ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

වන සිවුපාවුන් සහ දෙවි දේවතාවන්....

     


     ඇත්තෙන්ම පහුගිය දවස් වල වියමන දිහා එන්න තියා බලන්නවත් ඉස්පාසුවක් තිබුනෙ නෑ..විභාග වැඩ කටයුතු නිසා මනසට විවේකයක් තිබුණෙ නෑ වගේම..ජීවිතේට කඩා වැටුණු උල්කාපාත වැස්සක් එක්ක හදවතත් එක්තැන් වෙලා ජීවිතේම එපා වෙලා තමයි මංචි හිටියෙ.... (දැනට ඒ අසනි වැස්ස ගැනනං අහන්න එපා යාලුවනේ... මොකද තවමත් වැහැලා ඉවර නැති නිසා... )  හිතේ ප්‍රශ්ණත් එක්ක විභාගෙට පාඩම් කරන්න උණාම ඉතින් වෙන සංතෑසිය යාලුවන්ට වැටහෙනව ඇතිනෙ...  



     ඉතින් ඔයාලා තරහ වෙලා නැතුව ඇති කියලා හිතනවා..මොකද පුද්ගලික කාරණාවක් මත පහුගිය සතියක් විතරම බ්ලොගේ වහලම දාන්න සිද්ධ වුණා..ඉතින් හැමදාම පුරුද්දට වගේ ඔලුව දාලා බලන සහෘදයො ටික රස්තියාදු වෙන්නත් ඇති..ඒත් වෙන කරන්නම දෙයක් නොතිබුණු නිසා තමා එහෙම පියවරක් ගත්තෙ..ඒ ගැන මංචිට සමාව දෙනවා නේද...???  


     ඇත්තෙන්ම ඒ කාලයෙදි මූණු පොතේ පණිවිඩ එවලා මංචි ගැන හොයලා බලපු යාලුවන්ට බොහොම පිං...   ඔන්න ආයෙමත් මකුළු පැංචිගෙ වියමනේ දොරගුළු විවරයි... 


     මංචිගෙ ජීවිත කාලෙ ගෙවුණු අවුරුදු 23ටම ආපු කරදර,වේදනා දරාගන්නත් බැරි තරම් වැඩිම කාලෙ තමා මේ... ඒ වගේම ඒ හිත් වේදනා බලාපොරොත්තු කඩවීම්,හීන බොඳවීම් අතර මැද්දෙ වගකීම් යුතුකම් අරමුණු ගැනත් නොහිතාම ඉන්න බැරි වීම නිසා හදවතට දැනුනෙ ලොකු පීඩනයක්...  


     කොහොම වුණත් මගේ ප්‍රශ්ණ පත්තරේ ගැන ඔයාලට වාර්තාවක් දෙන්න මංචිගෙ අදහසක් නෑ..   ඒත් ජීවිතේ අමාරු කාලෙකදි සිද්ද වුණු අදගන්නට බැරි තරම් වේදනාත්මක වුණත්...ජීවිතේට ලොකු පාඩමක් කියා දීපු අමාරුවෙන් වුණත් හිතන්නට වටින යමක්....අත්දැකීමක් කියන්නයි හිතුවෙ...  


     ඔන්න ඉතින් කෙලින්ම කතාවට බහින්නම්කො..අපි හැමෝටම ජීවිතේ කරදර කාල තියෙනවනෙ...ඒ වෙලාවට හිත හදන්න..දුක තුනී කරන්න...උදව්වක් කරන්න බැරි වුණත් අපේ දෙයක් අහන් ඉන්න ලඟින් ඉන්න අම්මයි තාත්තයි... යාලුවො ටිකයි තරම් වටින වෙන කිසිම සැනසීමක් නැහැ කියලා මං කිව්වොත් යාලුවො හැමෝම වගේ ඒකට එකඟ වේවි නේද..??  


     මංචි එයාගෙ යාලුවන්ට මොන තරම් ආදරේද..හිතවත්ද කියලා වියමන එක්ක දිගටම එකතු වෙලා හිටිය ඔයාල දන්නවා ඇතිනෙ නේද..??     කොටින්ම යාලුවෙක් වෙනුවෙන් පණ වුණත් දෙනවා...ඒත් මංචිගෙ හදවතේ ඒ තරම් ඇතුලටම එන්න මේ මුලු ජීවිත කාලෙටම පුලුවන් වෙලා තියෙන්නෙ බොහොම ටික දෙනාටයි...එහෙම කිට්ටු වුණු අය අතරින් කවුරුවත් ඒ විශ්වාසෙ කඩ කළේ නෑ මේ අද ඊයේ වෙනකල්ම...  


     ඒත් යාලුවනේ ජීවිතේ තනි වුණු වෙලාවට තමයි අපේ ලඟින් ඉන්න අයගෙ සැබෑ ස්වරූපය  අපි ඉදිරියෙ දිග ඇරෙන්නෙත්...   ලංකාවෙ අම්මලා තාත්තලාගෙන් ගොඩාක් ඈතට වෙලා වසීලීස්සගෙ රටේ තනිවෙලා දරාගන්න බැරි තරම් ප්‍රශ්ණ වලට මූණ දෙන්න වුණාම ඇත්තෙන්ම මංචිලට යාලුවො තමා පවුලෙ අය වගේ ලඟින් ඉන්නෙ...


     ඉතින් එහෙම මංචි හොඳම යාලුවෙක් කියලා හිතපු කෙනෙක් හදිස්සියෙම එයාට බොරු මූණක් පෙන්නගෙන හිටපු වංචාකාරියක් කියලා දැනගත්තාම මංචිට දැනුනෙ දරාගන්න බැරි තරම් දුකක්...   ඒ වගේම තමන් ගැනම තරහක්..ලොකුම මෝඩකම කියන්නෙ කලින් වතාවකදිත් දෙපිටකාට්ටු වැඩක් කරලා මංචිගෙ අතටම අහු වෙලත්..පස්සෙ එයා හැදිලා කියලා විස්වාස කරලා යාලුකම නොබිඳ ඉන්න මංචි මීට කලින් වතාවක තීරණය කරලා තිබුණු එකයි... 


     මේ වතාවෙ එයා කරලා තියෙන්නෙ සමාව දෙන්න බැරි තරම් වැරැද්දක්..  මංචි යාලුකමේ විශ්වාසය නිසාම කියපු පුද්ගලික දේවල්...හදවතට සංවේදි දේවල් වෙන අය එක්ක කිය කිය..ඒක හිනාවට කාරණයක් කරගන්න තරම් එයා පහත් තත්වෙකට වැටිලා..අනිත් මිනිස්සුන්ට ඕන දෙයක් හිතලා කැමති විදිහට හිනා වුණාට අනේ මට නං කමක් නෑ... ඒත් මට දරාගන්න බැරි ඒ වංචාකාරි මගේ මූණටම තවමත් පෙන්නන යාලුකමේ දේවතා එළියයි...   ඔය වගේ දිව දෙකේ මිනිස්සු මංචිට පෙන්නන්න බෑ... 


     ඒ රැවටිල්ල දරාගන්න බැරි නිසාම මංචි කළේ එයාගෙ පුංචි කාලෙ ඉඳන්ම විශ්වාසණිය යාලුවා වුණු වින්දිට කතාකරන්න වියදම් වෙන සල්ලි ගැනත් නොහිතම ලංකාවට ඇමතුමක් ගත්ත එක..හැමදාම වගේ මංචිගෙ මූණට හිනාවක් ගේන්න ඒ සුරංගනාවිට පුලුවන් වුණා වගේම.. ඒ වගේම තරහටයි වේදනාවටයි මංචි ගන්න ගිය අනුවණ තීරණයකින් එයා මාව ගලව ගත්තා..  


     යාලු වෙසින් හිටපු වංචාකාරිගෙ ඇත්ත එළි වුණාම මංචිට නං හිතුනෙ මූණටම ලුණු ඇඹුල් ඇතුව හොඳ දෙකක් කියන්න වුණත්..වින්දි ඒ ගැන කිව්වෙ බොහොම බුද්ධිමත් දෙයක්..   දැනටම එයා මංචිගෙ ජීවිතේ ගැන ගොඩක් දේවල් දන්න නිසාත්..මෙහේ ඉන්න කාලෙදි මූණිච්චාවට හරි උදව්වට කෙනෙක් ඉන්න වුවමණා නිසත් එයාට  මොකුත් නොකියා අතේ දුරින් තියාගෙන ඉන්න එක තමා හොඳ කියලයි වින්දි නං කියන්නෙ..ඒත් මංචිට එහෙම බොරු මූණු පෙන්නං ඉන්න එක ඒ හැටි පුරුදු දෙයක් නෙවෙයි..ඉතින් ඒ අදහසට මට දැනුනෙ රැවටිල්ලක් විදිහටයි.. ඒත් වින්දි නං කියන්නෙ එයාට මංචිට ඒ තරම් ලොකු රැවටිල්ලක් කරන්න පුලුවන්නං..ආත්මාරක්ශාව වෙනුවෙන් අපි එහෙම දෙයක් කරන එක වරදක් නෙවෙයි කියලයි.. 


     බලාගෙන ගියාම ඒකත් ඇත්ත.. සාධාරණ විදිහටම ජීවත් වෙන්න ගියොත් හැමදාම වෙන්නෙ රැවටෙන්නයි...කොහොම වුණත් ආපහු නම් යාලුවො ලං කරගන්න කලින් මංචි දෙපාරක් නෙවෙයි සිය දහස් වාරයක් හිතනවා කියලා හිතාගත්තා මේ වතාවෙනම්...


     හරි දැන් ඒ කිව්වෙ වංචාකාරියක් ගැන සිදු වීමක්නෙ..ඒ අතරෙදි මංචිගෙ ලඟම දේවතාවියක් වගේ යාලුවෙකුත් ඉඳලනෙ වැඩිය ආලවට්ටම් නොදැම්මට.. ඒ තමා මංචිගෙ රූමා...   ඒ අක්කණ්ඩි ඉස්සර ඉඳලම මංචිගෙ හොඳ යාලුවෙක් වුණත්..මේ තරම් හොඳ හදවතක් තියෙන සහෝදරියක් බව දැනගන්න මංචි ඇත්තෙන්ම පරක්කු වුණා බොහොම වැඩියී... 


    හිතේ දුකටයි..පීඩනයටයි..මංචි නටපු පිස්සු මලසමයං ඔක්කෝමත් ඉවසගෙන..මංචිව අම්මෙක් වගේ බලාගත්තේ මංචිගෙ රූමා මිස වෙන කවුරුවත් නෙවෙයි.. උයන එක තරම් ඒ පිස්සි කරන්න කම්මැලි තවත් වැඩක් නැතුව ඇති..ඒත් මංචි හිත බිඳිලා...   දවස් ගනං නොකා නොබී ඉඳිද්දි...එක එක කෑම උයලා...එහෙම නැත්නම් එයාගෙ වියදමින් කෑම අරගෙන ඇවිත් ඒත් මංචි කන්නෙම නැත්නම්..එයා තමා කටක් දෙකක් හරි බලෙන්ම කැව්වෙ... දවස තිස්සෙම මංචි අඬනකොට ලඟින් ඉඳගෙන සනසන්න එහෙම අක්ක කෙනෙක් නොහිටියනම් මෙලහකට මේ බ්ලොග් සටහන ලියන්න මංචියෙක් මෙතන නොහිටින්නත් ඉඩ තිබුණා ඇත්තෙන්ම....  

     මංචිට ලෝකෙ පෙරළෙන තරම් ප්‍රශ්ණ තිබුණට විභාග කියන ඒවා මංචි වෙනුවෙන් නතර වෙන්නෙ නෑ නේ නේද යාලුවනේ..ඉතින් ඔහොම විභාගයක් තිබුණු දවසක..ඒ වෙනුවෙන් පාඩම් කරපු කිසිම දෙයක් මතක නැති නිසා විභාගෙ දවසෙ උදේ මංචි හිටියෙ හාර්ට් ඇටෑක් එකක් එන තරම් බයේ...පුදුම පීඩනයකින්... 
   විභාගෙ තිබ්බෙ හවස 3ට...ඉතින් රූමා අක්කණ්ඩි එයාගෙ උදේ දේශන ඉවර වෙලා ගෙදර එද්දි  මංචි හිතින් දරුණු විදිහට කඩා වැටිලයි හිටියෙ..කොටින්ම විභාගෙට නොයා ඉන්නම වගේ තත්ත්වෙකින්..



     සාමාන්‍යයෙන් වේලාසනින් පංති ඇරුණමහම කෙලින්ම ගෙදර ආව දවසක අපි කිසිම කෙනෙක් කරන්න අකමැති දෙයක් තමා ආපහු එළියට බහින එක..අනික මේ හිම වැටෙන..අයිස් උඩ ලිස්සල වැටෙන...   එළියට බැස්සම හුස්ම හිර වෙන තරම් අමාරු...ඇඳුම් තුන හතරකුයි බරට බරේ හිම කබායකුයි නැතුව එළියට බහින්න හිතන්නවත් බැරි කාලේ...ඒ වගේ කාලෙකදි අර අක්කණ්ඩි කළේ මංචිට අදහගන්නත් බැරි තරම් පුදුම දෙයක්.. 


     ගෙදර ආපු ගමන් එයා මහන්සි නොබලා මගේ හිත හදලා..මොන ප්‍රශ්ණ තිබුණත් මට මගේ අම්මිගෙ බලාපොරොත්තු කඩ කරන්න යුතුකමක් නැති බව මතක් කරලා දීලා...මාව විභාගෙට යන්න ලෑස්ති කරගත්තා විතරක් නෙවෙයි..යන්න කලින් බුදුන් වැඳලා එයත් මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරලා...   එයත් විභාගෙ තිබුණු ශාලාව ගාවටම මගෙත් එක්ක ආවා අර සීතලේ ආපහු එළියට බැහැලා.. ඒ විතරක් නෙවෙයි මංචිට විභාගෙ තිබුණු පැය තුනක කාලය පුරාම ඒ අක්කණ්ඩි ශාලාව ලඟ එළියෙ තිබුණු බංකුවකට වෙලා හිටියා මට විභාගෙ ඉවර වෙනකල්ම...   මංචි එයාට කොච්චර ගෙදර යන්න කිව්වත් ඇහුවෙම නැති එයා කිව්වෙ...එයා එළියෙ ඉන්න එක මංචිට හිතට හයියක් වෙයි කියලයි...  


     අවංකවම ඒක මට ලොකු හයියක් වුණා.. හරියට ඉස්කෝලෙ යන කාලෙ විභාගෙ ඉවර වෙනකල් අම්මා ඉස්කෝලෙ ගේට්ටුව ගාව බලාගෙන හිටියා වගේ..හොඳට ලිව්වොත් සතුටු වෙන්නත් නරකට ලිව්වොත් හිත හදන්නත් කෙනෙක් ඉන්නව කියන එකම ලොකු හයියක්.... 


     මට දැන්නෙ ඒ අක්කණ්ඩි මගේම අක්කෙක් වගේ ඇත්තෙන්ම...අර වගේ වංචාකාර යාලුවො ඉන්න මේ බිමේම එහෙම ලේ බැම්මෙන් බැඳුණු සහෝදරියො වගේ අයත් ඉන්න එක හරිම පුදුමයක් නේද..??? එකම දේ... අපි ඒ දෙගොල්ලොම නියම විදිහට දකින්නෙ අපේ ජීවිතේ නරකම කාලෙදි...අසරණම වුණු වෙලාවටයි..


     ඒත් මංචිගෙ අවාසනාවට(අක්කගෙනං වාසනාවටද කොහෙදෝ...හිකිස්) ඒ අක්කණ්ඩි මංචිත් එක්ක මේ රටේ ඉන්නෙ තව මාස දෙකක් විතරමයි..   ඒ එයා පෙබරවාරියෙදි  උපාධිය අරං ලංකාවට යන්න නියමිත නිසා... මොනව කරන්නද ඉතින්..කොහොම වුණත් ඒ සහෝදරත්වය නොදැකම හිටියට වඩා මේ මොහොතෙදි හරි විඳගන්න ලැබුණු එකම වාසනාවක්නෙ... 


     ඉතින් මංචිනං බොහොම ලොකු පාඩම් ගොඩක්ම ඉගෙන ගත්තා මේ සිදුවීම් දෙකෙන්....ඔයාලටත් ජීවිතේට වටින දෙයක් ලැබෙන්න ඇති කියලයි මං හිතන්නෙ...  


     බොරුකාර යාලුවන්ගෙන් ප්‍රවේසම් වෙන්න.........සැබෑම යාලුවො ගැන...විමසිලිමත් වෙන්න.....   වන සිවුපාවුන් වගේ මිනිස්සු අතර දෙවි දේවතාවුන් වගේ මිනිස්සුත් ඉන්න බව අමතක කරන්න එපා..


     ඒ ඇයි දන්නවද.... තරු ගැන ගැන ඉන්න අතර අපට...පුරහඳ මග ඇරෙන්න ඉඩ තියෙන නිසා...  


     එහෙනම් පුරුදු විදිහටම ආයෙත් වියමන පැත්තෙ එන්න හොඳේ යාලුවො ඔක්කොමලම.. මංචිගෙ ජීවිත වියමනේ වියමන් රටා විඳගන්න...  





36 comments:

  1. මොකා මොක කිව්වත් අපට අන්තිමට ඉතුරුවෙන්නෙ අපි ඉගෙනගන්න දේවල් විතරයි..................
    පුද්ගලයන්ව විශ්වාස කරන්න බෑ! :( :'(

    ReplyDelete
  2. හම් ....ඇස් දෙකට කඳුළු ආවා අක්කා.......ඇත්තමයි....ඔය වගේ දෙපිටකාට්ටු යාළුවෝ මගේ ජීවිතෙත් ඉඳලා තියනවා....ඒ වෙලාවට මානසිකව වැටුණාම ගොඩක් අමාරුයි නැගිටින්න.....එහෙම නැගිටින්න හදන අයට උදව්වට ඉන්නේත් නැ කවුරුවත් ගොඩ වෙලාවට....ඒ අතින් බලනකොට ඒ අක්කා ඇත්තටම ඔයාට සහෝදරියක් වගේ.....පරිස්සමින් කල්පනාවෙන් ජීවිතේට මුහුණ දෙන්න.....

    හැමදේම හොඳ විදියට සිද්දවේවි අක්කා......

    ReplyDelete
  3. ප්‍රශ්නෙ බරපතලයි වගේ... මාත් කාලෙකට පස්සෙ ‍පෝස්ටුවක් කොටන්න කියල හිතුව විතරයි...

    අර දෙපිටකාට්ටු යාලුවව දැන් අතේ දුරින් තියාගන්න එක නම් හොඳයි.... හැබැයි පළවෙනිපාරම පයින් එකක් දීල පන්නල දැම්මනම් තමයි වටින්නෙ...

    ඔයාගෙ රූමා මන් පට්ට යාලුවෙක්... :)

    ReplyDelete
  4. *ඔයාගෙ රූම නම් පට්ට යාළුවෙක් :)

    ReplyDelete
  5. මාල වැඩේ කියන්නේ මංච් මටත් ඔය වගේම වැඩක් දෙපිට කාට්ටු යාලුවෝ සෙට් එහක වැඩ වලට මුණ දෙන්න උනා...එයාල කරපු වැඩ,කරන වැඩ නම් හිතාගන්න බැහැ..
    අවුරුදු ගානක් එකට ඉදපු අය ඔහොම කරනකොට ඉවසන්න බැහැ තමා..හැබැයි එහෙම අයගෙන් ඈත් වෙන ඒක ගැන සතුටක් නැත්තෙත් නැහැ...

    ඔය හැමදේම අපිට අත්දැකීම් මංචි...මම නම් දැන් එහෙමයි හිතන ඉන්නේ.. :)

    ReplyDelete
  6. මං හිතන්නෙ අපි හැමෝටම ඔය වගේ සිද්දි වෙනවා.ඇත්තටම කරදරයක් වුන වෙලාවට තමා හොද යාලුවො අදුරගන්න පුලුවන් වෙන්නෙ.

    දෙපිට කාට්ටු යාලුවො තනිකරම අයින් කරන්න යන එක ටිකක් බයානකයි.මොකද අපේ දන්න දේවල් විකෘති කරලා කියන්න ඒ වගේ අයට පුලුවන් නිසා.

    ReplyDelete
  7. මං හිතන්නෙ අපි හැමෝටම ඔය වගේ සිද්දි වෙනවා.ඇත්තටම කරදරයක් වුන වෙලාවට තමා හොද යාලුවො අදුරගන්න පුලුවන් වෙන්නෙ.

    දෙපිට කාට්ටු යාලුවො තනිකරම අයින් කරන්න යන එක ටිකක් බයානකයි.මොකද අපේ දන්න දේවල් විකෘති කරලා කියන්න ඒ වගේ අයට පුලුවන් නිසා.

    ReplyDelete
  8. මිනිස්සු කොහොමද කියල දැන ගන්න යමක් වෙන්නම ඕනෙ. ඔයා වාසනාවන්තයි හොඳ යාලුවෙක් ලැබෙන්න වගේම හොඳ පෙන්නගෙන ඉන්න නරක මිනිස්සුවත් අඳුරගන්න ලැබිච්ච එකට.

    ReplyDelete
  9. දැං මට කියනවද මං මුහුණු පොතේ එවපු එක මැසේජ් එකකටවත් පිළිතුරු නැත්තේ ඇයි කියලා..

    ReplyDelete
  10. ඇත්තම ඇත්ත මංචි අක්කේ,. හොඳම යාළුවො අතරෙත් ඉන්න පුළුවන් අමනුස්ස ගති තියෙන දෙපිට කාට්ටුවො,. ඒ වගේ අයගේ හැටි දැනගෙන ඉන්න එක තමයි වඩාම හොඳ, වින්දි කියනවා වගේ එයාව ඈත් කරන්න එපා, එයා අනිවාර්යෙන් ඔයාට විරුද්දව මොනව හරි පතුරවාවි එහෙම වුනොත්, ඒ නිසා ගානට අතේ දුරින් තියාගෙන ඉන්න., ඒක තමයි අක්කියෝ හොඳම වැඩේ,.

    ReplyDelete
  11. අම්මෝ මංචි ගොඩ කාලෙකට පස්සේ ඇවිත්. ඒකම මදෑ.
    මම දන්න මංචි කියලා කෙනෙක් ඉන්නවා එයාට මොන ප්‍රශ්නේ මොන බාධාව ආවත් තමන්ගේ වැඩ අතපසු කරන්නේ නෑ. එයා තමන්ගේ වැඩ හරියට කරගෙන යන ටිකක් වස කෙනෙක් !!! :)

    මොන දේ උනත් නංගි හිත ශක්තිමත් කරගන්න !!!
    මිනිස්සු විවිධාකාරයි. අපිට ජීවිත කාලෙම ආස්සරේ කලත් මනුස්සයා කියන සතාව අදුනගන්න බෑ.

    ReplyDelete
  12. ප.ලි. - ඔයා අඩිට් කරපු ජාවාස්ක්‍රිප්ට් එකක අවුලක් ගිහින් නේ. අර උඩ තියෙන javascript:void(0) ටෙක්ස්ට් එක දැක්කම මට හිතුනා. පොඩ්ඩක් ටෙම්ප්ලේට් එකට ගිහින් බලන්න. මෙහෙම කෑල්ලක් ඇති. ඒක හදන්න. :)

    ReplyDelete
  13. හරියට හරි මංචි... මේ ලෝකේ වංචාකාර මිනිස්සුන්ගෙන් පිරිලා... එකට ඉඳන් සියල්ල අහගෙන කියාගෙන ඉන්න අයමයි අනිත් පැත්තට අපිට වින කරන්නේ... ටිකෙන් ටික සමාජේ හැටි අඳුරගන්න නංගී. කාවවත් 100% විශ්වාස කරන්න එපා.

    ReplyDelete
  14. මන්චියෝ දන්නවනේ දුෂ්ට හිටියේ ජිවිත කාලෙටම එක යාළුවයි මොකද ඔය යාලුවෝ කියන අය ගැන මන් දන්නා හින්ද පාඩමක් ඉගෙන ගත්තනම් එච්චරයි කෙල්ලේ හිනා වෙලා ඉන්න

    ReplyDelete
  15. හ්ම්ම්...එකයි එහෙනම් ඔයා පේන්නවත් හිටියේ නැත්තේ...

    ඔයාට ටික කලකට හරි හොඳ අක්කා කෙනෙක් ලැබිලා ඉන්නවා...මමත් හරි ආසයි එහෙම අක්කෙක් මටත් ඉන්නවනම්..ඒත් ඉතින් එහෙම පිනක් මට නැහැ නේ..

    ReplyDelete
  16. ඔව්වා ඔහොම තමා අප්පා...
    ගනන් ගන්න එපා...
    වෙන ඕන දෙයක් වෙච්චාවේ...හිනා වෙලා අපි ඔහේ ඉමු කියලත් කියනවනේ...

    ReplyDelete
  17. ලෝකෙ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියනවනේ! ජීව්තේ හැටි ඔහොම තමා!ගනන් ගන්න එපා!

    ReplyDelete
  18. යාළුවො ගැන මාත් හොඳ හොඳ පාඩම් ඉගෙනගෙන තියෙනවා ජීවිතේ.... දැන්නම් මං කවුරුවත්ම විශ්වාස කරන්නෙ නෑ මගේ පෞද්ගලික දේවල් කියන්න තරම්.... හිතේ තද කරගෙන ඉන්නම බැරිනම් කොලේක ලියලා පුච්චලා දානවා.... නැත්නම් කවුරුත් නැතිවෙලාවට කන්නාඩියට කියනවා...

    ReplyDelete
  19. මංචි, මිනිස්සු කවදාවත් කාල බලල අඳුරගන්න බෑ නේ. ඒක නිසා දෙයක් කියනකොට හොඳ පරිස්සමින් කියනවනම් තමා වඩා හොඳ. ඒ එක්කම එහෙම කාටහරි දෙයක් කියනවනම් එයාගෙත් ඒ හා සමාන දේවල් දැනන් ඉන්න එක හොඳයි. එයා කිව්වොත් කියන්න බලාන නෙවේ. මතු පරිස්සමට. එයාගේ කට මෙහෙම දේකදී වැහිලා තියෙන්න ඒවා උදව් වේවි. එහෙම නැත්නම් කියන්න දේවල් එත් පරිස්සම හිතේ තියාන. මොකද අපි දන්නේ නෑ නේ මනු සතා කොහොම පාට මාරු කරනවද කියල.

    ReplyDelete
  20. @තනි අලියා :
    ඒකනං ඇත්ත තනි අලියෝ... ඒත් අපට ලෝකේ තනියම ජීවත් වෙන්නත් බෑනෙ නේද.. :(

    @සිතුවිලි නිහඬයි :
    ඒක ඇත්ත සිනී..මට හිතාගන්න වත් බෑ අක්කි හිටියෙ නැත්නම්..මේ ප්‍රශ්ණයි..අර මූනු දෙකේ යාලුවයි නිසා මම කොතන නව තීද කියලා..

    @සාතන් :
    කාගෙවත් බ්ලොග් එකක් දිහා යන්නවත් බැරි වුණා.. ඔව් සාතනෝ මුල් පාර සමාව දීපු මෝඩකම තමා... :(

    ReplyDelete
  21. @සාතන් :
    ටැපලුණා නේද.. :D

    @ChammA :
    ඔව් චම්මෝ...අත්දැකීම් නම් තමා..ආපහු නම් විස්වාසෙ කඩ කරන කිසිම යාලුවෙක් ජීවිතේ අහලකින් වත් තියාගන්නෙ නෑ.. :((

    @නිසුපා :
    ඕකම තමා වින්දිත් මට කිව්වෙ අක්කෙ..

    ReplyDelete
  22. @පිණිබිඳු... :
    ඇත්තෙන්ම ඒ අතින් නම් මං හරිම වාසනාවන්තයි තමා.. ඒත් තවමත් ඒ ද්‍රෝහීකම අදහගන්නවත් බෑ.. :(

    @Dinesh :
    අනේ අයියණ්ඩී තරහ වෙන්න එපා...අයානම් ඉතින් දන්නවනෙ මේ ප්‍රශ්නෙ අග මුල... ඔන්න මම විස්තරේ කියල එව්වෝ...

    @ප්‍රාර්ථනා :
    මීට පස්සෙ නම් එහෙම කරන්න හොඳට හිතට ගත්ත... :((

    ReplyDelete
  23. @මධුරංග :
    ඔව් අයියේ...කාලෙකින් එන්න තරම් ඉඩක් ලැබුණේ.. ඔයා දන්න කෙනා වගේ වෙලා ඉන්න මමත් හරිම ආසයි අයියේ..ඒත් අපි ආදරේ කරන අයමනෙ අපේ ජීවිතේ දුර්වල කම වෙන්නෙත්.. අනික වසයි වගේ පේන අයගෙ හිත් හරි සංවේදියි හරිද අයියණ්ඩී.. :D

    ප.ප.ලි :අනේ ඒක හදාගන්න මම රටේ නැති දේවල් කලා.. ඒත් හදාගන්න බැරි වුනානෙ...ඔයා දන්නවනං මට පිහිට වෙන්ඩකෝඕඕඕඕ.....

    @AnithKona :
    ඇත්තෙන්ම හොඳ මිනිස්සුන්ව නොපෙනෙන තරමටම සමාජය වංචාකාරයන්ගෙන් පිරිලා.. :(

    ReplyDelete
  24. @Dush :
    ඔයා නං දන්නවනෙ දුශ්...මං ඉස්කෝලේ යනකාලෙ ඉඳලම ඇඬෙනකල් හිනා වෙන කෙනෙක් බව..තාමත් එහෙම ඉන්න තමා ආස..ඒත් වෙලාවකට ඒක කොච්චර අමාරුද.. :((

    @සයුරි :
    ඔව් අක්කේ...ඒ නිසා තමා බ්ලොග් එක දිහාවත් එන්න බැරි වුණේ..
    ඒ වාසනාවත් පොඩ්ඩ කාලෙකට වුණු එක තමා දුක.. :(

    @චතූ...... :
    වචන තරම් ලේසියෙන් වැඩ සිද්ද වෙනවනම් මොන තරම් දෙයක්ද යාලු.. :))

    ReplyDelete
  25. @Sabith :
    ඒකත් ඇත්ත තමා.. :D

    @Miyuru :
    ලඟදිම කන්නාඩියත් මටම හිනා වෙයිද කියල තමා බය.. :((

    @ක්සැන්ඩර් | Xander :
    ඇත්තෙන්ම මම ස්වභාවයෙන්ම අනික් කෙනා කැමැත්තෙන් දෙයක් නොකිව්වොත් එයාලගෙ පුද්ගලික ජීවිතේට එබෙන්න යන කෙනෙක් නම් නෙවෙයි ක්සැන්ඩර්..මම එහෙම පුද්ගලික දේවල් දැනගත්තත්තේ කෙනා මොන තරම් හතුරු වුණත් ඒවා තැන තැන කිය කිය යන්න තරම් පහත් තත්ත්වෙකට වැටෙන්න ආසත් නෑ..හිතෙන දේ මූනටම කියල දානව මිසක.. එයත් ඒක දන්න නිසා තමා බය නැතුව ඔහොම ලැජ්ජා නැති වැඩ කරන්නෙ.. :((

    ReplyDelete
  26. නෑ නෑ මම කියපු දේ මම ආයේ මෙහෙම කියන්නම්කො. මම කිව්වේ කෙනෙක්ට දේවල් කියන්න කලින් එයා අපිව මොනතරම් විශ්වාස කරනවද කියන එක දැනගන්න තියන එක හොඳම විදියක් තමා එයා අපිට මොනවාද කියල තියෙන්නේ කියල බලන එක. එහෙම එයා අපිවත් ගොඩක් විශ්වාස කරන කෙනෙක් නම් එයාට දෙයක් කියන්න ඒ තරම්ම පැකිලෙන්න ඕනේ නෑ. ඒවගේ අය එහෙම කියා කියා යන්නෙත් ගොඩක් අඩුවෙන්. සමාවෙන්න මම කිව්වා එක වැරදියට තේරුනානම්. මේ දවස්වල මං කියන ඔක්කොම වරදිනවා අප්පා.. :((

    ReplyDelete
  27. @ක්සැන්ඩර් | Xander :
    අනේ නෑ ක්සෑන්ඩර්..මම කිව්වෙ ඔයා කියපු අදහස වැරදී කියල නෙවෙයි..හොඳම යාලුවෙක් කියල හිතන කෙනෙක් එක්ක මම කොච්චර සමීපද කිව්වොත් එයාල දන්නව එයාලගෙ රහස් මට කිව්වොත් ලෝක විනාශෙ වුනත් මගෙ කටින් ඒවා වෙන කෙනෙක්ගෙ කනකට නොයන බව. ඒ මගේ හැටි..ඒත් මේ වගේ බොරු කාරයො ඒකත් තමන්ගෙ වාසියට හරවගන්න එකයි මට දුක..වැඩියෙන් අවංක වීමත් දුර්වල කමක්ද කියල හිතුනා..නැතුව ඔයා කියපු එක වැරදියට වටහ ගත්ත නෙවෙයි.. :)))

    ReplyDelete
  28. දේවල් වෙනකොට හැමෝටම වෙන්නේ එක පාරට මංචි... කියන්න ඕනේ නෑ නේ දේව්දාස් ට වුනු දේ... අනේ මන්දා... ඔක්කොම වෙන්නේ හොඳටලුනේ...

    දේව්දාස්...

    ReplyDelete
  29. යාළුවෝ කියන ජාතිය නම් පරෙස්සමෙන් ඇසුරු කරන්නෝන ජාතියක්. කාලා බලන්නයැ.

    ReplyDelete
  30. තිරිසන්නු වගේ මිනිස්සු ඉන්න මේ ලෝකෙම දෙවියන් වගේ උතුම් මිනිස්සු ඉන්නවා..මංචිටත් ඒ වගේ හොඳ ගතිගුණ තියෙන අක්කා කෙනෙක් හම්බ වෙලා.. ඇත්තටම ඔයාට ගොඩක් සතුටු වෙන්න පුළුවන් ඒ ගැන.. අර වගේ දෙපිටිකාට්ටු යාළුවන්ව අතේ දුරින් තියාගෙන ඉන්න එක තමයි නුවණට හුරු.. මොකද මිනිසා කියන සතාව තේරුම් ගන්න හරි අමාරුයි.. ඒක නිසා ප්‍රවේශමෙන් වැඩ කරන එක හොඳයි....

    මම මුල ඉඳලම ඔයාගේ බ්ලොග් එක කියෙව්වට අද තමයි පළවෙනි කමෙන්ට් එක.. ඔන්න එහෙනම් බ්ලොග් එකටත් සුබ පතනවා.. අද ඉඳන් මමත් මංචිගෙ පස්සෙන් පන්නනවා එහෙනම්.. :))

    ReplyDelete
  31. එකනේ මංචි.. මිනිස්සුත් කේක් වගේ උනානම් හොඳයි හිතෙන්නේ ඔහොම වෙලාවට... කාල බලල වත් දැනගන්න තිබ්බා.. හැබැයි මේක පාඩමක් කරගෙන ඊළඟ පාරනම් ඔහොම යාලුවෝ අහුවුනොත් සමාව දෙන්න එපා.. ඇත්ත. වැඩියෙන් අවංක වීමත් හොඳ නෑ තමා සමහර යාලුවෝ ඉස්සරහ. අර කියනවනේ ඕනෙම දෙයක් ඕනෙවට වැඩ ඕනෙම නෑ කියල.

    ReplyDelete
  32. පරක්කු වැඩි උනත් මන්චිට දෙයක් කියන්න හිතුනා
    මම පොඩි කාලෙම උම්මග්ග ජාතක කතාව කියෙව්වා
    එකේ තියෙන එක කොටසක් මතකද රහස් කිව යුත්තේ කාටද කියන එක ගැන කතා වෙන
    අන්න ඒ විදිහටම තමයි මමනම් රහස් ගැන සලකන්නේ, ඒ කියන්නේ රහස් වශයෙන් තිබියයුතු දේ රහස්ම තමයි
    ඒවා අපි ගාවම තියා ගන්න එක අපිට හොඳයි
    මමත් ඕනේ තරම් දැකල තියෙනවා මිනිස්සුන්ව විස්වාස කරලා කියන රහස් වගේ පෞද්ගලික දේවල් ඒ යාළුවො ගිහින් අනිත් අය අතරේ කියා කියා හිනා වෙන හැටි
    ඒ නිසා රහස් රහස් විදිහටම තියා ගත්තහම කාටවත් බැහැ අපිව ඒවා හරහා වට්ටන්න
    මොනවා උනත් ඔයාගේ රූමා අක්කනම් බොහොම හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වගේ

    ReplyDelete
  33. @දේව්දාස් :
    හපෝයි...තාම තරහින් වගේ... :D

    @ලහිරු :
    අනේ මංදා.... :((

    @උදයංග ලක්මාල් :
    බොගොම ස්තූතියි මංචිගෙ වියමනේ යාවජීව කියවන්නෙක් වීම ගැන උදයංග අයියණ්ඩී.. :) ඔයාල තමයි මේ කරදර මැද වුණත් ආසාවෙන් දිගටම ලියන්න මට ශක්තිය දෙන්නෙ.. :))
    ඒ වගේම පළවෙනි කොමෙන්ටුවටත් පස්සෙන් පන්නනවටත් මගෙත් හදපිරි ස්තූතිය... :))

    ReplyDelete
  34. @ක්සැන්ඩර් | Xander :
    කේක් වගේ වුණානං හොඳයි තමා..හිකිස්.සේත් උඩින් අයිසිං කරලා තිබ්බොත් තමා වැඩේ.යටින් තියෙන තිත රහ දැනෙන්නෙ පහු වෙලානෙ.. :D

    @ලොකු පුතා :
    අයියෝ..කිසි පරක්කුවක් නෑ ''ලොකු පුතේ''..:D
    ඔයාලගෙ අදහස් මට කවද වුණත් වටිනවා... උම්මග්ග ජාතකෙ මම හරිම ආසාවෙන් නොතේරෙන වයසෙදි පවා අමාරුවෙන් වචන වල තේරුම් හොය හොය කියවපු පොතක්කේත් ඒකෙන් වත් යාලුවො අඳුනගන්න ඉගෙන ගන්න බැරි වුණු හැටි.. :((
    ඇත්තෙන්ම මගෙ රූම නම් හරිම හොඳ යාලුවෙක්.. :))

    ReplyDelete
  35. අයියෝ යාලුවො ගැන නං කතා කරලා වැඩක් නෑ, අපි හිතුවට අපිට පණ දෙන්න ඉන්නෙ කියලා ඇන්තිමට නිකං පුස්සක් විතරයි, ඒ උනාට කියලා තියන විදියට දෙවි දේවතාවෝ වගේ යාලුවොත් නැත්තෙම නෑ .......

    ReplyDelete
    Replies
    1. ඒ හැම වර්ගෙකම යාලුවො අපේ ජීවිතේ අත්දැකීම් වලින් පුරවන හැටි නම් අපූරුයි නේද..??

      Delete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...