ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

යදම්.....




      අලුතින් කාර්‍යාලයට පැමිණි 'ඇය' දෙස මම විමසිල්ලෙන් බලා උන්නෙමි... ඇගේ මේසය තිබුණෙ මගේ ඇස්මානයේ නිසාත්..කිව නොහැකි කුමක්දෝ නොපැහැදිලි හේතුවක් නිසාත් නිරන්තරයෙන්ම ඒ දෙසට නෙත් යොමු වීම වලක්වාගන්නට මට අපහසු බවක් දැනිනි...

      ආ දින සිටම කා සමගත් සුහදව සිනාසෙමින් කතාබහ කරමින් කුළුපග වන්නට ඈ සමත් වූ හෙයින් බොහෝ අලුත් සේවිකාවන්ට මෙන් වදය ගසා ඇය වෙහෙසවන්නට අප නොපෙළඹුනෙමු...එසේ වුවද අප ඈ ගැන දැන සිටියේ ඉතා අල්ප තොරතුරු ප්‍රමාණයකි..ඈ පැමිණි මුල්ම දින පටන් ගෙවී ගිය සතිය මුළුල්ලේම සේවයට වාර්ථා කිරීමේ ලේඛණයේ පළමු පේළිය ඇගේ රවුම්ද නොවූ..දිගුද නොවූ ලයාන්විත අත'කුරු වලින් අත්පත් කරගනු ලැබිණි...

      සතියේ දිනවල නිතරම පිළිවෙලට රැළි තබා..ඔසරිය හැද තරමක් උසැති පාවහන් පළඳින ඇය..පිළිවෙලට පීරන ලද වරලස ඔසරියට සරිලන පරිදි ගැටගසාගෙන පැමිණියාය..සාරියෙහි පැහැයෙන් අත පළදින වළලු කිහිපයක්ද ඊටම සරිලන ඉතා කුඩා හුරුබුහුටි අරුංගල් යුවලද කිසි දිනෙක ඇයට වැරදුනේ නැත... ඈ සතුව සෑම සාරියකම පැහැයෙන් වළලුද, කරාබුද තිබුණා විය යුතුය...

      සෙනසුරාදා දිනයෙහි කැෂුවල් අඳින්නට අවසර ඇති දවසයි.. එදින ඈ පැමිණියේ නිල් ඩෙනිම් කලිසමකට ගැලපෙන කුර්තා කමිසයකින් සැරසීගෙනය..කොණ්ඩය මුදාහැර වෙනදාට වඩා මදක් වැඩිපුර තොල් ආලේපන ගල්වා තුබුණද...වෙනදා මට පෙනුණු අඩුව මෙදින වැඩිපුර පෙනෙන්නාක් මෙන් මට දැනුණි... 

      ඇය භද්‍ර යෞවනියක නොවූවාය...යෞවනයට වැඩියෙන් ඈ හිමිකම් කීවේ මැදි වියට වුවද ඇගේ වම් මුදුඟිල්ලෙහි මුදුවක් තිබුණේ නැත...!!! ඈ කෙරෙන් නිතරම දිස් වූ අඩුව එයද?? 

      'වෙන්න බෑ... බැන්දෙ නෑ කියලා..මුද්දක් දැම්මෙ නෑ කියලා ඕක මහ වෙනසක්යෑ..'...මටත් විකාර... මම යළි කරමින් හුන් වැඩය වෙත නෙත් හරවාගතිමි....

       කාර්‍යාලයෙන් පිටවී මම මගේ කාර් රථය අතුරු පාරට දමාගතිමි...මට කලින් කාර්‍යාලයෙන් පිට වී ඈ මදක් ඉදිරියෙන් ගමන් ගනිමින් සිටියාය..ඈ අසල කාරයක් නවතිනු දැනී ඈ මදක් මවිත වී හෑරී බැලුවාය.මම වීදුරුව පහත් කොට ඇයට කතාකළෙමි...

      '' නිරාශා...කොහාටද යන්නෙ...??''

      ඇගේ පළමු ප්‍රතික්‍රියාව වූයේ මා හඳුනාගැනීමෙන් දැල්වුණු සිනහවයි... ක්ෂණිකව මට අමුතු උණුසුමක් දැනිණි...

       ''මම යන්නෙ දෙහිවලට....''


       ''එහෙනං යමු...මමත් යන්නෙ කටුබැද්දට...'' 

       ඈ මොහොතකට නිහඬ වූවාය...ම්ම්..එන එකක් නැද්ද...?? මම යළි හඬ අවදි කළෙමි...

       ''ඇයි බයයිද මම මගදි කිඩ්නැප් කරයි කියල...??''

       යළිත් දැල්වෙන සිනාවක්... ''නෑ...ඔයාට කරදරේනෙ...''

       ''විකාරද නගින්න නගින්න....''

       ඈ යමක් තීරණය කළාක් මෙන් කාරය ඉදිරිපසින් පැමිණියාය..මම දොර හැර ඇයට උදව් වූයෙමි...


       මද දුරක් ගොස් ගාලු පාරට වැටෙන තුරු කිසිවෙකුත් කිසිවක් කීවේ නැත...අවසානයේදි මම කතාව පටන්ගත්තෙමි...

       ''නිරාශලගෙ ගෙවල් තියෙන්නෙ දෙහිවලද...''

       ''ඔව්...කවුඩාන පාරේ..  පැතුම් කටුබැද්දෙ කොයි හරියෙද...??''

       ''මම කටුබැද්දෙ ඉන්නෙ බෝර්ඩ් වෙලා...කැම්පස් එක කිට්ටුව..ගෙවල් රත්නපුර'''

       ''ආහ්...එහෙනං මිදුලෙ වැලි වෙනුවට මැණික් වෙන්ඩැති...''

       ''ඔව්..ඔව්...උදේට අතුගාද්දි එපා වෙනවා...'' අපි දෙදෙනාම සිනාසුනෙමු...

       මම ඇගේ සිනහව දෙස බලන්නට හැරුනෙමි....

       හදිසියේම....!!!!!!!!!!!!

       මම ඇගේ ඒ අඩුව දුටුවෙමි........හඳුනාගතිමි....

       ඈ මාලයක් පැළඳ සිටියේ නැත.....

       නිතරම වළලුද...කරාබු යුවලද නොවැරදුනද...ඇගේ රුවට ඔබිනාම ආභරණය විය යුතුව තිබුණේ...'මාලයකි'....

       එහෙත් මම ඒ ගැන ඇගෙන් නොඇසුවෙමි...එය ඇගේ පුද්ගලික දෙයක් වන හෙයිනි....

       ඒ හැරෙන්නට අප බොහෝ දේ කතා කළෙමි...ඈ මා සමග බොහෝ කුලුපග වූවාය...සෑම දිනකම පාහේ ඈ වැඩ ඇරී නිවසට යන්නට සැරසෙන විට මමද ලහිලහියේ සැරසී කාර්‍යාලයෙන් පිටවී ඈ මාගේ සමාගමයට එකතුකර ගතිමි... 

       මිතුරුකමකට වඩා වැඩි බැඳීමකින් මම ඇයට ලංවෙමින් සිටියෙමි....එහෙත් ඈ ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම මා වෙත විවර නොකළාය...පවුලේ විස්තරත්...මිතුරු මිතුරියන් ගැනත් බොහෝ දෑ කීවද...කිසි දිනෙක ඈ ප්‍රේමය ගැන සඳහනක් නොකලාය..කුමක්දෝ ගුප්ත බලපෑමකින් මෙන් ඈ එවන් මාතෘකාවලින් මගහැර ගියාය...ඇය අවිවාහක බව තහවුරුකරගැනීමට මට ඉවෙන් මෙන් හැකි වුවද..ඇයට පෙම්වතෙකු සිටීදැයි මම නොදැන උන්නෙමි....

       කාලයේ වැලිතලා අතරින් අප ඇවිදගියෙමු...

       නිරාශාගේ උපන්දිනය ලඟ එමින් තිබිණි.....

       මා ඈ වෙනුවෙන් තිළිණයක් දියයුතු බැව් මගේ හිත මට මතක් කර දුන්නේය...

       ''මොනවද ඉතින් දෙන්නෙ......???''......මාලයක්...!!!...ඔව් මාලයක් තමයි හරියන්නෙ....නිරාට ලස්සනට තියේවි...වැඩිය ලොකු එකක් හරි යන්නෙ නෑ.....හීනී නූල් පොටක් වගේ එකක් තමා එයාට ලස්සන.....''

       වැඩි වෙහෙසක් නොවීම මට ලස්සන සිහින් චේන් පොටක්ද ඊටම ගැලපෙන සරල සමනල හැඩයේ පෙන්ඩන්ට් එකක්ද තෝරාගන්නට හැකිවීමෙන් මම උද්දාමයට පත් වීමී......ඇය එය දැක පුදුම වනු නොඅනුමානය..

       ඇගේ උපන්දිනය දවසේ කාලය ගෙවුනේ ඉබි ගමණිනි...කාර්‍යාලයේ හැමදෙනාම ඇයට සුභ පැතුවහ..මමද වෙනසක් නොදක්වා ඔවුන් සමග ඇයට සුභ පැතුවෙමි..ඇයටද ඒ ගැන අමනාපයක් නොවීය... අවසානයේ ඔරලෝසුවේ 4.15 සටහන් විය...සුපුරුදු ලෙසින් මම ඇය එන තුරු හංදියේ මාරගහ යට වාහනය නවතාගෙන සිටියෙමි..ඇයද වෙනසක් නොදක්වා පැමිණ කාරයට නැගුණාය...මේ කාරය දැන් ඇයට නිවසේ වාහනය තරමටම හුරුය...

       වෙනදා ඇය ඉදිරියේ වක්කඩ කැඩුවාක් මෙන් දොඩමළු වන මම මෙදින බෙහෙවින්ම නිහඬ වූයෙමි..හදවතේ රහසක් සඟවාගෙන සිටි මගේ මුවින් වෙනදා මෙන් වචන ගලා නාවා අරුමයක් නොවේ..ඇයද කීපවරක්ම ඒ ගැන විමසුවද..මම එය මගහරිමින් වාහනය පැදවූයෙමි....මද දුරකින් ඉක්බිති අපි ගෝල්ෆේස් පිටිය අසලට ලඟා වීමු...

       මා වාහනය නැවැත්වූ කල ඈ පුදුමයෙන් මා දෙස බැලුවාය...

       ''ඇයි නතර කළේ....''

       ''වැඩකට...''

       ''ආහ්....ගොඩක් වෙලා යයිද...''

       ''නෑ..ඇයි ඔයාට හදිස්සියිද ගෙදර යන්න...''

       ''නෑ..නෑ...එහෙම එකක් නෑ...''

       ''එහෙනම් ටිකක් බැහැල ඉමුද.....''

       ''හ්ම්ම්...'' අප දෙදෙනාම රියෙන් බැස වෙරළ තීරය වෙත ඇවිද ගියෙමු....

       ''ම්ම්ම්.......නිරා...''

       ''ඔව්...කියන්න...''

       ''මම බඩුවක් දුන්නොත් ගන්නවද...??''

       ඇගේ දෙනෙත් මදක් විශාල විය..... ''මොනවද...???''

       ''තෑග්ගක්.....උපන්දිනේට.....'' 

       ඇගේ දීප්තිමත් සිනාව දැල්විණී.... ''ඒ  මොකද්ද..???''

       ''එහෙම බෑ....''

       ''එහෙනම්....''

       ''ඔයා ඇස් දෙක වහගන්නකො....එතකොට දෙන්නම්....''

       ''අනේ...''

       ''ඔන්න බෑ කියන්නනම් එපා...ප්ලී............ස්''

       ''හ්ම්....හරි එහෙනම්....'' ඈ සෙමින් ඇස් දෙක වසා ගත්තාය...

       මම සෙමින් විල්ලුද ආභරණ පෙට්ටිය විවර කර මාලය අතට ගත්තෙමි... සීරුවෙන් ඇගේ ගෙල වෙත ලංවී මාලය ඇයට පැළඳුවෙමි.....

       ඇය ගැස්සී ගියාය....

       හ්ම්ම්....හොඳද බලන්න.....මම විල්ලුද පෙට්ටියෙහි පියන ඔසවා එහි තිබූ කණ්නාඩිය ඈ වෙත පෑවෙමි....

       ඈ දෑස හැරියාය... දර්පණය මත ඇඳුණු සිය රුව ඈ දකින්නට ඇත...මම ඇගේ දෙනෙත් විකසිත වනු දකින්නට නොයිවසිලිමත් වීමි...එහෙත්...

       ඒ දෙනෙත් පිපෙනු වෙනුවට පරව යන්නට විය...කණ්ණාඩිය වෙත එබුණු දෙඇස වේගයෙන් කඳුලින් පිරී යන්නට විය...එක් වරම ගෙළට අත යැවූ ඈ..මාලය මුදා සුරතට ගත්තාය...

       ''මට මේක ගන්න බෑ....මම මාල දාන්නෙ නෑ...'' මාලය සැනෙකින් මගේ සුරතට ගුලිකරනු ලැබිණි...

       මම ඇයි කියාවත් අසන්නට පෙර ඇය වේගයෙන් කාරය වෙත ගොස් හිඳ ගත්තාය....කළ හැකි වෙන යමක් සිතාගත නොහැකි වූ මමද සෙමින් වාහනයට නැගී ඉදිරියට ඇදුනෙමි... වරින් වර ඇගේ මුවින් හදවත දවාලන වේගයකින් සුසුමක් පිටවුණද...ඉඳහිටක ඉකිබිඳුම් පවා ඇසුණද ඈ හඬන්නේදැයි ඇසීමට මගේ හිත සවිමත් නොවීය..අනපේක්ශිත ලෙස ඇගෙන් ප්‍රතික්ශේප වීමෙන් මමද සසල වී සිටියෙමි...

       ඇගේ නිවසේ ගේට්ටුව අසලදී වදනක් තබා සිනහවකුදු නොතබාම ඈ කාරයෙන් බැස ගියාය...

       රැය පහන්වන තුරුම සයනයෙහි පෙරළෙමින් කල්පනා කළද..ඈ මා දුන් මාල පොට දැක මේ තරම් සැලුනේ ඇයි දැයි ඉඟියක්වත්  සිතාගන්නට මට හැකි වූයේ නැත....

       ඇය වචනයක්වත් නොකීවේ ඇයි...?? මේ තරම් සිත රිදවාගන්නට මා ඇයට  කුමක් කළේද??.......

       මා ඇගෙන් සීරුවෙන් ඇසිය යුතුව තිබිණි....එක්වරම එය නොපළඳවා ඇගේ දෝතට දුන්නේ නම් ඈ මේ තරම් කැළඹෙනු නැත...

       හදවතින් කොතෙක් පසුතැවිලි වුවද..කළ වරද නිවැරදි කළ හැකි මගක් මා වෙත ලඟා වූයේම නැත...ඈ පසුදින වැඩට නොඑනු ඇත්ද...??..මගෙ හිතේ පසුතැවිල්ල දෙතුන් ගුණයකින් දියුණු විය...

      ඇය පැමිණියාය..එහෙත් කාර්‍යාලයේදී ඈ වෙනදා මෙන් ප්‍රබෝධමත්ව සිටියේ නැත..ඉඳහිට අපේ දෑස් හමුවුණු මොහොතක...ඇගේ දෙනෙතෙහි මතු වූයේ සමාව අයදින බව කියවෙන බැල්මකි...සමාව ඉල්ලිය යුත්තේ මා නොවේද..???

       කාර්‍යාල කාලය අවසන්ව මම ඈ එන තුරු දෙගිඩියාවෙන් බලා උන්නෙමි... කාරයට මදක් එහායින් නැවතුනු ඈ...කුමක්දෝ කල්පනා කළාය..ඉන් පසු ඉක්මන් ගමනින් මා සිටි තැනට ආවායා....

       එහෙත් ඈ වෙනදා මෙන් කාරයට නැග්ගේ නැත.... ඒ වෙනුවට ඈ ජනේලයෙන් එබී මා වෙත දුක් බර සිනාවක් පෑවාය....

       ''නගින්නෙ නැද්ද...??''

       ''බෑ...''.....ම්ම්ම්..

       කුමක් කියන්නදැයි සිතාගත නොහී මම පසුබා සිටියෙමි...මදක් නැගී සිටි ඇය බෑගය හැර ලියුම් කවරයක් එලියට ගත්තාය.....

       අනතුරුව කවුළුව තුළින් අත දමා එය ආසනය මත තැබූ ඈ... ආයාසයෙන් යමක් මිමිණුවාය...

       ''මට සමාවෙන්න....''

       ඉක්බිති මම යමක් කියන්නට පෙරම ඈ කාරයෙන්ද මගෙන්ද ඈත් වී වේගයෙන් යන්නට ගියාය...ඈතට ඈතට යන්නට ගිය ඇය තිතක් වී නොපෙනී යන තුරුම මම බලා සිටියෙමි..

       මේ සිදු වූයේ කුමක්ද...???

       සිහි එළඹ ගැනීමට මට විනාඩි කිහිපයක් ගත විය..යාබද ආසනය මත ඈ තබාගිය ලියුම් කවරය දෙස මම කුතුහලයෙන් බලා සිටියෙමි....

       ඉන් පසු සෙමෙන් එය අතට ගත්තෙමි...කවරය අලවා තිබුනේ නැත...විවරය තුළින් එළියට පෙනුණේ මදක් අවපැහැ ගැන්වුනු සේයාරුවකි....මම වෙවුලන දෑතින් එය එළියට ගත්තෙමි....

       එහි වූයේ මුහුදු වෙරළක බංකුවක් මත හිදගෙන සිටි තරුණියක සහ තරුණයෙකි......මා නන්නාඳුනන ඒ තරුණයා තරුණියගේ උරහිස වටා අත දමාගෙන ඇගේ හිස සිය පපුවට හේත්තු කරගෙන සිටියේය..බැලූ බැල්මට යන්තම් අවුරුදු 23ක් 24ක වයසේ සිටියේයැයි සිතිය හැකිවූ ඒ තරුණිය හඳුනාගැනීමට මට අපහසු වූයේ නැත......

       ''නිරාශා.......''

       එහෙත්...පුදුමයනම් එය නොවේ.....ඇගේ ගෙලෙහි දිදුලමින් තිබුනේ...මා ඇය වෙනුවෙන් තිළිණ කළ චේන් පොටට බෙහෙවින්ම සමාන..තුනී මාල පොටකි...එහි හදවතක හැඩයේ පෙන්ඩනයක් දිදුලමින් තිබිණි.....

      ''හ්ම්ම්ම්ම්''......... මගේ මුවින් සුසුමක් පිට වූයේ නොදැනුවත්වමය....

       වෙනත් කිසිවත් ලියුම් කවරය තුළ නුදුටුවෙන්...මම ඉබේටම මෙන් සේයාරුව පසුපිට හරවා බැලිමී..... එහි තිබුණේ තරමක් අපිළිවෙල නමුදු රත් පැහැ අකුරින් ලියා තිබු සටහනකි.....


ආශා....

මාල දාන්න ඔච්චරටම ආස නැති ඔයා...මම වෙනුවෙන් මේ පුංචි චේන් පොට දැම්මා නේද එහෙනම්...පොරොන්දු වෙන්න... ඔයාගෙ ආදරේ මගෙ විතරයි වගේම...ජීවිත කාලෙටම ඔය ලස්සන බෙල්ලට මාල දාන්නෙත් මම වෙනුවෙන් විතරමයි කියලා..... පොරොන්දු වෙනව නේද....කියන්න මට.....

මම...විශ්වය තරමටම......ඔයාට ආදරේ කරන
ඔයාගෙම රංග....





෴මංචි෴


58 comments:

  1. ලස්සන කථාවක් ..... සැහෙන කාලෙකින් හොඳ post එකක් මනචිගෙන්.......

    ReplyDelete
    Replies
    1. තැන්කූ සඳරු.... කියෙව්වටත් තෑන්ක්ස් හොඳේ.. :)

      Delete
  2. Itapasse tikath liyanwada ? thnx anyway

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...කතාව නම් මෙතනින් ඉවරයි... :) thank u too... :)

      Delete
  3. මාත් මකුලු දැලේ පැටලුනා

    http://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_14.html
    රාජපක්ශ ජනපතිගෙ ප්‍රියතම කඩචෝරුව ? පරාක්‍රමබාහු රජතුමා පිලිමයේ අතේ තිබෙන්නේද කඩචෝරුවක්?

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි දයාල්... :)

      Delete
  4. ආත්මාර්ථකාමී ඉල්ලීමක්....
    ඒත් ඉතිං ආදරේම ආත්මාර්ථකාමීයි නේ... නේද....

    ReplyDelete
    Replies
    1. ඒත් ආදරය ගැඹුරු වෙන්න වෙන්න ඒක ආත්මාර්ථකාමීත්වයෙන් ඈත් වෙනවා නේද??
      ආදරේ ආත්මාර්ථකාමීමයි කියමුකො...ඒත් එහෙම අයම තමන් ආදරේ කරන අයව අතරමග දාල යන්නෙ ඇයි..??

      Delete
  5. Replies
    1. බොහොම ස්තූතියි මල්ලී... :)

      Delete
  6. කතාව නියමයි...
    //එදින ඈ පැමිණියේ නිල් ඩෙනිම් කලිසමකට//
    මේ ඩුඩ්ගේ කලිසම නෙමේ නේද...
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. හෙහෙ...ස්තූතියි..නෑ නෑ..මේ ඒ ඩෙනිම නෙවෙයි...හික්ස්.. :D

      Delete
  7. ලස්සනයි මන්චී, නිතර ලියන්නකෝ අනේ මේ වගේ කතා!

    ReplyDelete
    Replies
    1. හෙහ්හෙහ් තැන්කූ...නිතර ලියවෙන්නෙ නෑ නෙ අක්කෝ...මම ඔයා වගේ ලියන්න දන්නෙ නෑ නේ... :(

      Delete
  8. කාලෙකින් නේද පැන්චියේ
    කතාව සුපිරි

    ReplyDelete
    Replies
    1. ඔව් වර්ණා...කාලෙකින්...තැන්ක්ස් කියෙව්වට.. :)

      Delete
  9. niyamai.... ethakota Ranga merilada????

    ReplyDelete
    Replies
    1. මැරිල නම් නිරාශා තවම එයා දීපු මාලෙ දාගෙන ඉඳිවි නේද..??..ඒත් සමහරවිට ඒ මාලෙ විසිකරන්නත් බැරි..ඒත් ආපහු මාලයක් දාන්නත් බැරි තැනක නිරාශ අතරමං වෙලා ඇති...

      Delete
  10. මාරයි කෙල්ලේ. මට ගොඩාක් අප්සෙට් ගියා කතාවට. ඔයා ගොඩාක් හැඟීම් මතු වෙන විදියට ලියනවා. ගුඩ්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ස්පයිඩර් සහෝ... හිතට දැනුන නම් ඒක තමා මගේ මහන්සිය වතුරෙ ගියේ නෑ.. :)) (උස්සන්න කොලරුත් නෑ අප්පා.. :D )

      Delete
  11. ලස්සන කථාව අක්කියෝ... කාලෙකින් මේ පැත්තේ ආවේ..

    ReplyDelete
    Replies
    1. තැන්කෝ නගෝ...ඒකනේ අනේ...කාලෙකින්... :)

      Delete
  12. නියමෙටම නියමයි මකුලි. ඉඳලා ඉඳලා ලස්සන කතාවක් ලියලා තියෙන්නෙ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩූඩ්... :) හැබැයි ඔන්න කතාවෙ එන ඩෙනිම් කලිසම ඩූඩ් කියාපු එකනං නෙවෙයි.. :D

      Delete
  13. කතා විලාසය ගලාගෙනයෑම.. කතුහලය වගේම අවසන පා‍ඨකයාගේ රසවින්දනය අනුව හිතන්න යමක් ඉතිරිකරලා..
    කතාව සුපිරි මංචියේ.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නන්ඳු.. :))

      Delete
  14. නියමයි මංචි! මුල මැද අග එක වගේ ආසාවෙන් කියවන්න පුලුවන් කතාවක් හම්බුනේ කාලෙකින්.

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් කියෙව්වනම් ඒක තමා මගේ සතුට.. :)

      Delete
  15. ආදරේ කොහොමත් ආත්මාර්ථකාම් ඔය කවුරැ නෑ කිවත්...

    ReplyDelete
    Replies
    1. තනිකරම පරාථකාමී ආදරයක් නම් හොයාගන්න අමාරුයි තමයි... :(

      Delete
  16. දුක හිතෙන ලස්සන කථාවක් මංචි.....ලස්සනට වියල.

    ReplyDelete
  17. ලස්සනයි! හැබැයි දුකයි! :( :)

    ReplyDelete
    Replies
    1. ආහ් අපේ අලි මල්ලිත් ඇවිත් ඉන්නෙ.. :p
      විරහව රසයක් කියන්නේ ඒකනේ අලියෝ...

      Delete
  18. නොකියෙව්වත් අද තිබු ඔබෙ පොස්ටුව
    ලස්සන බව දකිමි ඔබගේ බ්ලොග් පිටුව
    ආවත් ඉඳල හිටලා ටක් ගා දිව්ව
    පුළුවන් දිනෙක කියවන්නම් සැම ලිව්ව

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...අපෝ එහෙම බෑ...කියවලාම යන්න කෝමහරි...බොහොම ස්තූතියි කාර්‍යබහුලකම අස්සෙත් අදහසක් දක්වන්න නැවතුනාට ඇපල්... :D

      Delete
  19. අම්මෝ ඇති යන්තම් කෙල්ලේ අයෙත් ලියන්න අරගෙන ලස්සනයි

    ReplyDelete
  20. ලස්සනයි , මම රසවින්දා

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි... :) බොහොම ස්තූතියි...

      Delete
  21. පට්ට කථාවක්
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  22. ලස්සන කතාවක් ...

    ReplyDelete
  23. විද්‍යා පුබන්ද ලිවිය හැකිනම් 0711913860 කාංචන මනමේනදු රන්දිව උප කර්තෘ මේ අංකයට කතා කරන්න.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මම ලංකාවෙ නෙවෙයි...විද්‍යා ප්‍රබන්ද ලියන්න ආස වුණත් කාලය තමා මදි..බොහොම ස්තූතියි කොහොම විනත් කතෘතුමනි..

      Delete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...