ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

ඉතින් අප සමුගතිමු.............




     නුගේගොඩ හන්දියට ඉහලින් අහස යාන්තමට මළානික වෙන්න පටන් අරන් තිබුණා....ඩෙවෝන් එකේ උඩු මහලෙ වීදුරු බිත්තියට ඔලුව හේත්තු කරගෙන ඔහේ බලාගෙන උන්නු මගේ ඇස් පුරුද්දට වගේ යොමු වුණේ යාන්තමට වගේ පෙනුණු බෝ ගහ දිහාවටයි..

     ඉස්සර රොටරියෙ 7-7 පන්ති තියෙන කාලෙ යාලුවො සෙට් එකත් එක්ක ඉන්ටර්වල් එකට ඩෙවෝන් ආවමත් මම ඉඳගන්නෙ මෙතනමයි..ඒත් ඒ කොච්චර කාලෙකට කලින්ද..? ඒ දවස් වලනම් හන්දියෙ තියෙන බෝ ගහ මෙතන ඉන්න කෙනෙකුට අපූරුවට පෙනුන වුණත්...නුගේගොඩට පා නොතියපු  පහුගිය කාලෙදි අහස ආක්‍රමණය කරල තිබුණු ගුවන් පාලමේ කොන්ක්‍රීට් හෙවණැළි වලින් දැන් ඒ සුපුරුදු දසුන කොච්චර අවහිර වෙලාද...?? 

     ඒකත් හරියට මගේ ජීවිතේ වගෙයි...අදත් මේ ඉන්නෙ එදා යාලුවොත් එක්ක සැහැල්ලුවෙන් පිස්සු නටපු..'ආදරය' කියන අකුරු හතර ගැන බරක්පතලක් නැතුවම...දඟ වැඩ කරල..ඇස් වලට කඳුලු එනකල්ම හිනාවුනු ඒ පුංචි කෙල්ලම නම්...අනේ එහෙනම් කොච්චර හොඳද....ඒත් මගේ ජීවිතේ සැහැල්ලුවත් කාලයත් එක්ක වැහිල ගිහින්......හ්ම්ම්ම්ම්ම්ම්............

     මොනතරම් හිතුවිලි අතර අතරමං වුණත් කොයි වෙලාවෙ අම්මගෙන් කෝල් එකක් ඒවිද කියලා හිතේ තිබුණෙ ලොකු බයක්...

     ඇත්තෙන්ම මම මේ කරන්නෙ හරි දෙයක්ද..??

     ඉස්කෝලෙ යාලුවො දෙතුන් දෙනෙක්ව මුන ගැහෙන්න උදේම ගෙදරින් පිටත් වුණු මම ගෙදර එන්න පරක්කු වෙද්දි අම්මා අනිවාර්යෙන්ම මට කෝල් කරාවි..එතකොට බොරුවක් කියන්න වෙන බව දැන දැනම...මම අද එයාව මුණගැහෙන්න මෙහෙම හවස් වෙනකල් ඉන්න එක හරි දෙයක්ද..?? අනික් අතට ඒක තේරුමක් ඇති හමුවීමක්ද..???

     ඒත් තව දවස් දෙකකින් මේ හැම දේකින්ම ගොඩාක් ඈතකට යන මට...චතුරව අන්තිම වතාවටවත් මුණ ගැහෙන්න තියෙන අවස්ථාව මම කොහොම මග අරින්නද දෙවියනේ....ඔන්නොහේ කමක් නෑ..එකම එක දවසනෙ...මම හිතුවෙ නොයිවසිල්ලෙන් වෙලාව බලන ගමන්...

     දැනටම පහමාරත් වෙලා... අයියෝ.........චතුර තවම කොටුවටවත් ඇවිත් නෑ....එයා මෙහෙට එද්දි හයත් පහු වේවිද මන්දා...එහෙම වුණොත් අපට කතාකරන්න පැය බාගයක්වත් ලැබෙන එකක් නෑ....හ්ම්ම්ම්ම්ම්.......එහෙම හිතද්දි පවා හිතේ පිරෙන කනස්සල්ලෙන්ම හුස්ම හිරවෙනව වගේ දැනෙනව වුණත්...සුපුරුදු විදිහටම බලාගෙන ඉන්නව ඇරෙන්න එදා වගේම අදත් මට කියල කරන්න පුළුවන් දෙයක් තිබ්බෙ නෑ... 

     නිකම්ම ඇවිත් රෙස්ටොරන්ට් එකේ වාඩි වෙලා ඉන්න බැරි නිසාම ඕඩර් කරපු සැන්ඩ්විච් එකයි..අයිස් කොෆී එකයි මේසෙ උඩ එහෙමම...මම පීරිසිය උඩ තිබුණු පුංචි ප්ලාස්ටික් හැන්ද අරන් හෙමිහිට කෝපි එක දිය කරන්න පටන් ගත්තෙ ඒක බොන්න හිතේ අදහසක් ඇති වුණු නිසා නෙවෙයි....අම්ම මොන වෙලේ කෝල් කරයිද කියල බයටයි....මේ හමුවීම ගැන හිතේ ඇතිවුණු චකිතයටයි සීතල වෙලා ඉන්න මට මොන අයිස් කෝපිද අප්පා...මමත් මේ මොනා හිතනවද මන්දා...

     ජනේලෙන් එළිය බලාගෙන ඉඳල ඇති වුණු නිසාම මම වට පිට බලන්න ගත්තෙ දන්න අඳුනන කෙනෙක්වත් කඩාවැටෙයිද කියල බයෙන් බයෙන්.....

     ඒත් මම ඇරෙන්න එතන ඔක්කොම හිටියෙ couples..හදවතට අමුතුම සාංකාවක් දැනුනෙ ඇස් දෙකට පුංචි තෙත ගතියකුත් එකතු කරගෙනමයි.... ඉස්සර අපි දෙන්නා ඇවිදින්න එළියට ගියාමත් මේ ආදරවන්තයො වගේ ලස්සනට අපිවත් පේන්න ඇතිද..??? අපි දෙන්න වගේම මතුපිටින් හිනා වෙලා හිටියට මේ අයගෙ හිත් වලත් අපේ වගේම උත්තර නැති දුක්බර ප්‍රශ්ණ හිරවෙලා ඇතිද..??මගේ හදවත මගෙන්ම ඇහුවට..දෙන්න හරිහමන් උත්තරයක් මමවත් දැනගෙන හිටියෙ නෑ....

     එතනට යන එන හැමෝම මගෙ දිහා බැලුවෙ හරියට අමුතු ජිවියෙක් දිහා බලනව වගේ කියලයි මට දැනුනෙ..හ්ම්ම්ම්....එක අතකට වරදකුත් නෑ..කොල්ලො කෙල්ලො එකතු වෙලා කතා බහ කරකර සැහැල්ලුවෙන් ඉන්න තැනකට තනියම ගිහින් පැය ගානක් බලාගත්තු අත බලාගෙන කල් මරන්න තරම් පිස්සුවක් තියෙන කෙල්ලෙක් දිහා මිනිස්සු වුනත් වෙන කොහොම බලන්නද...සමහරවිට හිතනවා ඇත්තෙ මම මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එනකල් බලන් ඉන්නව කියලයි....ඇත්තටම මෙයාල දන්නවනම්..මම මේ බලන් ඉන්නෙ මගේ පෙම්වතා එනකල් නෙවෙයි කියල..........

     ඔහ්හ්.....ඇත්තෙන්ම මම මේ එනකල් නොයිවසිල්ලෙන් බලන් ඉන්න කෙනා මගේ කවුද.....!!! ඔව් අපි ආදරේ කළා තමයි...ඒත් දැන්...!! මම කොහොමද එයාව හඳුන්වන්න ඕනේ...??එයා මගේ 'ex' ද..?? එහෙමත් නැත්නම් ආයෙමත් මගේ හොඳම යාළුවද..?අනේ මන්දා...එක අතකට මේ බැඳිමට නමක් දෙන්නම ඕනෙද..??

     ඇත්තටම මොනාද මම මේ කරන්නෙ...අපි දෙන්නගෙ ආදර කතාව නිමා වෙලා මාස දෙකක් ගෙවෙන්න තව අඩු දවස් දෙකක් විතරමයි..එච්චර කලක් ගත වෙලත්..ඇයි එක දශමයකින්වත් එයා ගැන මගේ හිතේ තියෙන හැඟීම වෙනස් නොවුනෙ...ඇයි මම එයාව දකින්න මේ තරම් මහන්සි ගන්නෙ...මට මොනවද ඒකෙන් ඇත්තෙන්ම ලැබෙන්නෙ...අනික් අතට මම වගේම දුකින් ඉන්න එයාගෙ හිත මේ හිතුවක්කාර හමු වීම නිසා තවත් ඔද්දල් වුණොත්..ඒකම මට ගෙවාගන්න බැරි පවක් වේවිද..???

     අපේ ආදරේට නිමි ලකුණු තියන්න කලින් එකම එක වතාවක් ඔයාව දකින්න..ඔයාව හැබෑවටම දකින්න නොලැබුණු එක මට මේ තරම් අඩුවක් වගේ දැනෙන්නෙ ඇයි කියන්න මටවත් තේරෙන්නෙ නෑ චතුර......

     මම එදා රෑ එහෙම කිව්වෙ ඒ හැඟීම මට දරාගන්නම බැරි වුණු තැනයි...

     මේක පුංචි රටක්...අපි ආපහු කවද හරි මුණගැහේවි.... චතුරගෙ හඬේ තිබ්බෙ සුපුරුදු උදාසීන බව...වෙන් වෙලා යන්න සිද්ධ වෙන බවට පෙර මග ලකුණු වැටුණු දා පටන්ම එයාගෙ හඬේ මම දැක්ක ඒ තිත්තම තිත්ත දුරස් බව...හැමදාමත් වගේ එදත් මට ඒ නිහඬ බව දරාගන්න පුලුවන් වුණේ නෑ...

     නෑ මට ඕනෙ නෑ ඔයාව 'කවදහරි ' මුණගැහෙන්න..අනිද්දයින් පස්සෙ අපට ආපහු මුණ ගැහෙන්න possibility එකක් හරි ඇති වෙන්නෙ තව අවුරුද්දක්වත් ගියාට පස්සෙ...අවුරුද්දක් කියන්නෙ ලොකු කාලයක් චතුර...ඔයාම දන්නව..ඒ වෙනකොට අපි දෙන්න පාරවල් දෙකක යන දෙන්නෙක්...මම වෙනස් වෙලා ඉඳීවි..මට වඩා ඔයා වෙනස් වෙලා ඉඳීවී...එදාට ඔයාව හමු වුණත් මට වැඩක් නෑ චතුර....මට දකින්න ඕනේ ඒ අලුත් මනුස්සයව නෙවෙයි...ඒ මම අඳූනන...මම ආදරේ කරපු මගේ කියල මම හිතපු මේ ඉන්න ඔයා නෙවෙයි.... 

     හිතේ ආවේගෙටත් එක්ක එදා මම චතුරට මොනවා කිව්වද මංදා...

     ඒත් පහුවෙනිද ඔයා කතා කරලා හරි අපි මුණගැහෙමු කිව්වහම මට දැනුනෙ සතුටක් නම් නෙවෙයි අවංකවම...හැමදාමත් වගේ...අන්තිමේදි ඔයා මම වෙනුවෙන් ඔයාගෙ තීරණෙ වෙනස් කරල...හ්ම්ම්ම්ම්ම්.......මට සමාවෙන්න..ආපහු කවදාවත්ම මෙහෙම වදයක් වෙන්න මම ඔයාගෙ ජීවිතේට එන්නෙ නෑ...මගේ හිත එහෙම කිව්ව බව ඔයාට ඇහෙන්න නැතුව ඇති......

♪..I've kissed the moon...a million times.....danced with the angels...in the skyline..♪.....

..................
     මේසේ උඩ තියල තිබ්බ මගේ දු.ක. කෑගහන්න ගත්ත ගමන්ම තිගැස්සුනත් බයක් නම් නොහිතුනේ කතාකරන්නෙ කවුද කියල රිගිං ටෝන් එකෙන්ම අඳුනගත්ත නිසාමයි...එදත් අදත් මගේ ජීවිතේ 'you are my #1..' වෙලා හිටියෙ වෙන කවුරුවත් නෙවෙයිනෙ ඉතින්......ඒ හැඟීමත් එක්කම මගේ තොල් දෙකේ පුංචි හිනාවක් ඇඳුනෙ ඉබේටමයි...

     ඔයා දැන් කොහෙද ඉන්නෙ...
මම එහෙම ඇහුවෙ ෆොන් එක කනේ තියාගන්න ගමන්..

     මම මේ නුගේගොඩ හන්දියෙ...මම ඩෙවොන් තියෙන තැන දන්නෙ නෑ..ඔයා මැක් එකට එන්න....

     අනේ...මොකද්ද අනේ ඩෙවෝන් එන්නකො..මම දැන් මෙතන කොච්චර වෙලාද..??

     ප්ලීස් මැක් එකට එන්නකො..මම මේ එතන ඉන්නෙ...

     බොරු කියන්න එපා...ඔයා මැක් එක ඉස්සරහ නම් මට ඔයාව පේන්න එපැයි..මැක් එක තියෙන්නෙ ඩෙවොන් එක ඉස්සරහමනෙ...මම එහෙම කිව්වෙ ඩෙවෝන් එකේ වීදුරු බිත්තියෙන් එබීගෙන..මැක් එක ඉස්සරහ ඉන්න අපැහැදිලි රූප අතරෙ මට පුරුදු මූණක් හොයන ගමන්....

     එතකොටම තමයි මම දැක්කෙ මැක් එකට එහායින් තියෙන springs & summers එක ඉස්සරහ ඉන්න චතුරව...ට්‍රැවලින් බෑග් එකකුත් එල්ලගෙන සුදුපාට ශර්ට් එකකුයි...කලු කලිසමකුයි ඇඳලා ඉන්න එයාව දැක්කම මගේ හදවත එක පාරටම නැවතුනාද මන්දා....

     දෙවියනේ...කොච්චර කාලෙකින්ද මම එයාව දකින්නෙ...මගේම ජීවිතේ කොටසක් වෙලා හිටපු එයාව අද දකිද්දි මෙහෙම නුපුරුදු හැඟීමක් දැනෙනකොට හදවතේ හැංගිලා තිබුණු කඳුළු ඔක්කොම එකපාර ඇස් දෙකට කඩා වැටෙන්න හදනවා වගෙයි මට දැනුනේ....මගේ හදවත කෑ ගහල මගෙන් ඇහුවෙ මෙතනින් එළියට ගිහින් මම කොහොමද එයාට මූණ දෙන්නෙ කියලයි....ඒත් මම යන්නම ඕනේ...ඔව් මේ අන්තිමම වතාවට...මම එයාව මුණ ගැහෙන්නම ඕනේ...

   ඔයා ඉන්න එහෙනම්....මම එන්නම් මැක් එක ගාවට....මම හෙමිහිට මිමිණුවෙ සීතල වෙලා වෙවුලන ඇඟිලි තුඩු වලින් ඇමතුම විසන්ධි කරන්න කලින්... ‍


වෙන්ව යන්නට
   පළමු සදහට...
මතක කුසුමක් 
   ලෙසින් ඔබෙ රුව...
හදෙහි බිතු මත 
   රුවාගන්නට... 
ඉතින් අවසර 
   බිඳක් දෙනු මැන...


෴මතු සබැඳි෴
(මෙහි එන පුද්ගල නාම සියල්ල මනංකල්පිතයි....)



24 comments:

  1. කවුරුහරි කෙනෙක් "You'r my # 1 " නොවී ඉන්න තරමට හොදය - මගේ මේ දිනවල ප්‍රතිපත්තිය ;) ;)

    ReplyDelete
  2. මේ කතාව මන් හොඳට දන්නවා කෙල්ලේ කාටවත් අංක එක දුන්නම තියෙන දුක. එත් සත්ටින් ඉන්න යාලුවෙක් විදිහට මන් ඉල්ලනේ එච්චරයි

    ReplyDelete
  3. හෆ්ෆාටසිලි!! නුගේගොඩ හංදිය+ඩෙවෝනෙක+මැක් එක+රොටරිය ඔය හැමතැනම නිකන් පුරුදුයි කියලා දැනෙන මතක ගොඩායි..:/
    ම්ම්.. මාත් එකඟයි!! කාවවත් #1 කරගන්න හොද නෑ හෆ්ෆා....දුකම තමා එතකොට..:(

    ReplyDelete
  4. ආදරේ හරියට කරොත් කවදාවත් දුක් වෙන්න වෙන්නේ නෑ. ඒ වුනත් ඒ තීරණේ ගන්න ඕනේ ගොඩක් හොයල බලල හිතල මතල.. මිනිස්සු කියන්නේ කාල බලල අඳුනගන්න පුළුවන් අය නෙවෙයිනේ,.. මේ කතාව දැක්කම මට හිතුන මගේ කතාවත් දාන්න.. බලමු..

    ReplyDelete
  5. අක්කා ඉතුරු ටිකත් ලියමු බලන්න...

    ReplyDelete
  6. ඔය කතාවෙ ඉන්න කෙල්ලට මම නම් කියන්නෙ මොන මඟුල වුනත් ඉස්සරහට කරන්න තියෙන වැඩ ටික පිළිවෙලකට හරියට කරගන්න කියල විතරයි :)

    ReplyDelete
  7. මටනං #1 කීපයක්... ඒ වුණාට නුගේගොඩ හන්දිය කියන්නෙ ඒ ගොඩක් මතක එකතුවුණ තැනක්! මරු!

    ReplyDelete
  8. මට මගේ ප්‍රථම හමුවීම මතක් වුනා....හරි ලස්සනට ලියලා තියෙනවා...ඊළඟ කොටසින් මොනා වෙයිද කියලා හිතාගන්න බෑ

    ReplyDelete
  9. නුගේගොඩ ඩෙවෝන් රොටරි ඔවා නම් මතක් කරන්න එපා නංගියේ.. අපෝ ඒ දවස් වල...

    ReplyDelete
  10. නුගේගොඩ රොටරිය සෑහෙන මතකයන් ගොඩක් රැස් කර ගනිපු තැනක්... අපේ කාලෙ අර අනිත් කියපුවා තිබ්බෙ නෑනෙ...
    කතාව හරිම සංවේදී.... ඒ හැඟීම් මටත් දැනුනා වගේ... ලියාපු කෙනාගෙ හැකියාව.... :D

    ReplyDelete
  11. මතු සම්භන්දද ? ඉවර නෑ වගේ හිතුන :-)

    ReplyDelete
  12. එල වැඩක් ලස්සනට ලියල තියෙනව........

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. @chamma සමග සපුරා එකඟයි!
    කියයුතු දේවල් සාතන් විසින් කියා අැත! :) :( :(

    ReplyDelete
  15. හ්ම්ම්.. අනේ මන්දා... මටත් ඔය නුගේගොඩ පැත්තේ ලස්සන මතකයන් තියෙනවා.. එක්කෙනෙක් එක්ක නුගේගොඩ ඉදන් පයින්ම අරමුණක් නැතුව ඔහේ ඇවිදගෙන ගියපු කාලේ මතක් වුනා..

    ReplyDelete
  16. ෆස්ට් ලවු !!! ඕක තමා අමතක කරන්ඩම බැරි !
    ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න !
    මේ පෝස්ට් එක කියෙව්වම කියන්න ගොඩක් දේවල් මතක් උනා. වෙලාව තියෙන හැටියක කියවන්ඩ එන්නම්.

    ReplyDelete
  17. ඔන්න ඔයා දාල තිබ්බ කමෙන්ට් එකෙන් ඔයාව හොයාගෙන මාත් ආවා කතාව කියවන්න.. ෆලෝ පාරකුත් දැම්මා...

    ReplyDelete
  18. බ්ලොග් රචිකාවට මකුලි කියන නමත් බ්ලොග් එකට මකුළු පැංචිගෙ වියමන නොහොත් මකුළු දැල කියන නමත් කොයි තරම් ගැලපෙනවද කියලා හිතෙන්නෙ මේ තියෙන පැටලිලි ගොඩ දැක්කාමයි.
    henryblogwalker the Dude

    ReplyDelete
  19. ගොඩක් දවසකින් බ්ලොග් එක බලන්න අවේ. ලස්සන කතාවක් ...... අසාවෙන් කියෙව්වා.

    ReplyDelete
  20. දුක හිතුනා! =න අත්දැකීමක්! වෙනස තිබ්බෙ මගෙ කතාවෙ ඔයා හිටිය වගේ බලං හිටියෙ මම!

    ReplyDelete
  21. ඔන්‍න‍ මාත් ආවා ඔයාගේ කතාව කියවන්න .ඉතිරි ටිකත් ලියන්න .

    ReplyDelete
  22. ලස්සනයි
    කාවවත් #1 කරගන්න හොද නෑ
    ඕනාවට වඩා බැදීම් ඇති කරගත්තහම ජීවිතයට එකතුවන දුක වැඩියි

    ReplyDelete
  23. 7-7 kiwwe devruwan sirge class ekada?

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...