රාත්‍රී ආහාරයෙන් පසු නාගෙන නාන කාමරයෙන් එළියට පැමිණි ප්‍රසන්න දුටුවේ උපුලී බැල්කනියේ අඳුර මැද තනිවම සිටගෙන ඉන්නා බවය.... ඔහු සරම දවටාගෙන කමිසයක් නැතිවම බැල්කනියට ගොඩ වුණේ රහසින් මෙනි...සුපුරුදු ලෙසම පසුපසින් ගිය ඔහු ඇගේ දෑස් වැසුවේය..එහෙත් වෙනදා මෙන් උපුලිගේ දඟකාර සිනා හඬ නිවස පුරා පැතිර ගියේ නැත......ඒ වෙනුවට...ඇගේ දෙනෙත් තෙත්ව ගොස් තිබිණි....!!
උපුලී....!!! ඇයි රත්තරං මේ....???
ප්‍රසන්න...... අපි දරුවෙක් හදන්න ඕනේ...!! උපුලී එකවරම කීවේ සීතල දරදඬු හඬකිනි...
එ..එ............ඒත්....!!
නෑ....
මට තර්ක කරන්න ඕනේ නෑ..... අපි දරුවෙක් හදනව...!!!
මට තර්ක කරන්න ඕනේ නෑ..... අපි දරුවෙක් හදනව...!!!
මම සතුටින් ඉන්න ඕනේ නම්..ඔයාගෙ වයිෆ් අපහාස විඳිනවට අකමැති නම්..තවත් ජීවත්වෙනවට කැමති නම්......මට දරුවෙක් හදල දෙන්න.....
හ්ම්ම්...........................
උපුලිගේ දෑසේ වූ මෙතෙක් කිසිදිනෙක නොදුටු බැල්මක් ප්‍රසන්නගේ ප්‍රතිවචන අවලංගු කර තිබිණි.....
එදින රැයෙහි ප්‍රසන්නට නින්දක් නොවීය... උපුලිගේ දුරින් නෑ වෙන නැන්දා කෙනෙකු පන්සලේදි කියා ඇති කතාවකින් උපුලී දැඩි තීරණයකට එළඹ සිටියාය...
බෝධි පූජාවට මල්වට්ටි අසුරද්දි උපුලි ළඟ පාත සිටියදීම නැන්දා අසල සිටි ගැහැනියකට කියා ඇත්තේ උපුලී වඳ ගැහැනියක බවය....උපුලිටත් තමන්ටත් දරුවකු නැති හේතුව...නොඑසේ නම් ඇය මවක් නොවූයේ ඇයගේ වරදකින් නොවන වග ලෝකයට කිවහැක්කේ කෙසේද...?ලෝකයා ඔහු කියන්නක් පිළිගනු ඇත්ද..? තමන් පිස්සෙක්යැයි චෝදනා නැගෙනු ඇත්ද..??
එහෙත් සිය ආදරණිය බිරිඳට....ඔව්...මවක මෙන්..සොයුරියක මෙන්..යෙහෙළියක මෙන් ඔහු ගැන දිවා රෑ නොතකා කැප වෙන ආදරණිය උපුලීට මෙවැනි දුකක් තවදුරටත් දිය හැකිද? නැත...ඈ සමග එක්ව දරුවෙකු තැනිය යුතුය....ඇයට වුවමනා එකම දෙය එය බව ඔහු දනී...ඇගේ අයිතිය ඇයට ලබා දිය යුතුය....
බොහෝ වේලාවක් නිදි නොමැතිව යහනතේ පෙරළුණු ඔහුට උපුලිගේ ඉකිබිඳුම් හඬද වරින් වර ඇසිණි.....ඇගේ ඉකිබිඳුම් ක්‍රමයෙන් සුසුම් වලට පෙරලෙද්දී...අවසානයේ ඔහු දරුවෙකු හදන්නට තීරණය කළේය......
බ්‍රර්ර්ර්ර්රාරාරාස්.........!!!!
ප්‍රසන්න යළි පියවි සිහියට එළඹියේ ඉදිරියෙන් යන වාහනයේ තිරිංග තදවුණු හඬිනි.....
දිවා කාලයේ සැමන් පැක් කරන්නාක් මෙන් වාහන පිරී ඇති හයිලෙවල් මංසංධියේදී පමා වන්නට වූ කල ඔහු සිතින් රතු එළි වලට ශාප කළේය....යාන්තමින් ඇක්සලේටරය පාගාගත හැකිවී මද දුරක් යත්ම ඔහු යළිත් මතක අතර අතරමං විය....
ඔහුගේ දෙවුර භීතියක්ද පිළිකුලක්ද යන හැඟුම අතරමැද වූ සංවේදනයකින් කිළිපොලා ගියේ ඉබේටමය...ඒ මතකය ඔහුගේ ජීවිතයේ අප්‍රසන්නම මතකයයි.......සිය ජීවිතයේ ඇති ශාපලත් මතකයයි....
ඔහු එකල පාසලේ එකේ හෝ දෙකේ පන්තියේ වන්නට ඇත...සෑම දිනකම පාසල් සේවා වෑන් රථයෙන් නිවසට එන ප්‍රසන්නට හිතන්නට යමක් තිබිණි...එනම් තම බොහෝ යහළුවන්ට සිටිනවාක් මෙන් තමාව නිවසට රැගෙන යාමට,බත් කැවීමට අම්මා කෙනෙකු නැත්තේ ඇයිද යන්නයි.....අත්තම්මාගෙන් ඒ ගැන විමසූ කිසිම විටක ඔහුට පිළිතුරක් නොලැබිණි..ඈ කළ එකම දෙය දෑසේ කඳුළින් පුරවාගෙන ඈත පෙනෙන කඳු යාය දෙස බලා හීල්ලීම පමණකි.....
හවස අප්පච්චි වැඩ ඇරී එන තුරු ඔහු සිටියේ නොඉවසිල්ලෙනි...පියා පැමිණි විගසම කළේ ප්‍රසන්නව තුරුළු කරගෙන ඔහු හුරතල් කිරීමය..එහෙත් මෙදින ප්‍රසන්නට හුරතල් වන්නට හිතක් නොවීය....
අප්පච්චි......................
ඇයි මගෙ පැටියෝ........ අප්පච්චි සුපුරුදු හාන්සිපුටුවේ ඇලවී ප්‍රසන්නව සිය කුස මත හිදුවාගනිමින් ඇසුවේය.....
අපේ අම්මි කෝ.....අප්පච්චී..........????
ඉද්ද ගැසුවාක් මෙන් අප්පච්චිගේ කඳ කෙළින් විය...පුංචි ප්‍රසන්න ඔහුගේ උකුලට රූටාගෙන ආවේ ඉබේටමය.....මොහොතක් සිහිනයෙන් මෙන් ඇසිපිය ගැසූ ප්‍රසන්නගේ පියා අසරණ දෑසින් සිය නැන්දණිය දෙස බැලුවේ කුමක් කළ යුතුදැයි නොදන්නා හෙයිනි.....
ඔය පොඩි එකාට දැන්වත් ඇත්ත කියන එක හොඳයි නේද පුතේ....දැන් ටිකක් තේරෙන වයසනෙ...මගෙනුත් කීප දොහක්ම ඇහැව්වා.....ඒත්..........ඇයට වාක්‍යය සපුරා ගැනීමට පෙර හැඬිණි....
අප්පච්චි ප්‍රසන්නව වඩාගෙන නැගිට්ටේය.......ඔහුව මිදුලේ තිබූ අඹ ගස යට බංකුවේ හිදුවාගත් ඔහු දිග කතාවකට මුලපිරුවේය....
සිය මව තමා උපන් දවසේම මිය ගිය බවත්..ඈ මිය ගියේ තමා ඉපදීමේදි දැනුණු ප්‍රසව වේදනාව ඉවසාගත නොහැකිව බවත්...ඇගේ ප්‍රාණය නිරුද්ධ වන්නට මොහොතකට පෙර ඇය යාන්තමට තමා දැක සිනාසුණු බවත් ප්‍රසන්න දැනගත්තේ එසේය.........
එදින හදවත වෙලාගත් මූසල හැඟුම,තමන් මව මරාගත් කාලකන්නියෙක්ය යන පිළිකුල කිසිවෙකුත් නොදැනම වසර ගණනාවක් පුරා ඔහුගේ හදවත වෙලාගෙන උන්නේ මැඩලිය නොහැකි පිළිලයක් ලෙසිනි...එය ඉන් ඔබ්බට මුල් ඇදගෙන යටි සිත කොනහමින් සිටියදීය උපුලී ඔහුගේ ලොවට ඇතුළු වන්නේ.....
දැන්......ඔහුට ඈවත් නැති වී යයිද....................................!!!!!!!!!!!
එක්වරම අනෙක් පස අසුනේ තිබූ ජංගම දුරකථනය නාද වන්නට විය..............
සෙමෙන් අත් -පා සලන
සුමුදු කිරි කැටි හදක
හද ගැස්ම අසන්නට
බියපත්ව තැති ගැනෙන...
ලෝකයෙන් වහන්වී
ඔබේ සෙනෙහෙට ලොබින
සැඟවෙන්න මුලු හොයන
බියගුලුම සිතය මම...
෴මංචි෴
හරිම සංවේදී පද වැලක් , ආසාවෙන් කියෙව්ව ...
ReplyDeleteමේ පිස්සු නටන්න එපා... අවසානේ අනිවා හොදට ඉවර කරන්න ඕන.. නැත්නම් පැත්ත පලාතේ එන්නේ නෑ මේවා කියවන්න :D මේක තර්ජනයක් හොදද.. :P
ReplyDeleteහුඟ දෙනෙක්ට පුංචි කාලෙ අත්දැකීම් පිලිලයක් වගේ හිතේ වැඩෙනවා. වයසින් වැඩුනත් අපි හිතේ රෝපණය කරගත්තු දේවල් ඇත්ත කියලම හිතනවා. මෙතනත් එහෙම දෙයක් වෙන්න ඇත්තෙ.
ReplyDeleteහ්ම්....ප්‍රසන්නට බය හිතෙන එක එකඅතකට සාදාරනයි...ඒත් මේ කතාවටනම් සතුටු හිතෙන අවසානයක් ඕනේ..හරිද....:))
ReplyDelete@මහේෂ් නිශාන්ත :
ReplyDeleteස්තීතියි මහේශ් මහතානෙනි... ඉතිරියත් කියවන්න එන්න..:)
@Charith :
සමහරවිට මේ කතාව දුකකින් ඉවර වෙන්නත් බැරි නෑ....හරියට සමහර කීවිත වගේ...ඒත් නෑවිත් ඉන්න එපා....මගේ ශක්තිය මෙහෙම අදහස් පල කරන ඔයාලනෙ..
@පිණිබිඳු... :
ඔව්..වයසත් එක්ක වැඩෙද්දි ඒ දේවල් වල හරි වැරැද්ද පවානොපෙනී යනවා..
@නිසුපා :
ReplyDeleteදරුවෙක්ට තමන්ට ජීවිතේ දෙන්න ගිහින් අම්මෙක් නැති වෙන එක ඇත්තෙන්ම ශාපයක් වගේ දැනෙනවා ඇති... :((
එහෙනම් ඒකත් එහෙමයි, ආ? බලන්න කී දෙනෙක් ඛේදාන්ත (Tragedy) වලට අකමැතිද කියලා.
ReplyDeleteමගේ ගෙස් එක හරි නේද?????
ReplyDeleteඒත් උපුලිට මුකුත් වෙන එකක් නෑනේද?
අපි පරක්කු වෙලා වගේ... මේක මෙතනින් ඉවර නෑ නේ?
ReplyDeleteලස්සනට කතාව ලියාගෙන යනවා.. ඉතිරි කොටසත් ඉක්මනින් ලියන්න :)
ReplyDeleteඔව් ඔක්කොම කීව්වා වාගෙ ලස්සනට වියූ කථාවක්...
ReplyDeleteමිනිස්සුන්ගේ හිත්වල තියෙන සැඟවුනු පැති...
"තුන්වෙනි යාමය" චිත්‍රපටියෙත් මේ වාගේ තව්ත් පැත්තක් හෙලි කරනවා...
ඔබට හොදින් ලියන්න පුලුවනි...
ජය..
Maxxxxxxx :D
ReplyDeleteනියම කතාවක් අක්කියෝ...අද තමයි දෙවෙනි කොටස කියෙව්වේ..
ReplyDeleteඉතිරියත් ඉක්මනටම දාන්න...සංවේදී කතාවක්..!!
@Dude :
ReplyDeleteගොඩක් අය ඛේදාන්තවලට අකමැති වුණාට ඉතින් අපේ ජීවිතවල ඛේදාන්ත මොන තරම් තියෙනවද.. :(
@හා පැටික්කි (MS) :
ඔව් හා පැටික්කියේ..:D හැබැයි උපුලි තාම ඉන්නෙ ICU එකේලු...
@MaRLaN :
අපෝ පරක්කුවක් නෑ..නෑ තව තියෙනවා...
@Yohan Kanishka | යොහාන් කණිෂ්ක :
ReplyDeleteතැන්ක්ස් කණියෝ....
@තිස්ස දොඩන්ගොඩ :
මිනිසුන්ගෙ පෙනෙන පැත්තට වඩා තියෙන්නෙ නොපෙනෙන පැතිනෙ ඉතින්...
@ජේ.ඩී :
තැන්කූ ජේ.ඩී...දැන් උණ සනීපෙයි..?
@ගිනි කුරුල්ලා :
ReplyDeleteතැන්කූ අපේ දිහාට ආවට යාළු...ඉක්මනට ඉතිරියත් දානවා...
හරි..............ලස්සනයි කතාව. මකුලු පැන්චි, හැබැයි ඔන්න දුක හිතෙන අවසානයක් දැම්මොත් අපි අයෙම දැල දිහාවත් බලන්නෙ නෑ හරිද.....
ReplyDeleteබලමු මොකද වෙන්නෙ කියලා
ReplyDeleteමේ පැත්තේ ආවේ මුල්ම වතාවට.. අපූරු කතාව..
ReplyDeleteකතාව ඉවර වුනාම තමා මගෙ රේටිංග්ස්.:D
ReplyDeleteවියමු බලන්න මේ දැලත්...
කාලෙකට පස්සේ බ්ලොග්වල කමෙන්ට් කරන්න ආවේ. මේ බ්ලොග් එකට ආවේ මුල්ම වතාවට වෙන්න ඕනේ. හරිම සංවේදීව ලියලා තියෙනවා නොවැ.
ReplyDeleteස්වර්ණවාහිනියේ හරීන්ද්‍ර ලොක්කා පැන්සොන් ගියදාක නිවුස් ලියන්න දාන්න පුලුවන් :)) ( පොඩි විහිළුවක් කළේ )
@hiruni :
ReplyDeleteහෙහ් හෙහ්...බලමුකො උපුලිට මොනව වෛද කියල..
@blog gadol :
හ්ම්ම්ම්....
@චතුර.... :
මුල්ම වතාවට ආපු ඔයාව ආදරෙන් පිළිගන්නවා...අයෙත් එන්නකො..
@නාකියා :
ReplyDeleteහ්ම්ම්ම්.මෙහෙනං කතාව ඉවර වෙලාම බලමුකො නාකියගෙ රේටිංහ්ස් කොහොමදෑ කියලා..
@Hasitha :
ස්තූතියි හසිත...මුල්ම වතාවට අපේ දිහා ආපු ඔයාවත් ආදරෙන් පිලිගන්නවා...මමනං හරේන්ද්‍රගෙ භාශා විලාසයට කැමතී..ඒ නිසා එහෙම කිව්වට තරහක් නෑ.. :D
උපුලිට ජය වේවා !!!!
ReplyDeleteඅන්න නියම කෙල්ලෙක්. මාත් ඔය බබාලට ආසයි. ඒ නිසා මෙහෙම කෙල්ලෙක් ගන අහන්න දකින්න ලැබෙන එකත් වාසනාවක් !!!
සමහර දේවල් හිතට වැදුනාම ඒක මරණය දක්වාම අමතක වෙන්නෙ නැහැ, මම මරණයෙන් පස්සෙ දේවල් කියන්න දන්නෙ නැහැ .....
ReplyDeleteඒ වගේ දෙයක් තමා මෙතනත් ....
බලමු ඊගාව කොටසත් ........
@මධුරංග :
ReplyDeleteආහ්හ්....එහෙනම් මධුරංග අයියගේ වයිෆ්ටනං උපුලි වගේ වෙන්ඩ උවමනා නැති වෙයි.. :D හිතේ තියෙන්නෙ නං ක්‍රිකට් ටීම් එකක්ම හදන්න වාගෙයි.. හිකිස්..
@පන්සල් හංදිය :
ඔව් අයියේ...සමහර විට පිටින් ඉඳන් බලන අපිට ඒක හරි සුලු දෙයක්..ඒත් වණේ තියෙන එකා තමා වේදනාව දන්නේ... ස්තූතියි මේ පැත්තෙ ආවට.. :))
nice.......
ReplyDelete