ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

මගෙ හීනය මට විඳින්න....







හැඟුම් නොමැති නිද්‍රාවක
නෙතු පියාන නිදා උන්න
මේ නුපුරුදු කළු හීනෙන්
සෙමින් ඇවිත් මා මුදන්න
නුඹෙ දෙතොලග පුරා ගැයෙන 
ඒ සොඳුරුම හැඟුම් ගොන්න
ඔය පපුවට තුරුලු කරන් 
මගෙ නෙතුපිය මත ඉහින්න

රතු පාටට විල් දිය මත
හිරු දියවෙන හැන්දෑවට
ගී මුමුණන මදනලකින්
මගෙ හීනෙට නුඹ එබෙන්න
අතැඟිළි තුඩු මිරිකාගෙන
ඉඳහිට ඔය හද අවුලන
ගිනි සිළුවක දවටාගෙන
නුඹෙ ගීතය මට ගයන්න

නිල දිලිහෙන පිණිබිඳු මත
මගෙ මෘදු හදවත තියන්න
රන් පාටට ඉගිලෙන මුදු
සමනළ තටුවක් වියන්න
නුඹෙ ගැඹුරුම හදගැස්මට
වැතිරීගෙන නිදි වදින්න
පොඩියක් මට ඉඩ දෙනවද
මගෙ හීනය මට විඳින්න




෴මංචි෴



13 comments:

  1. හද ගැස්ම බදු අරන්..
    වෙන කෙනෙක් ඇවිදින්..
    සොරි ඩොට් කොම්
    ඉඩ නැ දැන් ඔබට..!

    ReplyDelete
  2. හා එහෙනම් ඔයා, ඔය ලස්සන හීනය තනියම බලන්න... ඕං අපි ගියා...

    ඒ හීනේ මාර ගති ​වගේ නංගියේ...

    ReplyDelete
  3. දුර නැහැ මේ ලග හීනය..
    අත පොඩියක් දික් කරලා
    හුගක් තදින් අල්ල ගන්න....

    ReplyDelete
  4. අමතක උනා කියන්න..මකුළු පැංචිගෙ වියමන ලස්සනයි!!

    ReplyDelete
  5. මම පොඩි එකෙක්මි...

    ReplyDelete
  6. සිහිනය අවසන් කරන්න...
    පියවි ලොවට ඉගිල එන්න...
    සිහිනය නිම වන බව සිතන්න...
    සිහින ලොවේ බෑ රැඳෙන්න...

    ReplyDelete
  7. මගේ හීනය මට දකින්න
    නුබේ දෙනෙත් වලින් මට
    ඉතින් අවසරදැයි කියන්න
    නුඹේ නෙතු ලග ඇහැරී ඉන්න..

    ReplyDelete
  8. @Bunny :
    අවුලක් නෑ ඉඩ නැතුවට
    වෙන කොහෙ හරි යා හැකි මට... :D

    @කුරුං ගුරුං :
    හිකිස්...තැන්කූ තැන්කූ....

    @ගෝල්ඩ්fish :
    හිහ්..හී...දවල් හීන තමා ඉතින්...තැන්කූ මාළුවෝ...

    ReplyDelete
  9. @දඩබ්බරී :
    දුර නැතියෙන් මිටි කරගත්
    හීන අහුරු දෝතට ගත්
    හෙට එළිවන කළ බොඳ වෙද??
    කඳුලින් පොඟමින අප හිත්

    ස්තූතියි දඩබ්බරී..අගට කෙරුමට.. :))

    @රත්ගමයා :
    අනේ....පව් පොඩි එකා... :P

    @priyantha :
    නිම වුවද නිදි සිහින
    හැම දිනම රැය ගේන
    සිහින මල්ලට බෝම
    ලොබ බඳී හිත තාම

    @Dinesh :
    නුඹෙ සිහින මට දෙන්න
    මගෙ සිහින නුඹ ගන්න
    සිහිනයෙන්වත් ඔන්න
    ඉතින් මා හමු වන්න... :))

    ReplyDelete
  10. නියම කවි සෙට් එකක් නේ. මකුළු ලියන කවි මාරම ලස්සනයි නේ.මසුරන් අදහස් ටිකක්. රූබල් සීයයක් කටේ ඔබන්න හිතෙනවා. අම්මපා ඇත්තමයි :)

    ReplyDelete
  11. වියමනන්ම් අපුරුයි අක්කා.....ඒ හීනය උපරිමයෙන්ම විදින්න

    ReplyDelete
  12. ඔබ හමු වුනෙ කවි මඩුවෙදි
    ඒ කවි පෙල මගෙ හිත තුල
    රැව් දෙනවා හැම නිතරම
    ඒ හින්දා මේ පැත්තට
    එන්න හිතුන නුඹ බලන්න

    ඔය ලස්සන කවි වියන්න
    කවුද පැංචි කියා දුන්නෙ
    හරි ලස්සන කවි ලියන්න
    මංචී මට කියා දෙන්න

    සැමදා සිහිනයෙ රැදෙන්න
    මටත් ටිකක් ඉඩ තියන්න
    නුඹ දකිනා ඔය ලස්සන
    සිහිනේ මට ඉඩ තියන්න

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...