එක සැරේ වෙවුළලා ගිහින් හිරිගඩුත් මතු වුණේ පාන්දරම ශවර් එකේ වතුර ඔලුවට වැටෙද්දි සීතල නිසාද.... එහෙමත් නැත්නම් තව පැයකින් දෙකකින් එලඹෙන... ජීවිත කාලයක් බලාගෙන හිටිය ඒ මොහොත නිසාද කියල වෙන් කරගන්න බැරි තරම් කළබල වෙලයි මම හිටියෙ.....
අසම්මත...
එක සැරේ වෙවුළලා ගිහින් හිරිගඩුත් මතු වුණේ පාන්දරම ශවර් එකේ වතුර ඔලුවට වැටෙද්දි සීතල නිසාද.... එහෙමත් නැත්නම් තව පැයකින් දෙකකින් එලඹෙන... ජීවිත කාලයක් බලාගෙන හිටිය ඒ මොහොත නිසාද කියල වෙන් කරගන්න බැරි තරම් කළබල වෙලයි මම හිටියෙ.....
නුඹෙ වරදද...මගෙ වරදද...
ඉස්සර වගේම අදත්...ගං දෑල අද්දරට ලස්සනට සුදෝ සුදුවට හඳ පායලා...
යදම්.....
අලුතින් කාර්‍යාලයට පැමිණි 'ඇය' දෙස මම විමසිල්ලෙන් බලා උන්නෙමි... ඇගේ මේසය තිබුණෙ මගේ ඇස්මානයේ නිසාත්..කිව නොහැකි කුමක්දෝ නොපැහැදිලි හේතුවක් නිසාත් නිරන්තරයෙන්ම ඒ දෙසට නෙත් යොමු වීම වලක්වාගන්නට මට අපහසු බවක් දැනිනි...
ආ දින සිටම කා සමගත් සුහදව සිනාසෙමින් කතාබහ කරමින් කුළුපග වන්නට ඈ සමත් වූ හෙයින් බොහෝ අලුත් සේවිකාවන්ට මෙන් වදය ගසා ඇය වෙහෙසවන්නට අප නොපෙළඹුනෙමු...එසේ වුවද අප ඈ ගැන දැන සිටියේ ඉතා අල්ප තොරතුරු ප්‍රමාණයකි..ඈ පැමිණි මුල්ම දින පටන් ගෙවී ගිය සතිය මුළුල්ලේම සේවයට වාර්ථා කිරීමේ ලේඛණයේ පළමු පේළිය ඇගේ රවුම්ද නොවූ..දිගුද නොවූ ලයාන්විත අත'කුරු වලින් අත්පත් කරගනු ලැබිණි...
සුළැඟිල්ලට කිරි එරුණු ලොකු අප්පච්චි....
![]() |
| ලොකු තාත්තයි ලොක්කම්මයි සමගින්..... |
මකුළු පැංචිට නං අම්මගෙ පැත්තෙන් මාම වෙන්න කෙනෙක් හිටියෙ නෑ..මොකද පැංචිගෙ අම්මා ගෑණු ළමයිම හතර දෙනෙක් හිටිය පවුලක බාලය..ඉතින් මාමලා කොයින්දෑ..හැබැයි ඉතින් ආදරෙන් හුරතල් කරන්ඩ මාමෙක් නැති අඩුව පැංචිට කවදාවත් නොදැනුනේ..ඊටත් වැඩිය ආදරණීය කෙනෙක් පැංචිට හිටිය හින්දයි...
යළි......
හ්ම්ම්....හරියටම මාස හතකුත්..තවත් දවස් තුනකුත් ගෙවිල ගිහින්..පැංචිගෙ දුකට සැපට තනියට හිටපු වියමනත් පැංචිගෙ හිත වගේම පාලුවට ගිහින්..ගෙවුණු දින සති මාස ගාණෙම එන්න බැරි වුණේ ඇයි කියල පැහැදිලි කරන වැල් වටාරම් ගොඩකින් පටන්ගන්න ගියොත් තව සති ගානකට මේ පිටුවෙ තියෙන මකුළු දැල් ටික පිහාගන්න බැරි වෙන හන්දා...ඒ ආලවට්ටම් මුකුත් නැතුවම ආපහු ටික ටික ලියන්නයි පැංචිගෙ කල්පනාව..
දැන්නම් ගොඩක් යාලුවන්ට වියමන අමතක වෙලත් ඇති..හැමදාම ඇවිත් අලුත් මොකුත් නැති නිසාම දැන් දැක්කත් නොදැක්ක වගේ ඉන්න අයත් ඇති..ඒ වගේම මේ ඊයෙ පෙරේදත්..''අනේ බං පැංචියෙ..දැන් ඔය හූල්ල හූල්ල...අයිස් ගැහුව ඇතිනෙ...ආපහු ලියමු නේද...'' කිය කියා වද දුන්නු අයත් හිටියා..ඉතින් ඒ හැමෝටම පිං සිද්ධ වෙන්න තමා පැංචිට ආයෙමත් ලියන්න හිතුනෙ..
ඒ හැමදේම ඔහොම වුණත්..යාලුවො 200 ක්ම වියමනට එකතුවෙලා එදාමෙදාතුර..ඒ හැමෝවම පැංචිට ගොඩාක් වටිනවා..ඔන්න එහෙනං ආයෙම වියමන වියනවා හොදේ.......
20...
මැණික...
මට ඇයි මෙහෙම කරන්නෙ කියල මම අහන්නෙ නෑ..
ඒත් ඔයාව මේ ලෝකෙ මෙච්චරම විස්වාස කරපු පපුව පැලෙන්න තරන් ආදරේ කරපු මගෙ හිත ආයෙම මෙහෙම කුඩුකරල දාන්න ඔයාට පුලුවන් වුනේ කොහොමද කියල දන්නෙ නෑ.. වීදුරු පිලිමයක් උස කන්දක් උඩට අරන් ගිහින් ඒ කන්ද පල්ලෙහාට එක සැරේ අත ඇරලා දාන එක කොච්චර රිදෙනවද කියල ඔයා දන්නවද..
මම හැඟීම් දැනීම් අයින් කරලා ප්‍රැක්ටිකල් ජීවත් වෙන්න හිත හදාගෙන ඉද්දි මගෙන් පුංචි වත් අනුබලයක් නැතුවයි ඔයා ආයෙමත් ආවෙ.. මගෙ පව්කාර කමට මගෙ හිතේ ඔයාගැන ආදරේ එහෙම්පිටින්ම පරිස්සම් වෙලා තිබ්බා. අවුරුදු ගානක් කඳුළු සාගර හතක් ගලලත් ඒ ආදරේ බිංදුවක්වත් හේදිලා ගිහින් තිබ්බෙ නෑ මැණික..
ඒත් ඔයාට ඒව වැඩක් නෑ නේද..
ඉතින් ඒ ඇවිත් මට ආදරේ පෙන්නුවම ඔයාගෙ හිත හැදුනද රත්තරන්.. දැන් ඉතින් සැනසීමෙ ඉන්න.. අදින් පස්සෙ ඒ කලින් ආදර කතාවත් නෑ.. පස්සෙ තිබ්බ මොකද්දෝ එකත් නෑ.. මමත් නෑ ඔයාගෙ ජීවිතේ..
ආයෙ කවදාවත් ආත්මෙක මාව ඇස් දෙක මානෙටවත් නොපෙනේවා කියල පතන්න සුදූ... මේ හැටි රිද්දන්න.. මොකට ආදරේ කරනවද අපි..
මගෙන් වැරදි වුණ බව දන්නවා.. ඒත් ඔයාට ඔහොම පලිගන්න තරම් මම රහසින්වත් වරදක් කරලා නෑ ඔයාට.. මගේ ජීවිතේ දිග පළල දැන දැනම.. ඔයා ලඟට එන්නෙ නැත්නම් ආයෙ කතාකරන්වත් එපා කියන්න තරමට ඔයාට මාව පිළිකුල් වුණාද දෙයියනේ.. ඔයා අවුරුදු ගානක් උන්නද මළාද කියල හොයල නොබල ඉඳලත් ඊයෙ ආදරෙන් හිටිය වගේ ආදරෙන් කතාකරපු කෙල්ලට නේද ඔයා එහෙම කිව්වෙ..
මම පණවගේ වුණත්... ඔයා ආදරේ කරලා නෑ මැණික.. එදත් නෑ.. අදත් නෑ..
ඔයාම හිතුවොත් ඔයාට පෙනෙයි.. ඔයාට වටින්නෙ ඔයාගෙ සතුට විතරයි.. ඔයාට මගෙන් වැඩක් නෑ.. රෝහිනිගෙන් වැඩක් නෑ... අඩුගානෙ දෝනිගෙ සතුට වුණත් ඔයාට වැඩක් නෑ..
මාත් එක්ක ඉන්න දවස් වල මේ ලඟක් වෙනකල්ම ඔයා හිතුවෙ රෝහිනිගෙන් ගැලවෙන්න ඔයාට විදිහක් නෑම කියලයි.. මම හින්දා එයා මට අනතුරක් කරයි කියල හිතල ඉන්නව දෝනි හින්ද ඉන්නව කිව්වත් ඔයා හිටියෙ එතනින් යාගන්න විදිහක් නෑ කියල දන්න නිසයි..
ඔයාට අමතක ඇති.. අද හෙට නොවුණත් කවදහරි දවසක මම ඔයා එක්ක එන්න හීන මැව්වෙ මට ඔයාගෙ නීත්‍යානුකූල බිරිඳ වෙන්න විදිහක් ජීවිත කාලෙටවත් නොළැබෙන්න පුලුවන් බව දැන දැනයි.. බොරුවට මුදු මාරු කරගෙන මිස්ටර් මිසිස් කිව්වත්.. ඒ හීන හැබෑ නොවන බව මම නොදැන හිටියා නෙමෙයි.. ඔයා හොඳටම දන්නවා ඒ වගේ තැනක ඉන්න ඔයාට මේ ඔයා ගැන ආදරෙන් නහින්න යන මෝඩ ගෑණි ඇරෙන්න වෙන කෙනෙක්ගෙන් ඇත්තටම ආදරයක් නොලැබෙන බව..
ඒත් ඔයා දැන් දන්නවා ඔයාට රෝහිනිගෙන් ගැලවෙන්න විදිහක් තියෙන බව.. ඔයාගෙ ලෝයර් ඒක කිව්වනෙ නේද..
දැන් ඉතින් ආදරෙයි වුණත් ඔයාට මාව මොනාටද සුදූ.. හෙණ ගැහුවත් ඔයා යන්න එයාගෙන් වෙන වෙලා නිදහස් වෙන්න.. වෙන කෙනෙක් හොයාගන්න.. ඔයාට දැන් සල්ලි තියෙනවා නිදහස තියෙනවා ඕන ගෑනියෙක් එයි ඔයා ගාවට.. අල්ලන්න බැරි දුරක ඉන්න පිස්සු ගෑනියෙක් මොකටද... මට තේරෙනවා මැණික.. ඔයා වැරදි නෑ.. මිනිස්සු වුණාම එහෙමයි ඉන්න ඕනේ..
ඔයා කියනවා ඔයා මගේ ජීවිතේ ඔප්ශන් එකක්ලු... ඇත්තටම හිතුවොත් මම ඔයාගෙ ජීවිතේ ඔප්ශන් එකක්වත් නෙමෙයි සුදූ... මම ඔයාගෙ ජීවිතේ නිකම්ම නිකන් 'ඔන්නොහේ කමක් නෑ" එකක්. ඔයා කැමති අනික් හැම දේම ඔයාට නොලැබෙන වෙලාවෙදි නිකම් පාලු මකන්න ආපු කෙනා මම..
එහෙදි ඔයාගෙ පාලු මක මක ඉඳල ලංකාවට ආවම ඔයාට ඔප්ශන්ස් ගොඩක් ලැබෙන්න ඇති..මං වෙනස් වෙනකල් ඉවසන්න බෑ කියල හිතුනා නේද...
රෝහිනිගෙන් ගැලවෙන්න පුලුවන් දැන්.. ජීවිතේ තව කොච්චර විදින්න තියෙනවද නේද.. මං වෙනුවෙන් මොකට බලබ් ඉන්නවද කියල හිතුනා නේද.. එහෙමකරන එක පව් සුදූ... මමත් මනුස්සයෙක්නෙ. ඔයාට පපුව පැලෙන්න ආදරේ කරන මනුස්සයෙක්නෙ.
උදේ හවා කතාකර කර ඉඳලා එක සැරේටම මාව නොදැක්කා වගේ ඉන්න ඔයාට කොහොම පුලුවන් වුනාද කියල මට කවදාවත් තේරුම්ගන්න බැරු වුනා. අදත් බෑ මැණික.. ආදරේ කලානම් එක මොහොතක්.. ඔයාට පුලුවන්ද මගේ කටහඬ අහන්ණැතුවම සමුගන්න.. අඩු ගානෙ එක වතාවක් නොදැක යන්න.. එච්චර ආදරෙන් තුරුලු කරගත්ත ගෑණිව කුණුගොඩක් වගේ විසිකරල දාන්න...? කොච්චර තරහ වුනත් එහෙම කරන්න පුලුවන්ද දෙයියනේ.. ඒකද ආදරේ කියන්නෙ සුදු.
සිහින...සැතකින් සිඳින්නට පෙර.....!!!
මංචිලාට සති කිහිපයකට කලින් ඉගෙන ගන්න යෙදිල තිබුණු විෂයය තමයි ''ප්‍රසව වේදය''..එහෙමත් නැත්නම් OBSTETRICS (කෙටියෙන් නම්..Obs)....කියන්නෙ...cycle එක (අධ්‍යයන කාලය) තිබුණු සති දෙකම කම්මැලි කමක් නැතුව ඉගෙන ගන්න ආස හිතෙන පාඩමක් තමයි Obs. කියන්නෙ...ඒ කාලෙදි වෛද්‍ය විද්‍යාත්මක දැනුම ඇරුණහම ඇත්තෙන්ම අමුතුම අත්දැකීම් ගොඩකුත්....ඉතාම සංවේදී සිදුවීම් කීපයක මතකයනුත් ජීවිතේට එකතු වුණා කිව්වොත් තමා වඩාත්ම නිවැරදි..
ඒ ගෙවුණු දවස් 12දි ලැබුණු ජීවිතෙ වටිනම අත්දැකීම් ගැන නම් බ්ලොග් එකේ ලියන්න මංචි කලින්ම තීරණය කරල තිබුණ වුණත්...බෙදාගන්නට කොහොමටවත් බලාපොරොත්තුවක් නොතිබුණු අත්දැකීමක් ගැනත් ඔයාලත් එක්ක බෙදාගන්න ඕන කියල මංචිට හිතුණේ මංචිටත් අයියණ්ඩියෙක් වෙන..බ්ලොග් අවකාශයෙ ඉන්න ඔයාලගෙන් ගොඩක් අය හොඳින්ම වගේ අඳුනන ''වර්ණ'' වලට පණ පොවන දිනේශ් අයියගෙ පෝස්ටුවක් දැකලයි....obs අන්තිම සතියෙදි දැනුණු කම්පනය ඒ පෝස්ටුව කියවලා ආපහු අලුත් වුණු නිසයි මංචිත් මේ ගැන ලියන්න හිතුවේ....
දැනටමත් ඔයාලා ඒ පෝස්ට් එක කියවලා තියෙනවනම් දන්නවත් ඇතිනෙ...දිනේශ් අයියා එයාගෙ කවිපද අතර දිග ඇරල තිබ්බෙ මොනා ගැනද කියලා..ඉපදුණාම තාත්තය කියල පෙන්නන්න කෙනෙක් නැති නිසාම අම්මෙක් තමන්ගෙ දරු ගැබ විනාශ කරලා දාන්න යද්දි ඒ දරුවට දැනෙන හැඟීම්....ඇත්තෙන්ම හරිම වේදනාත්මකයි...
ඉතින් කොහොමද මේ සිද්ධිය මංචිගෙ Obs cycle එකේ අත්දැකීම් එක්ක සම්බන්ධ වෙන්නෙ....???
මාතෘ සායන විද්‍යාව යටතෙ යෙදෙන්නෙ ගර්භනී සමයෙ ඉන්න මවක් පිළිසිඳ ගත්ත දවසෙ ඉඳල..දරුවා බිහි කරන දවස වෙනකල් අම්මගෙත් දරුවගෙත් යහපත් පැවැත්ම ආරක්ශා කරගන්න වෛද්‍යවරයෙක් විදිහට මොනාද කරන්න ඕනෙ කියන කාරණා-කාරණායි....එතකොට දරුවෙක්ගෙ ජීවිතේ ආරක්ශා කරන එක වගේම නැති කරලා දාන එකත් ඉගෙනගන්න වෙන්නෙ ඒ යටතෙමද...???
අවාසනාවකට වගේ...උත්තරේ ''ඔව්'' කියන එකයි...!!
ලංකාවෙනම් ගබ්සාව නීතියෙන්ම තහනම් වුණාට...මකුළු පැංචි ඉගෙන ගන්න මේ රටේ...ගබ්සාව කියන්නෙ නීතියෙන් සම්මතයි කියල පිළිගත්ත දෙයක්....ඕනම හේතුවක් යටතේ 'ගබ්සාව' නීතිගත කරපු මුල්ම රට රුසියාවලු....ඒත් පස්සෙ කාලෙකදි පොඩි හරි වාසනාවකට ඒ නීතිය ''කළලයේ වයස සති 12ට (මාස තුනකට) වඩා අඩුනම් පමණක්'' කියන සීමාවෙන් කප්පාදු කරන්න කටයුතු කරල තියෙනවා...
ඒ වුණත් කාරණා කීපයක් යටතේ...ඒ කියන්නෙ...
- ගර්භනීභාවය දිගටම පවත්වාගැනීම නිසා මවගේ ජීවිතයට තර්ජනයක් එල්ල වේ නම්...
- දරුවා බිහි වුණත් ශාරීරික හෝ මානසික සංකූලතාවයන් නිසා සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න බැරි බව වෛද්‍යවිද්‍යාත්මකව තහවුරු වේ නම්...
- ලිංගික අතවරයකට ලක්වීම නිසා සිදුවුණු අනවශ්‍ය ගැබ්ගැනීමක් නම්... හෝ...
- උපත්පාලන ක්‍රම භාවිතයක හෝ සැත්කමක අසාර්ථක භාවයක් නිසා සිදු වුණු ගැබ් ගැනීමක්...(ඔප්පු කළ හැකි සාධක සහිතව)
කියන නිර්දේශ යටතේ ගර්භනී සමයේ ඕනම අවස්ථාවකදි ගබ්සාවක් ඉල්ලාසිටින්න රුසියානු ජාතික මවකට අවසර තියෙනවා...ඒ වගේම ඒ සඳහා වුවමණා කරන්නෙ ''මවගේ කැමැත්ත'' පමණයි....!! (පියාගෙ කැමැත්ත වුවමණා වෙන්නෙ නෑ)
ඉතින් අපි මොන වගේ අදහසක්..මතයක් දැරුව වුණත්..ඒ ගැන ඉගෙනගන්න..දැනුවත් වෙන්න..මංචිලටත් ඉබේටම සිද්ධ වුණා...
මේ ගැන පොතපතින් කියවද්දි පවා දැනෙන්නෙ ලොකු දුකක් තමයි..ඒ වුණත් සජීවී ගබ්සා සැත්කමක් දකින්න ලැබෙන එක නම් ඊට වඩා හරිම වෙනස් දුක්මුසු අත්දැකීමක්.....අවංකවම කිව්වොත් ලොකුම ලොකු කම්පනයක්... :((
ඒ අතින් නම් අපි සෑහෙන පවක් කරලා ඇති...ජීවත් වෙන්න පෙරුම්පුරන ජීවිතයක් නැති කරන හැටි දකින්න තරම්...
ශල්‍යකර්මයේ බලාගෙන ඉන්න අමාරුම තැන තමයි...විවිධාකාර සැත්කම් උපකරණ අම්මගෙ යෝනී මාර්ගය හරහා ගර්භාශයට ඇතුල් කරල ගර්භාශ බිත්තියෙ කොටස් එක්කම කළලය එලියට අරගන්න ක්‍රියාවලිය...
කළලය එළියට අරගන්නව කිව්වහම ඔයාලට මැවෙනව ඇත්තෙ ෆොසෙප් එකෙ එල්ලිලා චුට්ටන්ම චුට්ටන් බබෙක් එළියට එන හැටිද...???
අපෝ නෑ...එච්චරවත් සුන්දර මවාගැනීමක් කරන්න කොහෙත්ම ඉඩක් නෑ.....ඒ පුංචි ජීවිතේ එළියට එන්නෙ...අර අඩූ පඬු වල පැටළිලා සම්පූර්ණයෙන්ම ලේ වලින් නෑවුණු පටක කොටස් විදිහටයි...හරියට සතෙක් මස් කරද්දි කෑලි කැඩිලා තැලිලා පොඩි වෙලා ගිය අතුණු බහන් වගෙයි...
බලන්න මේ රූප දිහා....තමන්ගෙම ලෙයින් මසින් හැදුණු දරුවෙකුට මේ අපරාධය කරන්න...හදවතක් තියෙන....අම්මෙක්ට තාත්තෙක්ට පුළුවන්ද ඇත්තටම.....
![]() |
| කාසියක් තියල තියෙන්නෙ ප්‍රමාණය ගැන අදහසක් ඇතිකරගන්නයි.... |
උල් කතුරු....අඬු උපකරණ නපුරු සත්තු වගේ තමන්ගෙ දිහාට ලං වෙද්දි...කොයි මොහොතකදි හරි තමන්ගෙ ජීවිතේට හානියක් වෙයි කියලා බයේ ගැහෙන පුංචිම පුංචි ප්‍රාණියෙක් ගැන එක මොහොතකට හිතන්න...''අනේ මාව මරන්න එපා'' කියලා කෑගහන්න වත් පුලුවන්කමක්වත් නැතුව අසරණ වෙන...අම්මගෙ උණුසුම විඳින්න මග බලාගෙන හිටපු අහිංසක ජීවිතයක් ගැන හිතන්න....ඒත් ඒ අම්මම තාත්තම තමයි තමන්ගෙම සෛලයකින් ගොඩනැගුණු ඒ ජීවිතේ තමන්ට එපා කියලා තීරණය කරන්නෙ...
ඇත්තෙන්ම මේ දරුණු සිදුවීම බලාගෙන ඉන්දෙද්දි මංචිටනම් ඇස් දෙකට ආපු කඳුලු නවත්තගන්න පුලුවන් වුණේ නෑ...මංචි විතරක් නෙවෙයි...මංචිගෙ යාලුවො හැමෝමත් පුදුම විදිහට කම්පා වුණා මේ සිද්ධිය දැකලා...කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැතුවම....
වෛද්‍ය විද්‍යාව හදාරන සිසුවියක් විදිහට මංචි වෛද්‍ය විද්‍යාත්මක සාධක නිසා සිදුකරන්න සිද්ධ වෙන ගබ්සාවන්ට දැඩි විරෝධතාවක් නැහැ..ඒ වගේ අවස්ථා වුණත් වලක්වගන්න පුළුවන්නම් හොඳයි තමයි....ගබ්සාවක් අනුමත කරන්න කලින් වෛද්‍යවරයෙක් තමන්ට පුලුවන් හැම දෙයක්ම කරන්නෙ ඒක වලක්වගන්නයි...ඒත් ඇත්තෙන්ම කරන්නම දෙයක් නැත්නම්....ඒ වගේ අවස්ථාවකදි සදාචාරාත්මක පැතිකඩ ගැන සංවේදී වෙනවට වඩා මුල්තැන දෙන්න වෙන්නෙ ජීවවිද්‍යාත්මක හේතු සාධක පිළිබඳව බව අපි හොඳින්ම දන්න දෙයක්...
ඒ වුණත් සාධාරණ හේතුවක් නොවන හේතුන් නිසා ජීවිතයක් විනාශකරන එකට නම් මහම මහ අපරාධයක්...විශේෂයෙන්ම තරුණ තරුණියො අතින් සිදුවන අත්වැරදීම් නිසා..එහෙමත් නැත්නම් ආර්ථිකමය - භෞතිකමය සාධක මත තමන්ට දරුවෙක් හදන්න කාලෙ සුදුසු නෑ කියලා තීරණය කරන දෙමාපියන් නිසා......එහෙම සරල හේතු නිසා පුංචි ප්‍රාණියෙක්ගෙ ජිවිතේ විනාශ කරන එක මොන තරම් පවුද...??
අනික් අතට මංචිට හිතාගන්න බැරිම දේ තමයි...මෙච්චරටම දියුණු උපත්පාලන ක්‍රම තියෙන කාලෙක...ජීවිතයක් නැතිකරන්න සිදු වෙන තරමටම දුරදිග යන්න තරම් ගැහැණියක් හෝ පිරිමියෙක් මෝඩ වෙන්නෙ කොහොමද කියන එක...තමන්ට දරුවො වුවමණාද නැද්ද කියලා මුලින්ම තීරණය කරලා...මේ වගේ වැරදීම් අවම කරගන්න හොඳටම ඉඩකඩ තියෙද්දිත් ඇයි ඇත්තටම මිනිස්සු මේ තරම් අකාරුණික වෙන්නෙ....අන්තිමේදි ඒ වැරදි වලට දඩූවම් විදින්නෙ අර ඇස් දෙකවත් ඇරපු නැති...කිසිම වරදක් නොකරපු...අහිංසක ජීවිතයක් නේද...??
හැම ආගමකම පවා 'දරුවන්' දෙමාපියන්ගෙ ජීවිතයට ලැබෙන තෑග්ගක් විදිහටයි සලකන්නෙ.. අම්මගේ කුස තුළ හිටියත්... තාත්තගෙ ජාන කොටසකින් යැපුණත්... ඒ සෛල ගොනුව ඇතුලෙ තියෙන ප්‍රාණය අයිති ඒ දරුවටම මිසක අම්මට තාත්තටවත් නෙවෙයි..අම්මෙක්ගෙ කුස ඇතුලෙ ඉන්න පුංචි ප්‍රාණියට ඇත්තෙන්ම අම්මගෙ හැඟීම් දැනෙනවා..පොඩ්ඩක් හිතන්න...තනියම ජීවත් වෙන්න පුලුවන් කම තියෙන අපට පවා...අම්මගෙන් හරි තාත්තගෙන් හරි වචනයක් වත් වැරදිලා කියවුණොත් මොන තරම් දුක හිතෙනවද..??...එයාලට අපිව ඕන නෑ කියල හිතුනොත් මොන තරම් අසරණ කමක් දැනෙයිද..??...ඉතින් එහෙම එකේ...තමන්ගෙ ජීවිතය දරාගෙන ඉන්න අම්මයි තාත්තයි තමන්ව ප්‍රතික්ශේප කරන බව දැනුනහම අර පුංචි ප්‍රාණියට මොන තරම් දුකක්...අසරණකමක් දැනෙනවා ඇතිද...නේද...???
ඉතින් කවදහරි දවසක...ඔයාලට හරි...ඔයාලගෙ දන්න අඳුනන කෙනෙකුට හරි මේ විදිහෙ තීරණයක් ගන්න සිදු වුණොත්..අනේ පොඩි හරි ඉඩක් තියෙනවනම්.....කරුණාකරලා මේ වගේ අපරාධයක් සිදු නොවන තැනට වැඩ කරන්න උත්සහගන්න..වෛද්‍යවරයෙක් ලඟට ගිහින් තමන්ගෙන් පණ ලබපු ඒ ප්‍රාණියගෙ හදගැස්මට මොහොතක් සවන් දෙන්න.....ජීවිතේ ගැන මොන තරම් හීන..බලාපොරොත්තු ඒ හඩේ පිරිල තියෙනවද කියලා තේරුම්ගන්න.....
ඉතින් එහෙමනම්.....යන්න කලියෙන් මේ වීඩියෝවත් බලලම යන්න....වචනයෙන් නොකියවෙන බොහෝ දේ....රේඛාවලින් ඇඳෙන හැටි ගැන.....සංවේදී වෙන්න.....!!!
උපන්දින සිහිනය..........

පහුගිය දෙසැම්බර් අන්තිම...මංචි ලංකාවට ආපු බව ඔයාලගෙන් ගොඩ දෙනෙක් දන්නවනනේ..(නොදන්න අයත් එහෙනම් දැන් දැන ගත්තනේ..හිකිස්..) හදිස්සියේම ගත්ත තීරණයක් නිසා එහෙම එකපාරටම එන්න තීරණය කළා වුණත්..ඒකෙන් සමහර වැඩ නිකරුනේ අතපසු කරගන්න සිද්දවුණා වුණත්...මංචිට කාලයක් තිස්සේ මග ඇරුණු විශේෂ දවස් කීපයක්ම ගෙදර අයත් එක්ක සමරන්න අවස්ථාව ලැබුණා ඒකෙන්....හැම කලු වළාවකම රිදී රේඛාවක් තියෙනවය කියන්නෙ මේකට වෙන්ඩැති නේදෑ....


දැන් ඉතින් ආයෙ අහන්ට දෙයක් නෑ අවුරුද්ද පුරාම කිරි උතුරනවා ඕං...හිකිස්.. | මේ තියෙන්නෙ මංචිගෙ b'day cake එක.. |
මංචිට මේ ගෙදර අයත් එක්ක උපන්දිනේ ගතකරන්න ඉඩ ලැබුණෙත් අවුරුදු තුනකට පස්සෙයි...
| මේ තියෙන්නෙ තැන.... |

පන්සලටම විතරක් නෙවෙයි...වැඩිහිටි නිවාසෙකට..ළමා නිවාසෙකට වගේ තැනකට...මගේ 16 වෙනි උපන්දිනේට ඒ විදිහට දානයක් දීපු තැන තමයි නාරාහේන්පිට තියෙන ''ශිල්ප ළමා සංවර්ධන ආයතනය''.ඒ ආයතනයේ ඉන්නෙ අනාථ දරුවන්ම නෙවෙයි..ඒ දවස් වල නම් ගොඩක් හිටියෙ යුද්ධය නිසා දෙමාපියන්ගෙන් ඈත් වෙන්න සිදුවුණු දරුවන්..(දැන්නම් ඒ වගේ දරුවො අඩුයි...වාසනාවකට වගේ)..ඊලඟට පවුල් බර දරාගන්න බැරුව දෙමාපියන් විසින් විවිධ අපරාධ වලට යොමු කිරීම හේතුවෙන් සුලු මට්ටමේ වැරදි වලට පෙළඹීම නිසා නීති මාර්ගයෙන් මානසික සංවර්ධනයට යොමු කරන ලද දරුවන් සහ දෙමාපියන්ගෙ අයහපත් කල්ක්‍රියාව නිසා,දරුවන්ට දෙමාපියන්ගෙන් සිදුවුණු අපචාරමය අඩත්තේට්ටම් වගේ දේවල් නිසා..දෙමාපියන්ගෙන් වෙන්කරල තියන්න උසාවි නියෝගයකින් නියම වුණු දරුවනුයි...
| අපි මේ බලන් ඉන්නෙ ඉස්කෝලෙ ගිය කට්ටිය ගෙදර එනකල්... :)) |

ඒකට හේතුව මෙන්න මේකයි කියල කියන්න නම් මංචිට තේරෙන්නෙ නෑ.ඒත් එතන හරිම ලස්සනට ළමයින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කරල තිබුණා..සමාජයෙන් පීඩනයට පත් වෙලා මානසික අවපාතයන්ට ලක් වෙලා හිටපු ඒ අහිංසක හිත් වලට අධ්‍යාපනය ලබා දීල..ලස්සනට පිළිවෙලට ජීවත් වෙන්න පුලුවන් විදිහෙ හොඳ ශක්තිමත් වැඩපිළිවෙලත් එතන ඇති කරලයි තිබ්බෙ.. 
| මංචිත් මංචි කියවලා හොඳයි කියල හිතුණු පොත් පත් කීපයක්ම මේ එකතුවට එකතු කළා |

ඉතින් දානෙ වැඩ පටන් ගන්න පැය 3-4කට කලින්ම අපි එහෙට ගිහින් හිටපු නිසා..මංචිටත් පුලුවන් වුණා එතන හිටපු අක්කල නංගිලා එක්ක එකතු වෙලා ඒ දේවල් වලට හවුල් වෙන්න..ඉතින් ඒ ළමයිනුත් අපි වගේම අහිංසක හීන තියෙන..සුන්දර අනාගතයක් ගැන හීන දකින මල් වගේ කියල අඳුනගන්න මංචිට ඒ සුහදත්වය උදව් වුණා...මංචි එදාම තීරණය කළා ආයෙමත් දවසකත් මේ ළමා නිවාසෙට දානයක් දෙන්න ඕනයි කියලා...අම්මට හොරෙන් මේට්‍රන් එක්ක කතා කරලා...එතන ස්වේචඦාවෙන් වැඩ කරන්න පුලුවන් බවත් මංචිට දැනගන්න පුලුවන් වුනා..

| කට්ටිය ඉක්මනටම මාවත් එයාලගෙ සෙට් එකට දාගත්තා... ;) |
| බතුයි,පරිප්පුයි.ගෝව කොළ මැල්ලුමයි,තක්කාලි සම්බෝලයයි.. වම්බොටු මෝජුවයි,මාලු ඇඹුල්තියලුයි,පපඩනුයි,කට්ලටුයි..ඇති නේද?? |
| මෙහෙමයි හැමදේම ලෑස්ති කෙරුණෙ... |

හරිම ලස්සනට පිළිවෙලට ඒ තැන් තියාගෙන තිබුණා...| ඔන්න දැන් අපි කන්නයි යන්නෙ... |
| මේ ඉන්නෙ පොඩිම තුන්දෙනා... |

ඇත්තෙන්ම එදානම් මංචිට හරිම සතුටු දවසක්...කාලයක් තිස්සෙ තිබ්බ ලොකු බලාපොරොත්තුවක් ඉටු වුණු නිසාම විතරක් නෙවෙයි..ඒ නංගිලා අතරින් කීප දෙනෙක්ම මංචිගෙ යාලුවො ගොඩටත් එකතු කරගන්න පුලුවන් වුණු හින්දයි...
ප.ලි. :ඔයාලත් ඔයාලගෙ ජීවිතේ වැදගත් දවසක් සමරන්න මේ වගේ දෙයක් කරන්න හිතාගෙන ඉන්නවනම්...ශිල්ප ළමා සංවර්ධන මධ්‍යස්ථානය හොඳ තැනක් ඇත්තෙන්ම...දානෙ වේලකට සල්ලි වලින් උපකාර කරන්න පුලුවන්කමත් තිබුණ වුණත්..තමන්ම සකස් කරන් යනවනම් ඔයාලගෙ සතුට දෙගුණ වේවී..අනික් අතට නිතරම දෙන කෑම ජාති වලට වඩා පොඩි වෙනසක් එකතු කරගන්න බලන්න...
උදාහරණයක් විදිහට..ගෝවාකොළ මැල්ලුම මංචි යෝජනා කළේ ඒක මංචිගෙ ප්‍රියතම මැල්ලුම නිසයි...
හයිලන්ඩ් කිරි සහ කිරි ආහාර නිශ්පාදන කර්මාන්තශාලාවට යන පාරේ පිහිටල තියෙන...නාරාහේන්පිට පොලිසියට අල්ලපු වත්තෙ තමයි මේ මධ්‍යස්ථානය පිහිටල තියෙන්නෙ...හරියටම කිව්වොත් 45/92,නාවල පාර,නාරාහේන්පිට,කොළඹ 5 කියන ලිපිනයේ...
0115643001
0112501668 කියන දුරකතන අංක වලින් ඕනම විස්තරයක් අහගන්න පුලුවනි...


ප.ප.ලි : මේ දරුවන්ගෙ ඡායාරූප ගත්තෙ මේට්‍රන්ගෙ අවසරය ඇතුවයි..සමහර දරුවො නම් ඡායාරූප ගන්නවට කැමැත්තක් නෑ..එයාලාගෙ ඉස්කෝලෙ යාලුවන් වත් සමහර වෙලාවට දන්නෙ නැතිලු මේ දරුවො නිවාසෙක ඉඳන් පාසල් එන දරුවො බව..ඒ නිසා තමයි ඒ දරුවන්ගෙ ඦායාරූප අඳුනගන්න අමාරු වෙන විදිහට වෙනස් කරලා තියෙන්නෙ...උඩම පින්තූරෙ ඉන්න දෙන්න නම් ඒකට අකමැත්තක් නෑ කියාපු හින්දයි පින්තූරෙ දැම්මෙ හොඳේ....

ඔයාලත් මෙහෙම දරුවො එක්ක ගතපු පින්තූර ප්‍රසිද්ධියෙ පල කරනවනම් කරුණාකරලා එයාලගෙ කැමැත්තකින් තොරව අනන්‍යතාවය හෙළි නොකරන්න වග බලාගන්න.....හොඳද යාලුවනේ.....














