ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

ලැජ්ජා නැති කෙල්ලෝ.................!!!




       මංචි අද පොඩ්ඩ වෙලාවකට ස්කයිප් ලොග් වුණාම මෙන්න බොලේ යාලුවෙක් තකහනියක් ට්‍රයි කරනවා මංචිත් එක්ක චැට් කරන්න.. (වෙනදට උන්න-මළා නොබලන උන්... :P)) ගියේනම් ගෙදරින් ඔන්ලයින් ඇවිත්ද කියලා බලලා නැත්තං ටාර් ගාලා ඉන්විසිබල් යන්නය කියලා හිතාගෙනයි.... ඒත් ඉතින් මොනව වුනත් දන්න කියන මනුස්සයෙක් කතා කරනකොට නොදැක්කා වගේ යන එක හරි නෑ නේ.. (අනික මෙයා ඉතින් මංචිගෙ බ්ලොග් එක පැත්තෙ එහෙමත් යන එන කෙනෙක් වෙච්චි..)...


     ඉතින් ඔන්න හායි කියාපුවහම මමත් හායි ****** අයියා කොහොමද...??කියලා පොඩ්ඩක් කතාවට සෙට් වුණාය කියමුකො... (හා හා...කට්ටිය කලබල වෙන්න එපා..මේ කියන කෙනා ඔයාල කවුරුත් දන්න කෙනෙක් එහෙම නෙවෙයි..මගේ පුද්ගලික මිතුරෙක්...)


     හෝව් හෝව්......!!


     මේ වල් පල් අපිට මොකටද කියලා හැරිලා යන්න එපා... මොකද මම මේ කියන්න යන්නෙ ******ගෙයි මගෙයි කතා බහ ගැන නෙවෙයි... එතනදි මතු වුනු කාරණාවක් ගැන තමා මේ කියන්න යන්නෙ...



     ඉතින් ඔන්න මංචි ටිකක් කතාකරල බැලින්නම්.. අද උදේ තමා මෑන්ස් මංචිගෙයි මකුළුගෙයි පෙම් පුරාවත කියවල තියෙන්නෙ.. මංචිටත් ඉතින් සංතෝසේ බැරුවා... අමාරුවෙන් ලියාගත්ත කතා පොඩ්ඩ නොවැ..කවුරු හරි තමන්ගෙ බ්ලොග් ලිපියක් කියෙව්වාම දැනෙන සතුට කොච්චරක්ද කියලා බ්ලොග් ලියන යාලුවො හොඳාකාරවම දන්නවා ඇති නොවැ.. (ඒ නිසා නොවැ ඔය හිට් කවුන්ටර්,ෆලොවර්ස් ලට පට ඔක්කොම බ්ලොගේට සෙට් කොරගන්නෙත්....)


     අනික ඊටත් වැඩිය සතුටුනෙ තමන්ගෙ ලිපියක් ගැන අදහසක් දැනගන්න ලැබෙන එක...ඒ නිසාම ඉතින් පොඩ්ඩක් අහලා බැලුවා මොකද හිතෙන්නෙ කියලා..(ආහ් කියන්න අමතක වුණානෙ...මේ යාලුවා එහෙම බ්ලොග් එක කියෙව්වට කොමෙන්ට්ස් එහෙම දාන කෙනෙක් නෙවෙයි...ඔය මුන ගැහුනු වෙලාවක අදහසක් කිව්වොත් මිසක්.. :D)...


     ඒ වුණාට මෑන්ස් ටිකක් අදිමදි කරනව වගේ අදහස කියන්න...නිකම් වටින් ගොඩින් තමා කියන්නෙ... ''හොඳයි ඉතින්''...''ඔයානං මාර කෙල්ලෙක්''...'' ඔයාට ලැජ්ජ හිතුනෙ නැද්ද හිතේ තිබ්බ දේ කියද්දි.....'' ඔන්න ඔහොම...


     වෙනදට ලස්සනට අදහස් ප්‍රකාශ කරන කෙනාට අද මේ මොනා වෙලාද කියල හිතාගන්න බැරුව මමත් ඉතින් තක්බීර් වෙලා හිටියා වුනත් එහෙන් මෙහෙන් එක එක එව්වා අහලා පොටක් පාදගන්නම ඕනෙය කියලා තමා මංචිගෙ නාහෙට නාහන හිත කිව්වෙම... 


     මංචිත් ගේම අතාරින්නෙම නැතුව ඔහොම එක එක එව්වා අහගෙන යද්දි මෙන්න බළලා මල්ලෙන් පැනපිලු එළියටම....... මෙන්න මේකයි වුණේ...මිනිහට එකපාරටම කියවුණා.... ''වවුල අකමැති වුණු එකේ පුදුමයක් නෑනෙ ඉතින්...පැනලා දුන්නම...'' කියල... :(((


     මොකක් හරි අප්සෙට් කතාවක් අහගන්න වෙන බව දැනගෙන හිටිය වුණත් මංචි මෙහෙම දෙයක්නම් යාලුවාගෙන් බලාපොරොත්තු වුණේම නෑ...හිත රිදුනනං තමයි..හොඳ දෙකක් කියලා ස්කයිප් එකෙනුත් අයින් කරලා දාන තරමෙ කේන්තියක් හිතට ආවා ඒ වෙලාවෙනම්...ඒත් ඊට වඩා ඔය කතාව කියන්න හේතුව මොකද්ද කියලා දැනගන්න එක වැදගත්ය කියලා මංචිට හිතුනු නිසා...දිගටම කතාකරන්න හිත හදාගෙන...මංචි ඇහැව්වා එයාගෙන් මෙන්න මෙහෙම... 


     ''දැන් ඔය පැනලා දුන්නා.... කියන එකෙන් ****** අයියා අදහස් කළේ මොකද්ද????''


     එතකොට එයා කියපු දේ සාරාංශය තමයි... ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ට ඔහොම  සෘජුවම ආදරය ප්‍රකාශ කරන එක නැහැදිච්ච වැඩක්ය කියන එක... සමාජය හිතන්නෙ එහෙමලු...කොටින්ම පිරිමි ළමයිනුත් හිතන්නෙ එහෙමය කියන්නෙ...අනේ මංදා... ඕක ඇත්තද කියලා ඔය පිරිමි පාර්ශවේම කීවොතින් තමා හොඳ...(නෑ නෑ....මංචි තරහ ගන්නෙ නෑ..ඇත්තම කියන්න ඕනෙ ඔන්න...හරිද...?? ) කොටින්ම ගැහැණු ළමයෙක්ට ලැජ්ජාව කියන එක ආභරණයක් නිසා එහෙම කෙළින්ම ආදරේ ප්‍රකාශකරන එකෙන් පිරිමි ළමයෙක්ට ඇතිවෙන්නෙ හොඳ හැඟීමක් නෙවෙයිලු...


     සමාජය වුණත් ඒ වගේ ගැහැණු ළමයෙක් දිහා බලන්නෙ වපරැසින්ලු..ඒ වගේ ගැහැණු ළමයෙක්ට ඕනම දහ ජරා වැඩක් කරන්න පුළුවන් වගේ අදහසකින් තමා එයානම් අදහස් ප්‍රකාශ කළේ...කොටින්ම එයාගෙ තියරියට අනුව එයා නම් බඳින්නෙ තමන්ට දශමයක්වත් ආදරේ නොකරන කෙල්ලෙක්ව...හිකිස්..


     කොහොම වෙතත්..පළුදු වුණු හිතකින් තමා මංචි ඒ ස්කයිප් චැට් එක ඉවර කළේ.....


     ඊට පස්සෙ කරපු මුලම වැඩේ වවුල්ස්ට කතා කරලා.. එයත් මේ විදිහටද හිතන්නෙ...(එදා හිතුවෙ) කියලා අහපු එක.. එයා නං කීවා ඕං එහෙම හීනෙන්වත් හිතුවෙ නැතිය කියලා.. ඒ වගේම පිරිමි ළමයෙක්ට වගේම ගෑනු ළමයෙක්ටත් හැඟීම් දැනීම් තියෙන නිසාත් ආදරේ කියන එක හැමෝටම පොදු හැඟීමක් නිසාත් එහෙම අනික් කෙනාට ආදරේ ප්‍රකාශ කිරීම ගැන ලැජ්ජා වෙන්න වුවමනාවක් නැහැයි කියලලු එයා හිතන්නෙ.... (මංචිගෙ කොලර් අප්ලු... :P)




1.පැංචිගෙ වියමනට ඇවිත් මකුළු-වවුල් ප්‍රේමය ගැන කියවපු ඔයාලත් එහෙම හිතනවද..???


2.ඇත්තටම පිරිමි ළමයි එහෙම තමන්ගෙ හිතේ තියෙන ආදරේ ගැන ප්‍රකාශ කරන ගැහැණු ළමයි ගැන හිතන්නෙ ''පැනලා දෙන උන් කියලද''... ???


3.කවදාවත් ඒ අනික් කෙනා තමන්ගෙ හිතේ තියෙන ආදරේ තේරුම් නොගත්තොත්..ගෑනු ළමයට ගන්න තියෙන පියවර මොකද්ද..??


4.එහෙම තමන්ට ගෑනු ළමයා තමන්ට ආදරේ බව දැන දැනත් පිරිමි ළමයා (වවුල්ස් හිටියා වගේ) නිහඬව ඉන්නකොටත් ගෑනු ළමයා සමාජය ගැන හිතලා නිෂ්ශබ්දව ඉන්න ඕනෙද..???


5.ගැහැණු ළමයෙක්ට තමන් ගැන ආදරේ හිතුනම (ඒක එයාම තමන්ට කියන එක ලැජ්ජ නැති වැඩක් නිසා) ඒ ආදරේ තේරුම් ගන්න කොල්ලන්ට ටෙලිපති තියෙනවද..??


     ඔන්න ඕවා තමා අර මනුස්සයගෙ කතාවෙන් මංචිට මතු වුණු ප්‍රශ්ණ... 
     
     ගැහැණු පිරිමි දෙපිරිසටම වෙනසක් නැතුව අදහස් ප්‍රකාශ කරන්න මානව හිමිකමක් වශයෙන් නීතිගත වෙලා පවා තියෙන කාලෙක..ලෝකයේ මේ වගේ හණමිටි ගැහුණු අදහස් කරපින්නගෙන ඉන්න තරුණයින් ඉන්න එක පවා මංචිට නම් මහ පුදුමයක්..කොහොම වුණත් මංචිනම් තමන්ගෙ ආදරේ වවුල්ස්ට එදා එහෙම ප්‍රකාශ කරපු එක ගැන අබමල් රේණුවක් තරමටවත් පසුතැවෙන්නෙවත් ලැජ්ජා වෙන්නෙවත් නෑ...ඊටත් වඩා ඒ ගැන මංචිට තියෙන්නෙ ලොකුම ලොකු සතුටක් සහ ආඩම්බරයක්....


     ඒ වගේම එහෙම සතුටු වෙන්නෙ ඇයි කියන එක හිතාගන්න බැරිනම්...වවුල්ස්ගෙයි-මකුළුගෙයි කතාවෙ ඉදිරිය ගැන කියවලාම ඔයාලට (සහ ******ටත් ) තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ඒ කතාව වර්ථමානය වෙනකල්ම ලියනවයි කියලත් මංචි තීරණය කළා ඔන්න......


     හ්ම්ම්ම්....එහෙනම් පෝස්ට් එකේ තියෙන ප්‍රශ්ණ වලට උත්තර කියලම යන්න හොඳේ...ඒ වගේම මංචිගෙ තීරණේ ගැනත් කැමැත්ත අකමැත්ත කියල යන්න අමතක කරන්න එපා.......මතක ඇතුව ෆලෝ පාරකුත් දාලම යන්න.....





53 comments:

  1. ඔය ගැන නම් කතා කරලා වැඩ නෑ නංගි.
    මෙහෙම හිතමු. එක යතුරකින් දොරවල් ගොඩක් ඇරෙනවා නම් ඒ යතුර සුපිරි යතුරක් !!!! කවුරුත් ආසයි ඒ යතුර බලන්න. නමුත් යතුරු ගොඩකින් එක දොරක් අරෙනවා නම් ඒ දොර වැඩකට නැති කිසිම විස්වාසයක් තියන්න බැරි දොරක්.
    ඔන්න ඔය වගේ සීන් එකක් තමයි වෙලා තියෙන්නේ.

    කොල්ලෙක් ඉස්සරවෙලා ආදරේ කිව්වොත් හරි. කෙල්ල ඉස්සර උනොත් පැනලා දෙනවා. අනේ යකෝ !!!!!!

    මේක මහ පුදුම ලෝකයක් නේ.

    ReplyDelete
  2. අනේ ආච්චිගේ රෙද්ද.... ඔය ඔයාගේ යාළුවට කෙල්ලෙක් කැමතියි කිව්වොත් එහෙම... පොර එපා කියනවද කියලා අහලා බලන්න.

    (අපිත් මේ බලන් ඉන්නේ කව්රු හරි කෙල්ලෙක් අපිටත් ආදරේ පරකාශ කොරනකං... ඒ චාන්ස් එකටත් කෙලවන්න හදන්නේ.. අපි කිව්වේ අර මුලින්ම ක​මෙන්ට් කරපු එකයි මායි.)

    ReplyDelete
  3. තමන් දාන කන්නාඩියේ පාටින් කියනවනේ ලෝකේ පේන්නේ..ලෝකයා දකින්නෙ මෙහෙමයි කියන ගොඩක් ඈයෝ ඔය එලියට දාන්නේ තමන්ගේ හිතේ තියෙන ඒවනේ...

    ඔන්න අසනි නම් හිතන්නේ වැදගත්ම දේ මුලින්ම ආදරේ ප්‍රකාශ කරන්නේ කව්ද කියන එක නෙමේ, කව්රු ආදරේ ප්‍රකාශ කරත් අනිත් පාර්ශවේ ඇත්තෝ තමන්ට අවන්කයෙන්ම ආදරේද කියන එකයි...

    ReplyDelete
  4. අපොය් ඒ මොන පිස්සු කතාවක්ද? ඇයි කාන්තා සරීර කූඩු ඇතුලෙත් ජීවත් වෙන්නෙ හැඟීම් වලින් පිරුණු ජීවිත නෙමේද දන්නෑ එතකොට. පිරිමි අපිට දැනෙන ආදරේ ගෑනු ඔයාලටත් දැනෙනවනම් ඒක ප්‍රකාශ කරන එක නැහැදිච්ච කමක් වෙන්නෙ කොහොමද? අනේ මන්දා මේ සමහර පිරිමි හිතන විදිහ ගැන ඇත්තටම දුක හිතෙනවා.

    මේක බලන්නකෝ? මම ටික දවසකට කලින් මේ ගැනම ලියපු ලිපියක්.
    ඇයි කෙල්ලොන්ට එහෙම කරන්න බැරිද?

    ReplyDelete
  5. කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන කැමැත්තක් ඇති වෙනවා වගේම කෙල්ලෙක්ටත් කොල්ලෙක් ගැන කැමැත්තක් අඑතිවෙන්න පුළුවන්. ඉතිං ඒක කෙල්ල කොල්ලට කිව්වාම මොකද වෙන්නේ. මම ඔය ගැන ලිව්වේ මගේ බ්ලොග් එක පටන් ගත්තු කාලෙමයි මේ බලන්නකෝ

    ReplyDelete
  6. හත්ඉලව්වෙ ඔයාගෙ ප්‍රශ්න එකක් නෙමෙයි 5ක් ම තියෙනවනෙ... :)

    මම නම් හිතන්නෙ කෙල්ලොද කොල්ලොද නෑ හිතට එන අදහස කියන්න ඕන...

    වවුල් මකුළු කතාවෙ වර්තමානෙ දන්නව නො‍වෑ... දන්නෙ නැති ටිකක් ලියපන්කො.... ;)

    ReplyDelete
  7. හැක් හැක් බහුබූත පික්ෂුද බොල එහෙම වෙනවනං ඒක යකාගේ වැඩක්නේ ඇයි බොල කොල්ලෙක් කිව්වම විතරද ඒක ආදරයක් වෙන්නේ කෙල්ලෙක් කිව්වොත් ඒක පැනලා දීමක්.... මේක මාර විහිලුවක්නේ හිටු තනියෙන් විහිලු කරන්න බෑ හිනා නොයන්න හරි අර ටිකට හිනායන විදිහේ උත්තර ටිකක් දෙන්න ඕනේ....

    1. ඇහ් මේකයි ඔතන තියන අවුල මෑන්ස් මකුලුවෙක් වවුලෙක්ට ලව් කරනවා කියලා අහන්න ඇත්තේ එදාමයි ඉතින් මකුලුවෙක් වලුලෙක්ට ලව් කියන්නේ ඒක අසම්මත ප්‍රේමයක් කියලා හිතාගෙන මකුලුවා මුලින් ආදරේ ප්‍රකාශ කරන එකට විරුද්ධ වෙනවා

    2. එහෙම වෙනවනං ඉතින් ඒ ආදරේ පිලිගන්න එපා පැනලා ගන්න එකෙක්නේ

    3. අහ් පියවරවල් ගොඩක් තියනවා ගගක මුහුදක පනින්න පුලුවන් පස් කන්න පුලුවන් නැත්තං වර්නපාල තියරිය දාන්න පුලුවන් එහෙම නැත්තං කොල්ලට කියලා මුලින් ආදරේ කියලා කියවගන්න පුලුවන් උදා : "ඔයා මට ආදරේනං මාත් ඔයාට ආදරේ කරන්න තිබුනා" එතනදී මුලින් ආදරේ ප්‍රකාශ වෙන්නේ නෑ නේ

    4. අහ් නෑ ගෑනු ලමයට ඕනෙ කෙනෙක් එක්ක කතාකරන්න පුලුවන් සමාජය ගැන හිතලා කතා නොකර හිටියොත් පව්නේ ගෙදර අය ඒ ලමයට කතාකරන්න බෑ කියලා බෙහෙත් කරයි පමහර විට මානසික රෝහලකය දාවි පව්නේ... කෙල්ල ගොලුයි කියලා සමහරවිට කොල්ලා ආදරේ අමතක කරන්නත් පුලුවන්...

    5. පික්ෂුද ආදරේ හිතුනාම ප්‍රකාශ කරන්න කොල්ලට ටෙලිපති තියෙන්න ඕනේ නෑ වෙන කෙනෙක් ලව්වා කියවන්න තමන් ප්‍රකාශ කලා නෙවේනේ එතකොට 3වෙනි එකේ දුන්න උත්තර ටිකම තමා

    හිනා ගියාද මන්දා.....

    ReplyDelete
  8. එක එක ගොබ්බයින්ගෙයි, ගෙම්බියන්ගෙයි වචන වලින් ඇයි ඔයා හිත රිද්ද ගන්නෙ. ඔය සිංහල සංස්කෘතිය නෙමෙ කතා කරන්නෙ.....

    හිතෙ කිසි හයියක් නැති මිනිස්සු අරකයි මෙකයි කිය කිය හෙතු හොයලා පස්සෙ ගොඩක් දුක් වෙනවා අරක කරන්න බැරුව ගියා මෙක කරන්න බැරුව ගියා කිය කිය...

    ඔය ලව් ස්ටොරි එක බොක්ස් ඔෆිස් කඩන්නෙ මංචි එදා අහන්න යද්දිම මකුලුවා ඉස්සර වුණා නම් තමයි.. කොහොම උනත් කොල්ලෙක්ගෙන් අහන්න හිතෙ හයිය තියන කෙනෙක්ව, අනිත් මිනිස්සුන්ගෙ වචනව වලින් හොල්ලන්න අමාරුයිනෙ.

    අනෙ මංචි..... යාලුවගෙ ස්කයිපෙ ඇඩ්‍රස් එක මට දෙන්නකො....

    ReplyDelete
  9. මම අද තමයි මේ පැත්තෙ ආවෙ. හොඳ බ්ලොග් එකක්. දිගටම මේ වගේ ලියන්න. ජයවේවා!!!

    ReplyDelete
  10. ඔහොම හිතන පිරිමි ළමයි හරි සුලබයි.මතුපිටින් රොක් පොරවල් වගේ හිටියට අද සමාජෙ ගොඩ දෙනෙක් ළඟ තියෙන්නෙ ගල් යුගේ මති මතාන්තර.අනික අපේ සමාජෙ ගොඩ දෙනෙක් තාමත් සලකන්නේ ගැහැනිය පහත් 'භාණ්ඩයක්' විදිහට.ඒක නිසා තමයි පහුගිය දවස්වල නිළියන් කිහිප දෙනෙක් ගණිකා වුර්තියෙ යෙදිලා අහු වුණා කියලා ගොසිප් සයිට්වල සිට කට කතා තෙක් ඒක රස කර කර කතා කළේ.මේකට කමෙන්ට් කරපු පුරුෂ පක්ෂය කියලා තිබුණු තුට්‍ටු දෙකේ කතා දැක්කම මට පුදුම හිතුණා.පැහැදිලි ලිංගික ඉරිසියාව තමයි ඒ පෙන්නුවේ.
    දැන් ඔය මකුළු පැංචි ඉස්සර වුණා කියලා බොහොම හිත රිදිලා කතා කරලා තියන කොලු පැංචටත් තියෙන්නෙ අන්න ඒ වගේ ලිංගික ඉරිසියාවක්.තම්න්ගේ පෞර්ෂය පිළිබද ප්‍රශ්නයක්.පිරිමියාට අයිති වැඩ ලෝකෙ වෙනම තියෙනවා.ඒවා ගෑනු කරන්න යන්න නරකයි,ගෑනු අය බබාලා වගේ පිරිපි අය කියන දේ අහගෙන ගෙදර ඉන්න ඕනා කියලා තමයි එයා ව්‍යංගයෙන් කියන්න උත්සාහ කරන්නේ.
    මකුළු පැංචිගේ පෞර්ෂය තමාට නැතිවීම තමයි ඒ යාලුවගේ ප්‍රශ්නය.

    ReplyDelete
  11. ඔය වගේ මෝඩ අදහස් තියෙන අය කොච්චර අපි අතරම ඉන්නවද.මතුපිටින් බැලුවම නම් පේන්නෙ ඇමරිකාවෙ ජීවත් වෙනවා කියලා.අදින්නෙ,පළදින්නෙ බ්‍රෑන්ඩඩ් ඒවා.කන්නෙ,බොන්නෙ වෙස්ටර්න් ෆූඩ්.කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්.ඒත් චින්තනේ ග්‍රාම්‍යයි.හරි ගන්ධබ්බයි.එහෙටත් නෑ,මෙහෙටත් නෑ.ඒ නිසා ඔය වගේ කතා ගැන වැඩිය පුදුම වෙන්න ඕනා නෑ.
    මකුළු පැංචි හිත රිද්ද ගන්න ඕනෙත් නෑ.

    ReplyDelete
  12. මමත් හිතන්නේ කොල්ලෙක්ට වගේම කෙල්ලෙක්ටත් එහෙම අහන්න පුලුවන්,,අපෙන් අහන්න කවුරුත් නෑනේ අනේ මන්දා,,අනික අපි ආදරේ කරන්න ඕනා අපිට වඩා පොඩ්ඩක් හරි වැඩියෙන් අපිට ආදරය කරන කෙනෙක්ට..ඉතින් ඒ ගර්ල් අපිට ගොඩක් ආදරේ හින්දා නේ එහෙම අහන්නේ

    ReplyDelete
  13. හික් හික්....කුජීතයි නේද...කවුදෑ ඔය පුද්ගලික යාලුවා

    ReplyDelete
  14. @මධුරංග:
    අනේද කියන්නෙ...මේක කොල්ලන්ටම ගිය ලෝකයක් වෙනවනෙ එතකොට... :(

    @ගෝල්ඩ්fish:
    හා හා..තරහ ගන්ට කාරි නෑ මාළුවො...හැබැයි පොරගෙන් කෙල්ලෙක් ඇහුවොත් නං පොර එපා කියනෙක කියනවා..ආයි දෙකක් නෑ..(ඇයි අනේ නැහැදිච්ච කෙල්ලෙක්ව බඳින්න පුලුවන්ද...??)

    @අසනි :
    අනිවා අසනි...කවුරු ඉස්සර වුණත් අවුලක් නෑ දෙන්නට දෙන්නා අවංකව ආදරේ නම්...

    ReplyDelete
  15. මමනම් ලැජ්ජා නැති මකරෙක්. දන්නවනෙ නේද ?

    ReplyDelete
  16. @..ChAnDiKa.. :
    කෙල්ලෙක්ට කොල්ලෙක්ට වඩා කාලයක් ආදරේ හිතේ තියාගෙන ඉන්න පුළුවන් එක ඇත්ත,, ඒත් ඉතින් ඉවසීමෙ සීමාවත් තියෙනවනෙ.. :((
    මේවගෙ කොල්ලො හින්දා තමා කෙල්ලන්ට කොල්ලො මහ එපාකරපු ජාතියක් කියලා හිතෙන්නෙ... :(

    @පූසා :
    ඒකනේ පූසෝ... :( (කෝ ඔයාගෙ ලින්ක් එක වැඩ කරන්නෙ නෑ නේ... :((( )

    @සාතන් :
    අනේ හොඳ සාතන්..මගෙ තීරණේට චන්දයක් දුන්නනෙ.. :)
    ඔව් අප්පා...මේ මිනිස්සු හින්දා නැති ප්‍රශ්නත් හැදෙනවා.. :(

    ReplyDelete
  17. @කිඩෝ :
    හයියෝ කිඩෝ....ඔයාගෙ පිස්සු උත්තර වලට මට මැරෙන්න හිනා... මේක ****** දැක්කොත් ආයේ ලැජ්ජාවට මේ පැත්ත පලාතෙ එන එකක් නෑ... :D

    @රවා :
    තව ටික කාලයක් හිටියනං ඒ ටිකත් වෙන්ට ඉඩ තිබ්බා රවෝ.. ඒ වුනාට මං ඉස්සර වුනු එක ගැන මට සතුටුයි,,:))
    හපෝ ස්කයිප් නම නං දෙන්න බෑ... රවාගෙ ලුණු ඇඹුල් මිනිහට දිරවගන්න බැරුව වහ පිව්වොත් හෙම... :D
    අනිවා...මාව වට්ටන්න නං එයාට හම්බ වෙන්නෙ නැතෝ...

    @blog gadol :
    තැන්කූ බ්ලොග් ගඩොල්..ඉඩ තියෙන වෙලාවට ආයෙත් එන්නකො මේ පැත්තෙ.. :)

    ReplyDelete
  18. @Anonymous :
    අනිවා ඇනෝ...මිනිස්සු ගණිකා වෘතියෙ යෙදෙනවා කියලා ගෑනුන්ට ලොවෙත් නැති තිත්ත කුණුහරුප වලින් බනිද්දි අමතක කරන ලොකුම දේ තමයි..ඒ ගැහැනු ලඟට යන්නෙ..ඔය සුදු පිරුවට ඉල්ලලා කෑගහන පිරිමි ජාතියම තමයි කියන එක.. (හැමෝම නෙවෙයි...)
    ගෙදර වැඩට මැසිමක් බලාපොරොත්තු වෙන කොල්ලො නොදන්න දෙයක් තමා..තමන් ආදරෙන් ගෞරවයෙන් බිරිඳට සලකනවනම් නිරායසයෙන්ම ඇය තමන්ට හැමදේම කැමැත්තෙන්ම කරලා දෙන බව...

    @කාංචනා අමිලානි :
    ඇත්තමයි අමිලා...හරිම පුදුමයි මේ විසි එක් වැනි සිය වසෙත් මෙහෙම අය ඉන්න එක..හැමදේම වෙනස් වෙද්දි චින්තනය විතරක් එක තැන පල්වෙන්නෙ මොකද මන්දා.. :O

    @ItalyDilan :
    ඉවසන්න...ඉවසන්න ඩිලාන් අයියේ... පතාගෙන ආපු කෙනා ආවහම ඔතාගෙන යන්න කලින් අපිටත් කියන්න හොඳේ.. :D

    ReplyDelete
  19. @රත්ගමයා :
    පට්ටම කුජීතයි රත්ගමයෝ.... කුජීත වුනත් රත්ගමයා වගේ කාටවත් කරදරයක් නැති විදිහට කුජීත වෙන්ට එපැයි..මෙහෙම සාටර් විදිහට කුජීත නොවී... මගෙ යාලුවෙක්ගෙ ලොක්කයියා නොවැ ඔය..

    @මකරා :
    මකරගෙ මකරිත් ලැජ්ජා නැති මකරියෙක්ද...?? :D

    ReplyDelete
  20. මට මතක නැහැ මන් කියෙව්වේ කොහේද කියලා, කිසියම් දෙයක් විෂයක් ගැන කාන්තාවක් තම විවාහක පිරිමියා එක්ක උනත් කතා කලොත් මනුස්සයා හිතනවාලු ගෑනි වල් කියලා , ඒක නිසා ලංකාවේ බහුතරයක් කාන්තාවන් ඒ දේවල් වලින් සතුටට පත් නොවෙනවලු මොකද හැමදාම ඒ අයගේ කැමති අකමැති දේ හිතේ තියාගෙන ඉන්න නිසා. මේක අවසානයේ බරපතල ප්‍රශ්නයක් වෙනවා කියලත් තිබ්බා :-)

    ReplyDelete
  21. ඕක නිය පිටින් ගහල වීසිකරල දාන්න...මංචි..

    ReplyDelete
  22. @ම :
    ඔය කියනවා ඇත්තෙ පිරිමියෙකුට වගේම ගැහැණියකටත් තියෙන ලිංගික ආශාවන් සහ එය තෘප්තිමක් කරගන්නා විධි ගැන වෙන්න ඇති.. :) ම කිව්ව එක බොහොම හරි.. පිරිමියෙක් තම තමන්ට ඕන විදිහට ගැහැණියගෙන් ප්‍රයොජන ගනිද්දි ඇය තමන්ගෙ සදාචාරත්මක කම ගැන හිතලා නිහඬව ඉන්න වෙනවනම් මොන තරම් අසාධාරණද ඒක..??? ඊට පස්සෙ ඉතින් කෑ ගහනවා..ගෑනි වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා කියලා...

    @'සුළඟ' :
    හ්ම්ම්....ඔව් අනික වවුල්ස්වත්..ඔයාලත් එහෙම නොහිතනකොට ඇයි මම දුක් වෙන්නෙ නේද..??? :)))

    ReplyDelete
  23. අනේ අපි නම් තව පොඩි ලමයි ඕවා දන්නෙ නෑ :P

    මට නම් හිතෙන්නේ ඉතින් එහෙම අවුලක් නැ.. ඕක ඉතින් කාටත් දැනෙන දෙයක් නේ.. ඕක කියපු කෙනා ගෑනුලමයෙක් උනා නම් ඔහොම කියන්නෙ නෑ :P

    ReplyDelete
  24. මකරියො නෑ. හිම කුමාරියෙක්ව හොයනව දැන්

    ReplyDelete
  25. @Yohan Kanishka | යොහාන් කණිෂ්ක :
    පොඩි...පව් අනෙ අපෙ පොඩි ලේනා... :p


    @මකරා :
    හිම කුමාරිට ඔයා ලයින්ද...??? o.O

    ReplyDelete
  26. පොඩි පණ්ඩිත වැඩක් කරන්න ගිහින් තමයි ඒක වැඩ කරන්නේ නැත්තේ :D ඔන්න ලින්ක් එක http://sudupoosa.blogspot.com/2010/09/girlsdont-be-afraid_08.html

    ReplyDelete
  27. ඔය වගේ කොල්ලොත් නැත්තෙම නෑ. ඒත් මම හිතන්නේ අද කාලේ සමාජය ඔය වගේ හණ්මිටි අදහස් වලින් මිදෙන්න ඕනේ කියලා. පැනලා දීමක් වෙන්නේ කොහොමද? ආදරේ කියන දේ ඇති වෙන්නේ කොල්ලොන්ගේ හිත් වල විතරද? අහන ප්‍රශ්න වලට උත්තර දුන්නොත් නම් මෙහෙමයි.
    1.පැංචිගේ මකුළු වවුල් ප්‍රෙමය ගැන මම නම් කවදාවත් එහෙම හිතන්නේ නෑ. මම වුනත් කොල්ලෙක්ට ආදරේ කරනව නම් ඒක කියනවා. සමහරවිට කොල්ලා අකමැති වෙන්න පුළුවන්, ඒත් ආදරේ හිතේ තියන් ඉන්නවට වඩා එයා ඒක දැන ගන්න එක වඩා හොඳයි.

    2.මගේ පිරිමි යාළුවොන්ගෙන් මම ඔය ප්‍රශ්නෙ අහලා තියෙනවා ඒ කවුරුත්ම කියලා නෑ කෙල්ල ආදරේ මුලින් ප්‍රකාශ කරන එක වැරැද්දක් කියලා.

    3. තේරුම් නොගන්නෙ නොකිව්වොත්නෙ අනේ. මම නම් හිතන්නේ නෑ කෙල්ලෙක්ගෙ හිතක තියෙන ආදරේ නොතේරෙන්න තරම් ගල් හිත් තියෙන කොල්ලො ඉන්නව කියලා.එක එක හේතු නිසා ඒ ආදරේ පිලිගන්න බැරි වෙන්න පුළුවන්, ඒත් ආදරේ නොතේරෙනවා කියන්න නම් බෑ. දැන් බලන්නකො වවුල්ස් වුනත් ඔයාව තේරුම් ගත්තානේ. ඔය දෙන්නා තාම යාළුවො විදියට ඉන්නේ ඒ අවබෝධය නිසානේ.

    4. ගෑනු ළමයා තමන්ට ආදරේ බව දැන දැන නිහඬව ඉන්න කොල්ලෝ ඕනේ තරම් ඉන්නව අක්කා. ඒකේ වේදනාව ගොඩාක් දැනෙන්නෙ කෙල්ලට. දැන දැනත් ඇයි මේ මෝඩය සද්ද නැතුව ඉන්නේ කියලා හිතෙනවනේ. ඒ නිසා හොඳම වැඩේ එයා ඒ ගැන දන්න බව හිතෙනවා වගේ නම් හිතේ තියෙන දේ කියලා දාන එක. නැති වෙන්න හරි ලබාගන්න හරි, කියලා දැම්මම හිත ටිකක් නිදහස් වෙනවනේ.

    5. කොල්ලොන්ට මොන ටෙලිපතිද? එහෙම වුනා නම් කොච්චර හොඳද කියලා මටත් වෙලාවකට හිතිලා තියෙනව, එහෙම හිතල ඔළුව අල්ලගෙන දඟලපු වෙලාවලුත් තියෙනව මම නම් :P ..ඕකට මයින්ඩ් එක කන්සන්ට්‍රේට්ද මොකක්ද කරන්න ඕනෙලුනේ..හී හී..

    කොහොම වුනත් කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ ප්‍රකාශ කරන එකේ කිසිම වැරැද්දක්, නැහෙදිච්චකමක් මට නම් පේන්නෙ නෑ..

    ReplyDelete
  28. මේක පුදුම වැඩක් නේ :/
    මොනවා උනත් අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් නේ..ඕන කෙනක්ට තමන් කැමති දෙයක් කොරන්න / කියන්න පුළුවන්..නැද්ද මංචි

    ReplyDelete
  29. @මකරා :
    ආහ්හ්.... ඔය තියෙන්නෙ බඩුත් එක්කම හොරු... :D

    @පූසා :
    ආහ්හ්....ඔන්න ඔහොම දන්න හැටියට ලින්ක් එක දැම්මා නං ඉවරනෙ..හිකිස්.. :D

    @ප්‍රාර්ථනා :
    අනේද කියන්නෙ සවලියෝ....ඒත් ඉතින් සමහරු හිතන්නෙම ඔහොම පරණ විදියටම තමයි... :D

    ReplyDelete
  30. @ChammA :
    අනිවා...ප්‍රජාතන්ත්‍රවාදී රටේ අපි නිදහසේ අදහස් ප්‍රකාශ කරනවා..බලමු කවුද අපිව නවත්තන්නෙ කියලා..නැද්ද...හිකිස්... :D

    ReplyDelete
  31. කොල්ලෙක්ට පුලුවන් නම් කෙල්ලෙක්ට හිත ගියාම ඒ කෙල්ලට ඒ බව කියන්න කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන හිත ගියාම ඒ බව ඒ කොල්ලට කියන්නත් නිදහස තියෙන්න ඕන.
    ඒ බව හිතේ තියාන හිටියා කියලා කොල්ලෙක් ඒ බව තේරුම් ගන්නෙ හරිම කලාතුරකින්. මොකද හිත් කියවන්න තරම් මනස දියුනු කරපු අය නොවන නිසා. තවත් දෙයක්, පරන හණමිටි ඔලුවෙ තියාගත්තු අය තවමත් අපි අතර හිටියට තමන් ජීවත් වෙන්න ඕන තමන්ට තේරුම් යන විදියට හරියි කියලා හිතෙන විදියටයි. එහෙම නැතිව සමාජය හිතන්නෙ මෙහෙමයි කියලා ඒ විදියට අපිත් හිතන්න ගියොත් වෙන්නෙ අපි, වෙනත් අයට ඕන විදියට තමන්ගෙ ජීවිතේ ගෙවන එකයි. එතැනදි අපි අසාර්ථක වුනාම සමාජය අපිට හිනා වෙනවා හැර වෙනත් දෙයක් කරන්න ඉදිරිපත් වෙනවා අඩුයි. ඒ නිසා තමන් හරියි කියන දේ කරන්න බය වෙන්න හොඳ නෑ.

    ReplyDelete
  32. අනේමංදා . මෙහෙම දෙයක් තියෙනවා ළමයෝ . සාමාන්‍යෙන් කෙල්ලෙකුට කොල්ලෙක් ගැන හැගීමක් ඇතිවුණාම බොහෝ දෙනාගේ සිරිත තමයි ඒක වටින් ගොඩින් හෙලි කළත් කෙලින්ම ප්‍රකාශ නොකිරීම . ඒත් මම හිතන්නේ නෑ කෙල්ලෙක් කොල්ලෙක් ගැන හිතේ තියෙන අදහස ප්‍රකාශ කළාය කියලා ඒක වැරැද්දක්ය කියලා . ඒත් අර ඔයාගේ යාළුවා කියලා තියෙන දේ එක පැත්තක් ඇත්ත . ඒ මොකද්ද දන්නවද ? බහුතරයක් පිරිමි ඔය වගේ කෙල්ලෙක් කළාම " පැනලා දෙනවා " කියලා කියනවා තමයි . ඒක , එක එක්කෙනාගේ සමාජ තත්වයත් චර්යා රටාවත් එක්ක හැඩගැහුණු චින්තනයක් . අපිට මිනිස්සුන්ව වෙනස් කරන්න බෑ නොවැ . කාන්තාව යන චරිතයට තදින්ම වෙන්වුණු ආචාරදර්ම රීතීන් දැන් දැන් ටික ටික එහෙ මෙහෙවේගෙන යන කාලයකුයි මේ ගතවෙන්නේ . වරද , ගැහැණූ පිරිමි දෙපාර්ශවයේම බහුතරය අනෙක් පාර්ශව්ය පිළිබදව දක්වන්නේ තමන්ට වඩා වෙනස් යන තැකීමකුයි . අපි කවුරුත් එකහා සමාන අයිතීන් ඇති ඇත්තන් . නමුත් මා එක දෙයක් දකිනවා . ගැහැනියගේ ස්වයං හික්මීම ඇත්තෙන්ම ඇයව ලස්සන කරනවා . නිසැකවම ඇයට එය අබරනයක් .

    ReplyDelete
  33. මකුළු අක්කාගෙන් පොස්ට් එකක් එනකම් බලන් හිටියට මේවගේ එකක් එයි කියල හිතුවේ නම් නෑ....සමාජයේ උගත් යයි හිතාගෙන ඉන්න ගොඩක් කොල්ලන්ගේ මතයක් තමා ඕක.....ගැණු අපිට හිත් නැද්ද...හැගීම් නැද්ද...දැනීම් නැද්ද...ඒවා ඒ වෙලාවට පිට කරන එක පැනල දීමක්ද....පිස්සු තමා...ඔයා වවුල් අයියට අදරේ කරපු එකයි ඒ දේ කියපු එකයි දෙකම හරි....හිත රිද්ද ගන්න එපා එක එක්කෙනාගේ කතා වලින්..තමන්ට හරිනම් අනුන් ගැන හිතන්න එපා .....

    ReplyDelete
  34. ඔන්න ආයෙමත් මකුළු පැන්චි අක්කා ඇවිත් පිස්සු ලිපියක් එක්ක..හික්ස්..
    ඕකට මගේ අදහස නම් මේකයි..කොල්ලොද කෙල්ලොද කියල වෙනසක් නෑ හැමෝටම ආදරේ දැනෙනවනේ..ඔහොම කෙල්ලෙක්ට හිතේ ඇති වුන ආදරයක් ගැන එයාට කියන එක ඒ කාලෙ නම් ගොඩක් දුරට වුනේ නෑනේ..ඒකයි ඔය වගේ කතාවක් තියෙන්නේ..ඒත් දැන් ඕක අදාල නෑ..
    කියන විදියෙ අවුලක් නැත්නම් කෙල්ල කිව්වත් එකයි.කොල්ල කිව්වත් එකයි..
    තමන්ගෙ හිතේ තියෙන දේ බොහොම අහින්සක විදියට කිව්ව කියල ඒක පැනල දීමක් වෙන්නෙ නෑ..
    ප්‍රශ්න සේරටම මගේ උත්තරේ නම් ඕක තමයි අක්කියො..!!!~

    ReplyDelete
  35. @RoshanHerath :
    ඒකනම් ඇත්ත ඔය මොන කතා මිනිස්සුන්ට කියන්න පුලුවන් වුනත්...ආදරේ අහිමි වෙන්නෙත් ,ඒකෙන් දුක හිතෙන්නෙත් අපටමනෙ.. :((

    @සුශාන් ප්‍රියනාත් රත්නායක :
    අපි ගැහැනු පිරිමි,පිටතින් මොන මොන අසමානකම් තිබුනත් හැඟීම් දැනීම් වලින් බොහෝ දුරට සමානයි නේද...?? ඉඉතින් එහෙමනම් ඇයි මේ වෙනසක්...??

    @සිතුවිලි නිහඬයි :
    මමත් හිතුවෙ නෑ සිනියො මෙහෙම පෝස්ට් එකක් ලියන්න වෙවී කියලා.. :((

    ReplyDelete
  36. @sanjaya සිතුවිලි :
    දැන් ඔය මොන වැඩේද හොඳ??? :O

    @ආගන්තුකයා :
    පිස්සු හැදෙන්නෙ නැද්ද මල්ලි මෙහෙම එව්වා වෙනකොට.. :D
    තැන්කූ ඔයාගෙ පිළිතුරට.. :)))

    ReplyDelete
  37. මකුළුගෙ බ්ලොග් එකට මම දාන පළවෙනි කමෙන්ට් එකයි මේ.කලින් ඇවිත් follower කෙනෙක් උනාට මොකද කොමෙන්ටු දාන්න තරම් පිලිවෙලකට කියවලා තිබ්බෙ නෑ නෙව.
    ඕක ගැන මටනම් කියන්න තියෙන්නෙ ඉතිං ඒකෙ වරදක් නෑ කියලා තමා. අනික ඉතිං ඔය මතවාදය තව දියුනු කරලා ගන්න එක කොල්ලො හැටියට අපිට කොයිතරම් සැනසිලිදායක දෙයක්ද? ලොල්ය!! කෙල්ලෙක්ට බොක්කෙන්ම ආදරේ හිතේ තියන් ඒක කියා ගන්න අර පුරුස දයිරියද මොකක්ද එක නැතුව ඉන්න වෙලාවක ඒ කෙල්ලම ඔහොම ඇහුවාම ඉතිං කෙල්ලට බැනිල්ල කොහොම වෙතත් ලගට අරන් "අරවයින් එකක්" දෙන්න තමා මටනම් හිතෙන්නෙ..
    හැබැයි තමංගේ හිතේ එහෙමදෙයක් නැතිවුන පලියට ඒ කෙල්ලව නැහැදිච්ච කෙල්ලෙක් විදියට හංවඩු ගහන එක නං මහ චාටර් වැඩක් (මේ කිව්වෙ වවුල් කුමාරයට නං නෙවේ හොඳේ ).

    ReplyDelete
  38. @ආගන්තුකයා2 :
    හෑ....මෙන්න තව ආගන්තුකයෙක් බොලේ.. :D
    කොල්ලන්ට සැනසිලිදායක වුනත් ඉතින් සමහරුන්ට පරණ මිණි වලලන්න හිතක් ඇත්තෙම නෑනෙ ආගන්තුකයො...හපෝ..කෙල්ල ආදරේ ප්‍රකාශ කරපු ගමන් ඔය එව්වමෙව්වා කරන්ඩ යනව හෙම නෙවෙයි..කෙල්ලගෙන් හැරෙන තැපෑලෙන් අරවා එකක් ලැබෙන්න ඉඩ තියෙනව.. හිකිස්..(වවුල්ස් නං එහෙම නෑ අනේ...මං ඔච්චර එකක් කිව්වට පස්සෙත් ඉස්සර වගේම අගේට හිටියෙ ඒකනෙ ඉතින්...)

    ReplyDelete
  39. ආදරෙයි නම් කවුරු ඉස්සෙල්ලා කිව්වාම මොකද?මුන්ට පිස්සු..මම අක්කගේ වවුල් ප්‍රේමේ ගැන ඔක්කොම කියෙව්වට අද තමයි කොමෙන්ටුවක් දැම්මේ.ගැහැණු ළමයෙක් ඉස්සෙල්ලා ආදරේ ප්‍රකාශ කිරීම නැහැදිච්ච කමක් නම් පිරිමි ළමයෙක් ඉස්සෙල්ල ආදරෙයි කියන එකත් නැහැදිච්ච කමක් වෙන්න එපැයි.මට නම් මිනිස්සුන්ගෙ මේ වගේ හණමිටි අදහස් පෙන්න බැහැ.මට ඔහොම කිව්ව නම් දනී මං කියන දේ..හිකිස්‌!

    ReplyDelete
  40. මකුළු පැංචි ගේ යාලුවා බමුනෙක්ද මන්ද... හික් හික් කරුමෙට ඔය වගේ බමුණෝ තාමත් මේ සමාජේ ඉන්නවනේ....

    ReplyDelete
  41. @දඩබ්බරී :
    තවමත් සමාජය දකින්නෙ ඔය නීති වලට යට වෙලා ඉන්න ඕනකරන්නෙ ගෑනු විතරයි කියලනෙ දඩබ්බරී.. :((

    @Soda ගුනේ :
    අනේ මන්දා බකමූනෙක් වෙන්න බෑ...මොකෙක් වුණත් අපෘශ්ඨවංශිකයෙක්... ලොල්... :D

    ReplyDelete
  42. ඕක පොතක් ලියන්න ඕන මාතෘකාවක්. ඔය මෝඩ අදහස් නිසා කොයිතරම් නම් ආදර කතා වැලලිලා යනවද. කෙල්ල ඉස්සර වෙලා ආදරේ කිව්වොත් ඒ කෙල්ල හරි නෑ කියල හිතන කොල්ලො ගොඩක් ඉන්නව. මගේ අයියල, මගේ යාලුවො පවා කියල තියනව මට ඇහිල තියනව. හැබැයි සහෝදරී මේ දේත් කියන්න ඕන. කෙල්ල ඉස්සර වෙලා ආදරේ කියන එක හරි නෑ කියල කොල්ලන්ට වැඩිය හිතාගෙන ඉන්නෙ කෙල්ලො. කොල්ලම තමයි ඇවිත් කියන්න ඕන කියල 90% විතර කෙල්ලො හිතාගෙන ඉන්නෙ. ඒකට හේතු කීපයක්ම තියනව.

    1. බය
    2. ඔයා කිව්ව වගේ තමන් නරක කෙල්ලෙක් කියල හිතාවි කියන හැඟීම.
    3. බොරු ආඩම්බරය

    ඔය සියලුම හේතු නිසා ගොඩක් කෙල්ලො කොල්ලෙක්ට හිත ගියොත් කරන්නෙ කොල්ලට පොඩි පොඩි හින්ට් දීල කොහොමහරි කොල්ලටම කියල කියව ගන්න එකනෙ. මිනිහට තේරුනේ නැත්තන් ඉතින් සොරි තමයි. අපේ සමාජ ක්‍රමය තමයි ඕවට වැඩියෙන්ම වග කියන්න ඕන.

    ReplyDelete
  43. ඔහොම හිතන කොල්ලො නම් ඕන තරම් ඉන්නව මංචි. ඒකෙන් ගොඩක් කෙල්ලො අසරණ වෙනවා. තමන් ආදරේ කරන කෙනා එහෙම හිතන කෙනෙක් උනොත් කියලා බයටම ආදරය හංගන් ඉන්නවා.කොහොම උනත් තමන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක් ඒ ගැන කියන එක වරදක් නෑ කියලා හිතන්න පුලුවන් නම් කොච්චර හොඳද..

    ReplyDelete
  44. @හංසි++++++
    ඔයාගෙ ප්‍රශ්ණ වලට මට එක උත්තරයයි තියෙන්නෙ. මට කියන්න තියෙන්නෙ ඔයා හරි කියල විතරයි.
    නිකං ඔය මෝඩ අදහස් වලින් හිත රිද්දවගන්නෙපා.
    මොකද අපිටයි කියල හැඟිම් නැත්ද.. ඒව කෙලින් කියන එක ගැන ඔහොම හිතනව නං ඒක කොහෙත්ම වැරදියි.

    ReplyDelete
  45. @හිතුවක්කාරි :
    බොහොම ස්තූතියි හිතුවක්කාරියේ..මගේ බ්ලොගේ දිහා ඇවිත් මෙහෙම අදහස් පලකරනවට...අනේ..ඔව්වේක නං ඇත්ත..කෙනෙක්ට ආදරෙයි කියලා ඒක හිතේ තියන් ඉන්න එක තරම් මානසික වදයක් තවත් නෑ... :((

    ReplyDelete
  46. අදයි අක්කේ මම මේ පැත්තට ආවේ. ඔය ඔයාට ඒ කැත කතාව කියුව කෙනා ඉරිසියාවට කියුව වෙන්න බැරිද? කොහොම වෙතත් , ඕනෑ කෙහෙල්මලක් කියලා කෙල්ල ඇහුවට කමක් නැහැ, කොල්ල උනත් කෙල්ල උනත් මනුස්සයෝ. හැබැයි ඉතින් කොල්ලා කෙල්ලව චාටර් කරන නැත්තම් තමයි හොද..

    ReplyDelete
  47. @Kasun :
    හිකිස්...හපෝයි..ඔයා බොහොම පරක්කු වෙලානෙ රිප්ලයි පෝස්ට් එක ලියලා තියෙන්නෙ.. :D

    @හංසි
    ප්‍රශ්ණේ තියෙන්නෙ එහෙම නොහිතන අයත් හිටියට හරියටම මනුස්සයව අඳුනගන්නෙ කොහොමද කියන එකයි.. :(

    @හිම කුමාරි :
    ඒක නම් ඇත්ත තයඉ හිම කුමාරි.. :) ඒත් ඉතින් අපට සමාජය කියන රැල්ලට විරුද්ධව පීනන්න නම් ලොකු සටනක් දෙන්න වෙනවා තමන්ගෙ හිතත් එක්කම.. :)

    ReplyDelete
  48. @හිතුවක්කාරි :
    බොහොම ස්තූතියි හිතුවක්කාරියේ..මගේ බ්ලොගේ දිහා ඇවිත් මෙහෙම අදහස් පලකරනවට...අනේ..ඔව්වේක නං ඇත්ත..කෙනෙක්ට ආදරෙයි කියලා ඒක හිතේ තියන් ඉන්න එක තරම් මානසික වදයක් තවත් නෑ... :((

    @වර්ණා :
    බොහොම ස්තූතියි නගේ වියමනට ගොඩ වැදුණට...ඔයාවා ආදරයෙන් පිලිගන්නවා.. :) ඔව් ඉරිසියාවට වෙන්ටත් පුලුවනි..ඒත් ඉතින් ඒක එහෙමනම් ඒක මහ විකාර ඉරිසියාවක්.. :D

    ReplyDelete
  49. මෙක නම් පට්ට කතාවක්..ම්න් අහම්බෙන් දැක්කෙ වෙන මගුලක් හොයනකොට..පරන උනත් කොමෙන්ටුවක් දාන්න හිතුනා..ඔය එක එක බක්මුනෝ කියන එව්වට නොට් 2 වොරී..

    ReplyDelete
  50. 2011 කතාවක්.අහම්බෙන් දැක්කේ. අක්කා හරි ඇති. මාත් දැන් අවුරැද්දකට කලින් අයියා කෙනෙක්ට මගෙ ආදරෙ කිවූවා. ඒත් පස්සේ හිතුනා අපරාදේ කිව්වේ කියලා. ගොඩක් අය කිව්වේ මං ඒම කිව්ව එක වැරදි කියලා. ඒ අයියා අන්තිමට එයාට ඕනි විදිහට මාව නැටෙව්වා විතරයි. මං නම් ආයේ කවදාවත් ඒම ඉස්සර වෙන්න යන්නෙ නෑ.

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...