ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

මළඉලව් සංවර්ධනේ.....



      නිවාඩුවට ගෙදර ඇවිත් ඉන්න එකේ මංචි ගියා අද පාංදරිම්ම... (ඒ කිව්වෙ උදේ නවයට විතර හරියෙ... ) ඉතින් ගියා මංචිගෙ පුංචි කාලෙ ඉඳන් එක බත්පත බෙදන් කාපු යාලුවා හම්බවෙන්න... එකෝමත් එක කාලෙක ඉඳලම වියමන කියපු අයනම් දන්නවත් ඇතිනෙ... මංචිගෙ හොඳම යාලුවා වින්දි...:x හරි ඉතින් මේ ලියන්න යන්නෙ ඒ ගියපු ගමන ගැන නෙවෙයි.. ඒ යන අතර දැක්ක සවුත්තුම සවුත්තු දර්ශනයක් ගැන...o=> 

      මං ඉතින් සාමාන්‍යයෙන් ඔය දේශපාලුවො කරන කියන එව්වා ගැන විවේචනය කරන්න.. [-Xඒවා ගැන අදහස් උදහස් දක්වන්න ඒ හැටි මනාප කෙනෙක් නෙවෙයි..ඔය මොන පක්ශෙ අය මොන මොනවා කිව්වත් ඔය ඔක්කෝම එකම බෝට්ටුවෙ.. ඒ වුනාට අදනං ඔය ජාතිය එපාම වුණා මට.. ^:)^

      වින්දිලගෙ ගෙදර තියෙන්නෙ මංචිලගෙ ගෙදර ඉඳන් චුට්ට දුරකින්.. අපි දෙන්නගෙම ගෙවල් තියෙන්නෙ එකම පාරේ.. වින්දි ඉන්නෙ ඒ පාරෙම ටිකක් ඇතුලට වෙන්න... ඔය පාරේ ටිකක් දිගට යද්දි හම්බවෙනවා වැවක්... ඒ තමයි කඳවල වැව..  ඉස්සර හැමදාම ඉස්කෝලෙ යද්දි එද්දි අපි බලාගෙන ඉන්නෙ ඒ වැවේ හැම තිස්සෙම වගේ පීනන සුදු හංසයො රෑන බලන්න... :x

      බිල්ඩින් වලින් පිරිච්ච කොළඹ පැත්තෙ කජු ගස් හොයාගන්න සෑහෙන අමාරු වුණාට කඳවල වැවේ මායිමේ කජුගස් කීපයක්ම තිබුණා... වැව අද්දරින් යන කඳවල පාර ඒ හරියෙ තිබ්බෙ පුදුම හෙවණක්... ගිණි අවුවෙ ඇවිදගෙන එන කෙනෙක්ට වැව දැක්කම ඒ හෙවණ දැක්කම ගතට විතරක් නෙවෙයි හිතටත් දැනෙන්නෙ හරිම සිසිලසක්... ඒ විතරක් නෙවෙයි වැව අද්දර උස ගස් බොහොමයක්ම තිබුණා..ඒවගෙ සෑහෙන කුරුල්ලො ජාතිත් හිටියා... 

      වැව පුරාම වැවිල තිබ්බෙ රතු ඕලු මල්... :) ඊලඟට වැව මැද්දෙ තියෙන පුංචි දූපතේ ජලජ පරිසරය ආශ්‍රිතයේ ජීවත් වුණු කුරුල්ලන්ට අභය භූමියක් වගේ... කොක්කු එහෙම රංචු පිටින් වහල ඉන්නවා දවසෙ ඕනම වෙලාවක දැකගන්න පුලුවන්..

      ඒත් අද වින්දිලාගෙ ගෙදර යද්දි ඒ පාරෙ තියෙන්නෙ සිමෙන්ති ගොඩකුයි ගිනි ගහන අවුවයි විතරයි.... >-)

      අතිශයෝක්තියෙන් කියනවා නෙවෙයි...ඇත්තෙන්ම ඒ සුන්දර පරිසර පද්ධතියට වෙලා තියෙන විනාසෙ දැක්කම මට නං ආවෙ මේක කරපු උන් එක්ක මාරම කේන්තියක්.. X(>:P
:-L
      වින්දිත් මං කියන්නත් කලින්ම ගෙට ගොඩවුණු ගමන් කතාකළේ ඒ ගැන..... කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලෙට.. තේරෙන බාසාවෙන් කිව්වොත් කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටියෙ අලුත් පිට්ටනියක් හදල දෙන ගමන් ගමේ ඉන්න උන්ටත් දුවන්න අර රට වටේම හදනවා වගේ සිමෙන්ති පාරක් හදල දෙන්න තමා මේ විකාරෙ කරල තියෙන්නෙ... 8-X

      වැවේ තිබ්බ ඕලු මල් තියා කිසිම පැලයක්වත් පේන්න නෑ... ඒ මදිවට හංසයො ටිකත් නෑ... ගිනිගහන අවුවෙන් මුලු පැත්තම කර වෙනවා.. ඒ මදිවට වැවේ බෝට්ටු සර්විස් එකකුත් දානවලු.. ලඟ පාත හෝටලේකුත් දානවලු..  ඕක ගැන ලොකුවට කඩ්ඩෙන් ලියපු ලිපියකුත් හම්බුනා නෙට් එකෙම්ම... මේ තියෙන්නෙ ඒක... enhancing the beauty of the surrounding කියලා කිව්වට මටනං තේරෙන්නෙ නෑ අගේට තිබ්බ ස්වභාවික පරිසර පද්ධතිය කපල කොටල දාල මේ අටවන කොංක්‍රීට් අටමගල් වලින් මොන ලස්සනක් එනවද කියලා..[-)

      ඊටත් වඩා අනේ අර ගස් වල කූඩු හදාගෙන උන්නු කුරුල්ලො ටික කොහේ ගියාද දන්නෙ නෑ... වැව මැද දූපතේ නම් තාමත් කුරුල්ලො ටිකක් ඉන්නවා...ඒත් වැව වටේටම තිබ්බ ගස් සේරම කපලා ඕක වටේ උදේට හවසට ඇන්ටිල අංකල්ලා දුවන්න ගත්තම... රෙස්ටුරන්ට්ස් දාගෙන වැව වටේ බෝට්ටු සවාරි යන්න ගත්තම ඉතිරි කුරුල්ලො ටිකත් වැඩි කලක් වැවේ ඉඳීවිද කියල මට නං සැකයි......(:|

      රට සංවර්ධනය වෙන එක බොහොම හොඳයි... මිනිස්සුන්ගෙ ජීවින තත්ත්වය නගා සිටවන එක හොඳටම හොඳයි... ඒ වුනත් ඒහෙමයි කියලා ඉතුරු වෙලා තියෙන පරිසර පද්ධති ටිකත් කාබාසිනියා කරන එකද සංවර්ධනය කියන්නෙ..??3:-O

      ඔය පල්ලෙහා තියෙන්නෙ වැවේ ඉස්සරම අරගත්ත පින්තූර වගයක්... ඊලඟට පහලින් තියෙන්නෙ දැන් හැටි... හැබැයි ඔය තියෙන්නෙ තරමක් හොඳ හරිය... ඇත්තටම දැක්ක නම් පපුව පිච්චිලා යනවා හෝස් ගාලා... :-<

මේ තියෙන්නෙ වැව මැද්දෙ තියෙන දූපත.... ඔය විදිහට කුරුල්ලො ගොඩක් ඕන වෙලාවක ඉන්නවා ඔතන... එහායින් පේන්නේ වැව වටේ මීට කලින් තිබ්බ ගස්...






      මේ තියෙන්නෙ දැං තත්වෙ කියල නිවුස් එකේ දාල තිබ්බ විදිහ... ඒත් අර කිව්වා වගේ ඔය පෙන්නන තවන් ආශ්චර්‍යයක් නං නෑ... 


පේනවනේ එහා ඉවුරෙ තිබ්බ ගස් සේරම කපල දාල තියෙන හැටි... :-L

මේ අර හදනවයි කියන හෝටලේලු....
මෙහෙම ගියොත් ලංකාව කාන්තාරයක් වෙලා තමා නතර වෙන්නෙ.... අනේ අපොයි.....අපේ වැව... ^:)^



45 comments:

  1. තිරසාර සංවර්ධනය කියලා දෙයක් අපේ මිනිස්සු අහලාවත් නැහැ. කාලෙකින් මේ පැත්තට ආවෙත්! :)

    ReplyDelete
    Replies
    1. කාලෙකින් තමා ලිව්වෙත්..දැං ඩිග්‍රිය ඉවරද??
      ඔව් අනේ අපේ මිනිස්සු නම් කිසි කමකට නෑ අප්පා.. :/

      Delete
  2. parata bahinda tibunane kattiyath ekkahu karan..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා... ඒත් පාරට බහින එකත් දැන් අර හැමදාම දකින කුකුලගෙ කරමලේ වගේ වෙලානෙ.. :/

      Delete
  3. නාගරීකරණය කියන්නේ ඕක තමයි. ඕවට විරුද්ධ නම් දැන් පාරට බහින්න පුළුවන්.. මක්කා කොරන්නද...?

    ReplyDelete
    Replies
    1. පාරට.... හුග්....

      Delete
    2. හ්ම්ම්ම්... අනේ මන්දා... එහෙමයි කියලා කපපු ගස් ටික ආයෙ එන්නෙත් නෑනෙ.. :(

      Delete
  4. ඒ කියන්නේ වැව ගොඩ කරලද මංචි... ගස් ටික නං කපාගෙන යන එක හැමතැනම කරනවා... විකුණගන්න පුළුවන් වැලි කැටෙත් විකුණගන්නවනේ... ඒත් මේ පැත්තේ නං කොළපාටක් පේන්න නැතුව තිබ්බ පැති වල පොඩ්ඩක් හොඳට හදලා තියෙනවා... නාවල වැලි පාර්ක් එක එහෙම...

    මාතලන් කියනවා වගේ නාගරීකරණය කියන්නේ ඕක තමයි... හැබැයි ඉතිං යසට තියෙන තැන් වලත් මේ සිමෙන්ති පුරවන එක නං මහ අපරාදයක්...

    ReplyDelete
    Replies
    1. නෑ වැඑඅ ගොඩ කරලා නෑ... ඒත් ඉවුර හිස් කරලා... ස්වුත්තුවට තිබ්බ තැන් හදන එක නම් හොඳයි... ඒත් අගේට තිබ්බ තැනුත් කාබාසිනියා කරන එකනෙ ඉවසන්න බැරි.. :/

      Delete
  5. කොහොමත් තව ටික කාලෙකින් ජීවත් වෙන්න වෙන රටක් හොයා ගන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... ඒකනං ඇත්ත.. :(

      Delete
    2. අපේ රට වැටෙන වැටිල්ල කියන්නේ 1960 ගණන් වල අපේ තාත්තලා කිව්වෙත් රට වැටෙන එක ගැනමයි. දැන් දිගටම මේක වැටිලා වැටිලා වැටිලා ගිහිල්ලා කොහෙද අපි මේ ඉන්නේ. ඉස්සර හරි සුන්දරයි. අපේ ගෙදර අපේම වැඩ කරගන්න අවුරුදු 7 ක විතර කෙල්ලෙක් හිටියා, මට 9 යි එයාට 7 යි. ඒ වගේම අපේ මාමා ගෙනාපු මනමාලිගේ කන්යාබාවය නෑ කියලා සුමාන දෙකක් එයාව තියන් ඉඳලා ගෙදර ඇරියා. සුමන මහප්පගේ දුවෙක් අඩු කුලේ එකෙක්ව බැන්දා කියලා කෙලින්ම කිසිම දේපලක් ලියලා දුන්නෙ නෑ, රත්නෙ බාප්පානම් නොහොබිනා කුලයක කොල්ලෙක් එක්ක ගිය එයාගේ දුවව ආපහු ගෙනල්ලා දෑවැද්ද හොයාගන ආපු දොස්තර කොල්ලෙක්ට බන්දා දුන්නා, ඔන්න ඒ වගේම මර මතකයි 83 වෙනකම්ම මොකක් හරි වෙච්ච ගමන් දෙමල ජනතාවට ජාතික සමගිය කියා දෙනවා.
      1978 අපේ වත්තට් අල්ලපු වත්තෙ හිටපු මනි අක්කලා පස්සෙ කොම්පඤ්ඤ වීදියේ මනහර පරිසරයක රියෝ එකේ ඇඩල්ට් ෆිල්ම් එකක් බලලා එලියට එද්දි හම්බ වුනා.

      ඒ කාලේ කොලඹ හරිම ලස්සනයි, අපි වෙසක් එකට මාලු මාකට්, එලවලු මාකට් තොටලඟ තොරණ් බලන්න ගියාම සෙරෙප්පුවේ ඇඟිලි කරු අස්සෙන් කොලඹ සුපිරිසිදු කලල සම්පත කකුලේ වලලුකරත් වහගන්නවා. ඒත් තොරණ මරු.

      ඒ කාලේ ඔය මේසන් බාස්ලා වගේ අය දැන් වගේ මෝටර් බයික් වල ආවේ නෑ, හෙලිකොප්ටර් එකෙන් බැහැලා ආවේ, එයාලාට මාර ආත්ම අභිමානයක් තිබ්බා හොඳට ගෙව්වා. ඒ කාලේ ගස් කැපුවෙම නෑ. ගස් උඩ තමයි ගෙවල් තිබ්බේ. යටකල මහ වගුරු බිමකි එකි නැගෑන නව නුවරකි කියලා මාලිගාවත්තේ ගහලා තිබුනා, ඒ වගුරේ ජඓව විවිධත්වය එහෙමම තියනවා. ඒ කාලේ මිනිස්සු මිනිස්සුන්ට ලෙන්ගතුයි, දෙමල මිනිස්සුන්ට තඩි බාන්න එයාලාට කියලා ගාතා කියවපු කතා, බාල්දියට වාල්දිය කියපු හැටි තාම මතකයි.
      මෙහෙම ගොඩාක ඒ කාලේ තිබ්බ ලස්සන දේවල හිතට නැගෙනව, මේ රට වැටිලාම පලච්චාවේ,

      මම යනවා අප්පා ජීවත් වෙන්න ඇමරිකාවට.. අන්න රටවල් දුර තියන රටවල් වලට විතරක් බෝම්බ දාන නියම රට.

      Delete
  6. අනේ මන්දා ඒ. මමත් කැමති තිබුන විදියට තියන්න. ඔය හදන මළඉලව් අපිට නෙමෙයි සල්ලිකාරයන්ටනේ. ඇයි ඔය හදනවායි කිවුව හොටලේ දැම්මම ගනන් බලන්නකෝ. අපිට තියෙන්නෙ අවුවේ ඇවිදලා හුලංකාලා හුල්ලලා එන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා... අනික ගිනි අවුවෙ ඕකේ දුවන්න යන්න පුලුවන් කාටද.. හෙවණට තිබ්බනම්නෙ හොඳ.. :/

      Delete
  7. අනේ මන්දා වැව් තාවුලුවල ඉදිකිරීම් ගැන නම් මනාපයක් නෑ මගෙත්. ඒත් සංචාරක කර්මාන්තය දියුණු කරනවානම් සමහර දේවල් වෙන්නත් ඕන. ඒ වගේම තමා මේ සංවර්ධන වැඩ කරනකොටත් බනිනවා නොකරනකොටත් බනිනවා. මේ තැනදි නම් ජනතාව ඉන්නේ කොතැනද කියලා හිතා ගන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. මේ හරියෙ වැඩිපුරම ඉන්නෙ සමාන්‍ය මිනිස්සු නලීන්.. තියෙන්නෙත් වාරිමාර්ග නිවාස.. අනික් තැන් වලත් ගොඩක් ඉන්නෙ කර්මාන්තපුරේ වැඩ කරන මිනිස්සු... ඉතින් ඕක හැදුව කියල සංචාරකයින්ට නං මහ ලොකු හොඳක් වෙයිද??

      Delete
  8. ඉක්මනට ලංකාවෙන් යන නිසා මෙව්වා විවේචනය කරලා ලියුවට කමක් නෑ....
    ravi

    ReplyDelete
    Replies
    1. කොහොම වුණත් කට වහන් ඉන්නම බැරි අපරාධයක් මෙදා පොටේ වෙලා තියෙන්නෙ... :/

      Delete
  9. සංවර්ධනය කියන්නේ කායවර්ධනය කියලා තමයි බඩ පුපුරන්න කන එවුන් හිතන්නේ.ඉගිල්ලෙන මාලුයි,පීනන කුරුල්ලොයි ගැන හිතයිද පාවෙන මිනිස්සු දැක්කම.මේවා ජනතාව ඉල්ලන දේවල් නෙමෙයි.බලෙන් දෙන දේවල්.දැන් හැම දෙයක්ම බලෙන් තමයි දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අරූ මෙතැන නං මං ඔබ සමග එකඟ නෑ

      Delete
    2. මිනිස්සු ඉල්ලනවත් ඇති... ඒත් ඒකට පරිසරය විනාශ කරන්න ඕන නෑ කියලයි මං කියන්නෙ.. විශේෂයෙන්ම ලෝකෙ හැම රටක්ම පරිසරය රැකගැනීම ගැන උනන්දු වෙන කාලෙ.

      Delete
    3. ඇයි නලින් කොතැනද වැරැද්ද?මාව නිවැරදි කරන්න.

      Delete
    4. වෙළඳපල ආර්ථිකය ආපු දවසේ ඉඳලා දෙන්නේ මිනිස්සු ඉල්ලන එක නෙවෙයි නේ. කවුද මොබඉයිල් ෆෝන් එකා රේඩියෝ එකක් ඉල්ලුවේ. එයාලා හදලා අපට කියනවා මිනිස්සුත් කීය දීලා හරි ගන්නවා.
      ඔය පලාතේ ඉන්නේ අන්ත දුගී මිනිස්සු කියන එකනම් ටිකාක් අටිශයෝක්තියක්, මකුළුට ආණ්ඩුව එක්ක දිරවා ගන්න බැරි මලක් තියනවා කියලා පේනවා. දෙහිවල පැත්තේ එන්න එන්න ෆ්ලැට් වල මිනිස්සු ගාල් වෙලා, උන්ට ඔතනට බස් එකේ ආවත් විනාඩි 10 යන්නෑ, ඉතින් උන් එයි ටිකක් හුලන් වදින්න, අනික ඕවා තියනකොට ඕවා වල වෙච්ච දුසිරිත් ගැන අපි නොදන්නෑනේ. පරිසර පද්ධති රැකීම හොඳයි, ඒත් මේවා හදන්නේ මේ ලෝකල් ප්‍රජාවටම තමා. සුද්දො එන්නෑ මේවා වල ඇවිදින්න.

      Delete
  10. කියවද්දිත් දුක යි.

    ReplyDelete
    Replies
    1. දැක්කම මට කොච්චර දුක හිතුනද කියල හිතාගත්තැහැකිනෙ.. :(

      Delete
  11. තණකොල තියෙන හරියට සිමෙන්ති කැට දාලා, මහ ගස් කපලා පොඩි මල්පදුරු ටිකක් හිටවන එක නෙමෙයි සංවර්ධනය කියන්නේ. ඒවත් ඉතුරු කරගෙන පරිසරයට හොද සිරියාවක් ගන්න පුලුවන්. මමත් මේ කියන සංවර්දනේ දැකලා තියෙනවා අපේ පැත්තේ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දමිත්.. ඒත් ලොක්කන්ට ඕන මොකක් හරි ටිකක් උගුල්ලලා කනු ටිකකුයි..සිමෙන්ති ටිකකුයි පුරවලා ඔන්න සංවර්ධනේ කියල උදං අනන්න.. :/

      Delete
  12. ayiyo..pinthura tika dakkama duka hithenawa

    ReplyDelete
    Replies
    1. ඒකනේ සයුරි අක්කෙ... දුකේ බෑ.. :(

      Delete
  13. ඔය වැඩේ ගස් නොකපත් කරන්න පුලුවන්. පොඩ්ඩක් කල්පනා කරන්න විතරයි ඕනෙ. මම ජොගිං ට්‍රැක් හදනවට විරුද්ධ නෑ.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම තමයි හෙන්රි අංකල්... හැබැයි අපූරු ගස් ටික කපල දාලා දූවිලි ගොඩෙයි අවුවෙයි දුවන්න ට්‍රැක්ස් හදනවා කියන්නෙ අටුව කඩලා පුටුව හැදුවා වගේ වැඩක්නෙ.. :/

      Delete
  14. ඔය ළඹයා දැක්කද අළුතින් හිටවගෙන යන ගසුයි, ඒවට දෙන සාත්තුවයි. නිකමටවත් හවසට එතැනට ඇවිත් විනෝදෙන් ගත කරන මිනිස්සුන්ගේ තියෙන සතුට. කොහොමත් තව අවුරුදු කිහිපයක් යද්දි ගස් ටික ලොකු වෙලා හෙවන දෙද්දී, ටිකෙන් ටික පරිසර පද්ධතිය පරණ වෙද්දි, ඒවට සතා සීපාවා එකතු වෙයි. හැම දේම ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් වගේ දෙන්න අමාරුයි. කොහොම උනත් ඔතන තැන් තියෙන කල එළිය බොහොම වටිනවා. ඒ වගේම අපිරිසිදු ජල මූලාශ්‍රයක් පවිත්‍ර කරපු එකත් ලොකු දෙයක්. අනිත් දේවල්වලට ටික කාලයක් දෙන්න.

    මිනිස්සුන්ගේ වෙන වෙන කේන්ති අවුස්සලා අක්කා හරි අක්කා කියලා කමෙන්ට් දම්මගෙන සුපර්ස්ටා වෙන්න කලින් හැම පැත්තම බලන්න. ඉගෙන ගත්ත පළියට මොලේ දෙන්න බැහැනේ ළමයො.

    ReplyDelete
  15. මානසික සංවර්ධනයක් නැති තැන සංවර්ධනයක් කොහෙද..? මානසික සංවර්ධනය සඳහා මෙවැනි තැන් සුරක්ෂිත විය යුතු නැද්ද..?

    ReplyDelete
    Replies
    1. දුක තමයි ඉතින් මේක වගුර වගේ තියෙද්දි ගස් තියෙද්දි මානසික වර්ධනය පිණිස මොකෙක් වත් මේක්ට නොගොය එක "අපොයි සර්පයො ඇති, අපොයි හොරු ඇති, අපොයි බලාගන අපොයි කලුවරයි" අපේ අයගේ හැටි එහෙමයි, ඕකේ නිස්කලන්ක සුවයක් වින්දෙ නෑ කවුරුත්.
      ජොගින් ට්‍රැක් දාලා ඒකේ තෙල් ආරපු ගෑනු, බ්‍රොයිලර් පුත්තු යනකොට ටිකක් අපුල වගේ දැනෙන නිසා ඒකට අනුගත වෙන්නත් අමාරුයි. ඒ නිසා " අනේ ඉස්සර කොච්චර ලස්සනද" කියනවා, කොලඹ වගේ තැනක ඉස්ස්‍ර ලස්සන ගැන කියන්න බැරිම තැනදි " යකෝ මුන් මේකෙන් කුට්ටි කුට්ටි ගහන්න ඇති" කියනවා. ඇත්තටම රට කරවන ඈයොන්ට සල්ලි හොරා කන්න ලේසිම ක්‍රමය මේවා හද හද වද වෙන එක නෙවෙයි, ඉස්සල්ලා කට්ටිය කලා වගේ තියන තියන දේ විකුනන එක සන්වර්ධනයක් කරන්නෙ නැතුවම, නාගරික සන්වර්ධන අදිකාරියට අයත් ඔය වගේ ඉඩම් තමයි පර්ච් එක 1000 ගානේ පක්ශ විපක්ශ කට්ටිය ලියාගත්තේ.

      Delete
  16. ලියන්නෙ නැද්ද?
    Ravi

    ReplyDelete
  17. ඔයාගේ කතාව හරිම අර්ථවත් මකුලු පැංචි. මම හරිම අාසාවෙන් කියෙව්වේ. ඔයා ඒකට යොදලා තියෙන පිංතූරය දැක්කම මට හිනාව නතර කර ගන්න නම් බැරි වුනා. ඔයාට තරහා ගියාම ඔයාගේ කටයි මුණයි ඇත්තටම මේ වගේද කියලා අහන්න කැමතියි.

    ReplyDelete
  18. රස වින්ඳා! නැවත එන්නම්... ඔබට ජය!!

    ReplyDelete
  19. ලි ය න් ඩ කො ආ ප හු

    ReplyDelete
  20. ලියන්නෙ නැද්ද?
    Ravi

    ReplyDelete
  21. ඉතිං ඔය තියෙන්නේ ආශ්චර්‍යය තමා.. වෙන මොනවාද ඕනේ?

    ReplyDelete
  22. අපි හැමෝටම වඩා වෙනස් ජාතියක්....අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ....තව ටික දවසකින් වැඩ් හිදුනම ඔටුවො සැට් එකක් වත් ගෙනත් දාන්නේ නැතෑ ලංකාවට ඔටු සපාරි යන්ට අපිට

    ReplyDelete
  23. දැං ලියන්නෙ නැත්ද?

    ReplyDelete
  24. 2017 මම :)
    ගොඩක් පරණ අය දැන් හොයාගන්නවත් නැහැ :(

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...