ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

සිහින...සැතකින් සිඳින්නට පෙර.....!!!




     මංචිලාට සති කිහිපයකට කලින් ඉගෙන ගන්න යෙදිල තිබුණු විෂයය තමයි ''ප්‍රසව වේදය''..එහෙමත් නැත්නම් OBSTETRICS (කෙටියෙන් නම්..Obs)....කියන්නෙ...cycle එක (අධ්‍යයන කාලය) තිබුණු සති දෙකම කම්මැලි කමක් නැතුව ඉගෙන ගන්න ආස හිතෙන පාඩමක් තමයි Obs. කියන්නෙ...ඒ කාලෙදි වෛද්‍ය විද්‍යාත්මක දැනුම ඇරුණහම ඇත්තෙන්ම අමුතුම අත්දැකීම් ගොඩකුත්....ඉතාම සංවේදී සිදුවීම් කීපයක මතකයනුත් ජීවිතේට එකතු වුණා කිව්වොත් තමා වඩාත්ම නිවැරදි.. 


     ඒ ගෙවුණු දවස් 12දි ලැබුණු ජීවිතෙ වටිනම අත්දැකීම් ගැන නම් බ්ලොග් එකේ ලියන්න මංචි කලින්ම තීරණය කරල තිබුණ වුණත්...බෙදාගන්නට කොහොමටවත් බලාපොරොත්තුවක් නොතිබුණු අත්දැකීමක් ගැනත් ඔයාලත් එක්ක බෙදාගන්න ඕන කියල මංචිට හිතුණේ මංචිටත් අයියණ්ඩියෙක් වෙන..බ්ලොග් අවකාශයෙ ඉන්න ඔයාලගෙන් ගොඩක් අය හොඳින්ම වගේ අඳුනන ''වර්ණ'' වලට පණ පොවන දිනේශ් අයියගෙ පෝස්ටුවක් දැකලයි....obs අන්තිම සතියෙදි දැනුණු කම්පනය ඒ පෝස්ටුව කියවලා ආපහු අලුත් වුණු නිසයි මංචිත් මේ ගැන ලියන්න හිතුවේ....


     දැනටමත් ඔයාලා ඒ පෝස්ට් එක කියවලා තියෙනවනම් දන්නවත් ඇතිනෙ...දිනේශ් අයියා එයාගෙ කවිපද අතර දිග ඇරල තිබ්බෙ මොනා ගැනද කියලා..ඉපදුණාම තාත්තය කියල පෙන්නන්න කෙනෙක් නැති නිසාම අම්මෙක් තමන්ගෙ දරු ගැබ විනාශ කරලා දාන්න යද්දි ඒ දරුවට දැනෙන හැඟීම්....ඇත්තෙන්ම හරිම වේදනාත්මකයි...


     ඉතින් කොහොමද මේ සිද්ධිය මංචිගෙ Obs cycle එකේ අත්දැකීම් එක්ක සම්බන්ධ වෙන්නෙ....???


     මාතෘ සායන විද්‍යාව යටතෙ යෙදෙන්නෙ ගර්භනී සමයෙ ඉන්න මවක් පිළිසිඳ ගත්ත දවසෙ ඉඳල..දරුවා බිහි කරන දවස වෙනකල් අම්මගෙත් දරුවගෙත් යහපත් පැවැත්ම ආරක්ශා කරගන්න වෛද්‍යවරයෙක් විදිහට මොනාද කරන්න ඕනෙ කියන කාරණා-කාරණායි....එතකොට දරුවෙක්ගෙ ජීවිතේ ආරක්ශා කරන එක වගේම නැති කරලා දාන එකත් ඉගෙනගන්න වෙන්නෙ ඒ යටතෙමද...???


     අවාසනාවකට වගේ...උත්තරේ ''ඔව්'' කියන එකයි...!!


     ලංකාවෙනම් ගබ්සාව නීතියෙන්ම තහනම් වුණාට...මකුළු පැංචි ඉගෙන ගන්න මේ රටේ...ගබ්සාව කියන්නෙ නීතියෙන් සම්මතයි කියල පිළිගත්ත දෙයක්....ඕනම හේතුවක් යටතේ 'ගබ්සාව' නීතිගත කරපු මුල්ම රට රුසියාවලු....ඒත් පස්සෙ කාලෙකදි පොඩි හරි වාසනාවකට ඒ නීතිය ''කළලයේ වයස සති 12ට (මාස තුනකට) වඩා අඩුනම් පමණක්'' කියන සීමාවෙන් කප්පාදු කරන්න කටයුතු කරල තියෙනවා...


     ඒ වුණත් කාරණා කීපයක් යටතේ...ඒ කියන්නෙ...

  1. ගර්භනීභාවය දිගටම පවත්වාගැනීම නිසා මවගේ ජීවිතයට තර්ජනයක් එල්ල වේ නම්...
  2. දරුවා බිහි වුණත් ශාරීරික හෝ මානසික සංකූලතාවයන් නිසා සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න බැරි බව වෛද්‍යවිද්‍යාත්මකව තහවුරු වේ නම්...
  3. ලිංගික අතවරයකට ලක්වීම නිසා සිදුවුණු අනවශ්‍ය ගැබ්ගැනීමක් නම්... හෝ...
  4. උපත්පාලන ක්‍රම භාවිතයක හෝ සැත්කමක අසාර්ථක භාවයක් නිසා සිදු වුණු ගැබ් ගැනීමක්...(ඔප්පු කළ හැකි සාධක සහිතව)

     කියන නිර්දේශ යටතේ ගර්භනී සමයේ ඕනම අවස්ථාවකදි ගබ්සාවක් ඉල්ලාසිටින්න රුසියානු ජාතික මවකට අවසර තියෙනවා...ඒ වගේම ඒ සඳහා වුවමණා කරන්නෙ ''මවගේ කැමැත්ත'' පමණයි....!! (පියාගෙ කැමැත්ත වුවමණා වෙන්නෙ නෑ)


     ඉතින් අපි මොන වගේ අදහසක්..මතයක් දැරුව වුණත්..ඒ ගැන ඉගෙනගන්න..දැනුවත් වෙන්න..මංචිලටත් ඉබේටම සිද්ධ වුණා...


     මේ ගැන පොතපතින් කියවද්දි පවා දැනෙන්නෙ ලොකු දුකක් තමයි..ඒ වුණත් සජීවී ගබ්සා සැත්කමක් දකින්න ලැබෙන එක නම් ඊට වඩා හරිම වෙනස් දුක්මුසු අත්දැකීමක්.....අවංකවම කිව්වොත් ලොකුම ලොකු කම්පනයක්... :((


     ඒ අතින් නම් අපි සෑහෙන පවක් කරලා ඇති...ජීවත් වෙන්න පෙරුම්පුරන ජීවිතයක් නැති කරන හැටි දකින්න තරම්... 


     ශල්‍යකර්මයේ බලාගෙන ඉන්න අමාරුම තැන තමයි...විවිධාකාර සැත්කම් උපකරණ අම්මගෙ යෝනී මාර්ගය හරහා ගර්භාශයට ඇතුල් කරල ගර්භාශ බිත්තියෙ කොටස් එක්කම කළලය එලියට අරගන්න ක්‍රියාවලිය...


      කළලය එළියට අරගන්නව කිව්වහම ඔයාලට මැවෙනව ඇත්තෙ ෆොසෙප් එකෙ එල්ලිලා චුට්ටන්ම චුට්ටන් බබෙක් එළියට එන හැටිද...???


     අපෝ නෑ...එච්චරවත් සුන්දර මවාගැනීමක් කරන්න කොහෙත්ම ඉඩක් නෑ.....ඒ පුංචි ජීවිතේ එළියට එන්නෙ...අර අඩූ පඬු වල පැටළිලා සම්පූර්ණයෙන්ම ලේ වලින් නෑවුණු පටක කොටස් විදිහටයි...හරියට සතෙක් මස් කරද්දි කෑලි කැඩිලා තැලිලා පොඩි වෙලා ගිය අතුණු බහන් වගෙයි...


     බලන්න මේ රූප දිහා....තමන්ගෙම ලෙයින් මසින් හැදුණු දරුවෙකුට මේ අපරාධය කරන්න...හදවතක් තියෙන....අම්මෙක්ට තාත්තෙක්ට පුළුවන්ද ඇත්තටම..... 



කාසියක් තියල තියෙන්නෙ ප්‍රමාණය ගැන අදහසක් ඇතිකරගන්නයි....

විනාශ වෙලා ගිය බලාපොරොත්තු.....


තවත් එක අහිංසකයෙක්.... :(




     උල් කතුරු....අඬු උපකරණ නපුරු සත්තු වගේ තමන්ගෙ දිහාට ලං වෙද්දි...කොයි මොහොතකදි හරි තමන්ගෙ ජීවිතේට හානියක් වෙයි කියලා බයේ ගැහෙන පුංචිම පුංචි ප්‍රාණියෙක් ගැන එක මොහොතකට හිතන්න...''අනේ මාව මරන්න එපා'' කියලා කෑගහන්න වත් පුලුවන්කමක්වත් නැතුව අසරණ වෙන...අම්මගෙ උණුසුම විඳින්න මග බලාගෙන හිටපු අහිංසක ජීවිතයක් ගැන හිතන්න....ඒත් ඒ අම්මම තාත්තම තමයි තමන්ගෙම සෛලයකින් ගොඩනැගුණු ඒ ජීවිතේ තමන්ට එපා කියලා තීරණය කරන්නෙ...


     ඇත්තෙන්ම මේ දරුණු සිදුවීම බලාගෙන ඉන්දෙද්දි මංචිටනම් ඇස් දෙකට ආපු කඳුලු නවත්තගන්න පුලුවන් වුණේ නෑ...මංචි විතරක් නෙවෙයි...මංචිගෙ යාලුවො හැමෝමත් පුදුම විදිහට කම්පා වුණා මේ සිද්ධිය දැකලා...කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැතුවම....


     වෛද්‍ය විද්‍යාව හදාරන සිසුවියක් විදිහට මංචි වෛද්‍ය විද්‍යාත්මක සාධක නිසා සිදුකරන්න සිද්ධ වෙන ගබ්සාවන්ට දැඩි විරෝධතාවක් නැහැ..ඒ වගේ අවස්ථා වුණත් වලක්වගන්න පුළුවන්නම් හොඳයි තමයි....ගබ්සාවක් අනුමත කරන්න කලින් වෛද්‍යවරයෙක් තමන්ට පුලුවන් හැම දෙයක්ම කරන්නෙ ඒක වලක්වගන්නයි...ඒත් ඇත්තෙන්ම කරන්නම දෙයක් නැත්නම්....ඒ වගේ අවස්ථාවකදි සදාචාරාත්මක පැතිකඩ ගැන සංවේදී වෙනවට වඩා මුල්තැන දෙන්න වෙන්නෙ ජීවවිද්‍යාත්මක හේතු සාධක පිළිබඳව බව අපි හොඳින්ම දන්න දෙයක්...


     ඒ වුණත් සාධාරණ හේතුවක් නොවන හේතුන් නිසා ජීවිතයක් විනාශකරන එකට නම් මහම මහ අපරාධයක්...විශේෂයෙන්ම තරුණ තරුණියො අතින් සිදුවන අත්වැරදීම් නිසා..එහෙමත් නැත්නම් ආර්ථිකමය - භෞතිකමය සාධක මත තමන්ට දරුවෙක් හදන්න කාලෙ සුදුසු නෑ කියලා තීරණය කරන දෙමාපියන් නිසා......එහෙම සරල හේතු නිසා පුංචි ප්‍රාණියෙක්ගෙ ජිවිතේ විනාශ කරන එක මොන තරම් පවුද...??


     අනික් අතට මංචිට හිතාගන්න බැරිම දේ තමයි...මෙච්චරටම දියුණු උපත්පාලන ක්‍රම තියෙන කාලෙක...ජීවිතයක් නැතිකරන්න සිදු වෙන තරමටම දුරදිග යන්න තරම් ගැහැණියක් හෝ පිරිමියෙක් මෝඩ වෙන්නෙ කොහොමද කියන එක...තමන්ට දරුවො වුවමණාද නැද්ද කියලා මුලින්ම තීරණය කරලා...මේ වගේ වැරදීම් අවම කරගන්න හොඳටම ඉඩකඩ තියෙද්දිත් ඇයි ඇත්තටම මිනිස්සු මේ තරම් අකාරුණික වෙන්නෙ....අන්තිමේදි ඒ වැරදි වලට දඩූවම් විදින්නෙ අර ඇස් දෙකවත් ඇරපු නැති...කිසිම වරදක් නොකරපු...අහිංසක ජීවිතයක් නේද...??


     හැම ආගමකම පවා 'දරුවන්' දෙමාපියන්ගෙ ජීවිතයට ලැබෙන තෑග්ගක් විදිහටයි සලකන්නෙ.. අම්මගේ කුස තුළ හිටියත්... තාත්තගෙ ජාන කොටසකින් යැපුණත්... ඒ සෛල ගොනුව ඇතුලෙ තියෙන ප්‍රාණය අයිති ඒ දරුවටම මිසක අම්මට තාත්තටවත් නෙවෙයි..


     අම්මෙක්ගෙ කුස ඇතුලෙ ඉන්න පුංචි ප්‍රාණියට ඇත්තෙන්ම අම්මගෙ හැඟීම් දැනෙනවා..පොඩ්ඩක් හිතන්න...තනියම ජීවත් වෙන්න පුලුවන් කම තියෙන අපට පවා...අම්මගෙන් හරි තාත්තගෙන් හරි වචනයක් වත් වැරදිලා කියවුණොත් මොන තරම් දුක හිතෙනවද..??...එයාලට අපිව ඕන නෑ කියල හිතුනොත් මොන තරම් අසරණ කමක් දැනෙයිද..??...ඉතින් එහෙම එකේ...තමන්ගෙ ජීවිතය දරාගෙන ඉන්න අම්මයි තාත්තයි තමන්ව ප්‍රතික්ශේප කරන බව දැනුනහම අර පුංචි ප්‍රාණියට මොන තරම් දුකක්...අසරණකමක් දැනෙනවා ඇතිද...නේද...???


     ඉතින් කවදහරි දවසක...ඔයාලට හරි...ඔයාලගෙ දන්න අඳුනන කෙනෙකුට හරි මේ විදිහෙ තීරණයක් ගන්න සිදු වුණොත්..අනේ පොඩි හරි ඉඩක් තියෙනවනම්.....කරුණාකරලා මේ වගේ අපරාධයක් සිදු නොවන තැනට වැඩ කරන්න උත්සහගන්න..වෛද්‍යවරයෙක් ලඟට ගිහින් තමන්ගෙන් පණ ලබපු ඒ ප්‍රාණියගෙ හදගැස්මට මොහොතක් සවන් දෙන්න.....ජීවිතේ ගැන මොන තරම් හීන..බලාපොරොත්තු ඒ හඩේ පිරිල තියෙනවද කියලා තේරුම්ගන්න.....


     ඉතින් එහෙමනම්.....යන්න කලියෙන් මේ වීඩියෝවත් බලලම යන්න....වචනයෙන් නොකියවෙන බොහෝ දේ....රේඛාවලින් ඇඳෙන හැටි ගැන.....සංවේදී වෙන්න.....!!!









45 comments:

  1. පින්තූර ටික දැක්කාම ඇඩුනා නංගි.:'((((

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ...හරිම දුක්බරයි... :(

      Delete
  2. අනේ ඔව්..මටත් ඇඬුනා..මම මීට කලින් ඔයාගෙ බ්ලොග් එක කියෙව්වට කමෙන්ට් කලෙත් නැතු ඇති..ඒත් ඔයා මේ දේවල් පැහැදිලිව ලියල පින්තූර ටික දාල කරල තියෙන්නෙ හොඳම හොද දෙයක්..මටනම් හිතාගන්නත් බැහැ අම්ම කෙනෙක් කොහොමද මෙහෙම දෙයක් කරන්නෙ කියල.. :((

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිත් රූ..අදහස් නොදැක්වුවට කියවපු එකටත්... :))))

      Delete
  3. ඔක්කොම ටිකත් හරි, මේ පහල තියෙන වීඩියෝ එක දැක්කමයි මගේ ඇස් වලින් කඳුළු පැන්නේ.

    මම මීට කලින් මේ දේවල් ගැන ඉගෙන ගෙන තියෙනවා. එක දවසක් එතකොට මම OL කරද්දී, පල්ලියේ වැඩසටහනකට මම සහභාගී උනා. එහිදී මෙම ගබ්සාව පිළිබඳව චිත්‍රපටයක් පෙන්නුවා. ඒ ළමයින්ව මරණ හැටි, දැක්කාම සංසාරේ එපා වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ මැරුණු ළමයින්ගේ කොටස් කන අමනුස්සයන්වත් එහිදී පෙන්නුවා. සුප් විදියට කනවා.. එදා මම හිතා ගත්තා අපේ අම්මලා අපිට කොච්චර ආදරේද කියලා. අපිව ඒ තත්වෙට වැටෙන්න නොදී අදටත් අපිව පන වගේ අආරක්ෂා කරන අම්මලා ලැබෙන්න අපි පින් කරන්න ඕනා.

    මගේ බව්වා ට මම කොච්චර ආදරෙයිද. මට හිතා ගන්න බෑ කවදාහරි දවසක මම මගේම දරුවෙක්ට කොච්චර ආදරේ කරයිද කියලා :)

    ReplyDelete
    Replies
    1. අනේ මංදා වර්ණා....වෙලාවකට මිනිස්සු දරුවන්ට සලකන්නෙ තිරිසනුන්ටත් අන්ත විදිහට... :(

      Delete
  4. මට එදා මගේ පෝස්ට් එකටත් පින්තූරේ හොයන්න ගිහින් දැක්ක ඒවා නිසා සසර කළ කිරුනා.. මේකෙත් ඔය ෆොටො වලට පස්සේ ටිකනම් කියෙවුවේ නෑ නගෝ...

    ReplyDelete
    Replies
    1. මට ඒත් හිතුණා ඔයාට පින්තූර හොයන්න ගිහින් එපා වෙන්ඩැති කියලා... :/

      Delete
  5. අනේ පව් දෙයියනේ... වීඩියෝ එක බලද්දී ඇඬුණා අක්කේ...
    තවත් එකක්.. ඔයා වෛද්‍ය විද්‍යාව හදාරන බව දැනගත්තේ අදයි...

    ReplyDelete
    Replies
    1. හෙහෙ....අද දැනගත්තනෙ... :)

      Delete
  6. ඔයා හරි...තාත්තෙක් නැති දරුවෙක් කියලා ජේසුස් වහන්සේට ඔහොම කළා නම්,

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..එහෙම වුණානම් ලෝකෙට වටින අය කීදෙනෙක් අහිමි වේවිද..??

      Delete
  7. කවදාවත් ඇස් දෙකෙන් නොදැක්ක මේ දේවල් දැක්කාම මගෙ ඇස් වලට කඳුලු ආව. ඒ එක්කම මගෙ බ්ලොග් එකටත් පෝස්ට් එකක් දාන්න හිතුණා. ස්තූතියි නංගි. ඔයා ආපහු ලංකාවට ආව දවසකත් මේ ආකල්ප මේ විදියටම තියා ගන්න. (ගබ්සාව පිළිබඳව ලංකාවෙ නීතියත් යම් මට්ටමකින් වෙනස් වෙන්න යන කතා බහකුත් තියනවා)

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම අයියේ....පෝට් එක දැම්මහම අපටත් කියන්නකෝ...(ඔව්...මටත් ඒ ගැන කනින් කොනින් අහන්න ලැබුණා)

      Delete
  8. හයියෝ!!! මට මේ පින්තූර බලන්න බෑ...:'( මම වැඩියම බැලුවෙ නෑ මේ පෝස්ට් එක..සමාවෙන්න අක්කි!! මම ඔය වගේ දේවල්වලට හුඟාක් බයයි!! මට බලන්න අමාරුයි!!!ඒත් ගබ්සාව කියන්නෙනම් හොද දෙයක් නෙවෙයි...මහා පාපයක් එක අතකින්!!

    ReplyDelete
    Replies
    1. බලන්නත් ඒ තරම් අමාරු එකේ....කරන්න හිතහදාගන්නෙ කොහොමද මන්දා නගෝ දෙමාපියෝ.... :(

      Delete
  9. මම ගබ්සාවට ඉඳුරාම විරුද්ධයි! නමුත් කරන්නම දෙයක් නැති කොට මොනා කරන්නද? :(

    ReplyDelete
    Replies
    1. කරන්න තියෙන්නෙ එක දෙයයි....අපි තනි තනි පුද්ගලයො වශයෙන් ආකල්පමය වෙනසක් ඇතිකරගන්න එකයි....

      Delete
  10. නගෝ obs කියන්නේ ප්‍රසව වේදයට මාතෘ සායන විද්‍යව නෙවේ. ඔයා doctor කෙනෙක් වෙලා රුසියාවෙම නතර වෙන්න මොකද සති 2k obs කරල බ්ලොග් ලියන එක විතරයි බය නැතිව කරන්න පුලුවන්.
    බ්ලොග් එක නම් හොඳයි

    ReplyDelete
    Replies
    1. *
      බොහොමත්ම ස්තූතියි බ්ලොග් එක ගැන අදහස් පල කළාටත් වචනය නිවැරදි කළාටත්.. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගනිද්දි කියවෙන වෛද්‍යවිද්‍යාත්මක වචන වල සිංහල අර්ථ දැනගන්න සුදුසු ඉංග්‍රීසි-සිංහල වෛද්‍ය ශබ්ධකෝෂයක්වත් නැහැනෙ ඉතින් තවම..ඒත් හිතුමනාපෙටම ලිවුව නම් නෙවෙයි..සෞඛ්‍ය ක්ෂේත්‍රයෙම කෙනෙක්ගෙන් අහල තමයි ලිවුවෙ..කොහොම වෙතත් අහගත්ත වචනෙ නිරවද්‍යතාව තහවුරු කරගන්න සැලකිලිමත් නොවීම මගේ වරද..ඒ ගැන මම අවංකවම සමාව ඉල්ලා සිටිනව හැමෝගෙන්ම....(ඔන්න වරද නිවැරදි කළා...)

      **
      බ්ලොග් ලිපියක දැකපු පුංචිම පුංචි දත්තයක් පදනම් කරගෙන ඔයා මගේ අධ්‍යාපන කාල සීමාව නිර්නය කරන්න ගත්ත උත්සහය ගැනනම් හරිම කණගාටුයි..(ලෝකය පුරා හැම විශ්වවිද්‍යාලයකම තියා එකම රටක් ඇතුලෙ තියෙන විශ්වවිද්‍යාල කිහිපයේවත් කාලසටහන...පන්ති කාල සීමා...දේශන කාලසීමාවන්වත් එක හා සමාන නොවන බව ඇනෝ අයියට/අක්කට අමතකම වෙලා ගිහින් වගෙයි.... :D )
      කොහොම වෙතත්...මම ලංකාවට එනවද...රුසියාවෙම ඉන්නවද...DOCTOR කෙනෙක් වෙනවද..නැත්නම් බ්ලොග් රචිකාවියක් වෙනවද කියන එක තීරණය කරන්නෙ මම ම නිසා...ඒ ගැන තවදුරටත් කතාකරන එකේ තේරුමක් නැහැ..

      ***
      මට අඩුමගානෙ බ්ලොග් ලියන එකවත් බයක් නැතුව කරන්න පුලුවන් එකේ...අඩුමගානෙ ඔබතුමාට/තුමියට බය නැතුව නාමිකව අදහස් දැක්වීමවත් කරන්න පුලුවන් වුනානම් තමයි අගේ වැඩි නේද..??

      කොහොම වෙතත් ස්තූතියි....නැවතත්... :))

      Delete
  11. නගෝ හිත රිදුනට සොරි වෙන්ඩ ඕනෙ, මම බ්ලොග් කියවනව විතරයි ඉතින් මට ස්දා ඇනෝ තමා ඉන්න වෙන්නෙ.
    මොකක හරි ඇදයක් අල්ලගෙන කොමෙන්ට් දැම්මොත් ඒ මම කියල හිතාගන්න. බ්ලොග් එකක් කරන්න ආස තිබුනත් ෆෝන් එකෙන් අකුරු කොටන එක තිත්ත වෙනවා.
    දිගටම කරගෙන යන්න කාලය හා ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. හිත නම් රිදුනෙ නෑ..ඒත් කිසිම කෙනෙක් මකුළු පැංචිගෙ වියමනට ඇවිදින් වැරදි වැටහීමකින් යන එක ගැන මංචි පොඩ්ඩක්වත් අකමැති හින්දයි දිග විස්තරයක් ලියන්න සිද්ධ වුණේ... :)
      බ්ලොග් එකේ ලියවෙන දේවල් වල වරදක් පෙන්නුවොත් ඕනම වෙලාවක ඒක නිවැරදිකරගන්න පුලුවන් හැම දෙයක්ම කරන්න මංචි කිසිම වෙලාවක පැකිලෙන්නෙ නෑ...ඒ නිසා මල් වගේම ගලුත් මට හරි වටිනවා....කියවගෙන යනවට අමතරව ඇද කුද වුණත් පේන්නෙ ඉතින් එහෙමත් ඇහැකට තමයි... :D

      බ්ලොග් එකක් කරන්න ආසාව තියෙනව නම් ඒ හීනය නිකම්ම බොඳ වෙලා යන්න දෙන්නත් එපා..කොහොම හරි එකක් ලියමු...මමත් බ්ලොග් කියවලා කියවලාම තමා අන්තිමේදි ලියන්න හිතුවෙ...

      ශක්තිය නම් වැඩිත් එක්ක...කාලය තමා මදි... :D

      (කෝ ඉතින් කිව්වෙ නෑනේ මේ ඇනෝ අයියෙක්ද අක්කෙක්ද කියලා...)

      Delete
  12. කරකලා අත්හැරියා වගේ උනා. මම මෙච්චර සංවේදී කෙනෙක් කියල දැනුනේ ඇත්තටම මේ පොස්ට් එකෙන් පස්සේ. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ක්සෑන්ඩර් ඔයාටත්... :))

      Delete
  13. අක්කි ගොඩක් සංවේදී කතවක් මේක එත් අපිට පුළුවන් විදිහට හරි ගබ්සාව නෙති කරන්න ගන්න උත්සාහය නම් ගොඩක් වටිනවා ...........

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේ රූප දැක්කම මගේ අත්දැකිමක් කියන්න හිතුනා.. මම Gyn කරන කාලෙ අම්මෙක් ස්වභාවිකවම බිහිකලා සති 27 දරුවෙක්(අර නොමේරු දරු උපත් කියන්නේ) (POA <28 wk නිසා අම්ම හිටියෙ Gyn Ward).. බර 960g. හැමෝම හිතුවෙ ජිවත් කරන්න බැහැ කියල.කොටින්ම කියනවා නම් සති 28ට අඩු නිසා පොඩි එකා මිය ගියොත් මෙය ල0කාවෙ අයිති වන්නෙත් ගබ්සා ගණයටනෙ. ඒත් අපි පැ0චාව PBU ගෙනිහින් Incubator දාල (අර වීදුරු පෙට්ටි කියන්නෙ) පුලුවන් උපරිමය කලා.. මාස 2කට පමණ පසු දරුවව අම්මගෙ අතට දෙන්ට හැකි උනා..

      Delete
  15. හරිම සංවේදී සටහනක්!!

    ReplyDelete
  16. ඔය ගැන කතා කරලා වැඩක් නෑ, මිනිසා මනසින් හැදෙන් නැතිව

    "දහසක් පැතුම්
    සිතින් ගෙන
    සුවහහසක් සිහින
    පොදි බැඳ
    පිළිසිඳුනත් නුඹේ
    කුස තුල
    මෙලොව දකින්නට
    වරම් නොලද
    මට,.........

    පාපතරයනි!,
    සිදුවිය
    වන්දි ගෙවන්නට
    නුඹලගේ
    පෙම් කෙලිවල
    අහඹු
    ප්‍රතිඵලයක්
    ලෙද.........."

    ReplyDelete
  17. මංචි සහෝදරී
    මමත් ඔයාගෙ රස්සාවම කරන්ට ඉගෙන ගන්න කෙනෙක්,
    ඒත් වාසනාවට මේ රටේ,
    ඒ නිසා අපේ රටේ තවම ගබ්සාව (දැනට ) තහනම් දෙයක්,
    ඒත් මම බෞද්ධයෙක්,
    ඒ නිසා මම නම් වෛද්‍යවිද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් හැටියටවත් කිසිම ගබ්සාවක් හොඳ එකක් කියල දකින්නෙ නෑ,
    ඒ එකක්වත් සාධාරණයි කියල දකින්නෙත් නෑ,
    කොහොම වුනත් මේ රටෙත් ඕන තරම් ගබ්සා වෙනවා නීතියට හොරෙන්.
    ඒ ගැන නම් දුකයි.

    ReplyDelete
  18. කාලෙකින් වියමන පැත්තේ ආවේ.. ඇවිත් කියවන්න වුනේ හිත සසල කරවන දෙයක්. ඇත්තට ම මගේ ඇස් වලට කඳුළු ආවා.

    //මෙච්චරටම දියුණු උපත්පාලන ක්‍රම තියෙන කාලෙක...ජීවිතයක් නැතිකරන්න සිදු වෙන තරමටම දුරදිග යන්න තරම් ගැහැණියක් හෝ පිරිමියෙක් මෝඩ වෙන්නෙ කොහොමද කියන එක...//

    මටත් තියෙන ප්‍රශ්නය එකයි. දෙන්නෙක් ෆන් එකක් අරන් වැරදුණා කියලා අහිංසක ජීවිතයක් විනාශ කරන එක ද පිළියම? මහ ලොකු බුද්ධියක් තියෙනවා කියන මිනිස්සු අපි ද?

    ReplyDelete
  19. ආහ්! මට මේක මිස් වෙලානෙ කොහොම හරි. මකුලි කොහෙන්ද අර පින්තූර?
    අනිත් හැමදේටම වගෙ මේ ප්‍රශ්නෙටත් දෙපැත්තක් තියෙනවා.
    ස්තුතියි මේ ලිපියට.

    henryblogwalker the Dude

    ReplyDelete
  20. වැඩිය සංකීර්නව නොවුනත් මමත් ලගදි ඉදිරිපත් කරපු මාතෘකාවක්....
    නොදන්නා දේවල් අඩංගු වුනු වැදගත් ලිපියක්...

    ReplyDelete
  21. ප්‍රසාන්...May 17, 2012 at 8:45 AM

    ඇත්ත ඇති සැටියෙන් කීම පිලිබදව මාගේ ප්‍රසාදය...හොද ලිපියක්....:)

    ReplyDelete
  22. ගොඩක් වටින ලිපියක්! අවාසනාවට මේක දකිනවා ඇත්තෙ කියෙන් කී දෙනාද? දිගටම ලියන්න!
    තවත් එක් කාරණයක් ඔයා කොයිතරම් දක්ශ වෛද්‍යවරයෙක් වෙනවද කියල තීරණය වෙන්නෙ ඔයා ඉගෙන ගන්න රටවත් වෛද්‍ය විද්‍යයාලයවත් ඉගෙන ගන්න කාල සටහන අනුවවත්ම නෙවෙයි. ඒක තීරණය වෙන්න වැඩි වශයෙන්ම බලපාන්නෙ ඔයාගෙ උනන්දුව, ජීවිතයක වටිනාකම තේරුම් අරන් තිබීම, ජීවිතයක් බේර ගන්න තියෙන ආසාව, මනුස්සකම වගේ උතුම් ගුණාංග වල එකතුවකින්. ඔයාට ඒ ගුණාංග නොඅඩුව තියෙනව. හොඳ වෛද්‍යවරයෙක් වෙන්න. එහෙම වුන දවසට වෙන කොහේවත් නෙවෙයි තමන්ගෙ රටට සේවය කරන්න. මොකද කාලසීමා වලින් විතරක් සුදුසුකම් මනින අයට වඩා ඔයාට වටිනාකමක් තියන නිසා. සියලු කටයුතු සාර්ථක වේවා!

    ReplyDelete
  23. y dont u write this anymore... pls dont stop this, Ravi

    ReplyDelete
  24. මේ වගේ දේවල් වෙන්න ප්‍රධානතම හේතුව වෙන්නේ ඒවා කරගන්න හදන අය මේ වගේ කාරණා ගැන දැනුවත් වෙලා නැතිකම. ඉතින් මේ පෝස්ට් එක දැකලා එක්කෙනෙක් හරි තමන් ගන්න ඉන්න වැරදි තීරණයක් නතර කළා නම් ඒකෙ සතුටත් පිනත් ඔබට හිමි වේවි...

    ReplyDelete
  25. දැනුමක් නැති කම සහ සීමාසහිත ආසාව අගෙයි..... අගෙය. සම්බන්දයකදී ආදරයට වැඩ රාගය පෙරටු කර ගැනීමයි ඕවට මුල

    ReplyDelete
  26. hey.. dont u write this blog... dont stop this... We love ur blog. Ravi

    ReplyDelete
  27. මකුළු පැංචී ... කාළෙකින් බ්ලොග් අතරේ දැක්කේ නැති නිසා වියමන හොයාගෙනම ආවේ ..... කාළෙකින් වියම අළුත් වෙලා නැහැ වගේ ..මම හිතනව විභාග වලට මුහුණ දෙනවා ඇත කියලා ....සතුටින් දිරියෙන් විභාග වලට මුහුණ දීලා , ඉඩක් ලද විගස නැවතත් පුංචි පිටුවක් හරි එක් කරන්න ...

    මම මහේෂ් සොඳුරු සුව අසපුවේ ...

    ReplyDelete
  28. මකුලු පැංචි? මම මකුලුවා. ලොකු අයියා. ලියන්නෙ නැද්ද ඈ?

    ReplyDelete
  29. මන්චිගේ වැඩ නම් පුංවි නැ.ගෙත්තම හැඩයි.මංචි ට ජය!ඔබේ සටහන පාසල් නංගිලා මල්ලිලා වැඩි දෙනෙක් බලනවා නම් වටි

    ReplyDelete
  30. "අම්මගේ කුස තුළ හිටියත්... තාත්තගෙ ජාන කොටසකින් යැපුණත්... ඒ සෛල ගොනුව ඇතුලෙ තියෙන ප්‍රාණය අයිති ඒ දරුවටම මිසක අම්මට තාත්තටවත් නෙවෙයි.." හිස නමා ආචාර කරමි ඔබේ අදහසට

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...