ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

මකුළුවෙක් වෙන්න....??




     මේ පෝස්ට් එක ලියන්න හිතුණෙ...ඇවිද්ද පය බ්ලොග් එකේ තිබ්බ පෝස්ට් එකක් දැකලයි..ඒ පෝස්ට් එකේ අපි වගේ අන්වර්ථ නම් වලින් ලියන අයට අවස්ථාවක් දීල තිබ්බා අපි අපේ බ්ලොග් පිටු වලට..ආරූඪ නම් වලට මේ නම් තෝර ගත්තෙ ඇයි කියන හේතුව ගැන කියන්න...ඇත්තෙම ඒක හරිම විනෝදජනක අපූරු පෝස්ට් එකක්....

     ඉතින් මටත් හිතුණා මම මකුළු පැංචියෙක් වුණේ කොහොමද කියල ඔයාලට මගේම පෝස්ට් එකකින් ඔයාලට කියන්න...ඒ වගේම ආදරෙන් මතක් කරන්න කෙනෙකුත් ඉන්නවා මේ 'මකුළු පැංචි' නම පිටිපස්සෙ හැංගිලා...


     ඉතින් ඔන්න....ඉතාම ඈත අතීතයෙදි...මං බ්ලොග්ස් කියවලා අදහස් පලකළේ සහ හාහා පුරා කියල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තෙ මේ මකුළු පැංචි කියන නමින් නම් නෙවෙයි....මගේ සැබෑම නමේ දෙවෙනි නමින්..මොකද ඒ දවස් වල බුකියෙ කිවිඳියක් විදිහට ඒ නමින් තමා සෑහෙන පිරිසක් මාව දැනගෙන හිටියෙ..හැබැයි බ්ලොග් ලෝකේ නම් ඒ තරම් අය මාව දැනගෙන හිටියෙ නෑ...ඒ වුණත්... මාරයගෙ...දුකාගෙ...මධුරංග අයියගෙ...බ්ලොග්ස් දැක්කම මටත් හරිම් ආස හිතුණා මගෙම බ්ලොග් පිටුවක් හදාගන්න...


     බ්ලොග්ස් ගැන හයක් හතරක්වත් නොදැන බොහෝම අමාරුවෙන් යූ ටියුබ් ටියුටෝරියල්ස් බල බල බ්ලොග් එකක් හදාගෙන බ්ලොග් අවකාශෙට සම්ප්‍රාප්ත වුණාට මොකද පහු වෙද්දි මංචිටත් ඒ බ්ලොග් එක වැඩිය අල්ලලා ගියේ නෑ..ඒ බ්ලොග් පිටුවෙ තිබුණෙ තනිකරම කවි....ඒත් දැන්නම් ඒ පැත්තෙ යැවෙන්නෙත් නැති තරම්...


     ඇත්ත නමින් ලියන එක සමහර අවස්ථාවලදි හරි ප්‍රයෝජනවත්...හරි පහසුවක්...ඒත් ටික කාලයක් එහෙම ලියද්දි හිතුණු දෙයක් තමයි මිනිස්සු අඳුනන අයට අදහස් දක්වන්නෙ මූණිච්චාවට බව..හොඳට ලියන කෙනෙක් ඒ තරම් වැදගැම්මක් නැති දෙයක් කළත් මිනිස්සු කියන්නෙ...'අනේ හරි ෂෝක්...'...'වාව්'...'පට්ටයි...' කියලයි.....ඉතින් මට ඕන වුණා හිතේ තියෙන දේවල් තිරයකට මුවා වෙලා ලියන්න..මගේ අදහස් වලට වගේම අනික් අයගෙ අදහස් වලටත් නාමික මායිම් නොයොදා ඉන්න....


     ඉතිං කෝ හැංගෙන්න නමක්...??? එක සැරේටම හිතට ආපු නම තමා මකුළු පැංචි..


     ඒකට හේතු වුණේ හරිම අපුරු යෙහෙළියක්....ඒ කවුද දන්නවද..??...ඉන්නකො ඉතින් කියනකල්.....


     ඉස්සර අපේ ගෙදර බාත් රූම් එකේ හිටිය තරමක් ප්‍රමාණයෙන් විශාල මකුළු හාමිනේ කෙනෙක්..හරියටම අවුරුදු 14-15 වයසෙ ළමයෙක්ගෙ අල්ලක් තරම් විතර ඇති ප්‍රමාණයෙන්....අපේ අම්මා නම් හරිම බයයි ඌට..වතුර ගගහ එළවන එකමයි වැඩේ..මමත් ඌට ටිකක් බයයි..මොකද ඌට තිබ්බෙ ටිකක් නපුරු පෙනුමක් තිබුණු අඬු පඬු..ඒත් වැඩිය ලං නොවී හිටිය මිසක් මංචි කවදාවත් ඌට වතුර ගහල එලෙව්වෙ නෑ..


     ටික කාලයක් යද්දි හැමදාම උදේට රෑට දත් මදින ගමන්...නාන ගමන්...මංචිට පුරුදු වුණා මේ මකුළුච්චි දිහා බලාගෙන ඉන්න..බිත්ති මුල්ලක වියල තිබ්බ මකුළු දැල තිබ්බෙ මංචිගෙ ඇස් මට්ටමේ..මංචිගෙ අම්මා කොයි තරම් ඒ දැල කඩල දැම්මත්..මකුලු හාමිනේ නෙවෙයි පසු බැස්සෙ..ආයෙම එතැනම දැල වියාගෙන ඉන්නව පහු වෙනිදටත් චණ්ඩියා වගේ...


     ඔහොම අවුරුදු ගාණක්ම එතනමයි දැළ විවුවෙ...සමහර දවසට එයා හිටියෙ බඩේ බිත්තර මල්ලකුත් බැඳගෙන..එහෙම දවසට නම් මංචි කීයටවත් වතුර ගහන්න ඉඩ දුන්නෙ නෑ අම්මට..මොකද එහෙම දවස් වලට මකුළු හාමිනේ හිටියෙ හරි අමාරුවෙන්...හයියෙන් දුවාගන්නවත් බැරුව...


     පෙලක් වෙලාවට මංචි දුක හිතිලා නාන කාමරේට වෙලා හිත හිත ඉද්දි තනියට හිටියෙ මේ මකුළු හාමිනේම තමයි..ඔන්න ඔය විදිහට

තමා මේ මකුළුවා කියන චරිතය මගේ හිතේ තදින්ම පැලපදියම් වෙන්නෙ...

     විශේෂ හේතුවක් නිසා එහෙම වුණා කියල කියන්න බැරි වුනත්...ඒ දවස් වල මට ඒ මකුළු හාමිනේව පෙනුණෙ මගෙ හොද යාළුවෙක් වගෙයි..(මට ඒ දවස් වල හිටියා ඔය වගේ පරිසරයට සම්බන්ධ යාළුවො කීප දෙනෙක්ම...ඒ අය ගැනත් කියන්නම්කො පහු වෙලා...)..ඒ වගේම ජීවිතේට ලොකු පූර්වාදර්ශයක් වගෙයි...


     මකුළුවා කියන්නෙත් ඒ තරම් සිත් ඇදගන්නා සුලු සතෙක් නෙවෙයිනෙ..ඒත් ඌ හරිම අහිංසක සතෙක්..බොහොම වෙලාවට කිසිම හානියක් නොකරම අපි මකුළුවන්ට හරි බයයි..ඒක කොච්චර අසාධාරණද...තමන්ට වෙනස් කරගන්න බැරි දෙයක් නිසා දුක් ගැහැට විඳින්න වුණාම කෙනෙක්ට දැනෙන්නෙ ලොකු හිත් වේදනාවක්...


     ඒත් අනික් අතට බලන්න....අපි මොන තරම් සිය දහස් වතාවක් උගේ දැල කඩා බිඳල දැම්මත්..මකුළු හාමිනේ ආයෙ ආයෙමත් ඒක බඳිනවනෙ..අනික ඒ ආයෙම හදන දැලත් ඉස්සර තිබුණු එක වගේම හරි පරිපූර්ණ දැලක්..



     හොදට හිතල බැලුවොත් ජීවත් වෙද්දි කීප දෙනෙක් හැරුණම අපි බොහොම දෙනෙක් මකුළුවො වගේ වෙන්න ඕන කියලයි මංචිට හිතුණෙ..සමාජය අනන්තවත් අපි හදන දැල් කඩල බිඳල දානවා..ඒ වගේම වත්පොහොසත්කමක්..බලපුළුවන්කාරකමක්..සිත් දිනා ගැනීමේ ලොකු වාසනාවක්..ලස්සනක්..විශාල ප්‍රතිරූපයක් නැත්නම්..ඒ වගේ කෙනෙක්ට සමාජය නොදැනුවත්ව හෝ දැනුවත්වම කරන කෙනිහිලිකම් බොහොමයි..

     ඒ දේවල් වලින් ගොඩක් අය කවදාවත් ගොඩ එන්න බැරිවෙන විදිහටම වැටෙනවා..තවත් සමහරු ඒ වැටුණු තැනින් ගොඩ එන්න උත්සහ කරන්නවත් බැරි තරම් වැටෙනවා... ඒත් අපි එහෙම වෙන්න ඕනෙද..??


     අපිට බැරිද මකුළුවො වෙන්න....??


     ආයෙ ආයෙමත් නැගිටින්න..??


     කොහොමින් කොහොමින් හරි මකුළු පැංචි කියල ලස්සන නමක් දාගෙන ආවට මොකෝ අන්තිමේදී දැන් හැමෝම වගේ මට කියන්නෙ ''මංචි'' කියලයි.. සමහරු අහනවා මම මංචි බිස්කට් කන්න පෙරේතද කියලත්..(එහෙම නෑ හරිද ඔන්න..) මංචි කියන නම හැදුණෙ ගූගල් බස් පදින්න ගිහින් වෙච්චි සංතෑසියක් හන්දයි..


     මුලින්ම බස් පදින්න ගියාම කට්ටිය රොක් වෙලා විස්තර අහනවනෙ..එතනදි තමා මට බ්ලොග් ලෝකේ දැවැන්තයො කීප දෙනෙක් වගේම...නවක පිරිසත් ගොඩක් දැන අඳුනගන්න ලැබුණේ..අපරාදෙ කියන්න බෑ...මුකුත්ම නොදැන් උන්නු මට ප්‍රවීණෑ නවක බේදයකින් තොරවම උදව් කරන්න ඉදිරිපත් වුණු සහෝදර සහෝදරියො ගොන්නක්ම හිටියා...


    මංචිට දැනුණෙ හරියට අපූරු පුංචි පවුලකට එකතු වුණා වගෙයි..නැක දවසක් ඔන්න ඔතනදි තමා කට්ටියට ඕන වුණේ මකුළු පැංචිට කෙටි නමක් දාගන්න... මතක හැටියටනම් සිරකරුවා තමයි යෝජනාව මුලින්ම ඉදිරිපත් කළේ... ඉතින් අපේ මාරයා..සිරකරුවා..බීට්ල්..ඩිලාන්..සිහින..කණියා....වැපා..හසී..සුදු පූසා..ඇතුළු එකී මෙකී නොකී සෑහෙන පිරිසක් එකතු වෙලා මකුළු කියන එකෙන් 'ම'යන්නයි...පැංචිගෙන් 'ංචි' කෑල්ලයි එක්කහු කරලා 'මංචි' කියල දැම්මෙ..


     කොහොමින් කොහොමින් හරි...දැන් ඉතින් මකුළු පැංචි කියල කතා කරන්නෙ බොහොම අඩු පිරිසක්...ගොඩක් අය කියන්නෙ මංචි..මකුළි...මකුලිච්චි...ඔන්න ඕව තමා..කොටින්ම මාත් මට කියාගන්නෙ මංචි කියලනෙ...හික්ස්... :D



42 comments:

  1. වෙනස්ම විදිහකට නෙව නමක් තොරගෙන තියෙන්නේ.
    අර මංචි බිස්කට් කන්න පෙරේත කතාවෙත් යම්කිසි ඇත්තක් නැත්තෙම නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. අපි සාපේක්ශව වෙනස්නෙ අයියණ්ඩී..අනේ යනව යන්න...ඒ කතාවෙ කිසිම ඇත්තක් නෑ හරිද.. :P

      Delete
  2. "ඒත් අනික් අතට බලන්න....අපි මොන තරම් සිය දහස් වතාවක් උගේ දැල කඩා බිඳල දැම්මත්..මකුළු හාමිනේ ආයෙ ආයෙමත් ඒක බඳිනවනෙ..අනික ඒ ආයෙම හදන දැලත් ඉස්සර තිබුණු එක වගේම හරි පරිපූර්ණ දැලක්.."

    මේ ලිපියේ මෙන්න මේ කෑල්ලට තමා මම වැඩියෙනම් කැමති . .

    ඇත්තෙනම් මමත් මකුලුවෙක් . . .

    කවුරු හරි මගේ දැල කැඩුවොත් කෙටි කාලයක් ඒ ගැන විස්සෝප වෙලා ආයෙම වියන්න පටන් ගන්නවා.

    නියම ලිපියක් මංචී . .

    ජීවිතේට හිතන්න යමක් ඉතුරු කරන ලිපියක් . .

    නියමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුකා අයියණ්ඩි..මමත් උත්සහගන්නෙ එහෙම වෙන්නයි..මගේ ජිවිතේ ආයෙම වියාගන්නයි.. :)

      Delete
  3. මකුළුවා හරිම උත්සාහවන්ත සතෙක්. මකුළු දල පුදුම නිර්මාණශීලී එකක්. මම හිතුවේ මකුළු පැංචි කියන එකෙන් තමයි "පැකුළු මංචි" කියල අනිත් පැත්ත හරවල මංචි කියන නම හදාගෙන තියෙන්නේ. මගේ ලිපිය පොස්ට් එක දැකලා හැමෝම මේ වගේ තමන් ගැන කිව්වොත් නියමයි.

    ReplyDelete
    Replies
    1. සොව් සමහරු එහෙමත් හිතුවා තමා.. :D... මම දැක්කා ඔබේ ඒ පෝස්ට් එකට ගොඩක් අය තම තමන්ගෙ නම් ගැන ලියල තියෙනවා.. බොහොම ස්තූතියි.. :)

      Delete
  4. නම හැදුන විදියනම් අපුරැයි මංචියෝ. ඇත්තටම අර මකුළුහාමිනේගේ කතාව නම් හිතට වැදුනා. මොකෝ මටත් ඉන්නවා ඒ වගේ හුනු යාළුවෝ සෙට් එකක් හිකිස් :පී

    ReplyDelete
    Replies
    1. හෙහෙ... ඔයා එයාලට කෑම දානවා නේද??

      Delete
  5. ඇත්ත තමා. මාත් මකුළුවන්ට පට්ටම බයයි. මේක bio වලදි විග්‍රහ කරන්නෙ Arachniforbia කියලා. මකුළුවෙක් උදේ බාත්‍ රූම් එකේ හිරියොත් එහෙම එදාට දත් මදින්නෙත් නෑ. :)
    කාමරේට ආවොත් අනිවා ඌ පරලොව. Mortin spray can දෙකක්ම තියාගෙන ඉන්නෙ.
    ඒත් මේක කියෙව්වට පස්සෙ(අද තමා මුලින්ම මෙහාට ආවෙ)
    දුක හිතුනා. විශේෂයෙන්ම අර "තමන්ට වෙනස් කරගන්න බැරි දේකට එහෙම කරන එක අසාදාරණයි" කිව්ව එකට. ඒක ඇත්ත.. මේක කියෙව්වට පස්සෙ තමා ඒ ගැන හිතුනෙ.
    Thank u. (මෙහෙම හිතාගෙන ඉන්නෙ ආයෙ මකුළුවෙක් දකින කං විතරයි හැබැයි :( )

    ReplyDelete
    Replies
    1. අනේ...හරි පවුනෙ සුනෙර...අපි මකුලුවෙක්ක්ගෙ පය උගේ පෙනුමටනෙනෛතින් මකුලුවට පුලුවන්ද අපි බයයි කියල තමන්ගෙ පෙනුම වෙනස් කරගන්න.. ඒ නිසා මීට පස්සෙ උන්ව බය කරල එලවගන්න..නැතුව මරන්න නම් එපා...ප්ලීස්... :(

      Delete
  6. marama dewal tikak hithanna thiyenawa manchi...
    marai kiyanne marai..( dan parakku wadi unath mata )

    ReplyDelete
    Replies
    1. කිසිම දේකට කවදාවත් පරක්කු වැඩි වෙන්නෙ නෑ සහන්... ඒ නිසා උත්සහ කරල බලන්න...සුබ පැතුම්.. :)

      Delete
  7. ඔන්න ඔහොමලු එහෙනම් මංචි නම හැදුනෙ. කොහොම හරි ගොඩක වටින කතාවක්නෙ ඒකෙ නිධාන කතාවෙ තියෙන්නෙ.

    ReplyDelete
  8. oyata nama hadunu widiyanam harima lassanai manchiiiiiii....

    ReplyDelete
  9. මකුළුවා ආදශමත් සතෙක් ඒක මතක් කරලා දෙන්නේ ඔබයි මංචියේ....

    ReplyDelete
    Replies
    1. :) ...කියෙව්වට බොහොම ස්තූතියි නලීන්.. :)

      Delete
  10. හික් හික් මංචි කිව්වම මට නම් මතක් වෙන්නේ බිස්කට්.

    ReplyDelete
    Replies
    1. මමත් මංචි බිස්කට් එකක් වගේ තමා... වැඩිය පැණිරහත් නෑ... ඒත් ස්වීට්... :p

      Delete
  11. අපූරු නමක් නේ ඒකත් බලද්දී... අපට ඉතින් ඔව්ව නෑ... මගේ පළවෙනි නමේ මුල් අකුරු දෙකම තමා ඉතින් බ්ලොග් එකේ තියෙන්නෙත්...

    අම්මෝ මාත් හරි බයයි මකුළුවන්ට....

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් අය තමන්ගෙ නමින් ලියනවනෙ... හෙහෙ එච්චරම බයද මකුලුවන්ට... අනේ අපි හරි අහින්සකයිනෙ.. :D

      Delete
  12. මකුළු පැංචි මංචි වුණේ ඔහොමලු එහෙනම්.. :D මංචි කිව්වට මුල් කතාව දැනගත්තෙ අද..

    "අපි මොන තරම් සිය දහස් වතාවක් උගේ දැල කඩා බිඳල දැම්මත්..මකුළු හාමිනේ ආයෙ ආයෙමත් ඒක බඳිනවනෙ..අනික ඒ ආයෙම හදන දැලත් ඉස්සර තිබුණු එක වගේම හරි පරිපූර්ණ දැලක්.."
    කතාවෙ ලස්සනම හිතට දැනුන කොටස..

    සමහරවෙලාවට අපි සතෙක්ව මරන්නෙ අපි ළඟ බයක් කියලා දෙයක් තියෙන බව මතක් කල සතාව.. ඌ නිකරුණේ මරණීය දණ්ඩනය ලබනවා අපේ බය නිසා.. :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ... සමහරු මිනීමරුවො වෙන්නෙත් ඔය කියන බය හින්දනෙ.. :(

      Delete
  13. මාර කතාවක්නෙ නම පිටිපස්සෙ තියෙන්නෙ. ඒ වගේම ගොඩක් අර්ථවත්

    ReplyDelete
    Replies
    1. තැන්කූ නිසූ ඩාර්ලින්... :)

      Delete
  14. මන්චි කියන නම හොඳටම ගැලපෙනවා.මොකද එකත් එක්ක හුරතල බවක් හැඟෙන නිසා මේ විමන ලියන්නී ගැන අදහසකුත් දැනෙනවා :) ලස්සන අදහසක් එක්ක ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... බොහොම ස්තූතියි කල්පනා..විශේෂයෙන්ම මම හුරතල් කිව්වට හොඳේ.. :D

      Delete
  15. සිරාවට මකුලුවෙක් ගෙං අපට කොච්චර දේවල් ගන්න පුලුවන්ද!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ... අලින්ට ඉතින් අපිමනෙ ඕව පෙන්නල දෙන්ට ඕන.. :D

      Delete
  16. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete
  17. කිරි අප්පට බල්ලො පැනපි .. එතකොට එහෙමයි මෙයා මකළු පැංචි වුනේ. මම දන්න විදියට ගොඩාක් ගෑනු ලමයි මකුළුවො කිව්ව ගමන් අම්මෝ ඊයා කියලා කෑගහනවනේ.. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ඒ ගොඩක් ගෑනු ළමයිනෙ තොටියෝ...මංචි එහෙම නෑ හරී... :p

      Delete
  18. හොදට ලියල තියනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යසිරු.. :)

      Delete
  19. මේක ඊයෙ කියෙව්වට කමෙන්ට් කරන්නෙ අද..
    සුදීක අයියගෙ ලින්ක් එකටත් ගියා.

    ඔය විදියටම අපේ බාතෘම් එකෙත් හිටිය මකුලුවෙක්..

    දවසක් වෙන තැනක මකුලුවෙක් දැලක් බඳිනවා බලං හිටිය පැය ගානක්.මම කවියක් හිටන් හැදුවා ඌ ගැන හි හි.. ඉස්සරහට බ්ලොග් ගත කරන්න ඕණි :)

    ReplyDelete
    Replies
    1. ඒ කවිය දාද්දි අපටත් දන්වන්න හොඳේ... බොහොම ස්තූතියි කියෙව්වට.. :)

      Delete
  20. අම්මෝ... මම බයම සතා මකූලුවා... :'( :( අම්මෝ, බාත් රූම් එකෙ මකූලුවෙක් ඉන්නවානම් , මම නම් යන්නෙ නෑ මලාට.. මම හෙනෙම බයයි!!

    ඒත් අක්කිගෙ මකූළු හාමිනෙ ගැන කතාව හරියට හිතට වැදුනා....

    ReplyDelete
    Replies
    1. ඔච්චරම බය වෙන්ඩ එපා අනේ...මකුලුවො හරි අහින්සකයි...මේ මම වගේ.. :)

      Delete
  21. ආයෙත් ලියන එක නැවැත්තුවද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ආයෙම ලිව්වා... සමාවෙන්න.. :)

      Delete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...