ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

පශ්චත්තාපය....2




පශ්චත්තාපය (පළමු කොටසට...)
      පෙර දින රාත්‍රිය මුළුල්ලේම මා වෙත හරි හමන් නින්දක් නම් ළඟා වූයේ නොවේ... 

      අතීතය යළි යළිත් නෙත් මානයේ නැගෙමින් මා වෙත දත් විලිස්සමින් සිටියේ මා වෙත නින්දකට ඇති ඉඩ කඩ අහුරුවා දමමිනි...

      ''ඔයාට අසනීපයක්වත්ද හිරුශි..??'' මා නින්දක් නොමැතිව සයනයේ ඒ මේ අත පෙරළෙනු දැනුණු තුෂාරද නින්දෙන් අවදි වන්නට ඇත..

      ''නෑ තුෂාර හිස ටිකක් කකියනවා... මම පැනඩෝල් දෙකක් ගත්තා..ටිකකින් හරි යාවි..ඔයා නිදාගන්න...''

      ''හ්ම්ම්... ''කී ඔහු අනික් පසට හැරුණේ පාන්දරම ෆැක්ටරියට යාමට ඇති හෙයින් විය යුතුය..

      අප්පච්චිත් අම්මාත් තුෂාර පිළිබඳ අදහස මා වෙත යොමු කරනලද්දේ මා විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ මැදක් හරියේ ඉගෙනුම ලබන අවධියේදී විය යුතුය... අප්පච්චිගේ ව්‍යාපාරික මිතුරෙකුගේ එකම පුතණුවන් වූ ඔහු මා වෙත යෝජනා කරන අවධියේදීද තරුක සමග මාගේ සබඳතාව තිබුණද...එය විවාහයකින් කෙළවර විය යුතුද යන්න මා ඒ වන විටත් තීරණය කර තිබුණේ නැත... කොටින්ම ඔහු සමග කතා බස් කළද තැන තැන ඇවිද ගියද..ඔහු සමග විවාහයක් හෝ අනාගතයක් පිළිබඳ මා එක්වරක් හෝ සිතා නොතිබිණි....

      එහෙත් තරුක ඒ පිළිබඳ බොහෝ සිහින මාළිග තනා තිබූ බව මම හොඳින්ම දැන සිටියෙමි... 

      ''හිරූ..... මම ඔයා ගැන අපේ ගෙදර අයට කිව්වා.....''

      ''ගෙදර අයට කිව්වෙ...හැමෝටම....???'' 

      ''නෑ....තාත්තට කියන්න තවම බයයි....අම්මට කිව්වා......''

      ''හෙහ් හෙහ්..හපෝ බයගුල්ලා....''
ඔහු කිසිත් නොකියා සුපුරුදු අහිංසක සිනාවම පෑවේය...

      ''අපේ අම්මා කියනවා ඔයාව බලන්න ඕනෙලු එයාට.....''

      ''අයියෝ...ඔයාටත් පිස්සුනෙ අනේ....ඕවට තව කොච්චර කල් තියෙනවද....??''

      ''ඇයි....ඔයා ඔයාගෙ ගෙදර අයට මං ගැන කියන්නැද්ද බබා.......??''

      ''අපෝ පිස්සුද.....ඕව කියන්න ගිහින් මට ඕන වෙලාවක ඕන තැනක යන්න එන්න තියෙන නිදහස නැතු කරගන්න කියලද ඔයා මට කියන්නෙ....?? පිස්සු නැත්තං ශෝයි......''

      ''එතකොට ඔයා කැමති නැද්ද ඉක්මනට මැරි කරන්න...??''

      ''මැරි කරන්න..... කාවද ඔයාවද...??'' මම යළිත් හඬ නගා සිනාසෙමි...


      එවන් කතා බහක් ඇති වුණු විටෙක ඔහුගේ වත ශෝකයෙන් මැලවේ.... 

      ''අපෝ ඔයා නං මොකෙද්ද මන්දා....වචනයක් කියන්න බෑ මූණ ඇඹුල් වෙනවා....'' මා එවන් විටක එතැනින් ඉවත්ව යන්නෙ කෝපයෙනි...

      කණ අසල බෙරිහන් දෙන්නට වූ එලාම් ඔරලෝසුවේ හඩින් මම යළිත් පියවි ලෝකයට ඇද වැටුණෙමි... තරහින් එය නිහඬ කර දැමූ මම නාන කාමරය දෙසට ඇවිද ගියේ දවසේ රාජකාරී පටන් ගනු පිණිසය....අද මදක් වේලාසනින් රෝහලට යා යුතුය...

      දියණිය පාසලෙන් බස්සවා රෝහලට එන විට වෙනදා වේලාවම වාගේ වී තිබිණි... වාට්ටුවේ සිටියේ මා සමග බෙහෙවින්ම කුළුපග තරුණ හෙදියකි..

      ''තරංගා කොහොමද අර ඊයේ අයි.සී.‍යු. ඇඩ්මිට් කරපු පේෂන්ට්..??'' මම ස්ටෙතස්කෝපය අතට ගන්නා අතරේ ඇගෙන් විමසීමි...

      ''අනේ හරි පවු ඩොක්ටර්...ඊයේ රෑ තිස්සෙම හරි අමාරුවෙන් හිටියෙ....ඒ නිසා ඩොක්ටර් නිෂාදි නින්ද යන්න අයි.වී. එකක් දුන්නා...... අද උදේ සර් ඇවිත් බලලා වෝර්ඩ් එකට මාරු කළා..බේරගන්න අමාරු වෙයි වගේ කියල තමා කිව්වෙ...අසනීපේ නිසා වැහැරිලා හිටියට  මැරෙන වයසක් නෑ අවුරුදු 34යි ලු...බැඳලත් නෑලු.....'' ඈ නොකඩවාම කියවාගෙන යන්නීය......

      බැඳලත් නෑ....?? ඔහු විවාහ නොවුනේ මා නිසාද???

      ''තරංගා කොහොමද දන්නෙ ඔච්චර විස්තර..??...පේෂන්ට් එක්ක කතාකරාද??? '' මම ඇසුවේ වෙනසක් නොපෙනෙන පරිද්දෙනි....

      ''නෑ ඩොක්ටර්...පේෂන්ට් එක්ක ආපු යාළුවා ඊයේ දවසම හොස්පිටල් එකේ.. එයා තමා කිව්වෙ...''

      ''හ්ම්ම්.....'' මම රෝගීන්ගේ වාර්තා කීපයක් සම්පූර්ණකරන අතරේ ඇගේ කතාවට හූමිටි තැබුවෙමි...

      ''ඒ බෝයි ඉංජිනියරින් ෆැකල්ටි ගිය ළමයෙක්ලු ඩොක්ටර්.... කැම්පස් එකේදි කෙල්ලෙක්ට පණ දීගෙන ආදරේ කරලා අන්තිමේදි ඒ කෙල්ල වෙන කෙනෙක්ව බැඳලලු....''

      මගේ හදවත වේගයෙන් ස්පන්දනය වන්නට පටන් ගත්තේ ඉබේටමය... ඒ හඬ මට නුදුරින් සිටින තරංගාට පවා ඇසෙනු ඇතැයි මට බියක් දැනිණි... එහෙත් ඈ කිසිඳු වෙනසක් නොදක්වාම කතා කරගෙන ගියාය... 

      ''ඒ සිද්ධියෙන් පස්සෙ ඒ කොල්ලා කැම්පස් ගමනත් නතර කරලා... තැන් තැන් වල අයාලෙ යන යාළුවො එක්ක වැටිලා බීමට ඇබ්බැහි වෙලා.. ලිවර් එක ගන්න දෙයක් නෑ කියල තමා සර් නං කිව්වෙ...පුදුමයක් නෑ ඩොක්ටර් දැන් අවුරුදු හතඅටක් තිස්සෙ දිනපතාම සිහි නැති වෙන්න බොනවලු...''

      අතැඟිලි වෙව්ලන්නට වූයෙන් මම රෝගීන්ගේ වාර්තා සියල්ල අකුලා තැබුවෙමි.... 

      ''අපි වෝර්ඩ් රවුන්ඩ්ස් ගිහින් එමු නේද තරංගා..'' මා වචන ගැට ගසා ගත්තේ අමාරුවෙනි....

      මා සමග වාට්ටුවට ඇතුළු වුවද හෙදියගෙ කල්පනාව තවමත් තිබුණේ පෙර කතාබහ ළඟය...

      ''ඔහොම අහිංසක ජීවිත එක්ක සෙල්ලං කරන ගෑනුන්ට හරියන්නෙ නෑ ඩොක්ටර්... කවදහරි දඬුවම් ලැබෙනවා...''  ඇගේ වචන මගේ පපුවේ ඇනුණේ තියුණු කිනිසි පහරක් විලසිනි...

      වාට්ටුව කෙළවරෙහිම ඇඳේ වැතිර සිටින රෝගියා දකිද්දී යළිත් මගේ දෙපා අඩපණව යන්නාක් සේ මට හැඟිනි...

      ''ඩොක්ටර්..මේ අර පේෂන්ට්....'' තරංගා පැවසුවේ ඔහුට නෑසෙන තරම් සෙමිනි...

      කාලයත් සමග ඔහු වෙනස් වේ ඇත්තාක් මෙන්ම මාද වඩාත් මේරු තැනැත්තියක බවට පත් වී රූපයෙන්ද වෙනස් වී සිටියෙමි...ඔහු මා හඳුනාගනු ඇත්ද...?? 

      මා ඔහු අසලට යද්දී ඔහු සිටියේ දෙනෙත් පියාගෙනය...නිරුවත්ව තිබූ පපු පෙදෙසෙහි වැහැරුණු ලකුණු පැහැදිලිව දක්නට ලැබුණි... 

      මම වෙද නළාව ඔහුගේ පපුවට තබා සවන් දුන්නේ හද පිරි පසුතැවිල්ලකිනි...

      ''කෝ ඔය නලාව තියලා අහල බලන්න....'' පෙර දිනක ඔහුත් මාත් දොඩමලුව උන් විරාමයකදීය..

      ''මොනවද...??'' මම ඇසුවේ නොසැලකිල්ලෙනි..

      ''මගේ හදවත ඔයා වෙනුවෙන් ගැහෙන සද්දෙ..''

      ''විකාර... හදවත ගැහෙන්නෙ මං වෙනුවෙන් නෙවෙයි..ඔයාගේ බ්ලඩ් පම්ප් කරන්න ඕන නිසා....'' 

      ''ඇයි හිරූ අපට ටික වෙලාවකට හරි විද්‍යානුකූල නොවී...බොළඳ වෙන්න බැරි...'' ඔහු ඇසුවේ දුක් මුසුවය...

      අදද මා විද්‍යානුකූල වෙමින් ඔහුගේ හද ගැස්ම අසන්නට තැත් කරන්නෙමි... එහෙත් ඔහුගේ හදවත මේ ගැහෙන්නේ මා වෙනුවෙන්ය යන බොළඳ හැඟීමෙන් මගේ හිත සැලී ගියේ ඇයිදැයි මටම සිතා ගත නොහැකි විය...

      ඩොක්ටර් මේ අද උදේ ගත්ත බ්ලඩ් කල්චර් එකේ රිපෝර්ට් එක....

      මා රුධිර සාම්පල වාර්තාව පරික්ෂා කරන අතරේ ඔහු මා දෙස බලා සිටිනු මම දුටුවෙමි...

      හිසේ සිට පාදාන්තය දක්වා දිව ගිය හිරිවැටීමක් සමගම..මා ඔහුගේ බැල්ම මගහැර ගියෙමි..... ඔහු මේ බලා සිටින්නේ මා හඳුනාගත් නිසාවෙන්ද...??

      එහෙත් එය එසේ බවක් පෙනෙන්නට නොවීය... වදනක්වත් කතා නොකළ ඔහු යළි මද වේලාවකින් දෙනෙත් පියාගත්තේ වෙහෙසකර බවකිනි....

      කළ යුතු අතුරු ප්‍රතිකාර ගැන හෙදිය දැනුවත් කළ මම මගේ මේසය වෙත පියමන් කළේ උදේ ආවාටත් වඩා හිසේ බර ගතියකිනි...තරුකගේ ජීවිතය කොයි මොහොතේදැයි විශ්වාස කළ නොහැකි බව ඔහුගේ වෛද්‍ය වාර්තා කියවූ මට පසක් වී තිබිණි... අක්මාවට සිදු වූ හානිය යළි සුව කළ නොහැකි අවධිය දක්වා ඔඩුදුවා තිබිණි...

      ඔහු මා හඳුනාගත්තා නම් කොතරම් හොඳද....??? එසේ නම් මට ඔහු සමග වදනක් දෙකක් හෝ කතා කරන්නට තිබිණි.... ඒත් මා ඔහුට පවසන්නේ මොනවාද..?? මට ඔහුගෙන් සමාව අයදින්නට හැකිද...??? ඔහුගේ තාරුණ්‍යය විනාශ කර දැමුවා මදිවාට..එයිනුඳු නොනැවතී දැන් ඔහුගේ ජීවිතයද විනාශ කරන්නී මමම නොවේද..??

      දොරට තට්ටු කිරීමෙන් අනතුරුව ලද අවසරයෙන් මා ඒකකය භාර ප්‍රධාන වෛද්‍යවරයාගේ කාමරයට ඇතුළු වූයෙ තරුක පිළිබඳ ඔහු සමඟ කතාකිරීමේ අටියෙනි...

      එක්ස්ක්‍යුස් මේ සර්... කැන් අයි ටෝක් විත් යූ ෆොර් අ වයිල්??

      යස්...ටේක් අ සීට් ප්ලීස් ඩොක්ටර් හිරුශි..... මොනව ගැනද කතා කරන්න ඕන කිව්වෙ..??

      සර් අර ඊයෙ දවල් ඇඩ්මිට් කරපු ලිවර් සිරෝසිස් පේෂන්ට් ගැන සර්.... අපට එයාව බේරගන්න වෙන කරන්න කිසිම ට්‍රීට්මන්ට් එකක් නැද්ද සර්..?

      ඒ පේෂන්ට් ඔයාගෙ අඳුනන කවුරු හරිද ඩොක්ටොර් හිරුශි...??

      ඔව් සර්...මගේ දුරින් නෑදෑ වෙන කෙනෙක්...

      හ්ම්ම්.. එහෙමද..?? අයිම් වෙරි සොරි හිරුශි...ඔයත් ඩොක්ටර් කෙනෙක් නිසා අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑනේ... මේ ස්ටේජ් එකේ ඉන්න ලෙඩෙක්ගෙ ජිවිතේ බේරගන්න හරිම අමාරුයි... අපි දිගටම ට්‍රීට්මන්ස් දෙමු... බට් යූ නෝ ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්..... 

      ඔහුට ස්තූති කර එතැනින් නික්ම එද්දී මට වුවමනා වූයේ කෑ ගසා හඬන්නටය... මා තරුකට ඒ අතීතයේ දවසක දෙන්නට ඇත්තේ මීට වඩා දහස් ගුණයක වේදනාවකි....

      ''තරුක... තවත් මේ ගැන කතා කරල වැඩක් නෑනේ.... මෙච්චර රටේ ලෝකේ කෙල්ලො ඉන්නෙ....එක්කෙනෙක් සෙට් කරගන්නකො...... හරි ඔයාට බැරි නං මම මගෙ යාළුවෙක්ව සෙට් කරල දෙන්නම්කො ඔයාට...???'' 

      ''ඔයා කොහොමද හිරූ ඔහොම හිතක් පපුවක් නැති විදියට කතා කරන්නෙ.... මට ඕන ඔයාව..වෙන කෙල්ලෙක් නෙවෙයි..''

      ''අපි දෙන්න මැච් වෙන්නෙ නෑ තරුක... මම කැමති මොන විදිහෙ කෙනෙක්ටද කියල අම්මයි අප්පච්චියි හොඳට දන්නවා... මට බෑ ඔයාව මැරි කරලා මුලු ලෝකේම ඔළුව උඩ තියාගත්තා වගේ ජීවත් වෙන්න...''

      ''ඔයා මෙච්චර දවස් එහෙම කිව්වෙ නෑනෙ හිරූ...''

      ''ඔව් ඉතින්...මට මීට කලින් තුෂාරව මීට් වෙලා තිබ්බෙ නෑනේ... ඊයෙ තමා මට හරියටම තේරුණේ මට හරි යන්නෙ තුෂාර වගේ අවුට්ගොයින් කොල්ලෙක් කියලා....''

      ''හිරූ.....මම කියන දේ පොඩ්ඩක් අහන්න බබා.....''

      ''අයියෝ ඔය ඇඬියාව නවත්තගන්නකො තරුක.... අර ෆස්ට් ඉයර්ස්ලත් බල බල යනවා....''

      ''මට ඔයාව අමතක කරන්න බෑ හිරූ....''

      ''මොන විකාරද අනේ....ටික දවසක් යද්දි ඔයාට මාව අමතක වෙලා ඔක්කොම හරි යයි.... බලන්නකො බොරුද කියලා.... ඒක නෙවෙයි මම යනවා.... තුෂාර කිව්වා මාව ගන්න ගේට් එක ළඟට එනව කියලා...... බායි ''

      ''හිරූ..............''

      ඔහුගේ හඬ නෑසුණාක් මෙන් මා එදින ගේට්ටුව වෙත දිව ආවේ හිත් පිත් නැති ගල් හදවතක හිමිකාරියක් පරිද්දෙනි.... එයින් පසුවද දින තුන හතරක්ම ඔහු මා හමුවීමට පැමිණියද මගෙන් ඔහුට හිමි වූයේ සරදම් සිනාවන් සමග නපුරු කම් හැරෙන්නට අන් කිසිවක් නොවේ....

      අවුරුදු නිවාඩුවෙන් පසුව අප සියලු දෙනාම යළි විශ්ව විද්‍යාලයට පැමිණියද තරුක පමණක් එහි නොවීය... ඒ බව මට මතක් කළේද මගේ මිතුරියන්ය...

      ''පවු බං තරුක...... උඹ නං කළේ මහ සහ ගහන වැඩක්....''

      ''ඇයි...එයාට මොනා වෙලාද...???'' මම ඇසුවේ නොසැලකිල්ලෙනි...

      ''තරුක ආපහු කැම්පස් එන්නෙ නෑලු බං...මට එයාගෙ යාළුව තමයි කිව්වෙ....ඌ ගමේ ගිහින් එහෙ රස්තියාදු කොල්ලො කට්ටියක් එක්ක වැටිලලු....''

      ''මොන පිස්සුද බං...ඔය කිව්වට තව ටික දවසකින් ආපහු එයි.....හිරූ හිරූ කියාගෙන මට වද දෙන්න...'' එසේ කී මම එතැනින් නැගිට ගියේ තවදුරටත් තරුක ගැන ඇසීම මට රිසි නොවුණු හෙයිනි....

      එයින් පසුව කිසිවෙකුත් යළි කිසිදිනෙක ඔහු ගැන මා සමඟ කතා නොකළහ...ඔවුනොවුන් අතර එවැන්නක් කතා වුවද මා එහි එන විටම එය නවතාගැනීමට ඔවුන් වගබලාගත්හ...තුෂාරගේ ලෝකයේ සිටි මටද ඔහු මතකයෙන් අමතකව යෑමට වැඩි කලක් ගත වූයේ නැත....

      මා යළි කල්පනාවෙන් මිදුණේ හෙදියකගේ කලබල හඬිනි...

      ඩොක්ටර්....ඉක්මනට එන්න.....නමවෙනි ඇඳේ ලෙඩාට අමාරුයි....

      නව වෙනි ඇඳේ ඉන්නෙ කවුරුන්ද....???දෙයියනේ.....තරුක....!!!

      වහා ස්ටෙතස්කෝපය අතට ගත් මම ඒ දෙසට දිව ගියෙමි... තරුක නොකඩවා වමනය කරමින් සිටියේය.... ඔහුගේ සිරුර කහ පාට ගැහී දහඩිය වැගිරෙමින් තිබිණි... මම වහාම එන්නතක් ලබා දෙන මෙන් නියෝග කර ප්‍රතිකාර ලබාදෙන්නට පටන් ගතිමි... එහෙත් අපගේ සියලුම උත්සහයන් නිරර්ථක කරවමින් මිනිත්තු කිහිපයකට පසු  තරුකගේ අවසම් හුස්ම පොද රෝහලේ වාතලයට මුසුව ගියේ මගේ හදවතේ සදාකාලික පසු තැවිල්ලක් ඉතිරි කරවමිනි....

      මට වුවමනා වූයේ හිතේ බර ගතිය සහැල්ලුවී යන තුරුම හඬන්නටය.... ඒකක ප්‍රධානී වෛද්‍යවරයා පැමිණ ඔහුගේ කනගාටුව මට ප්‍රකාශ කර සිටියේය.... මම වේලාසනින් නිවසට යන්නට ඔහුගෙන් අවසර ඉල්ලා සිටියෙමි....

      ''ඕකේ...ඩොක්ටර් හිරුශි... ඔයාට ලීව් තියෙන නිසා ගෙදර ගියාට කමක් නෑ... ඩොක්ටර් නිලන්තත් ඉන්නවනෙ අද වෝර්ඩ් එකේ... ඒත් මීට වඩා ටෆ් වෙන්න ඕන ඩොක්ටර් කෙනෙක් වුණාම...'' ඔහු පැවසූයේ සැබෑ හිතවත් කමින් බව මම දැන සිටියෙමි...

      තරංගා විවේක කාමරයට ඇතුළු වූයේ මම ඉන් පිටව යන්නට සැරසෙන විටදීමය...

      ''හොඳ වෙලාවට ඩොක්ටර් තාම ගිහින් නෑ....''

      ''ඇයි තරංගා.... මම මේ ලීව් දාලා යන්න කියලා... මුකුත් හදිසියක්ද...??''

      '' නෑ ඩොක්ටර් මේ......මේ..... අර පේෂන්ට්....''

      තරංගා මේ කියන්නට යන්නේ මොනවාද...?? මම කුතුහලයෙන් ඈ දෙස බලා උන්නෙමි...

      ''ඩොක්ටර් අර පේෂන්ට් අද උදේ ඩොක්ටර් එයාව චෙක් කරල ගියාට පස්සෙ මගෙත් එක්ක කතා කරා... එයා ඩිස්චාර්ජ් වෙලා ගියාට පස්සෙ මෙන්න මේක ඩොක්ටර්ට දෙන්න කියල කිව්වා...මට බල කළා ඩිස්චාර්ජ් කළාට පස්සෙම දෙන්න කියලා... ඒත් ඊට කලින්........'' ඇගේ අතේ තිබුණේ ඉතා කුඩා පාර්සලයකි...

      මම ගැහෙන අතින් ඒ පාර්සලය අතට ගත්තෙමි......එතුළ තිබුණේ කුඩා තෑගි පෙට්ටියක් සහ නවන ලද රෝස පැහැති කොලයකි...මම පළමුවෙන් කඩදාසිය දිග හැර බැලුවෙමි...

      ''ආදරණීය හිරූ...

කරාබු දෙකක් අරන් දෙන්න තරම් මම පොහොසත් නැති බව ඔයා දන්නවා...ඔයාගෙම වැටුණු කරාබුවට අනික් කරාබුව එක්ක ඔයාට දෙන්න මගේ ළඟ තියෙන්නෙ මගේ ජීවිතේ විතරයි.....

හැමදාමත් ඔයාගෙම..
තරූ.... ''

      ඔහුගේ ලස්සන අත් අකුරින් එහි එසේ ලියා තිබිණි.... 

      පෙට්ටියෙහි පියන හැරගැනීමට පවා මට අපහසු වූයේ මුලු සිරුරම හිරිවැටී ඇත්තාක් මෙන් මට දැනුණු බැවිනි... එහි තිබුණේ විශ්ව විද්‍යාලයේදී මා අතින් එක් කරාබුවක් නැති වූ කරාබු ජෝඩුවයි...නැතිවූ කරාබුවට සරිලන අලුත් කරාබුවක්ද ඔහු එහි තැම්පත් කර තිබිණි....

      දෙයියනේ.....එයා මාව අඳුනගෙන..... එහෙනම් ඇයි දැයියනේ ඔයා වචනයක් කතා නොකළේ....??? මගේ හිස කැරකැවී පොළව භ්‍රමණය වීගෙන එන්නාක් මෙන් මට දැනිණ...

      වටපිටාවෙහි ආලෝකධාරා කැරකැවෙමින් දෙනෙත අඳුරු වී යද්දී..... මට ඔහුගේ අහිංසක මුහුණ මැවී පෙනෙන්නට විය..... 

      කරාබු ජෝඩුවෙන් ඉතිරි කරාබුව මා අතින් ගත් ඔහු එය ප්‍රවේශමෙන් සාක්කුවේ දමාගත්තේ නිධානයක් විලසිනි......

      ''කෝ ඕක මට දෙන්න... ඔයාව මතක් වෙන්න තියාගන්න....''..............





      නිමි....





෴මංචී෴


39 comments:

  1. Moral of the story :- Do not fall in love with medical student!

    ReplyDelete
    Replies
    1. why..?? only medical students dump their partners...??? :p

      Delete
    2. profession is not the thing..thing is the way they think....

      Delete
    3. quite right, doctors' hearts only pump for money. So sooner or later you will find a person who has very little feeling for others. Doctors in this country are mostly ( minority 20% may be different) insensitive. lack empathy, condescending ( try to talk to a doctor whom you spoke to just outside the hospital he/she will ignore you. ) , think too much of themselves ( Doctor maintained car, doctors sing in programs like rhythm chat, if they are not doctors no one will tolerate such voices ). So who should marry such a person, let alone love one !

      Delete
  2. very nice writing...
    Ravi

    ReplyDelete
  3. හැබැයි මංචියෝ එකක් තියෙනවා.. යාලු‌වෙලා ඉන්න දෙන්නෙක්ගෙන් එකෙක් ජීවිතේ ගැන ප්‍රැක්ටිකලි හිතන එකෙක් වෙලා අනිත් එකා බොළඳ විදියටම හිතනවා නං එතනත් ගැලපීමක් නෑ... ඇත්තටම මට හිතෙනවා ඔච්චර නපුර නොවී එයාගෙන් අයින් උනානං තමයි හරි යන්නේ කියලා.. මොකද මේ දෙන්න නං කිසිම ගැලපීමක් නැති දෙන්නෙක්... මෙතන වෙලා තියෙන්නේ ඒ අන්ත දෙකේ ඉන්න දෙන්නෙක් යාලු වෙලා.. එහෙම උනාම දෙන්නටම වැරදි කියන්න මට බෑ... ඇත්තටම තරුක එක්ක හිටිය නං හිරුට සාර්ථක ඩොක්ටර් කෙනෙක් වෙන්නවත් හම්බුවෙන එකක් නෑ කියලා මට හිතෙනවා... මොකද එයා ඩොක්ට කෙනෙක් උනාමත් මීට වඩා සල්ලි පස්සේ යන්න ගිහින් දෙන්නගෙම ජීවිත විනාස වෙනවා.. මොකද හිරුට සල්ලි ඕනේ.. තරුකට සල්ලි නෑ... හිරුෂි වැඩිපුර සල්ලි හොයන්න දඟලනකොට බොළඳ තාරකට හිතෙනවා එයා කොන් වෙලා, තනි වෙලා කියලා... එතකොට අවුල් පටං ගන්නව...

    ඔන්න ඔහොම විශ්ලේෂන කරන්න පුළුවන්... හි හි...

    ඇත්තටම මට තරුක එක්කයි තරහා මංචි.. ඒ මෝඩයා ඔච්චරම මෝඩයෙක් නොවී හිටියනං ඉවරනේ... කොච්චර බොළඳ, මෝඩ පිරිමියෙක්ද... කිසිම ප්‍රැක්ටිකල් මනසක් නැති කෙනෙක්....

    මෙච්චර හරියක් ලිව්වේ කතාව සර්ථකයි කියන්න ඈ... හි හි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයාගෙ කතාව හරි..මම මෙතනදි රචිකාව විදිහට චරිත දෙකෙන් එකක්වත් සාධාරණීකරණය කරන්න උත්සහ කරන්නෙ නෑ.. මිල මුදල් සහ විශේෂයෙනම හිතන විදිහේ මේ තරම් වෙනස් කම් තියෙන දෙන්නෙක් යාලු වෙන එක ගැන මගෙත් පුද්ගලික අදහස ඔයාගෙ අදහසමයි.. හැබැයි හිරුගේ චරිතය ඇතුලට අනුගත වෙලා බැලුවොත් මම හිතන්නෑ එයාට තරුක එක්ක සැබෑ ආදරයක් තිබුණා කියලා.. ඒක අවස්ථානුකූල ආදරයක් වුණා කියන අදහසයි මට දෙන්න උවමණා කළේ...

      ඔයා හරිම අපූරු විචාරිකාවක්නෙ හිරූ..බොහොමත්ම ස්තූතියි ඔයාගෙ විවරණයට..ඒක මට ඇත්තෙන්ම ලොකු හයියක්... :)

      හිකිස්... අම්මේ අන්තිමට කතාව සාර්ථකයි කියල හිතුනනං එච්චරයි අප්පා... :D

      Delete
  4. මකුළුවෝ මේ කතාවට නං හිත ගැස්සිලා ගියා මගේ..

    ReplyDelete
    Replies
    1. මකුළු බියට දුන් පිළිතුර දුටුවෙමි. ස්තුතියි එයට.

      Delete
    2. මෙය එක් පබැඳුමක් විතරනෙ නලීන්.... ඒත් අපේ පමාජයේ සැබෑම හිරුශිලා තරුකලා ඉන්න බව හිතද්දි නේද වැඩිපුරම දුක හිතෙන්නෙ.. :(

      පිළිතුර ප්‍රයෝජනවත් වුණානම් මට හරිම සතුටුයි.. :)))

      Delete
  5. පශ්චාත්තාපයක් කිසිසේත්ම අවශ්‍ය නොමැතිබව මගේ අවංක හැඟීමයි. තම ජීවිතය ඉදිරියට ගෙන යායුත්තේ කෙසේදැයි තීරණය කිරීම ඒ ඒ පුද්ගලයාගෙ ස්වාධීන අයිතියයි. මළගිය ප්‍රේමයක් එසේම තමන්ට ප්‍රේම නොකරන යුවතියක වෙනුවෙන් දිවිනසා ගැනීම යනු මූඪ භාවයෙහි උපරිමය බව එලෙසම හඟිමි. Having said that......තරූක පිළිබඳව මසිත උපදිනුයේ අපරිමිත සංවේගයකි. ඔහුගේ දෛවය නැතහොත් ඉරණම ඒ යයි සිතා හිත හදා ගැන්මට උත්සාහ කරමි.

    ලස්සනට ලියල තියනව..මැඩම්..අපූරුයි :)

    ReplyDelete
    Replies
    1. පශ්චත්තාපය කියලා නම් කරන්න මට හිතට එන්න ඇත්තෙ වැඩියෙන්ම හිරූගේ සිතුවිලි මත පිහිටලා වෙන්න ඕන... තරුකගෙ ප්‍රේමයේ අහිමි වීම ගැන ඇය දුක් වෙනවා කියලා මම හිතන්නෙ නෑ..මොකද ඇය ඇත්තටම තරුකට ප්‍රේම කලාද කියලා සැක සහිත නිසා.. ඒත් වයසින් අත්දැකීමෙන් මුහුකුරා යද්දි අපි බොහෝ දෙනෙක් තරුණ වයසෙදි කළ කී ඇතැම් දේවල් ගැන පසුතැවෙනවා නේද...??

      තරුක ගැන කතාකළොත් ...ඔව් ඒ ඔහුගෙ දෛවය වෙන්න ඕන..

      තැන්කූ සර්... :D

      Delete
  6. හරිම ඛේදවාචකයක්නේ. කියන්න දෙයක් නෑ. ලිවිල්ල නම් සුපිරියි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ ඛේදවාචක මොනතරන් නම් ඇත්ත ජීවිතේදි වෙනවද බ්ලොග් වෝකර් අංකල්... බොහොම ස්තූතියි කියෙව්වට.. :)

      Delete
  7. ඇඟේ ලේ රත් උනා අෆ්ෆා.....

    හැමා කෙල්ලෙක්ම / ගෑණියෙක්ම ඔහොමද ? හැමෝම එහෙම නෑ කිව්වට අන්තිමට බලාගෙන යද්දි ඔක්කොම එකයි...

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් හැමෝම එහෙම නෑ කියල තමා යසිත් ආපහු කියන්ඩ වෙන්නෙ.. :D

      අනික ඉතින් ඔහොම දේවල් කරන්නෙ ගැණු ජාතිය විතරක්ම නෙවෙයි..පිරිමිත් සමහරු එහෙම තමයි... ඒවයින් වේදනා විඳින්නෙත් ගැහැනු සහ පිරිමි යන දෙගොල්ලොම.. ඒ කියන්නෙ අපි වගේ අහිංසක මිනිස්සු... :D

      Delete
  8. නියමයි... ඔන්න මමත් කියෙව්ව...

    හැබයි ඉතින් මේ කෙල්ල කරපු වැඩේ නම් වැරදියි..ඒත් තරුක මීට වඩා ගැඹුරින් හිතන්න තිබුනා.. බොලඳ විදියට ජීවිතේ ගැන හිතන්නෙ නැතිව

    ReplyDelete
    Replies
    1. තැන්කූ ගවේශකයෝ...

      ඔව් දෙන්නම වැරදියි තමයි.. :(

      Delete
  9. මේ කතාව කියවත්දි හැමදෙයක් මැවී පෙනුනා වගේ දැනෙනවා , නිර්මාණයේ සජීවි බව නම් ඉහළයි . ස්තුතියි මංචි ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හෙද තුමනි... සජීවී බව රැකගන්න තමා මගේ උපරිම උත්සහය.. :)

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. දරුණු දඬුවමක් වගේ නේද?

    ලස්සනට ලියලා... සුබපැතුම්!.
    කතාවක් නේ... ඒ හින්ද එක එක චරිත සාධාරණිකරණය කරන්න වැඩක් නැහැ නේද? මේ වගේ සත්‍ය කතාවක් මම දෙකල තියෙනවා ඇස දෙකටම අපේ ෆැකල්ටි එකේ... හැබැයි එකේදී උනේ අනික් පැත්ත.... අපි ඉතින් නරඹන්නෝ හින්ද ඇත්තටම මොකද උනේ කියන්න හරියට දන්නේ නැහැ... හැඟීම් එක්ක කරන සෙල්ලම් බොහොම දරුණුයි...

    ReplyDelete
    Replies
    1. ඔයා කියල තියෙන්නෙ බොහොම වැදගත් අදහසක්... අපි ගොඩාක් සිදුවීම් වල හරි වැරැද්ද දකින්නෙ ඒකපාර්ශවිකව.. ඒක හරිම වැරදී..හරිම වැරදියී... :(

      Delete
  12. හිරු සහ තරු අතර මම ආලෝකමත් විමි. හැඟීම් යනු චිත්ත සන්තානයේ වඩාත්ම මටසිලිටි ස්ථානයයි.Very Fragile! Handle With Care !!සංවේදී ප්‍රබන්ධයකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරු.. :D
      පරිස්සමට භාවිතාකරන්න ඕන ප්‍රබන්ධයටත් වඩා වැඩිපුරම මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක වැඩ කරද්දි මං හිතන්නෙ.. :)

      Delete
  13. මන්චිය ගොඩ කාලෙකින් නෙ.
    ඇත්තමයි හිත ගෑස්සිලා ගියා කතාව කියවද්දි...වනෛ වන සතෙක්ට වත් වෙන්න එපා මෙහෙම වින්නෑහි...

    ඔයාට මාර හෑකියාවක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් විදුර...කාලෙකින් නිදහසක් ලැබුනෙ ලියන්න... තැන්කූ අගය කලාට.. :)

      Delete
  14. ඉංජෙක්ව මෝඩයෙක් කි‍රීම ගැන මගේ බලවත් වි‍රෝධය.

    බූට් එක දෙන තැන අතාත්විකයි. අත්දැකීමක් නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... විශේෂයෙන් ඉන්ජෙක්ව මෝඩයෙක් කළාම නෙවෙයි ඉතින්... ඔව් හිරූ වගේ දරුණු බූට් නම් දීල නෑ තමා... :D බොහොම ස්තූතියි අදහස් වලට කතන්දරකාරයෝ.. :)

      Delete
  15. මේ මම දන්න, මන් හොයන හිරූ මද ..?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..... අනේ මන්දා... ඔයත් හිරූ කෙනෙක් හොයනව නම් පරිස්සමින් ඔන්න.. :(

      Delete
    2. na na me man hoyana hiruma thamai, mata 100% eka sure,

      Delete
    3. ඒ කියන්නෙ ඔයා තරුකද...?? නැත්නම් තුශාරද..?? :O

      Delete
  16. අඩේ සිරාම සිරා මංචියෝ . . .

    හැබෑමයි හිත ගිහි ඩිගි ගෑවා අන්තිම හරිය කියවද්දී . . .

    සුපිරියට ලියලා බන් නංගියේ . . .

    ReplyDelete
    Replies
    1. තැන්කූ දුකා අයියේ... ඔයාගෙ කොමෙන්ට් එක දැක්කම මාර ගැම්මක් ආව අනේ.. තැන්කූ ඔන්න ආයෙමත් හොඳේ.... :)

      Delete
  17. mage kaviyak liyala yannam kamak nathda manda...
    kathawa mekamai eth parajithaya bolada na..eya duken pali gannawa...

    visula sithuvili pela hadawatha
    anawasarayen pilisidi
    wasa watha muwa
    viwara kala kadulu kavulu..
    dora galana thejo bala guna..
    dawa halu kala sunila kavi sitha..
    daathin thurulu kara pali gannata
    magema diviya vu nuben
    novatina bavin
    kasun muthu mini tharam
    dugi kedari sharira kuduwata hirawunu mage hadawatha ,,,,,,nubata..

    ReplyDelete
  18. :( කෙල්ලොම තමයි මේ වගේ බූට් තියන්නේ.. කොල්ලෝ බහුතරේ බොක්කෙන් ලව් කරන්නේ :D

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...