හැඟුම් නොමැති නිද්‍රාවක
නෙතු පියාන නිදා උන්න
මේ නුපුරුදු කළු හීනෙන්
සෙමින් ඇවිත් මා මුදන්න
නුඹෙ දෙතොලග පුරා ගැයෙන
ඒ සොඳුරුම හැඟුම් ගොන්න
ඔය පපුවට තුරුලු කරන්
මගෙ නෙතුපිය මත ඉහින්න
රතු පාටට විල් දිය මත
හිරු දියවෙන හැන්දෑවට
ගී මුමුණන මදනලකින්
මගෙ හීනෙට නුඹ එබෙන්න
අතැඟිළි තුඩු මිරිකාගෙන
ඉඳහිට ඔය හද අවුලන
ගිනි සිළුවක දවටාගෙන
නුඹෙ ගීතය මට ගයන්න
නිල දිලිහෙන පිණිබිඳු මත
මගෙ මෘදු හදවත තියන්න
රන් පාටට ඉගිලෙන මුදු
සමනළ තටුවක් වියන්න
නුඹෙ ගැඹුරුම හදගැස්මට
වැතිරීගෙන නිදි වදින්න
පොඩියක් මට ඉඩ දෙනවද
මගෙ හීනය මට විඳින්න
෴මංචි෴
හද ගැස්ම බදු අරන්..
ReplyDeleteවෙන කෙනෙක් ඇවිදින්..
සොරි ඩොට් කොම්
ඉඩ නැ දැන් ඔබට..!
නල්ල
ReplyDeleteශභාශ්
හා එහෙනම් ඔයා, ඔය ලස්සන හීනය තනියම බලන්න... ඕං අපි ගියා...
ReplyDeleteඒ හීනේ මාර ගති වගේ නංගියේ...
දුර නැහැ මේ ලග හීනය..
ReplyDeleteඅත පොඩියක් දික් කරලා
හුගක් තදින් අල්ල ගන්න....
අමතක උනා කියන්න..මකුළු පැංචිගෙ වියමන ලස්සනයි!!
ReplyDeleteමම පොඩි එකෙක්මි...
ReplyDeleteසිහිනය අවසන් කරන්න...
ReplyDeleteපියවි ලොවට ඉගිල එන්න...
සිහිනය නිම වන බව සිතන්න...
සිහින ලොවේ බෑ රැඳෙන්න...
මගේ හීනය මට දකින්න
ReplyDeleteනුබේ දෙනෙත් වලින් මට
ඉතින් අවසරදැයි කියන්න
නුඹේ නෙතු ලග ඇහැරී ඉන්න..
@Bunny :
ReplyDeleteඅවුලක් නෑ ඉඩ නැතුවට
වෙන කොහෙ හරි යා හැකි මට... :D
@කුරුං ගුරුං :
හිකිස්...තැන්කූ තැන්කූ....
@ගෝල්ඩ්fish :
හිහ්..හී...දවල් හීන තමා ඉතින්...තැන්කූ මාළුවෝ...
@දඩබ්බරී :
ReplyDeleteදුර නැතියෙන් මිටි කරගත්
හීන අහුරු දෝතට ගත්
හෙට එළිවන කළ බොඳ වෙද??
කඳුලින් පොඟමින අප හිත්
ස්තූතියි දඩබ්බරී..අගට කෙරුමට.. :))
@රත්ගමයා :
අනේ....පව් පොඩි එකා... :P
@priyantha :
නිම වුවද නිදි සිහින
හැම දිනම රැය ගේන
සිහින මල්ලට බෝම
ලොබ බඳී හිත තාම
@Dinesh :
නුඹෙ සිහින මට දෙන්න
මගෙ සිහින නුඹ ගන්න
සිහිනයෙන්වත් ඔන්න
ඉතින් මා හමු වන්න... :))
නියම කවි සෙට් එකක් නේ. මකුළු ලියන කවි මාරම ලස්සනයි නේ.මසුරන් අදහස් ටිකක්. රූබල් සීයයක් කටේ ඔබන්න හිතෙනවා. අම්මපා ඇත්තමයි :)
ReplyDeleteවියමනන්ම් අපුරුයි අක්කා.....ඒ හීනය උපරිමයෙන්ම විදින්න
ReplyDeleteඔබ හමු වුනෙ කවි මඩුවෙදි
ReplyDeleteඒ කවි පෙල මගෙ හිත තුල
රැව් දෙනවා හැම නිතරම
ඒ හින්දා මේ පැත්තට
එන්න හිතුන නුඹ බලන්න
ඔය ලස්සන කවි වියන්න
කවුද පැංචි කියා දුන්නෙ
හරි ලස්සන කවි ලියන්න
මංචී මට කියා දෙන්න
සැමදා සිහිනයෙ රැදෙන්න
මටත් ටිකක් ඉඩ තියන්න
නුඹ දකිනා ඔය ලස්සන
සිහිනේ මට ඉඩ තියන්න