදුම කැමැත්තක්.මේ ටෙලිය විකාශය වුණු දවස් වල මකුළු පැංචි පුංචියි..ඒත් ඊට පස්සෙ බොහොම අමාරුවෙන් ඉස්කෝලෙ පුස්තකාලෙ තිබිලද කොහෙදෝ අග පිපි මල් නවකතාව කියවන්න මකුළු පැංචිට වාසනාව උදා වුණා.සුමිත්‍රා රාහුබද්ධයන් ලියපු හොඳම නවකතාව මේකද මන්දා.....

වසීලිස්සා හෙවත් මකුළු පැංචි....

    
 සොඳුරු සිතේ තිබුණු ලස්සන වසීලිස්සා ගැන කවි පන්තියක් කියව කියව ඉන්දෙද්දි මකුළු පැංචිටත් මතක් වුණා ඉස්කෝලෙ යන දවස් වල සිද්ධියක්.දැන් හිතුවමනම් ටිකක් ලැජ්ජ හිතෙන වැඩක් වුණාට,ඒ දවස් වල නම් මේ වැඩේ කරන්න ඇත්තෙ මකුළු පැංචිගෙ නොතේරුම් කමටයි.
      එතකොට මකුළු පැංචි හිටියෙ හතර වසරෙ විතර.ඔන්න දවසක් ටීචර් කිව්වා පහුවෙනිදට මොකද්ද මන්දා වැඩසටහනක් තියෙනවාලු(දන්නවනෙ ඉතින් ඔය එක එක කුසලතා සංවර්ධන වැඩසටහන් තියෙනවනෙ ඉස්කෝල වල )...ඒකට පන්තියෙ හැමෝම කතාවක් ලියන්න ඕනෙලු.කතාවට ගැලපෙන විදිහට චිත්‍ර සටහන් 3කුත් අඳින්න ඕනෙ,පහු වෙනිදට එද්දි හාෆ්ෂීට් වලින් හදාපු පොඩි පොත් පිංචකුත් ගේන්නය කියලා තමා ගුරුතුමී කිව්වෙ.

සයුරේ රළ සේ...අහසේ තරු සේ............

     
     මකුළු පැංචි ලේසියෙන් හොඳම යාළුවො හදාගන්නෙ නැති බව එකෝමත් එක කාලෙකදි කිව්වනෙ..ඉතින් එයාට ඉස්කෝලෙ යන කාලෙ හිටියෙ හොඳම යාළුවො 3 දෙනයි.වින්ධ්‍යා,ප්‍රතිභා,ළහිරු තමයි ඔය තුන්දෙනා.ළහිරු කියන්නෙ කොල්ලෙක් එහෙම නෙවෙයි,කෙල්ලෙක්ම තමා.


     මකුළු පැංචිගෙ ''හොඳම හොඳම යාළුවා'' වින්ධ්‍යා.අනික් දෙන්නා හොඳම යාළුවො.අපි හතර දෙනා ඉතින් ඉස්කෝලෙ රිංගපු නැති අස්සක් මුල්ලක් නෑ.ඕන තරම් ගුරුවරුන්ගෙන් බැණුම් අහලා ඇති...එක එක බාහිර වැඩ වලට පීරියඩ්ස් කට් කරලා.ප්‍රතිභා ඇරෙන්න අනික් තුන් දෙනාම සෞන්දර්ය විෂය විදිහට කළේ චිත්‍ර..මේ තුන් දෙනා ඉතින් ඉස්කෝලෙ නම ගිය ආටෝ තුන්දෙනෙක්.ප්‍රතිභා හොඳ නැට්ටුක්කාරියක්.ඒත් මකුළුයි,වින්ධ්‍යයි,ළහිරුයි ඔය චිත්‍ර අඳින වැඩකට සෙට් වුණාම ප්‍රතිභත් එතන කැරකි කැරකි ඉන්නව නොවැරදීම.

එකෝමත් එක කාලෙක.........



                   
    
 මකුළු පැංචිට රෑ ජාමෙ මැද්දෙත් හිතක් පහල වුණා මොනවහරි ලියන්ට ඕනේ කියලා..මකුළු පැංචි මේ දවස් වල ඉන්නෙ මව්බිමෙන් ඈත රටක.ඒ නිසාද කොහෙදෝ බ්ලොග් සටහනක් ලියද්දි පවා සිහි වෙන්නෙම ගෙදර අය,ඉස්කෝලෙ යාලුවො.ඉස්කෝලෙ යන දවස් තරම් ආස කරපු දවස් මකුළු පැංචිටනම් ආයෙ මුළු ජීවිත කාලෙටම එන එකක් නෑ.මකුළු දැලේ තියෙන පිණි වැටුණු දැල් ගොනුවක් වගේ තමයි ඒ කාලේ.සුන්දරයි.සැහැල්ලුයි......

මකුළු බිත්තරෙන් එළියට....



     මකුළු පැංචි බ්ලොගයක් ලියන්න ගත්තට මොකද කොහෙන් පටන් ගන්නද කියලා එයාටවත් හිතාගන්න බැහැ.කොහොමටත් මකුළු පැංචිගෙ ජීවිතේ මුල ඉඳලම ඒ වගේ.හරිම අනපේක්ෂිත විදිහට හැමදේම පටන් අරන් හිතාගන්නවත් බැරි මංමාවත් වල ගලාගෙන ගිහින් පුදුමාකාර විදිහට තමා ඉවර වෙන්නේ.

Related Posts Plugin for WordPress, Blogger...