
ඉතින් ඉස්සර ඉඳලම මංචි හරි පුදුම විදිහට පරිසරය..ගහ කොල එක්ක එකතු වෙන්න හුරු වුණා..මිදුල පුරාම තිබුණු හැම ගහක් කොලක්ම මංචිගෙ හොද යාලුවො වුණේ ඉබේටමයි.. ඒ අතරින් මිදුල කොනේම තිබ්බ රෝස අරලිය ගහයි... සරුවට වැවිල තිබ්බ ලෙමන් පදූරයි..වැට දිගේ වැවිලා තිබ්බ ගැට පිච්ච පඳුරයි.. හැමදාම උදේට මිදුලට බැස්ස ගමන් සුදු මල් පුරෝගෙන හිනාවෙන ඉද්ද මල් ගහයි තමයි මංචිගෙ කිට්ටුම යාලුවො වුනේ..ඒ ඇරුණාම අරලිය ගහේ හයි කරලා තිබ්බ කුරුලු ලෑල්ලට බත් කන්න එන පුංචි ලේන පැටියෙකුත් හිටියා මංචි එක්ක බොහොම එකතු..
අපේ අරලිය ගහේ අතු බෙදිල තිබ්බෙ බොහොම පහලින්.. ඒ නිසා පුංචිම කාලෙදි වුණත් මංචිට ලේසියෙන්ම නගින්න පුලුවන් කම තිබ්බා.. අතුත් හරි හයියට හැදිලා තිබ්බෙ වැඩි උසකින් නෙවෙයි..දෙබලක් වගේ තිබ්බ අතු උඩ බොහොම පහසුවට ඉඳගෙන ඉන්න අතරෙ මංචි තොරතෝංචියක් නැතුව දවසෙ වෙච්ච දේවල් කියන්නෙ මේ අරලිය ගහටයි.. අම්මටවත් නොකියපු ගොඩක් රහස් අදටත් දන්නෙ මේ අරලිය ගහ තමයි...
වචනයක්වත් ආපස්සට කියන්නෙ නැති වුණත්.. අරලිය ගහ බොහොම ආදරෙන් මංචිගෙ කතා බහ අහගෙන ඉන්න වග මංචි දැනන් හිටියා.. වෙලාවකට ක්‍රේප් පටි...පරණ කැසට් පීස් වල දුඹුරු පාට පටි අරන් ගිහින් ඒවගෙ මල් අමුණලා අරලිය ගහේ අතු දිගේ එල්ලලා පුංචි පුංචි සාදත් දානවා...
ඒ හැම දඟ වැඩක්ම ඉවසීමෙන් දරාගෙන ඉන්න මගේ අරලිය ගහට පුලුවන් කම තිබුණා..
ඒ වගේම මංචි පුංචි කාලෙත් දුක වැඩිය එලිපිට පෙන්නන කෙනෙක් නෙවෙයි..ඉතින් හිතට දුකක් දැනුනොත්.. අඬන්න ඕන වගේ හිතුනොත් මංචි ඉක්මනට දුවන්නෙ අරලිය ගහට.. මංචිගෙ අම්මටයි තාත්තටයිත් වඩා මංචිගෙ කඳුලු දැකල තියෙන්නෙ අරලිය ගහද කොහෙදෝ..හිතේ දුක යනකල්ම මංචිගෙ කියවිල්ල අහගෙන ඉන්නෙ ආදරණීය අරලිය ගහ තමයි...
ටිකක් ලොකු වෙද්දි මංචි බොහොම තදින් ඇබ්බැහි වුණු පුරුද්දක් තමා පොත් කියවිල්ල... කන්න ගියත්..නිදියන්න ගියත්...පොතක් නැතුව බැරි වෙන තරමට මංචි පොත් කාවෙක් වෙලයි හිටියෙ...
ඒ කාලෙදි..පොතක් කියවන්න පහසුම තැන වුණේ මේ අරලිය ගහ..ඒ දවස් වල එච්චර නොදැනුනාට මංචි වගේම අරලිය ගහත් ටික ටික ලොකු වෙලා තිබුණා මේ වෙද්දි..
සාමාන්‍යයෙන් අරලිය ගහක තියෙනවට වඩා සැරට කොල හැදිල තිබ්බ නිසා හරිම හෙවණයි එතන..මංචිලාගෙ ගෙදර ඉස්සරහ තිබ්බෙ පිට්ටනියක්.. ඉතින් බොහොම සනීපෙට හුලං හමනවා..ගහේ ඉදගෙන අත්තකට හේත්තුව දාගෙන රසවත් පොතක් කියවන්න තියෙද්දි කොච්චර සැහැල්ලුද කියලා හිතාගන්න පුලුවන්නෙ....
එහෙම ඉඳිද්දි අනන්තවත් නින්ද ගිහිල්ලත් තියෙනවා...හැබැයි කවදාවත් වැටිලනම් නෑ හොඳේ....හෙහෙ...
ඊලඟට ලෙමන් පඳුර... මංචිට කවදාවත් ඇත්තම සෙල්ලම් ගෙයක් තිබිලා නෑ... ඒ වෙනුවට මංචි සෙල්ලං ගෙවල් දැම්මෙ ලෙමන් පදුර යට.. දැන් කට්ටිය බලනවා ඇති කොහොමද අප්පේ ලෙමන් පඳුරක් යට සෙල්ලම් ගෙවල් දාන්න ඉඩක් තියෙන්නෙ කියල..හික්ස්...
ලෙමන් පඳුරු දැකලා තියෙන අය දන්නවා ඇතිනෙ..ලෙමන් අති එච්චර හයිය නැති නැමෙන සුලු අතු..ගෙඩි හැදිනම පොලවටම බර වෙනවා..ඉතින් ටිකක් උසට වැවිලා අතු පැත්තකට බර වෙලා තිබ්බ නිසා ලෙමන් පඳුරට ආධාරක කීපයක් ගහලා උස්සලයි තියෙන්නෙනෛතින් පඳුර යට හොඳට ඉඩ තිබුණා... ඒ වගේම හෙවණයි...සුව.....ඳයි...
... මේ ලියන මොහොතෙදිත් මංචිට නම් ලෙමන් කොල වල අපූරු සුවඳ දැනෙනව දැනෙනව වගේ.. ඒ වගේම රසම රස ලෙමනේඩ් එකක් බොන හැම වෙලේම මංචිට දැනෙනෙනෙ.. ඒ සුන්දර ළමා කාලේ රසය.. 
ඊලඟට හිටියෙ ගැට පිච්ච වැලයි...ඉද්ද පදුරයි... ඉස්සර හැමදාම උදේට පන්තියෙ බුදු පහනට මල් වට්ටියක්ම කඩාගෙන යන්න මංචි පුරුදු වෙලා හිටියා.. අවුරුදු ගානක් තිස්සෙම නොකඩවාම ඒ පුරුද්ද ඒ විදිහටම කෙරුණා..හැමදාම උදේම ඉස්කෝලේ යන්න ඇඳගෙන කොණ්ඩෙ එහෙම ගොතලා ඉවර වුණාට පස්සෙ මංචි දුවන්නෙ පිච්ච වැල ලඟට..
හැමදාම උදේට සුදුම සුදුපාට මල් පුරෝගෙන ඉන්න ඉද්ද මල් ගහයි පිච්ච වැලයි දැක්කම මංචිගෙ හිතේ පිරුණේ හරිම පහන් හැඟීමක්.. ඒක හරි අමුතුම හැඟීමක්... වචනයෙන් කියන්න අමාරු..විශේෂයෙන්ම ගෙදර ප්‍රශ්ණ තිබුණු කාල වලදි ඒක හරි උදව්වක් වුණා.. ඉස්කෝලෙ යන්න කලින් හිත නිදහස් කරගන්න....
ඊට පස්සෙ මංචි බොහොම පරිස්සමට මල් ටික නෙලාගන්න අතරෙ පිච්ච වැලත් එක්ක හෙමීට කතා කරනවා.. එදා දවසෙ විශේෂ දෙයක් තියෙනව නම් ඒ ගැන.. ඒ වගේම එදා දවසෙ මූණ දෙන්න බයෙන් ඉන්න දෙයක් තියෙනව නම්.. ඒ හැමදේම අහන් හිටියෙ මගෙ ආදරණිය පිච්ච වැල... මංචි සතුටින් ඉන්නකොට පිච්ච වැලෙත් මල් ගොඩාරියක් පිපුණා...
ඒ වගේම දුකින් ඉන්න දවස් වලට හරියට එයත් මාත් එක්ක දුක් වෙන බව කියන්න වගේ පිපුණු මල් ගාන අඩු වුණා... ඒ බව මංචි හරියටම දන්නෙ..
ඒ දවස් වල මල් කඩද්දි ඒ මල් ගාන ගණින්න මංචි පුරුදු වෙලා හිටිය හින්දයි...
ඒ ගහකොල වලින් මංචිට ඒ තරම් ආදරයක් ලැබුණු නිසාමද මන්දා..එයාලටත් මොනාහරි කරදරයක් වෙනවා බලන් ඉන්න අදටත් මංචිට බොහොම අමාරුයි.. මංචිගෙ තාත්ති වාහනයක් අරන් ඒකට ගරාජ් එකක් හදන්න පිච්ච මල් වැල කපන්න හදපු වෙලාවෙ මංචි පොලවෙ හැපි හැපි ඇඬුවා...අන්තිමේදි තාත්තිට වුණේ වෙන තැනක් තෝරගන්නයි ගරාජ් එක හදන්න...හික්ස්...
ඊට පස්සෙ ඉද්ද මල් ගහට දිලීර රෝගයක් හැදිලා කොල කොඬ වෙන්න පටන් ගත්තම මංචි ඒකට බෙහෙතක් හොයන්න බොහොම මහන්සි වුනා.. අන්තිමේදි කෘෂිකර්මෙන් කිව්වා ගහ පුරාම අලුගාන්න කියලයි... ඊලඟ සතිය පුරාම මංචි හැමදාම උදේට නැගිටලා ඉද්ද ගහේ කොලයක් කොලයක් ගානේ අලු ගාන්න අමතක කලේ නෑ.. එහෙම කරලා ඉද්ද ගහ නම් බේරගත්තා වුනාට... ඒ කිට්ටුවම තියෙන අරලිය ගහට ඒ දිලීරෙ බෝ වුණාම නම් බේරගන්න මංචිට බැරි වූනා... ඒ ගැන මංචිට බෝම දුකයි...
හයිය හත්තිය තියෙන පරණ ගහක් නිසා අරලිය ගහ මැරුණෙ නම් නෑ වාසනාවට... ඒත් දැන් ඉස්සර වගේ ලස්සනට කොල පාටට කොල ගොඩාක් හැදෙන්නෙ නෑ.. වැඩිය මල් පිපෙන්නෙත් නෑ..
ඒත් ඉස්සර වගේම තවමත් ගෙදර ගියාම මංචි අරලිය ගහට හරිම ආදරෙයි..

මංචි වසීලිස්සගෙ රටට එන්න කලිනුත් ඒ හැම ගහක් ගාවටම ගිහින් කතා කරල එන්න අමතක කලේ නෑ... :).. අදටත් ගෙදර ගියාම එයාලව දැක්කම දැනෙන්නෙ පවුලෙ කෙනෙක්ව දකිනවා වගේ හැඟීමක්...
දැන් ඔයාල හිතනවද දන්නෙ නෑ මංචිට පිස්සුද මන්දා කියලා...නැත්තම් කියනව ඇති බොලේ මේ කෙල්ලට පොඩි කාලෙ හිටලම ඔල්මාදෙනෙ කියල..හෙහෙ... මිනිස්සු එහෙම හිතයි කියල තියෙන බයටම මම මගේ ගහකොල එක්ක තියෙන යාලු කම් ගැන වැඩියා කා එක්කවත් කතා කළේම නෑ මේ ලඟක් වෙනකල්ම..
ඒත් එහෙම මිනිස්සු තවත් ඉන්නවා කියල හරි ලොකු හැඟීමක්..හයියක් හිතට ඇති වුණා පහුගිය නිවාඩු කාලෙදි ගෙදර ආපු වෙලාවෙ කියෝපු හරිම කාලෝචිත...අර්ථාන්විත...ලස්සන පොතක් නිසා... මට මගේ කොළපාට යාලුවො ගැන ලිපියක් ලියන්න ඕන කියන හැඟීම තදින්ම ඇති වුණෙත් ඒ පොත කියෙව්වට පස්සෙයි... ඒ නිසාම මම ඒ කතෘතුමාට බොහොම කෘතඥවන්තයි මගෙ මුලු හිතින්ම....

කරුණාසේන සූරියආරච්චි මහතාගේ...''රතු ඉද්ද'' කියන පොත තමයි මම මේ කියන අපූරු පොත.. මම දන්න විදිහට ඒ පොත 2012 වසරෙ ස්වර්ණ පුස්ථක සම්මානයටත් නිර්දේශ වෙලා තිබුණා...මම ජීවිත කාලෙදි කියෝපු අපූරුම පොතක්..විශේෂයෙන්ම පරිවර්ථන නොවන..
ගොඩක් මිනිස්සු හිතන්නෙ ගස් වලට සමීප වෙන එක්ක..එයාල එක්ක කතාබහ කිරීම අසාමාන්‍යයි කියලයි.. මේ පොතේ එන සඳවතී ඒ වගේ කෙනෙක්... අනික් අයට කොහොම වෙතත් ඈ මට නම් බොහොම සමීප වුණා.. ඒ ඇයත් මං වගේම ගහට වැලට බොහොම සමීප කෙනෙක් වීම...සහ අහම්බයකින් වගේ ඇගේ විශේෂ සබඳතාවක් තියෙන..''ඉද්ද ගහ'' නිසා වෙන්න ඇති... ඉතින් ඔයාලත් ඒ පොත කියවලා බලන්නකො වෙලාවක... විශේෂයෙන්ම.... මේ ලිපිය කියවද්දි... ''මේ මංචියට පිස්සුද මන්දා...''කියල එක පාරක් හරි හිතුණනම්....
ඒ වගේම ඉඩ ලැබෙන වෙලාවට ගස් වැල් එක්ක ටිකක් සමීප වෙලා බලන්න... හිතට දැනෙන සැනසීම... මිනිස් යාලුවො දාහක් හිටියට වඩා වටිනවා එක කොලපාට යාලුවෙක්...ඇත්තෙන්ම... 

අපේ අරලිය ගහේ අතු බෙදිල තිබ්බෙ බොහොම පහලින්.. ඒ නිසා පුංචිම කාලෙදි වුණත් මංචිට ලේසියෙන්ම නගින්න පුලුවන් කම තිබ්බා.. අතුත් හරි හයියට හැදිලා තිබ්බෙ වැඩි උසකින් නෙවෙයි..දෙබලක් වගේ තිබ්බ අතු උඩ බොහොම පහසුවට ඉඳගෙන ඉන්න අතරෙ මංචි තොරතෝංචියක් නැතුව දවසෙ වෙච්ච දේවල් කියන්නෙ මේ අරලිය ගහටයි.. අම්මටවත් නොකියපු ගොඩක් රහස් අදටත් දන්නෙ මේ අරලිය ගහ තමයි...

වචනයක්වත් ආපස්සට කියන්නෙ නැති වුණත්.. අරලිය ගහ බොහොම ආදරෙන් මංචිගෙ කතා බහ අහගෙන ඉන්න වග මංචි දැනන් හිටියා.. වෙලාවකට ක්‍රේප් පටි...පරණ කැසට් පීස් වල දුඹුරු පාට පටි අරන් ගිහින් ඒවගෙ මල් අමුණලා අරලිය ගහේ අතු දිගේ එල්ලලා පුංචි පුංචි සාදත් දානවා...


ඒ වගේම මංචි පුංචි කාලෙත් දුක වැඩිය එලිපිට පෙන්නන කෙනෙක් නෙවෙයි..ඉතින් හිතට දුකක් දැනුනොත්.. අඬන්න ඕන වගේ හිතුනොත් මංචි ඉක්මනට දුවන්නෙ අරලිය ගහට.. මංචිගෙ අම්මටයි තාත්තටයිත් වඩා මංචිගෙ කඳුලු දැකල තියෙන්නෙ අරලිය ගහද කොහෙදෝ..හිතේ දුක යනකල්ම මංචිගෙ කියවිල්ල අහගෙන ඉන්නෙ ආදරණීය අරලිය ගහ තමයි...

ටිකක් ලොකු වෙද්දි මංචි බොහොම තදින් ඇබ්බැහි වුණු පුරුද්දක් තමා පොත් කියවිල්ල... කන්න ගියත්..නිදියන්න ගියත්...පොතක් නැතුව බැරි වෙන තරමට මංචි පොත් කාවෙක් වෙලයි හිටියෙ...

සාමාන්‍යයෙන් අරලිය ගහක තියෙනවට වඩා සැරට කොල හැදිල තිබ්බ නිසා හරිම හෙවණයි එතන..මංචිලාගෙ ගෙදර ඉස්සරහ තිබ්බෙ පිට්ටනියක්.. ඉතින් බොහොම සනීපෙට හුලං හමනවා..ගහේ ඉදගෙන අත්තකට හේත්තුව දාගෙන රසවත් පොතක් කියවන්න තියෙද්දි කොච්චර සැහැල්ලුද කියලා හිතාගන්න පුලුවන්නෙ....

ඊලඟට ලෙමන් පඳුර... මංචිට කවදාවත් ඇත්තම සෙල්ලම් ගෙයක් තිබිලා නෑ... ඒ වෙනුවට මංචි සෙල්ලං ගෙවල් දැම්මෙ ලෙමන් පදුර යට.. දැන් කට්ටිය බලනවා ඇති කොහොමද අප්පේ ලෙමන් පඳුරක් යට සෙල්ලම් ගෙවල් දාන්න ඉඩක් තියෙන්නෙ කියල..හික්ස්...

ලෙමන් පඳුරු දැකලා තියෙන අය දන්නවා ඇතිනෙ..ලෙමන් අති එච්චර හයිය නැති නැමෙන සුලු අතු..ගෙඩි හැදිනම පොලවටම බර වෙනවා..ඉතින් ටිකක් උසට වැවිලා අතු පැත්තකට බර වෙලා තිබ්බ නිසා ලෙමන් පඳුරට ආධාරක කීපයක් ගහලා උස්සලයි තියෙන්නෙනෛතින් පඳුර යට හොඳට ඉඩ තිබුණා... ඒ වගේම හෙවණයි...සුව.....ඳයි...


ඊලඟට හිටියෙ ගැට පිච්ච වැලයි...ඉද්ද පදුරයි... ඉස්සර හැමදාම උදේට පන්තියෙ බුදු පහනට මල් වට්ටියක්ම කඩාගෙන යන්න මංචි පුරුදු වෙලා හිටියා.. අවුරුදු ගානක් තිස්සෙම නොකඩවාම ඒ පුරුද්ද ඒ විදිහටම කෙරුණා..හැමදාම උදේම ඉස්කෝලේ යන්න ඇඳගෙන කොණ්ඩෙ එහෙම ගොතලා ඉවර වුණාට පස්සෙ මංචි දුවන්නෙ පිච්ච වැල ලඟට..
හැමදාම උදේට සුදුම සුදුපාට මල් පුරෝගෙන ඉන්න ඉද්ද මල් ගහයි පිච්ච වැලයි දැක්කම මංචිගෙ හිතේ පිරුණේ හරිම පහන් හැඟීමක්.. ඒක හරි අමුතුම හැඟීමක්... වචනයෙන් කියන්න අමාරු..විශේෂයෙන්ම ගෙදර ප්‍රශ්ණ තිබුණු කාල වලදි ඒක හරි උදව්වක් වුණා.. ඉස්කෝලෙ යන්න කලින් හිත නිදහස් කරගන්න....

ඊට පස්සෙ මංචි බොහොම පරිස්සමට මල් ටික නෙලාගන්න අතරෙ පිච්ච වැලත් එක්ක හෙමීට කතා කරනවා.. එදා දවසෙ විශේෂ දෙයක් තියෙනව නම් ඒ ගැන.. ඒ වගේම එදා දවසෙ මූණ දෙන්න බයෙන් ඉන්න දෙයක් තියෙනව නම්.. ඒ හැමදේම අහන් හිටියෙ මගෙ ආදරණිය පිච්ච වැල... මංචි සතුටින් ඉන්නකොට පිච්ච වැලෙත් මල් ගොඩාරියක් පිපුණා...


ඒ ගහකොල වලින් මංචිට ඒ තරම් ආදරයක් ලැබුණු නිසාමද මන්දා..එයාලටත් මොනාහරි කරදරයක් වෙනවා බලන් ඉන්න අදටත් මංචිට බොහොම අමාරුයි.. මංචිගෙ තාත්ති වාහනයක් අරන් ඒකට ගරාජ් එකක් හදන්න පිච්ච මල් වැල කපන්න හදපු වෙලාවෙ මංචි පොලවෙ හැපි හැපි ඇඬුවා...අන්තිමේදි තාත්තිට වුණේ වෙන තැනක් තෝරගන්නයි ගරාජ් එක හදන්න...හික්ස්...

ඊට පස්සෙ ඉද්ද මල් ගහට දිලීර රෝගයක් හැදිලා කොල කොඬ වෙන්න පටන් ගත්තම මංචි ඒකට බෙහෙතක් හොයන්න බොහොම මහන්සි වුනා.. අන්තිමේදි කෘෂිකර්මෙන් කිව්වා ගහ පුරාම අලුගාන්න කියලයි... ඊලඟ සතිය පුරාම මංචි හැමදාම උදේට නැගිටලා ඉද්ද ගහේ කොලයක් කොලයක් ගානේ අලු ගාන්න අමතක කලේ නෑ.. එහෙම කරලා ඉද්ද ගහ නම් බේරගත්තා වුනාට... ඒ කිට්ටුවම තියෙන අරලිය ගහට ඒ දිලීරෙ බෝ වුණාම නම් බේරගන්න මංචිට බැරි වූනා... ඒ ගැන මංචිට බෝම දුකයි...

හයිය හත්තිය තියෙන පරණ ගහක් නිසා අරලිය ගහ මැරුණෙ නම් නෑ වාසනාවට... ඒත් දැන් ඉස්සර වගේ ලස්සනට කොල පාටට කොල ගොඩාක් හැදෙන්නෙ නෑ.. වැඩිය මල් පිපෙන්නෙත් නෑ..


මංචි වසීලිස්සගෙ රටට එන්න කලිනුත් ඒ හැම ගහක් ගාවටම ගිහින් කතා කරල එන්න අමතක කලේ නෑ... :).. අදටත් ගෙදර ගියාම එයාලව දැක්කම දැනෙන්නෙ පවුලෙ කෙනෙක්ව දකිනවා වගේ හැඟීමක්...
දැන් ඔයාල හිතනවද දන්නෙ නෑ මංචිට පිස්සුද මන්දා කියලා...නැත්තම් කියනව ඇති බොලේ මේ කෙල්ලට පොඩි කාලෙ හිටලම ඔල්මාදෙනෙ කියල..හෙහෙ... මිනිස්සු එහෙම හිතයි කියල තියෙන බයටම මම මගේ ගහකොල එක්ක තියෙන යාලු කම් ගැන වැඩියා කා එක්කවත් කතා කළේම නෑ මේ ලඟක් වෙනකල්ම..

ඒත් එහෙම මිනිස්සු තවත් ඉන්නවා කියල හරි ලොකු හැඟීමක්..හයියක් හිතට ඇති වුණා පහුගිය නිවාඩු කාලෙදි ගෙදර ආපු වෙලාවෙ කියෝපු හරිම කාලෝචිත...අර්ථාන්විත...ලස්සන පොතක් නිසා... මට මගේ කොළපාට යාලුවො ගැන ලිපියක් ලියන්න ඕන කියන හැඟීම තදින්ම ඇති වුණෙත් ඒ පොත කියෙව්වට පස්සෙයි... ඒ නිසාම මම ඒ කතෘතුමාට බොහොම කෘතඥවන්තයි මගෙ මුලු හිතින්ම....

කරුණාසේන සූරියආරච්චි මහතාගේ...''රතු ඉද්ද'' කියන පොත තමයි මම මේ කියන අපූරු පොත.. මම දන්න විදිහට ඒ පොත 2012 වසරෙ ස්වර්ණ පුස්ථක සම්මානයටත් නිර්දේශ වෙලා තිබුණා...මම ජීවිත කාලෙදි කියෝපු අපූරුම පොතක්..විශේෂයෙන්ම පරිවර්ථන නොවන..
ගොඩක් මිනිස්සු හිතන්නෙ ගස් වලට සමීප වෙන එක්ක..එයාල එක්ක කතාබහ කිරීම අසාමාන්‍යයි කියලයි.. මේ පොතේ එන සඳවතී ඒ වගේ කෙනෙක්... අනික් අයට කොහොම වෙතත් ඈ මට නම් බොහොම සමීප වුණා.. ඒ ඇයත් මං වගේම ගහට වැලට බොහොම සමීප කෙනෙක් වීම...සහ අහම්බයකින් වගේ ඇගේ විශේෂ සබඳතාවක් තියෙන..''ඉද්ද ගහ'' නිසා වෙන්න ඇති... ඉතින් ඔයාලත් ඒ පොත කියවලා බලන්නකො වෙලාවක... විශේෂයෙන්ම.... මේ ලිපිය කියවද්දි... ''මේ මංචියට පිස්සුද මන්දා...''කියල එක පාරක් හරි හිතුණනම්....


මමත් ගස් වැල් වලට ආදරෙයි.රතු ඉද්ද පොතේ සඳවතී තරම්ම නොවුණත්. රති ඉද්ද පොත ගැන නම් කියන්න තියෙන්නේ කතුවරයාගේ අදහස් ප්‍රකාශ කිරීම සෘජු වැඩියි. ඒකෙන් කතා රසයට හානි වෙලා කියලයි.(මට දැණුන විදියට)
ReplyDeleteබොහොම සතුටුයි..ගස් වැල් වලට ආදරේ අය ඉන්න එක ගැන... සමහර තැන් වල තරමක් සෘජු ගතියක්ජ් තිබුණත්.. ඒ ආවේගශීලී ප්‍රකාශන හිතට වැදුණා හරියට.. ඒ නිසයි ඒ තරම්ම පොතට කැමති වුණේ :)
Deleteගස් යාලුවො ගැන ලියන්න හිතුනෙ මේ යාලුව එක්ක කතා කලාම නේද? ;) ලිපිය ලස්සනයි -ලශෝ
ReplyDeleteනන්ඳුත් පුංචි කාලෙ ඉදන්ම ගහකොළට පරිසරයට ගොඩක් ආදරෙයි.. මේ නිසාම ඒ අතිනුත් ඉස්සරහට යන්න මාර්ගයක් තෝරගත්තා. තුන වසරෙ ඉදන් ආසාවෙන් හිටියා චින්චව් ගහක් ගෙදර වවාගන්න.. කොහොමින් කොහෙම හරි අමාරුවෙන් වවාගත්තා. ඒවගේම චූටි චූටි ගෙඩි රතු පාටට සරුවට හැඳුනා. කුරුල්ලො ඇවිත් එක කටකට ගෙඩි ගිලිද්දි දැනුන... හැබැයි අපේ පූස් තඬියා නියපතු උල් කරගන්න කඳ පතුරු ගහද්දි ඉතින්... නන්ඳුව නලියනවා.. මොනවා කරන්නද ස්වභාව දහමෙ හැටිනෙ. ඔය චින්චව් ගහ තමයි ඒ කාලෙ මමත් හැමදේම කිව්වෙ.. :)
ReplyDeleteලස්සන සටහනක් මංචියේ. මගේ පුංචිකාලෙ මතක්වුණා. ඒවගේම පොත ගැන දැනුවත් කිරීම ගැනත් ගොඩක් ස්තූතියි ඔයාට.
මේ පෝස්ට් එකට මං හරිම කැමතියි. ඒ කසුරි මගේ පාසල් ගුරැවරයා සේම අද මගේ ප්‍රධාන කතුවරයෙක් නිසා..
ReplyDeleteඔයා චන්දනගේ පෝස්ට් එක දැක්කද. ඒකෙත් ඔහොම සොභා සෞන්දර්යය වැනීමක් තිබ්බේ.
ReplyDeleteමේ පෝස්ට් එකේ වගේ ජීවත් වෙන එක දැන් සිහිනයක් වෙලා තියෙන්නෙ ඉඩම් කුඩාවීම නිස පමනක් නෙවෙයි. ඩෙංගු මදුරුවත් හන්දා. :)
හෑ... මං ඒත් බැලුව මංචි කියන්නෙ කාටද කියලා :P
ReplyDeleteකොලපාට යාලුවෙක්?? UNP :)
ReplyDeleteගහකොළ පරිසරය එක්ක බැඳීම කාර්යයබහුලත්වයත් එක්ක නැතිවෙලා යනවා.. දුකේ බෑ..
මමත් පොඩි කාලෙ ආසයි ගස් නඟින්න.. හැබැයි එහෙම නැගලා බැහැගන්ඩ බැරුව අඬපු අවස්ථාත් තියෙනවා.. අනිත් ආසාව තමයි එළවළු පාත්තිවල එළවළු කඩන එක.. තරු කඩනවා කියලා අම්මා සමහර වෙලේට රවලත් බලනවා..
ගොඩ කාලෙකින් මකුළුගෙන් හිතට වදින ලිපියක්... නියමයි.. මං නම් පොත් කියවීමෙන් දැන් දුරස් වෙලා හන්දා මේ පොත කියවන්න වෙයිද දන්නෑ.. හැබැයි මේක දැක්කම පොත හොයන්න හිතුනා.. බලමු..
ReplyDeleteඇත්තටම ගහ කොළ එක්ක කතා කරන කොට ඒවගේ ඵලදාව වැඩියි කියලා හොයාගෙන තියෙනවා. මොනවා හරි වගාවක් කලාම දැනෙන සතුටත් ඒ වගයි. බලාගෙන ගියාම මන්චිත් හරි වදනේ කරලා තියෙන්නේ?
ReplyDeleteමම මේ පොත පිලිබඳව විචාරයක් කරන්න සටහන ලියා අවසන්.ඒත් දැන් ඔනේ නැ වගේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
Hi there i аm kavin, its my first occasion tο сommеnting
ReplyDeleteаnуplаce, when i read this pοst i
thοught i сould also make cοmment ԁue to this sensible
post.
mу website iphone apps best
අහා ඔයාට පිස්සු නෑ. මාත් ගස් එකක් කතා කරනවා. ඔයා වගේම හොරාට. හැබැයි ඊට වඩා මම මගේ තුරැල් කරගන්න කොට්ටෙට කතා කරගන්නවා වැඩි. :)
ReplyDeleteගස් වැල් එක්ක ජිවත් වෙනවා නම් කොච්චර හොඳද. මටත් ඔය වගේ මතක නම් තියනවා. :) වැඩ වලින් ටිකක් නිදහස් උන වෙලාවෙ තමයි ඇවිදින්න ආවෙ බ්ලොගය පැත්තෙ. ;)
ReplyDeleteඅනිවාර්යේන් නංගී, ගහකොල කියන්නෙ නම් 100% විශ්වාස කරන්න පුලුවන් යලුවෝ තමා
ReplyDeleteගහකොළ ඇසුරේ හිතට සැනසීමක් සැහැල්ලුවක් දැනෙන බව අත්දැකීමෙන් දන්නවා මාත්. හැබැයි වෙන විදිහකට ගස් වලින් සහනය හොයන අයත් ඉන්නවා. ඒ අය ගහක් දැක්ක ගමන් ගණන් හදන්න ගන්නවා. කොච්චර වට ප්‍රමාණයක් තියනව ද, කොච්චර ලී ගන්න පුළුවන් ද, කියල එහෙම.. :D
ReplyDeleteඔයා ආයෙත් ලියන එක නැවැත්තුවා නේද?
ReplyDeleteravi
ඔයාට පිස්සු කියල කවුරුවත් හිතන්නෙ නැ. මොකද නොකිව්වට ගොඩක් අය ඒ දේ කරනවා.ගස් කොලංවලට ආදරේ කරන අය හරි සංවේදී හිත් තියෙන අය. ඔයල වගේ තරුන අය එහෙම් ඉන්නවා කියල දැනගන්න ලැබීමත් සතුටක්.
ReplyDeleteහොඳ ලිපියක්,
ReplyDeleteලස්සන බ්ලොගක් (මං කීවේ පිළිවෙල ගැන විශේෂෙන්ම)
අනේ රත්තරන් නංගියෝ ඔයාගේ මේ ලිපි කියෙව්වාම මගේ බ්ලොග් එකේ මම ලියන්නේ මොනවද කියලා මට හිතුනා නංගි. ඔයාලා හරිම ප්‍රවීණ උගත් අය. මම එහෙම නැහැ. මම තනිකරම බ්ලොක්කරණයට ආධුනිකයි නංගි. ඒ නිසා මම හා හා පුරා කියලා පටන් ගත්තු බ්ලොග් එකට දැන් ලිපි දාගෙන යනවා. මම දන්නේ නැහැ ඒවා හොඳයිද නරකයිද කියලා. අනේ නංගි මාව වරදවා වටහාගන්නේ නැතුව මට අනුකම්පා කරලා මගේ බ්ලොග් එකට ඇවිල්ලා ඒ ලිපි කියවලා හොඳ නරක ගැන කියලා අදහස් දාලා මාව දැනුවත් කරන්න මගේ සුදු නංගියෝ. ඔයා එනකම් මේ අක්කා මඟබලා ඉන්නවා මගේ රත්තරන් නංගියෝ...
ReplyDeleteමේ මංචියට පිස්සුද මන්දා.......!!!
ReplyDeleteඔයාගෙ පීස්සුව හුගක් අයට නැති එක ගැන නන් මට දුකයි
love to read this
ReplyDelete