නුඹට රිසි නම් යන්ට යන්නෙමි.......
සබැඳි:
ගී පොතෙන් පිටුවක්..,
හිත ගිය තැන්,
හිතන්නට යමක්
වසීලිස්සා හෙවත් මකුළු පැංචි....
එතකොට මකුළු පැංචි හිටියෙ හතර වසරෙ විතර.ඔන්න දවසක් ටීචර් කිව්වා පහුවෙනිදට මොකද්ද මන්දා වැඩසටහනක් තියෙනවාලු(දන්නවනෙ ඉතින් ඔය එක එක කුසලතා සංවර්ධන වැඩසටහන් තියෙනවනෙ ඉස්කෝල වල )...ඒකට පන්තියෙ හැමෝම කතාවක් ලියන්න ඕනෙලු.කතාවට ගැලපෙන විදිහට චිත්ර සටහන් 3කුත් අඳින්න ඕනෙ,පහු වෙනිදට එද්දි හාෆ්ෂීට් වලින් හදාපු පොඩි පොත් පිංචකුත් ගේන්නය කියලා තමා ගුරුතුමී කිව්වෙ.
සයුරේ රළ සේ...අහසේ තරු සේ............
මකුළු පැංචිගෙ ''හොඳම හොඳම යාළුවා'' වින්ධ්යා.අනික් දෙන්නා හොඳම යාළුවො.අපි හතර දෙනා ඉතින් ඉස්කෝලෙ රිංගපු නැති අස්සක් මුල්ලක් නෑ.ඕන තරම් ගුරුවරුන්ගෙන් බැණුම් අහලා ඇති...එක එක බාහිර වැඩ වලට පීරියඩ්ස් කට් කරලා.ප්රතිභා ඇරෙන්න අනික් තුන් දෙනාම සෞන්දර්ය විෂය විදිහට කළේ චිත්ර..මේ තුන් දෙනා ඉතින් ඉස්කෝලෙ නම ගිය ආටෝ තුන්දෙනෙක්.ප්රතිභා හොඳ නැට්ටුක්කාරියක්.ඒත් මකුළුයි,වින්ධ්යයි,ළහිරුයි ඔය චිත්ර අඳින වැඩකට සෙට් වුණාම ප්රතිභත් එතන කැරකි කැරකි ඉන්නව නොවැරදීම.
එකෝමත් එක කාලෙක.........

මකුළු පැංචිට රෑ ජාමෙ මැද්දෙත් හිතක් පහල වුණා මොනවහරි ලියන්ට ඕනේ කියලා..මකුළු පැංචි මේ දවස් වල ඉන්නෙ මව්බිමෙන් ඈත රටක.ඒ නිසාද කොහෙදෝ බ්ලොග් සටහනක් ලියද්දි පවා සිහි වෙන්නෙම ගෙදර අය,ඉස්කෝලෙ යාලුවො.ඉස්කෝලෙ යන දවස් තරම් ආස කරපු දවස් මකුළු පැංචිටනම් ආයෙ මුළු ජීවිත කාලෙටම එන එකක් නෑ.මකුළු දැලේ තියෙන පිණි වැටුණු දැල් ගොනුවක් වගේ තමයි ඒ කාලේ.සුන්දරයි.සැහැල්ලුයි......
මකුළු බිත්තරෙන් එළියට....
මකුළු පැංචිගේ පළවෙනි මොන්ටිසෝරි දවස......
අදයි මකුළු පැංචිගේ පළවෙනි දවස.......හරියට මොන්ටිසෝරි යන පළවෙනි දවස වගෙයි.. :))
මකුළු පැංචි බ්ලොග් ලිවිල්ලට නම් තවම අලුත්. ඒ හින්දා කියවන මිතුරු මිතුරියන් සමාවෙන්න යම් යම් තාක්ෂණික දෝෂ හෙම මතු වුනෝතින් හොඳේ.මම ඉතින් මෙතන අලුත් දෙයක් වෙනස් දෙයක් කරනවා කියලා උඩපනින්න නම් හිතාගෙන ආවෙ නැහැ.හිතට එන දේවල්,මෙතෙක් කල් මගෙ හිතේ ඇඳුනු දේවල් තමයි අකුරු වලින් වියමන් කරන්නය කියලා හිතාගෙන ඉන්නෙ.එහෙනම් ඉතින් ඔයාලත් මගේ වියමනට එකතු වෙන්න.......
Subscribe to:
Posts (Atom)