ඉස්සර වගේම අදත්...ගං දෑල අද්දරට ලස්සනට සුදෝ සුදුවට හඳ පායලා...
මතකද ඉස්සර....අපි දෙන්නගෙ ආදරේ දිහා මේ හඳත් ආදරෙන් බලාගෙන උන්නු හැටි...අපි ලං ලංව නොහිටිය වෙලාවට වුණත් එකම හඳ දිහා බලාගෙන අපි ඒ තරම් ඈත නෑ කියලා හිත සනසගත්ත හැටි.....
කිසිම සද්දයක් නැතුව එදා මේ හඳ අපේ ආදරේ රස වින්ඳා වගේම...තවත් එක දුක්බර දවසකදි ඔයා මගෙන් වෙන් වෙලා යද්දිත් මේ සඳ අපි දෙන්න දිහා බලාගෙන හිටියා...
අලුතින් කාර්යාලයට පැමිණි 'ඇය' දෙස මම විමසිල්ලෙන් බලා උන්නෙමි... ඇගේ මේසය තිබුණෙ මගේ ඇස්මානයේ නිසාත්..කිව නොහැකි කුමක්දෝ නොපැහැදිලි හේතුවක් නිසාත් නිරන්තරයෙන්ම ඒ දෙසට නෙත් යොමු වීම වලක්වාගන්නට මට අපහසු බවක් දැනිනි...
ආ දින සිටම කා සමගත් සුහදව සිනාසෙමින් කතාබහ කරමින් කුළුපග වන්නට ඈ සමත් වූ හෙයින් බොහෝ අලුත් සේවිකාවන්ට මෙන් වදය ගසා ඇය වෙහෙසවන්නට අප නොපෙළඹුනෙමු...එසේ වුවද අප ඈ ගැන දැන සිටියේ ඉතා අල්ප තොරතුරු ප්රමාණයකි..ඈ පැමිණි මුල්ම දින පටන් ගෙවී ගිය සතිය මුළුල්ලේම සේවයට වාර්ථා කිරීමේ ලේඛණයේ පළමු පේළිය ඇගේ රවුම්ද නොවූ..දිගුද නොවූ ලයාන්විත අත'කුරු වලින් අත්පත් කරගනු ලැබිණි...
හ්ම්ම්....හරියටම මාස හතකුත්..තවත් දවස් තුනකුත් ගෙවිල ගිහින්..පැංචිගෙ දුකට සැපට තනියට හිටපු වියමනත් පැංචිගෙ හිත වගේම පාලුවට ගිහින්..ගෙවුණු දින සති මාස ගාණෙම එන්න බැරි වුණේ ඇයි කියල පැහැදිලි කරන වැල් වටාරම් ගොඩකින් පටන්ගන්න ගියොත් තව සති ගානකට මේ පිටුවෙ තියෙන මකුළු දැල් ටික පිහාගන්න බැරි වෙන හන්දා...ඒ ආලවට්ටම් මුකුත් නැතුවම ආපහු ටික ටික ලියන්නයි පැංචිගෙ කල්පනාව..
දැන්නම් ගොඩක් යාලුවන්ට වියමන අමතක වෙලත් ඇති..හැමදාම ඇවිත් අලුත් මොකුත් නැති නිසාම දැන් දැක්කත් නොදැක්ක වගේ ඉන්න අයත් ඇති..ඒ වගේම මේ ඊයෙ පෙරේදත්..''අනේ බං පැංචියෙ..දැන් ඔය හූල්ල හූල්ල...අයිස් ගැහුව ඇතිනෙ...ආපහු ලියමු නේද...'' කිය කියා වද දුන්නු අයත් හිටියා..ඉතින් ඒ හැමෝටම පිං සිද්ධ වෙන්න තමා පැංචිට ආයෙමත් ලියන්න හිතුනෙ..
ඒ හැමදේම ඔහොම වුණත්..යාලුවො 200 ක්ම වියමනට එකතුවෙලා එදාමෙදාතුර..ඒ හැමෝවම පැංචිට ගොඩාක් වටිනවා..ඔන්න එහෙනං ආයෙම වියමන වියනවා හොදේ.......