ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

උපන්දින සිහිනය..........



      ආදර ජරමර..විරහ සීන් යනාදී සෙන්ටිමෙන්ටල් ලිපි ගොඩකට පස්සෙ...කාලයක් තිස්සෙ මග ඇරිච්ච ලිපියක් ලියන්න ඕනෙ කියල හිතුන ඔන්න....වෙනසකටත් එක්ක.... 


      පහුගිය දෙසැම්බර් අන්තිම...මංචි ලංකාවට ආපු බව ඔයාලගෙන් ගොඩ දෙනෙක් දන්නවනනේ..(නොදන්න අයත් එහෙනම් දැන් දැන ගත්තනේ..හිකිස්..) හදිස්සියේම ගත්ත තීරණයක් නිසා එහෙම එකපාරටම එන්න තීරණය කළා වුණත්..ඒකෙන් සමහර වැඩ නිකරුනේ අතපසු කරගන්න සිද්දවුණා වුණත්...මංචිට කාලයක් තිස්සේ මග ඇරුණු විශේෂ දවස් කීපයක්ම ගෙදර අයත් එක්ක සමරන්න අවස්ථාව ලැබුණා ඒකෙන්....හැම කලු වළාවකම රිදී රේඛාවක් තියෙනවය කියන්නෙ මේකට වෙන්ඩැති නේදෑ.... 

      ආහ්හ්...දැන් ඉතින් කියන්න අමතක වුණානේ මොනාද මේ විශේෂ අවස්ථා කියලා..පළවෙනි එක තමා ජනවාරි පළවෙනිදා...සිංහල අලුත් අවුරුද්ද වගේ ලොකුවට සමරන්නෙ නැති වුණත් දන්න කියන කාලේ ඉඳලම එදාට නැවුම් මුට්ටියකට කිරි ටිකක් උතුරවලා කිරිබතක් හදන එක මංචිගෙ ගෙදර සිරිතක්..මංචි තමා සාමාන්‍යෙන් ඔය කිරි උතුරවන වැඩේට සෙට් වෙන්නේ...ඉතින් පහුගිය අවුරුදු 3ම දොස් මුර මගෑරිලා ඔන්න මේ පාරත් මංචිම තමා කිරි ඉතිරෙව්වෙ.. දැන් ඉතින් ආයෙ අහන්ට දෙයක් නෑ අවුරුද්ද පුරාම කිරි උතුරනවා ඕං...හිකිස්.. 

       හරි එතකොට මොකද්ද මේ අනික් විශේෂ දවස...

මේ තියෙන්නෙ මංචිගෙ b'day cake එක..
      අනික් දවස තමා මකුළු පැංචිගෙ උපන් දිනේ...හෝව්..හෝව්...දැන් කට්ටිය බෝඩ් ලෑලි එහෙම උස්සගෙන කෑ ගහන්න පටන් ගන්න එපා..ඔන්න ඔය පහලින් තියෙන මංචිගේ ඇත්තම උපන්දින කේක් එකෙන් කෑල්ල ලෑල්ල කපාගෙන හෙමිහිට කන එක තමා තියෙන්නෙ.. :))...මංචිට මේ පිරුණෙ 24 වෙනි කිලෝ මීටර් කණුව නිසා ඔන්න ඉටිපන්දම් 24ක්ම ගැහුවා.. හිකිස්...කට්ටිය ඉටිපන්දම් ගනින්න කරදර වේ කියලයි ඕං මම ම කිව්වෙ...   


      මංචිට මේ ගෙදර අයත් එක්ක උපන්දිනේ ගතකරන්න ඉඩ ලැබුණෙත් අවුරුදු තුනකට පස්සෙයි...  හැබැයි ඉතින් වසීලීස්සගෙ රටේ ඉන්න යාලුවො සෙට් එක ඒකෙ අඩුවක් දැනෙන්න ඉඩක් නම් තිබ්බෙ නෑ..ඒ වුණත් මංචිට මග ඇරුණු එක දෙයක් නම් එහෙදි  හරියාකාරව සම්පූර්ණ කරගන්න විදිහක් තිබුණෙ නෑ.....


මේ තියෙන්නෙ තැන....
      මංචි දැනුම් තේරුම් තියෙන වයසට ආපු කාලෙ ඉඳලම මංචියි..එයාගෙ පවුලෙ අයයි පාර්ටි දානව වෙනුවට පොඩියට හරි දානමය කටයුත්තක් කරන්නයි පුරුදු වෙලා හිටියෙ..  පන්සලටම විතරක් නෙවෙයි...වැඩිහිටි නිවාසෙකට..ළමා නිවාසෙකට වගේ තැනකට...මගේ 16 වෙනි උපන්දිනේට ඒ විදිහට දානයක් දීපු තැන තමයි නාරාහේන්පිට තියෙන ''ශිල්ප ළමා සංවර්ධන ආයතනය''.


      ඒ ආයතනයේ ඉන්නෙ අනාථ දරුවන්ම නෙවෙයි..ඒ දවස් වල නම් ගොඩක් හිටියෙ යුද්ධය නිසා දෙමාපියන්ගෙන් ඈත් වෙන්න සිදුවුණු දරුවන්..(දැන්නම් ඒ වගේ දරුවො අඩුයි...වාසනාවකට වගේ)..ඊලඟට පවුල් බර දරාගන්න බැරුව දෙමාපියන් විසින් විවිධ අපරාධ වලට යොමු කිරීම හේතුවෙන් සුලු මට්ටමේ වැරදි වලට පෙළඹීම නිසා නීති මාර්ගයෙන් මානසික සංවර්ධනයට යොමු කරන ලද දරුවන් සහ දෙමාපියන්ගෙ අයහපත් කල්ක්‍රියාව නිසා,දරුවන්ට දෙමාපියන්ගෙන් සිදුවුණු අපචාරමය අඩත්තේට්ටම් වගේ දේවල් නිසා..දෙමාපියන්ගෙන් වෙන්කරල තියන්න උසාවි නියෝගයකින් නියම වුණු දරුවනුයි... 


අපි මේ බලන් ඉන්නෙ ඉස්කෝලෙ ගිය කට්ටිය ගෙදර එනකල්... :))
      මංචිගෙ උපන්දින වලට දාන දීපු තැන් වලින් මංචිට ගොඩාක්ම හිතට ඇල්ලුව තැන තමයි මේ ශිල්ප ළමා නිවාසය...    ඒකට හේතුව මෙන්න මේකයි කියල කියන්න නම් මංචිට තේරෙන්නෙ නෑ.ඒත් එතන හරිම ලස්සනට ළමයින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කරල තිබුණා..සමාජයෙන් පීඩනයට පත් වෙලා මානසික අවපාතයන්ට ලක් වෙලා හිටපු ඒ අහිංසක හිත් වලට අධ්‍යාපනය ලබා දීල..ලස්සනට පිළිවෙලට ජීවත් වෙන්න පුලුවන් විදිහෙ හොඳ ශක්තිමත් වැඩපිළිවෙලත් එතන ඇති කරලයි තිබ්බෙ..  


මංචිත් මංචි කියවලා හොඳයි කියල හිතුණු
පොත් පත් කීපයක්ම මේ එකතුවට එකතු කළා
      ඒ වගේම මුලම වතාවෙ මංචිල දානෙ දෙන්න යන දවසෙදි ඒ දරුවො පහුවෙනිද තිබුණු උත්සවේකට සැරසිලි කර කරයි හිටියෙ..වැඩි වියදමක් නැති සරල දේවල් වලින් ඒ දරුවො කරපු නිර්මාණශීලී නිර්මාන සැරසිලි දැක්කම මංචිට හරිම ආස හිතුණා..   ඉතින් දානෙ වැඩ පටන් ගන්න පැය 3-4කට කලින්ම අපි එහෙට ගිහින් හිටපු නිසා..මංචිටත් පුලුවන් වුණා එතන හිටපු අක්කල නංගිලා එක්ක එකතු වෙලා ඒ දේවල් වලට හවුල් වෙන්න..


      ඉතින් ඒ ළමයිනුත් අපි වගේම අහිංසක හීන තියෙන..සුන්දර අනාගතයක් ගැන හීන දකින මල් වගේ කියල අඳුනගන්න මංචිට ඒ සුහදත්වය උදව් වුණා...මංචි එදාම තීරණය කළා ආයෙමත් දවසකත් මේ ළමා නිවාසෙට දානයක් දෙන්න ඕනයි කියලා...අම්මට හොරෙන් මේට්‍රන් එක්ක කතා කරලා...එතන ස්වේචඦාවෙන් වැඩ කරන්න පුලුවන් බවත් මංචිට දැනගන්න පුලුවන් වුනා..  


කට්ටිය ඉක්මනටම මාවත් එයාලගෙ සෙට් එකට දාගත්තා... ;)
      ඉතින් ඔන්න ඒ හීනෙන් බාගයක්ම මේ වතාවෙ සම්පූර්ණ කරගත්තා..ඒ කියන්නෙ දානයක් දෙන කොටස..අනික් අතට මංචි ඒ දවස් වල හිටියෙ හරිම හිතේ දුකිනුයි..  ඉතින් උපන්දිනේ දවසෙදිවත් ඒ වගේ අහිංසක පොඩ්ඩො ටිකක් (පොඩ්ඩො විතරක් නෙවෙයි..එතන අවුරුදු 4 කෙළි පැටවුන්ගෙ ඉඳලා උසස් පෙළ පන්තියෙ ඉගෙන ගන්න ලොකු නංගිලා වෙනකල්ම දරුවො ඉන්නවා) එක්ක ගෙවන්න ලැබුණු එක හිතටත් ලොකු සැනසීමක් වුණා...ඒ වගේම පවුලෙ අය ඇරුණම මංචිගෙ හොඳම යාලුව වින්දිත් මේ වැඩේට එකතු වුණා... 


බතුයි,පරිප්පුයි.ගෝව කොළ මැල්ලුමයි,තක්කාලි සම්බෝලයයි..
වම්බොටු මෝජුවයි,මාලු ඇඹුල්තියලුයි,පපඩනුයි,කට්ලටුයි..ඇති නේද??
      කෑම නම් ලෑස්ති කලේ පොඩි දරුවන්ට වුණත් කන්න ආසා හිතෙන විදිහට පාට පාට ගොඩකිනුයි..සැර අඩුවෙනුයි..ඉස්කෝලෙ ගිහින් කට්ටිය නිවාසෙට එන්න කලින් ඔක්කොම බෙදල ලෑස්ති කරල වහල තිබ්බා...චූටි පිඟන් චූටි අයට...ලොකු පිඟන් ලොකු අයට.....ඒ වගේම වෙජිටේරියන් අයට අයට මස්-මාලු බෙදන්නෙ නෑ...ඒ විදිහට පිළිවෙලට කෑම ටික බෙදන්න අපට ගොඩක් උදව් වුණේ..ඕ ලෙවල්ස් කරල ප්‍රතිඵල එනකල් ඒ දවස් වල ගෙදර හිටපු උදේනි නංගියි..නිසංසලා නංගියි...හොර ලෙඩ අරන් එදා ගෙදර නැවතිලා හිටිය අනික් නංගිලා ටිකයි.. ඔය පහල තියෙන පිංතූරෙ ඉන්නෙ ඒ නංගිල දෙන්නයි..මංචිගෙ අම්මයි...ලොකු අම්මයි.... 


මෙහෙමයි හැමදේම ලෑස්ති කෙරුණෙ...
      කෑම ලෑස්ති වුණාට පස්සෙ අපි ඉස්කෝලෙ ඇරිල අනික් කට්ටිය එනකල් බලාගෙන හිටියා..ඒ අතරෙ නංගිලා මාවයි වින්දිවයි වටේම එක්කගෙන ගිහින් එයාලගෙ පාඩම් කරන තැන්..කාමර..හැමදේම පෙන්නුවා..   හරිම ලස්සනට පිළිවෙලට ඒ තැන් තියාගෙන තිබුණා...


ඔන්න දැන් අපි කන්නයි යන්නෙ...
      එතන හිටපු දරුවන්ගෙන් තුන් දෙනෙක්ම යන්තම් වයස අවුරුදු 4ක් පිරුනු පුංචි දරුවො.. ඒ පොඩ්ඩන්ව දැක්කමනම් මංචිට හරිම දුක හිතුණා...  දෙවියනේ..අම්මගෙයි තාත්තගෙයි උණුසුමේ හැදෙන්න ඕන වයසෙ ඉන්න අහිංසක පැටව් තුන්දෙනෙක්නෙ..අක්කල ටික තමා එයාලව ආදරෙන් බලාගන්නෙ...කවන්නෙ පොවන්නෙ..එතන හිටපු සෙනුරි කියන නංගි මංචිත් එක්ක ගොඩක් යාලු වුණු නිසා..එදා නම් එයාට කැව්වෙ මංචිමයි...බොහොම අමාරුවෙන් තමයි බත් ටික කවාගත්තෙ හැබැයි....


මේ ඉන්නෙ පොඩිම තුන්දෙනා...
      කෑම කාලා කට්ටිය ඔක්කොමල එක්ක කතා කර කර ඉඳල ගොඩක් හවස් වෙලා තමා මංචිලා ආපහු ගෙදර ආවෙ..ඒ දරුවන්ට අහිමි වෙලා තියෙන දේවල් දැක්කම නම් අපට ජීවිතේ අහිමි වෙලා තියෙන්නෙ මොනවද කියල හිතෙනවා....බලන්න මේ පැටවුන්ගෙ හිනාවෙ ලස්සන....මෙච්චර දුකක් හිතේ තියෙද්දිත්...  ඇත්තෙන්ම එදානම් මංචිට හරිම සතුටු දවසක්...කාලයක් තිස්සෙ තිබ්බ ලොකු බලාපොරොත්තුවක් ඉටු වුණු නිසාම විතරක් නෙවෙයි..ඒ නංගිලා අතරින් කීප දෙනෙක්ම මංචිගෙ යාලුවො ගොඩටත් එකතු කරගන්න පුලුවන් වුණු හින්දයි...

      ඉතින් එදා මංචි අර ස්වේඡාවෙන් වැඩ කරන්න තියෙන ක්‍රම සහ විධි ගැනත් වැඩි දුර හොයාගත්තා..ඉස්සරට වඩා දැන් ඒකට ක්‍රමවත් වැඩපිලිවෙලත් තියෙන බව තමා අලුත් මේට්‍රන්ගෙන් දැන්ගන්න ලැබුනෙ...මංචි ලංකාවට ගිය කාලෙක අඩුමගානෙ මාසෙකට හරි ඒ අදහසත් සැබෑවක් කරගන්නවමයි...ආයෙමත් නිවාඩුවට ගියහම එයාලව බලන්න එන්න පොරොන්දු වෙලයි මංචිලා එදා ගෙදර ආවෙ...එමින් ගමන් කැළණියත් වැඳපුදාගෙන එන්න පුලුවන් වුණායින් මංචිගෙ උපන්දිනේ සම්පූර්ණ වුණා කිව්වොත් හරියටම හරි..... 



 ප.ලි. :
      ඔයාලත් ඔයාලගෙ ජීවිතේ වැදගත් දවසක් සමරන්න මේ වගේ දෙයක් කරන්න හිතාගෙන ඉන්නවනම්...ශිල්ප ළමා සංවර්ධන මධ්‍යස්ථානය හොඳ තැනක් ඇත්තෙන්ම...දානෙ වේලකට සල්ලි වලින් උපකාර කරන්න පුලුවන්කමත් තිබුණ වුණත්..තමන්ම සකස් කරන් යනවනම් ඔයාලගෙ සතුට දෙගුණ වේවී..අනික් අතට නිතරම දෙන කෑම ජාති වලට වඩා පොඩි වෙනසක් එකතු කරගන්න බලන්න...


      උදාහරණයක් විදිහට..ගෝවාකොළ මැල්ලුම මංචි යෝජනා කළේ ඒක මංචිගෙ ප්‍රියතම මැල්ලුම නිසයි... ඒකට එයාලත් ගොඩක් ආස වුණා...මොකද ගොඩක් අය කරන්නේ කෑම වේලකට මුදල් දෙන එකයි..එහෙම වෙලාවට නිවාසෙන් හදල දෙන්නෙ එකම කෑම වට්ටෝරුවක තෝර ගත්ත කෑම කිහිපයකුයි....අපට වුණත් හැමදාම එහෙම කන්න ගියහම එපා වෙනවනෙ නේද...???


      හයිලන්ඩ් කිරි සහ කිරි ආහාර නිශ්පාදන කර්මාන්තශාලාවට යන පාරේ පිහිටල තියෙන...නාරාහේන්පිට පොලිසියට අල්ලපු වත්තෙ තමයි මේ මධ්‍යස්ථානය පිහිටල තියෙන්නෙ...හරියටම කිව්වොත් 45/92,නාවල පාර,නාරාහේන්පිට,කොළඹ 5 කියන ලිපිනයේ...


0115643001
0112501668 කියන දුරකතන අංක වලින් ඕනම විස්තරයක් අහගන්න පුලුවනි...


   ප.ප.ලි : 
      මේ දරුවන්ගෙ ඡායාරූප ගත්තෙ මේට්‍රන්ගෙ අවසරය ඇතුවයි..සමහර දරුවො නම් ඡායාරූප ගන්නවට කැමැත්තක් නෑ..එයාලාගෙ ඉස්කෝලෙ යාලුවන් වත් සමහර වෙලාවට දන්නෙ නැතිලු මේ දරුවො නිවාසෙක ඉඳන් පාසල් එන දරුවො බව..ඒ නිසා තමයි ඒ දරුවන්ගෙ ඦායාරූප අඳුනගන්න අමාරු වෙන විදිහට වෙනස් කරලා තියෙන්නෙ...උඩම පින්තූරෙ ඉන්න දෙන්න නම් ඒකට අකමැත්තක් නෑ කියාපු හින්දයි පින්තූරෙ දැම්මෙ හොඳේ....  


      ඔයාලත් මෙහෙම දරුවො එක්ක ගතපු පින්තූර ප්‍රසිද්ධියෙ පල කරනවනම් කරුණාකරලා එයාලගෙ කැමැත්තකින් තොරව අනන්‍යතාවය හෙළි නොකරන්න වග බලාගන්න.....හොඳද යාලුවනේ.....  



59 comments:

  1. හ්ම්හ්ම්හ්ම්.. පවු.. හිතක් පපුවක් නැතිව මේ ළමයි කෝම දාලා යනවද මංදා :-/

    ReplyDelete
    Replies
    1. අනේ මංදා බනියෝ....එහෙම මිනිස්සුත් ඉන්නවනෙ මේ ලෝකේ.... :(

      Delete
  2. ඇත්තටම හොඳ වැඩක්. තනියම ගෙවල්වල පාර්ටි දාල විනෝද වෙනවට වඩා මේවගේ දෙයක් කරන එක කොච්චර හොඳද. උපදෙස් ටිකත් කදිමයි මේවගේ වැඩක් කරන්න හිතන් ඉන්න අයට. 24 වෙනි උපන් දිනේට මගෙන් සුබම සුබ පැතුම් අක්කේ පරක්කු වෙලා වුනත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පැතුම්.. :)

      Delete
  3. මම නම් මංචිගේ 24 වෙනි උපන්දිනේට කරන මේ වැඩසටහන ගැන දැනුවත් වෙලා හිටියේ. එක්කෙනෙක් උදේ පාන්දරම කෝල් කරලා මට කිව්වා නෙව.
    මාත් මගේ උපන්දිනේක මේ වගේ වැඩක් කරන්න ඕන.නංගි කෙනෙක් උනත් හොඳ දෙයක් කියනවනම් පිලිගන්න එපැයි !!!

    ReplyDelete
    Replies
    1. අනේ යන්ඩ....ඔයානෙ එදා උදේ පාංදරම මට කෝල් කළේ... :p ඔව් ඔව්....අයියල වුනාම නගාල කියන එව්වා අහන්ඩ ඕනේ... :D

      Delete
  4. බනී මල්ලිගේ කතාවට මම් 100%ක් එකඟයි !!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්.....

      Delete
  5. හොඳ වැඩක් නංගියේ.

    ඒ වගේම සුභ උපන් දිනයක් කිව්වා පහු වෙලා උනත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාරයියේ..... :)

      Delete
  6. උපන් දිනේ දවසේ කරන්න පුළුවන් හොදම දෙයක්.. ඇත්තටම සතුටුයි..

    ReplyDelete
  7. සුබ උපන් දිනයකට පැතුම් පැංචියේ , හොඳ වැඩක් කරලා , ලස්සනට අකුරු කරලා , අපිට වියමන් කරලා තිබෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හෙදතුමනි... :))

      Delete
  8. oya karala thiyenne godak hoda wadak ada kale godak denekuta nohithene deyak,godak sathutui, ko apita b'day cake?Mac ekatawath yamuda?

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඔයාටත් ඩාර්ලින්...ඔයාගෙ ගානෙ පාර්ටිය දෙනවනං ඕන වෙලාවක මැක් යමුකො... ;)

      Delete
  9. දැල් බඳිනවා වගෙ නරක වැඩ කරන කෙනෙක් වුනත් හොඳ වැඩක් මන්චි කරලා තියෙන්නෙ. ලංකාවට ගිය බව දන්න කන්ඩායමේ මම ඉන්නෙ හරි?

    අවුරුදු විසිහතරක් ඔය වටේ ඉන්න එවුන් එක්ක ජීවත් වුනා කියන එකත් පාටි දාන්න වටින කාරණයක් තමයි.
    අවුරුදු විසි හතරක් කිව්වම සෙල්ලමක්ද ආ? මම අහල තියෙනවා ගෑණු කෂ්ටිය එයාලගෙ වයසෙන් අඩුකරන අවුරුදු ගාන අහක දාන්නෙ නැහැලු, අනිත් අයගෙ වයසට එකතු කරනවලු කියලා. හික්ස්.පිරිමැස්මනෙ.

    සුභ උපන් දිනයකට ආසිරි!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ''අවුරුදු විසිහතරක් ඔය වටේ ඉන්න එවුන් එක්ක ජීවත් වුනා කියන එකත් පාටි දාන්න වටින කාරණයක් තමයි.''.........ඇත්තම කතාව බ්ලොග්වෝකර්... :D

      Delete
  10. අති විශිෂ්ඨයි! :)

    ReplyDelete
    Replies
    1. තැන්කූඋඋඋඋඋඋඋඋ....... :)

      Delete
  11. හරිම සංතෝසයි අක්කෙ..හුඟාක් වටින හොදම හොද දෙයක් කරලා තියෙන්නෙ... හරිම පිනක් අක්කෙ...

    ReplyDelete
    Replies
    1. මටත් හරිම සතුටුයි නගෝ.... :)

      Delete
  12. හරිම හොඳ වැඩක්. අහිංසක ළමයි දැක්කම දුකයි. මටත් ආසයි මෙහෙම එකක් කරන්න. ලංකාවට ගිය දවසක.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් අක්කේ...පුලුවන්නම් හරිම වටිනවවා...

      Delete
  13. හරිම හොඳ වැඩක් අක්කේ..

    ReplyDelete
  14. අක්ක නම් නියම විදියට උපන්දිනේ සමරලා තියෙනවා... බලන්න ඕන මගේ එකත් වෙනස් විදියකට සමරන්න... (කොහොමටත් ගෙදර පාටි නම් නෑ ඉතින්)

    ReplyDelete
    Replies
    1. ඔව් නගෝ.....එහෙම දෙයක් කලහම උපන්දිනේ නියම විදිහට දැනෙනව... :)

      Delete
  15. ඇත්තටම වටින වැඩක්. තනි අලියා කිව්වා වගේ අති විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...ලෙමන් පෆ් වගේද...??? ;)

      Delete
  16. ඉතා හොඳ වැඩක් නේ කරලා තියෙන්නේ ....... එල

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්..තැන්කූ....

      Delete
  17. manchiye, oya hari hondayi.... me post ekatath mata anduna... man den oyage blog eka hemadama kiyawanawa.e tharam man mekata addict wela.oya wage honda yaluwek labanna math pin karala thiyenawa...
    >>>>>>> kuubichchi>>>>>>>>>>

    ReplyDelete
    Replies
    1. ශා....ඔයා හැමදාම බලන එක කොච්චර හොඳද...?? තැන්කූ කූඹිච්චි.... :)))

      Delete
  18. වැඩේ ගැනනම් කියන්න වචන නෑ... අනර්ඝයි.... පැංවියේ... ඒ වගේම උපන්දින සුභ පැතුම් ගොන්නකුත් මගෙන් ඔන්න....
    ඒත්.....





    පෝස්ටුවේ තියෙන බොරුවක් මට අහුවුනා... මොකද කියන්නේ... :)

    ReplyDelete
    Replies
    1. තැංකූ ඔයාටත් නාකියෝ.... ඒක නෙවෙයි මොකද්ද බොරුව...?? :O

      Delete
    2. මට මේ ෆොටෝ වල විශේෂත්වයක් තියෙනවා තියලා විතරක් කියන්නම්කෝ..එහෙමත් නැත්තන් පිංතූර වලින් නොකියා කියපු කතාවක් මට තේරුණා වගේ කියලා මම හිතනවා කියලා කියන්නම්කෝ.

      ඒක හරි නම් පෝස්ටුවේ තියෙන බොරුව මොකක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද? :)


      වැරදියට තේරුම් ඇරන් නම් මගෙ "වයර් ෂෝට්" වෙලා... :(
      එහෙම දෙයක් නම්, සිද්ධ වුන අපහසුතාවයට සොරි කිව්වා ඕන් පැංචියේ...

      Delete
    3. හලේ බොල නාකියෝ....මට තේරෙන්නෙ නැතෝ... :O..... makulupanchi@gmail.com කියන ලිපිනයට මට ඊතැපෑලක්වත් එවල පැහැදිලි කොරල දුන්නනං.... :(

      Delete
  19. සුභ පැතුම් උපන් දිනේට පහු වෙලා හරි. ලස්සන වැඩක් නෙ කරලා තියෙන්නෙ.

    ඔයා එන බව නම් මාත් දැනගෙන හිටියා හොදේ...:)))

    ReplyDelete
  20. අර්ථවත් උපන්දින සැමරුමක්.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලයාන්... :))

      Delete
  21. ගොඩක් වටින දෙයක් කරලා තියෙන්නේ යාළුවා...
    අපි හැමෝටම හොද ආදර්ශයක්!
    තාව තවත් මේ වගේ යහපත් දේවල්ම කරන්න ලැබේවා! :) :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුබූ..... :)

      Delete
  22. උපන්දිනයක් වෙනුවෙන් සල්ලි නාස්ති කරලා පාටි දානවට වඩා මේක කොච්චර හොද වැඩක්ද...

    ReplyDelete
    Replies
    1. ඒකනේ පුංචි කුමාරි හාමී... :))

      Delete
  23. කියන්න වදන් නෑ, සෑහෙන්න වටින වැඩක් කරලා තියනවා ......
    මට නං මේවගේ ලමයි අම්මලා තාත්තලා නැතුව ඉන්නවා දකින කොට මාර දුකක් හිතට එන්නෙ ..

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් අයියේ....ඒ ළමයි දකිද්දි හරිම දුකයි.......

      Delete
  24. අපේ මලයගේ දෙවෙනි අවුරුද්දේ දානෙ සහ උපන්දිනේ වෙනුවෙන් අපිත් දානයක් දුන්නෙ ළමා නිවසෙකට. :)

    ReplyDelete
    Replies
    1. අනේ හොඳයි...අහන්නත් සතුටුයි චන්දික...:)

      Delete
  25. සුබම සුබ උපන්දිනයක් අක්කේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නගෝ.... :))

      Delete
  26. නියම වැඩක්!!! සුපිරි පහයි!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාළු.... :))

      Delete
  27. සතුටුයි ඇ. බොහොම හොද වැඩක්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සිංහලේ... :D

      Delete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...