ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

සුළැඟිල්ලට කිරි එරුණු ලොකු අප්පච්චි....

    
ලොකු තාත්තයි ලොක්කම්මයි සමගින්.....

      කතාවක් අහල තියෙනවද... සහෝදරයො...විශේෂයෙන් බාල සහෝදරයො..ඒ  කියන්නෙ මාමලා තමන්ගෙ සහෝදරියන්ගෙ දරුවන්ට හරිම ආදරෙයි කියලා.. කටවහරට කියන්නෙ.. අම්මා නැති දාට මාමට සුළැඟිල්ලට කිරි එරෙනව කියලයි..

      මකුළු පැංචිට නං අම්මගෙ පැත්තෙන් මාම වෙන්න කෙනෙක් හිටියෙ නෑ..මොකද පැංචිගෙ අම්මා ගෑණු ළමයිම හතර දෙනෙක් හිටිය පවුලක බාලය..ඉතින් මාමලා කොයින්දෑ..හැබැයි ඉතින් ආදරෙන් හුරතල් කරන්ඩ මාමෙක් නැති අඩුව පැංචිට කවදාවත් නොදැනුනේ..ඊටත් වැඩිය ආදරණීය කෙනෙක් පැංචිට හිටිය හින්දයි... ඒ තමා පැංචිගෙ ලොකු අප්පච්චි..නැත්තන් මහප්පා... ඒ කියන්නෙ පැංචිගෙ අම්මගෙ දෙවෙනි අක්කගෙ අයියා...


      ලොකු තාත්තයි ලොකු අම්මයි...ඒ දෙන්නගෙ දුල දෙන්නයි පුතයි...පැංචිට හරියට තමන්ගෙම අම්මයි තාත්තයි..අක්කල දෙන්නයි අයියයි වාගෙ කිව්වොත් හරි..කොටින්ම පළවෙනි වසරට ඇතුල් කරන්ඩ ඉන්ටර්වීව් ගිහින් පවුලෙ කවුද තව ඉන්නෙ පුතේ...කියල ප්‍රින්සිපල් මැඩම් අහපුවාම පැංචි ගත්කටටම කියලලු  'මගේ පවුලෙ ඉන්නෙ..සුදු අම්මයි(පැංචිගෙ අම්මා),අපෙ අම්මයි(ලොකු අම්මා),තාත්තයි,පප්පයි,චූටක්කයි,ලොකක්කයි,සුදු අයියයි කියලා..'..  .පුදුම වෙලා බලාගෙන හිටිය විදුහල්පතිනිය ඉස්සරහ තමන් මාරම අමාරුවක වැටුණ කියල පැංචිගෙ අම්මා තමයි පැංචිට තේරෙන වයසෙදි කිව්වෙ...

      ආහ්හ්...කියන්න බැරි වුණානෙ..අයියයි අක්කලයි ලොකු අම්මටයි,ලොකු තාත්තටයි කතා කළේ 'අපෙ අම්මා' 'පප්පා' කියලයි.(කොහොම හැදුනද කියන්න නම් දන්නෙ නෑ හොදේ..)..ඉතින් පැංචිටත් ඒ දෙන්නව තමන්ගෙම අම්මයි තාත්තයි වගේ නිසා පැංචිත් ඉබේටම එහෙම කතා කරන්න පුරුදු වුණා...

      පැංචිට ලොකුතාත්තයි ඒ පවුලයි තමන්ගෙම අය වගේ දැනෙන්න හේතුවක් තිබුණා..ඒ පැංචි ඉපදිලා මාස ගානක ඉඳන්..අවුරුදු හතරාමාරක් වෙනකල්ම හැදුණෙ ලොකු අම්මයි ලොකු තාත්තයි ලඟ වීම.. පැංචිගෙ අම්මයි තාත්තයි දෙන්නටම රැකියාවෙ වැඩ නිසා පදිංචි වෙලා හිටියෙ කොළඹ...එයාලා ගෙදර නැති වෙලාවට පැංචිව බලාගන්න කෙනෙක් ආයා කෙනෙක් එක්ක දාල යන්න පැංචිගෙ අම්මා කැමති වෙලත් නෑ... 

      ඉතින් ඒ වෙලාවෙ තමයි ලොකු අම්මයි ලොකු තාත්තයි බෝම ආදරෙන් කැමැත්තෙන් පැංචිව බලාගන්න බාර අරගෙන තියෙන්නෙ..එයාල කොච්චර ආදරෙන් පැංචිව උස්මහත් කළාද කිව්වොත්..අදටත් පැංචිට එයාල තමන්ගෙම පවුලෙ අය..ඒ හැමෝම ගැන පිටු ගනන් පිරෙන්න කතා තිබ්බ වුණත්තේ හැමෝම අතරින් පැංචිට වැඩියක්ම ආදරේ කරපු ලොකු අප්පච්චි ගැනයි අද ලියන්න හිතුවෙ...

      ජීවිත කාලෙටම පැංචිට වැඩියෙන්ම ආදරේ දුන්නු අය අතරින් මුලින්ම ඉන්න කීප දෙනාගෙන් විශේෂම කෙනෙක් තමයි පැංචිගෙ ලොකු තාත්තා..පැංචි උකුළෙ නැළවෙන චුට්ටන් පැංචියෙක් කාලේ හරියට අසනීප වුණාලු..එතකොට අඬන්න ගත්තම ලොකු තාත්තා තමයි මහ රෑ එළි වෙනකල්ම පැංචිව වඩාගෙන කතා කිය කිය නළවලා තියෙන්නෙ..

      පැංචිගෙ ලොකු තාත්තා පොලිස් නිලධාරියෙක්..නිතරම වගේ බොහොම අහිංසක,මිත්‍රශීලි...කරුණාවන්ත මනුස්සයෙක් වුණාට තරහ ගියාම යකෙක් වගේ..
 ඔන්න පැංචි ලොකු තාත්තලගෙ දිහා ඉන්න කාලෙ දවසක් ලොකු අක්කා (එතකොට ලොක්කක්කා 10 පන්තියෙ විතර ඇති ) සැටිය උඩට වෙලා පැංචිව නළව නළව ඉඳලා..ඒත් ඉතින් පැංචිගෙ තියෙන දැගලිල්ලට එක පාරටම බිම වැටිලා..ඒ මදිවට බය වෙච්චි පාර රැහැයියෙක් වාගෙ අඬන්න පටන් අරන්...

      මේ වෙලාවෙ ලොකු තාත්තා ඉඳලා තියෙන්නෙ ඉස්තෝප්පුවෙ මොකද්දෝ වැඩක් කර කර..පැංචි අඬන සද්දෙට සාලෙට දුවගෙන ආපු ලොකු තාත්තට අක්ක එක්ක යක්ෂ කේන්තීලු.... කොච්චර කේන්තිද කිව්වොත් අතේ තිබ්බ මොකද්දෝ එකක් විසික් කරපු පාර..ඒකෙන් පතුරක් ඇවිත් අක්කගෙ නළලෙත් වැදිලා තුවාලත් වෙලා...තවමත් ලොක්කක්කගෙ නළලෙ ඒ තුවාලෙ කැළල ලාවට වගේ තියෙනවත් එක්ක...

      දැන් පැංචි අවුරුදු 24ක ලොකු කෙල්ලෙක් වෙලත් ලොක්කියි මායි වලියක් ගියොත් ලොකු තාත්තා ගන්නෙ මගේ පැත්ත..එතකොට ලොකු අක්කා නෝක්කාඩු දානවා ඔන්න..''ඔව් ඉතින්...පප්පා කොහොමත් මට වඩා ආදරේ එයාටනෙ...''කියලා.

      කාලයක් ලොකු තාත්තා අහංගම පොලිසියෙ වැඩ කළා..ඒ දවස් වල පැංචිත් යනවා ලොකු තාත්තත් එක්ක පොලිසියට..ගිහින් මේසෙ උඩින් වාඩි වෙලා ඉන්නවා කුරුටු බලි ඇඳ ඇඳ..හවසට ගෙදර එද්දි පැංචියි,පප්පයි මූදු රැල්ල පාගන්න යන්න නං වරද්දන්නෙ නෑ..මූදු රැළි පාගනව විතරක් නෙවෙයි..නානවා කිව්වොත් හරි..සෙල්ලං කරල..වැලි නාලා..සිප්පි ඇහිඳලා..ගෙදර එන්නෙ ලුණු දාපු කරෝල කූරි දෙකක් වගේ..ඇවිත් දෙන්නම ලොක්කම්මගෙන් බැණුං අහනවා කං පිරෙන්න...

      පැංචිගෙ පුංචි කාලෙ පිරෙන්න සෙල්ලං බඩු..ඔංචිල්ලා..රූම් පෙති.. සෙල්ලං ගෙවල්..හදල දුන්නෙ..එතකොට අවුරුද්දට රතිඤ්ඤා,අහස් ගුංඩු,බඹරචක්‍ර....හිතෙන හිතෙන වෙලාවට කෑම ජාති..ආස කරන ගවුම්..පාට පෙට්ටි..පොත් පෑන් පැන්සල් ගෙනත් දුන්නෙ පැංචිගෙ ලොකු තාත්තයි..අම්මයි තාත්තයි බෑ කියාපු දෙයක් වුණත් හොරාට හරි ගෙනත් දීලා බැණුං අහපු වාර අනන්තයි..

      පැංචිගෙ අම්මටත් ලොකු තාත්ත තමන්ගෙම සහෝදරයෙක් වගේ නිසා පැංචි ලොකු වුණාම වුණත් අම්මව ශේප් කරගන්න ඕනෙ නං වචනෙ දාන්නෙ ලොකු තාත්තගෙ මාර්ගෙනුයි...

      පුංචි කාලෙ ගැන කතා ඔහොම වෙද්දි..පැංචි වයසෙන් ලොකු වෙලා උස්මහත් වෙලා..ඉස්කෝලෙ යන්න කොළඹට ඇවිත්..ලොකු තාත්තගෙ සෙවණින් ටිකක් ඈත් වුණා වුණත් පැංචිට මහ රුක් සෙවණක් වගේ උන්නු ඒ අප්පච්චිගෙ ආදරේ සෙනෙහස නං පොඩ්ඩක්වත් අඩු වුණේ නෑ...මෙහෙම කියන එක වරදක්ද මංදා..ඒත් වෙලාවකට පැංචිට හිතෙනවා පැංචිගෙම තාත්තටත් වඩා ලොකු තාත්තා පැංචිට ආදරේ කළාද කියලත්...ඒ වගේම පැංචිටත් ලොකු තාත්තා එයාගෙම තාත්තා වගෙයි..

      ලංකාවෙන් පිට වෙලා පැංචි වසීලීස්සගෙ රටට එන දවසෙ ලොකු තාත්තා තමන්ව තුරුල් කරන් අඬපු හැටි පැංචිට අද ඊයෙ වගේ මතකයි..

      ලොකු තාත්තගෙ පුංචි කෙල්ල උස්මහත් වෙලා ආදරේ කරන්න කෙනෙක් හොයාගෙන කියල දැනගත්තම ඒ ගැන වැඩියෙන්ම සතුටු වුණේ ලොකු තාත්තයි..පැංචිගෙ ලොකු තාත්තා උඩරට කෙනෙක්..ලොකු අම්මට තිබ්බ ආදරේ හින්දම ගෙදරටත් විරුද්ධ වෙලා පහත රටින් බැන්දට..නුවර මිනිස්සුන්ගෙ ආරෙන්ම තියෙන ආඩම්බරේ ලොකු තාත්තටත් නොතිබුණාම නෙවෙයි.....වවුල්සුත් උඩරටට අයිති කෙනෙක් බව අහලා ලොකු තාත්ත පුදුම විදිහට සතුටු වුණා..

      ඊටත් පස්සෙ..වවුල්ගෙයි පැංචිගෙයි ප්‍රේම කතාවට තිත තියන්න සිද්ධ වෙලා පැංචි ජීවිතේ තිත්ත වෙලා ඉඳිද්දි..ජීවිතේ හැමදේම වරද්දගන්න හදද්දි..''ඔයා දන්නවනෙ පුතේ මේ පප්පට ඔයා පණ වගේ කියලා..නිකමට හරි ඔයාට කරදරයක් වුණොත්..මම ඕකව ඉතුරු කරන්නෙ නෑ'' කියලා තර්ජනය කළේ..ලොකු තාත්තගෙ හිතේ පැංචි ගැන තිබ්බ ආදරේ වැඩි කමටයි..පැංචි අඬනවා බලන් ඉන්න බැරි තැන..''ඔයා ඕන නම් කියන්න පුතේ...මම ඒ ළමයව බෙල්ලෙන් අල්ලල හරි ඔයා ලඟට ගෙනත් දෙනවා..ඒත් කෙනෙක්ව බලෙන් අයිති කරගන්න බෑනෙ පුතේ'' කියල මංචිට ජීවිතේ කියා දුන්නෙත් මංචිගෙ ලොකු තාත්තා... 

      අම්මට තාත්තටවත් නොකියපු දුක මංචි වැඩිහිටියෙක්ට කියල කිව්වෙ ලොකු තාත්තටයි..ඒ ලොකු තාත්තා යාලුවෙක් වගේ ඒවා අහගෙන ඉන්න නිසයි..අයියල අක්කලා...අම්මල තාත්තලා ඔක්කොමල වවුල්ස්ගෙ වැරදි කියද්දි මංචිට තව තවත් රිදෙන එක විතරමයි වුණේ..ඒත් ලොකු තාත්තා කිව්වෙ..'' ඒ දරුවත් වැරදි නෑනෙ පුතේ..තමන්ව උස්මහත් කරලා රට යවලා උගන්නල ජීවිතේ හදල දුන්නු අම්මා අප්පච්චි වෙනුවෙන් ගත්ත තීරණයක් ගැන වැරද්දක් කියන්න කාටවත් බෑ..ඒ දරුවටත් වෙන කරන්න දෙයක් තියෙන්න නැතුව ඇති'' කියලයි...

      අන්තිමම අන්තිම වතාවට මංචි වවුල්ස්ව මුණගැහෙන්න ගිය දවසෙ මංචි ඒ ගැන කියපු එකම කෙනා ලොකු තාත්තයි..ඇත්තෙන්ම එදා රෑ වෙලා ගෙදර එද්දි මංචිව බස් එකෙන් ගන්න පාර ගාවට ඇවිත් උන්නු ලොකු තාත්තට..එද ගිය ගමන ගැන බොරුවක් කියන්න මංචිට හිත දුන්නෙ නෑ......''පප්පෙ...අද මම එයාව අන්තිම වතාවට මුණ ගැහුනා..''..කියල කිව්වම..''ඒක හොඳයි..එතකොට හිතට නිදහසක් දැනෙයි'' කියලයි ලොකු තාත්තා මංචිගෙ හිත හැදුවෙ...

      මංචිගෙ ලොකුම හීනයක් වෙලා තිබ්බෙ..දොස්තර නෝනෙක් වෙලා පැංචිට යමක් කමක් කරගන්න පුලුවන් වුණු දවසක අම්මවයි තාත්තවයි වගේම ලොකු තාත්තවයි ලොකු අම්මවයිත් කිසිම මහන්සියක් වෙන්න නොදී සැපෙන් සනීපෙන් බලාගන්නයි... ඒත්...

      අපි කිසිම කෙනෙක් නොහිතපු වෙලාවක ලොකු තාත්තා අසනීප වුණා..ඒ වෙද්දි පැංචි හිටියෙ වසීලීස්සගෙ රටේ..මංචි මොනතරම් උත්සහ ගත්තා වුණත් හදිසියෙම ගෙදර යාගන්න විදිහක් තිබුනෙම නෑ..ලොකු තාත්තගෙ බඩවැල්වල ඇති වුණු සංකූලතා නිවැරදි කරන්න ශල්‍යකර්ම කීපයක්ම කළා වුණත් ඒ එකක්වත් සාර්ථක වෙන බවක් පේන්න තිබුනෙ නෑ..

      මොකද්දෝ පිනකින් බොහොම අමාරුවෙන් දවස් කීපයකට පස්සෙ ටිකට් එකක් දාගෙන මංචිට ලංකාවට එන්න ලැබුණා..ඒ වෙද්දි ලොකු තාත්ත හිටියෙ දැඩි සත්කාර ඒකකයේ..යාන්තමින් සුවයක් ලැබිලා තිබ්බ වුණත්....අවුරුදු 70ක වයසටත් වෙනදා හොඳට දුවල පැනලා අපි එපා කියද්දි වැඩ කරපු..මහතට..ලස්සනට හිටිය ලොකු තාත්තා කෙට්ටු වෙලා එක සැරේටම අවුරුදු ගාණක් වයසක ගිහින් වගේ දුර්වල වෙලා හිටියා..මංචි එයාපෝර්ට් එකේ ඉඳල කෙලින්ම ගියේ ලොකු තාත්තව බලන්නයි..දැඩි සත්කාර ඒකකයට ඇතුල් වෙද්දි එතන හිටිය නර්ස් එක්ක කතාකරපු පැංචිගෙ කටහඬ ඇහිලා ලොකු තාත්තා අමාරුවෙන් ඔලුව හරවලා පැංචි දිහා බලලා ලස්සනට හිනා වුණු හැටි පැංචිට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ..

      ලොකු තාත්තා ගතින් දුර්වල වෙලා හිටිය වුණත් හිතින් වැටිලා හිටියෙ නෑ..මාත් එක්ක වෙනද වගේම විහිලු කළා..පැංචිත් පුලුවන් උපරිමෙන්ම ආදරෙන් කතා කරලා ලොකු තාත්තගෙ හිත ශක්තිමත් කළා..

       එදා ඉඳලා හැම උදේ හවසකම අනික් අය එක්ක එකතු වෙලා පැංචි පුලුවන් උපරිමෙන්ම ලොකු තාත්තා වෙනුවෙන් කැප වුණා..උදේ, දවල්..,හවස නොවැරදීම ලොකු තාත්ත බලන්න ගියා..ගණන් කරන්න බැරි තරම් බෝධි පූජා..වත් පිළිවෙත් කළා...ඒ මොන දේ කළා වුණත්..මංචි ලංකාවට ගිහින් හරියටම දවස් 18ක් වෙන දවසෙ පාන්දර අපි හීනෙන්වත් නොහිතපු විදිහට ලොකු තාත්තා අපි හැමෝවම දාලා හොරෙන්ම යන්න ගිහින්...  

ලොකු තාත්තා මංචිගෙ ජීවිතේට මොන තරම් හයියක්..හෙවණැල්ලක් වෙලා හිටියත් කිව්වොත්...අදටත් ඒ හයිය නැති අඩුව මංචිට තදින්ම දැනෙනවා..ඒක හෙටටත් ඒ විදිහටම දැනේවී..

      මංචිට තියෙන එකම සැනසීම..ලොකු තාත්තගෙ අවසන් මොහොතට කලින් එයා එක්ක කතාකරන්න...මංචි එයාට කොච්චර ආදරෙයිද කියල කියාගන්න ලැබුණු එකයි..අනික් අතට දඹදිව වන්දනා ගමනෙදිත්..තවත් බොහොම වන්දනාගමන් වලදිත් ලොකු තාත්තා කකුල් අමාරුයි කියලා මග නවතින්න හදද්දි පැංචි අතින් අල්ලගෙන හෙමි හෙමීට එක්ක ගිහින් ඒ තැන් ලොකු තාත්තට වන්දවලා තියෙනවා..ඉතින් ලොකු තාත්ත වෙනුවෙන් ලොකු දෙයක් නැතත් පුංචි දෙයක්වත් කරන්න ඉඩ ලැබීම වාසනාවක්..

      හැමතිස්සෙම හරිම ක්‍රියාශීලිව ඉන්න කැමති..ලොකු තාත්තා කවදහරි දවසක අසනීපෙන් ජීවත් වෙන්න දවසක් ආවොත් මමනං ඔයාලට වාතයක් වෙවී...ඉන්නෙ නෑ කිය කිය..ඉස්සරත් හරි අකමැත්තෙනුයි හිටියෙ..ඉතින් ඔත්පල වෙලා ඇඳේ ඉන්න වෙන්නෙ නැතුව ඉක්මනටම නිදහස් වුණු එක එයාට සැනසීමක් වෙන්නත් ඇති එක අතකට...ලොකු තාත්ත අපට කොච්චර ආදරේ කළාද...අපි හැමෝමත් ලොකු තාත්තට පණ වගේ ආදරේ කළා..ඉතින් නිවන් අවබෝධ කරගන්නා භවයක් එළඹෙන තුරු අපේ පප්පා අපි අතරම ඉපදෙන්න කියලයි...මංචිගෙ එකම ප්‍රාර්ථනාව...  ....



30 comments:

  1. අදමද කොහෙද ආවේ.. ඉස්සෙල්ලාම කියෙව්වෙ දුක හිතෙන පෝස්ට් එකක්

    පැන්චිගේ ලොකු තාත්තට නිවන්සුව ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හා හා පුරා කියල වියමනට ගොඩවුණු මී ගොඩයව පිළිගන්නවා ආදරෙන් ඔන්න.. බොහොම පින් පැතුමට..

      Delete
  2. /ලොකු තාත්තා මංචිගෙ ජීවිතේට මොන තරම් හයියක්..හෙවණැල්ලක් වෙලා හිටියත් කිව්වොත්...අදටත් ඒ හයිය නැති අඩුව මංචිට තදින්ම දැනෙනවා..ඒක හෙටටත් ඒ විදිහටම දැනේවී../
    සොඳුරු මතකයක් සමගම හිතට සංවේදි බවකුත් ඇතිවුණා මේ පෝස්ටුව කියැවීමෙන්
    මම සමකය වටේ (samakaya wate) දුවන
    එකා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලීන්... :) වෙලාවක එන්නම්කො සමකය වටේ දුවන හැටි බලන්න.. :D

      Delete
  3. පැංචි අක්කට ගොඩාක් ආදරේ කරපු ඒ ලොකු තාත්තාට, නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  4. මට මතකයි අක්කා ඒ දවස් වල දුකින් හිටියා ජිවිතෙ හැටි ඔහොමමයි අදරනියන් සදාකාලික මතක ඉතුරු කරලා යනවා හරියට මගෙ තාත්තා වගෙම....

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල වගේම අදටත් දුකයි මලේ...ඒත් මොනවා කරන්නද ඉතින්.. :(

      Delete
  5. මමත් මේ පැත්තට ආවමයි....
    අපි ආදරේ කරන අය අපිව දාලා යන එක දුක නමුත් ඒක ලෝක ස්වභාවය... පැංචිට තරම් මගේ ලොකු තාත්තලා මට ලඟ නැති වුවත් ඒ දෙන්නම දැන් ගිහින්... මම ඉතින් ඒ දෙන්නම යන්න ඉස්සෙල්ලා ගිහින් බලලා ආව නිසා ඒ තරම් ම දුකක් නැහැ....
    ආවොතින් නොගොසින් බැරිය කියන්නෙ ඒකයි...
    ඔන්න මම බ්ලොග් රෝලටත් දා ගත්තා... ගබ්සාව ගැන ලියැවිච්ච ලිපිය හරිම හොඳයි.. ඉඳලා හිටලා අන්න ඒ වගේ දැනුවත් කිරීම් කරන්නත් පුළුවන් නම් හොඳයි... ඉගන ගන්න දෙයින් පල ප්‍රයෝජනයක් ගන්නත් එක්ක... ඒවා ගැන ලියනකොට දැනුමත් වැඩි වෙනවා...
    බුද්ධියේ සරණයි කිවුවා...
    ඇල්කෙමියා.
    http://alchemistsdiary.blogspot.de/
    http://alchemistsdiary.wordpress.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇල්කෙමියෝ මේ පැත්තෙ ආවට.. මමත් ඒ දිහාවෙ එන්නම්කො එහෙනම්.. :)

      Delete
  6. සුළැඟිල්ලට කිරි එරුණු ලොකු අප්පච්චි....
    මේ අපූරු හෙඩිං එක දැක්ක හින්දයි පලමු වතාවට මේ පැත්තට ඇවිත් මකුළු දැලේ පටලැවුනෙ...
    මට කලින් දෙන්නෙකුත් පලමු වතාවට පැටලිලා... ඒ නම දාපු ලිපිය හින්ද පැංචිගෙ ලොකු තාත්තගෙ ආදරේ බලයෙන් හරියට කට්ටිය අලුතෙන් එකතුවෙනවා වාගෙ බ්ලොග් එකට...
    පැංචි ලොකු තාත්ත ගැන මතකය අවදි කරල තියෙන විදිහ එරිම සංවේදී...
    අපි වගේ තාත්තලට මේ වගේ කතා කියවද්දි දෙනෙත් තෙමෙන එක නවතතගන්න අමාරුයි
    පැංචියේ...
    සසර ගමන කෙටි කරගන්නට ලොකු තාත්ත එක්රැස් කල පිං හේතුවාසනා වේවා!
    http://www.desert-frog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි desertfrog .. සංවේදී මතකයක් ලියද්දි වචන වලටත් ආදරය ඉබේම තැවරෙණව නොවැ.. හානේ ඔබතුමා අප්පච්චි කෙනෙක්ද.. :)

      Delete
  7. දුක හිතුනා නංගියේ.. තමන්ට ගොඩක් ලං උන අය යද්දි හිතට දැනෙන වේදනාව වැඩි..

    ලොකු තාත්තට නිවන් සුව පතනව..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියණ්ඩී... ඒක නම් ඇත්ත..

      Delete
  8. මකුලු පැංචිට ඉඳලා ඉඳලා ලියන්න උනේ අන්තිම දුක හිතෙන කතාවක්නෙ.
    එතුමාට නිවන් සුව පතනවා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් ඩුඩ්...ඒත් ඉතින් මොනවා කරන්නද?? ඔබතුමාටත් බොහොම ස්තූතියි..

      Delete
  9. ලොකු තාත්තට නිවන් සුව පතනව..!

    ReplyDelete
  10. මකුලුච්චි කාලෙකින් නේද? කතාවනම් දුකයි. ලොකු තාත්තට නිවන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි අක්කෙ... :( බොහොම පින් පැතුමට..

      Delete
  11. ඔයාගේ පප්පට නිවන් සුව පතනවා !

    ReplyDelete
    Replies
    1. බොහොම පින් අයියණ්ඩි... :(

      Delete
  12. මෙහෙම ආදරේ කරන නෑදෑයෝ මට නම් ඉඳල නෑ. ඒත් අම්මගේ තාත්තගේ ආදරෙන් ඒ ඔක්කොම පිරුනා. මෙහෙම නෑදෑයෝ ඉන්න එකම කොච්චර වාසනාවක්ද.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත...ඒ අතින් මම හරිම වාසනාවන්තයි.. :)

      Delete
  13. පුදුම පැංචියෙක්. මට දුක හිතුනා. ඔයාගෙ තාත්තට නිවන් සුව පතනවා මමත්.

    ReplyDelete
    Replies
    1. ආහ්හ්...මෙන්න ඩිටෙක්ටිව් මකුළුවෙක්.. බොහොම ස්තූතියි සහෝ..

      Delete
  14. පැන්චිගේ පප්පට නිවන් සුව ලැබේවා කියල මම ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම පින් කෝරලේ මහත්තයෝ...

      Delete
  15. කියවන්න පරක්කු වුනො.... ඒත් ඔයා ලොකු තාත්තා ගැන හැමදේම කිව්වනෙ ...... හැමදාම ලොකු තාත්තට සනීප වෙන්න කියල කරපු හැම දේම මම දන්නවනේ.ඔයා එයාට කොච්ච‍ර ආදරේද කියල එයා දන්නවා.. එයා හොඳ තැනක ඉපදේවී......

    ReplyDelete
    Replies
    1. ඒක තමා එකම සැනසීමත් සඳරු... :((

      Delete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...