උතුරන තනිකම..
හිම මත තනිකොට
පියඹමි පියඹමි
උණුසුම් පියසට....
කොතරම් කඳුලැලි
නැඟුනත් නෙතඟට
සැනෙකින් පිසලන
අදරැති සෙවණට...
හද ගැස්මක් සේ
දුටු ආදරයට
හදවත දොරගුලු
හැර දුන් වරදට...
විඳවන සිතුවිලි
වැරයෙන් ගුලිකොට
ඉගිලී එන්නෙමි
මම නුඹෙ තුරුළට...
මගෙ මව්බිම මත
පියවර නඟනට
මගෙ හිත හඳුනන
මිතුදම් පියසට....
නිතරම දඟ වැඩ
කළ මුත් හරියට
සමාව දෙනවද
අම්මේ දෝණිට....
෴මංචි෴
එන්න එන්න අක්කේ... ඉගිලීලා...!!! හි හි හි!!!
ReplyDeleteහෙහෙ...ආවෝ ආවෝ...
Deleteඅම්මලා දරුවන්ට අසීමතව ආදරෙයි. ඒ නිසා සමාව නොදී ඉන්නේ නෑ. ඉක්මනටම ඉගිල්ලිලා එන්න අම්මෑ තුරුලට.අම්මා ආසාවෙන් බලාගෙන ඉන්නවා ඇති දූ පොඩ්ඩගේ මූනු පොඩිය බලන්න. :)
ReplyDeleteහිකිස්..අම්ම ඇති කොස්සත් උස්සගෙන.. :D
Deleteඑන්න එන්න .. මකුළු දැළ අත ඇරලා අම්මල බලාගෙන ඇත්තේ ...
ReplyDeleteනෙට් නැති නිසා දැල රුසියාවෙ දාල තමා යන්ට උනෙ.. :D
Deleteදුවලා එන්න අක්කේ,,, :))
ReplyDeleteනෑ නගෝ..මං ආවෙ පියාඹලා... :D
Deleteඑන්න එන්න..... හාදුවක් දීලා ම භාර ගනීවි.......... :D :D
ReplyDeleteඑහෙම වුණොත් තමා හොඳ.. :D
Deleteතමන්ගේ දරුවා මොනවා කලත් ගොඩාක් අම්මලා තමන්ගේ දරුවට නොසෑහෙන්න ආදරෙයි.. ඔයාගේ අම්මත් එහෙමයි නේද?
ReplyDeleteඔව් ශානී...හැම අම්මම ඒ වගේනේ... :))
Delete//සමාව දෙනවද
ReplyDeleteඅම්මේ දෝණිට....//
අන්න අම්ම ඉලපත ලෑස්ති කොරන් ඉන්නවලු...හෙහ්...හෙහ්...
ඔව් ඔබා මාමේ..බයේ බෑ..අපේ අම්මි නං එහෙම ඉඳීද කියලත් සුවර් නෑ.. :D
Deleteසංවේදී පද පෙළක් එක්ක කොමෙන්ට් කරන්න බැරි තරම් දේවල් ගොඩක් හිතට අවා.. ම්ම්ම්ම්....
ReplyDeleteහ්ම්ම්ම්ම්......
Deleteමකුළු පැන්චි ලන්කාවට එනව වගේ..... ඒත් මේ කාලෙ නිවාඩු නැහැනෙ ! winter vacation ද?
ReplyDeleteඔව් රුවන් අයියේ..වින්ටර් වැකේශන්.. :)
Deleteඅනිවා දෙනවා, ඒ නැතත් වෙන කොහේ කියලා යන්නද අම්මා ලඟට ඇරෙන්න! ඊටත් වඩා සනීප තැනක් වෙන කොහෙන් හොයන්නද???????????
ReplyDeleteඒක නම් හරි ලහිරු.. :)
DeleteBon Voyage!
ReplyDeleteThanks dude.. :)
Deleteගම රට බලා එනවා වගේ....හොදයි හොදයි.... අම්මා බලාගෙන ඇති...
ReplyDeleteඔව් නිසුපා අක්කේ.. :))
Deleteමකුළු පැංචි ලස්සනට බ්ලොග් අක ලියනවා .....
ReplyDeleteමගේ පලවෙනි බ්ලොග් අක
http://sakkarayaa.blogspot.com/
ස්තූතියි ජනාධි.. :)
Deletelassanai!
ReplyDeleteස්තූතියි වර්ශා.. :))
Deleteඉගිලුනත් තටු සලා රිසි සේ
ReplyDeleteකැල වුනත් නො වුනත් අන්තිමේ
හද වසා උතුරනා ආදරය
මවකගේ කිසිදින අඩු නො වෙයි
කියා මම අදහමි ........
අත්දැකීමෙන්
ඒකනම් ඇත්ත ජනිත,.. :)
Deletelassanai manchi,.. oyage pahu giya post eka nam hugak watinawa.mewa ape demaupiyanta therum ganna puluwan nam api mona tharam wasanawanthada neda?
ReplyDeleteබොහොම ස්තූතියි සොඳුරු මිනිසෝ... :)))
Delete