හ්ම්ම්ම්...වැඩ නම් අහස උසට...ඒ වුණත් හිතේ කලබල ගතිය යන්නත් එක්කලා ආයෙමත් බ්ලොග් සටහනක් ලියන්නයි ආවෙ...වෙන මොනවත් නෙවෙයි මංචි ගෙයි වවුල්ස්ගෙයි කතාවටයි අදත් මම මේ මුලපුරන්නෙ....යාලුවන්ට අමතකද මංදා පහුගිය පෝස්ට් එකේ අන්තිමේදි වවුල්ස් මංචිට කොල්ලෙක් හොයා දෙන්නම් කිව්වනෙ...ඒ ඊට පස්සෙ මංචි එයාගෙ යාලුවෙක්ව වවුල්ස්ට සෙට් කරන පොරොන්දුව පිට..ආඅහ්හ්..අමතක අයත් ඉන්නව වගේ...එහෙනම් මෙතනින් ගිහින් කියවලාම එන්නකෝ....
දැන් හරිනෙ...
වවුල්ස් නම් පොරොන්දු වුණාට මොකද මංචිනං හිතුවෙම ඕක විහිලුවක් වෙන්ටැති කියලමයි..කොටින්ම මංචිට ඔය කතාව අමතක වෙලා යන්නත් මහ කාලයක් ගෙවුනෙ නෑ..ඉතින් ආයෙමත් සුපුරුදු විදිහටම කාලය ගෙවෙන්න පටන් අරං සතියක් දෙකක් ගතවුණාය කියමුකො...කරන්නත් වැඩක් නැති එකේ මංචි නං ඒ දවස් වල මූණු පොතේ ඇලවිලාමයි උන්නෙ...ඔහොම එක එකාගෙ ඕපාදූප කියවමින් ඉන්න වෙලාවක තමා සකර්බර්ගර් අයියා මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් ආපු බව දර්ශනය කළේ...(අපි එයාට ඩිලාන් කියමුකො..දන්නවනෙ ඉතින් නම්ගම් මනංකල්පිතයි කියලා.....
)(මංචි ඉතින් ඒ දවස් වල සෑහෙන ප්‍රසිද්ධ පොරක් නොවැ මූණු පොතේ..ඒ නිසා රටේ නැති අයගෙන් ඔය කියන ජාතියෙ එව්වා නිතරම එනවා..හිකිස්... හැබැයි ඉතින් මේ මිතුරු ඇරයුමේ නං ලොකු වෙනසක් තිබ්බ කිව්වොත් හරි..ඒ වෙනස තමා ඒ කෙනාටයි මටයි හිටපු එකම මියුචුඅල් ෆ්‍රෙන්ඩ් වවුල්ස් විතරක් වීම...වවුල්ස්ගෙ නෙවෙයි මගේ ඉස්කෝලෙම යාලුවෙක් වුණත් ටිකක් හොයලා නොබලා ඇඩ් කිරිල්ල මංචිගෙ සිරිත නොවෙන නිසා...(මේ කියන්නෙ මංචිගෙ ඇත්තම නමින් තියෙන ප්‍රොෆයිලෙ ගැන හොඳේ..) හිතා ගත්තෙ වවුල්ස්ගෙන් අහලම මොනාහරි කරනවය කියලයි..
නිවාඩු කාලෙ නිසා මංචියි වවුල්සුයි නිතරම මුනගැහෙනව වුණත් අර ජන්මෙටත් වඩා ලොකු දුරකතන සංවාද නං මිස් කරන්නෙම නෑනෙ...ඉතින් එදා හවසත් දෙන්න එක්ක ඔහොම කතාවකට සෙට් වෙලා ඉන්නකොට තමා මංචිට අර කොලුවාගෙ රික්වෙස්ට් එක ගැන මතකයට ආවෙ...මංචිත් ඉතින් වවුල්ස්ගෙන් පොඩි සර්ච් පාරක් දාන්න ගත්තය කියමුකො....
මංචි : මේ...ඔයාගෙ යාලුවෙක් මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එවල තිබ්බනෙ...
වවුල්ස් : කවුද...?? මොකද්ද නම...
මංචි : කවුද මේ....ඩිලාන්ද කොහෙද නම.........ඔයා විතරයි මියුචුඅල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට ඉන්නෙ....
වවුල්ස් : ආආඅහ්හ්හ්හ්හ්හ්..........ඌ රික්වෙස්ට් කරලද...මට පෙරේදා ඌව ස්කයිප් චැට් එකට සෙට් වුණා..මං ඌට කිව්වා ඔයා ගැන..ඒකයි ඌ රික්වෙස්ට් කරන්න ඇත්තෙ...ඔයා ඇක්සෙප්ට් කළෙ නැද්ද..?
මංචි : නෑ තාම ඇක්සෙප්ට් කළේ නෑ..ඔයා මොනාද මං ගැන කිව්වෙ..? ඇයි ඉතින් එයා මට රික්වෙස්ට් කරල තියෙන්නෙ...??
වවුල්ස් : ඇයි ඔයා මට කිව්වෙ කොල්ලෙක් හොයල දෙන්නය කියලා...ඩිලානයත් මට කිව්වා ඌට බඳින්න හොඳ කෙල්ලෙක් හොයල දෙන්නය කියලා..ඉතින් මං ඌට ඔයා ගැන කිව්වා...
මංචිට ඊට පස්සෙ කට උත්තර නැති වුණාය කියල යාලුවන්ට කියන්න උවමනා නෑ නෙ නේද අමුතුවෙන්...
මංචිගෙ ජීවිතේට වවුල්ස් කියල කෙනෙක් ආපු මුල්ම මොහොතෙ ඉඳං ඒ වෙනතුරුම කවදාවත් නොදැනුනු දුකක් මංචිට දැනුන කිව්වොත් හරි..කොටින්ම මංචිගෙ ආදරේ වවුල්ස් ප්‍රතික්ශේප කරපු දවසෙවත් නොදැනුණු වේදනාවක්...විදුලියක් වගේ සියුම් පිලිස්සෙන සුලු වේදනාවක්........ඊට පස්සෙ ඒ සංවාදෙ කොහොම ඉවර වුණාද කියල මංචිට නව් සිරාවටම මතක නෑ ඕං....ඒත් ඉතින් දැන් තවත් ප්‍රශ්නයක්...මංචි වවුල්ස්ට පණ ඇරගෙන ඉද්දි වෙන කෙනෙක් ගැන හිතන්න පුලුවන් වෙයිද..එහෙම එකේ ඩිලාන්ගෙ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරල වැඩක් නැහැනෙ...අනිත් අතට ඒක ඇක්සෙප්ට් නොකලොත් වවුල්ස්ට හොඳ නෑ...වවුල්ස් බොරු කාරයෙක් වෙනවනෙ...මොකද ඒ මනුස්සයා වවුල්ස්ගෙ හොඳම යාලුවෙක්ලු...ඒ මදිවට නෑ වෙනවත් එක්කලා...පොඩිකාලෙ ක්‍රිකට් සෙල්ලං කොරලා තියෙන්නෙත් එකටය කියන්නෙ...ඉතින් එහෙම වුනාම වවුල්ස්ගෙ කාඩ් එක කුඩු කරන්නත් බෑහැනෙ..
ඉතින් මංචිට තිබ්බෙ එකම එක ඔප්ශන් එකයි...ඒ තමයි ඩිලාන්ව යාලුවො සෙට් එකට එක්කහු කරගන්න එක..ඉතින් accept කළාය කියමුකො...මෙන්න බොලේ විනාඩි පහක්වත් ගියේ නෑ ඒ මනුස්සයා චැට් කරනවා.. මංචිට හැංගෙන්නවත් වෙලාවක් ලැබුනෙ නෑ...
නෑ වගේ ඉන්ඩත් බෑනෙ...මේ දැන්නෙ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරල අත ගත්තෙ...ඒත් ඉතින් කතාකලාට අතින් පයින් යනවයෑ,,නැද්ද..... මංචිත් ඔන්න කතාකරනවා..හැබැයි නිකං ජොලියට වගේ තමා මං නම් උත්තර දුන්නෙ....මුලින්ම නම ගම විස්තර පවුලෙ තොරතුරු..වවුල්ස් ගැන...ඕව තමා...හැබැයි අවංකවම කිව්වොතින් මංචි මොන තරම් සෙල්ලක්කාර විදිහට කතා කලත් ඒ මනුස්සයනම් බෝම ගරුසරු ඇතුව කතාකළා..ඒ වගේම පුදුමෙකට වගේ මංචිගෙ හිතේ ඩිලාන් ගැන පැහැදීමකුත් ඇති වුණා....!!!ඩිලාන් ටිකක් ෆිට් වුණාම එක්තරා බ්‍රෑන්ඩ් එකක චැටර් බොක්ස් එකක්.. ඒ නිසාම කතාව එදාට ඉවර වෙද්දි මම එයා ගැන ගොඩක් දේවලුත් එයා මංචි ගැන යම් යම් දේවලුත් දැනගෙන හිටිය කිව්වොත් හරි...දෙන්නටම රහසක් තිබුනෙ නෑ අපේ යාලුකම එල්ල වෙන්නෙ මොන අරමුණකටද කියන එක ගැන..වවුල්ස් මට කිව්වා වගේම ඩිලාන්ටත් මං ගැන කියල තිබ්බා...මංචිට කීයටවත් විස්වාසකරන්න බැරි වුණේ වවුල්ස් ඩිලාන්ට මංචියා ගැන දීල තිබ්බ වර්ණනාව තමා...හිකිස්...
ඒකෙ හැටියටනං මංචි දාහකින්වත් හොයාගන්ට බැරිතරං හොඳ කෙල්ලෙක්ය කියන්නෙ...(වවුල්ස් දන්න තරම පව් නේදෑ....හා හා....කට්ටිය කොලර් උස්සගත්ත නං මං වගේ යාලුවෙක් ඉන්නෙක ගැන ආඩම්බරෙන්..
)...ඩිලාන්ගෙම වචන වලින් කියනව නම්.ඒ තොරන් විස්තරේ අහල එයාට හිතුනලු වවුල්ස්ගෙන් අහන්න...ඇයි වවුල්ස් මංචි එක්ක යාලු නොවුනෙ කියලා...හිකිස්..(මොනා වුනත් ඩිලාන් හොඳ මොලේ ඇති කොලු පැටියෙක් නේදෑ...
)ඉතින් කොහොම හරි එදා මංචියි ඩිලානුයි සමුගත්තෙ..ඩිලාන් විසින් මංචියාව ස්කයිප් එකටත් ඇඩ් කිරිමෙන් පසුවයි...එදා රෑ තමා රෑ..එදා මංචිට වවුල්ස්ට කියන්න විස්තර ගොඩයි..කොටින්ම ඩිලාන්ගෙන් අහගත්තු වවුල්ස්ගෙ පොඩිකාලෙ විස්තර..ඩිලාන්ගෙ විස්තර..ඩිලාන් ගැන මංචිට හිතුණු දේවල්..දෙන්න කතාබහ කරපු හැම දෙයක්ම වගේ යනාදි ඔය ඔක්කෝම ඉතින් වවුල්ස්ට නොකිය ඉන්න බෑනේ..
අපි දෙන්නවම දන්න එකම කෙනා එයානෙ...වවුල්සුත් ඉතින් කියනවා....ආහ්හ් දැන් හරිනෙ..එහෙනම් දැන් සෙට් වගේනෙ නේද කියලා... ඉතින් පහුවෙනිදත් ඊට පහුවෙනිදත්..ඊටත් පහුවෙනිදත් සිද්ද වුණේ...ඔය ටිකම තමයි...හැබැයි ඒ දවස් දෙක තුනේ එකිනෙකට තිබ්බෙ ලොකු වෙනසක්...
ඩිලාන්....
එයා මංචිට දවසෙ පැය 4-5 කතා කළා...කොටින්ම කිව්වොත් දවසෙ අන්තිමට මංචිට වවුල්ස්ට කෝල් එකක් ගන්න වෙලාව හොයාගන්න පුලුවන් වුණේ සෑහෙන අමාරුවෙන්. ඒ කතා කළත් සමහර වෙලාවට ඩිලාන් ස්කයිප් ආවම කෝල් එක මග දාලා යන්න වෙනවා..කොහොම හරි කෝල් කළාම වුණත් කියන්න තිබ්බෙ ඩිලාන් එක්ක කතා කරපු දේවල් විතරමයි..
ඩිලාන් සෑහෙන මංචිට ලං වෙමිනුයි හිටියෙ..මංචිටත් මුල් දවසෙ දැනුනු පැහැදීම ගොඩක් වැඩි වුණා මිසක අඩු වුණේ නෑ..සිරාවටම කියනවනම් ඩිලාන් කියන්නෙ එක තප්පරේක හැදූනුම්කමකින් අවුරුදු ගානක් දුරට හීන දකින...පුදුමාකාර කලබලයක් තියෙන...ඒත් හරිම අවංක, පුදුම හොඳ හදවතක් තිබ්බ කොල්ලෙක් බව මංචිට තේරුණා..ඒ වගේම එයා දවසක බඳින කෙනා මුලු ජීවිත කාලෙම සතුටින් තියන හැටි එයා බොහොම අපූරුවට දැනගෙන හිටියා...
වවුල්ස්....
දවස් ගෙවෙන්න ගෙවෙන්න වවුල්ස් හරි පුදුමාකාර විදිහට වෙනස් වෙන බවයි මංචිට නම් දැනුනෙ...වැඩි කතාවක් නෑ..වෙනදා පැය ගනං ඇදෙන කෝල්ස් දැන් එන්න එන්නම කොට වෙනවද කොහෙදෝ..... හරියට ඩිලාන්ට මංචිව දීලා එයා ටික ටික මංචිගෙන් ඈත් වෙන්න හදනව වගේ...
මංචි....
මංචි හිටියෙ දෙගිඩියාවෙන්...ඩිලාන් ටික ටික තමන්ට ලං වෙන බව දැනෙද්දි එයාට දැනුනෙ අමුතු හැඟීමක්..තමන් නිකරුණේ අහිංසකයෙක්ට බලාපොරොත්තු දෙනවදෝ කියලා දෙගිඩියාවක්..ඒ ගැටලුවට විසඳුමක් ගන්න,ඒ හැඟීම ගැන කියන්න මංචිට හිටපු එකම හිතවතා වවුල්ස්.ඒ නිසාමද මංදා දවසෙ අන්තිමේදි මංචි ඩිලානුයි තමනුයි අතර වෙන කතා අකුරක් නෑර වවුල්ස්ට පිටපත් කළේ..ඒත් මංචිගෙ පුදුමෙකට වගේ වවුල්ස් ඒ ගැන මොකුත්ම කිව්වෙ නෑ....ඒ ගැන විතරක් නෙවෙයි එයා කිසිම දෙයක් ගැන මොකුත්ම නොකිය ඉන්න දවසත් කිට්ටු වෙන බව මංචිට ඉවෙන් වගේ දැනෙන්න ගත්තෙ ඩිලාන් හමුවෙලා සතියකුත් ගියාට පස්සෙයි...ඒ නිසා මංචි හිටියෙ හරිම දුකින්...
සතිය ඉවර වෙද්දි වවුල්ස්,මංචි,ඩිලාන් ....අපි තුන් දෙනාගෙම ජීවිත ගොඩක්වෙනස් වෙලයි තිබුණේ.... සතියෙ 6 වෙනි දවසෙදි ඩිලාන් තීරණයක් අරගෙනයි තිබුණේ...එයා ඒක මංචිට කෙලින්ම කියන්න පැකිලුණේ නෑ,,,තමන් මංචිට ආදරෙයි කියල කියන ගමන් එයාට පුදුම හදිස්සියක් තිබුනෙ මංචිගෙ උත්තරේ දැනගන්න...ඒ ඊට පස්සෙ මංචි ගැන එයාගෙ ගෙදර අයට කියන්න තිබුණු උනන්දුවත් එක්කමයි...
මංචි හිටියෙ මහ අවුලක... එයා වවුල්ස්ට තාමත් පණ වගේ වුණත්...වවුල්ස්ව මංචිට කවදාවත් නොලැබෙන බව දැන දැන විහින් ජීවිතේ වරද්දගන්න එක හරිද කියලයි මංචි හිතුවෙ..මංචිහෙ එක ''ඔව්'' එකකින් ඩිලාන් එයාව මුලු ජීවිත කාලෙටම ආදරෙන් බලාගන්න බව දැන දැනත්...මංචි හිතුවෙ..අනේ ඩිලාන් වෙනුවට වවුල්ස් එතන හිටියනම් කියලයි..ඒත් ආදරයක් නිසා බිඳුනු ජීවිතේට ලැබෙන්න පුලුවන් සාධාරණම හොඳම මාර්ගය තමන් ඉදිරියෙ මේ තරම් පැහැදිලිව විවර වෙන අවස්තාවක් ආයෙ දෙවෙනි වතාවකට නොඑන බවත් මංචි හොඳටම දැනගෙන උන්නා...
ඒත් තවමත් මංචි හිටියෙ පසුබාමින්...එක වචනෙකින් දෛවය වෙනස් වෙනකොට...බය නැත්තෙ කාටද...නැද්ද මං අහන්නෙ...
...මංචිට කරන්න පුලුවන් වුණේ එකම එක දෙයයි...ඒ වවුල්ස්ගෙන් අදහසක් ගන්න එක...ඒ අදහසින් මංචි වවුල්ස්ට කෝල් කලත්...සිද්ධ වුණේ හරිම දුක හිතෙන දෙයක්...වවුල්ස්..එයාට මංචිගෙන් ඈත්වෙලා යන්න පුලුවන් උපරිම දුර ගිහින් හිටිය...මංචි කෝල් කළහම එයා උත්තර දුන්නෙ හරියට එපා වාහෙට හොදි බෙදන්නා වගේ කියලමයි මංචිට දැනුනේ...ඒ මදිවට ආගිය තොරතුරු අහන්නත් කලින්ම වවුල්ස්ට ඕන වුණේ තියන්න..විනාඩි පහක් කතාකලාට පස්සෙ මොකක්ම හරි කියල තියන්න වවුල්ස් හේතු තොගයක්ම හදාගෙන තිබුණා,,දවසෙ 4-5 පාරක්ම මංචි වවුල්ස්ට කෝල් කළා වුණත්..හැම වෙලාවෙම වුණේ එකම සන්තෑසියම තමයි...
අන්තිමේදි වුණේ මංචි හීනෙකින්වත් නොහිතපු දෙයක්...වවුල්ස් මංචිගෙ දුරකතන ඇමතුම් වලට කතා නොකරම ගියපු එක.....!!!
මංචිගෙ හිත හුඟක් රිදුණා කිව්වොත් හරි..හරියට හෙවණැල්ලත් තමන්ව දාලා ගියා වගේ...වවුල්ස්ගෙ හිතේ මංචි ගැන පුංචි හැඟීමක්වත් තියෙනවනම් එහෙම කරන්නෙ නෑ නේද කියල හිතෙද්දි මංචිට තමන් ගැනම දැනුනෙ මහ පුදුම දුකක්...වවුල්ස් මංචිව ගනං ගන්නෙවත් නෑ නේද කියල හිතෙද්දි හැම දේම එපා වෙලා යනවා...ඒත් එක්කමයි තවත් මේ ආදරේ නිසා තවත් විඳවන එක පලක් නෑ කියල මංචිගෙ හිත එයාට කියන්න පටන් ගත්තෙ....
ඒ වෙද්දි මංචි වවුල්ස්ට ඒකපාර්ශවිකව ආදරේ කරන්න පටන් අරන් අවුරුද්දකටත් වැඩීයි...ඒ මුලු කාලෙටම වවුල්ස් වෙනුවෙන් දුක් වුණු වාර කොච්චරක්ද කියන්න බෑ...ඉතින් මංචි තීරණයක් ගත්තා......
යදම් නොබැඳුණු නමුදු ප්‍රේමය
ලෙසින් හිමිකම් පත් ලියා
ලෙසින් හිමිකම් පත් ලියා
නුඹට හිමිවුණු හිතක් නිහඬව
ගිලෙන හිරු ලඟ මිය ගියා
දුටුව කල මළගමක සලකුණු
දයාබර ඔය නෙත් අයා
ඉතින් නො අසන් ගලන දුක් ගඟ
කෙදින නවතීදැයි කියා
අහිත නැත සැබැවින්ම දැන්නම්
දැනෙන්නට හිතකුත් නැතී
දැවෙන ඒ හිත වැළඳගනු රිසි
හිතක් මග බලමින් ඇතී
පෙමක මල් පෙති වැරෙන් විකසිත
කරමි,දෙමි එ හිතට නිතී
හරිමි නුඹ, නොබඳිමි තවත් බැමි
අසිරි දී ම’සිතින් බැතී
හෙටින් පිබිදෙන රුවන් ඉර මල
අසල නෙත කඳුලැලි වසා
සිනා හසරැළි වළාකුල් පොදි
මුවග නංවමි ඔහු නිසා
යළිඳු කවියක පවා නොගැයෙන
පෙමක පර මල් පෙති ගසා
යහනතෙහි රතු රෝස පියවිලි
ඉසිමි මවනට තව්තිසා...
අතට අහුවුණු කරදහියක හිතේ දුකත් එක්ක මෙහෙම වචන බවට පෙරලුනේ මංචිගෙ තීරණය..ඉතින්....පහුවදාම ඩිලාන්ට අහන්න බලාගෙන ඉන්න ඒ උත්තරේ ලැබේවි....වවුල්ස්....නෑ ඒ ගැන කතාකරලා දැන් පලක් නෑ....වවුල්ස්ව අමතක කරන්න නම් ජීව්ත කාලෙටම මංචිට පුලුවන් නොවුනත්..වවුල්ස්ට වගේ ආදරේ කරන්න බැරි වුණත් ඩිලාන් වෙනුවෙන් පොඩි ආදරයක් හරි හිතේ ඇතිකරගන්න දවසක තමන්ට පුලුවන් වේවි කියලයි මංචිට හිතුනෙ...
පහුවෙනිදට ඉර උදා වුණේ හුඟක් පරක්කු වෙලාද කොහෙදෝ...ඒ වගේම වෙනදට වඩා වෙනස් විදිහට...ටිකක් වැඩිපුර රතුපාටට...ඒ ලස්සන දවසෙත් හිනා වෙන්න හිතක් නොතිබ්බ මංචිට ඉර පෑව්වෙ ඊටත් පහු වෙලා.....ඒ කෝල් එකකින්.... ඩිලාන්.......?????
හිකිස්..මොන පිස්සුද අනේ.....
වවුල්ස්......!!!
වවුල්ස්ගෙ කෝල් එකට මංචි උත්තර දුන්නෙ බයෙන්..උදේ පාන්දරම අඬවන්නද දන්නෑ නෙ හදන්නෙ...තවත් අඬන්න කඳුලු මංචිට ඉතුරුද මංදා.....මෙන්න වවුල්ස් අගේට කතාකරනවා... ඊයෙ හිටපු මිනිහද කියල හිතාගන්නවත් බෑ..වෙනද වගේම පිස්සු කියවනවා..කුචි කවාගෙනවත් හිනා යන්නැති ඒත් එයා කිව්වම විතරක් හිනා යන ගොං පාට් දානවා....ඇත්තෙන්ම මංචිට දැනුනෙ පුදුම සතුටක්...වවුල්ස්...එයා වෙනස් වෙලා නෑ...තවමත් මංචිගෙ පිස්සු යාලුවම තමයි...??
ඔහොම ගොඩාක් වෙලා කියව කියව හිටපු වවුල්ස් කතාව ඉවර කළේ දවල් වෙලා මංචිලාගෙ දිහා එනවය කියලත් කියලමයි..ඊලඟට ඉතින් මංචි කළේ හිතේ සැහැල්ලුව පිටින්ම ඊයෙ රාත්තිරියෙ ඇදලා දාපු කාමරේ ටිකක් අස් කරපු එකයි..මංචි ගත්ත තීරණේ එතකොට....???
ගත්ත තීරණේ අමතක වීමක් වත් වෙනසක් වත් නොවුනත් ඒ ගැන වවුල්ස් එක්ක කතාකරලම ඩිලාන්ට උත්තරේ දෙන්නයි දැන් මංචිගෙ අදහස....අනික එදා ඩිලානුත් බිසී දවසක්...ඒ නිසා මොකට හදිස්සි වෙනවද..?? නැද්ද...??
ඉතින් ඔන්න දවසත් හෙමිහිට ගත වෙලා වවුල්ස් වෙනදා එන වෙලාවත් පහු වුනාය කියමුකො..ඒත් වවුල්ස් නෑ...මංචි ඉතින් නිකං ඉන්නම බෑ.. ගත්තා කෝල් එකක්...බැලින්නං වවුල්ස් එන්න ඇඳගෙන කරගෙන ඒත් තාම ගෙදරට වෙලා ඉන්නවලු....ඒ මදිවට එන්න තව පැයක් විතර දෙන්නලු..
ඔන්නොහේ ඕනම කියපු නිසා මංචියත් ඉතින් පැයක් දීලා පටන් ගත්තා ෆිල්ම් එකක් බලන්න....(නම අහන්ඩ එපෝ...මතක නැතෝ....) හිකිස්...ඔන්න ඉතින් අන්තිමේදි වවුල්ස් ආවය කියමුකො...හැබැයි මූණ දැක්ක ගමන්ම මංචිට හිතුනෙ වවුල්ට මගදි හිස් වොඩ්කා කෑන් එකක්වත් පෑගිලාවද්ද කියලයි...වෙනද තමන්ගෙ ගෙදර වගේ කඩාගෙන එන මිනිහා අද ඇවිල්ල දොර ගාව ඇඹරෙනවා..සපත්තු ගලවන්න හැට පැයක් ගන්නවා..අමාරුවෙන් ඇතුලට ආවම නම් ටිකක් ඕකේ වගේ...
මංචි ඉතින් පුරුදු හැටියටම පටන් ගත්තා කියවන්න...නෑ ඩිලාන් ගැන නෙවෙයි..වෙන දේවල් ගැන..මොකද වවුල්ස් පහුගිය දවස් වල අස්පට් ගැහුවේ මංචි තොරතෝංචියක් නැතුව ඩිලාන් ගැනම කියවන නිසාදෝ කියල පොඩි සැකයක් මංචිටත් ඇති වෙලයි තිබුනෙ....ඒ නිසා වෙන වල්පල් ටිකක් කලින්ම හොයාගෙනයි මංචි හිටියෙ...වවුල්සුත් හූමිටි තිබ්බට ඉන්නෙ නං සිහියෙන් නෙවෙයි වගේ...
යාලුවෙක් ආවම මොනාහරි කන්න බොන්න දෙන්නත් එපෑයෑ..ඒ නිසා තමයි මංචි තකහනියක් උදේ කඩේ ගිහින් ගෙනාපු චොකොලට් බාර් එක වවුල්ට දුන්නෙ කන්නය කියලා...(බත් කන්න කලින් පොඩි තේ මේස කෑමක් හැටියට.. හොඳේ ඒක දුන්නෙ.. හිකිස්..)ඒ වවුල්ස්ගෙයි මංචියගෙයි ආසම චොකෝ ජාතිය..ඒ නිසා සාමාන්‍යෙන් ඕක හාෆ් හාෆ් තමා දෙන්නගෙ බඩට යැවෙන්නෙ වෙනදනං...
ඒත් බොලේ මෙදා වවුල්ස් චොක්ලට් එක අතට ගන්නව විතරයි මංචි දැක්කෙ...විනාඩි දෙක තුනෙන් මිනිහා ඒක තනියමම කාලනෙ...
.දැන්නං හැබැයි මංචිට ක්ලික් වුණා වවුල්ස් ඉන්නෙ මාරම ස්ට්‍රෙස් එකකින් බව...කට්ටිය දන්නව ඇතිනෙ..සමහරු ස්ට්‍රෙස් වුනාම ඉවක් බවක් නැතුව පැණි රහ කන බව....දැන් නං බලං ඉඳල බෑ... ඒ නිසා ඔන්න මංචි පටං ගත්තා හේතු අහන්න...මංචි : වවුල් අයියේ..... මොකද ඔය ඔහොම චොක්ලට් කන්නෙ...මං ආපු වෙලේ ඉඳන් බලාගෙන හිටියෙ..මේ ලෝකෙ නෙවෙයි ඔයා ඉන්නෙ...ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද...
වවුල්ස් :ආහ්හ්....නෑ ප්‍රශ්ණයක්මත් නෙවෙයි...
මංචි : එහෙනම්.........
වවුල්ස් : (නිහඬයි)
මංචි : හ්ම්ම්ම්.....මට කියන්න බැරි දෙයක් වගේ...එහෙනම් ඉතින් කමක් නෑ..ඔය හරිම ස්ට්‍රෙස්ඩ් අවුට් වගේ නිසයි ඇහැව්වෙ...
වවුල්ස් :ම්ම්ම්ම්......එහෙනම් කියන්නද...
මංචි : හ්ම්ම්...ඉතින් කියන්න බලන්න...
වවුල්ස් කතාව පටන්ගත්තෙ මංචි කවදාවත් අහලා නොතිබුණු ස්වරයකින්...
වවුල්ස් : දෙයක් අහන්න මට ඇත්තම කියනවද...?
මංචි : මෙච්චර කාලෙකට මං ඔයාට බොරුවක් කියල තියෙනවද...?
වවුල්ස් : හ්ම්ම්...නෑනෙ.. :D හැබැයි තරහ වෙන්නත් බෑ...
මංචි : හරි හරි අනේ..මොකද්ද...?? (මංචිට නං හිතුනෙම ඩිලාන් මොනවහරි වවුල්ස්ට කියලම තමයි කියලයි...)
වවුල්ස් : මංචි...ඔයා තාමත් ඉස්සර වගේම මට ආදරෙයිද..??
මංචිට මොකුත්ම හිතාගන්නත් කලින්මයි එයාගෙ කටින් උත්තරේ පිටවුණේ...ඇත්ත කියන්න කොච්චර ලේසිද.....
''ඔව්''............
වවුල්ස් ඊලඟට කියපු වචන මංචිට එයාගෙ ජීවිතේ කවමදාකවත් අමතක වෙන්නෙ නම් නෑ....
''එහෙනම් මමත් ඔයාට ඒ වගේම ආදරේ නිසා.....මංචි ඔයා මගේම වෙනවද...??''
ඇස් දෙකෙන් වැටෙන්න ගත්ත කඳුළු සතුටටද,දුකටද,බයටද කියන්න මංචි දැනන් හිටියෙ නෑ...සතුට ගැන නං අහන්න එපා...කියන්න වචන මදි නිසා...දුක..එක මොහොතකට මංචිට මේ දේවල් හීනයක් වත්ද කියල හිතුනු නිසා....ඒත් මෙච්චර වටින පෙරුම් පුරපු ආදරේ තමන්ටම හිමි වුණු වෙලාවකත් ඇයි දෙයියනේ බය එතකොට..
නොසෑහෙන්න සතුටින් හිටියත්...මංචිට දැනුනෙ දෙගිඩියාවක්... ඒ ඩිලාන් නිසා...තමන් ආදරේ කරපු කෙනා ලැබුණු ගමන්...තමන්ට ආදරේ කරපු කෙනාට හෙණ ගැහුවත් කමක් නෑ කියලා අමතක කරල දාන්න තරම් මංචිට චපල වෙන්න පුලුවන්ද...??? දෙයියනේ දැන් මංචියි වවුල්සුයි ඩිලාන්ට උත්තර බඳින්නෙ කොහොමද...
??? හ්ම්ම්ම්............පහුවදාම මංචි ඩිලාන්ට අසුභ පිළිතුරක් දීලා එයාගෙ හිත රිද්දුව වුණත් යාලුවනේ..අපි දෙන්නටම කොහොමටවත් පුලුවන් වුණේ නෑ..මේ මුලු කතාවම එයාට කියන්න..මේ කිසිම දෙයක් හිතල කරපු දේවල් නොවුණ වුණත් වවුල්ස් කොහොම කටක් ඇරල තමන්ගෙ යාලුවට කියන්නද තමන් එයාට සෙට් කරපු ගෑනු ළමය එක්ක වවුල්ස්ම යාලු වුනාය කියල....හ්ම්ම්...ඉතින් ඒ ගැටලුව නං ඉතිරියි තමා...
ඒත්..එදා ඉඳන් මංචිගෙ ජීවිතේ මං පිපෙන එක නවත්තන්න ඒ කිසිම දේකට බැරි වුණා...
මංචිගෙ කතාවෙ මංචි කියන මකුළුච්චිට වවුල්ස් කියන කුමාරයව හිමි වුනාම ඒ කතාව නම් they lived happily ever after..... කියල ඉවර වුණේ නම් නැහැ...ජීවිතේ වෙනද වගේම සතුටත් දුකත් අපි යන පාරෙ ලකුණු කරලා තිබුණා...ඒත් වෙනද වගේ නෙවෙයි...දුකක් වුණත් සැහැල්ලු කරල දෙන්න හෙවණැල්ල වගේ ලඟ කෙනෙක් ඉන්නවනෙ....අඬන්න වගේම හිනා වෙන්නත් හිතට කිට්ටුවෙන් කෙනෙක් ඉන්න එකේ.....ඉතින්.....ජීවිතෙන් සතුට විතරක්ම ඉල්ලන්නෙ මොකටද අපි....
෴නිමි෴
පසුව ලියමි....,
මෙච්චර කාලයක් මකුළු පැංචිගෙයි වවුල් කුමාරයගෙයි කතන්දරේ කියවන්න වියමනට ගොඩවැදුණු යාලුවො ඔක්කෝටම බොහොමත්ම ස්තූතියි...කතාව නම් හිතුවට වඩා ගොඩාක් දිගට ලියවුණා වුණත් ඔය ලිව්වෙ ඉතින් පුලුවන් තරම් කෙටියෙනුයි...හිකිස්...
කතාවෙ අවසානයෙ ඔයාලගෙන් එක එක අය මංචි ගැනයි..වවුල්ස් ගැනයි වැරදියට බලනවද මංදා..මංචි ඩිලාන්ට කරපු දේ අසාධාරණයි තමයි..ඒ ගැන තවමත් මංචි පසුතැවෙනවා..
ඒ වගේම වවුල්ස් වුණත් එයාගෙ යාලුවව හිතල අමාරුවෙ දැම්මෙ නම් නැහැ..මංචිට තමන් ආදරේ බව වවුල්ස්ට වැටහුණේ නොදැනුවත්වම වගේ මංචි එයාගෙන් ඈත් වෙලා ඩිලාන්ට කිට්ටු වෙන්න ගත්තට පස්සෙයි...අන්තිමේදි මංචියි වවුල්සුයි ගත්තෙ හොඳ තීරණයක්ද කියලා දන්නෙ කියවන ඔයාලම තමා ඉතින්...මේ වෙලාවෙනම් වවුල්ස් ඉන්නෙ මංචිගෙන් ගොඩාක් දුර..ඒත් හිත ලඟින්ම...
පුංචි ආරාධනාවක් එක්කමයි මංචි වියමනෙන් අදට සමුගන්නෙ...මකුළු පැංචිගෙ පෙම් පුරාවත ඉවර වුණත් යාලුවො හැමෝම ඉස්සර වගේම මගෙත් එක්ක එකතුවෙන්න හොඳේ...
එහෙනම්.....නැවෙත හමුවෙන තුරු......''සයොනාරා''
මම ඉතින් හැමදේම දැනගෙන්ත් මුකුත් නොදන්නවා වගේ මුළු පෙම් කතාවම කියෙවුවා... :D අපි ඉතින් එදාම මේ ගැන ගොඩක් කතා කලානේ.. ඒ නිසා අද මුකුත් නොකියා ඉන්නම්...
ReplyDeleteමේ අපි දැන් මේ කටයුත්ත ඉවරයක් කරමු නේද??? හොද වෙලාවක් කාරිය බලලා.. ඔන්න මේ අවුරුද්දේ දාගන්න එපා.. මට බෑ වෙඩින් දෙකකට නිවාඩු ගන්න....
ReplyDeleteඅනේ මන්ද
ReplyDeleteබලාපොරොත්තුවෙන කෙනා නොලැබෙනවා වගේනම් ඒ ගැන බලාපොරොත්තු තියාන කාලය ගත කරනඑක තේරුමක් නැති දෙයක් වුනත් ඒ බලාපොරොත්තු නැති කරගන්න තරම් හිත නම්මගන්න හරිම අමාරුයි තමයි. ඒ වුනාට බලාපොරොත්තු වෙනස්කරගන්න හිතනකොටම තමන් අතැරදාන්න හිතපු දේ ලැබුනාම තියෙන සතුට...
ReplyDeleteමට නම් පේන්නෙ මේක වවුලව අල්ලගන්න මංචි ගහපු මාස්ටර් ප්ලෑන් එකක්.. ;)
ReplyDeleteබොහොම සීරුවට බ්‍රේන් වොෂ් කරල තියෙනව... උඹ මොලේ සම්බන්දව වැඩිදුර ඉගෙන ගත්තොත් මොකද....
මොනා වුනත් සුභ පැතුම් කිව්ව !.... :) (මම නම් ඉතිං අවසානෙ දැනගෙනම තමයි කියෙව්වෙ ..)
මටත් කේක් කෑල්ලක් ඕනේ. ඔන්න බෑ කියන්න එපා. මම නම් මේ සීන් එක කලින්ම දන්නවා. දැනගෙන හිටියත් අර කතා රසයට කිසිම බාදාවක් උනේ නෑ. ලිවීමේ රටාව ඒ තරම්ම සුපිරි.
ReplyDeleteනියමයි මංචි අක්කේ. ආහ් නෑ.... නංගි (දැක්කනේ නෑදෑ කමුත් අමතක උනා. හික්ස් ය :) )
ඔයා ආසයි කියන්නේ අර කැඩ්බරි චොක්ලට් වලට නේද ?
දැන් ඉතින් අර උඩින් තියෙන සිංදුව කිය කියා ඉමු. ඒක ගංගා සහ නිස්ශංක කියන නාට්‍යයේ තීම් සෝන්ග් එක !!!!
ඒක ටීවී එකේ යනකොට මම් ගොඩක්ම පුංචියි. ඒත් ඒ සිංදුවට මම් ගොඩක්ම ආසයි.
මම නම් දැනගෙන හිටියා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා.. හිකිස්.. ප්‍රස්ථාව පිරුලක් කිව්වේ මා එක්ක තරහා වෙන්න ඔට්‍ටු නෑ හොඳේ,. විභාගෙට පාඩම් කර කරා ඉන්න ගමන් ෆෝන් එකෙන් ආවම පෝස්ට් එක දැකලා මේ දුවන් ආවේ කමෙන්ට් එක දාලා යන්න.. හී හී... එහෙනම් මකුළු වවුල් ප්‍රේමයට මගෙනුත් සුභ පැතුම්.. හී හී
ReplyDeleteවවුල්ස්ට නොදැනුනාට වවුල්ස්නුත් යාළු කම කියලා හිතන් ඉඳලා තියෙන්නේ ආදරේට, හැබැයි අක්කේ තව දවසක් හරි ඉක්මන් වුනා නම් වවුල්ස්ට බෝ ගහේ පිහිටම තමයි... :P :D
නියමයි පැකුලු මංචි...!!
ReplyDeleteඇස් දෙකේ කඳුළු පිරුනා සතුටට... ඊට වඩා දෙයක් කියන්න බෑ මංචි මාව කල්පනා ලෝකෙක අතරමං කරපු නිසා...
ReplyDelete@Dinesh :
ReplyDeleteහපෝ මංචි තාම පුංචීයිනෙ අනේ... :D...වසීලීස්සගෙ රටෙන් ගිය කාලෙක තමා ඕව නං අනේ...එතකොට ඔයාට එන්න පුලුවන් වේවි.. :)
@Crazy Hasi :
ඇයි අනේ අනේ මන්දා.. :D
@RoshanHerath :
ඇත්තෙන්ම ඒ සතුට ගැනනම් කියන්න වචන නැහැ...අර කතාවටත් කියනවනෙ..තමන් ආදරේ කරන කෙනාව නිදහස් කරලා අරින්න කියලා.. :D
@සාතන් :
ReplyDeleteහනේ...මට මාස්ටර් ප්ලෑනක් තිබ්බනං අවුරුද්දක් ඉවසනවද බොල සාතන්ස්.. :/ අනික ඔය හැටි පිච්චි පිච්චි ඉන්ඩ ඕනෙදෑ...
මමනං බ්‍රේන් වොශ් කළේ නෑ හරිද... ග්‍ර්ර්ර්ර්....මම මොලේ ගැන නෙවෙයි හදවත ගැනයි වැඩිදුර ඉගෙනගන්න කම්පනාව ;)
සුබ පැතුමට තැන්කූ හොඳේ... :D
@මධුරංග :
හරි හරි කේක් කෑල්ලට කේක් ගෙඩියක්ම දෙන්නම්කො.. තැන්කූ අයියේ..මගේ බ්ලොගේ එක පෝස්ට් එකක් නෑර කියවන සහෘදයෙක්නෙ ඔයා...මේ මම නංචි හරිද...ග්‍ර්ර්ර්ර්
මංචි ආසනං කැඩ්බරි මිල්ක් චොකෝ වලට තමා..ඒත් මෙහේ මිල්ක් චොක්ලට් එක නෑ අනේ..ඔය කියපු ජාතියනම්...'Alpen gold' කියන රශියන් බ්‍රෑන්ඩ් එකක්.. :)
හනේ මමත් ඒ සිංදුවට පුදුම ආසයි..ඒක නිසා තමයි හෙඩිමට ඒකම දැම්මෙ..ඔය සීඩී එහෙම එන්න කලින් මම ඔය සිංදුව කැසට් පීස් එකකට රෙකෝර්ඩ් කරගෙන අහ අහ හිටියා..
@ප්‍රාර්ථනා :
ReplyDeleteඅනේ තැන්කූ නගේ වැඩ අස්සෙත් ඇවිදින් කියවලා ගියාට.. :)
හෙහ් හෙහ්... එහෙමද දන්නේත් නෑ වවුල්ස්ට වුණේ... :)''තව දවසක් හරි ඉක්මන් වුනා නම් වවුල්ස්ට බෝ ගහේ පිහිටම තමයි... :P :D''
අනිවා නගෝ සිරාම කතාව....එහෙම වුණානම් මට වෙන්නෙ සියදිවි හානි කොරගන්ට තමා... :D
@ඉන්දික :
තැන්කූ අයියේ.. :)
@මන්තරකාරි :
මටත් එදානම් සතුටට ඇඬුනා තමා මන්තරකාරියේ..
ඔය කල්පනාවන් අපි එක්කත් බෙදාගත්තොත් නරකද නගේ.. :D
මම එක හුසමක්වත් ගන්නෙ නැතිව මේ කතා ඔක්කොම කියෙව්වා.. පුදුම ලස්සනයි.. මේ ප්‍රේම කථාව..දෙයියනේ මටමගේ කතාවත් මෙහෙම වෙනවනම් කියලා හිතුනා..
ReplyDeleteකොහොම වුනත් ඔයාල දෙන්නටම මගෙන් සුභ පැතුම්...!!!!!!
@හිතුවක්කාරි :
ReplyDeleteබොහොම ස්තූතියි හිතුවක්කාරියේ...මට හරිම සතුටුයි ඔයාලා ආසාවෙන් මංචිගෙ පෙම් පුරාවත කියවන එක ගැන...දුක් වෙන්න එපා..ඔයාගෙ කතාවත් ලස්සන විදිහට ගලාගෙන යාවී..සුභ පැතුමට ගොඩාක් ස්තූතියි... :))
ඔයාල දෙන්නටම මගෙන් සුභ පැතුම්!!!!!!!
ReplyDeleteමම මේ කල්පනා කොලේ මේකෙම අනිත් පැත්ත උනානම් පැංචිට දෙවි පිහිටයි :D ඒ කිව්වේ වව්ල්ස්ට කෙල්ලෙක් සෙට් වුනානම් ඔයාට කලින්... කොහොම වුනත් යාළුවා ගැනනම් දුකයි.. කොල්ලො රළුයි වගේ පෙනුනට අපිට තියෙන්නෙත් ගල් හිත් නෙමෙයි..
ReplyDeleteමම නම් ලස්සන නවකතාවක් කියෙව්වා , මකුළු පැංචිට අපෙත් සුබ පැතුම් , හොඳ වෙලාවට මකුළුවෙක් නැතිව වවුල්ස් හම්බ වුනේ ..නැත්නම් දන්නවනේ පිරිමි මකුළු පැංචට වෙන්න පුළුවන් දේ .?
ReplyDeleteහරිම ලස්සන , සැහැල්ලු සුන්දර පද වැලක රස වින්දා ,
කියවා අහවර කලෙමි....
ReplyDeleteහරිම ලස්සනයි අක්කා...සුබ පතනවා දෙන්නටම..මුල ඉඳන් අගටම කතාව කියෙව්වා කිසිම කම්මැලි කමක් නැතුව..කේක් ඕනෙලූ..........
ReplyDeleteමදැයි ඔයින් ගියා......කොහොම හරි මකුළුවෙක් වවුලෙක් සෙට් කරගත්තලු.......මගේ සුබ පැතුම් කිව්වා.......කන වෙඩිමක් අපිටත් කේක් කෑල්ලක් දීලම කන්න නැත්තන් ඉතින් දවස් දෙකක් තුනක් බාත් රූම් එකේම තමා ඉන්න වෙන්නෙ....හික් හික්....
ReplyDeleteළගදී එහෙනම් කේක් කෑල්ලක් කන්න පුළුවන් වෙයි..:D
ReplyDelete[ මම මේකට කලින් කමෙන්ට් එකක් දැම්මනේ , ඒක අතුරුදහන් වෙලාද :O ]
ගෑණු ගැන තිබුන කලකිරීම තවත් වැඩි උනා. ඊට වඩා කලකිරුනා මේකේ මේ කමෙන්ට් කරලා තියෙන යාළුවෝ ගැන. ඇත්ත කියන්න කට ඇරෙන්නේ නැත්තේ ඇයි මෙයාලගේ?
ReplyDeleteතවම ඒ හැටි වයසක් නැති කෙල්ලෙක් උනත් ඒ පොඩි වයසටම තමන්ගේ වාසියට අසරණ කොල්ලෙක්ට ගින්දර දුන්නේ කොහොමද? මටනං කියන්න තියෙන්නේ මහ ලොකු ලව් ස්ටෝරියක් ලිව්ව කියලා උඩ පැන්නට ඔයා කරලා තියෙන තුච්ඡ ක්‍රියාව ඔයාම එළියට දාලා කියන එකයි.
විළී ලැජ්ජයි.
@mahima :
ReplyDeleteබොහොම ස්තූතියි මහිමා...:)
@Charith :
ඔව් ඉතින් එහෙම වුණානම් කරන්න දෙයක් නෑ..හැබැයි ඒ වවුල්ස් හොයාගන්න කෙල්ලට එයා ඇත්තටම ආදරේ නං කමක් නෑ..මොකද එතකොට මංචි දුක් වුණත් වවුල්ස් සතුටින් ඉඳීවිනෙ...
ඔව්..ඩිලාන් නම් පව් තමයි..ඒත් තමන්ට වඩා වෙන කෙනෙක්ට ආදරේ කරන කෙනෙක් ජීවිතේට ලං කරගෙන ජීවිතේ කාලෙම දුක් විඳිනවට වඩා එයාට දවස් හයක් කතා බහ කරපු කෙනෙක්ව අමතක කරන එක ලේසි වෙයි නේද..?
@මහේෂ් නිශාන්ත :
බොහොම ස්තූතියි මහේශ් මහතානෙනි...
@MaRLaN :
ReplyDeleteතැන්කූ කියෙව්වට.. :)
@කඩේ හාමිනේ :
බොහොම ස්තූතියි නගේ....කේක් ඉතින් පස්සෙනෙ.. :D
@සුපුන් ඉසන්ක නන්දසිරි :
හෙහෙ...අනිවා දීල තමා කන්න වෙන්නෙ...කේක් වගේද ටොයිලට් එකේ පදිංචි වෙන්න වුණොත්.. හිකිස්..
@ChammA :
ලඟදිම නං බැරි වෙයි හැබැයි.. :)
(අනේ...කලින් කිසිම කොමෙන්ට් එකක් ආවෙ නෑනෙ.. :O)
@Anonymous :
ReplyDeleteඔයා කියල තියෙන දේ හරිද වැරදිද කියලා තර්ක කරන්නෙ නම් නෑ..ඒත් මම නං හිතන්නෙ ඩිලාන් වෙනුවෙනුත් වවුල්ස් වෙනුවෙනුත් ගන්න පුලුවන් සාධාරණම තීරණය මම ගත්තා කියලයි..
මොකද මංචි කිසිම වෙලාවක ඩිලාන් එක්ක ආදර කතා බහක් කළේ නෑ..අපි දෙන්න ගොඩාක් වෙලා කතා කලත් ඒ එයාගෙම වුවමනාවටයි..ඒත් කතා කළේත් බොහොම සාමාන්‍ය තොරතුරු හැරුණාම අපි දෙන්නගෙ සිතුම් පැතුම් සහ අනාගත දැක්ම ගැනයි..ඒ දේවල් අහල කෙනෙක් තමන්ට කැමති වෙනවද අකමැති වෙනවද කියන එක මංචිට පාලනය කරන්න බැහැනෙ නේද..?
"තමන්ගේ වාසියට අසරණ කොල්ලෙක්ට ගින්දර දුන්නේ කොහොමද?"
මංචි එයාට කැමති වුණත් අකමැති වුණත් ඒකෙන් මංචිට වෙන වාසිය මොකද්ද කියලනම් මට තේරෙන්නෙ නෑ..මොකද මංචිට කොහොමටවත් හිතිල තිබුනෙ නෑ වවුල්ස්ට ඒ ගැන ඉරිසියාවක් ඇති වෙයි කියලා..)ඒ වගේම මට දැනෙන හැටියට නම් ඩිලාන් එක්ක මංචි දවසකට හරි යාලු වුණානම් තමා ඒක ඔය කියන විදිහෙ තුච්ඦ වැඩක් වෙන්නෙ..මොකද එයාට වඩා මංචි වවුල්ස්ට ආදරේ නිසා..
ඒත් මම කළේ එයාගෙ යෝජනාව බොහොම සාධාරණ හේතු මත ප්‍රතික්ශේප කිරීම විතරයි...හැබැයි මම පිලිගන්නවා ඩිලාන්ගෙ හිත රිද්දන්න වීම නම් පව් කියලා..මොකද එයා ඇත්තෙන්ම හරිම හොඳ මනුස්සයෙක් නිසා..:(((
ඒ වගේම මිස්ටර් ඇනෝ..මම මගේ ලව් ස්ටෝරිය ලිව්වා කියලා උඩ පැන්නෙ නම් නෑ..මගේ පුද්ගලික බ්ලොග් අඩවියේ මගේ ජීවිතේ වැදගත්ය කියල හිතන දෙයක් ලිව්වා විතරයි..ඒක ලියන්න මට සම්පූර්ණ හිමිකම තියෙනවනෙ නේද?? ඒත් ඉතින් කැමති අකමැති අයට පුලුවනි..කියවන්න හෝ නොකියවන්න...තම තමන්ගෙ රුචිකත්වය අනුව...
බොහොම ස්තූතියි අදහසට..!
හික්ස්......මට හිතුන ඔහොම වෙයි කියල......නැද්ද අක්කේ...මන් ඇහුවත් එක්කනේ ඔයාගෙන්...කිව්වනේ ටිකක් ඉවසන්න කියල.....:) ඔන්න එහෙනම් මගෙන් උණුසුම් සුභපැතුම් මන්චිටයි වව්ල්ස්ටයි,,,,,,,,,,,,,,,! හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.....!
ReplyDeleteහානේ අපිව මෙච්චර කාලයක් ඇන්දුවා නේ. මට නම් හරිම සතුටුයි මේ අවසානයට.
ReplyDeleteමේ ඈනෝ කෙනෙක්ට තද වෙලා මොකෝ???
ReplyDeleteමටනම් ඇත්තටම ඕකෙ වරදක් පේන්නෙ නෑ නංගි. ඔය මිනිස් සිතේ ස්වභාවය.මට මෙතනදි කාටවත් වරදක් කියන්න බෑ.වවුල්ස්ට ඔහොම හිතුනෙ ඔයා ඩිලාන් ගැන කියවන්න ගත්ත හින්දානෙ.ඒ නිසා ඩිලාන් එක්ක ඔයා කියවන්න ගත්ත එකත් හොදයි නේ.
අනේ මං හිතුවේ මංචි ඩිලාන්ට මුලින්ම කියලා එයාගෙන් උදවු ගනී කියලා. කමක් නෑ. අර කතාවක් තියනවනේ ළඟ තියන දේට අගේ නෑ කියලා. වවුල් කුමාටත් වෙන්ට ඇත්තේ ඒක......
ReplyDeleteසුභ පැතුම් ඈ මංචි අක්කේ......:D
ගොඩක් කල් බලන් ඉඳලා බලන් ඉඳලා බලාපොරොත්තු උන දේම ලැබුණා. මීට වඩා වෙනස් දෙයක් මෙතන ලියවුණා නම් මටත් දුකයි. ඔයාලා දෙන්නාටම සුබම සුබ අනාගතයක්!! ඒ වගේම මටත් මම බලාපොරොත්තු වෙන ආදරයම ලැබෙන්න කියලා ඔයාත් සුබ පතන්න මංචි..
ReplyDeleteඔයාලා දෙන්නට මගෙන් සුභ පෑතුම් අක්කියෝ.
ReplyDeleteජීවිතේ කියන්නෙ හරියටම Point A වල ඉඳලා Point B වලට සරල රේඛාවක් ඔස්සෙ යන්න පුලුවන් ගමනක් නෙවෙයිනෙ. ඕනෙ තරම් detours, diversions තියෙනවා. නමුත් අන්තිමට Point B වලට ඇවිල්ලා.
ReplyDeletehenryblogwalker the Dude
ෂා මට උබ ගැන මාර හැපී
ReplyDeleteආදරයට අලුත් අලුත් කතා එද්දි ආදරේ පරණ වෙන්නේ නැත්තේ ඒ විවිධත්වය නිසාම වෙන්න ඇති..ලස්සන සංකල්පනාවක් යාළුවා..
ReplyDeleteමගේ සුබ පැතුම්
"අඬන්න වගේම හිනා වෙන්නත් හිතට කිට්ටුවෙන් කෙනෙක් ඉන්න එකේ.....ඉතින්.....ජීවිතෙන් සතුට විතරක්ම ඉල්ලන්නෙ මොකටද අපි...."
ReplyDeleteහරිම ලස්සනයි මංචි...
මම ඉතින් කතාව බලන්න පටන් ගත්තේ අවසාන කොටසේ ඉඳලා..:)
@සිතුවිලි නිහඬයි :
ReplyDeleteහිකිස්.,,ඔව් ඔව්..සිනී නං බැලුවෙ කටින් අල්ලගන්නමයි.. :) තෑන්ක්ස් නගෝ... :)
@පිණිබිඳු... :
අනේ පිණිබිඳු ඇන්ඳුවා නම් නෙවෙයි...වෙච්චි හැටියටම තමා ඔය ලීවෙ... :D
@නිසුපා :
ඇනෝලා වෙසින් නෑවිත් නියම නමින් ආවනම් අඩුගානෙ හරි හමන් උත්තරයක්වත් දෙන්ඩ තිබ්බා.. :D
කරන්න තිබුනු හොඳම දේ කියල හිතුනු දේ තමා අපි එදා කළේ.. :((
@හා පැටික්කි (MS) :
ReplyDeleteහා පැටික්කී මුළ ඉඳලම හරියට ගෙස් කරලා අන්තිම කොටසෙදි විතරක් පොඩ්ඩක් වැරදුනා නේද..හෙහ් හෙහ්...තැන්කූ පැටික්කියේ.. :)
@හංසි :
ඇත්තෙන්ම මුළු හදවතින්ම ඔයාගෙ හීනෙ ඉටු වෙන්න කියල මංචියි වවුල්සුයි දෙන්නම පතනවා හංසියෝ... තමන් ආදරේ කරන කෙනාව නොලැබෙන එක මොන තරම් දුකක්ද කියලත් මංචි දන්න එකේ..එහෙම දුකක් නම් කවදාවත් වෙන්න එපා.. :)
@හිම හංසි :
තෑන්ක්ස් නගෝ... :))
@Dude :
ReplyDeletepoint B වලට එන්න ගත්ත මහන්සියට හරියන්න සතුටක් ලැබුණු නිසා ඒ වෙහෙස කොහෙ ගියාද නෑ.. :D
@Dush :
තෑන්ක්ස් කෙල්ලේ... :*
@ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර :
ආහ්හ්...ජනරඟටත් අපේ දිහා එන්න පාර අහුවෙලා තියෙන්නෙ... :)) බොහොම ස්තූතියි ජනරඟ...ඇත්තෙන්ම එක එක අයගෙ ආදර කතා වල තියෙන්නෙ එක එක පාටවලින් ලියවුණු..එක එක තනු වලින් ගැයෙන.නැක එක..පද වලින් ඇමිනුනු ආදරයමයි.. :)))
@Sayuri :
ReplyDeleteතෑන්ක්ස් සයුරි අක්කේ....
අග ඉඳල හරි කමක් නෑ.. කියෙව්ව එකටම හරිම සතුටුයි...ආයෙත් අපේ දිහා එන්නකො වෙලා තියෙන හැටියට...මංචිගේ වියමනට ඔයාව ආදරෙන් පිලිගන්නවා.. :))
බොරු මොකටද මම නම් මේ කථාවේ අවසානේ විතරමයි කියව්වේ.. ඉතිරි ඒවා නොකියවා මේක කියවන්න ලැබුන එකත් හොදයි... ඔන්න මගෙනුත් සුබ පැතුම්
ReplyDeleteමම නම් ඔන්න දිගටම එනවා හොදේ
@දේවා ගේ අඩවිය :
ReplyDeleteඅනේ..අවසානෙ වුණත් කියවන්න මේ දිහාවට ගොඩ වුණාට බොහෝම ස්තූතියි යාලු.. :) ඔව් ඔව්වයෙමත් එන්න හොඳේ... :)
කතාව පටන් ගත්ත ගමන් ඉවර කලාද? මං හිතන්නේ මෙක දිග කතාවක ආරම්භයක් එහෙම නේද? තාම දුෂ්ඨයා එලියට ආවේ නෑ. ඒත් ස්පයිඩර් වුමන්ටයි බැට් මැන්ටයි එකතුවෙලා ඕන ප්‍රශ්නයක් විසදන්න පුළුවන් බව මං දන්නවනේ. ඉතිං මං හිතන්නම් ඒ සුපිරි වීරයෝ දෙන්නා ඒ ඔක්කෝටම මුහුණ දිලා ජයගන්නවා කියලා.
ReplyDeleteමේක නම් මාරයි ...........
ReplyDeleteමංචියෙ දියන් අත.... all da best කිව්වා එකෙන්ම ... :))
ReplyDeleteමංචි ලංකාවෙ හිටිය නම් මම දැන් ඇවිත් බලෙන් හරි ට්‍රිට් 1ක් ගන්නවා ... ඔවා 1කෙන්ම සැමරිය යුතු දෙවල් මංචියො .. මට ස්ට්‍රොන්ග් බියර් එකක් තිබ්බ නම් එ හොදටම ඇති ... :D :ඪ්
( මංචියො මෙ සිරි අයියා බේබද්දෙක් කියලා එහෙම හිතන්න එපා ඕන්... අර වොඩ්කා ඉල්ලුවට සිරි අයියා බියර් එකෙන් එහාට යන් නැ කවදාවත් හොදෙ... :) )
මම මේ බ්ලොග් ඒක කියවන පලවෙනි පාර...මට නම් මේ පොස්ට් එක ෆිල්ම් එකක් වගේ...මොනවා වුනත් කියවන්න එපා වෙන්නේ නැති විදිහට ලියලා තියෙනවා...දෙන්නටම සුභ පැතුම්...
ReplyDeleteඅනේ හරිම ශෝක්.. මම මුළු කතාවම ඒක හුස්මට කියවගෙන ගියා :)))))))))))))
ReplyDeletemage kathawath akkage kathawama wagei :) :)
ReplyDelete@jora :
ReplyDeleteසපයිඩර් වුමන්ට සහ බැට්මෑන්ට එකතු වෙලා ජයගන්න බැරි ප්‍රශ්ණත් මේ ලෝකෙ තියෙන්න පුලුවනි ජෝරා.. :(
@මගේ කවි :
තෑන්ක්ස් මගෙ කවි... :)
@සිරි කොලුවා :
ලංකාවෙ හිටියනං ඉතින් දෙන්න තිබ්බා පාර්ටියක්..හැබැයි...අමධ්‍යප පාරියක් හොඳේ... :D
@Strider87 :
ReplyDeleteබොහොම ස්තූතියි ස්ට්‍රයිගර්...මුල්ම වතාවට මකුළු පැංචිගෙ වියමනට ගොඩවැදුණු ඔයාව ආදරෙන් පිලිගන්නවා.. :)) ආයෙමත් එන්නකො ඉඩ තියෙන විදිහට... :))
@වර්ණා :
බොහොම ස්තූතියි වර්ණා... :)
@අනූ :
ඒත් ඔයාගෙ කතාවෙ අනාගතය නම් මගේ කතාව වගේ වෙන්න එපා කියලයි මම ප්‍රාර්ථනා කරන්නෙ නගෝ.. :(
ෂාහ් අක්කේ හින්දි ෆිල්ම් එකකට නම් නියම කතාව. හින්දි ෆිල්ම් එකක් කියලාම කිව්වේ ඕක ලංකාවේ ෆිල්ම් එකකට ගත්තොත් කතන්දර කියනවා වගේ "ගූ හැත්තෑවක්" කරන නිසා :))
ReplyDeleteඅනාගතය??? අනේ මන්දා අක්කියෝ මොනවා වෙයිද දන්නැහැ ඉතින්
ReplyDelete