ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

අහස සහ පොළොව.......!!






  ඉන්නකොට තරහින්
    ඔරවගෙන අහස...
කළුම කළු පාට
  කරගෙන සුදු මූණ..
   හිතුවෙ වත් නැතුවැති...
තද හිතැති පොළොව
තව ටිකකින්
      වහින බව....
     හඬාගෙන දුකට....




 ෴මංචි෴

(සචී පණවල කිවිඳියගේ සිතිවිලි බ්ලොගයේ පෝස්ටුවකට එකතු කළ කොමෙන්ටු කවියකි)


12 comments:

  1. හිතක මෙලෙක සොයතහැකි එකම ක්‍රමය " කදුල " බවට නැහැ නොවැ කිසිම වාදයක් . . . :) නෙවෙද . . .

    ReplyDelete
  2. තද හිතැති පොළොව
    නොහිතපු වෙලාවක,
    ඔරවන් හිටි අහසේ
    කළු කරගත්තු සුදු මූණෙන්
    වැටුනු කඳුලු බිඳු
    තද හිතක්
    මොළොක් කළ අපූරුව!

    ReplyDelete
  3. පොළොව මොනවම හරි හිතේ තද කරන්න හිටියද දන්නේ නැහැ නේද ?

    ReplyDelete
  4. මේක ලිව්වේ ජොලියට නේද?

    ReplyDelete
  5. කමෙන්ටු කවියක් උනත් හරිම ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete
  6. හිත කඩන්නෙත් කඳුළු
    කැඩුණු හිත හදන්නෙත් කඳුළු.

    ReplyDelete
  7. @සුශාන් ප්‍රියනාත් රත්නායක :
    අනිවා..කඳුලක ගැබ්වෙන මෘදු බව ඕනම තද හිතකටත් තේරෙනවා...

    @පූසා :
    ශා...පූසටත් ලස්සනට කවි ලියන්න පුළුවන්නෙ,.....

    @ChammA :
    ඔව්... ඒකත් කියන්න බෑ...

    ReplyDelete
  8. @ගෝල්ඩ්fish :
    ඒ මොකෝ එහෙම අහන්නෙ මාළුවො.... :O

    @මධුරංග :
    තැන්කූ මධුරංග අයියා... :))

    @පිණිබිඳු... :
    අනේ මංදා...ඒකනම් අමුතු වුනාට ඇත්තම ඇත්ත,,,....හ්ම්ම්...

    ReplyDelete
  9. රළු පොළවේ නපුරු හිතට
    දුක් අරගෙන අහස
    කදුළු වැහි වටලා හිතට
    මෘදු කරාවියි නොහිතන පොළව
    තව තව රිද්දාවි
    දයාඹර අහස...

    ReplyDelete
  10. දැන ගත යුතුයි පොලොව
    වහින බව අනෝරා වැහි
    මුලින් ඔරොවන කොට
    තරහින්
    කම් නැතේ ඒත්
    වැස්සෙන් පහු
    හිනා විය හැකියි යලි
    සුපුරුදු සෙනෙහසින්
    පුරවා සුදු මූන හිනාවෙන්
    දුක් වේදනා . .
    හෝදගෙන ගොස් අහවරයි
    අනෝරා කඳුලු වැස්සෙන්

    ReplyDelete
  11. වහින වැස්සක් වැහැපුදෙන්...
    සතුටින් තෙමෙන්න....
    ග්‍රීස්මයට සමු දේ....
    වසන්තය රැගෙන එන්නට....

    ReplyDelete
  12. @Dinesh :
    හ්ම්ම්ම්............පොළව ඔහොමයි හැමදාමත්.. :(

    @දුකා :
    බොහොම ස්තූතියි අයියේ මගේ බ්ලොගේ දිහා ආවට... :)
    ඊටත් වඩා සතුටුයි හරිම ලස්සන පිළිතුරු කවියක් ලිව්වට... :)))))

    @නරක සමනලයා :
    සමනලයා නරක වුණාට....අදහස් නම් නරක නැති පාටයි.... :D

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...