සයිබරය පුරාම සිකුර උච්ච වෙලාද මංදා...කසාද බඳින එක..පොරොන්දම් බලන එක..ආදරේ කරන්න සහකාරයො සහකාරියො හොයාගන්න විදිහ ගැන මදි නොකියන්න කියවන්න ලැබෙනවා මේ දවස් වල..
අනික් අතට ඔයා ඒ අනික් පාර්ශවය නම්...තමන් ආදරේ කරන කෙනාගෙ සතුට,සැනසීම වෙනුවෙන් ඕනම දෙයක් කරන්න තරමට එයාට ආදරෙයි නම්....ආදරය යුතුකමක් නෙවෙයි හැඟීමක් බව විශ්වාස කරන...තමන්ගෙ පෙම්වතිය හෝ පෙම්වතාගෙ ජීවිතේ තීරණ ගන්න තියෙන නිදහස අගය කරන කෙනෙක් නම්....එතන මතු වෙන්නෙ හරිම අසරණ තත්ත්වයක්...
සමහරු කියනවා ආදරේ කරල බඳින එක තමා හොඳ කියලා...තවත් සමහරු කියනවා...ගෙදරින් කතාබහ කරලා ඕව කරගන්න එක කරදර අඩුයි කියලා...සමහරු නම් කියන්නෙ නොබැඳ ඉන්න එක තරම් සැපක් තවත් නෑ කියලයි...
කවද කවුරු කොහොම කිව්ව වුණත්.....මේ අපි ඇසිපිය හෙලන මොහොතකදිත් දැනුවත්ව හෝ නොදැනුවත්වම පවා හිත් එකිනෙක බැඳෙනවා...ඒ වගේම හිත් බිඳෙනවා...අකමැත්තෙන් වුණත් හිත් බිඳගන්න සිද්ධ වෙනවා..
වෙලාවකට මංචිට නම් පුදුමත් තිතෙනවා...ආදරෙන් වෙලෙන එක තරම් ඒ ආදරේ විවාහය කියන තොටුපල කරා අරගෙන යන එක සරලම නෑ කියල හිතුවමත්..අර අපේ හිතුවක්කාරිත් කියල තිබ්බ වගේ හදවතින් එකිනෙක වෙලිලා ඉඳල අන්තිම මොහොතෙදි වෙන් වෙලා යන්න සිදු වුණොත්.....!!!
ඒ වගේ සිදුවීමකට ඔයාල කොහොමද මූණ දෙන්නෙ කියල තම තමන්ගෙ හදවත් වලින් අහල බලන්න පොඩ්ඩකට....ප්‍රශ්ණෙ ඇහුවෙ මමම වුණාට මටත් තවම නම් ඒ ප්‍රශ්ණයෙන් එහා පිළිතුරක් හිතාගන්නවත් බෑ...
ඉතින් ආදරෙන් බැඳුණු දෙන්නගෙම හිත් වල ඇති වුණු අපැහැදීමක් නිසා හරි...නොගැලපෙනව කියල හිතෙනවනම් හරි ඒක දෙන්න කතාබහ කරල විසදගන්නත් බැරිම නම් හෙට බඳින්න හිටියත් වෙන් වෙලා යන එක තමා හොඳ...ඒත් ලෝකයට පෙනෙන දහසක් වැරදි අඩුපාඩු නොගැලපීම් ගොඩාක් මැද වුණත්..දෙන්නට දෙන්නාගෙ හිත් හඳුනගෙන..හදවතින් බැඳිල..ආදරය කරලා..තමන් එකිනෙකාට තරම් වෙන කෙනෙක්ට ගැලපෙන්න..යා වෙන්න බැරි බව විශ්වාස කරන පෙම්වතුන් දෙදෙනෙක්ට තහංචියක් වැටුණොත්...
ඒකත් ඉර-හඳ වගේ ඉන්න දෙමාපියන්ගෙන්..????
ගොඩක් වෙලාවට එහෙම තහංචියකට හේතුවෙන්නෙ හරිම පුංචි...හේතු එකක් හෝ දෙකක්..... මතක් වෙන වෙන විදිහට කිව්වොත්...
-කේන්දර නොගැලපීම
-ලස්සන නෑ
-කේන්දර නොගැලපීම
-ලස්සන නෑ
-ආගම් ගැලපෙන්නෙ නෑ...
-උඩරට - පහත රට නොගැලපීම
-කුලය නොගැලපීම..
ඇත්තෙන්ම ප්‍රශ්ණෙ පටන් ගන්නෙ පුංචි තැනකින්,ඔය කියන කාරණා එකකින් දෙකකින් වුණත් වෙන්න පුලුවනි..... ඔහොම ප්‍රේමයකට අකමැත්ත දක්වන ගොඩක් දෙමාපියො හිතන්නෙ තමන්ගෙ දරුවව අනික් කෙනා රවට්ටගෙන කියලයි...
ඉතින් එයාල හිතන්නෙ ඒ උගුලෙන් එයාව ගලවගන්න ක්‍රමයක් ගැන මිසක ගොඩක් වෙලාවට දරුවන්ගෙ හැඟීම් පැත්ත ගැන හිතල බලන්න මොහොතක් වැය කරන්න හිතන්නෙවත් නැති තරම්...
ඔන්න ඔය වෙලාවට තමයි..නොකෙරෙන දීගෙට හෙවණැළිත් ඇද වෙන්න පටන් ගන්නෙ...උදාහරණයක් විදිහට කෙල්ල ලස්සන මදි නිසා,කුල මල නිසා..කොල්ලගෙ ගෙදරින් අකමැති වුණාය කියමුකෝ...එතකොට ජීවිතේට කේන්දරේ නොසලකපු අම්මල තාත්තලත් පොරොන්දම් බලන්න පටන් ගන්නවා....ගෑනු ළමයෙගෙ හත් මුතු පරම්පරාවම පීරලා වැරැද්දක් හොයනවා...
කොල්ලට අකමැති වුණාය කියමුකො..කොල්ලගෙ හොඳම යාලුවා කරන වැරදි ඔක්කොම වැටෙන්නෙත් ඒ කොල්ලගෙ අකවුන්ට් එකට... හිකිස්...ඔන්න ඔය වගේ...
මංචි මේ කියන්න යන්නෙ අම්මලා තාත්තලා වැරදියී කියලා නෙවෙයි..හැම අම්මෙක් තාත්තෙක්ම ආසයි තමන්ගෙ දරුවට සර්ව සම්පූර්ණ සහකාරියක් සහකාරයෙක් හොයල දෙන්න...
ඒත් එහෙම මිනිස්සු ඉන්නවද මේ ලෝකෙ...අනික හැම තිස්සෙම අම්මලා තාත්තලා ගන්න තීරණ හරියනවද..?? දරුවන්ට හරි තීරණ ගන්න ශක්තියක් දැනුවත් කමක් නැද්ද..??අනික ජිවිතේ පස්සෙ කාලෙකදි එකට පවුල් කන්නෙ තමන්ගෙ දරුවයි ඒ අනික් දරුවයි නම්..ඒ දෙන්නට දෙන්නා හදවතින් ගැලපෙන එක නේද වැඩියෙන්ම වැදගත්...
සමහර දෙමව්පියො මේ වගේ මොහොතකදි කරන දරුණුම වැඩේ තමයි...තමන්ගෙ දුව හෝ පුතාව මානසිකව පීඩනයකට ලක් කරලා තමන්ගෙ තීරණයට නම්මගන්න උත්සහ දරන එක..
ඒ කියන්නෙ තමන්ගෙ පුතා..දුව තමන්ගෙ කැමැත්තට පිටින් විවාහයක් කරගත්තොත්...තමන් ජීවිතේට හානියක් කරගන්නව කියලා තර්ජනය කරන එක...තමනුත්...ආදරය කරන කෙනත් අතරින් එක පැත්තක් තෝරගන්න කියන එක...
ඒක අවංකවම හරිම අසාධාරණ වැඩක් නෙවෙයිද...දරුවෙක්ට කවදාවත් අම්මෙක්ගෙ කඳුලු බලාගෙන ඉන්න බෑ....තාත්තෙක්ගෙ සුසුම් දරාගෙන ඉන්න බෑ..
ඒවා ඇත්තක්ම වුණත්..අවස්ථානුකූල හැසිරීම් වුණත්..දරුවෙකුට ඒක ලොකු වේදනාවක්..ඉතින් එහෙම වෙලාවට තමන්ගෙ ජීවිතේ අරමුණු..හීන..බලාපොරොත්තු හැමදේම විනාශ වෙලා යන බව දැන දැන වුණත්..තමන් අතින් අර ආදරය කළ කෙනාට වෙන අසාධාරණය...ඒ කෙනාගෙ ජීවිතේට තමන්ගෙන් වෙන හානිය...වේදනාව දැක දැකත්...ඒක තමන්ටත් මොන තරම් වේදනාවක් වුණත්..අර පීඩනය නිසාම දෙමාපියන්ගෙ කැමැත්තට එකඟ වෙන්න සිද්ධ වෙනවා....
ඔව් ඔව්....නවකතාවකදි....ටෙලි නාට්‍යයකදි නම් ඕක සිම්පල්...බැඳල ළමයෙක් ලැබුණහම හැමදේම හරි යනවා..සැබෑ ජීවිතයෙදිත් ඒක එහෙම වෙන්න පොඩි ඉඩක් නැතුවමත් නෙවෙයි.... ඒත් අම්මට තාත්තට පණ වගේ ආදරේ කරන පුතෙක්ගෙ හෝ දුවෙක්ගෙ...පෙම්වතිය හෝ පෙම්වතා වෙලා බලන්නකෝ... ඔය වගේ තත්ත්වෙක ඉඳිද්දි ඒ වගේ තීරණයක් ගැන කතාකරන්නවත් පුලුවන් මානසික මට්ටමක එයා ඉඳීවිද කියලා...
අනික් අතට ඔයා ඒ අනික් පාර්ශවය නම්...තමන් ආදරේ කරන කෙනාගෙ සතුට,සැනසීම වෙනුවෙන් ඕනම දෙයක් කරන්න තරමට එයාට ආදරෙයි නම්....ආදරය යුතුකමක් නෙවෙයි හැඟීමක් බව විශ්වාස කරන...තමන්ගෙ පෙම්වතිය හෝ පෙම්වතාගෙ ජීවිතේ තීරණ ගන්න තියෙන නිදහස අගය කරන කෙනෙක් නම්....එතන මතු වෙන්නෙ හරිම අසරණ තත්ත්වයක්...
වෙලාවකට හදවත කියාවි..එයාට යන්න දෙන්න එපා කියලා...ඒත් තවත් වෙලාවකදි හදවත කියාවි..එයා ගන්න තීරණයකදි නිහඬවම ඒකට එකඟ වෙන්න කියලා...
ඉතින් මොකද්ද ඔබේ තීරණය...???
දෙමාපියන් වුණත් ඔය දහසක් දේවල් බලන්න ගොඩක්ම හේතු වෙන්නෙ සමාජය...නෑදෑයන් සහ හිත මිතුරන්ගෙ මිනුම් දඬු ගැන සලකල බව අපි හැමෝම දන්න දෙයක්නෙ..ඒත් අවංකවම බැලුවොත්..හැට පොරොන්දම් ගලපල විවාහ වෙන දෙන්නෙක් වුණත් වුනත් අමාරුවෙ වැටුනොත්...කරදරයක් වුණොත්..කසාද බන්ඳන කාලෙ හෙප්පු අල්ලන්න ආපු ගොඩක් අය කරන්නෙ ඒ කරදර ගින්නට පෙට්‍රල් වක්කරන එක නේද...??
උදව්වට ඉන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩු පිරිසක්නෙ...ඉතින් එහෙම පිරිසක් වෙනුවෙන් ඇයි තමන්ගෙම දරුවගෙ බලාපොරොත්තු මේ තරම් දරුණු විදිහට බිඳලා දාන්නෙ..??
අනික් අතට එකිනෙකා ගැන දැන දැනම..අධ්‍යාත්මිකව බැඳුණු දෙන්නෙක්ටත් ඔය කියන භෞතික නිර්නායක නිසා එකට ජීවත් වෙන්න බෑ කියලා හිතනවනම්...භෞතික දේවල් ගලපලා විවාහ වෙන දෙන්නෙක් අධ්‍යාත්මිකව ගැලපෙයි කියලා අම්මලා තාත්තලට වුණත් සහතික කරන්න පුලුවන්ද කියන එකත් සැකයි නේද..?
ධනය,බලය..රූපය....හැමදේම කාලය එක්ක ක්ෂය වෙලා යද්දි අපි එක්ක හැමදාම ලඟින් ඉන්නෙ නොවෙනස් හදවතක් විතරයි නේද කියලා අපට වඩා ජීවිතේ ගොඩාක් අත්දැකීම් තියෙන අම්මලට තාත්තලට නොතේරෙන හේතුව මංචිට නම් හිතාගන්නවත් බෑ....
තර්කයක් නැතුවම...දරුවෙකුගෙ ජීවිතේ ගැන වැඩිම අයිතියක් තියෙන්නෙ...අවුරුදු ගාණක් උස් මහත් කරපු අම්මටයි තාත්තටයි මිසක..පිටින් එක කෙල්ලෙක්ට හෝ කොල්ලෙක්ට නෙවෙයි තමයි..ඒ වුණත් ඒ තරම් අමාරුවෙන් උස් මහත් කරපු දරුව තනියම ගොඩනගාගන්න උත්සහ දරන ලෝකය ගැන දෙමාපියන්ට වුණත් විශ්වාසයක් තියෙන්න වුවමණායි නේද..??
සමහර විට පිටතින් පෙනෙන්න හොඳින් හිටියත්..මේ වගේ බලපෑමක් නිසා ඒ දරුවගෙ ජීවිතේ ශාරීරිකව නැතත් මානසිකව කඩාවැටෙන්නත් පුලුවනි...තමන් නිසා දුකට පත් වුණු අනික් ජීවිතය ගැන හිත හිත එයා මුලු ජීවිත කාලෙම දුක් වෙන්නත් පුලුවනි..
අම්මා තාත්ත අපට කොච්චර කිට්ටු වුණත්...වයසින් වැඩෙද්දි වැඩෙද්දි..හදවතින් ස්වාධීන වෙද්දි...අපිත් අපේම ලෝක ගොඩනගාගන්නවනෙ...ඒ ලෝක ඇතුලෙ දෙමාපියන් එක්කවත් කියාගන්න බැරි...අතිශය සංවේදී හීන..බලාපොරොත්තු මොන තරම් ඇද්ද...එහෙම කියාගන්න බැරි අවිශ්වාසෙකට නෙවෙයි..ඇත්තෙන්ම ඒකට වචනයට පෙරළගන්න බැරි කම...දෙමාපියන් ගැන තියෙන ගරුත්වය වගේ හේතු නිසා වෙන්න පුළුවනි....
ඉතින් අම්මලා තාත්තලා වුණත් ටිකක් නම්‍යශීලී වෙලා ඒ දේවල් තේරුම් ගන්න තම තමන්ටම අවස්ථාවක් දෙනවනම් කොච්චර හොඳද...
ඒකට එයාලට කරන්න තියෙන්නෙ පොඩ්ඩකට අපේ වයසට හදවතින් ඇවිත් අපේ හිත් වලට එබිල බලන එකයි....එහෙම නැතුව හදිසි වෙලා,කලබලේට වැරදි තීරණ අරගෙන....ඔබ කරන්නෙ අම්මා තාත්තා තමන්ව තේරුම් ගනීවි කියලා විශ්වාස කරන ඔබේ දුවගෙ පුතාගෙ ජීවිතේ අහිංසක බලාපොරොත්තු බිඳ දාන එක වෙන්නත් පුලුවනි....ඒ වගේම ඔබ ඒ විනාශ කරන්න ඔබේ දරුවට ඔබ වගේම ආදර කරන..දුවෙකුගෙ හෝ පුතෙකුගේ මුලු ජීවිතයම වෙන්නත් පුලුවනි...
ඒත් දරුවෙකුට මේ වගේ ගැටලුවකදි එහෙම අවස්ථාවක් ලැබැන්නෙ එහෙමත් අම්මෙක්ගෙන් තාත්තෙග්ගෙන් තමයි...ඉතින් කරන්නම දෙයක් නැති තැන ගොඩක් ආදරණීය හිත් වලට සිදු වෙන්නෙ..තමන්ව උස් මහත් කරන්න දෙමාපියන් තමන් වෙනුවෙන් කරපු දේවල් වලට පිටු පාන්න බැරි නිසාම තමන්ගෙ සතුට එයාල වෙනුවෙන් අතාරින්නයි... ඔව්...ජීවිතේ නම් නතර වෙන එකක් නෑ...ඒත් බිඳුණු බලාපොරොත්තු වලින් තුවාල වෙන්නෙම නැද්ද..??
පිටින් නොපෙනුණත්...ඒ අපේක්ශාවන් බිඳුණහම වෙන හානිය හරියට මතුපිටින් බැලුවට නොපෙනෙන අභ්‍යන්තර රුධිර වහනයක් වගේ....
ඉතින්.....
සමහර විට ඔබ ඒ හානිය දකින මොහොත වෙද්දි...සුව කරන්න බැරි තරමටම...පරක්කු වෙලා තියෙන්නත් පුලුවන් බව මොහොතක් හිතුවොතිත්....ලෝකය ඇත්තෙන්ම මීට වටා කොච්චර සුන්දර තැනක් වේවිද....
අපිට රටේ ලෝකේ හැමෝවම සතුටු කරන්න පුළුවන් විදිගේ තීරණ කවදාවත් ගන්න ලැබෙන්නේ නෑ. මම නම් හොඳටම දන්නවා මගේ අම්මයි තාත්තයිනම් මම මොන විදිහේ කෙල්ලෙක් හොයාගත්තත් මගේ කැමැත්තට ඉඩ දෙනවා. ඒත් ගොඩාක් දෙමව්පියෝ එහෙම නෑ.
ReplyDeleteහැබැයි ඔය අක්කා දීලා තියෙන හේතු උඩ ආදරය කරන දෙන්නක් වෙන් වෙනවානම් මම නම් කියන්නේ උන් දෙන්නා මෝඩයි. අපි හැම දෙයක්ම කරන්නේ සතුටින් ඉන්න. ඉතිං මම කැමති කෙල්ලව අතෑරලා අම්මා හරි තාත්තා හරි කැමති කෙල්ලෙක් බැඳගත්තාම මට සතුටින් ඉන්න පුළුවන් වෙයිද?
අනේ මන්දා මම නම් කවදා හරි දවසක බඳීන්නේ මම කැමති කෙල්ලෙක්ව මිසක් වෙන කවුරුත් කැමති කෙල්ලෙක්ව නෙමෙයි.
kisima wadagath kamak nathi hethu hindaa wirudda wena ekanam harima naraka deyak...eth samahara welawal thiyanawa depaththama saadarana...
ReplyDeleteහැමෝම හොයන්න උත්සහ කරන්නේ හොඳම දේ ඒකත් ගැටළුවක්. අර ගුරුවරයා ළමයාව පළතුරු වත්තකට යවපු කතාන්දරේ දන්නවා ඇතිනේ.
ReplyDeleteකොහොම නමුත් තමන්ට හොඳ වෙන්නත් ඕනේ, දෙමව්පියන්ට හොඳ වෙන්නත් ඕනේ. එයාලා අත්දැකීම් තියෙන අය නිසා එයාලගේ අදහසුත් අහල දාන්න අමාරුයි........
ඒක නිසා කතා බහ කරලා විසඳා ගන්න එක තමා කරන්න පුලුවන් දේ
[සමහරු නම් කියන්නෙ නොබැඳ ඉන්න එක තරම් සැපක් තවත් නෑ කියලයි... ]
ReplyDeleteඔතන තියන දිව අැතුලට ගන්ඩ අෑ :D
ඔය අපේ වැඩිහිටි කට්ටය ගැන කියල වැඩක් නෑ. හතලිහ පැන්නට පස්සෙ ඉතිං බහින කලාව තමා. පොඩ්ඩක් හරි පස්සට දාගන්න ඔ්නනං ගුරුවරයෙක් වෙන්න ඔ්න! :(
කොහොමද මේ ලිපිය අම්මල තාත්තලට කියවන්න ලැබුනනම් ..කියාගන්න බැරි ගොඩක් දේවල් මකුලු පැන්චි ලස්සනට කියල දාලනෙ..
ReplyDeleteහ්ම්
Deleteඅප්පා....ඔයා මේ කියලා තියෙන දේවල් වලට මං සෑහෙන්න එකගයි.සමහර වෙලාවට දෙමව්පියන්ගෙ තරහමරහවල් නිසාත් ඔය විරුද්ද වෙන දේවල් වෙනවා.වැරැද්දක් කියන්නත් බෑ ඒකෙ දෙමව්පියෝ හිතන්නෙ ඉතිං අපිත් එක්ක තියෙන කේන්තිය තමුන්ගෙ ලමයගෙ පිටින් යවයි කියලනෙ.
ReplyDeleteඅඩේ මෙතන පෝස්ට් දෙක තුනකට දාන්න මාතෘකා තියෙනව... මෙච්චර දවසක් පෝස්ට් එකක් දානවද නැද්ද කියල හිත හිත හිටපු මාතෘකාව ගැන දාන්නම්... අර මානසික පීඩනයට ලක්කරන කෑල්ල...
ReplyDeleteකවදම හරි දවසක සාතන්ගෙ ගෙදර උදවිය සාතන්ව මෙකකින් හරි නවත්තන්න හැදුවොත් තමන් සියදිවි නසාගන්නව කියල සාතන්ගෙ උත්තරේ "එහෙම කරගන්න ඕන නම් කරගන්න" කියන එක... මේ වෙද්දිත් ගෙදර මිනිස්සුන්ට කියල තියෙන්නෙ ඔය වගේ බයිල මට කිව්වොත් උත්තරේ වෙන්නෙ මේකයි කියල... පැහැදිලි කරන්නම් පහුවෙලා පෝස්ටුවක් දාලම...
නියමයි මකුලී
ReplyDeleteහදහන දෙමව්පියන් එලියට ඇද ගන්නේ සබදතා නවතා දැමීමේ හුදු අපේක්ෂාවෙනි. එනම් බෑ නොකියා එපා කියන හතරැස් කැබැල්ල කේන්දරයම වන්නේය.
අවංකම ආදරේ නම් ඒ සහකාරය /සහකාරිය ඕනේ නම්, ඒ වෙනුවෙන් තමන්ට තමුන්ගේ දෙමාපියෝ නම්මගන්න පැහැදීමක් ඇතිකරන්න පුළුවන් විය යුතුයි. කොල්ලෙක් කෙල්ලෙක් යාලු උනා කිව්වම ගොඩක් ගෙවල් වලින් එන්නේ ඉස්සරවෙලාම බර අවි ප්‍රහාර මාලාවක්. ඒ තමන්ගේ දරුවා පිට කෙනෙක් පැහැරගෙන වගේ හිතෙන හින්ද වෙන්න ඇති. මේ බර අවි ප්‍රහාරය හමුවේ සැලෙන්නේ නැතුව බංකර් ගහගෙන ඉන්න පුළුවන් නම් ටික කාලෙකින්ම මේක සුළු අවි ප්‍රහාරයක් විදියටත් පස්සේ නිහඩ කාලයක් දක්වාත් අන්තිමේ සාම කාලයක් දක්වාත් යනවා. ඉතින්... ඉවසන්න.. ආදරය වෙනුවෙන් ඉවසන්න.. හරි වෙලාවට දෙමාපියන්ට ටික ටික කරුණු කියන්න. කවදාවත් එයාල එක්ක රණ්ඩු වෙන්න එපා. දෙමාපියන්ගේ හිතාගත්ත නෑදැයෝ එහෙම ඉන්නවනම් එයාලට ඔයාගේ සහකාරයාගේ ගැන කියල හෙමින් උදව් ඉල්ලන්න. මේ දිනන්න පුළුවන් ක්‍රමේ..
ReplyDeleteදෙමවුපියන්ගේ පැත්තෙන් එයාලා හරි.. ඒත් ඒක සමහරවිට අපිට පේන්නේ වැරදියට.. ඕකට දෙන්න උත්තරයක් නෑ මං ලග.. මොකද මං සදා තනිකඩ නිසා..
ReplyDeleteමොකෝ මකුළු පැන්චි, මොකුත් ප්‍රශ්නක්ද?.....හිකිස්....
ReplyDeleteඅනේ සහතික ඇත්ත.. දෙමව්පියෝ තමන්ගේ ජීවිතේට අනතුරක් කරනවා කියලා තමන්ගේ දරුවාගේ හිත මානසිකව වට්ටලා , ආදරයක් කඩන එක තරම් පහත් වැඩක් තවත් නැහැ, මට එක උනා.
ReplyDelete@පූසා :
ReplyDeleteඑහෙම දෙමාපියො ඉන්න ඔයා නම් හරිම වාසනාවන්තයි පූසො..ඒත් ගෑනු ළමයව හොයාගන්න කලින්ම මතක ඇතුව කලින්ම අම්මගෙන් තාත්තගෙන් අහලා බලන්න නිකමට වගේ...ජීවිත කාලෙම දරුවන්ගෙ කැමැත්තට ඉඩ දුන්න දෙමව්පියොත් මෙතනදි විරුද්ධ වෙන්න ඉඩ තියෙන නිසා.... :) ඒත් ඔයාට එහෙම වෙන එකක් නෑ... :))
@සයුරි :
මොකද අක්කේ ඔයා කඩ්ඩට බැහැලා.. යුනිකෝඩ් වලට මොකක් හරි වුණාවත්ද..?ඔයා කිව්වා වගේ සාධාරණ හේතුවක් නම් කමක් නෑ..ඒ කියන්නෙ ඇත්තටම රැවටීමක් සිද්ධ වෙනවනම් වගේ.. :))
@Hasitha :
ඒත් සමහර දෙමාපියො කතාබහටවත් එකඟ නැති අවස්ථාත් ඕන තරනෙ නේද..??
@තනි අලියා :
ReplyDeleteඔන්න ඔහේ ඒක තිබුණාවෙ අනේ... :)
ඒ මොකද ඒ ගුරුවරයෙන් වුණාම තියෙන විශේෂත්වය... :O
@සිත්රූ සිහින :
මේ ලිපිය කියවලා එකම එක අම්මෙක් තාත්තෙක් හරි දරුවන්ගෙ ආදරය ගැන සංවේදී වුණොත් ඒකම කොච්චර ලොකු දෙයක්ද කියලා හිතුනා සත් රූ... :((
@නිසූපා :
ඔව් අක්කේ...එහෙම දේකදි නම් බය වෙන එක සාධාරණයි තමයි... :)
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...:D මංචි අක්කිටටහ් ඕං මොකක්දෝ වෙලා..:D
ReplyDeleteහෆ්ෆෝච්චියේ මේ ලිපියනම් නියමයි..ඇත්ත ලියලා තියන සේරම..ඔය දෙමව්පියන්ගෙ නම්‍යශීළී බව නැතිකම නිසා මම දන්න මගේ යාළුවෙක්, අව්.5 ක ආදරේ වෙනුවෙන්, කෙල්ලගෙ ගෙදරට හොරෙන් කසාද බැන්දා.. අනේ මංදා,,
ඔය වගේ ප්‍රශ්න වලදි, දෙමව්පියොත් පොඩ්ඩක් සාධාරණ වෙන්න ඕනෙ. මොකද ජීවිතේ අයිති දරුවන්ටනම්..තීරණ ගන්නත් අයිතියක් තියෙන්න ඕනෙනෙ. ඒකට අන්වශය විදියට බලපෑම් කරන එක වැරදියිනෙ..
හිතුවක්කරි වුනත් මම ඔහොම තත්වයක්දි ට්‍රයි කරන්නෙ රැවුලයි කැඳයි දෙකම බේරගන්න..;)
@සාතන් :
ReplyDeleteගෙඩ්ගර කෙනෙක් ඇත්තටම කරදරයක් කරගන්න හැදුවොත් ඔය කියන තරම් ලේසියෙනනෝන දෙයක් කරගන්න'' කියන්න බැරි වෙයි සාතනෝ... :(( ජීවිතේ ගොඩක් දේවල් අපට කියන තරම් ලේසියෙන් කරන්න බෑ අයියණ්ඩී.. :( පෝස්ටුව දානකො බලන්න.. :D
@sAm (සෑම්) :
ස්තූතියි සෑම්..
කේන්දරේ ආයුධයක් කරගන්න එකයි වරද මම නම් හිතන්නෙ... :(
@ක්සැන්ඩර් | Xander :
ඒ වුණත් සමහරු කාලයට මූණ දෙන්නත් බයයි නේද ක්සෑන්ඩර්...
@Dinesh :
ReplyDeleteආහ්හ්හොහොම කීවට අයියණ්ඩී...අපිත් බලාගෙනයි ඉන්නෙ...උපාසක බලළා මීයො දෙන්න දෙන්නා අල්ලනකල්....
@Observer :
ප්‍රශ්ණයක් නං බැරියෑ ඔබා මාමෙ...ප්‍රශ්න කෝටියක් නොවැ.. :D
@වර්ණා :
අයියෝ...එහෙම වුණා...ඉතින් අන්තිමේදි මොක්ද වුණේ..?? ඇත්තටම අම්මල තාත්තලා කොහොම මේ තරම් දරුණු වෙනවද මංදා... :((
ගුරුවරය ඉතිං එක එක ජාතියෙ ළමයි එක්ක ගැවසෙනවනෙ
ReplyDeleteපොඩි උදාහරණයක් විදියට, මට physics උගන්නපු ගොඩ්ෆ්‍රි සර්ගෙ පන්තියේ මාත් එක්ක ඉගෙන ගත්ත සමහරුන්ට උගන්නල තියෙන්නෙත් එ් සර් මයි. එ් කණ්ඩායං දෙක අතර ලොකු වෙනසක් තියනවනෙ. එතකොට දීර්ඝ කාලයක් තිස්සෙ එහෙම වෙනස් අය එක්ක ඉඳල ළමයිංගෙ ස්වාභාවය අඳුරනවනෙ!
මගෙ පැහැදිලි කිරීම එ්කයි.
ආහ්හ්හ්....නැවතිල්ලෙ හිතලා බලද්දි අලියගෙ කතාවත් හරි නොවැ.. :D
Deleteප්‍රශ්න ඇති වෙද්දි කතා බහ කරලා විසඳගන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක්. දෙමව්පියො වුනත් තමන්ගෙ දරුවා තමන්ගෙන් ඈත් වෙන්න සූදානම් කියලා දැනගත්තම බනින්න තර්ජනය කරන්න පුලුවනි. ඒ වුනාට ඒවා තාවකාලිකයි. මොකද කාලයක් යද්දි ඒ අය තේරුම් ගන්නවා මොන ප්‍රශ්නෙ ආවත් දෙන්නා එකට ඉන්න බව. මෙතැනින් අපගමනය වුනු අවස්තාත් ඇති. නමුත් බොහෝවිට දෙමව්පියන් දරුවන්ව තේරුම් ගන්නවා කාලයත් සමඟ.
ReplyDeleteඒ වුණත් බහුතරයක් එහෙම ප්‍රශ්ණ එක්ක ජීවත් වෙන්න කැමති වුණාට සමහරුන්ට එහෙම දරාගෙන ඉන්න අමාරු වෙලාවලුත් එනවනෙ නේද??
Deleteඕවා එනවා.... හතර පැත්තම බේරලා ගැළවෙන ක්‍රමත් තියෙනවා....ආසා දේම ලබා ගන්නත් පුළුවන්!!.... ඒවාට පන්කි යන්න ඕනේ... ආදර ඉස්කෝලෙ....!!! :D
ReplyDeleteඅනේ..එහෙම ක්‍රමයක් තියෙනවනම් කොච්චර හොඳද..?? ඒක නෙවෙයි කොහෙද අනේ ඔය පන්තිය තියෙන්නෙ..??
Deleteමම ඔයිට වඩා දේවල් කියල තියෙනව බන්... :)
ReplyDeleteඇත්තම කියනව නම් ඔය විදිහට නවතින්න කියද්දි නවතින්නෙ නැතුව ගිහිල්ලත් තියෙනව ඕන එකක් කරගන්න කියල... හැබැයි ලව් හුටපටයක් නම් නෙමෙයි... :) ඔහොම එව්ව ගනන් ගන්නෙ නැති හින්දනෙ මට සාතන් කියන්නෙ... පෝස්ට් එකක්ම දාන්නම්කො..
කෝ..පෝස්ට් එක දැම්මදෝ...?????
Deleteමංචී (ඔයා ලංකාවේ බිස්කට් එකක් එහම නෙමේ නේද?...:D:D:D ) කියලා තියෙන්නේ ඔක්කොම ඇත්ත. දෙමව්පියන්ගේ හිත රිදවන්ට පොඩ්ඩි නම් කොහොමත් ලෑස්ති නෑ. අනෙක් අතට එයාලත් පොඩ්ඩිගේ හිත රිද්දන්ට කොහොමත් කැමති නෑ. හොඳම දේ තමයි දෙගොල්ලම එක තැනකට ඇවිත් එතන ඉඳන් ප්‍රශ්නෙට මූන දෙන එක. ලමයින්ට අවබෝධයක් තියෙන්ට ඕනේ දෙමව්පියන් කවදාවත් තමන්ට වරදක් නොකරනබව. එයාලා හොයන කෙනෙක් ගැන යම් අවබෝධයක් තියා ගත්තොත් හොඳයි. දෙමව්පියනුත්, අර පරන හණමිටි අදහස් අත් ඇරලා, ලමයින්ගේ සතුට දිහා බැලුවොත් හොඳයි. එතකොට තමන්ට අවශ්‍ය සහකාරිය/සහකරුවා ලේසියෙන් තෝරන්ගන්ට පුලුවන් වෙයි කාගේවත් හිත් නොරිදී.
ReplyDeleteඔහොම තමා මට නම් හිතෙන්නේ....:
අපෝ නෑ පොඩි කුමාරිහාමිනේ අක්කේ..මම වසීලීස්සගෙ රටේ ඉන්න මකුළු පැංචියෙක්..අනේ මංදාපොඩ්ඩිගෙ කතාවනම් හරි..ඒත් ළමයි දෙමාපියො එකම තැනට එකඟ වෙන එකනම් හරිම කළාතුරකින් වෙන දෙයක් නේද..??
Deleteකාලීන... සංකීර්න ප්‍රශ්නයක්....
ReplyDeleteදැනට එහෙම කියල බලන් ඉන්නවා මේ පොස්ට් එකයි කමෙන්ට් දිහායි
බොහොම ස්තූතියි පිස්සෝ වියමන දිහා ගොඩවැදුණට.. :))
Deleteආ... එහෙමද හිතන්නේ?? මොකද ඔට්ටුවක් අල්ලමුද??
ReplyDeleteමට අදාල නැති නමුත් අනිත් අයට අදාළ බොහොම වැදගත් කාලින ලිපියක්...
ReplyDeleteඉස්සර ඉඳලම ලොකු පුතා ගන්න තීරණ ගෙදරින් ප්‍රශ්න කරන්නේ නැහැ
අපි අපේ පෞරුෂය හදාගෙන අපේ ගමන යනවනම් මේ ප්‍රශ්න එන්නේ නැහැ කියල මම හිතනවා.
අපේ සම්බන්දෙට විරුද්ධ වෙලා අම්ම කියනවනම් "ඕක කෙරුනොත් මම වහ බොනවා" කියලා
සාතන් දීපු උත්තරේ දෙන්න මමත් පසුබට වෙන්නේ නැහැ
එහෙමත් නැත්නම් "මේක කරගන්න බැරි උනොත් මමත් වහබොනවා" කියල ඒ අම්මගේ තාත්තාගේම පුතෙක් හරි දුවෙක් හරි වගේ කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන් කම තියෙනවනම් එයාලත් අඩියක් පස්සට ගනීවි.
හොඳම වැඩේ සාකච්ජා මේසයක් තමයි, ඒත් ඒවාට ඇවිත් තමන්ගේ ළමයි එක්ක නිදහසේ කතාබහ කරලා ප්‍රශ්න විසඳගන්න තරම් මොලයක් නැති අම්මල තාත්තල අපේ සමාජයේ ඉන්න නිසා මේ මොන විදිහ හරි යයිද කියල කියන්න බැහැ
සමහරු ඉන්නවනේ මස් රාත්තලම ඉල්ලන....
සමහර අම්මල තාත්තලව වෙනස් කරන්න හරිම අමාරුයි ලොකු පුතේ... :((
Deleteමගේ පැත්තෙන් නෙමෙයි පංචි උනේ, අනිත් කෙනාගේ පැත්තෙන්. මොනා වෙන්නද දෙන්නා දෙපැත්තකට උනා මිසක්,, :((((
ReplyDeleteහ්ම්ම්...ඒ බෝට්ටුවට වැටුනෙ ඔය දෙන්න විතරක්ම නෙවෙයි වර්ණා.. :((((
Deleteපංචි නෙමෙයි පැංචි හොදේ,
ReplyDeleteහෙහෙ...අයියෝ...ඕක මොකද්ද..?? :D
Deleteඔයා අර සඳහන් කරපු කාරණා වලින් මට නම් හිතෙන්නේ මේ ලෝකේ වැඩක් නෑ කියලා. තමන්ගේ කුළයට ජාතියට ආගමට ගැලපෙන කෙනෙක් බැන්දත් ඒ දෙන්නගේ සිතුම් පැතුම් අදහස් ගැලපෙන්නේ නෑ නම් වැඩක් තියේ යෑ. දෙන්නා දෙමහල්ලන්ට සතුටින් එක වහලක් යට ඉන්න බෑ නම් ඔය දීග වලින් වැඩක් තියෙනවා යෑ.
ReplyDeleteඊට් වඩා හොදයි ඔය වගේ දේවල් නොබල තමන්ට ආදරේ කරන තමන්ගේ සිතුම් පැතුම් වටහා ගත්ත කෙනෙක්ව කසාද බඳින එක.
නංගිගේ කතාව හරි. නොකෙරෙන දීගයක් උනාම හෙවනැල්ලෙත් අඩු පාඩු පේන්න ගන්නවා.
ඬෙහෙම පුහු දේවල් වල අඩුවක් නිසා වෙන් වෙන්න වුණාම ඒ හිත්වල ඇති වෙන දුක සමහර වෙලාවට අම්මලා තත්තලටවත් තේරුම් ගන්න බෑ නේද අයියණ්ඩි.. ???
Deleteආදරය කරන ගොඩක් දෙනෙකුට මුහුණ දෙන්න වෙන ගැටළුවක් මංචියො මේක.. තමන්ගේ දෙමව්පියන් නිසා මේ වගේ දේකට මුහුණ දෙන්න උනාම දරුවෝ හරි අසරණ වෙනවා.. තමන්ගේ දෙමව්පියන්වද නැතිනම් තමන් ආදරය කරන කෙනාවද තෝර ගන්නේ කියලා ගැටළුවක් එනවා.. මේ වගේ අවස්ථාවකදී තමයි ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිත අවුල් කර ගන්නේ..
ReplyDeleteකිව්වට මොකද මංචියො මටත් මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න උනොත් කරන දේ නම් හිතා ගන්න බෑ.. කොහොම උනත් දෙමව්පියොත් දරුවන්ගේ පැත්තෙන් ටිකක් හිතුවොත් හොඳයි..
කොහොමද අයියෙ ඒක අම්මල තත්තලට පහදලා දෙන්නේ..??
Deleteහැම දෙමාපියන්ම එක වගේ හිතන්නෙ නෑ. හැම දරුවම හැම විටම බුද්ධිමත් තීරණ ගනී කියලා සහතික වෙන්නත් බෑ.
ReplyDeleteඒ වුණත් දරුවන්ගෙ තීරණ ගැන දෙමාපියො ටිකක් සානුකම්පිතව හිතාබලන්න ඕනෙ නේද ඩියුඩ්??
Deleteමමත් ඔය ප්‍රශ්නෙටම මැදිවෙච්ච කෙනෙක්... මම තේරුම් ගත්ත දේ තමයි ආදරය සුන්දර වරදකි මකුළු පැංචියේ
ReplyDeleteහ්ම්ම්ම්ම්........
Deleteකාලයට මූන දෙන්න බය එයාලගේ ආදරේ තාවකාලික හින්ද..
ReplyDeleteමනේ මන්දා.... :(
Delete“ඉතින් ආදරෙන් බැඳුණු දෙන්නගෙම හිත් වල ඇති වුණු අපැහැදීමක් නිසා හරි...නොගැලපෙනව කියල හිතෙනවනම් හරි ඒක දෙන්න කතාබහ කරල විසදගන්නත් බැරිම නම් හෙට බඳින්න හිටියත් වෙන් වෙලා යන එක තමා හොඳ...“
ReplyDeleteඔය කතාවට නං මම අත් දෙකම උස්සනවා .....
කොහොම උනත් කසාදෙකදි පවුල් දෙකේ නොගැලපීම හෝ ගැලපීම පසු කාලීනව දෙන්නටම විතරක් නෙමේ දරුවන්ටත් අනිවා බලපානවා .........
ඒ කියන්නෙ ආදරේ කළත් පවුල් නොගැලපෙනවනම් ඒක අත ඇරලා යන්න ඕන කියන එකද අයියණ්ඩි??
Deleteකාලෝචිත ලිපියක්. මම අදයි මේ පැත්ත ට ගොඩ වැදුණේ.........
ReplyDeleteබොහොමත්ම ස්තූතියී වියමන දිහා ආවට මහී.. සාදරයෙන් පිළිගන්නව ඔන්න.. :)
Deleteමට මේ දවස් වල වෙලා තියෙන එකමයි. මං දැන් අම්මලාගේ හිත වෙනස් වෙයි කියලා බලාගෙන ඉන්නවා. එක එක මනමාලයෝ එක එක කාලේට එක්කන් එනවා. මං යාලු වෙලා ඉන්න කෙනාට ජාරා විදිහට බදිනවා. මට එයාව කොහොමත් අත අරින්න බැ. එක්කෝ මේ සේරම විදදෙන්න මං මැරෙන්න ඕනේ.
ReplyDelete