නෙතින් නොහඬා සිතින් ඉවසා
ඉන්න යැයි නොකියා...මගෙන්
දුරක පියඹා යන්න හෙට දින
දමා මෙහි තනිවම ඉතින්
හදෙහි ඇවිලෙන වියෝ ගිනි කඳ
නොපෙන්වා සඟවමි නුඹෙන්
ඉතින් සැනසී ඉගිල යනු මැන
නොයන්නැයි නොකියමි මුවින්
නික්ම යන්නට කළින් බිඳුවක්
පවා යළි බැලුවොත් ඉතින්
කොහොම ඉවසාගම්ද හදවත
කඳුලු වැහි කෝඩෙට කලින්
අකුණු පුපුරණ දුකට රතුවුණු
නෙත් කෙවෙණි දෙදරා නෙතින්
හඬන හදවත දියව රුහිරය
ලෙසින් වැගිරෙනු ඇති හදින්
ගෙවෙන දින සති පුරා නොහැරම
එකම සිහිනය ලඟ බැතින්
යළිඳු නොනැගිට වැතිර ඉන්නෙමි
නුඹේ පෙම සිහි කර නිතින්
දිනෙක රෑ දුටු සිහින එලි වී
ලහිරු රැස් හදවත මතින්
ගලන දින තෙක් බලා ඉන්නෙමි
'මා' දකින්නට නුඹෙ නෙතින්...
෴මංචි෴
පසුව ලියමි.....
මකුළු පැංචිගෙ වියමන කියවන දයාබර සහෘර්දයන් එකතුව සියයක් වෙලා මංචිටත් හොරෙන්ම..තවම යාන්තමින් බ්ලොග් සටහන් 20ක් විතරක් ලියාපු නවක බ්ලොග් ලියන්නියක් විදිහට මේක මකුළු පැංචිට දිරිමත් වෙන්න පුලුවන් ඉතාම වටිනා කඩඉමක්..ඇත්තෙන්ම කලින් බලාගෙන උන්නෙ මේ වැදගත් දවස වෙනුවෙන් හැමෝටම ස්තූති කරලා අවංකවම මගේ සතුට ගොනු වුණු බ්ලොග් සටහනක් ලියන්නයි..
ඒත් මේ සතුට විඳගන්න බැරි තරම් දුකකිනුයි මේ මොහොතෙ මකුළු පැංචි ඉන්නෙ..(තමන්ගෙ ජීවිතේ ආදරණියම කෙනෙක් බොහොම කාලෙකින් ආපහු හමුවෙන්න නොලැබෙන විදිහට ඈත් වෙලා යනකොට මොන තරම් දුකයිද කියලා යාලුවො තේරුම් ගනිවී කියල මංචි හිතනවා.... ) ඒ නිසා මකුළු පැංචිගෙ වියමනේ වැදගත් බ්ලොග් කඩඉම ගැන සටහනක් ලිවීමට ටිකක් පමා වේවී..ඒ ගැන යාළුවො අහිතක් හිතන්න එපා..මේ තරම් දුරක් මගේ අත්වැල වෙලා ලඟින්ම උන්න ඉදිරියටත් ඉන්න හැමෝටම ස්තූතියි ගොඩාක් කියලා විතරක් කියලා ඒ සටහනට තිතක් නෙවෙයි කොමාවක් තියන්නට මංචිට අවසර........... :)
දුකයි සතුටයි..ජීවිතේ එහෙමයි
ReplyDeleteඔහොම තමයි මංචි ජිවිතේ හැටි..දුක සතුට ඔක්කොම තියෙනවා..නැතිනම් එකේ වෙනසකුත් නැහැ නේද
ReplyDeleteජීවිතය කියනේ දුක සතුට මේ හම දෙයක්ම තියෙන දෙයක් නේ.
ReplyDeleteමොකෝ කාලෙකට පස්සේ ? මේ දවස්වල විභාගේ තිබ්බද ?
හ්ම්... ඉක්මනට හැමදේම හොඳ වෙයි...
ReplyDeleteමමත් කියන්නේ හැමදේම වෙන්නේ අපිටයි හැමදේම වෙන්නේ හොදටයි දුක් වෙන්න එපා ලත වෙන්න එපා හැමදේම වෙන්නේ හොදටයි ...........
ReplyDeleteමාව අතීතෙට අරන් ගිහින් දැම්මා වගේ...ලස්සනයි...
ReplyDeleteගොඩක් ලස්සනයි..මට ඔහොම ලියන්න බෑනේ..:-(
ReplyDeleteආපහු එන දවසෙ සතුටත් අපි එක්ක බෙදා ගන්නවා හොදයි..
ReplyDeleteඑල එල.. :)
ReplyDeleteහරිම ලස්සනයි මංචි අක්කා. ලඟ ඉඳගෙනත් ගොඩාක් දුර බව දැනෙනකොටත් දැනෙන්නේ මේ වේදනාවමයි. ඒත් මොනව කරන්නද..
ReplyDeleteඅපිත් ආසයි කවි අහන්න , අපිත් කවි ලියනවා , ඒ නිසා 101 වැනියට අපි දෙන්නත් ආවා .
ReplyDelete@සාෂා | Remidiyas:
ReplyDeleteඔබ හරි...ස්තූතියි යාලු අපේ දිහා ආවට....
@ChammA :
ඔව් දුකත් තියෙන්න ඔනෙ නම් තමයි...ඒත් මේ දුක නම් දරාගන්න ටිකක් අමාරුයි..විශේෂයෙන්ම ඈත රටම තනිවෙලා තමන් ආදරේ කරන හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්න වෙලාවක...
@මධුරංග :
විබාගෙ නම් තිබ්බෙ නෑ මධුරංග අයියේ...ඒත් වෙන වෙන වැඩ එක්කලා ටිකක් බිසී වෙලා හිටියා...
@Prasanna :
ReplyDeleteඇත්තෙන්ම හිත්න තරම් ලේසියෙන් හැම දේම හරියනවනම්....
@වේලාව ලගයි :
එහෙම හිතන්න උත්ශ කරන්නම් හැකි තරම්.....
@මන්තරකාරි :
හ්ම්ම්ම්..එය ඔබේ අතීතය...මගේ වර්තමානය....
@විශ්ව :
ReplyDeleteඑහෙම කියන්න එපා...උත්සහ කරල බලන්න ලියන්න..හැබැයි මේ වගේ කවියකට නගන්න ඔබට මට වගේ දුක්බර අත්ඩැකීමක් නොවෙයි සතුටුදායක් නිමිත්තක් ලැබේවා කියල පතනවා.... :)))
@නාකියා :
ආපහු එන දවස නෙවෙයි සීයේ...මම එහෙ යන දවස තමා බෙදාගන්න හිතාන ඉන්නෙ.. :D
@රත්ගමයා :
තැන්කූ රත්ගමයෝ....
@ප්‍රාර්ථනා :
ReplyDeleteලඟ ඉඳගෙනත් දුරස් බවක් දැනෙන එක නම් මීටත් වඩා දරුණු දුකක් ප්‍රාර්තනෝ....අත්දැකීමෙනුයි ඒකත් කිව්වෙ... :(((
@දිනිතියි මිතිලියි....:
ආනේ අපේ පොඩ්ඩො දෙන්නත් මේ පැත්තෙ ඇවිදින්...පුංචි පැටව් දෙන්නව සාදරෙන් පිළිගන්නවා මංචි අක්කගෙ වියමනට.ටාඅයෙත් එන්න හොඳේ කවි කතා කියවලා යන්න....
හ්ම්ම්... නිධාන කතාව නම් මම දන්නවා... දුක් වෙන්න එපා කියන්න නම් මට බැ මංචියො... එත් අර එදා මම කිව්වා වගෙ ඉස්සර වගෙම නැතත් තක්ෂණයෙ පිහිටින් ගොඩක් ලඟින් ඉන්න පුලුවන් වෙවි ...........
ReplyDelete* පදටික නම් අපුරුයි මංචියො ....... :))
@සිරි කොලුවා:
ReplyDeleteතාක්ෂණය මොනතරම් ප්‍රභල වුණත් ලඟ ඉන්නව වගේ නෑ නේ නේද,,...? :D
නෙතින් නුඹෙ රුව දකගනීමට
ReplyDeleteපතමි මම මගෙ එක සිතින්...
ජීවිතේ කැරකෙන්නෙ ඔහොමයි
දුකයි සතුටයි පෙරළෙමින්...