ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

මකුළු බිත්තරෙන් එළියට....



     මකුළු පැංචි බ්ලොගයක් ලියන්න ගත්තට මොකද කොහෙන් පටන් ගන්නද කියලා එයාටවත් හිතාගන්න බැහැ.කොහොමටත් මකුළු පැංචිගෙ ජීවිතේ මුල ඉඳලම ඒ වගේ.හරිම අනපේක්ෂිත විදිහට හැමදේම පටන් අරන් හිතාගන්නවත් බැරි මංමාවත් වල ගලාගෙන ගිහින් පුදුමාකාර විදිහට තමා ඉවර වෙන්නේ.



     මෙහෙම ලියාගෙන යද්දි මකුළු පැංචිට මතක් වෙනවා එයාගෙ අම්මා එයාට එයාගෙ ඉපදුනු දවස ගැන කියපු හැටි.මකුලු පැංචිගෙ උපන්දිනේ තියෙන්නෙ දුරුතු මාසෙ වුනත් එයා ඉපදෙන්න ඕනෙ හරි විදිහටනම් මැදින් මාසෙලු.ඒත් මකුළුගෙ අම්මට එයාව ලැබිලා තියෙන්නෙ මාස 7න්.අම්මනම් කියන්නෙ මකුලු පැංචිගෙ උස අඩි එකහමාරක් විතරලු ඉපදෙද්දි.දොස්තරලනම් කියලා තියෙන්නෙ මකුළු පැංචිව ජීවත් කරවන්නත් හරිම අමාරු වෙයි කියලයි.ඒත් වීදුරු පෙට්ටියක දාලා බොහොම පරිස්සම් කරල මකුළුගෙ අම්ම එයාව කොහොම හරි හදාගෙන.ඒත් අම්මගෙ පරිස්සමයි මහන්සියයි හින්දම මකුළු පැංචිට මාස තුනක් පිරෙද්දි බෝලයක් වගේ මහත් වෙලා ආවලු.ඕන් ඉතින් එදා මෙදා තුර මකුළු පැංචි මහතට මිසක් කවදාවත් කෙට්ටුවටනම් ඉඳලම නෑ.


     බලන්නකො ඉතින් ඒකෙත් හැටි..

     මකුළු පැංචි ඔහොම වීදුරු පෙට්ටියෙ ඉන්න කාලෙදි නර්සිං හෝර්ම් එකේ ළමයින්ට කහ උණ හැදෙන්න පටන් අරගෙන.මකුළු පැංචි හරිම දුර්වල නිසා කහ උණ හැදෙයි කියල බයේ දොස්තරලා කියලා පැංචිගෙ අම්මලාට එයාව ගෙදර එක්කගෙන යන්න කියලා.හැබැයි මකුළු පොඩිකාළෙ ඉඳලම වැඩිය දඟ ළමයෙක් නෙවෙයිලු ( :P ).හොඳට බඩ පිරෙන්න කිරි බීලා හීනෙන් හිනා වෙවී දවසම දොයියගන්නවලු.ඒකනෙ මකුළු පැංචි දැනුත් නිදාගන්න හරිම කැමති.



මකුළු පැංචි කැමතියි ඒ හීන ලෝකෙට සැබෑ ලෝකෙට වඩා.වෙලාවකට එයාට හිතෙනවා සැබෑ ලෝකෙ වෙන දේවල් හීනයක් වෙලා හීන ලෝකෙ සැබෑ ලෝකයක් වෙනවනම් කියලා...මකුළු පැංචිට විතරද එහෙම හිතෙන්නෙ...??? නැත්තම් ඔයාලටත් ජීවිතේ එක පාරක් හරි..එකම එක පාරක් හරි.....එහෙම හිතිල තියෙනවද...????



5 comments:

  1. බ්ලොග් අවකාශය සත්තුන්ගෙන් පුරවන මගේ හීනය හැබෑ වීගෙන එනවා. අලුත ඉපදුණු මකුලු පැංචිව මකර අධිරාජයා සාදරයෙන් පිළි ගන්නවා

    ReplyDelete
  2. Please remove word verification for comments. It is unnecessary burden for commentors

    ReplyDelete
  3. මකර අධිරාජ්‍යයෝ..බොහෝම ස්තූතියි පිළිගත්තාට මකුළු පැංචිව.... මම word verification අයින් කරන්නම්...තවම අලුත් නිසා පොඩි පොඩි බාධක එමටයි...

    ReplyDelete
  4. ඒ උනාට මකුලු පැංචි හීන ලෝක වල ඉන්න බෑනේ. කවදා හරි හැබෑ ලෝක වලට එන්න වෙනවනේ.

    ReplyDelete
  5. @මධුරංග :
    හැබෑ ලෝකෙට එන්නම වෙනවනම් තමා... :D

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...