අනේ දෙයියනේ මගේ උපුලී........
නැන්දණියගේ හදිසි දුරකථන ඇමතුම ලද වහාම රෝහලට දුවන්නට නික්මුණ ප්‍රසන්නට තමාත් උපුලීත් විවාහ වීමට පෙර කරන ලද කතාබහක් මතකයට නැගුණේ ඇසිපිය හෙලන ඇසිල්ලකිනි...
ප්‍රසන්න....අපි දෙන්නා බැඳල බබාලා කී දෙනෙක් හදනවද..?
ම්ම්ම්....ප්‍රසන්න මදක් කල්පනා කළේය.....මම බබාලා හදන්න කැමති නෑ..
උපුලිගේ උපුලක් වැනි මුහුණ අඳුරු වූයේ බලාගෙන හිඳිද්දීමය...ඒ මොකද ඒ...?
මම අහල තියෙනව දරුවෙක් ඉපදෙද්දි දැනෙන වේදනාව සමහර අම්මලාට දරාගන්න බැහැ කියලා...ඔයා අතේ පුංචි ඉදිකට්ටක් ඇනුණත් ඉවසන්න බැරුව අඬන කෙල්ලනෙ අනේ... කොහොමද එහෙම වේදනාවක් ඔයාට දරන්න දෙන්නෙ මම....තමා එසේ කීවද සැබෑ හේතුව එයම පමණක් නොවන බව ඔහු හිත යටින් දැන හුන්නේය..
හ්ම්ම්.... ඒ වුණාට ඔයා අහලා නැද්ද...කාන්තාවක් මවක් නොවුණොත් ඒ කාන්තාව ගැහැනියක් වශයෙන් අසම්පූර්ණයි කියලා.......
හරි මගේ කෙල්ලේ...ඔයා මට විතරක් සම්පූර්ණ වුනොත් ඇතිනෙ...නේද??? ඉතින් ඔයා අම්මා කෙනෙක් වුණේ නෑ කියලා මට ඔයාගෙ කිසිම අසම්පූර්ණ කමක් පේන්නේ නෑ..... දඟකාර දෙනෙතින් ඇගේ අඟ-පසඟ දිහා මල්සර බැල්මක් හෙලමින්ද ඇසක් ගසමින්ද තමන් එදා එම කතාව මගහැරී අකාරය ප්‍රසන්නට අද වාගේ මතකය...
ඒ උපුලිත් තමාත් දරුවන් ගැන කතා බහ කළ පළමු අවස්ථාවයි....ඉන් පසුව පෙම්වතුන් ලෙසත්,අඹු සැමියන් ලෙසත් ගිණිය නොහැකි වාර ගණනාවකදී ඔවුන් මේ ගැන වාද විවාද කළා නොවේද... ඒ සෑම වාරයකදීම තමා දරුවකු හැදීම ගැන විරුද්ධව කී වචන ප්‍රසන්නගේ සිතේ රැව් දෙන්නට වූයේ එක් බොත්තමක් එබූ කළ දිගහැරෙන්නට ගත් චිත්‍රපටයක් වැනි වූ දර්ශන පෙළක්ද සමගිනි....
''ඩිං''
විදුලි සෝපානයේ කන් හිරිවට්ටන සීනු නාදයෙනුත්,දෙපයට දැනුණු සියුම් ගැස්මෙනුත් එය බිම් මහලට පැමිණිය බව දැනුණු ප්‍රසන්න දොර හැරෙන හිඩසට රවාගෙන සිටියේ දුවන්නට සැරසෙන මලල ක්‍රීඩකයෙක් මෙනි....
රිංගා ගත හැකි තරමේ ඉඩකට දොර විවර වූ වහාම එළියට පැනගත් ඔහු වහා දිව ගියේ තම රාජකාරී රථය වෙතය.. පුද්ගලික බැංකුවක විධායක මට්ටමේ තනතුරක් හොබවන ප්‍රසන්නට සමාගම විසින් සුවපහසු කාර් රථයක් ලබා දී තිබුණේ කාර්‍යාලීය සහ පුද්ගලික ගමන් බිමන් යන දෙවර්ගයටම රිසි සේ භාවිතා කිරීම සඳහාය..
වායුසමීකරණ යන්ත්‍රය මගින් රථය තුළ ඇති කර තිබුණේ සෞම්‍ය පරිසරයකි..යන්තමට විහිදෙන ගාඩිනියා මල් සුවඳක්ද රථය තුළ පාවෙමින් තිබිණි.ඒ වීන්ඩ්ස්ක්‍රීනයට පහලින් සූක්ශමව සවි කරන ලද කුඩා එයාර් ෆ්‍රෙෂ්නර් බෝතලයෙන් පිටවන සුගන්ධයයි...
හදිසියේම අමාරු වී රෝහල්ගත කළ සිය ගැබිනි බිරිඳ ගැන හිත ගින්දරෙන් යන ප්‍රසන්නට මේ කිසිවක් හැඟුනේවත් දැනුනේවත් නැත...තමා වාහනය හරවා ගත් ආකාරයවත් එය ප්‍රධාන පාරට දමාගත්තේ කෙලෙසදැයි කියාවත් ඔහුට නිනව්වක් නොවීය..පුරුද්දට මෙන් යාන්ත්‍රිකව සියල්ල සිදුවෙත්දී ඔහුගේ සිත යළිත් මතකයක පැටළිණි...
විවාහයෙන් පසු දෙවසරක් ගෙවී ගියද ප්‍රසන්න - උපුලී යුවළ තවමත් දරුවෙකු ගැන නොසිතන්නේ ඇයිද යන්න දෙපාර්ශවයේම වැඩිහිටියන්ගේ කනස්සල්ලටත් හිත් වේදනාවටත් හේතු විය...ඔවුන් දෙදෙනා අතර තමන් දන්නා තරමට පුංචි ගැටුමක්වත් තිබුණේ නැත... කුඩා කාලයේදීම මව අහිමි වූ ප්‍රසන්නට උපුලී බිරිඳක් මෙන්ම මවක්ද වූවාය...එමෙන්ම ප්‍රසන්නද උපුලිට සිය පණ දෙවෙනි කොට ආදරය කළ බව නොරහසකි...සරසවියේදි පෙමින් බැඳුණු ඔවුන් විවාපත් වූයේද තෙවසරක ඇසුරකින් පසුවය...
යොවුන් වියෙහි අග භාගයේ සිටින යුවලකට දරුවකු ගැන සිතීමට එය සුදුසුම කාලය වෙතත් පුදුමයකට මෙන් ඔවුන් දෙදෙනාම එම ප්‍රශ්නය හමුවේ සිටින්නේ ගොළුවතිණි..
වෙසෙසින්ම තම ලේලිය තමනට කොතරම් ආදරණිය දියණියක වුවද සමාජය ඇය මව් පදවිය නොලැබිය හැකි ගැහැනියක ලෙසින් හංවඩු ගසන කල එම අවමානය දරාගැනීමට ප්‍රසන්නගේ පියා කැමති වූයේ නැත.ඊටත් වැඩියෙන් ඔහුට පරම්පරාව ගෙන යෑමට මුණුපුරෙකු උවමනා වී තිබිණි..නෑදෑයින් අතර පැතිර යන නොයෙක් කට-කතා ආරංචි වුණු උපුලිගේ මවද නිතර නිතර උපුලිට මේ ගැන කන් කෙදිරිගාන්නට වූවාය...
ළමයෝ.....මොකක් හරි ගැටලුවක් තියෙනවනම් අපට කියන්න....නැත්තම් දොස්තර කෙනෙක්ව වත් මුණ ගැහෙන්න...අක්කට ඔයාගෙ වයස වෙද්දි චූටි පුතාවත් ලැබිලා... දැන් ඉස්සර වාගේ නෙවෙයිනෙ..ඕනම ලෙඩකට දුකකට බෙහෙත් තියෙනවා...අලුත් අලුත් ප්‍රතිකාර විධි තියෙනව...ඕගොල්ලො ඕවා ඉගෙනගෙන ඇතිනෙ අපට වඩා....
උපුලිගේ නිහඬතාව ඉදිරියේ මවගෙන් ලැබුණේ දැඩි එහෙත් සධාරණ උපදෙසකි....එහෙත් උපුලී කිසිවක් නොකීවාය..ඇගේ සිතේ පෙරළෙන ආශාවද දෙමාපියන්ගේ ආශාවන්ද...සිය සැමියාගේ තර්ක විතර්කද යළි යළිත් සානුකම්පිතව මැන බලමින් ඈ තව දුරටත් මුනිවත රැක්කාය...
සත්‍ය කාරණාව දැන සිටියේ උපුලීත් ප්‍රසන්නත් පමණක්මය..............
බිළිඳු දෑසක
එළිය පතමින්
නෙතින් වැලපෙන
ගැහැනියයි ඔබ...
ඔබේ ළමැදේ
ජීවිතය ලත්
හිතින් වැලපෙන
පිරිමියා මම....
෴මංචි෴
මං උඩ ගියා..
ReplyDeleteඅර කෝවුර්ගෙ පොතක තිබ්බා අක්කෙ.. ඔහොම ළමයි හදන් නැතිව ඉන්න පවුලක් ගැන.. එකේදි ලෙඩක්ද කියලා බලලා ඔය යංත්‍ර මංත්‍ර ගුරු කම් අනම් මනම් කරලා.. එත් බබෙක් ලැබුන් නැහැලු.. අන්තිමෙ ඕක කොවුර් මහතතයාට ආරංචි වෙලා.. කොම හරි මොහනය කරලා.. අනම් මනම් කරලා බැලන කොට.. ඒ කොල්ලාට තමංගෙ අම්මා වගෙ ලු කෙල්ලව පෙන්නෙ.. ඉතිං ළමයි හදන්න හිතෙන් නැහැනෙ ?
මේ කතවත් ඒකමයි කියලා මට හිතුනේ නම් :)
ෆට්ට කතාව... ඉතුරු කොටසත් ඉක්මනට දැම්මනම් හොදයි නේ...
ReplyDeleteකතාව පටන් අරන් තියන විදිහ මරු...
@බනියා :
ReplyDeleteමම ඔය කියන පොත කියවල නම් නැහැ මල්ලී..අනික මගේ කතාව ගෙතෙන්නෙ ඊට වෙනස් ''පිළිලයක්'' උඩ...හැබෑටම ඔය පොත හොයාගෙන කියවන්ඩෝනෑ..
@MaRLaN :
ඊලඟ කොටසත් ඉක්මනට ලියල දාන්නම්... :)) ස්තූතියි ඇගයුමට...!!
බනියගේ කතාව මාත් අහලා තියෙනවා. මාත් හිතුවෙ ඒ වගේ සීන් එකක් කියලා.ඉකමනට ඉතුරු ටික ලියන්න...
ReplyDeleteඉක්මනට ඉතුරු කොටසත් දාන්නකෝ. රසවත්ව කතාව ලියලා තියෙනවා.
ReplyDeleteහිතා ගන්න අමාරුයි මකුළු පැංචියේ... ඉක්මනට ඉතුරු ටිකත් දාන්න...
ReplyDeleteදේව්දාස්...
හ්ම්ම්ම්ම්මම්ම්ම...................................... තව කල්පනා කල යුතුයි
ReplyDelete@නිසුපා :
ReplyDeleteදැන්නම් ඒ පොත ඉක්මනටම කියවන්න හිතෙනව.හරිම රසවත් ව්ගෙයි....ඉක්මනටම ලියන්නම්...
@පිණිබිඳු... :
තැන්ක්ස් පිණිබිඳු... :))
@දේව්දාස් :
ඊලඟ කොටස කියවන්නත් මේ පැත්තෙ එන්නකො.. :)
@dedunu :
ReplyDeleteහෙහ් හෙහ්.හෙච්චර අමාරුවෙන් කල්පන කරන්න ඔනෙ නෑ...කියවල රසවිඳින්නකො.. :)
මුලින්නම් මාත් බය උනා.අක්ක ටිකක් බය හිතෙන විදියටනෙ ලියල තියෙන්නෙත්. ඊලග කොටසත් ඉක්මනට දාන්නකෝ
ReplyDeleteහ්ම්ම්..අමුතුම කතාවක්..ලස්සනයි..ඒත් දුකක් නේ..ඇයිද මන්දා දුක ගෙන කියනකොට මේ තරම් ලස්සනට ලියවෙන්නේ? අපි අකමැති දෙයක් ගැන අපි ගොඩක් කැමති වෙන විදියට ලියවෙන අපුරුව..
ReplyDeleteබිළිඳු දෑසක
එළිය පතමින්
නෙතින් වැලපෙන
ගැහැනියයි ඔබ...
ඔබේ ළමැදේ
ජීවිතය ලත්
හිතින් වැලපෙන
පිරිමියා මම....
අපුරුයි අක්කේ..
ශා... ලස්සනයි... හිතාගන්න බෑ.... ඉතුරු ටිකත් ලියන්න...ජය..!!!
ReplyDeleteමේ කතා කෑලි දාන එක මට පේන්න බැරි වැඩක්. එහෙම කියවද්දි කතාවෙ කිසි ෆීලිං එකක් නෑ. ඒ නිසා සම්පූර්ණ වුණාම කියවල බලන්නම්.
ReplyDeleteලස්සනයි... කියවන්න පටන් ගත්දිම ආසා හිතුනා. ඉක්මනට කතාව ලියන්න.
ReplyDeleteමංචි,
ReplyDeleteනියම බ්ලොග් එකක්. හොඳ ශෛලියක්. මෙච්චර වෙලා කලේ පරණ පෝස්ට් කියවපු එක.
ඔයා මගෙ "මට හිතෙන හැටි" (http://matahithenahatty.wordpress.com
සිංහල බ්ලොග් එකට ඇවිත් දාපු කමෙන්ට් එකට හිරු උත්තරයක් එවලා තිබ්බා. බලන්නකො ඔබා ඔයාව පුංචි අම්මා කෙනෙක් කරලා තියෙන හැටි. ගිහින්ම බලන්නකො.එතකොට වවුල්ස් බාප්පෙක්.අනේද කියන්නෙ.
හරි, කතාවෙ ඊගාවා කොටස එනකල් බලාගෙන ඉන්නෙ. සුභ පැතුම්!
henryblogwalker හෙවත් Dude (http://dude-heydude.blogspot.com/)
මකුළු පැංචි,
ReplyDeleteෂා! හරිම ලස්සනයි මකුළු පැංචි ඔයාගෙ කතා. අදමයි මම ඔයාගෙ පොස්ට් එකට ගියෙ "මට හිතෙන හැටි" පොස්ට් එක හරහා.
ආහ්! මම 7D Movie පොස්ට් එකට ලියපු කමෙන්ට් එකෙ වැරදිමකින් පැංචි වෙනුවට පුංචි කියලා ටයිප් කරලා.ඉතිං මෙක දැකපු ඔබා එයාගෙ බ්ලොග් නම එයාට හරියටම ගැලපෙන බව, කරපු කමෙන්ට් එකෙන් ඔප්පු කරලා. හහ්!
මංචි, අපි ඔයාගෙ කතාවෙ ඉතිරි කොටස බලන්න මග බලාගෙන ඉන්නේ.
DJ
@හිම හංසි :
ReplyDeleteජීවිතේදි..ආදරය ,දුක,සතුට වගේම...බයත් අපිට නිතරම දැනෙන..නොදැනුනාම නිකම් අඩුපාඩුවක් වගේ දැනෙන දෙයක්නෙ හංසියෝ... :D
@ආගන්තුකයා :
ජීවිතේ අපි කැමති අකමැති හැමදේටම වගේ යටි හිතේ මුල් ඇදුනු පුරුකක් තියෙනව බොහෝ විට...ස්තූතියි ආගන්තුකයෝ...
@හිතුවක්කාරි :
ස්තූතියි හිතුවක්කාර කෙල්ලේ... :D
@hare :-) :
ReplyDeleteඑකපාර දාන්න තිබ්බනම් හොඳයි..ඒත් දිග පෝස්ට්ස් ලියන්න වෙලාව මදි වගේම...දිග පෝස්ට් කියවන්න කියවන අයටත් වෙලා යනවනෙ..ඒත් ඔයාට දිරවන්නෙම නැත්තම් ඉවර වුනාම ඇවිත් බලන්නකො එහෙමනම්... :D ස්තූතියි හරේ අපේ දිහා ආවට.. :)
@හංසි :
තැන්කූ හංසි...ඉතිරිය මග එනෝ....
@Dude:
ReplyDeleteතැන්ක්ස් dude මේ පැත්තෙත් ආවට..ඒවගේම මගේ දුප්පත් බ්ලොගේ ගැන කළ අතිශයෝක්ති සහිත වර්ණනාවටත් බොහොම ස්තූතියි...මම හිරුගෙ කොමෙන්ට් එක දැක්කා.. :D කතාවෙ ඊගාව කොටස බලන්න එන්නකො එහෙනම් ආයෙත්..
@DJ :
මංචිගෙ දිහා හ හා පුරා කියල ආපු DJවත් ආදරෙන් පිළිගන්නවා... එහෙනම් ඔයා මාව පැංචිගෙන් පුංචි කළා ඈ...?? :D
මංචි බබ්බු හදන්නෙ නෑනෙ. බිත්තර කීයක් විතර දාන්නද බලාපොරොත්තුව
ReplyDeleteමේක හරිම ලස්සනයි අක්කේ!
ReplyDeleteමටත් මතක් වුනේ කොවුර්ගේ පොතේ තිබුණු කතාව!
මකුලු පැන්චියෝ, මම ඔයාගේ කතා කියෙව්වෙ හරිම අසාවෙන්. තව ලියන්න ඕනෙ හරිද? ඒව කියවනකොට වෙලාව යනවා තේරෙන්නෙ නෑ...
ReplyDeleteඅනේ මන්දා කැද හින්දා අහක දාන්නත් බෑ, උනු හින්දා බොන්නත් බෑ
ReplyDeleteලස්සනට ලියලා තියෙන ලියමනක්.
ReplyDeleteබැදපු ගෑනු කෙනෙක් ළමයි හදන්නේ නැතුව හිටියොත් අන්තිමේදි අහල පහල එවුන්ගෙන් ඇනුම්පද කෙලවරක් නැතුව යනවා. නගරබදව නම් කොහොමද කියලා දන්නේ නෑ. ඒ උනාට අපේ ගම් වල නම් වසලා හමාරයි. හරියට උන්ට ඕනාවට වගේ බබාලා හදන්නේ !!!!
මට මේ කතාව කියෙව්වම නිරෝෂා විරාජිනි මහත්මියගේ ගීයක් මතක් උනා.
"පුන්සද රෑට ඇවිදින් හේනෙ කළුව බිද
රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉබිනවද"
(ඉතුරු ටික නම් මතක නෑ නංගි...)
@Chanaka Aruna Munasinghe :
ReplyDeleteඑතකොට මකරයියේ මංචි ඔයාගේ මකරි ද !!!!!
හපෝ....යි !!!!!!!!!!!!!
@ මධුරංග
ReplyDeleteහෆෝයි නෑ. මංචි කියන්නෙ වවුල් පැංචියක්
http://www.allblogtools.com/tricks-and-hacks/blogger-font-size-control-changing-j-query-widget/
ReplyDeleteහරිම ලස්සනයි කථාව නම්.. ඉතිරි ටිකත් ඉක්මනටම දාන්නකෝ.. :)
ReplyDeleteහරිම ලස්සනයි මකුළු පැංචි අක්කා......
ReplyDeleteම්ම්ම්ම් මට හිතුන දේ කියන්නද? ප්‍රසන්නට අම්මා නැති උන නිසා ඒ වගේ දෙයක් වෙයි කියලා බය ඇති.
@මකර අධිරාජ්‍යයා :
ReplyDeleteවවුලට නම් ප්‍රසන්නට වගේ ප්‍රශ්ණයක් ඇති නිසා ඕන ගාණක් හදතෑකි වෙයි ඉතින්..හිකිස්... :D
@සහන් පද්මසංඛ පීරිස් :
තැන්කූ මල්ලි මේ පැත්තෙ ආවට.. :)
අනේ ඇයිද මන්දා මෙච්චර පොත් කියවන මට ඔය කොවුර්ගෙ පොත මග ඇරිලා තියෙන්නෙ...:(((
@hiruni :
ආහ්හ්...මෙන්න දන්න අඳුනන කෙනෙකුත් ඇවිදින්...
තැන්කූ හිරූ....ඉඩ ලැබෙන විදිහට තමා ලියන්න වෙන්නෙ නම්.මායෙත් එන්නකො කියවන්න.. :)
@bckurera :
ReplyDeleteඒ මොකදෑ යාළු එහෙම කිව්වෙ... :O
@මධුරංග :
හා....මේ ඉන්නෙ...මම මේ බල බල උන්නෙ..හැමදාම එන මධුරංග අයියා කොහේ ගිහින්දෝ කියලා.. :D
ගමේ නගරෙ කියල ලොකු වෙනසක් නෑ අයියේ..අපේ මිනිස්සුන්ගෙ සම්ප්‍රදායයන් වෙනස් වෙන්නෙ හරි හෙමිංනෙ..
ඉතිරි පද ටික මට නම් මතකයි.. :D
හපෝ...මදුරංග අයියත් මොනා කියනවද මංදා...මම ඔය ගිනිපිඹින මකරියෙක් නෙවෙයි...හරිම අහිංසක මකුළු පැංචියෙක්නෙ... :D
@මකර අධිරාජ්‍යයා :
ඒක නේන්නම්...
@සිරකරුවා :
ReplyDeleteහනේ තැන්කූ සිරකරුවෝ...ගෙදරට ඇවිත් කියා දුන්නට... :D
@ප්‍රාර්ථනා :
ස්තූතියි ප්‍රාර්ථනා... :)
@හා පැටික්කි :
තැන්කු හා පැංචියෝ...ජීවිත වල ඔය වගේ ප්‍රශ්ණ කොච්චරක්ද...
මවක් විය හැකිව තිබියදීත් මවක් නොවන ගැහැණිය අසම්පූර්ණය වනු ඇත ......
ReplyDeleteබලමු ඊගාව කොටසත් ...