කාලෙකින් පෝස්ට් එකක් ලියන්න පුංචි ඉඩක් ලැබුණු නිසා හිතුණා මකුළු පැංචිගෙ ප්‍රේම පුරාවතෙන්ම ටිකක් ලියල දානවය කියලා..ඉතින් වැඩි කතා නැතුව ලියන්න ගන්නම්කො..
මතකනෙ මංචි නිවාඩුව ඉවර වෙලා ආපහු වසීලීස්සගෙ රටට ආපු බව..එහෙම ආව වුණත් ආවෙනම් ලොකු දුකකින්..නෑ නෑ...නිවාඩු කාලෙ සෙරෙප්පුවක් කාපු නිසාම නෙවෙයි..ගෙදර අයව දාල ආපහු එන්න වුණු එක නිසයි ඒ හැටිම දුක..ආයෙත් ඉතින් කාලෙකටනෙ දකින්න ලැබෙන්නෙ..
ආපහු හොස්ටල් එකට ඇවිදින් වීසා එක බාර දීම,ටයිම් ටේබල්ස් ලබා ගැනීම.... ,ලගේජ් එක අස්පස් කිරීම...යනාදී අනිවාර්‍යයෙන්ම කළ යුතු එකී මෙකී නොකී වැඩ කටයිතු රාශියක් ඉවර වෙනකල් මංචි හිටියෙ හරිම මහන්සියෙන්.. ඒ වගේම හිතේ ලොකු බරකින්.. ආපහු වතාවක් වසීලීස්සගෙ රටට පය තියාපු හැටියෙම තීරණය කළ යුතුම දේවල් කීපයක්ම තිබුණු හින්දා තමයි එහෙම වුණේ...
ඉතින් එදා රෑ නිදියන්න ගිය වෙලාවෙ මහ හුඟක් වෙලා කල්පනා කරල කරලා මංචි තීරණය කළා ඉදිරියට වැදගත් වේවි කියලා හිතෙන දේවල් කීපයක්ම...
එක....,
වුණු දේ වුණා...ආයෙමත් වතාවක් ඒ ගැන කිය කියා තමන්ගෙ හිතේ තියෙන හැඟීම වවුල්ස් ඉස්සරහදිවත් දෙකේ පන්තියට වැටෙන්න නොදෙනවයි කියන එක...(තමන්ගෙ හිතේ තියෙන ආදරේ වටිනාකම තමන් ආදරේ කරන කෙනාටවත් පහත් කරන්න ඉඩ තියන්න හොඳ නෑ කියනෙක තමයි මංචිගෙ විශ්වාසය..)
දෙක....,
හිතට මොන තරම් ලොකු දුකක් දැනුනත් ඉස්සර වගේම වවුල්ස්ට හොඳම හොඳ යාලුවෙක් වෙනවය කියන එක..
තුන.....,
දුක කියන එක හිතේ මුල්ලකින් තියල මෙච්චර හොඳ යාලුවෙක් ලැබුණු එක ගැන සතුටු වෙලා පුලුවන් තරම් එයාවත් සතුටින් තියල මමත් සතුටින් ඉන්න එක..
කට්ටියටනං හිතෙයි මේවත් තීරණද කියලා...ඒත් ඉතින් ඒ තීරණ මංචිට නං ගොඩක් වැදගත් වුණා ඇත්තෙන්ම..
ඉතින් දින, සති, මාස ගතවෙලා ගියා පුරුදු විදිහටම..ඒත් කාලයත් එක්කම මංචිටනම් හිතේ ධාරණය කරගත්තුවා අමතක වුණේ නෑ..ඒ වගේම වවුල්සුත් එයාගෙ පොරොන්දු කඩ කලෙත් නෑ..ඒ නිසාම ඉස්සර වගේම දෙන්න බොහොම යාලුකමින් හිටියෙ..ඇත්තෙන්ම කලින් හිටියටත් වඩා කිට්ටු වුණාය කිව්වොත් වැඩිය හරි..මතකනෙ ඉස්සර මොන දේ තිබ්බත් හිතේ රහසක් තිබ්බනෙ..දැන් ඉතින් එහෙම රහසකුත් නෑ ඉතින් ඕන වෙලාවක ඕන දෙයක් ගැන ලේසියෙන් කතාකරන්න පුලුවන් වීමම මංචිගෙයි වවුල්ස්ගෙයි යාලුකමට වැඩි සැහැල්ලුවක් එකතු කරලයි තිබුණේ...
කොහොමින් කොහොමින් හරි මේ වැඩි දියුණු වුණු යාලුකමෙත් සමහර වෙලාවට අතපසු වීම් හිත් රිදවීම් නොතිබුණාම නෙවෙයි.. හිටපුගමන් වවුල්ස්ට අමතක වෙනවා මේ දවසක් හරි තමන්ට ආදරේ කරපු මංචියා නේද කියලා.. එහෙම හිතන්නෙ බලන්නෙ නැතුව හිත රිදෙන කතා කිව්වම දන්නවනෙ ඉතින්......කොච්චර හිත හදාගෙන වගේ හිටියත් මංචිටත් එතකොටනං පැලෙන්න දුකයි....ඒත් මංචි විහින්ම ඇතිකරගත්ත දේකට එයා පලි නෑනෙ කියල මංචිත් අනේ අමාරුවෙන් හිත හදාගෙන ඉන්නව ඉතින්....
හැබැයි හැම වෙලේම එහෙමම ඉන්නෙත් නෑ..ඉතින් හැම වෙලේම තැලෙන යකඩෙය කියලා උඩ පැන පැන තලන්න ඉඩ දෙන්නත් බෑනේ...නැද්ද...ටිකක් වැඩියෙන් දුක හිතෙන කතාවක් හෙම කියවිලා හුඟක්ම හිත රිදුනහම නම් මංචිට කේන්තිත් යනවා..ඒ වෙලාවටනම් මංචිත් ඔය දුකටයි කේන්තියටයි ටිකක් කියවනවා..ඒ ඇරුනහම වවුල්සුයි මංචියි අතරෙ ලොකු ලොකු රණ්ඩු හිත් අමනාප කම් තිබුනෙ නෑ..කොටින්ම ඔය වලිත් කෝල් එක කට් වෙනකල් විතරයි.. :D...මතකනෙ ඒ කියන්නෙ විනාඩි 30 නෙ... :D
අනික් අතට මංචිටත් හිටපු ගමන් හිත ඇදුලෙ හිරවෙලා තියෙන ආදරේ නිසාම වැරදි විදිහෙ කතා කියවෙනවා...හැබැයි වවුල්ස් නං ඒවා ගනං ගන්නෙ නෑ..මොකද්දෝ නොදන්නා හේතුවකට මංචිට නං හිතුනෙ..කොච්චර වවුල්ස් මංචිගෙ ආදරේ ප්‍රතික්ශේප කරලා තිබුණ වුනත් ඒ ගැන වචනෙන් කියවෙන වෙලාවට එයා ඒකෙන් පොඩි සතුටක් ලබනවා කියලයි... :D
ආහ් කියන්නත් අමතක වුණානෙ..ඒ වෙද්දි වින්ටර් එකත් උදාවෙලයි තිබුණෙ..හිම වැටිලා හැම තැනම හරි ලස්සනයි නම් තමා..ඒත් පුදුම සීතලයිත් එක්කලා...ඉතින් ඔහොම කාලෙ ගෙවෙද්දි අපේ ශීතකාලෙ දෙන දිග නිවාඩුවත් ආවය කියමුකො...ඒ දවස් වලට උදේ ඉඳන් කරන්න වැඩකුත් නැතුව කම්මැලි නිසා වවුල්ස් මංචිලගෙ දිහාත් ඉඳ හිට එනවා..ඇවිත් ඔය නිවාඩු දවසක වගේ නං දවසම කයිය ගහ ගහ ඉඳල රෑටත් කාල තමා ආපහු යන්නෙ.(හි හී...මංචිට හොඳට උයන්ඩත් පුලුවන්නෙ...හිකිස්.. ;)) දවසම ඕපදූප හලන එක,ෆිල්ම් බලන එක, ගේම්ස් ගහන එක තමා ඉතින් අපි දෙන්නට තිබිණු රාජකාරිය......හැබැයි කාලෙකින් මංචිටයි වවුල්ස්ටයි ඒ වැඩෙත් ටිකක් බෝරිං වගේ...
ඊට පස්සෙ ඉතින් ගෙදරටම වෙලා කයිය ගහන එකත් කම්මැලි නිසා ඔන්න ටික ටික වවුල්සුයි මංචියි ඉඳ හිට ඔය ජොලියට වගේ එළියට යන්නත් පුරුදු වුණාය කියමුකො..හැබැයි ඉතින් වෙලාවට අඳුනන කවුරුත් දැක්කෙ නෑ,,(නැත්තං ඉතින් අර යාලුවො කියන උංගෙන් කන් දෙක බේරගෙන ඉන්නයැ ඉතින්... :P) කොහොම වුණත් ඒ වගේ ගමන් වලින් වවුල්ස් වගේම මංචිත් ලැබුවෙ ලොකු සතුටක්.. හොරෙන් හොරෙන් වාගෙ යන නිසා පොඩි ඇඩ්වෙන්චරස් ගතියකුත් නොතිබුණාම නෙවෙයි.. :D හැබැයි ඔය ඔක්කොම ජොලි කරන අස්සෙත් මංචිගෙ හිතේ නං අමුතුම දුකකුත් නොතිබුණාම නෙවෙයි..මොකද දවසක වවුල්ස් වෙන් වෙලා ගියාම මේ හිනා වෙලා ඉන්න හැම මොහොතක්ම ඇඬෙන සයිස් එකේ මතක මිටියක් වෙනවනෙ අප්පා..........ඒ කොහොම වුණත් ඒ දවස් තමා මංචිගෙයි වවුල්ස්ගෙයි ෆ්‍රෙන්ඩ්ශිප් එකේ ලස්සනටම ගෙවුණු,දෙන්නා ගොඩාක්ම කිට්ටු වෙලා හිටපු දවස් කිව්වොත් අදටත් ඒක වලංගුයි...
ඉතින් ඔහොම දවසක් අමුතු පහේ කෑමක් කන්න එලියට ගියපු වෙලාවක මංචිටයි වවුල්ස්ටයි හම්බ වුණේ නැතෑ කතා කරන්ඩ එල මාතෘකාවක්..මාතෘකාව තමා ''ඔන්ලයින් ප්‍රේමය''....හිකිස්...මංචිට මතක හැටියටනං ඒ කතාව ඇදෙන්න හේතුව වුණේ වවුල්ස්ගෙ හරි මංචිගෙ හරි යාලුවෙක් මුහුණු පොතෙන් පෙම්වතියක් හොයාගෙනය කියන ඕපදූපෙ තමා ඉතින්..ඔය වගේ සිද්දි සුලභ වෙච්චි කාලෙනෙ ඔය..අපි දෙන්නත් ඕකේ අහු කොන් ඇද ඇද..ඒකේ හොඳ නරක ගැන හෙම විශ්ලේශනය කර කර කකා බිබී ඉන්නවා..බලාගෙන ගියාම ඔන්ලයින් ලව් එකෙත් වැඩි වරදකුත් නෑ වගේ....හිකිස්....මෙන්න බොලේරැහෙම හිතුන විතරයි වවුල්ස් එකපාරටම කියපිනං....''මමත් ඔන්ලයින් කෙල්ලෙක් හොයාගන්න ඕනෙ..'' කියල... :D
වෙන වෙලාවකනං වවුල්ස් කෙල්ලෙක් හොයාගන්ඩ ඕනෙ කිව්වනං මංචිගෙ හිතට මෝසම ලබනව වුණත් මේ කියන වෙලාවෙ මංචිට කතාබහෙන් හෙන ජොලියක් ගිහින් හිටපු හින්දා අප්සෙට් එකක් හිතුනෙ නෑ..ඒ නිසාම මංචිත් ගත්කටටම වවුල්ස්ගෙ වැඩේ අනුමත කලාලු..හිකිස්..''ආහ්හ්...ඒකනං මරු අදහස...'' කියලා...ඕක කියල කටගන්න වුණේ නෑ නෙ හනේ...ඊලඟට වවුල්ස් කියාපිනෙ... ''මංචි..එහෙනං ඔයාගෙ යාලුවෙක් මට සෙට්කරල දෙන්නකො'' කියලා...
ඔන්න එතකොටනං මංචිට අප්සෙට් ගියා අම්බානකට..මොකද වවුල්ස් විහිලුවට නෙවෙයි ඇත්තටම එහෙම කියපු බව තේරුනෙ දැන් නිසයි...කුම්බලා මාළු කෑවානං විඳවාපන් බළලෝ...කීවලු... :(((මේ මෝඩ වවුලට නොතේරෙන හැටි..මං මෙච්චර එයාට ලව් ගහල ඉන්දෙද්දි මගේ යාලුවෙක්ව එයාට සැට් කොරන්න මට බැරි බව...ඔහොම ඉතින් හිතින් බැන බැන මාත් දැන් හෝ ගාලා ක්‍රම හොයනවා මේ මර උගුලෙන් තාවකාලික සහනයක් හරි ලබාගන්න....කෝ කිසිම අයිඩියා එකක් එන්නෙ නෑ...
හිකිස්..එතකොටම තමා ගණ දෙයියො මංචිගෙ ඔලුකට්ට ඇතුලට හොඬවැල දාල බුරුල් වුනු නට් එක තද කළේ....මංචිටත් පහල වුණා මරු අයිඩියා එකක්...මංචිත් වවුල්ස්ට කිව්වා..මෙහෙම..''හරි...කලින්ම ඔයා මට කොල්ලෙක් හොයල දෙන්න..ඊට පස්සෙ මං මගේ යාලුවෙක්ව සෙට් කොරලා දෙන්නං''ය කියලා..හිකිස් එයා කොහෙ හොයන්නද අනේ මේ මංචියට හිත යන කොල්ලො හික් හික්..ඕං ඔහොම තමා එදා ඒ උගුලෙන් බේරුනේ...හැබැයි මංචි දැනං හිටියෙ නෑ නෙ එක උගුලකින් ගැලවිලා ගිහින් පැනලා තියෙන්නෙ ලිඳකටය කියල..හිකිස්...හැබැයි ඉතින් ලිදේ ගැඹුර,වතුර මට්ටම,වතුරෙ රස වගේම...ලිං වතුරෙ සීතල ගැනත් කියන්නෙ ඊලඟ දවසෙ තමා හොදේ.... :D
හප්පා.. මේ කවි කියපු මංචි නේද?... අද තමයි මේක දැක්කේ... හී හී....:-D
ReplyDeleteඅපොයි...ඇත්තටම වවුල් අයියා ඔයාට කොල්ලෙක් හොයල දුන්නද අක්කේ....අනේ ඔයා මේක අගේ කර කරනේ දාන්නේ...ඉක්මනට දාන්නකෝ කතාව
ReplyDeleteදුක තමයි රන්ජනී... කියන්න තමයි වෙන්නේ....
ReplyDeleteසමහර තැන් වල මං නොදන්න කතාත් තියෙනවනේ බොලේ...
ReplyDeleteමේක මෙගා සීරීස් එකක් වගේ, හැබැයි හොඳකම තියෙන්නේ එපා වෙන්නෙ නැති එක.. හිකිස්... අනේ මන්දා මේක මොන වෙයිද කියලා,.,.
ReplyDeleteමංචි වවුල්ස්ගේ වේවිද? නැත්නම්... :P :(
හරි ඒකියන්නේ ලගදීම වවුල්ස් , මංචිට කොල්ලෝ හොයලා දුන්න හැටි තියෙන කොටස එනවා ;)
ReplyDeleteමංචි උයන්න නම් දන්නවා ඇති. ඒත් වස කම්මැලියෙක්නේ. අලයි සාඩිනුයි එකට දාල උයනවා කම්මැලිකමට. මොකද එතකොට හොදි මාලු දෙකක් උයන්න යන වෙලාව ඉතුරු වෙනවනේ. හික්ස් :)
ReplyDeleteඉක්මනටම ඉතුරු කොටසුත් ලියන්න.
පැනලා තියෙන්නෙ ලිදකට වුනත් සතුටින් වගේ පැනලා තියෙන්නෙ...හොදා හොදා..ඔහොම යං ඔහොම යං
ReplyDeleteඔන්න මුල ඉදලම වවුල් මංචි ආදර සීරීස් එක කියවගෙන ආවා. ඉක්කමනට ඊලඟ ටිකත් දාන්න. මාර ආසාවෙන් කියෙව්වෙ. වසිලිස්සගෙ රට නිසාද, හොඳම යාළු කුමාරයට හිත ගිය කළු කෙල්ලෙක් නිසාද මන්දා මන්තරකාරිට හොඳටම කතාවට හිත ගියා... ;)
ReplyDeleteඅසරණ වවුල්ස්ගේ බඩ එහෙම අප්සෙට් ගියේ නෑ නේද මංචි උයලා දෙන ඒවා කාලා??හික්ස් ..ඉතුරු ටිකත් ඉක්මනටම දාන්ඩෝ.....
ReplyDeleteමංචිලගේ වවුල්ස්ලගේ කතාව අපිත් හරි ආසාවෙන් කියවනවා , ඒ වෙන කිසිවක් නිසා නොවෙයි ,මංචි ලියන විදිය හරිම ලස්සන නිසා , ඒ වුනාට මේක කියවගෙන යත්දි අපිත් අපේ තරුණ කාළෙ ගත කළ විදිය සිත්තමක් වගේ මැවෙනවා ..ස්තුතියි , හරීම ලස්සනයි (ඔක්කොටම වඩා අර හික්ස් එක )
ReplyDeleteඒ දවස් වල මංචිය බුකියෙ ඉඳන් ලියාපු කවි... කවි ටික මිරිකුවහම එන කඳුලු ටික එකතු කොර ගත්ත නම් රෙදි බේසමක් හෝදන්න තිබුන... නැද්ද මන් කියන්නෙ... :)
ReplyDeleteවවුල්ගෙ හිතෙත් පුන්චි හරි ආදරයක් තියෙන්න ඕනෙ. නැත්තන් ආදරේ කරන්න ලං වුනු කෙනෙක්ට යාලුකමක් දෙන්න හිත හදාගන්නෙ කොහොමද.
ReplyDelete@Pasan :
ReplyDeleteහානේ මේ කවි මඩුවෙ පසන් අයියණ්ඩි නේදෑ...කොච්චර කාලෙකින්ද අප්පේ දැක්කේ..නොහොම ස්තූතියි අපේ දිහාත් ආවට සහෝ..ආයෙත් එන්න හොඳේ... :D
@සිතුවිලි නිහඬයි :
ඒක කියන්නංකො ඉකමනටම..කොහොමත් දැන් දැන් කතාව ඉවර වෙන්න ලඟයි..
@MaRLaN :
කවුද මල්ලි රංජනී කියන්නෙ..?? හිකිස්.. :D
@Dinesh :
ReplyDeleteඔයා මූණු පොතෙන් අතුරුදහන් වෙලා උන්නු කාලෙ වෙච්ච දේවල් තමා අයියෙ ඔය.. :D
@ප්‍රාර්ථනා :
අපෝ දැන් අවසානෙට හොඳටම කිට්ටු නගේ..සමහර විට ඊලඟ පෝස්ට් එකෙන් ඉවර වෙන්නත් පුලුවනි.. :D
@ChammA :
ඔව් ඔව්,වීලඟ එකෙන් එනවෝ....
@මධුරංග :
ReplyDeleteඅන්න අන්න..ඕව කැත වැඩ අයියේ..එන්නෙපා හරිද මගේ කාර්ඩ් එක කුඩු කරන්න... :P (මට කන්න එහෙම උයාගත්තට තමන්ට්‍රයි කරන කොල්ලට එහෙම උයල දෙනවද හලෝ... )
@නිසුපා :
මං වැටුනු අමාරුව දන්නවනං අක්ක ඔහොම කියන්න් නෑ...බලන්ඩකො ලබන සතියෙ.. :(((
@මන්තරකාරි :
බොහොම ස්තූතියි මන්තරකාරියෝ.. :)
හ්ම්ම්...වවුල්ස් අකමැති වෙන්ට ඇත්තෙනං මංචි කලු කෙල්ලෙක් නිසා වෙන්ටැති සමහරවිට.. :D
@විශ්ව (මගේ පිටුව) :
ReplyDeleteඅපෝ නෑ...හිකිස් එහෙම අප්සෙට් එකක් වුණත් ඒවටත් මංචි බේත් දන්නවනෙ.. :))
@මහේෂ් නිශාන්ත :
බොහොම ස්තූතියි මහේශ් මහත්මයානෙනි..ඔබතුමා නිතරම මෙහෙ යන එන එකයි මෙහෙම අගය කිරීම් කරන එකයි මට හරිම වටිනවා.. :))ඔබතුමන්ගෙ තරුණ කාලෙත් බොහොම විනෝදබර සිද්දි තිබිල වගෙයි පේන හැටියටනම්.. :D
@සාතන් :
අනිවා...රෙදි සෝදන්න නෙවෙයි සාතන් සහෝ...බැහැලා නාගන්න වුනත් ඇති වෙයි මයෙ හිතේ...හිකිස්.. :))
@පිණිබිඳු... :
ReplyDeleteඑහෙම තමා පිණිබිඳු මමත් හිතුවෙ..ඒත් සිතුවිල්ල බොරු වුණේ එයා මට වෙන කොල්ලෙක් සෙට් කරන්නං කියල පොරොන්දු වුණ වෙලාවෙයි.. :((
හපොයි මංචියේ...... මං පහුගිය කාලේ මංචි නැති නිසා මුළු බ්ලොගේම මකුළු දැල් ටික කඩලා අස් කල නිසා හොඳයි. නැත්නම් මුල ඉඳන් කියවන්නෙපැයි කතාව..... හික්ස්.....
ReplyDeleteඉතිං කොල්ලෙක් හොයලා දුන්නැයි?
@හා පැටික්කි :
ReplyDeleteඅනේ හා පැටික්කියේ බෝම ඉස්තූතියි මං නැති කාලෙ බ්ලොගේ අතුපතුගාල දැම්මට..:)) කොල්ලෙක් හොයල දුන්න හැටි කියන්නම්කො ඊලඟ කොටහෙන්... :D
ane akke ohoma wawulek nam wadak na...atharala daamune?
ReplyDeleteහික්ස් එහෙනම් කමක් නෑ නොවැ..මම හරිම ආසවෙන් කියවන බ්ලොග් එකක් තමයි මේක..දිගටම මෙහෙමම ලියන්න..ලියල තියන විදිහ හරිම ස්වීට් මෙයා :-)
ReplyDelete@Nishadi K D :
ReplyDeleteනිශාදි නගා මං පුද්ගලිකව දන්න කෙනෙක්ද මංදා.. :D කෙසේ වෙතත් මටත් එහෙම නොහිතුනාම නෙවෙයි බොල නංගියේ.. :))
@විශ්ව (මගේ පිටුව) :
හනේ තැන්කූ මෙයා... :D හැමදාම එන්ඩ හොඳේ...වැඩ තියාගෙන අමාරුවෙන් ලිව්වහම ඒ මහන්සිය යන්නෙත් ඉතින් ඔයාල දෙන මේ වගේ ස්වීඊඊඊට් කොමෙන්ට්ස් වලින්ම තමා.... :D
අම්මෝ මේයැයි පොඩි කමටද සැර !!!!
ReplyDeleteවිහිලුවක් කලේ හලෝ.
ශා... මංචිගෙයි වවුල්ස්ගෙයි කතාව ආයිත් කාලෙකින් අහන්න ලැබුනා. මේ කතාවෙ අවසානය මොකක්ද කියලා දැනගන්නකම් මට ඉවසිල්ලක් නෑ වගේ. යාලුකම නම් හැමදාම තියෙයි. ඒත් මංචිගෙ අදහස ගැන වවුල්ස් මොනවා හරි හිතුවොත් පස්සෙදිවත්.
ReplyDelete@මධුරංග :
ReplyDeleteහිකිස්...හොඳ අයියල වුණාම ආන්න එහෙම නගාල කියන දෙ අහගෙන ඉන්න ඕනෙ.. :D
@හංසි :
අවසානය ඒ හැටි දුරක් නෑ හංසියෝ..යාලුකමනම් හැමදාම තියෙයි තමා...ඒත්........!!