ඔබ මගේ දිවි මාවතේ...............ඉතින් කොහේ කොතනද තව කෙනෙක්ට ඒ මාවතට ඇතුල් වෙන්න ඉඩක් තියෙන්නෙ..ඔයාගෙ ආදරේ මගේ ජීවන මාවතේ රැඳෙන තුරාවට කොහොමද මම තවත් කෙනෙක්ගෙ ජීවිතේක මොහොතක්වත් වෙන්නෙ..මගෙ හදවතේ සෛලයක් සෛලයක් ගානෙම ඔයාටම තරම් ආදරේ කරනකොට මගේ ජීවිතේ හැම අංශු මාත්‍රයක්ම ඔයාගෙ වුණු කොට...කොහොමද මම ජීවත් වෙන තුරාවටම ඔයාව මගෙ මාවතින් මුදා හරින්නෙ...''ඒක හරිම බොළඳ හැඟීමක්..!!..''
හ්ම්ම්..ඔව්....ඔයා වුණත් එහෙම කියාවි..ඒත් අනේ ඔයාට මගේ හදවත කියවන්න පුලුවන්නම්....ඔයා දන්නවනම් මගෙ හිතේ ඔයා වෙනුවෙන් තියෙන ආදරේ ලඟදි...මට මං වෙනුවෙන් තියෙන ආදරේ පවා දෙවෙනි වෙන බව..ඉතින් දවසක ඔයා මගෙන් දුරක ගියත්...මට වෙන කාගෙවත් වෙන්න පුලුවන් වේවිද.......මට එහෙම කරන්න උවමනාම වුණත් මගේ හදවතේ ඒකට ඉඩක් තියේවිද....
මටවත් දරාගන්න බැරි තරමටම ආදරේ කරලත්....ඔයා දවසක මගේ නොවුණොත්...............
වෙන කාටවත් දෙන්නේ කොහොමද.....
ඔබ මගෙම මුලු ජීවිතේ....එක මොහොතකටවත් ඔයා මගේමයි කියල නොහිතා ඉන්න බැරි මට...වෙන කාටවත් ඔයාව දෙන්න පුලුවන් වේවිද දෙවියනේ....මගේ මුලු ජීවිතේම ඔයා...මම හෙලන හැම ඇහි පිල්ලමක් ගානෙම..හෙලන හෙලන හැම හුස්මක් ගානෙම...ජීවත් වෙන හැම තත්පරයක් ගානෙම....හිතන හැම සිතුවිල්ලක් ගානෙම.....හිනා වෙන හැම වාරයක් ගානෙම...කොටින්ම මගෙ ඇස් වලින් ගිලිහෙන හැම කඳුලකම පවා ජීවත් වෙන ඔයාව...මගේම කොටසක් වුණු වුණු ඔයාව..වෙන කාටවත් දෙන්න තියා...ඒ ගැන හිතන්නවත් මට පුළුවන් කියලා ඔයා හිතනවද....
දවසක ඔයාගෙ සතුට වෙනුවෙන් හරි ඒ දේ කරන්න සිදු වුණොත්...හ්ම්ම්ම්....ඔව්...හරියට මගෙම සිරුරින් කොටසක් අමු අමුවෙම කපලා දාන තරම් වේදනාවකින් මම එහෙම කරාවී...මගේ ජීවිතය සුනුවිසුනු වෙලා ගියත්...ඔව්,,මට දෙන්න බැරි ඔයාගෙ එක හිනාවක් වෙනුවෙන්..මං ඒක කරාවී...ඒත්..ඔයා වෙන කෙනෙක්ගෙ වෙලා ඉන්නව දකින්න මගෙ ඇහි පිය ඇරේවිද....මගේ හුස්ම වැටේවිද....
මම දන්නෙ නෑ....
ඔයාම මට කියන්න....තරහ නොගෙන...එක මොහොතකට හිතලා කියන්න....
රැයක් ලස්සන වෙන්නෙ කොහොමද...
රුව නොදුටු දා සඳවතේ......අර සඳවතෙන් පුංචිම පුංචි තීරුවක් හරි අහසේ නැති දවසක රාත්‍රියක් පියකරුව සුන්දරව තියෙනව ඔයා දැකල තියෙනවද.....''ඇයි තරු තියෙන්නෙ.''ඔයා කියාවි එහෙම ....ඔව්...තරු සියක් දාහක් එහෙම දවසක පවා පායලා තියෙන්න ඇති..ඒත් ඒ එකම තරුවකටවත් පුලුවන් වුණාද අර සඳවත වගේ මට එළිය දෙන්න....බොහොම සීරුවට...මෘදුවට..මගේ කම්මුල් වල හාදු තියන්න...මගෙ ඇස් දෙක ඇතුලෙ හඳ එළි වලින් රටා මවන්න.....අඩුම ගානෙ මම තනි නැති බව හීන් මද පවනක් තරම් ඇහෙන නෑහෙන ස්වරයකින් මගෙ හිතට මුමුණලා කියන්න ඒ පුංචි තරු වලට පුලුවන් වුණාද.......
හ්ම්ම්.... බෑ නේද....ඉතින් මට කියන්න...අනේ මම...........
ඔබ නොදැක ඉන්නේ කොහොමද...
ඔබයි සඳ මගෙ හදවතේ....මගෙ සුදූ..ඔයත් ඒ සඳවත වගේමයි....හරිම දයාබරයි....එතකොට කලුම කලු මම....ඔව්..මමයි ඒ සඳ එළියෙන් එළිය වුණු රාත්‍රිය.....ඒ සඳ එළිය නිසාම සොඳුරු වුණු රැය....සඳවතට තමන් මොන තරම් ආදරේද කියලා කියාගන්න බැරි තරම් ඒ රාත්‍රිය ගොළු වෙලා වගේම...ඔයාට මගෙ හිතේ තෙරපෙන ආදරේ මොනතරම්ද කියලා කියාගන්න..මටත් ඇති තරම් වචන නැති තරම්....
ඉතින්....කොහොමද මම ඔයාව නොදැක ඉන්නෙ....
අනේ ඒ හින්දම....එකම එක මොහොතකට හරි මගෙ සිත ලඟ නොපායා නම් ඉන්න එපා...මට ඔයාව ඇස් කොනකින් වත් නොපෙනෙන දුරකට කවදාවත්ම යන්න එපා.......
මේ ලෝකය මේ තරම් සොඳුරු ඇයි....කවද හරි ඒ ගැන හිතල තියෙනවද ඔයා...අනේ මගෙ මෝඩයෝ.... ...
ලොවක් සුන්දර වෙන්නෙ කොහොමද..
හිරු නොනැගි දා ගගනතේ.....හ්ම්ම්....මේ මුලු ලෝකයෙම සුන්දරත්වයට පණ දෙන්නෙ අර තේජවන්ත හිරු...උණුසුමින් ලෝකයම තුරුලු කරගෙන..අයාලේ යන්න නොදී පරිස්සම් කරන්නෙ අර දයාබර හිරු කුමාරයා....ඔව්...ටිකක් සැරයි නම් තමයි...ඒත් ඒ සැරම සැර හිරු කිරණයකට පවා මිහිකත මොන තරම් ආදරෙයිද...ඒ නපුරු කම යටින් තියෙන ආදරණියත්වය නිසාම.....දුරස් වෙලා යන්න බැරි තරමටම මහ පොලව හිරුට ආදරෙන් බැඳිලා.....හරියට මම ඔයාට හදවතින් බැඳිලා ඉන්නව වගේ...
ඉතින්...
ඔබ නැතුව ඉන්නේ කොහොමද....
ඔබයි හිරු මගෙ ජීවිතේ..... නොහිතපුම ඇසිල්ලක මගේ ජීවිතේ ට හිරු වගේම උදාවෙලා...පාටක් හැඩක් නොතිබුණු...ඒ අඳුරු ලෝකයම ලස්සන කරන.වර්ණ වලින් පුරවන...උණුහුමින් ආදරෙන් මාව රැක බලාගන්න..මගෙ හිතට අයාලෙ යන්න නොදී...ආදරෙන් ඔය හිතට මාව ඇදබැඳ තියාගන්න ඔයා මගේ ''හිරු'' නොවේ නම් වෙන කවුද කියලා මට කියන්න....ඉතින් ඔයා නැතුව මම කොහොම ජීවත් වෙන්නද....මේ ලෝකයට හිරු නොපායන දවසක..ලෝකයෙන් ජීවය තුරන් වෙලා යනව වගේම..මගේ ජීවිතේට..ඔයාගෙ ආදරේ නොලැබෙන දවසක් උදා වුණොත්...මගේ ලෝකයම මිය යාවි...ජීවයක් නැතුව අවලස්සන වෙලා යාවි....වර්ණයක් නැතුව අඳුරු වෙලා යාවි....
ඉතින්......මගෙ ජීවිතේ සඳු හිරු ඔයාම වෙද්දි....මම...
වෙන කාගෙවත් වෙන්නෙ කොහොමද........ඔයාව....
වෙන කාටවත් දෙන්නෙ කොහොමද............
මට කියන්න...............
එහෙම කරන්නෙ කොහොමද...............??
෴මංචි෴
පසුව ලියමි......
මේ ගීතයට පණ පොවන්නෙ මගේ ප්‍රියතම ගායිකාවක වන නෙලූ අධිකාරිගෙ ලයාන්විත හඬින් වීම වගේම මේ ගීතයේ ගේය පද මගේ නොදුටු මිතුරෙකු වන චින්තක කොඩිකාර සොහොයුරාගෙයි.... අවාසනාවකට..කුඩාකාලෙදිම ශ්‍රවණාබාධිත වුණත් බලන්න ඔහුගේ වචන අපට කතාකරන ලස්සන...
හිතේ තියන දාහක් දේ ලියාගන්න තරම් වත් නිදහසක් තියෙන කාලෙක නොහිටියත්.........ලැබුණු පුංචි විරාමයක ඇහුණු නෙලූගේ හඬින් මගේ හදවත දොඩමළුව මුමුණන සද්දෙ අහම්බයකින් වගේ ඇහුණා...ඉතින්...
හිත මිමිණු දේ නොලියා...කොහොමද....
ගැයෙන කල හඬ හදවතේ......
ඔයාලත් අහලම යන්නකෝ.............සමහර විට..මගේ හිත නෙවෙයි...ඔයාලට ඔයාලගෙම හිත් මුමුණනවා ඇහේවී.......
හ්ම්... ලස්සනයි....
ReplyDeleteඇත්ත තමයි.....
ReplyDeleteලස්සන සිංදුවකට ලස්සනට හිතුවිලි ගලපලා තියෙනවා අක්කේ....හරිම ලස්සනයි
ReplyDeleteඇත්තටම ගොඩක් ලස්සනයි!!! ලස්සන පද ගැලපිම!
ReplyDeleteහ්ම් හරිම ලස්සනයි!!
ReplyDeleteමංචි, මේකට කොමෙන්ට් දාන්න නම් මට තේරෙන්නෙ නෑ..
ReplyDeleteආ ඒක නෙමේ මගේ යාලුවො ගොඩක් ඉන්නවනෙ ඔය රටේ...
හිරන්ත ගමගේ, රසික ගිහාන් තරංග. නාත් සමරතුංග( දැන් නම් මෙයා ලඩ්කාවෙ )
දන්නවද මෙයාලව??
හරිම ලස්සනට ගලපලා අක්කේ, ඇත්ත තමයි.. ආදරේ කරන කෙනා නැතිව එක මොහොතක්වත් ඉන්නේ කොහොමද?
ReplyDeleteවාව් අක්කා.......නියමයි......හිතේ තියන හැම හැඟීමක්ම පදත් එක්ක ලස්සනට ගලපලා...........
ReplyDeleteසින්දුවත් ලස්සනයි! ලිපියත් මාරම ලස්සනයි! (කරුණු වලට එකඟ නෑ එ්ක වෙන කතාවක් ;) )
ReplyDeleteහැම දෙයක්ම ලස්සනයි! :)
ඔයා ලස්සනට ලියලා තියෙනවා.
ReplyDeleteකොහොමත් චින්තක කියන නම තියෙන අයට ලස්සන අදහස් තියෙනවා. ඒක මම් ගොඩ කාලෙක ඉදන්ම දන්නවා. හික් හික් හික් :)
මේ සින්දුවට මම ගොඩක් කැමතියි.. ඒ ඇයි කියලා ඔයා දන්නවා.....
ReplyDeleteහරිම ලස්සනය් නංගී ඔයාගේ අදහස්. මම ලියපු මගේ song එක ඔයා ඔයාගේ හදවතින් දැකපු විදිය හරිම අපුරුය්. මට ලොකු සතුටක් ඇති වුනා මේක කියවද්දී. ඔයාගේ මේ බ්ලොග් එකත් හරි ලස්සනය්. ඔයා ලියන විදියත් ඒ වගේම ලස්සනය්.. සුබ පැතුම්.. ඒ වගේම ගොඩක් ස්තුතිය් මගේ ගීතයට මේ තරම් ආදරය කරනවට..!!!
ReplyDelete@Prasanna :
ReplyDeleteතැන්කූ... :)
@නිසුපා :
හ්ම්ම්ම්........
@මකුළුවා..... :
තැන්කූ මකුළු මල්ලී....
@Casper :
ReplyDeleteඇත්තෙන්ම ඒ පද ගැලපීමට මමත් වසඟ වුණා වගේ කැස්පර් යාලු...
@Uvindu :
තෑන්ක්ස් උවිඳු... :)
@'සුළඟ' :
හ්ම්ම්ම්.....කොමෙන්ට් නොකරට කමක් නෑ යාලු...මගෙ හිතේ හිරන්ත ගමගේව නම් අඳුනනවද කොහෙදෝ.. :)) ඒත් ඉතින් ඔයා කියන කෙනාමද දන්නෙ නෑ මම දන්න කෙනා.. :D
@ප්‍රාර්ථනා :
ReplyDeleteහ්ම්ම්ම්..කරන්න තියා ඒකනම් හිතන්නවත් අමාරු දෙයක් නේද නංගෝ...
@සිතුවිලි නිහඬයි :
තැන්කූ සිනී... :)
@තනි අලියා :
කරුණු වලට එකඟ නැත්තෙ ඇයි කියලත් කිව්වනම් නේදෑ හොඳ.. :D...කොහොම වුණත් මේ දිහා ආවට එකටම බොහොම ස්තූතියි හොදේ.. :)
@මධුරංග :
ReplyDeleteඔව් ඔව්..මං දන්න ගොඩක් චින්තකලත් මාර ටැලන්ටඩ් අනේ...එක්කෙනක් ඇරෙන්න...හික් හික් හික්.. :D
@Dinesh :
මම දන්නව අයියේ...ඒත් මම මේ සින්දුවට මේ තරම් කැමති ඇයි කියලා ඔයා දන්නවද මංදා...
@Chinthaka Kodikara :
හානේ...මෙන්න අපේ ගී පද රචකයත් මට කොමෙන්ටුවක් දාලා..කොච්චර හොඳද... :)) බොහොම ස්තූතියි චින්තක අයියේ මගේ දුප්පත් බ්ලොගේ දිහා ආවට...මේ තරම් සංවේදී ගීයක් ලියපු ඔයාට ගොඩාක් පින්.. :)))
ඇත්තටම ලස්සනයි...
ReplyDeleteමැද හරිය කියවන් යද්දී මට ඉස්සර TV එකේ ගිය advertisement එකක් මතක් උනා..
ReplyDeleteඔබමයි මා හදවතේ..
සතුටු සිනාවන් ඇති කලේ..
එය රසබර හැඟුමක් වේ..
සැම දිනේ....
ඇත්තටම ගොඩාක් දුරකට හිත අරන් ගියා... ගොඩාක් ලස්සන පද ටික ගලපලා
ReplyDelete@Sayuri :
ReplyDeleteතෑන්ක්ස් සයුරි අක්කේ... :)
@සිහින :
අනේ ඒක තමයි මෙච්චර කාලෙකට මට තිබුණු ප්‍රියතම ඇඩ්වර්ටීස්මන්ට් එක..ඒත් මට ඒක මතක් වෙද්දි මැවෙන්නෙ අපූරු සහෝදර ප්‍රේමයක්.. :D
@දේවා ගේ අඩවිය :
බොහොම ස්තූතියි දේවා.. :))
කලාකාමී වෙද පැටවු. Well Done!
ReplyDeletehenryblogwalker the dude
හැමදාම මංචි මාව අඬවනවනේ...
ReplyDeleteදැනෙන්න ලියලා තිනවා.....
ReplyDeleteනියමයි..!!
හරිම ලස්සනට ලියලා තියනවා. හරියටම ඔයාගෙ කතාවක් වගේ. කියවන් යත්දි මට හිතාගන්නත් බැරි උනා ඇයි මෙහෙම ලිව්වෙ කියලා. ලස්සන සින්දුවක් වගේම ඔයා ඒක විස්තර කරපු හැටිත් ලස්සනයි.
ReplyDeleteඅදයි මුල් වතාවට මේ පැත්තෙ ආවෙ අක්කෙ..ලස්සනයි.
ReplyDeleteDude :
ReplyDeleteThanks a lot Dude..!! :)
@මන්තරකාරි :
අනේ....අඬන්න එපා...එහෙම කිව්වට මමත් මේක ලියද්දි ඇඬුවද කොහෙදෝ... :(
@රහස් පරික්ෂකයා :
බොහොම ස්තූතියි රහස් පරික්ශකයෝ... :)
@හංසි :
ReplyDeleteකවුද දන්නෙ හංසියෝ....සමහර විට මේක මංචිගෙම කතාව වෙන්නත් ඇති..ඒ වගේම තව කවුරුහරි ආදරවන්තියකගෙ කතාවක් වෙන්න ඇති...කොහොම වුණත් සිංදුව හදවතටම වැදුණු නිසයි ලිව්වෙ.. :)
@වර්ෂා.. :
වියමනට ඔයාවත් ආදරෙන් පිලිගන්නවා වර්ෂා... :) බොහොම ස්තූතියි ආපු එකටම..මාඅයෙමත් එන්න හොදේ...අපට මල් වැස්සකුත් අරන්.. :))
ලස්සනයි ...
ReplyDeleteකියන්න වදන් නෑ එච්චරටම ලස්සනයි. ලස්සන සින්දුවකට ලස්සනම ලස්සන පද බැදුමක් ඔන්න ලෝභ නැතිවම කිව්වා. මකුලු පැංචිගේ වියමන් හැමදාම දැක්කත් අද තමයි කියෙව්වේ. හිතුවේ නෑ මෙච්චරම ලස්සන බව නම්
ReplyDelete@dilki :
ReplyDeleteබොහොම ස්තූතියි ඩිල්කී..ඔයා අලුතින් බ්ලොග් ලියන්නියක් වගෙයි.. :))
@සිහිනයක මියැදුණ සිතක් :
අනේ බොභොම ස්තූතියි සි.මි.සි. :D
ලෝබ නැතුව කියපු අදහසට මගෙන් ලෝබ නැතුවම ස්තූතියක් එවනවා හොඳේ... :) හැමදාම දැක දැක ගිහින් අද හරි ගොඩවැදුනු එක කොච්චර දෙයක්ද..ඔන්න ආයෙමත් අහක බලාගෙන යන්න එපා අපිව දැක්කොත්.. :))
ඔක්කොම ගානට පදමට ලියලා තියනවා .....
ReplyDelete@පන්සල් හංදිය :
ReplyDeleteබොහොම ස්තූතියි අයියේ... :)