මකුළු මේ සින්දුවයි කතාවයි දකින්නෙ හරිම ගැඹුරින්.කතාව කිවයවනකොට..ගීතය අහන අහන හැම වතාවකම මේ කාන්තාව මොනතරම් ශක්තිමත්ද කියල මකුළුට හිතෙනවා..ඇය යථාර්තයට මූණ දෙන්න පුලුවන් ගැහැණියක්,බුද්ධිමත් මවක්..අද කාලෙ සමාජයේ මේ වගේ අවාසනාවකට මුහුණ දුන්න මේ වගේ පවුල් සංස්ථා දුලභ නැහැනේ.....ඒත් මකුළු කැමති ඒ හැම ගැහැණියටම අග පිපි මල් කතාවෙ එන ''අමා'' වගේ වෙන්න පුළුවන්නම්... මකුළු පැංචි විවාහය ගැන දරන්නෙ මෙහෙම අදහසක්.විවාහය කියන්නෙ ඔය ගොඩක් අය හිතනවා වගේ ''බැඳගත්තු බෙරේ ගහ ගහ ඉඳිල්ලක්'' නෙවෙයි කියලයි මකුළු හිතන්නෙ.දෙන්නෙක් විවහ වුණත් ඒ දෙන්නම හරි දෙන්නගෙන් එක්කෙනෙක් හරි හදවතින්,සිතිවිලි වලින් වෙනස් නොවෙයි කියලා කාටවත් ස්තීර වෙන්න බැහැ.එහෙම නේද..?(අඩුම වශයෙන් ඒ දෙන්නටවත්).ඒ වගෙම විවාහ වෙලා හිටියත් එකිනෙකා ගැන හදවත් වල ආදරයක් ගෞරවයක් නැත්නම් ඒ පවුල් ජීවිතෙත් හරියට අර අලි වමාරපු හිස් දිවුලක් වගෙයි.පිටින් කිසිම වෙනසක් නැතත් ඇතුල හිස්..එහෙම වෙනස් වෙලා,සැමියා බිරිඳගෙන් ඈත්වෙනවා කියලා අත ඇරලා යනවා කියල හිතන්න... ඔබ ඒ කාන්තාව වුණානම් ඔබ මොකද කරන්නෙ....?? අඬලා,පොළොවෙ හැපිලා,රණ්ඩු සරුවල් වෙලා ගහ මරාගෙන,සිය දිවි හානි කරගන්න හිතනවද..?? එහෙමත් නැත්තම් දරුවන්ගෙ අනාගතය ගැනත් අමතක කරලා තමනුත් වෙන මනුස්සයෙක් හොයාගන්නවද??... කොහොම වුණත් මකුළු පැංචි දැකපු, කියවපු ,අහපු දේවලින් තේරුම් ගත්ත දෙයක් තමයි..එහෙම බලකිරීමකින් කිසිම මිනිස් හිතක් බැඳලා කොටු කරගන්න බැහැ කියන එක...හොඳම දේ තමා ආදරෙන් කියල හදාගන්න බලන එක. එහෙම බැරි නම් ඒ කෙනාට එයාගෙ මාර්ගයේ යන්න ඇරලා තමන් අයින් වෙලා ඉන්න එක.තමන් ඒ අනික් කෙනාගෙ ජීවිතේ පුරවපු දේවල්..හදිසියෙම හිස් වුණාම ගතපු තීරණය ගැන දෙපාරක් හිතල බලන්න ඒ කෙනාට මග සලසන එක කෑගහල රණ්ඩු වෙනවට වඩා හොඳ effect එකක්.එහෙම වුණාම එයා තමන්ගෙ හිතින්ම අහල බලාවි තමන්ගෙ බිරිඳට තමන් තවමත් ආදරෙයි නේද කියලා.ඉතින් ලැබෙන උත්තරේ ''නැහැ'' කියන එකනම්..ඒ කසාදෙ ඇරෙන එකමයිනෙ හොඳ..නැද්ද මං අහන්නෙ...??.. ඉතින් උත්තරේ ''ඔව්'' නම්...එයාට එයාගෙ වරද වැටහේවිනෙ.. කෙනෙක් කියාවි husband නැතුව wifeට දරුවො හදාගෙන තනියම ජීවත් වෙන්න බෑ කියලා.ඒත් කාන්තාවක් කියන්නෙ ඒ තරම් දුර්වල කෙනෙක්ද..?? අද කාලේ ඉස්සර වගේ නෙවෙයිනෙ..ගෑණු ළමයිනුත් පිරිමි ළමයිනුත් එක වගේ ඉගෙන ගන්නවා.ගැහැණියක් වුණත් ඉස්සර කාලෙ වගෙ ගෙට වෙලා වලං පිඟං හෝදන එක ළමයි හදන එක ගැන විතරක් නොහිතා..දවසක තමන්ට තනියම ජීවිතේ ගෙනියන්න වුනොත් ඒකට ස්තීර ආර්ථික ශක්තියක් ඇති කරගන්න තමන්ට පුළුවන්ද කියන එක ගැන හිතන්න උවමණායි..කාලීන අවශ්‍යතාවක් හැටියට..අනික අද තියෙන ජීවන වියදමේ හැටියට පවුලෙ භාර්යාවත් රැකියාවක් කරන එක, වෘත්තීය සුදුසුකම් තියෙන එක පවා අපතේ යෑමක් නෙවෙයිනෙ. ගොඩාක් වෙලාවට මේ වගේ ගැටුම්කාරී පවුල් පරිසරයක වැඩිපුරම තැලෙන්නෙ දරුවො..:(( එහෙම වෙන්නෙ නිතරම රණ්ඩු සරුවල් වෙන එක පුංචි හිත් වලට දරාගන්න බැරි හින්දයි.ලොකු මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ පොඩි වුන්ට තේරෙන්නෙ නෑනේ.ඒ වෙලාවට අම්ම කෙනෙක්ට කරන්න පුලුවන් ලොකුම කැප කිරීම දරුවන්ගෙ මානසික තත්ත්වය ගැන හිතලා ඔවුන්ව ඒ පරිසරයෙන් ඇත් කරගැනීම නේද..?? ඉතින් ''අමා'' නිවැරදියි නේද...?? දැන් මකුළු පැංචිව කියවන ''සහෝදරියො'' මගෙත් එක්ක තරහ ගනීද දන්නෙ නෑ.ඔය හැම එකම කාන්තාවම කරන්න ඕනෙද කියලයි.ඒත් මම මේ කියන්නෙ අනික් පාර්ශවය නෑසු කන්ව ඉන්න වෙලාවකදි කරන්න ඕනය කියලා මකුළු පැංචිට හිතෙන දේවල්...ඒ නිසා ඔන්න තරහ ගන්න නම් එපා.හිතෙන දේවල් අදහස් උදහස් කියල යන්නකෝ...මකුළු පැංචිට නොහිතුණු දේවලුත් විස්තර කරලා......
නුඹට රිසි නම් යන්ට යන්නෙමි.......

සබැඳි:
ගී පොතෙන් පිටුවක්..,
හිත ගිය තැන්,
හිතන්නට යමක්
Subscribe to:
Post Comments (Atom)
දුක හිතන්න එපා මකුලු. තනියි දුකයි කියලා හිතෙන වෙලාවට බ්ලොග් අවකාශය පැත්තේ එන්න. එතකොට දුක චුට්ටක් හරි අඩු කරගන්න පුලුවන්.
ReplyDeleteනංගියද අක්කද කියලනම් දන්නේ නැ.මට තියෙන්නෙත් ඔය අත්දැකීමම තමා.මගේ අම්මයි තාත්තයි ඉන්නෙත් වෙන වෙනම.ඔය කියන කතාව ඇත්ත දැන් කාලේ කාන්තාවෝ දුර්වල නැ.එයාල ගොඩක් ශක්තිවන්තයි.මම ඒක අත්දැකීමෙන් දන්නවා.මම දැන් තමා ඔයාගේ බ්ලොග් එක දැක්කේ.දිගටම ලියන්න.කවද හරි හැමදේම හරියයි
ReplyDelete@මධුරංග :
ReplyDeleteස්තූතියි යාළුවේ..ඔව්..සතුටුයි බ්ලොගය නිසා ඔයාලා වගේ යාළුවො එකතු වෙද්දි..දැන් නම් පුරුදු වෙලා..ඒත් ඉඳහිට මතක් වෙද්දි දුකයි...
@දිලීප :
මම 1988 වල ඉපදුනේ..හෙහ් හෙහ්..ඔයා අයියෙක්ද මල්ලියෙක්ද...?? :D
ඔයාටත් මට වගේම අත්දැකීමක් තියෙනවා කියල දැනගන්න ලැබුණු එකනම් හරිම කණගාටුදායක ආරංචියක්...ඔව්.. අද කාලෙ කාන්තාවො හරිම ශක්තිමත්..ස්තූතියි බ්ලොග් එක කියෙව්වට...ඉඩ ඇති වෙලාවට එන්න ආයෙත්...:))
මං තේරුම් අරන් තියෙන විදියට ජීවිතේ කියන්නේ අභියෝග ගොඩක්.සමහර ඒවා හිනාවෙලා බොහොම ලේසියෙන් දිනන්න පුළුවන්.තවත් සමහර ඒවා කට්ට කාලා දුක් විඳලා දිනන්න වෙන්නේ.තවත් සමහර ඒවා ඔය දෙක අතර මැද විවිධ තත්ව වලින් දිනන්න පුළුවන්.දික්කසාද වීමකදීත් ඒ වගේ තමා.අසීරු අභියෝගයක් ජයගන්න තමා තියෙන්නේ.ඒක මිහිරි වෙයි කියලා නම් හිතන්න අමාරුයි.හැබැයි අභීයෝගය බාරගන්න විදිය අනුව ජයග්‍රහණය සුවදායක වෙන්න පුළුවන්.මොනදේ වුනත් අක්කේ ජිවිතේ ලැබෙන අත්දැකීම් වලින් තමා අපි අපේ ජීවිතේ පදනම හදාගන්න ඕනේ.ඇත්ත ආදරේ බලෙන් ලබා ගන්න බෑ.....
ReplyDelete"අග පිපි මල්" කතාවට අනුව නම් මමත් හිතන්නේ අමා නිවැරදි කියලා තමා.මම කැමති නව කතාවලින් එකක් ඕක.
@ශාන්:ස්තූතියි ශාන් ඔබේ දිගු අර්ථදැක්වීමට....
ReplyDeleteඔව් ශාන් ඇත්තෙන්ම ජීවිතේ කියන්නෙ අභියෝග වලින් පිරුනු මාවතක්. ඒ අභියෝග හමුවෙ නොවැටී ජීවත් වෙන එකම පවා ලොකු අභියෝගයක්.දික්කසාදය කියන්නෙ හරිම තිත්ත කසායක් බොනවා වගේ අප්‍රසන්න දෙයක්. ආදරේ කරලා බැඳපු දෙන්නෙක්ට ඒක තවත් අමාරුයි.ඒ වුණත් ආදරය නැති කසාදයක් ඊටත් වඩා තිත්ත ඇති කියලයි මටනම් හිතෙන්නෙ...
ඉස්සර කාන්තාවන් ඒ වගේ විවාහයක් (ආදරය ක්ෂය වුණු) වුණත් රැකගන්න උත්සහ කළා.ඒ සමාජයේ බලපෑම නිසා.ආරක්ෂාව,යැපීම පිළිබඳ ස්වයං මාර්ගයක් ඔවුනට නොතිබුණු නිසා.තනිව වෙසෙන්නට හව්හරණක් අත්‍යාවශ්‍යම වුණු නිසා..ඒත් දැන් ගැහැණිය ඒ තරම් දුර්වල විය යුතු නැහැ කියන එකයි මගේ මතය...බලන්න ''අමා'' ඇය නිතීඥවරියක්කැයට සමාජයේ තනිව නැගී සිටින්නට සවියක් තියෙනවා..හැම ගැහැණියක්ම ඒ වගේ විය යුතුය් යන්නයි මගේ හැඟීම....
@පැංචි..ඔයානම් මට අක්ක කෙනෙක්.මම '92 කණගාටුදායක උනාට ජීවිතේට මුණ දෙන්න වෙනවනේ කොහොම හරි.
ReplyDelete@දිලීප : ආනේ..ඔයා හරිම චූටි මල්ලියෙක්නෙ...හෙහ් හෙහ්... ඔයා හරි මල්ලියෝ..ජීවිතේට මූණ දෙන්නම වෙනවා.. සුන්දර වුනත් අසුන්දර වුණත්.. ලොකු වුනත් පොඩි වුණත්... :))
ReplyDeleteඅතීත සිද්ධි මතක් කරමින් මේ මොහොතේ පසුතැවීමෙන් කිසිදු ඵලයක් නෑ, මොකද පසු තැවීමට හේතු වූ සිද්ධිය (අපි කැමති උනත් නැති උනත්) දැං සිදුවෙලා ඉවරයි. ඒ ගැන දැං අපට මොකුත් කරන්න බෑ.
ReplyDeleteඒ වගේ ම අනාගතය ගැන සිහින මවමින් මේ මොහොතේ සතුටු වීම/දුක් වීමත් කිසිදු ඵලක් නැති දෙයක්, මොකද අපට කිසි ලෙසකින් වත් ස්ථිරව කියන්න බෑ අනාගතය අප කැමති විදියට සිද්ධ වෙයි කියල.
ඒ නිසා වඩා යහපත් ම වෙන්නෙ මේ මොහොත් සිහියෙන් කටයුතු කිරීමයි. අපට යමක් කරන්න පුලුවන් මේ මොහොතෙ විතරයි, මෙ මොහොතෙ සිහියෙන් නිවැරදි දේ කිරීම ඉතාමත් යහපත්.
ඔයා විතරක් නෙවෙයි අපි හැමෝම නිර්වානාවබෝධය ලබන තෙක් ම දුක් විඳිනව නිසැකවම(හැබැයි සමහරුන්ට ඒ බව වැටහෙන්නෙ නෑ).අපි හැමෝම සංසාරෙ මෙතෙක් දුක් වින්ද, ඉදිරියට ගියොත් තවත් දුක් විඳිනව. ඒ නිසා සසර ගමනනෙන්, දුකෙන් අතමිදී උතුම් වූ නිර්වානාවබෝධය ලැබීම සඳහා වීර්යෙන් යුක්තව කටයුතු කරමු. ඒ සඳහා ඔබට උතුම් වූ චතුරාර්ය සත්‍ය වහ වහා අවබෝධ වේවා!
ජාතිපි දුක්ඛා – ජරාපි දුක්ඛා – ව්‍යාධිපි දුක්ඛා – මරණම්පි දුක්ඛා – අප්පියේහි සම්පයෝගෝ දුක්ඛො – පියේහි විප්පයෝගෝ දුක්ඛො – යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං – සංඛිත්තේන පංචූපාදානක්ඛන්ධා දුක්ඛා
(ඉපදීම දුකයි, වයසට යාම දුකයි, ලෙඩදුක් වැළඳීම දුකයි, මරණය දුකයි, අප්‍රිය පුද්ගලයන් වගේම අප්‍රිය වස්තූන් සමඟ එක්වෙන්න ලැබීම දුකයි, ප්‍රිය පුද්ගලයන් වගේම ප්‍රිය වස්තූන්ගෙන් වෙන් වෙන්න ලැබීම දුකයි, ආස කරන දේ නොලැබී යාමත් දුකයි)
same here
ReplyDeleteජීවිතේ මොන ප්‍රශ්න ආවත් සැලෙන්නේ නැතුව යන්න අක්කියෝ මෙ බ්ලොග් අවකාශේ හැමෝම ඉන්නවා එකිනෙකාගේ ප්‍රශ්න වලට ළගින් ඉන්න.අක්කියගේ බ්ලොග් කතා ලස්සනයි,ඔන්න මාත් ආවා කියවන්න
ReplyDelete@ටී.බී.හේරත්: දුක සැප සමව විඳින එකත්,කිසිම දෙයකට වැඩිපුර නොඇලෙන එකත් තමා හොඳම දේ...
ReplyDelete@තාරක : :)
@කඩේ හාමිනේ : මකුළු පැංචිගෙ වියමනට ඔයාවත් සාදරයෙන් පිළිගන්නව නගෝ..හාහා පුරා කියලා වළලු දාපු අතකින් ලියපු මුල්ම කොමෙන්ටුව ඔයාගෙ වෙන්ට ඕනෙ මට මතක හැටියටනම්.. ඉතින් මකුළු පැංචිට ඒක හුඟක් වටිනවා... :))
මකුළු පැංචිගෙ දැල පැත්තට මුලින්ම ආපු දවසෙම කියවන්න ලැබුනෙ දුක්බර සිද්ධියක් වගේම ගැඹුරු කථන්දරයක්නෙ.... ලියල තියෙන එකෙන් සාතන්ට නම් තේරෙන්න පැංචි හැඟීම් වලින්ම නැතුව අවබෝධයෙන් ජීවත් වෙනව කියල... සාතන්ට කියන්න තියෙනනේ කොහේදෝ තැනක දැකපු වාක්‍යක් තමයි..
ReplyDelete"A smooth sea never made a skilled sailor"
මෙහෙම කීවොත් නිවැරදී, "දුකේදිත් සැපේදිත් අකම්පිකව සිටීමත්, කිසිම දෙයක ට නොඇලෙන එකත් තමා හොඳම දේ"
ReplyDelete@සාතන් :
ReplyDeleteමකුළු පැංචිත් කැමති කෙනෙක් වෙන්නයි.සාතන් සහෝ කියනවත් වගේ පැංචි පිස්සු නට නට හිටියට ජීවිතේ සැහැල්ලුවට නොගන්නෙත් 23න් අවුරුද්දක් තිස්සෙ එකතු වුණු මේ වගේ අත්දැකීම් නිසාම තමයි..
ඒ දේවල් ඔයාල එක්ක බෙදාගන්න ලැබුණි එක ගැනත් මකුළු පැංචිට හරිම සතුටුයි...
@ටී.බී.හේරත් :
ඔබ හරි....''දුක සැප සමව විඳින එකත්,කිසිම දෙයකට වැඩිපුර නොඇලෙන එකත්'' මෙහෙම කිව්වෙ අපි තවම පෘතක්ජන හින්දයි... :))
'පෘතක්ජන' කියන්නෙ, සම්බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය අහලවත් නැති, අහන්න කැමතිත් නැති අයටනෙ. ඉතින් අපි ඒ තත්වෙන් මිදිල 'ශෘතවත් ආර්ය ශ්‍රාවකයින්' බවට පත්වෙන්න උත්සාහ කරන්න ඕනෙ...
ReplyDelete@ටී.බී.හේරත් :
ReplyDelete'පෘතක්ජන' කියන්නෙ, සම්බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය අහලවත් නැති, අහන්න කැමතිත් නැති අයටනෙ..ඔහෝ..මම ඒ බව දැනගෙන උන්නෙ නැහැනේ....ස්තූතියි බෙහෙවින්ම දැනුවත් කිරීම ගැන... :)
:)
ReplyDeleteමකුළු පැංචිගෙ වයසට සාපේක්ෂව නම් නීනු පැංචි බාලයි..1989 .. බුදු ෂුවර් ඇන්ගෙන් පතෙන් නම් ලොකු ඇති.දිගටම ලියන්න මකුළු අක්කෙ.
ReplyDeleteආදරේ කියන්නෙ මාර දෙයක්...
නිනූ පැංචි බාල වුණාට.ඇඟෙන් පතෙන් ලොකුද කියලනම් මට ෂුවර් නෑ...දිගටම ලියන්ටයි කල්පනාව නගෝ..ඉඩ ඇති වෙලාවට මේ පැත්තෙ එන්ටකො.. :D
ReplyDeleteඅක්කා ,දැන් තමා ඔයාගේ බ්ලොග් 1 දැක්කේ ......ඔයා කියලා තියන දේට මාත් එකගි(1st time using sinhla uni codes..sorry wenna one)...එත් සමහරවෙලාවට හොඳම දෙමුපියෝ ඉද්දි හිතෙනවා එයාලා එච්චර ආදරේ කරන්නේ නැත්තම් හොදි කියලා මොකද එතකොට පට්ට දුවෙක් වෙන්න වෙනවනේ ....
ReplyDeleteකියන්නෙ මොනාද කියලා හිතා ගන්න බැහැ, අතීත අත්දැකිම් කියන ඒවා ආදර්ශයට අරං හොඳ පවුල් ජීවිතයකට මම සුබ පතනවා (මම දන්නෙ නැහැ ඔයා බැඳලද නැද්ද කියලා, කවදා හරි පවුලක් වෙන්න එපෑ) .........
ReplyDeleteහැබැයි මම ඔයා කියලා තියන එක දෙයක් අනුමත කරන්නෙ නැහැ, බැඳලා ලමයි හැදුවානම් දෙමවුපියන්ගෙ මොන ප්‍රශ්න තිබුනත් වෙන් වෙන එක, තමන් හදපු වදපු දරුවන්ගේ නාමෙන් තියන ප්‍රශ්න කොහොම හරි විසඳ ගෙන ඉන්න ඕන කියන එකයි මම කියන්නෙ. දරුවෙකුට තමන්ගේ අම්මා හරි තාත්තා හරි තමන් ලඟ නැති උනාම වැටෙන අසරණ තත්වෙ මම මගේ අත්දැකීමෙන් දන්නවා, ඒක වචනෙන් විස්තර කරන්න බැරි තරම්, එහෙම හැදෙන වැඩෙන දරුවෙක් ලොකු වෙලා සමාජෙට ආවාම, සමහර වෙලාවට මිනී මරුවෙක්, මංකොල්ල කාරයෙක් වෙන්න බැරි නැහැ, කවද හරි බඳින කෙනාගේ මුලු ජීවිතේම අපායක් කරන්නත් බැරි නැහැ ..........
නංගා අවුරුදු 23 කට ඔය තරම් ජීවිතේ ගැන දැන ගෙන තියන එක ගැන සතුටු වෙන්න ඕන .......
@bingo :
ReplyDeleteඅනේ යාළු..එහෙම හිතන්නවත් එපා.. පට්ට දුවෙක් වෙන එක හරිම ලේසියි... දෙමාපියන්ගෙ රණ්ඩු සරුවල් දැකලා එතකොට දැනෙන දුක ඉවසගන්න වෙනවට වඩා.. :((
@පන්සල් හංදිය :
ස්තූතියි අයියණ්ඩී.. :))
පණ්ඩිත කතා කීවට පැංචි තාම බැඳලනම් නෑ..හිකිස්..
ඔව් අයියේ...කවදාවත් විසඳගන්න පුළුවන් මට්ටමේ ප්‍රශ්ණයකදි නම් දෙමාපියො දෙන්නෙක් වෙන්වෙන්න හොඳ නෑ..එහෙම වෙලාවක දරුවන්ට දැනෙන හිතේ අමාරුව මංචිත් අත්දැකීමෙන්ම දන්නවා.. ඒත් එහෙම විසඳන්නම බැරි ගැටලුවකදි නම් දෙන්නා නීතියෙන් වෙන් නොවුණත් වෙන වෙනම ඉන්න එක දරුවෙක්ගෙ මානසික සෞඛ්‍යයට හොඳයි නේද??
(ඇත්තෙන්ම මම හරිම සතුටුයි...ලැබුණු අත්දැකීම් නීරස වුණත් ඒවයින් ලැබුණු පාඩම් කොච්චර වටිනවද... :)))
@මකුළු පැංචි,
ReplyDelete“(ඇත්තෙන්ම මම හරිම සතුටුයි...ලැබුණු අත්දැකීම් නීරස වුණත් ඒවයින් ලැබුණු පාඩම් කොච්චර වටිනවද... :)))“
වැඩක් නැහැ නංගී කොච්චර පාඩම හොඳ උනත් ඔය වගේ දේවල් උනාම ජීවිතේ ලස්සන කියන දේ මඟ ඇරෙන වෙලාවල් අනන්තයි අප්‍රමාණයි ...........
ඒ ගැන හිතෙන කොට දුකක් මිසක් සතුටක් ඇති වෙන්නෙ නැහැ ..... (මට නම්)
@පන්සල් හංදිය :
ReplyDeleteනෑ නෑ...අයියේ,,,මම අදහස් කළේ... අවුරුදු 23කට ජීවිතේ ගැන මේ තරම් දැනගන්න ලැබුණු එක ගැන සතුටුයි කියන එකයි... :D