ඔන්න ගොඩක් අය කියපු හින්දයි ,කෙල්ලන්ගෙ ලැජ්ජාව අමුතුම මිම්මකින් මනින කොල්ලො හින්දයි , පුංචි කතන්දරයක් මෙගා ටෙලියක් වෙන එක ගැන පසුතැවිල්ල පැත්තකින් තියලා මංචි තීරණය කළා වවුල්ස්ගෙයි -මකුළුගෙයි කතාව අද තියෙන තැන දක්වාම ලියන්න...
අද කතාව පටන් ගනිද්දි මංචි ඉන්නෙ නුවර...
පුංචිම පුංචි කාලෙ දෙතුන් පාරක් ගියාට පස්සෙ ආයෙමත් වතාවක් නුවර පෙරහර බලන්න යන්න මංචිට අවස්තාව ලැබුණේ.....පහුගිය වසන්ත නිවාඩුවට ගෙදර ගියාමයි..හදිස්සියෙම තමයි මංචිගෙ කසින් සහෝදරී කතාකරලා කිව්වෙ පෙරහැර බලන්න පාසස් වගයක් එයාටයි මස්සිනා කාරයටයි ලැබෙන බව..(ඒ දෙන්නා පොලොස් කොට්ටෝරුවො ඩබලක්නෙ..ඒකයි ඔය..හිකිස්....)....
බූට් එකක් කාලා දුක සේ හිටියා වුණාට මංචිත් මේ ගමන යන්න එකතු වුණේ බොහොම ආසාවෙන්..ගෙදරටම වෙලා දුක්බර සිතුවිලි එක්ක තනිවෙනවට වඩා එළියට බැහැලා ඔහොම එහෙකටවත් යන්න තියෙන එක වටිනවනෙ..අනික ගෙදර ඉඳිද්දි අම්මත් බර බරේ....කාමරේට වෙලා ඔහේ ඉන්නව මිසක්කා එළියට බැහැලා වචන දෙක තුනක්වත් කතාකරන්නෙ නැති හැටි කිය කියා දවස තිස්සෙම කෑගහන එකම තමා ඉතින් වැඩේ..
වවුල්සුත් මේ දවස් වල එයාගෙ පුංචිලගෙ ගෙදර නවතින්න ගිහින් නිසා මංචිටයි වවුල්ස්ටයි කතාකරන්න වුනෙත් අඩුවෙන්...දවසට එකපාරක්වත් කතාකරනවනම් තමයි..ඒත් වෙනද වගේ දිගට පැය ගනං ඇදෙන කතාබහ දෙන්නම හිතලම මග ඇරියෙ හිත්වල ඇති වුණු කළබලේ ටිකක් පිළිවෙලක් වෙන්නත් එක්කයි...විශේෂයෙන් මංචිගෙ දුක තුනී වෙලා ආයෙ ට්රැක් එකට වැටෙන්නත් කාලයක් ගතවෙනවනෙ...
ඉතින් නුවර පෙරහැර බලන්න ගිය නිසා වෙනදට වඩා වෙලාවනම් ඉක්මනට යනවා වගේ දැනුනා.. ඒ වුනත් ඉඳලා හිටලා හිතනම් එහෙ මෙහෙ නොගියම නම් නෙවෙයි...වවුල්ස්ට ඉඳ හිට වචන දෙක තුනක් කතාකරන්න ලැබුනත් ඒකෙන් ඒ හැටි සැනසීමක් ලැබුණෙත් නෑ..මොකද මංචිට වුවමනා වෙලා තිබ්බෙ ආයෙත් ඉස්සර තිබුණු තත්ත්වෙට මේ යාලුකම අරගෙන එන්න..වවුල්ස් නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා හිටියෙ නැතිම තරම්..ඒත් මංචිගෙ හිත තවමත් දෙදරලයි තිබුණේ..
මිනිස්සු පොර කකා බොහොම අමාරුවෙන් පෙරහැර බලද්දි අපිනං අක්කගෙයි අයියගෙයි පාස් වල පිහිටෙන් උඩ තට්ටුවක ඉඳලා නිදහසේ පෙරහැර බැලුවා හැබැයි..මංචිට ටික වෙලාවකට හිතේ තිබ්බ ඔක්කෝම දුක අමතක වුණා කිව්වොත් හරි.. ඒ තරම්ම ලස්සනයි..කොහොමින් කොහොම හරි පෙරහැර ඉවර වෙලා ආපහු ගෙදර එන්න පහලට බැස්සා විතරයි..මෙන්න බොලේ සාක්කුව ඇතුලෙ දු.ක. නාද වෙනවද කොහෙදෝ..එකත් එකටම යාළු මාලුවෙක් වෙන්ටැති කියලා තමා මංචිනං හිතුවෙ..
බැලින්නම් මෙන්න වවුල්ස්ගෙන් කෝල් එකක්....සෙනග ගොඩ අස්සෙ ෆෝන් එක ඇදගෙන ඉන්න එපා කියල ලොකු අම්මා බරබරේ දාද්දිම වුණත් මංචි කෝල් එකට ආන්සර් නොකර හිටියෙ නෑ ඕං..දඩ බඩ ගාලා කළුවරේ ඕක අදිද්දි තව ටිකෙන් කානුවකට කකුලත් දානව... (හිකිස්...)
පෙරහැර බලලා මූඩ් එක ෆික්ස් වෙලා තිබ්බ නිසාදෝ කාලේකට පස්සෙ ඔන්න ඒ වෙලාවෙ තමයි මංචිට ආයේමත් වවුල්ස් එක්ක ඉස්සර විදිහටම කතා කරන්න පුලුවන් වුනේ..ඉස්සර විදිහටම කියන්නෙ ඉතින් සැහැල්ලුවෙන්..කටට එක ඕන දෙයක් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කියලා දාන එකය කිව්වොත් හරි..හැබැයි ඉතින් වවුල්ස්නං රෑ මැද්දෙ මේ කතාකරලා තිබ්බෙ පොඩි අවුලක් නිසයි.. මිතුරෙක් සහ ණයක් පිළිබඳ ගැටලුවක්..
ණය දීමත් ගැනිමත් දෙකම වහකන්න වෙන සිද්දි දෙකක් බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ...ඉතින් ඔය වගේම සිද්ධියක් නිසා වවුල් කුමාරයගෙ හිත හොඳටම රිදිලා..මංචිටත් ඉතින් මාර දුකයි..පුලුවන් දේවල් කියලා..හිනා යන්නෙත් නැති විහිලුත් තොගයක්ම කරලා කරලා ඕං හිත හැදුවා යාන්තමින්... ඒ අස්සෙ මෙන්න බොලේ ඉස්සරහ සීට් එකේ ඉඳගෙන ඉන්න ලොකු අක්කා රබර් කණ දානවා මගේ දිහාට..හිකිස් මං අහුවෙයි ඕවට..
ශේප් එකේ අපේ රහස්ය බාසාවෙන් වවුල්ස්ටත් ඔත්තුව දීලා ටික වෙලාවක් නිකම් බහුබූත කෝලං කියව කියව හිටියා...වෙලාවට වවුල්ස්ටත් වචනයයි දෙකයි කියන්න ඕනෙ...වැඩේ ගානට ක්ලික් වෙනවා... :D ....අක්කටත් ඔන්න විනාඩි 2-3කින් හිතුනා මං මේ ලංකාවෙ යාලුවෙක් එක්ක ආගිය තොරතුරු කතාකරනවය කියලා...(හිකිස්....)
ආයෙමත් ඉතින් ඔන්න මල් කඩන රස්සාව පටන් ගත්තා... කොහොම කොහොම හරි ගම්පහට යනකල්ම ඔහොම කතාකරලා ආයෙමත් ට්රැක් එකටම ආවාය කියමුකො.. එදා ඉදන් ඉතින් ආයෙත් ඉස්සර වගේම තමයි... ඒත් ඉතින් මංචියි වවුල් කුමාරයයි ඉස්සර දේවලුත් කතාකරනවා ඉඳහිට..මංචිනම් ඒ දේවල් කතාකරන්න ඒ තරම්ම කැමති නැති වුණත් (මොකෝ තුවාලේ තියෙන එකානෙ වේදනාව දන්නෙ...නැද්ද..?? හිකිස්) වවුල්ස් නං හරිම කැමතියි ඒ ගැන කතාකරන්න...
ඔහොම කතාබහ කරකර ඉඳිද්දි තමයි නිවාඩු කාලෙත් ඉවර වෙන්න ලංවුණේ......වවුල්ස් යන දවස තමයි කලින්ම ආවේ.... මාස දෙකකින් විතර වවුල්ස්ව දැක්කෙත් නැති එකේ එක පාරටම මංචිට පහල වුනේ නැතැයි පුදුම ආසාවක්... ඒ තමා වවුල්ස් යන දවසට එයාර්පෝර්ට් යන්ට.. (හරි හරි....ඊට දවස් දෙකකට පස්සෙ මංචිත් ආයෙ වසීලීස්සගෙ රටට එනව නං තමයි..එතකොට ඉතින් හිතේ හැටියට බලාගන්ට බැරියෑ...)
ණය දීමත් ගැනිමත් දෙකම වහකන්න වෙන සිද්දි දෙකක් බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ...ඉතින් ඔය වගේම සිද්ධියක් නිසා වවුල් කුමාරයගෙ හිත හොඳටම රිදිලා..මංචිටත් ඉතින් මාර දුකයි..පුලුවන් දේවල් කියලා..හිනා යන්නෙත් නැති විහිලුත් තොගයක්ම කරලා කරලා ඕං හිත හැදුවා යාන්තමින්... ඒ අස්සෙ මෙන්න බොලේ ඉස්සරහ සීට් එකේ ඉඳගෙන ඉන්න ලොකු අක්කා රබර් කණ දානවා මගේ දිහාට..හිකිස් මං අහුවෙයි ඕවට..
ශේප් එකේ අපේ රහස්ය බාසාවෙන් වවුල්ස්ටත් ඔත්තුව දීලා ටික වෙලාවක් නිකම් බහුබූත කෝලං කියව කියව හිටියා...වෙලාවට වවුල්ස්ටත් වචනයයි දෙකයි කියන්න ඕනෙ...වැඩේ ගානට ක්ලික් වෙනවා... :D ....අක්කටත් ඔන්න විනාඩි 2-3කින් හිතුනා මං මේ ලංකාවෙ යාලුවෙක් එක්ක ආගිය තොරතුරු කතාකරනවය කියලා...(හිකිස්....)
ආයෙමත් ඉතින් ඔන්න මල් කඩන රස්සාව පටන් ගත්තා... කොහොම කොහොම හරි ගම්පහට යනකල්ම ඔහොම කතාකරලා ආයෙමත් ට්රැක් එකටම ආවාය කියමුකො.. එදා ඉදන් ඉතින් ආයෙත් ඉස්සර වගේම තමයි... ඒත් ඉතින් මංචියි වවුල් කුමාරයයි ඉස්සර දේවලුත් කතාකරනවා ඉඳහිට..මංචිනම් ඒ දේවල් කතාකරන්න ඒ තරම්ම කැමති නැති වුණත් (මොකෝ තුවාලේ තියෙන එකානෙ වේදනාව දන්නෙ...නැද්ද..?? හිකිස්) වවුල්ස් නං හරිම කැමතියි ඒ ගැන කතාකරන්න...
ඔහොම කතාබහ කරකර ඉඳිද්දි තමයි නිවාඩු කාලෙත් ඉවර වෙන්න ලංවුණේ......වවුල්ස් යන දවස තමයි කලින්ම ආවේ.... මාස දෙකකින් විතර වවුල්ස්ව දැක්කෙත් නැති එකේ එක පාරටම මංචිට පහල වුනේ නැතැයි පුදුම ආසාවක්... ඒ තමා වවුල්ස් යන දවසට එයාර්පෝර්ට් යන්ට.. (හරි හරි....ඊට දවස් දෙකකට පස්සෙ මංචිත් ආයෙ වසීලීස්සගෙ රටට එනව නං තමයි..එතකොට ඉතින් හිතේ හැටියට බලාගන්ට බැරියෑ...)
ඒ වුණට ඒ වගේද ගෙදරට බොහොම සාධාරණ හේතුවක් කියලා පොඩ්ඩක් මූණ බලාගත්තම නැද්ද...හිකිස්... ඒ නිසා බොහොම සීරුවට පැලෑනක් එහෙම ගහගෙන කොහොම හරි මංචි ආසාවනම් ඉස්ට කොරගත්තා ඕං..හැබැයි කොහොමද කියලා කියන්නෙ ඊලඟ දවසෙ හොදේ....... :)))
ආහ්හ්..කියන්න අමතක වුණානේ....අර උඩ දාලා තියෙන පින්තූරෙ නිකම්ම දැම්මා නෙවෙයි... අගෝස්තු මාසේ යෙදිලා තිබුණු වවුල්ස්ගෙ උපන්දිනේ නිමිත්තෙන් මංචිගෙන් වවුල්ස්ට තෑග්ගට ලැබුණේ ඔන්න ඔය key ring එකේ best පාර්ට් එක.. :)))...උපන්දිනේට මංචි වවුල්ස්ට කාර්ඩ් යවපු සිද්දියත් නියම කතාවක් ඒකත් ඊලඟ එකෙන්ම කියන්නම්කො එහෙනම්... :))
එතකල් හැමෝටම ජයවේවා... :)
මේක මෙගා ටෙලියක් වුනාට කම්මැලි හිතෙන්නේ නම් නෑ... මංචි...
ReplyDeleteඅර රහස්ය භාෂාවේ අත්දැකීම් නම් ඉතින් මටත් තියෙනව..හිකිස්..
ReplyDeleteඔය අනිත් අය රබර් කණ දැම්මට අපි අහුවෙයි නේද මංචි ඕවාට..;)
බලමුකෝ දැන් මංචි සීරුවට ගහපු ප්ලෑන් එක මොකක්ද කියලා ඊලගට... ආ අහන්නත් බැරි උනා කොහෙද අප්පේ මෙච්චර කල අතුරුදහන් වෙලා හිටියේ..
මංචිට මතකද මන්දා.ඔය නුවර පෙරහැර බලපු කතාව මට මංචි කිව්වා. නමුත් එතනට වවුල් කුමාරයා සම්භන්ධයි කියලා නම් කිව්වේ නෑ.
ReplyDeleteමේක සීරීස් එකක් කරලා ලියන්නද මකුලු පැංචිගේ කල්පනාව. හොදයි හොදයි. සීරීස් එකක්ම වේවා
හි හි ..කම්මැලි නම් නෑ පොඩ්ඩක්වත්..ඉතුරු ටිකක් ඉක්මනට ලියන්නකෝ අක්කා..
ReplyDeleteඅර රහස්ය භාෂාව පොඩ්ඩක් කියල දෙන්න බැරිද? :D :D
ඔන්න මාත් පටන් ගත්තලු ඉතින් බ්ලොග් එකක් ලියන්න...ඔයා දවසක් අහපු නිසා කිව්වේ.. :)
අප්පේ ඇති යන්තම් දාල...ඉතින් ඊට පස්සේ...( අක්කේ එක්සැම් ඉවරද...හොදට කලා නේද...)
ReplyDeleteරහස් භාෂාව විතරක් නෙමෙයි ෆෝන් එක කනේ ගහගෙන අනිත් එවුන්ට ඇහෙන නෑහෙන ගානට මුමුනන්න පුලුවන් වෙන්නෙත් ඔය කාලෙට තමා නේද...............
ReplyDelete@ගෝල්ඩ්fish :
ReplyDeleteහිකිස්....අනේ එහෙනම් කමක් නෑ අප්පා...මම මේ මාර බයේ හිටියෙ..මේකත් අර මහගෙදර වගේ සීන් එකක් වුණොත් කියලා...තැන්කූ මාළු අයියේ... ඒක නෙවෙයි බොල අයියේ කෝ යශෝදරාවත...?????
@ChammA :
අනිවා චම්මො...අපි ඕවා ඉගෙනගත්තෙ කිරිබොන කාලෙනේ...හිකිස්.. :D හනේ ලොකු ප්ලෑනක් නෙවේ අප්පා...සිම්පල් ප්ලෑන් එකක්...:)) පොඩි විබාග අබාග වගයක් තිබ්බ අනේ..ඒ නිසයි අතුරුදහන් වෙලා වගේ හිටියෙ.. :D
@මධුරංග :
ආහ්හ්....මම පෙරහැර ගැන කිව්වද...?? :)) අයියෝ වවුල්ස් ගැන කියන්න ලැජ්ජයිනෙ අනේ එහෙම.
අනේ නෑ අයියේ..ඉක්මනට ඉවරකරනවා..වැඩිය අදින්නෙ නැතුව.. :D
@ආගන්තුකයා :
ReplyDeleteඅනේ කම්මැලි නැත්තම් එච්චරයි.. :) අයියෝ රහස්ය භාෂාව එච්චර ලොකු දෙයක් නෑ.. තමන්ගෙ නිතරම ඇසුරු කරන ගෙදර අය අතර ජනප්රිය යාලුවෙක්ගෙ නම දෙපාරක් තුන් පාරක් කියවෙන විදිහට මොනාහරි වල්පල් කියවන්නයි තියෙන්නෙ..හිකිස්..හැබැයි එහා පැත්තෙ කෙනත් තේරුම්ගන්න ඕනෙ සිද්ධිය,,:D
ආහ්හ්හ් බ්ලොග් එකක් පටන් ගත්තද??....කෝ කෝ දාන්න දාන්න ලින්ක් එක...
@සිතුවිලි නිහඬයි :
හෙහ් හෙහ් ඔව් සිනි...විබාගෙනං අවුලක් වුණේ නෑ... :)
@පිණිබිඳු... :
රහස් භාෂාව නං හොඳට තේරුණාට වවුල්ස්ට ඔය මුමුනන ඒවනං දිරවන්නේ නෑනේ පිණිබිඳු... :(( කියන දෙයක් මහ සද්දෙට තමා කියන්න වෙන්නෙ...නැත්තං ඊට හයියෙන් ආආආආආආආආ..... ගානවා,,හිකිස්
ඒ මකුලියේ, මගේ නෙක්ස්ට් ෆිල්ම් එකට මං ඔයාගේ ස්ටෝරිය ගන්නවා හරිද.. :D කැරැක්ටර්ස් ගැන නම් සලකා බලන්න වෙනවා :D :D
ReplyDeleteලස්සනට ලියලා තියෙනවා. මොකද්ද අප්පේ වසීලිස්සගෙ රට?
ReplyDeleteඔක්කොම හොඳයි මේ හිකිස් එක් ඇහෙනකොට තමයි කතාව තව ලස්සන වෙන්නේ , සුන්දර යව්වන කතා බහට අපි නොගැලපේද නොදනිතත්
ReplyDelete, මමත් කියෙව්වා , හරිම ලස්සනයි , අපිටත් අපේ තරුණකාළේ මතක් වෙනවා ....
බුදු අම්මෝ!! නුවර සිට ගම්පහ තෙක් කෝල් එකේ!! රහස්ය භාෂාව කොහොම වෙතත් අක්කට නම් ඒකෙන්ම වැඩේ මීටර් ඇති? අර පැලෑන ගැනත් ඉක්මනට කියන්න. අපිටත් ඕව උවමනා වෙන්න ඉඩ තියනව! හිකස්..
ReplyDeleteහොඳයි, ලස්සනයි, අමුතුයි, දිගටම ලියන්න මකුලි පැන්චි
ReplyDeleteවවුල අගෝස්තුද?... එල එල... ළඟදිම කේක් කන්න පුළුවන්... කොහොමත් අගෝස්තුවල ඉපදෙන්නෙ එල කොල්ලො තමා...
ReplyDeleteමම දාන්න හිටපු එක ඔන්න Chart Reader දාල... මමත් ඒකම කිව්ව කියල හිතාගන්නකො ;)
ReplyDeleteඅඩේ මංචි අක්කා වවුලගේ උපන්දිනේට අපටත් කේක් එකක් තැපෑලෙන් හරි එවන්න... ආ ඒකනෙවෙ අර ලැජ්ජාව මැනපු සීන්එකේ අවසානය කිම?
ReplyDeleteඅලේ....කාලෙකින් මේ පැත්තේ ආවේ....කතාව දිගටම ගිහින් තියෙන්නේ...මම නම් මුලින්ම කිව්වා සභාතොමෝ අසතුටින් විසිර යන්නේ නෑ කියලා....හිහි
ReplyDeleteඉසුරු දෙවිඳු, උමයංගන සේ පෑහෙන්නයි!
ReplyDeleteහා හා.. වවුල්ස් අගෝස්තුද? නියමයි,, අගෝස්තු වල ඉපදෙන්නේ එල කට්ට්ය නම් තමයි. හී හී...
ReplyDeleteවවුල්ස් ටික ටික දැලට අහු වෙනවා වගේ මට නම් පේන විදියට..
@Bunny :
ReplyDeleteහලි හලි...හැබැයි ඔන්න ප්රධාන චරිතෙට මාව ගන්න ඕනෙ හරිද... :P
@blog gadol :
තැන්කූ බ්ලොග් ගඩොල්..වසීලීස්සගෙ රට කියන්නෙ රුසියාවටනෙ යාලු...
@මහේෂ් නිශාන්ත :
හිකිස් කියන එක නම් අර කතාකරන භාෂාවෙන් ලියනව වගේ ලියන නිසා ඉබේටම තමා යෙදෙන්නෙ.. :)))
අයියෝ අපේ හෙද තුමා තාම හදවතින් තරුණ බව අපි හොඳටම දන්නවා ඔබතුමා බොහොම ලස්සනට හිත නොරිදෙන්න බ්ලොග් ලිපිවල දවටලා දෙන ගුරුහරුකම් දුටුවහම.. මගේ දුප්පත් බ්ලොගේටත් ආවාට තුති.. :))
@ආගන්තුකයා :
ReplyDeleteහික් හික්... අවුලක් වුණේ නම් නෑ... ඩයලොග් කපල් පැකේජෙ පිහිටෙන්.. :) අනිවා අනිවා..ඔය ප්ලෑන්ස් මතක තියාගන්න හොඳේ..
@රොෂාන් :
ස්තූතියි රොෂාන්...ආයෙත් අපෙ දිහා එන්න..:)
@Chart Reader :
ඔව්නෙ එයා අගෝස්තු.. මම නං ජනවාරි..හැබැයි දෙන්නම මාස දෙකේ එකම දිනේ.. :D (දිනේ අහන්න ඔට්ටු නෑ ඔන්න)
@සාතන් :
ReplyDeleteහා..මං එහෙම හිතාගන්නම්කො..සාතනුත් අගෝස්තුද??
@කිඩෝ :
තැපෑලෙන් එවන්නෙ මොකටද කිඩෝ..මේ සැරේ උපන්දිනේට එයා ලංකාවෙනෙ.. :))එයාගෙන්ම ඉල්ලගන්න..
ලැජ්ජාව මැනපු සීන් එක එදයින් ඉවරයි කිඩෝ..ආයෙ එහෙම යාලුවො ඕන්නෑ කියල හිතුවා.
@මකුළුවා..... :
අපෝ නෑදෑයින්ට ඉතින් අපිව මතක් වෙන්නෙ හාවා හඳ දකින්නා වගෙනෙ ඉතින්.. නිමි නම් නෑ වගේ තමයි.. :))
@පොත් ගුල්ලා :
ReplyDeleteඅනේ බොහොම ස්තූතියි යාලුවේ... :))))
@ප්රාර්ථනා :
ඔව්නෙ නගේ වවුල්ස් අගෝස්තු..
අනේ ඔන්න මමනං දැල් එලන්නෙ නෑ..එයාට එයාගෙ පාඩුවෙ ඉන්න දෙන්න තමා මම මේ වෙද්දි තීරණය කරලා තිබ්බෙ.. :D
This comment has been removed by the author.
ReplyDeleteඅමුතු කතාවක් තමයි.මකුළු පැංචි ලියන ස්ටයිල් එක හොඳයි.හැබැයි මම මේ කතාව මුල ඉදන් දන්නෙ නෑ.ටික දවසක් දෙන්න.මම පරණ පෝස්ට් ටිකක් කියවලා දැනුවත් වෙලා එන්නම්.
ReplyDeleteෂා...... මේකනම් නියම ආදර අන්දරයක් තමා... <3
ReplyDelete@කාංචනා අමිලානි :
ReplyDeleteහෙහ් හෙහ්...තැන්කූ කාංචනා සහෝ..ඔව් මුලක ඉඳන් කියවන්නකෝ..නැත්තන් නොදැන කතරගම ගොයා වාගෙ තියෙයි.. :D
@හිතුවක්කාරි :
හෙහ් හෙහ්....තැන්කූ හිතුවක්කාරියේ... ♥