''උදේ ඉඳලම මුකුත් කාලත් නෑනේ ළමයො... ඇවිත් මේ පාන් පෙත්තක් හරි කන්න...''
''තුශාරයි දෝණියි කාලද අම්මෙ නිදාගත්තෙ...??''
''ඔව්.. මහන්සියට නිදි කියල හිතපු නිසා පුතා කිව්වා ඔයාට කතාකරන්න එපාය කියල... වෙනදත් ඉස්පිරිතාලෙ හිටන් ඇවිත් නිදාගත්තම ඇහැරවනවට තරහයිනෙ ඔයා...''
''හ්ම්ම්.... එහෙනම් අම්මත් කාල නිදාගන්න.. මට කන්න පිරියක් නෑ...''
මම හෙමින් ඉස්තෝප්පුව දෙසට ඇවිද ආවෙමි.... සඳ එළියෙන් මිදුල පමණක් නොව ඉස්තෝප්පුවද ආලෝකමත් වී ඇත..හෙට අනිද්දාට පෝයක් ලබනවා විය යුතුය... ඔව්මනෙ...එකනෙ දෝණිට මල් මාලයක් හදල ඕන කිව්වෙ අනිද්දට ඉස්කෝලෙට ගෙනියන්න....
''අනේ මං දන්නෑ..ඔහොම නොකා නොබී ඉඳල ලෙඩවෙනවා...මහ ලොකු දොස්තර පට්ටමක් ගත්තට තමන්ගෙ සෞඛ්‍යය ගැන කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ....'' මොන මොනවාදෝ මුමුණමින්.. අම්මා මේසය අස් කරනවා විය යුතුය...
තවමත් සඳ හරි හැටි නොපිරුණද ඉස්තෝප්පුවට වැටෙන එළිය බෙහෙවින්ම තීව්‍රය... වෙනදා කොතරම් වෙහෙස වී සිටියද හිත නිවෙන්නේ මේ වටපිටාව දැක්මෙනි...එහෙත් අද.... හ්ම්ම්ම්....
සඳ එළිය පවා මගේ හදවත විනිවිද දකිනු ඇතැයි මට සැක සිතිණි..ගස්ගොමුවක සෙවණැල්ලකින් සඳ එළිය මුවා කර සිමෙන්ති පොළවෙහි කලුවර පැල්ලමක් ඇති කර තිබූ තැනකම හිඳගන්නට මට හිතුණේ එබැවින්ද....
සිත තවමත් නොසන්සුන්ය......
ඒ ඔහුමද.....???
අද දිවා කාලයෙහි ගිලන් රථයකින් රෝහලට ගෙනෙන ලද්දේ අසාධ්‍ය රෝගියෙකි.... කොතෙකුත් රෝගින් පැමිණෙන රෝහල් පරිශ්‍රයේදී මේ ගෙන එන ලද මැදි වියට එළඹෙමින් සිටි තැනැත්තාගේ අමුතු විශේෂත්වයක් මම නුදුටුවෙමි...
රෝගියෙකි පරීක්ශා කිරීමේ සුපුරුදු ක්‍රියාවලිය අනුගමනය කරමින් ඔහුගේ මුහුණ දෙස බැලුවෙන් දින කිහිපයකින්ම රැවුල නොකපා වියලී ගිය දෙතොල්ද සහිතව දුර්වර්ණව ගිය මුහුණ දුටුවද මා ඔහු කිසිසේත්ම හැදින ගත්තේ නැත...මා රෝගීයා පරීක්ෂා කරන අතර හෙදියක විසින් ඔහුගේ තොරතුරු ලබාගනු මට ඇසුනේ යාන්තමිනි....
තරුක ශ්‍රීමේඝ වනිගසේකර......
මගේ හදවත එක මොහොතකට ඇණහිටින්නට ඇත.... ඉපැරණි මතක සටහනක් විදුලි සැරයක් මෙන් මගේ මතකයෙහි ඇඳී ගියේ නිතැතිනි...පෙර දිනක ඔහු මගේ අත්ල මත රතු බෝල්පොයින්ට් පෑනකින් සිත්තම් කළේ ඒ නමම නොවේද...??
මම යළිත් වරක් රෝගියාගේ මූණ දෙස වඩාත් උවමනාවෙන් බැලීමී...මෙවර මට ඒ මුහුණේ අඳුරු රේඛා අතර වඩාත් හුරුපුරුදු ගතියක් දැනිනි...දෙවියනේ..... මේ එයාමද.....පෙර දිනයකදී රොබරෝසියා තුරු වදුලු යටින් ආදරෙන් මගේ දෑත අල්ලාගෙන ඇවිද ගිය කඩවසම් තරුණයා මොහුම විය හැකිද.....???
දැඩිව මත්පැන් පානය කර සිටි ඔහු ඒ ගෙනෙන විටත් පසු වූයේ සිහි මද ගතියෙනි.... ලේ මිශ්‍රිතව වමනය කිරීමෙන් අනතුරුව ඔහුව රෝහලට ඇතුලත් කර තිබුණේද මිතුරන් පිරිසක් විසිනි....වහා දැඩිසත්කාර ඒකකයට යොමු කරන ලදුව අවශ්‍ය ප්‍රතිකාර සියල්ල ලබා දුන්නද තවමත් ඔහුගේ ජීවිතය විශ්වාස නොවන වග මම අත්දැකීමෙන් දැන උන්නෙමි....
ඉඳගෙන සිටියද හිස බමන්නට වූයෙන් මම ඉබේටම බිත්තියට හිස වාරු කරගත්තෙමි....අතීතය දෑස් අභියස හොල්මන් කරන්නට වූයේ අනාරාධිතවමය...
''මම නිකමටවත් හිතුවෙ නෑ හිරූ ඔයා මට කැමති වේවි කියලා....'' ඒ දෑසේ තිබුණේ අව්‍යාජ ප්‍රේමයක දිලිසුමය...
''ඒ මොකද...???'' මදක් හිස ඇල කොට නෙත් කොනින් බලා මම ඇසුවෙමි....
''ඔය...ඔයා ඔහොම බලද්දි ඕන කොල්ලෙක් ඔයාට ආදරේ වෙනවනෙ.... අපේ ෆැකල්ටි එකේම හෙණම සල්ලිකාර හැන්ඩ්සම් කොල්ලො කී දෙනෙක් ඔයාට ට්‍රයිද... ඉතින්...එහෙම එකේ ඔයා මං වගේ හිඟන්නෙක්ට කැමති වුණු එක..පුදුමයක් නෙවෙයිද....??''
මම දඟකාර ලෙසින් හඬනගා සිනාසුණෙමි.....
''අයියෝ තරුක..... අහල නැද්ද අර කතාව...''
''මොන කතාවද බබා....'' ඔහු ඇසුවේ අහිංසක ස්වරයකිනි..
මම බැරෑරුම් මූණක් මවාගතිමි....
''අර.............. නිකම් ලැබුණු අස්සයගෙ දත් ගනින්නෙපා කියන කතාව.....''
''හඃ..හඃ..හ්ඃ....හ්හ්ඃ......'' මම ඔහු තල්ලු කොට හයියෙන් සිනාසුණෙමි...
සුදු මූණ ඇද කරගෙන ඔහු තෙපලුවේ වදන් දෙක තුනක් පමණය...
''ඔයාට නං හැමදේම විහිලු හිරූ...''
ඒ අපේ ආදරය පටන් ගත් මුල්ම දින වලය... මා වෛද්‍ය පීඨයේ දෙවන වසරෙහි සිසුවියකව සිටි එසමයෙහි ඔහු ඉංජිනේරු පීඨයෙහි සිව් වන වසරෙහි සිටි දීප්තිමත් සිසුවෙකු විය.... ඔහු ස්වභාවයෙන්ම නිහඬ අහිංසක චරිතයක් වුවද...තවමත් තරමක් නවක සිසුවියක වූ මම විශ්ව විද්‍යාලයේ බහුතරයක් අතර ප්‍රසිද්ධ චරිතයක් වීමී... ඒ මගේ පෙනුමත්..කටකාර බවත් හේතුවෙන් විය යුතුය.
ඔහු නොදැන සිටියද විශ්ව විද්‍යාලයේ බොහෝ සිසුන් අපේ සබඳතාවය ගැන විවිධ මත දැරූ බව මා සක්සුදක් සේ දැන උන්නෙමි... ඇතැමුන් ඔහුට ඊර්ශ්‍යා කළ අතර... ඇතැමුන් පුදුමය පල කළහ..මා ඇසුරු කර මා ගැන යම්තාක් දුරට දැන සිටි හිතවතුන් කීවේ මා වැනි දඟකාර කෙල්ලකට ඔහු වැනි අහිංසකයෙකු හොඳ වැඩි බවයි...
සැබැවින්ම මා ඒ කිසිවෙක් කී කිසිවක් පිළිබඳ තැකීමක් නොකලෙමි.... ඉගෙනීම විශයෙහි මා මගේ වැඩ කොටස කලට වේලාවට ඉටුකිරීමට පුරුදුව උන්නෙමි.... ඔහුද එයට අතහිත දුන්නා මිසක කිසි විටෙක එයට බාධාවක් වන කිසිවක් නොකිරීමට වගබලාගත්තා මට අදටත් මතකය..
එහෙත් මා හමුවීමට...මා සමග ගමන් බිමන් යෑමට කාලය මිඩංගු කළ පසු සැබැවින්ම ඔහුට ඉගෙනීමේ කටයුතු සඳහා මද වේලාවක් වත් තිබුණේදැයි සැක සහිතය... එය එසේ වුවද මට ඒ ගැන සිතීමට තරම් වුවමණාවක් එකල තිබුණේ නැත...
ඔහුට මගේ ප්‍රේමය ඇවැසි නම් ඒ සඳහා කැප කිරීම් කිරීමටද ඔහු සූදානම් විය යුතුය යන්න මගේ හැඟීම විය... එමෙන්ම ඔහු සමග බැඳී සිටියද මා සමග කුලුපග වන අනික් පිරිමි ළමුන් සමග කතා බස් නොකර සිටීමටද මම අකමැති වීමි...
ධනවත් පවුලක එකම දියණිය ලෙස හැදී වැඩී ජීවිතය ගැන බරක් පතලක් නොදත් මම තරුණයින්ගේ චාටු කතාවලින් නොරැවටුනද ඒවායින් ප්‍රීතියටද උද්දාමයටද පත් වීමි..ඒ කිසිවෙකු සමග අයුතු සබඳතාවක් ඇති කරගැන්ම මගේ අභිප්‍රාය නොවුනද එය අන් අයගේ ඇසින් දුටුවේ තරුක වෙත කරන ද්‍රෝහි කමක් විලසිනි....
''ආ...උඹටත් කෑල්ලක්.....'' මා එවෙලෙහි රස බලමින් සිටියේ මගේ ප්‍රේමය පතා පැමිණියෙකු තිළින කළ චොකලට් පෙත්තකය.....
''මට එපා....'' මගේ මිතුරිය එය ප්‍රතික්ශේප කළේ නෝක්කාඩුවෙනි....
''එපා නං අපට කරන්න දෙයක් නෑ ඔන්න.....'' ඇයට ඇද කර සිනාසුණු මම එය කටේ රුවා ගත්තෙමි...
''උඹ ඔය කරන වැඩේ නම් හරි පවු හිරූ....'' ඇය යළි කටහඬ අවදි කළේ අමනාපයෙනි...
''මොන වැඩේද.....???'' චොකලට් දවටනය පුරා එහි මිල සටහන සොයන අතරේ මම විමසුවෙමි...
''ඔව් දන්නෙම නෑ...උඹ බබෙක්නෙ.....ඇයි බං උඹ අර කොල්ලව නිකං නටවන්නෙ...???''
''නටවන්න එයා නයෙක්යෑ...අනික ඔය කියන්නෙ මොන කොල්ල ගැනද...??'' මම ඇසුවේ ඇයව තවත් කෝප ගන්වන්නට සිතාගෙනමය...
''ඔව්...උඹට කොයි කෙනාද කියලා හිතාගන්න බැරුවත් ඇති තමා....... කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නව නං ඒ විදිහට හිටපන්. නැත්තන් ඒ කොල්ලව අත ඇරල දාපන්..උඹ හොඳටම දන්නවනෙ හිරූ තරුක උඹට ලව් කරන්නෙ ජොලියට නෙවෙයි කියලා... ඒ ළමය හරි සීරියස්....''
''හරි හරි බං....ඉතින් චොකලට් එකක් කෑවා කියලා ඒකෙන් එයාට වෙන වැරැද්ද මොකද්ද...??''
''ඔව් චොකලට් කන එකේ වරදක් නෑ... ඒත් උඹ උඹේ පස්සෙන් එන කොල්ලො එක්ක කදේ දාගෙන ඉන්නෙක තමා වරද...බලපන් ඒ කොල්ල උඹ දිහා ඇරෙන්න වෙන කෙල්ලෙක් දිහා බලන්නවවත්ද කියල...''
''හරි ඉතින්...මම එයාට කියල නෑනේ වෙන කෙල්ලො එක්ක කතා කරන්න එපා කියලා..''
''අනේ මන්ද හිරූ.... බලපංකො....උඹ ඔය කරන දේට දවසක දුක් වෙන්න වෙනව උඹට...''
''අනේ පිස්සු... ඒක නෙවෙයි මේ බලපංකො.....මේ චොක්ලට් එක රුපියල් හාරසිය පනහක්....''
''උඹට නං කියල වැඩක් නෑ.....'' ඈ දිගු හුස්මක් හෙලුවේ මන්දෝත්සාහීවය...
අද මේ සිත් පීඩාව එදා මා ඔවුන්ගේ අවවාද වලට ඇහුම්කන් නුදුන් හෙයින් නොවේද....??
ඉස්තෝප්පුවෙහි විදුලි පහන යට කුරුමිණියෙකු නොකඩවා කැරකේ...... ඌ වරින් වර බල්බයේ හැපෙන විට නැගෙන හඬ කනට අමිහිරිය...... මම මද වේලාවක් ඒ දෙස බලා සිට යළි මිදුල දෙස නෙත් යොමු කළෙමි... අද්භූත හෙවණැළි හැරෙන්නට අන් කිසිත් නුදුටු මගේ හදවතට දැනුණේ අමුතුම මූසල හැඟීමකි.....
''අම්මා''.............
''අම්මා.....''............
දෝණි නින්දෙන් ඇහැරලාද කොහෙදෝ.... මම ඉක්මන් ගමනින් ගෙට ඇතුලු වී ඉස්තෝප්පුවේ දොර වසා දැමුවෙමි....
.
.
.
.
.
.
.
මතු සබැඳේ...........
පශ්චත්තාපය (දෙවැනි දිගහැරුම...)
෴මංචි෴
ජීවිත රෝදේ කැරකෙන හැටි තමා. මේ සේරම අපේ ජීවිතේම යාව ජීව අංග බවට පත්වෙලා මකුළු පැංචියේ.
ReplyDeleteඅපේ ලොකුකෙල්ල මකුළුවන්ට හරිම බයයි. මේවට පිළියම් තියනවද?(සිරාවට අහන්නේ)
ඒකනම් ඇත්ත... :)
Deleteහෆොයි ලොකු කෙල්ල මටත් බයයිද දන් නෑ... :(
ලොකු වෙද්දි බොහෝ විට ඕව මග ඇරිල යනවා.. පොඩි පොඩි මානසික ප්‍රතිකාර නම් තියෙනවා..ඒත් එදිනෙදා ජීවිතේට විශාල බලපෑමක් නොවෙන ඔය වගේ පුංචි පුංචි භීතිකා වලට ප්‍රතිකාර ගන්න එක ඒ හැටි වුවමනා නෑ කියලයි මම නං හිතන්නෙ.. :)
බොහොම ස්තුතියි මේ පිලිතුරට.. මාත් හිතනවා ඒක හොඳයි කියලා.. ඇත්තටම ඇය අසීමිතව බයයි මකුළුවන්ට.
Deleteමම මේක කියවනවා. මකුලිගේ යාලුවෙක් ටිකක් එහායින් පුටුවක ඉඳගෙන අම්මත් එක්ක කියෝ කියෝ ඉන්නවා. ඔන්න මම කියනවා.
ReplyDelete'මෙන්න ඔයාගේ යාලුවා තව පෝස්ට් එකක් දාලා.'
'මොනවා? මකුලි හෙන ඇක්ටිව් වෙලානේ. මොකක්ද ඒකේ නම?'
මම පෙන්නනවා උඩට ස්ක්‍රෝල් කරලා.
'ආ, මොකක්ද ඒ? පශ්චාත්භාගය?'
'හෙක් හෙක්, පශ්චාත්භාගය නෙවෙයි, පශ්චාත්තාපය.'
ආහ්... හික්ස් ඒ මදිවට මේකේ ඉන්න ඩොක්ටර්ගෙ නමත් හිරුනෙ..හිරූ කිව්වට හිරුශි...ඒ නිසා අපේ හිරූට කියන්න කලබල වෙන්න දෙයක් නෑ කියල... :D
Deleteඑයාට ඉතින් පේන්නෙම ඔය වගේ එකක් තමා... නිතරම කණ්නාඩි දෙක ලගින් තියන්න අංකල්..නැත්තම් අංකල්ලට දවසක වෙන්නෙ පොලිසි උසාවි ගානේ ලගින්නයි... හික්ස්..
ඔන්න එයාට කියන්න මකුළි ආදරෙන් මතක් කළා කියලා.. ඔන්ලයින් ආපු වෙලාවක මතකැතුව කතාකරන්ඩ කියන්න හොඳේ... :)
niyamaai ealaga ekath dando
ReplyDeleteමේ මග එනවෝ.... :D
Deleteඅඩේ මං පවු මංචියෝ.... මාත් ඉතිං ඔහොම වැඩ ටිකක් කරලා තියෙනවා.. ගනං ඉස්සීමේ පරමාර්ථයෙන්... හැබැයි මට පණ ඇරලා ලවු කරපු එකාව අතෑරියේ නං නෑ..හි හි...
ReplyDeleteකෙල්ලො හින්දා බීලා නහින්න හදන උන්... අනේ මන්දා මංචියෝ මාත් ඊයේ රෑ ඉදලා කල්පනා කරනවා එහෙම එකෙක්ව හදන්නෙ කොහොමද කියලා... හොඳින් කියලා දෙන්නද... ගහන්නද බනින්නද.. අම්මලා තාත්තලගේ පලු අරින්නද.. කෙල්ලට බනින්නද... ලවු එක කඩලා දාන්නද...
මුන් මහ මී හරක් බං....
නොදැනුවත්ව කෙසේ වෙතත් දැනුවත්වම කෙනෙක්ගෙ ජීවිතේ නාස්ති වෙන විදිහට වැඩ කරනවනම් ඒක අපරාදයක්... හ්ම්ම්ම්
Deleteමොනව කියන්නද ඉතින් වෙනද වගේම පට්ටයි. ඒත් කඩා වඩා ගන්න එක නම් හොද නෑ නේද සිරාවටම ලව් නැත්නම්.මොනව උනත් බූට් එකක් හින්දා බීල නහින්න හදන එක ගොන් වැඩක් තමයි. පුලුවන් නම් ඒකි ඊලඟ පාර අපිව දකිද්දි හිටියට වඩා හොඳ තත්වෙක ඉන්න පුලුවන් නම් ඒක තමා වැදගත්.
ReplyDeleteඔව් රතී ඒත් ඒක ගොඩක් අයට තේරෙන්නෙ නෑනෙ ඔය මානසිකත්වයේ ඉන්නකොට... :(
Deleteආයුබෝවන් මකුළු පැංචි...
ReplyDeleteඅද තමයි මේ පැත්තට ආවේ... ලස්සන කතාවක්..
ඊලඟ කොටස එනතුරු මග බලා සිටිමි :ඪD
ආයුබෝවන් ගවේශකයෝ... ආදරෙන් පිළිගන්නවා වියමනට...
Deleteඔන්න ඊලඟ කොටසත් දැම්මෝ... ආයෙ එන්ඩකො.. :)
aa...kotas kathaawak wage..balamuko
ReplyDeleteගොඩාක් කොටස් නෑ ඉතින්.. එව්වා කියන්න කම්මැලී වගේ,,, :D
Deleteලස්සණ කතාවක්නේ, මංචි අක්කේ. ඔන්න අද තමයි මෙහාට ගොඩ වුණේ. දිගට ම ඇවිත් යන්න එන්නංකෝ.
ReplyDeleteධාරා මීට කලින් ඇවිත් තියෙනවා නේද??? අද ආවනම් ඔන්න ආදරෙන් පිළිගත්තා.... ආයේ එන්ඩාආඅ....
Deleteඅප්පෝ කෙල්ලෝ ඔහම්මයි . . කිසි හැඟීමක් නෑ කොල්ලන්ගේ අකලංක ප්‍රේමය ගැන . .
ReplyDeleteහික් හික් හික්
දෙවෙනි කොටස කලින් කියෙව්වේ ඒක තනි කතාවක් විදිහට රසවිඳින්න පුලුවන් විදිහට ලියල තිබ්බා . ..
ආහ්... සමහර කොල්ලොත් එහෙම තමා හරිද..?? අනික කොච්චර හොඳ අහිංසක කෙල්ලො ඉන්නවද.. මේ අපි වගෙ.. ;)
Deleteඔයත් මාරයිනෙ... මම හිතුවෙ නෑ එහෙම කියවන්ඩ පුලුවන් වෙයි කියලා.. :D
Hithata thadin waduna😔
ReplyDelete