ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

ඉතින් අප සමුගතිමු.............සමුගැන්ම...





     ඩෙවෝන් එකේ ඇතුල් පඩිපෙළ බැස්සෙ කොහොමද කියල සිහියක් නැතත්...එළියෙ පඩි දෙක තුන බැහැගන්න නම් කල්පයක් ගෙවුනා වගෙයි මට දැනුනෙ...හදවතේ එක කොනක් මාව ඉක්මන් කරවද්දි...නුහුරුවට දැනුනු තව කොනක්..මාව ආපස්සට අදිනව වගේ දැනුනෙ ඇයි කියන්න මමවත් දැනගෙන හිටියෙ නෑ...රැයක් දවාලක් නැතුව කොළඹ තියෙන රස්නෙ මැද වුණත් මම හිටියෙ සීතල වෙලා..කහ ඉරක් නැති තැනකින් පාර පැනගන්න උත්සහ ගනිද්දි..ඇස් කොනින් මම දැක්කෙ වාහන පේළිය නෙවෙයි..මාව දැකලා මැක් එක ඉස්සරහට ඇවිදගෙන එන චතුරව....


     අමාරුවෙන් පාර පැනපු මම නතර වුණේ පෙරුම් පුරාගෙන දකින කල් මග බලාගෙන උන්න ඒ ඇස් දෙක ඉස්සරහ...ජීවිතේ ලස්සනම කාලෙදි පැය ගානක් වුණත් එබීගෙන ඉඳන් දාහක් දේවල් කියවගන්න තරම් හදවතට කතාකරපු ඒ ඇස් දෙක දිහා කෙලින් බලාගන්න බැරුව මට දැනුනෙ කියාගන්න බැරි තරමෙ වේදනාවක්....මොන වරදක් කලාටද...මම මෙහෙම එයාගෙ ඇස් මග අරින්නෙ කියල මගෙන්ම මම අහගත්ත වුණත් උත්තරේ මම නොදැන හිටිය නෙවෙයි....


     ඒ ඇස් කියවන්න මට දැන් අයිතියක් නෑ.....!!!


     ''ඇයි මෙච්චර වේලාසනින් ආවේ....''මම හිනා වෙලා ඇහුවෙ..මගෙම හිතේ තිබ්බ නොසන්සුන් කම නැති කරගන්නයි....


     අපි ඉක්මනටම ඇතුලට ගියේ හරියට කන්නම හිතාගෙන ආව වගෙයි....


     කොහොම වුණත් ඩෙවෝන් එකේ තිබ්බ නිදහස මැක් එකේ නම් අහලකවත් තිබ්බෙ නෑ...එළියෙ තිබ්බ මේස දෙක ඇරෙන්න ඇතුලෙ එක ඉඩක් වත් තිබ්බෙ නැති තරම්...කවුන්ටරේට ගිහින් පෝලිමේ ඉන්දෙද්දිත් මට මතක් වුනේ ඉස්සර අපි මැක් ඩොනල්ඩ්ස් ගිහින් කාපු හැටි...breakfast meals ට්‍රයි කරන්න උදේම නැගිටගෙන මැක් ඩොනල්ඩ්ස් ගියපු හැටි.....මේ ඒ ගමන් වල අන්තිමම ගමන...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....මටත් හොරාම ලොකු සුසුමක් පිටවුනේ ඉබේටමයි.....


     ඉස්සරත් මැක් එකට ගිය ගොඩක් දවස් වලදි...අපි දෙන්නගෙ කතා බහ කෙළවර වුණේ මගේ ඇස් දෙකට කඳුළු පිරිලයි....''අපි ආයෙ මැක් එකට නෑවිත් ඉමු...අපි මැක් ආවොත් මම ඔයාව අඬවනවනෙ හැමදාම....'' ඉස්සර ඒ වගේ දවස් වලදි චතුර කිව්වෙ එහෙමයි....අද චතුර මැක් එකේදිම මුණ ගැහෙමු කිව්වෙ...අදත් එයා මට දෙන්න යන්නෙ කඳුළු ගොන්නක් හින්දද...........හ්ම්ම්ම්ම්.....


     ''Miss....What can I get for you...??'' මම කල්පනා ලෝකෙන් බිමට වැටුනෙ කවුන්ටර් එකේ හිටපු පිරිමි ළමයගෙ හඬටයි... 


‍     ''Mmmm....we'll order Two Mac meals and one 0.5 cola...''


     පුරුද්දට වගේ මම ඕඩර් කළේ ගොඩාක් බඩගිනි වෙලාවට අපි දෙන්න ඉස්සරත් අරගත්ත ඕඩරේමයි...ඒ මට ගොඩාක් බඩගිනි වෙලා හිටිය නිසා නෙවෙයි...එත් ගොඩාක් දුර ඉඳන් මාව මුණ ගැහෙන්නම ආපු චතුරට...ගොඩක් බඩගිනි ඇති කියල හිතුණු හින්දයි...පව් දෙයියනේ...දවල්ට කාලත් නැහැනෙ....


     ඉස්සරත් වෙන වෙනම අපි කැමති කෑම වර්ග අරගත්තත්...හැමදාමත් අපි අරගත්තෙ එක ලොකු කෝලා එකක් විතරයි...ඒත් ඒ මොහොතෙදිම  තියුණු පිහි පාරක් තරම් සැර හිතුවිල්ලකින් මගේ හිත කැපිල ගියේ ඉබේටමයි........''අද.....මම බොන කෝලා එකෙන්ම බොන්න චතුර කැමති වේවිද.....???.....'' 


     ''Miss...is that all..?? anything else..??'' කවුන්ටරේ ළමයා ඇහුවෙ බිල දාන්න කලින්....


 ‍    ''Yes Please...instead of one 0.5 cola...make it two.....'' ගැහෙන හඬින් මම මිමිණුව වචන ඒ කොල්ලට ඇහුණෙත් නැද්ද මන්දා හරියට....


     චතුර පර්ස් එක ඇදලා බිල ගෙවන්න ලෑස්ති වුණත්..මම ඒකට කැමති වුණේම නෑ....


     ''ඔයා ආවෙ මම හින්දා....ඒ නිසා බිල ගෙවන්නෙ මම...''


     ''ඒත්....'' චතුර ආපහු මොකුත් කියන්න කලින් මම බිල ගෙවල දැම්මෙ ට්‍රේ එක අතට ගන්න ගමනුයි...


     ''අපි උඩට යනවද..??'' පල්ලෙහා තට්ටුවෙ ඉඩක් නැතිබව දැක්ක නිසා මම චතුරගෙන් ඇහුවම එයා කතාවක් නැතුවම පඩිපෙල නගින්න පටන් ගත්ත වුණත්...බාගයක් යද්දිම එයා ආපහු හැරුණෙ මට කලින්ම උඩ තට්ටුවෙත් ඉඩක් නැති බව දැක්ක නිසා වෙන්න ඇති කියලයි මට හිතුණෙ...


     ඉතින් එළියෙ ඉඳගන්න අපි දෙන්නටම කැමැත්තක් නැති වුණත්....එතනම ඉඳගන්න අපට සිද්ධ වුණා....

     ඉඳගත්තට පස්සෙත් අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් කන්න පටන් ගත්තෙ නෑ..හරියට අනික් කෙනා ඉස්සෙල්ල පටන් ගනී කියල වගේ...


     ''ඉතින් කන්නෙ නැද්ද...???'' මම චතුරගෙන් ඇහුවෙ ඒ නිසයි..


     ''හ්ම්ම්...ඔයත් කන්න ඉතින්...''
මැක් බන් එකේ බොක්ස් එක අරින ගමන් චතුර කිව්වා.. පව් එයා බඩගින්නෙ ඉන්න ඇත්තෙ.....මට හිතුණා...


    මම නම් බැදපු අල කූරු දෙක තුනක් හෙමිහිට කටේ ඔබාගත්තෙ ඇත්තෙන්ම බඩගින්නකට නෙවෙයි...මගේ හිතේ විලාප දිදී තිබ්බ කුණාටුව චතුරට පෙනෙයි කියල බයටයි... ඒත් ඒකවත් උගුරෙන් පල්ලෙහාට යවාගන්න බැරි තරමට මගේ උගුර වේලිලයි තිබ්බෙ....අමාරුවෙන් ගිලගන්න හදද්දි මට කැස්සක් ආවෙ ඒ හින්දද කොහෙදෝ.....


     මම හෙමිහිට මගේ ට්‍රේ එකේ තිබ්බ කොකා කෝලා කෝප්පෙ අරගනිද්දි තමයි චතුර කතාකරන්න පටන් ගත්තෙ...


     ''ඇයි දෙකක් ඕඩර් කළේ....අපරාදෙනෙ...දැන් ඔය මුලු එකම බොන්න පුලුවන්ද..??''


     දෙපාරක් හිතන්න කලියෙන්ම මගේ කටින් වචන එළියට පැන්නෙ..පොඩි දරුවෙක්ගෙ සෙල්ලම් උණ පුරුක් තුවක්කුවකින් ඇපල ඇටයක් විදෙන පමාවටයි....


     ''ඔයා මම බීපු ඩ්‍රින්ක් එකෙන් බොන්න අකමැති වුනොත් කියල හිතුණ.....''


     ''හ්ම්ම්ම්.....''චතුර මොකුත්ම කිව්වෙ නෑ...ඒ වෙනුවට එයා ආපහු එයාගෙ ට්‍රේ එකට ඇස් හරවගත්තෙ මම කියාපු දේට හිත රිදිලවත්ද.....මම ඒ ඇස් දෙක දිහා හොරාට බැලුවෙ ඒවයෙ දුකක් සටහන් වෙලාද කියල දැනගන්නයි...ඒත් ඒ ඇස් දෙකේ මම දැක්කෙ හිස් බවක් විතරමයි.....දුකක් දැක්කට වඩා ඒ දැක්ක හිස් බව මට දුන්නෙ දරුණු කම්මුල් පාරක්....


     මෝඩී...උඹ ඒ මොකද්ද කළේ...උඹ වෙනුවෙන් මෙච්චර කරදර විඳින ඒ අහිංසකයගෙ හිත රිද්දුව නේද..මගේ හිත මටම දොස් කියන්න ගත්තෙ මගේ ඇස් දෙකට ආයෙමත් කඳුලු පටල එකතු කරමිනුයි...ඒත් මගේ හදවත ආයෙමත් මට කෑ ගහන්න පටන් ගත්ත....''කෝ දැන් එළි වෙනකල් හිතාගතපුවා....අද අඬන්නෙ නෑ කියල හිතගත්ත නේද???.....''


   ඒ මොහොතෙදිම ෆෝන් එක රිංග් වෙන්න ගත්ත හඬින් මාව සීතල වෙලා ගියේ ඉබේටමයි...


    ''Ammi....calling''


     දුරකතන තිරයෙ සටහන් වෙලා තිබ්බෙ එහෙමයි...


     ''අනේ චතුර...අම්මා කතා කරනව....මම මොනාද කියන්නෙ....???''


     ''මගෙත් එක්ක ඉන්නෙ කියල කියන්න...''


     ''ඔයාට නම් විහිලු....මට බයයි...''


     මම answer button එක එබුවෙ හරිම බයෙන්...


     හිතුව වගේම අම්මා කතා කළේ හොඳටම තරහ ගිහින්...
     ''කොහෙද ළමයො ඉන්නෙ...''


     ''අම්මා මම තාම නුගේගොඩ...යාලුව එන්න පරක්කු වුණා...මම එයා එනකල් හිටිය..ඒත් දැන් මම මේ එන්න කියල හදන්නෙ....''


     ''පිස්සුද ළමයො...දැන් බලනව වෙලාව කීයද කියලා...ඉක්මනට එනවා ගෙදර...''


     මම තවත් මොකුත් කියන්නත් කලින්ම අම්මා කෝල් එක කට් කළේ කලින්ටත් වඩා තරහින්ද කොහෙදෝ...


     එතකොටත් වෙලාව හයහමාරටත් කිට්ටු වෙලා...හ්ම්ම්ම්....මට දැනුනෙ හරිම ලොකු දුකක්...අඩුම ගානෙ හත වෙද්දිවත් මට යන්න වෙනවනෙ...


     ''අයියෝ...ඇයි චතුර...ඔයා මෙච්චර පරක්කු වුණේ....බලන්න අපි දෙන්නට හරියකට නිදහසේ කතාකරන්නවත් වෙන්නෙ නෑ...'' මම කිව්වෙ නෝක්කාඩුවෙන්...


     ''තාත්ත ගෙදරින් යනකල් මට එන්න විදිහක් තිබ්බෙ නෑ....සොරි...''


     ''හ්ම්ම්ම්....''


     ''අන්තිමේදි මම කළේ වතුර ඇදල ඇදල කලේ බිඳගත්ත වගේ වැඩක් නේද...???'' 


      කතාව ඇත්ත වුණත් මට හිනා ගියේ එයා නිතරම ඔය වගේ යෙදුම් කියන්න ගිහින් පටලගත්තු හැටි මතක් වුණු හින්දයි...


      ''ඇති යාංතම් මේ වතාවෙ ගැලපෙන එකක් කිව්වා...'' ඒ කතාවට අපි දෙන්නටම හිනා...


     චතුර ඊට පස්සෙ දිගටම මට හිනා යන කතාම කියවන්න ගත්තෙ ඒ හිනාවෙන් ඇති වුණු පුංචි සැහැල්ලුවක් නිසාද මංදා...වෙනද වගේම මම ඇස් දෙකට කඳුලු එනකල්ම හිනා වුණා වුනත්..එදා ඒ ඉනුව කඳුළු හිනාව නිසාම ආපුව නොවන බව චතුරවත් දැනන් හිටියෙ නෑ....


     ''අනේ චතුර...මාව හිනාගස්සවන ඔයාගෙ ඔය මෝඩ කතා නැතුව හෙටින් පස්සෙ මට කොච්චර නම් පාලු වේවිද........ඔයා මගේ ජීවිතෙන් ගියාම...මට හිනාවෙන එක අමතකම වෙලා යාවිද දෙවියනේ.....'' මම කෑ ගහල ඇහුවා.....ඒත් ඒ වචනින් නෙවෙයි....හදවතින්......


     කොච්චර විකාර කතා කළත් අපි දෙන්නම වෙන් වෙලා යන එක ගැන මොකුත්ම කතා කළේ නෑ....


     ''මේ අපේ අන්තිම හමුවීමද.....??'' එහෙම අහන්න මට කොච්චර වුවමණා වුණත්...ඒ වචන ටික කටින් පිට කරගන්න තරම් මගේ හිත හයිය වුණේ නෑ...


     ඒ වෙනුවට මට වුවමණා වුණේ..මේ මොහොත..මේ හමු වීම මගේ හිතේ නොමැකෙන විදිහට ඇඳගන්නයි....වෙන කෙනෙක්ගෙ වෙන්න කලින් එයාව ''මගේ'' වෙලා හිටපු කාලෙ විදිහට දකින අන්තිමම වතාව මේක වුණොත්.........


     චතුරගෙ මූණෙ ඇඳුණු හැම හිනාවක්ම...හැම හැඟීමක්ම...මගේ හිතේ මම තදින් ඇඳගත්තෙ ඒ නිසයි...මම එයා දිහා ඒ තරම් ආදරෙන් බලාගෙන හිටපු බව එයා දන්නව නම්...ඒත් එයා හිටියෙ වෙනම ලෝකෙක කියලයි මට දැනුණෙ...කීපවතාවක්ම එයා එක පාරටම ඇස් දෙක හරවද්දි...හොරෙන් බලාගෙන හිටපු මාව එයාගෙම අතටම අහුවෙන්න ගියා වුණත්....එක්කො එයාට ඒක ගානක් ගියේ නෑ...නැත්තම් එයා ගනන් ගත්තෙ නැද්ද මන්ද.....


     චතුර හිටපු පැත්තෙ වීදුරුවට එහායින් ලස්සන කෙළි පොඩ්ඩියක් තාත්තත් එක්ක හුරතල් වෙවී හිටිය හැටි පවා මගේ හිතේ ඇඳුනෙ හරියට අපි දෙන්නගෙ හිත්වලින් ඒ මොහොතට කාන්දු වෙලා තිබුණු පාලු ගතිය මකලා දාන්න වගෙයි....


     වෙනද නම් ලස්සන පොඩි එකෙක් දැක්කම....''චතුර අනේ....අර....හුරතල් බබෙක්...''කියල කියවෙන පුරුද්දට අදත් දිව අගට වචන ගලාගෙන ආව වුණත්....අපේ මේ සමුගැන්මට තව තවත් මතක මොකටද කියල හිතුණු හින්දම මම තීරණය කළේ ඒ වචන ගිලගන්නයි....ඒ වෙනුවට කවුදෝ එතන අමතක වෙලා දාලා ගිහින් තිබුණු පෑනකින්.....ට්‍රේ එකේ කොනක පිළිවෙලට නමලා තිබ්බ කඩදාසි සර්වියට් එකක මොනව හරි ලියන්න මට හිතුනෙ ඉබේටමයි.......


      ඒත් ඉතින්....වෙන මොනව කියල ලියන්නද...දුකම මිස.......


      ඒ අතරෙ ගතපු කෑම වලින් කාලක් වත් ඉවර වෙලා තිබ්බෙ නෑ..අල කූරු එකෙන් බාගයක් අමාරුවෙන් කෑව වුණත්...මට මැක් බන් එක නම් කටේවත් තියන්න හිතුණෙ නෑ....උදේ යාලුවො සෙට් එකත් එක්ක ජ'පුරෙ කැන්ටිමෙන් කාපු අයිස් ක්‍රීම් එක ඇරෙන්න දවසටම මොකුත්ම කාලා හිටියෙ නැතත්..මට බඩගින්නක් අහලකවත් තිබුනේ නෑ පුදුමෙකට වගේ....


     ''ප්ලීස් මේ බන් එකත් කන්න හොඳේ....'' මම චතුරට කිව්වෙ...එයා එයාගෙ මැක් බන් එක කාලා ඉවර වෙන්නත් කලියෙනුයි...


     ''එහෙම බෑ....ඔයා කන්න...ඔයා මොකුත්ම කාලා නෑනෙ...කන්න..කන්න...''


     ''අනේ....මට බඩගිනි නෑ.....ප්ලීස් ඔයා හොඳායි නෙ...මේකත් කන්නකෝ...''


     ''හරි එහෙනම් බාගයක් කන්න....එතකොට ඉතුරු කෑල්ල මම කන්නම්....''


     ''හ්ම්ම්ම්....'' ඉතින් මම කිසිම රහක් නොදැනුනු ඒ පිටි ගුලියෙන් බාගයක් ගිලගත්තෙ හරියට කිඹුලා කිරිමැටි ගිලින්නා වගේ තමයි....


     ''ආහ්හ්....මේක ඔයාට....'' චතුර මොකද්දෝ පාර්සලයක් මට දික් කළේ එතකොටයි...මට හරිම පුදුම හිතුනෙ චතුර කීයටවත් මට තෑගි නම් නොගේන බව දැනගෙන හිටිය නිසයි...එයාගෙන් ඒ වෙද්දිත් මට ලැබුලා තිබුණු සැමරුම් ගොන්නට තවත් කඳුළු එකතු කරන්න එයා කීයටවත් කැමති නොවෙන බව මම හොඳටම දැනගෙන හිටියා...


     ''මොනාද මේ...මම බලන්නද..??'' මම ඇහුවෙ අවංකවම පුදුමෙන්....


     ''හ්ම්ම්ම්.....''


     මම පාර්සලේ ඇරියෙ කුතුහලයෙන්....හිතුවත් වගේ...ඒකෙ තිබ්බෙ එයා මම වෙනුවෙන් ගත්ත දෙයක් නෙවෙයි...අපි දෙන්නම එකතු වෙලා දවසක්...චතුර අපේ ගෙදර එන දවසක අපේ අම්මිට දෙන්න කියලා ගත්ත පර්ෆියුම් බෝතලෙයි...තව මොකද්දෝ කහපාට කවරෙකුයි....


     ''කහ පාට එක ගෙදර ගිහින් බලන්න....'' චතුර එහෙම කිව්ව නිසා මම ඒක බැලුවෙ නෑ...


     මේ වෙනකල්ම හිතාගෙන හිටියෙ නොදී ඉන්නව කියල වුණත්...මම එයා වෙනුවෙන් ගතපු Wrist Bands කීපය දාපු පුංචි පාර්සලේ එයාගෙ අතට දුන්නෙ ඒ වෙලවෙදියි......


     ''මතකද.....ගන්න ඕනේ කිය කිය හිටියට අරගන්න වුණේ නෑනේ...ඔයා ආස වෙයිද මන්දා....''


     චතුර පුංචි කවරෙ ඇරලා බැලුවා වුණත් එයා මොකුත් කියන්නත් කලින්මයි ආපහු මගේ ෆෝන් එක වදින්න පටන් ගත්තෙ...


     ඒ සැරේ කතා කරන්නෙ චූටි අක්ක...ඒත් එයත් එදා අපේ ගෙදර එනව කිව්ව නිසා ඒ අම්මා වෙන්නත් බැරි නෑ...ඒ නිසා මාව ආයෙමත් සීතල වුණේ ඉබේටමයි...


     ඒත් ආන්සර් කළාම කතා කළේ අක්කමයි....
     ''කොහෙද මෝඩියෙ ඉන්නෙ....මෙහෙ අම්මට යකා නැගලා''


     ''මම මේ බස් එකේ දැන්..ඇක්සිඩන්ට් එකක් වෙලා ට්‍රැෆික් එකක්''....මම කිව්වෙ වෙන කියන්න බොරුවක් කටට ආවෙම නැති නිසා...


     ''හරි හරි..ඉක්මනට එනවා..''


     චූටි අක්කා ෆෝන් එක තිබ්බෙ එහෙම කියාගෙන....වෙලාව හතට දහයයි....


     ''චතුර....''


     ''ම්ම්ම්ම්......''


     ''මම යන්න ඕනෙ.....''


     ''හ්ම්ම්ම්.......''


     ''ඇයි මොකුත් කියන්නැත්තෙ....???''


     ''දැන් වෙලාව කීයද..??''


     ''හතට දහයයි...''


     ''එහෙනම් හත වෙනකල් ඉඳල යන්න...''


     ''හ්ම්ම්.....හා...''


     තව තව රෑ වෙන්න වෙන්න අම්මහෙන් අහන්න වෙන බැනුම තව තව වැඩි වෙන බව දැන දැනම වුණත්...මට චතුරගෙ වචනෙට බෑ කියන්න හිත දුන්නෙ නෑ.....


     ''ඉතින් මොනව හරි කියන්න....''


     ''දැන් යන්න බස් තියෙනවද...??''


     ''දන්නෙ නෑ...ඇති...ඔයාට යන්න බස් තියෙද..??''


     ''ඔව්...මෙතන ඉඳන් ටික දුරනෙ...අවුලක් වෙන්නෙ නෑ...''


     ''එහෙනම් මම යන්නම්ද...??''


     ''තාම හත වුනේ නෑ...තව විනාඩි හතරක් තියෙනවා''


     ''හෙහ් හෙහ්...එහෙමද....''හිනාවෙලා එහෙම ඇහුවත්...මට දැනුනෙ ඉවසගන්න බැරි තරමෙ වේදනාවක්.....


     කොච්චර අඬන්නෑ කියලා හිතාගෙන හිටියත් මගේ හිත දිය කරගෙන මහ දුකක් ඇස් දෙකෙන් එළියට පනින්න දඟලද්දි මම ඉවසගෙන හිටියෙ පුදුම අමාරුවෙනුයි...


      ''නේ...චතුර......විනාඩි හතරක් නෙවෙයි...මුලු ජීවිත කාලෙම මාව ඔයා ලඟින් තියගන්න....'' මගේ හිත  මහ සද්දෙට එහෙම විලාප දුන්නත් ඒක ඔයාට නෑහෙන බව මතක් වුණාම මට දැනුනු දුක දරාගන්න මට පුලුවන් වුනේ නෑ...


     ඔයාට ඒ වචන ඇහුණ වුණත්..මාව නවත්තගන්න ඔයාටත් වුවමණා වුණත්...අපට එහෙම කරන්න බැරි බව මම දැනගෙන හිටියා...


     විනාඩි හතර ගෙවිල ගියේ හරිම ඉක්මනටයි....


     ''මම දැන්.......යන්නද..........''


     ''හ්ම්ම්ම්....''


     අන්තිම වතාවට ඔයාගෙ නලළට හාදුවක් දීලා...පරිස්සමින්..සතුටින් ඉන්න කියලා කියන්න මට වුවමණා වුණත්....මට ඒක කරන්න හයියක් තිබ්බෙ නෑ.....එහෙම කළානම් මට එතන කෑ ගහල ඇඬෙයි කියලා මට හරියට බය හිතුණා....


     ''දෙන්න ඔයාගෙ අත.....'' මම සීතල හඬකින් එහෙම කිව්වම චතුර ගැස්සුණා වුනත් එයා අත දික් කළේ මොකුත්ම කියන්නෙ නැතුවයි...


     මම මගේ අත් දෙකින්ම එයාගෙ අත තදින් අල්ලගත්තතෙ....ඉස්සරම දවසක මුල්ම වතාවට එයාගෙ අතින් අල්ලගත්ත දවසෙ වගේම පරිස්සමටයි....


     ''අද මෙහෙම ආවට ඔයාට ගොඩාක් පිං....චතුර....මගෙ අතින් ඔයාට පොඩිම හරි වරදක් වුණානම් මට දහස් වාරයක් සමාවෙන්න....සමහර විට අපි අපි ආපහු කවදාවත්ම මුණගැහෙන එකක් නෑ...ඒත්..කොහෙ ගියත්...කොහෙ හිටියත්....ඔයා ඉස්සර වගේම සතුටින් ඉන්න ඕනේ....පරිස්සමින් හැමදේම...කල්පනාවෙන් කරගන්න.....ඔයාට වරදක් වෙන්නෙ නෑ කවදාවත්ම......''


     කියන්න තව දාහක් දේ තිබුණත් ඊට වඩා එක වචනයක්වත් කියාගන්න බැරි විදිහට මගේ හඬ බිඳිලා ගියා.....


     ''හ්ම්ම්......''


     ''මම යන්නම්.......බුදුසරණයි.....'' මම හෙමිහිට කියාගත්තෙ...එයාගෙ අත අත අරින ගමන්.....


     ''බුදු සරණයි...ඔයත් පරිස්සමින්....''


     චතුරගෙ ඇස් දෙක දිහා බලලා සමුගන්න මට හයියක් තිබ්බෙම නෑ...තව මොහොතකින් මගෙ ඇස් දෙකෙන් අනෝරා වැස්සක් කඩා වැටෙන්න කලින් හෑන්ඩ් බෑග් එක අතට ගත්ත මම පාරට බැස්සා....


     චතුරට මාව පේනව ඇති කියලා හිතෙන හරිය පහු වෙනකල්ම මම වේගෙන් ඇවිදගෙන ආවා..එයා මම යන දිහා බලාගෙන ඉන්නවද කියලා බලන්න මට ඕන වුණත්...මම ආපහු හැරිලා බැලුවෙ නෑ...ඒ එයා එහෙම බලාගෙන නොහිටියොත්...ඒක මගෙ ජීවිත කාලෙටම අමතක නොවෙන දුක්බර මතකයක් වෙයි කියල මට බය හිතුණු හින්දයි..


     Strong & String එක ලඟට එනකල් ඉවසගෙන ආවත්..තව දුරටත් අඬන්නෙ නැතුව ඉවසගන්න මට පුලුවන් වුණේ නෑ...මම එතනම නැවතුනේ පපුවට දැනුනු වේදනාව දරාගන්න බැරුවයි..ජීවිතේ මුල්ම වතාවට මහ පාරක් මැද්දෙ මම පිස්සියෙක් වගේ අඬා වැටුනා......පාරෙ යන එන මිනිස්සු මගේ දිහා අමුතුවට බලන බව දැනුනත් මට මාවම පාලනය කරගන්න පුලුවන් වුණේ නෑ....


     මම පාරෙ ගියපු ත්‍රී වීලර් එකකට අත දැම්මෙ ඉවෙන් වගේ මිසක් කල්පනාවකින් නෙවෙයි...


     ත්‍රීවීලර් එකට නැග්ග වුණත් කොහාටද යන්න ඕන කියලා කියන්න මට අමතක වුණා....මම අඬන බව දැකලද කොහෙදෝ...ඩ්‍රයිවර් මගේ දිහා හැරිලා බැලුවෙ පුදුමෙකින් වගේ.....


     ''ඇයි මිස් මොකුත් කරදරයක්ද...??'' ඒ මනුස්සයා ඇහුවෙ බොහොම කරුණාවෙන්....


     ''නැහැ..නැහැ....අපි මැලිබන් හංදියට යමු.....'' මගේ බිඳුණු හඬින් එහෙම කියවෙනව මටම ඇහුණෙ හරියට හීනෙකින් වගේ....


    ත්‍රීවීලර් එකේ දොර අයිනට ඔලුව හේත්තු කරගන්න ගමන්...මෙච්චර වෙලාවක් අතේ ගුලි වෙලා තිබ්බ කඩදහි ගුලිය එලියට විසිකරන්න අත දික් කරපු මට එක පාරටම ඊට කලින් ඒක දිග ඇරල බලන්න හිතුනෙ මොකද මන්දා....


      සීරුවට උකුළ උඩ තියාගෙන පොඩිවුණු කඩදහිය දිගෑරපු මට...වේගෙන් පහුවෙන කඩවල් වල නාමපුවරු වල නියොන් එළියෙන් පෙනුණෙ පොඩි වුණු ටිෂූ එකක ලියවිලා තිබුණු නිල් අකුරු පේළියක්.....



    මම හෙමිහිට ඒ වචන ටික මගෙම හිතට මුමුණගත්තා.......


''ඉතිං අප සමුගතිමු..................................''





෴නිමි෴ 


65 comments:

  1. වෙච්චි දෙයක් වාගෙම ලියල තියේ
    ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිස්ස සහෝ....:)

      Delete
  2. මගේ ප්‍රථම ආදරේ අවසන් හමුවීමත් නුවර ඩෙවොන් එකේ ............ ඉතින් අපිදු සමිගතිමු ...

    ReplyDelete
    Replies
    1. අලුත් එක පටන් ගත්තෙ සිල්ව ඩේල් එකේ වත්ද ? :-))

      Delete
    2. හිහි ... නෑ ඔබා මාමෙ...

      Delete
    3. අයිඅයියෝ....ඔබා මාමාටත් හිතෙන දේවල්.... :D

      Delete
    4. ඩෙවෝන් එක වෙන් වෙන්නම හැදුනු තැනක්ද මන්දා.... :((

      Delete
  3. Replies
    1. හැමෝම නුවර වගේ...

      Delete
    2. හ්ම්ම්ම්ම්............ :(((

      Delete
    3. අපොයි මම නම් නුවර යන්නෑ බැන්දත් .. . හෙහෙ :D :D

      Delete
    4. අනිවා මමත් :/

      Delete
  4. මේ ප්‍රබන්ධයක් පමණක් වේවා යනු අපේ ඒකායන ප්‍රාර්ථනයයි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අයියෝ....එහෙම ප්‍රාර්ථනා කරන්න තිබ්බෙ ගොඩාක් කලින්නෙ dude....ඔහොම වුණත් බොහොම ස්තූතියි dude....

      Delete
  5. ලස්සනයි මකුළු පැංචි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි McK... :)))

      Delete
  6. මම නම් දෙකම කියෙව්වේ අද.. :)

    "එක අතකට මේ බැඳිමට නමක් දෙන්නම ඕනෙද..??" පළවෙනි කොටසේ තිබුනු මේ කතාව සහතික ඇත්ත. බැදීම් වලට නමක් තියෙන්නම ඕනෑද කියලා මටත් අනන්ත හිතිලා තියෙනවා..

    කතාව ගැන කියනවනම් මේක නිකන් වැඩට යන්නේ නෑ ආයේ කියලා ගෙදර නැවතුනු කෙනෙක්ට රස්සාවෙන් අස්කලා කියලා ලියුමක් ආව වගේ වැඩක්. මොකද ඒ දේ එහෙම වෙනවා කියලා දැනගෙන හිටපු නිසා ඒක දරා ගන්න මේ තරම් අමාරු වෙන්න විදියක් නෑ මට හිතෙන හැටියට නම්. මොනවා වුනත් දැනෙන්න ලියලා තියෙනවා. ලස්සනයි නිර්මාණය..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නාකියෝ..වියමනට ගොඩ වැදිල මේ කතන්දරේ කියෙව්වට...

      හ්ම්ම්ම්....එහෙම නම් නැති බැඳිම් ජීවිතේ කොච්චර නම් තියෙනවද.....

      ඇත්තෙන්ම ඒක දැන දැනත් මේ වෙන්වීම මෙච්චරටම අමාරු වුණානම්....එක සැරේටම වෙන් වෙන්න වුණානම් මොනවා වේවිද මන්දා... :(

      Delete
    2. මොනවා.... මේ කියන්නේ ඇත්ත කතාවක්ද? :0
      අයියූ සල්ලි....

      ( උත්තරේ එපා එක්කෝ )

      Delete
    3. හ්ම්ම්ම්ම්......ඒකට කමක් නෑ නාකියෝ... :))

      Delete
  7. ඇත්තට උන දෙයක් වගේම දැනෙන්න ලියලා තියනවා ....

    ReplyDelete
    Replies
    1. කවුද දන්නෙ හර්ෂණ...ඇත්තක්මද කියලත්.. :(

      Delete
  8. හ්ම්.... කොටස් දෙකයි ඉවරත් කරලානෙ.
    දැන් වෙන් වුනේ මොන හේතුවකටද??

    ReplyDelete
    Replies
    1. තව ඇද ඇද ලියන්න තරම් රසවත් කතාවක් නෙවෙයිනෙ අක්කේ....වෙන් වෙන්න වුණෙ නම් දෙමාපියන්ගෙ සතුටට පිටුපාන්න බැරි වුණු නිසා තමයි ඉතින්... :(((

      Delete
  9. වේදනාත්මක සමුගැන්ම.. දැන් ඕවා ගැන දුක් වෙන්න එපා නංගී..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්....මනේ මන්දා අයියෙ....:(

      Delete
  10. මට නම් ඇඬුනා.සමහර විට වසර ගනණාවකට කලින් උන සිදුවීම් පෙළක් මගේ මතෙකට ආව නිසා වෙන්නැති.ඇයි අක්කේ වෙන් උනේ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.......අඬන්න එපා නංගො....ජීවිතේ දුන්නු...උස් මහත් කරපු...දෙමාපියන් වෙනුවෙන් මොන තරම් ආදරේ කරන ආදරයක් වුණත් අත අරින්න වෙනවනෙ නගෝ...

      Delete
  11. දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ...
    දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප ඉපදුනේ..

    මේ සින්දුව එක පාරට මතකයට ආවා..

    ReplyDelete
  12. මේ අත්දැකීම මෙහෙමම නොවුනත් එක විදියකින් මටත් තියනවා.. ඉතින් මට දැනුන මේ පොස්ට් එක තදින්ම ඒ අත්දැකීමත් එක්ක,..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්....හැම කෙනෙක්ටම මේ අත්දැකීම තම තමන්ගෙම විදිහට දැනිල ඇති නේද ක්සෑන්ඩර්...

      Delete
  13. ඉතින් ගෙදර ගියාට පස්සෙ අම්මා බැනපුවා කෝ

    ReplyDelete
    Replies
    1. අපෝ.........ඒව ලියන්න ගියොත් කාර්ඩ් එක කුඩු වෙනවනෙ... ;)

      Delete
  14. අැති වීම ස්වාභාවය කොට ගෙන අැති යමක් වේද .. එය නැති වීමම ස්වාභාවය කොට ගෙන අැත්තේය! :)

    ReplyDelete
  15. චතුර ???? අද දවල් මගේ ඔලුව බිත්තියකවත් හැප්පුනාද මන්දා !!!
    මම් බීලත් නෙමේ ඉන්නේ. මොකෝ දන්නේ නෑ මට මෙහෙම පේන්නේ. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්....ඔයා බීලා...බිව්වනං වෙරි හිඳෙනකං කට පියාගෙන ඉන්ඩකො අයියණ්ඩී...අනං මනං අප්සෙට් වචන දාන්නෙ නැතුව...ඔයානං ඩිග්‍රි ගැහුවට තාම මොන්ටිසෝරි අනේ.... :/

      Delete
  16. මංචි මේ පෝස්ට් එක ලස්සනටම ලියලා තියෙනවා... ඔය මොනවා කිව්වත් මේක සත්‍ය අත්දැකීමක් බව මට ඕනේ තැනක කිව්වෑකි. මෙච්චර අගේට සියුම්ව හැඟීම් ගලපන්න නම් ඔය වගේ දෙයක් විඳින්නම ඕනේ...

    වුනේ මොකක්ද ? වෙන්නේ මොකක්ද කියලා පැහැදිලි නැති වුනත්... කථාව ලස්සනයි... ඒ වගේම දුකයි... ඒත් කියන්න ඕනේ, මේක අමු බොළඳ වැඩක් නම් නෙවෙයි. ගොඩාක් අය ආදරයේ විරහව ගැන කියද්දී ඕනෑවටත් වඩා බොළඳ වෙනවා වුනත් මේ කථාවේ ඒ ගතිය නෑ.

    අනේ මන්දා ඉතින්, පණ්ඩිත කථාවක් කියන්නත් බැරි නිසා... මේ කථා ශෛලිය දිගටම තියාගෙන ලස්සන නිර්මාණ ටිකක් කරන්න කියලා කියන්නම්... ජය !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චතුරංග.....වුණේ මොකද්ද...වෙන්නෙ මොකද්ද කියල කොහොමටත් ලොකු හැඟීමක් අදටවත් නැහැ...ඉතින් ඒ ගැන කියන්න තරම් දේකුත් නැති තරම්..

      මේ කතාව ලියද්දි මට දැනුණු ලොකුම බය තමයි..ඒක බොළඳ වැඩි වේවිද කියන එක..මොකද්දෝ හේතුවකට..මේ කතාව තවත් එක බොළඳ සිද්ධියක් විදිහට ලියවෙන එකට මම කොහෙත්ම කැමති වුණේ නෑ...ඉතින් ඔයාගෙ කොමෙන්ටුව මට ලොකු හයියක්...ආදරේ කියන වචනෙවත් නොකියවුණා වුණත්..එදා ඒ කතා බහේ පිරිල තිබුනෙ ආදරයම තමයි...

      බොහොමත්ම ස්තූතියි ආයෙමත්... :)

      Delete
  17. නුගේගොඩ මැක් එක මේ වගේ කතා කීයකට මේ වගේ මතක කීයකට ස්ථානය වෙන්න ඇතිද..මගේ සමීපතම මිත්‍රයන් දෙන්නෙකුගෙම ආදර කතාවල අවසාන පරිචය ලියවුනේ මෙතන.ඒත් පුංචි වෙනසක්.එක කතාවක අන්තිම දවසෙ නොහැඩුවත්, පිස්සෙක් ඇස්රතුකරගෙන විකාර කතා කියමින් සිටි ඔහු නම් මගේ ඉතුරු උනු කෑමත් කෑව!
    'මේ එන කපල්ස් දැක්කම මට උන් ගැන හරිම දුකයි මචන්' කියල එදා කියපු ඒ මිත්‍රයම අද තවත් කෙනෙකුට ආදරේ කරනව!මොනව උනත් හැමදේම වෙන්නෙ හොදම විදියට.
    හොදකට නොහොදකටද මන්ද මට ඒ අත්දැකීම් ලැබුනෙ නැහැ.

    කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ අක්ක.කියවන අතරෙ ඒක මැවිල පෙනුන වගේම අපේ කතාවල සිද්ධිත් මතක් උනා.
    මතක තියාගන්න හැමදේම වෙන්නෙ හොදම විදියට.
    එහෙනම් ජයවේවා! :-)

    ReplyDelete
    Replies
    1. එක එක අය...ආදරයට...විරහවට...ජීවිතයට මුහුණ දෙන්නෙ තම තමන්ගෙම විදිහටනෙ සහෝධරයො..මැක් එක...ඩෙවෝන් එක...මේ හැම ජාතියකම ප්‍රේම කතා දැක දැක නිහඬවම බලාගෙන ඉන්නවා...ඉඳහිට එකිනෙකාට මුමුණ මුමුණ ඒ ගැන දොඩමළු වෙනවත් ඇති.... හැමදේම වෙන්නෙ හොඳම විදිහට නොවුණත්...හැමදේම වෙන්නෙ ''වෙන්න තියෙන විදිහට'' කියලනම් මම අදහනවා....

      බොහොම ස්තූතියි මල්ලී... :)

      Delete
  18. ශික් :/ නුගේගොඩ කියන්නෙ හම්බුනු අය වෙන් වෙලා යන තැනක්.. ඩෙවෝන් එක, මැක් එක,KFC එක ඇතුලෙන් ආදරේට තිත තියපු හුඟාක් අය ඇති..

    ඇත්ත ව්ගේ දැනුනා.. පුදුම සංවේදි විදියට ලියලා තිබ්බා අක්කෙ.. විරහවෙ මොන ලස්සනක්ද? ඒත් මේ කතාව ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඒ වගේම නුගේගොඩ කියන්නෙ ගොඩාක් හිත් මුණ ගැහුණු තැනක්...විරහවත් එක වෙලාවකට ලස්සනයි නගෝ...ජීවිතේ තියෙන එකම රහ විරහව වුණාම..ඒකත් ලස්සනයි කියල හිතන්න වෙනවනෙ.. :) බොහොම ස්තූතියි ඔයාටත්.. :)

      Delete
  19. oya dannawada makulu penchiye jeewithe hariyata makulu delak wageyi.
    makulu dela udata udeta pini bindu wetunama makulu dela paludu wenawa,e wagema ape jeewitheth kandulu bindu walata paludu wenawa.eth makulu dela udata pini bindu wetila,ude arunellata dilisenakota balan inna lassanayi... e wagemayi pure love ekak nisa es 2n kandulu halana kellekge hithath lassanyi>>>> pini bindu wetila makulu dela paludu wuna kiyala makulu panchi kawadawath anda anda inne na.eya paludu wuna dela apahu wiyanawa. jeewitheth makulu delak wage kiyanne ekayi.apith paludu wuna jeewithe apahu wiyamu.. oya eda devon eke idagena boy friend enakan math ekka fb chat karaddith mata godaak duka hithuna...eth eda oyage hitha hadanna man monada kiyanna one kiyala mata hithaganna neriwuna...ada me kathawa ahuwama mata anduna..oya eda kiwwa oya kandulu hangagena eyata samudenne hina mathaka deela kiyala..oya wage sensitive kenek riddanna eya napuru wune kohomada kiyala mata hithagannathbe..eth mage makulu penchiye ada oyage kathawa ahala mata anduna.. api jeewitha dele paludu ayemath wiyamu.oya hinawena dawasak langadima enawa,ada oyath ekka anduwa wagema edata man oyage hinawa dekala sathutu wenawa....
    >>>>>>>>>>>>>>. oyage pissu yeheliya,, kuubichchi>>>>>>>>>>>

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩාරියක් ස්තූතියි කූඹිච්චියේ...එදා වගේම අදත් මගේ හිත හැදුවට...ඔයා නොදැන...නොහිත කියපු දේවල් වලින් පවා මගෙ හිත ගොඩාරියක් හයිය වුණා..හිතාගත්ත වගේම නොඅඬා ඉන්න පවා ඒක ලොකු උදව්වක් වුණා..

      ඒත් සිද්ධ වුණු කිසිම දේකට එයාවත්..මමවත්..වෙන කිසි කෙනෙක්වත් වැරදි නෑ..අපි හැමෝම තම තමන්ගෙ පැත්තෙන් සාධාරණයි..ඒ වගෙම එයා මගේ ජීවිත දැල පලුදු කළේත් නෑ කූඹිච්චියේ...හැමදාම වගේම අන්තිම මොහොත වෙනකලුත් මගේ හයියට හිටියෙ එයාමයි...ඒත් දැන්...මම තනියම නැගිටින්න ඕනේ...එයාට එයාගෙ ජීවිතේ හදාගන්න ඉඩ දීලා...මම එයාගෙ පාරෙන් අයින් වෙලා මගේ ගමන යන්න ඕනේ..අපි දෙන්න මවපි හීන ලෝකේ එයා මම නැතුව හරි ගොඩ නගාගෙන ලස්සනට ජීවත් වුනොත්...ඔව්.එදාට මට සතුටු හිතේවි...එදාට මට හිනා වෙන්න පුලුවන් වේවී... කොහොම වුණත් ඔයාට ගොඩාරියක් ස්තූතියි පිස්සී... :)))

      Delete
  20. අක්කේ කියන්න වචන නැ....ඇත්තටම ඇඬුණා....හිතට එන දේවල් කියන්න වචන ගලප ගන්න මට බැ....

    ReplyDelete
  21. මන්චියෝ ඇත්තටම කිව්වොත් මේ පොස්ට් එක දාපු දවසේ මේ බලල මුකුත් නොකිය ගිය හේතුව ඔයාම දන්නවනේ. අනේ කෙල්ලෙක් අලුතෙන් නැගිටිමු

    ReplyDelete
    Replies
    1. දන්නව දන්නව....ඔයාට දැන් කටත් රිදෙනව ඇති නේද..?? ;))

      Delete
  22. දැන් ඉතින් හැමදාම නුගේගොඩ පහු කරනකොට මේ දුක හිතෙන කතාව මතක් වෙයි.

    ReplyDelete
    Replies
    1. මටනං ආයෙ නුගේගොඩ අහලකින්වත් යන්න හිතේවිද මන්දා.... :((

      Delete
  23. අනේ ඇති යන්තම්.. මම ගොඩ කාලයක් බලාගෙන හිටියා ඉතිරි ටික කියවන්න,,,, ගොඩාක් දුක හිතෙනව

    ReplyDelete
  24. බොහොම ස්තූතියි චමී...කොටස් දෙකම කියෙව්වට... :))...දෙවෙනි කොටස ලියන්න ටිකක් කල් ගියේ...ගොඩාක් කාර්‍යබහුල වෙන්න සිද්ධ වුනු නිසයි...සමාවෙන්න ඒ ගැන...

    ReplyDelete
  25. ඇත්ත එකක් වගේම ලියලා...මුල් කොටස මතක නැති හින්දා අගක් මුලක් නම් තේරුනේ නැහැ. ආපහු බලන්න ඕන..ලස්සනයි කතාව..

    ReplyDelete
    Replies
    1. මුල්කොටසට යොමුව උඩින්ම දාලා තියෙනව අක්කී....නිවාඩු පාඩු වෙලාවක කියවනකො.. :)

      Delete
  26. ආදරේ කරපු දෙන්නෙක්ට මෙහෙම සරල විදියට වෙන් වෙලා යන්න පුළුවන්ද කියලා හිතුණා.අනික් අතට ඒ සරල බව ඇතුළෙම කොච්චර සංකීර්ණ වේදනාවක්ද තියෙන්නෙ.ගොඩක් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. වේදනාව කොච්චර සංකීර්ණ වුණත්.තාදරේ කරන හදවතකට ඒ සංකීර්ණ කමේ බර පෙන්නන්න බෑ.... :((

      Delete
  27. මංචි අක්කේ....සරලව කිව්වොත් මාරයි........
    ලස්සනට ලියලා තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මකුළු මල්ලී... :)

      Delete
  28. මමත් අදමයි මේක කියෙව්වේ...සත්තකින්ම මගේ ආදරෙත් නුවරින්ම පටන්ගෙන නුවරින්ම ඉවරකරන්න වුනා...මේ කථාව ම‍ටත් හුගාක් සමානයි මකුලු පැංචියේ...

    ReplyDelete
    Replies
    1. අනේ....කී දෙනෙක්ගෙ ආදර කතා බිඳිල ගිහින්ද... :(

      Delete
  29. මුලින් මැක් දැම්මම මේකෙ කන්න සල්ලි තිබ්බෙ නෑ කාටවත්. ඒත් කාලයත් එක්ක ඒවා වෙනස් වෙලා. හාල් කිලෝ එක හැම්බර්ගර් එක කිට්ටුඅවට ආපු යුගයක මැක් එකේ හයි ෆයිය ගැලවුනා. දැන් මැක් එකේ හමු වෙන වෙන් වෙන කතන්දරත් ලියවෙනවා. ඒත් මොකක් හරි 'ඔඩක්" දැනෙනවා. ඒ වගේ සුදු ලයිට් දාපු තැනක අඩු ගානේ කෙල්ලෙක් හිතේ හැටියට අඬන්නෙ වත් කොහොමද කියලා හිතෙනවා. දීයියනේ ගෝල්ෆේස් එකේ පට්ට අව්වෙ කුඩයක් යට ඊට වඩා අඬන්න පුලුවන් කියලා හිතෙනවා.
    කොහොම වුනත් එදා දම්මි සුගත් ට වෙරලු දීපු එක පස්සෙ අර වස්සාන සිහිනෙ කවුද එක කොල්ලාට ඇපල් දුන්නා වුනා වගේ, තැන් වෙනස් වුනාට අපේ එවුන් හමු වෙන්නේ වෙන් වෙන්නේ ඉස්සර වගේම පරපෝශිතයො හැටියට. මැක් යන්න සල්ලි දෙන්නේ ඇපිට් එකට සල්ලි බඳින තාත්තමයි. ශ්‍රමයත් එක්ක ගනු දෙනුවක් තාමත් අපේ කොල්ලො කෙල්ලො අතර නෑ. එදා කියලා වෙනසක් නෑ. එදා ඉතින් සල්ලි අඩුයි කාටත්, ඒ වුනත් කොල්ලො නෙවෙයි අත පය හෙල්ලුවෙ, දවල් ට රෑට අම්මා කොහොම හඉ බත් එක බදා තියනවා.

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...