පහුගිය දවස් ටිකේම වෙන වෙන පෝස්ට් දදා හිටපු නිසා මකුළු පැංචිගෙ ප්‍රේම කතාව ලියන එක අතපහු වුණා..හැබැයි අතපහු වුණා කීවටත් වඩා කැමැත්තෙන්ම අතපහු කළා කිව්වොත් හරි..ඒකට හේතු වුණ් මංචි පහුගිය දවස් වල ටිකක් දුකින් හිටපු එක.ඒ නිසා පරණ මතක අකුරු කරන්න යන එක ඒ දුක වැඩිකරන වැඩක් වුණා..ඔන්න ඇත්තම හේතුව කිව්වා හොඳේ...යාලුවො ඒ නිසා මංචිත් එක්ක තරහ ගන්න එපා ඔට්ටු නෑ ඕං....
කොහොම වුණත් මම වෙන වෙන එව්වා ලියද්දි කට්ටියට බය හිතිලද කොහෙදෝ..මම පැංචිගෙ කතාව ලියන එකෙන් මග අරින්න හදනවවත්ද කියලා..සමහරු පරණ පෝස්ට්ස් වලට කොමෙන්ට්ස් දාලා අහනවා,තවත් අය මූණූ පොතේ මැසේජ් එවල,චැට් කරලත් ඇහැව්වා අමතක වෙලාද කියලා........අනේ එහෙම නම් නෑ..ඔන්න අද ඉඳන් ආයෙමත් කතාව පටන් ගන්නවා හොඳේ..
මුලින්ම අලුත්ම ආරංචියක් තියෙනව කියන්න... ඒ මොකක් කියලද හිතෙන්නෙ....හිකිස්....දැන් දැන් වවුල් කුමාරයත් හොරෙන් හොරෙන් පැංචිගෙ වියමන පැත්තෙ එනවය කියලයි ආරංචිය..:D දවසක් කියව කියව ඉන්නකොටම බඩුත් එක්කම හොර අල්ලගත්ත ඕං....හැබැයි පැංචිටනං ලැජ්ජයිත් එක්ක.. ඒත් ඉතින් එපා කිව්ව කියලා අහන එකක්යෑ.... :D
හරි එහෙනං කට්ටියට අමතකත් ඇතිනෙ කතාව ගලාගෙන ගිය හැටියි,කතාව නැවතුණු තැනයි...එහෙනං කට්ටිය ටිකක් මතක් කරගෙනම එන්නකො...
මෙතන තියෙනවා ඔක්කොම පහුගිය කතා කෑලි ටික.. මකුළු පැංචිගේ පෙම් පුරාවත....
එහෙනම්..දැන් ඔන්න මතකනේ..අර කාර්ඩ් එක මිස් ප්ලේස් වුණු වැඩෙන් තමා නැංගුරම දැම්මෙ..හැබැයි අර කිව්වත් වගේ මංචි ගේම අත ඇරියෙ නම් නෑ..මොකද ජීවිතකාලෙම පුලුවනෑ ඔය කාර්ඩ් එක නොගිය එකට කතා අහගන්න කියලා...ඒකට විසඳුමක් යෙදුනෙ හැබැයි පස්සෙ...ඊට කලින් තමා ඔන්න මංචි අර ගෙදර අයට ගුලියක් හෙම අඹරලා වවුල්ස් යන දවසෙ එයාර්පෝට් යන්න සෙට් කරගත්තෙ.........
මංචි වසිලීස්සගෙ රටට වෙලා ඉගෙනගන්නෙ ඉතින් ඔය දොස්තර පැංචියෙක් වෙන්ටය කියලා හිතාගෙනනෙ.ඉතින් එක එක අවුරුදුවලට විශය කරුණුවලට අමතරව රිෆර් කරන්ට ඕන කරන සමහර පොතපත අපට ලංකාවෙන් එද්දිම ගේන්න වෙනවා..හැබැයි ඉතින් අපි පියාසර කරන එමිරේට්ස් ගුවන් සේවයේ ගමන් මල්ලක උපරිම බර ගෙනියන්න දෙන්නෙ 30+7kg.. වැඩිම වුනොත් 40kg තමා..ඒත් ඉතින් අපට අරගෙන එන්න තියෙන බඩු තොගේ හැටියට 30ක් නෙවෙයි 50ක් දුන්නත් මදි.....
ඔය ගේන්න තියෙන පොතකුත් කොහොම හරි අඩුම ගානෙ කිලෝ දෙකක්වත් වෙනවා..කොහොම කොහොම හරි නිවාඩුව ඉවර වෙලා ආපහු එනකොට...මංචිටත් යෙදිල තිබුණා ඔය වගේ පොත් හතරක්ම අරගෙන එන්න..ඒත් වවුල්ස්ගෙ නං අන්තිම අවුරුද්ද නිසා..ගෙනියන්න ඕන ඔක්කොම මේ වෙද්දි ගෙනිහිල්ලයි තිබ්බෙ..අනික කොල්ලන්ට නං ඇදූම් කැඩුම් කියලත් ඒ හැටි ගෙනියන්න දේකුත් නෑ නොවැ.. ;)
ඔන්න ඉතින් මංචි පොඩි චාට්ටක්,බටර් හැන්දක් එහෙම දාලා 64රෙනුත් එකහමාරක් විතර භාවිතා කරල වවුල්ස්ව කැමති කරගත්තලු අර පොත් හතරෙන් දෙකක් වවුල්ස්ගෙ ගානෙ deliver කරලා දෙන්න...වවුල්ස් හා කියාපු ගමන් ඉතින් මංචිටත් ඉබ්බ දියට දැම්මා වගේ තමා.. ගෙදරට කිව්වෙ ඒ පොත් දෙක බාර දෙන්න ඕන නිසා තමයි එයාර් පෝර්ට් යන්න වෙන්නෙ කියලා..හික්ස්..(කොහොමද මංචිගෙ ටිකිරි මොලේ...;)))
ඇත්තෙන්ම කිව්වොත් ඔය පොත් දෙක ගෙඩි පිටින් දහ පාරක් වුණත් වවුල්ස්ගෙ අතට පත්කරන්න ක්‍රම සහ විධිනං තිබ්බා එයාර් පෝර්ට් එක තියා එයාර් පෝට්‍ර් එකේ පින්තූරයක් දිහාවත් බලන්නෙ නැතුවම.. :D..ඒත් ඉතින් පොඩි එකීගෙ ආසාව තිබ්බෙම ඕක ගුවන් තොටුපලටම ගෙනිහුන් දෙන්නයි...පොත් දෙක පැක් කරද්දි තමා ඔන්න මංචිට තවත් නියම අදහසක් පහල වෙන්නෙ...ඒ තමා පොතක් ඇතුලෙ දාලා වවුල්ස්ට උපන්දින සුභ පැතුමක් යවන එක..(එතකොට නැති වුනොත් වැරැද්ද වවුල්ස්ගෙමනෙ...හිකිස්...)
ඉතින් තකහනියක් ආයෙමත් ගියා ඔන්න උතුම් පැතුම්...
කලින් නං තේරුවෙ පොඩි ෆ්ලර්ටින් ගතියක් තියෙන කාර්ඩ් එකක්නෙ...මොකද ඒ වෙද්දි මංචි වවුල්ස්ට ආදරේ ප්‍රකාශ කරලා තිබ්බෙ නැහැනෙ..මේ වෙනකොට නං ඒව ඔකොම එලි කරල ඉවරනෙ...හදවත බිඳී ඇති කොට දැන් ඉතින් ෆ්ලර්ට් කරන්නේ කුමන හිතකින්දෑ...නිසා එව්වා ඔක්කොම අතෑරලා තේරුවා කලින් ජාතියෙම ඒත් ''best friend'' කෙනෙක්ට සරිලන කාර්ඩ් එකක්..ඔන්න ඉතින් කාර්ඩ් එකත් අරගෙන රටේ නැති විකාර ඩෙකරේශන් ඒකට දාලා...ඇතුලෙ කවියකුත් ලියලා...(කාට කාර්ඩ් යැව්වත් ඇතුලෙ තියෙන කවියට අමතරව මංචිම කවියක් ලියන එක මංචිගෙ පුරුද්ද)ඒකත් දැම්මා අර පොතක් ඇතුලට...
හරි දැන් ලස්සනට පොත් දෙක පැක් කළා...ආහ්...ඊට පස්සෙ අර පොතක් ඇතුලෙ කාර්ඩ් එක තියෙන බව වවුල්ස්ට කියන්නත් අමතක කළේ නෑ..මොකද නැත්තං මිනිහා ඒකත් එක්කම පාර්සලේ ආපහු දෙයි මටම..හිකිස්.. :D....කන කෑ මත් වගේ තිබ්බ නං ඕක බාගයක් විතර බර අඩු වෙලා මගේ අතට පත් වෙන්ඩ ඉඩ තිබ්බ වුණත්..මේකෙ ඉතින් තියෙන්නෙ පොත්නෙ...:D
ඉතින් ඔන්න එයාර් පෝර්ට් යන දවසත් උදා වුණා..
හැබැයි කරුමෙ කියන්නෙ එදා උදේම අම්මිට ඔෆිස් එකේ හදිසි බෝඩ් මීටින් එකක් වැටිලා..ඒ නිසා නිවාඩු දාන්න බෑලු එදාට...අම්මි කියනවා මට ලොකු අම්මගෙ පුතා එක්ක එයාගෙ මෝටර් බයික් එකේ එයාර්පෝර්ට් යන්නලු...මොනා කරන්නද ඉතින් අර බරට බරේ පොත් දෙකත් උස්සගෙන මාත් ගියාලු ඉතින් අර පිස්සු කේස් එකත් එක්ක එයාර් පෝර්ට්..හපෝයි හොඳ පණ ගියා..අර ඔලුබක්කෙක්ගෙ ඔලුව වගේ තියෙන තඩි හෙල්මට් එකට මගේ කොන්ඩෙත් අවුල් වුණා... :/
ඔහොම ගිහින් ඉතින් එයාර්පෝට් එකේ පළවෙනි චෙක් පෝයින්ට් එක ලඟට ආවා විතරයි ..මෙන්න බොලේ එතන ඉන්න හමුදා අංකල් කෙනෙක් කියනවා මෝටෝ බයික් වලින් ඇතුලට යන්ඩ දෙන්නෙ නැහැල්ලු..ඉතින් කාපංකො ටකරං කිව්වලු...දැන් මොනා කරන්නද.... ඉතින් වටෙන් එන්න කියලා මංචිත් එතනින් ත්‍රීවීලර් එකක් අරගෙන තමා ඇතුලට ගියේ...කොහොම කොහොම හරි අමාරුවෙන් වුණත් කටු කාගෙන ගිහින් මූණ බලාගත්තා... :D
හැබැයි වවුල්ස්ගෙ මූණ දැක්කා විතරයි...මහන්සිය කොහෙන් ගියාද නෑ...හිකිස්...වැඩිය කතා කරන්න නොලැබුණත් මූණවත් බලාගත්තෙක මදෑ නැද්ද මං අහන්නෙ.....හැබැයි ඉතින් ඒ කතා නොකරපුවටත් එක්ක හරි යන්න ඩිපාචර් එකේ ඉන්නකොටයි,ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරනකල්මයි කතා කළා මදි නොකියන්න ෆෝන් එකෙන්...හිකිස්.. :D
කොහොමින් කොහොමින් හරි වවුල්ස් ආයෙමත් වසීලීස්සගෙ රටට ඇවිත් එයාගෙ කාමරේට ආපු ගමන්ම කළේ අර පාර්සලේ අරින එකලු(මේක ආරංචි වුණේ නං බොහොම විස්වාසනීය ඔත්තුකාරයෙක්ගෙන්..)...බැලින්නං හදිස්සි වෙලා තියෙන්නෙ අර සුභ පැතුම් පත දැකගන්ටලුනෙ...වැරදිලාවත් මගදි ඒකත් අතුරුදහන් වෙලාද කියලද දන්නෑ බැලුවෙ....හිකිස්...
ඔන්න ඉතින් ඔහොම තමා..මංචිගෙයි වවුල්ස්ගෙයි වසන්ත නිවාඩුවේ කතාංග ටික අහවර වෙන්නෙ..මංචිත් ඉතින් ඊට දින කීපයකට පස්සෙ ආපහු වසීලීස්සගෙ රටට යනකල්ම විශේශ දෙයක් නං වුණේ නෑ..එතනින් එහා එළඹෙන ශරත් ඍතුවෙදි මොනවද වුණේ කියලා අහන්න තව ටික දවසක් ඉවසන්න වේවි හොදේ....
ආහ්හ්...කියන්න අමතක වුණානෙ...අර උඩ තියෙන පින්තූරෙ තියෙන්නෙ වවුල්ස්ල,මංචිලා නිතරම වසීලිස්සගෙ රටේ ඉඳලා එද්දි යද්දි ගමන්ගන්න එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක ඇතුලත සහ එයාහොස්ටස් අක්කා කෙනෙක්ගෙ ඡායාරූපයක්.... :D))
වව්ල්ස් මකුළු දැලේ පැටලෙයි වගේලු ලගදීම
ReplyDeleteහරි හරී.. වවුල්ස් පැටලේවි නෙවෙයි, පැටලිලා ඉවරයි වගේ මට නම් හිතෙන්නේ,.. හී හී...
ReplyDeleteඅප්පේ ඔය ආයි ඇවිත් තියෙන්නේ...ඊලගට මොකද උනේ කියලා බලන්නත් තව කාලාන්තරයක් ඉන්න වෙයිද මන්දා ..
ReplyDeleteඔන්න එව්වා නම් ඔට්ටු නැහැ...
ප.ලි - වසීලිස්සගෙ රටේ ඉඳලා එමිරේට්ස් ප්ලේන් එන්නේ නිකන් ද මන්චි..මම බැලුවා මගේ ඇස්වල අප්සෙට් එකක්ද කියලා , භාගෙට භාගයක් හිස් නේ
හප්පේ අදනං පෝස්ට් එක මිස් කරගත්තේ නැ :D
ReplyDeleteඑයා හොස්ටස් අක්ක බැඳලද දන්නෙ නෑ නේද?.. ;)
ReplyDelete@ChammA mona bageta bageda sampuranama hisne :-)
ReplyDeleteඅනේ අහිංසක වවුල්ස් පව්නේ..ඔටුවා වගේ මංචිගෙ බර අදින්නත් වෙලානේ
ReplyDeleteඅම්මේ ඇති යන්තම් ලියලා :P තව කාලෙකින් තව කොටසක් කියවන්න හම්බවේවි :P
ReplyDeleteකොහොමහරි මංචි නංගි වවුල්ස්ගේ පහනින් එලිය බැලුවා !!!!!
ReplyDeleteකමක් නෑ ඔහොම යන්කෝ !!
මම් හිතන් හිටියේ ඒ රටවල් වල මෙහාට්ට වඩා පොත් ලාභයි කියලා. බැලින් නම් මෙයාලා මෙහෙන් එහාට්ට පොත් ගෙනියනවා.
බැට් මෑන් vs ස්පයිඩර් වුමන්
ReplyDeleteමොනා වෙයිද දන්නේ නෑ නේ?
මටනම් අහන්න මකුළුගෙන් අහන්න ප්‍රශ්ණ ගොඩයි.. ඒත් මෙතන අහන්න බෑ.. ඒ නිසා මම නිහඩවම කතාව බලාගෙන යන්නම්..
ReplyDelete(එමිරේට්ස් වලට වඩා ශ්‍රිලංකන් හොදයි.. මටනම් යද්දියි එද්දියි දෙපාරම ගෑණු ළමයි දෙන්නෙක්ම සෙට් උනා..)
@අම්බලම :
ReplyDeleteමොන...එයාගෙ ඔය සෝබන අනේ... :P
@ප්‍රාර්ථනා :
කොහේ පැටලෙන්නද නගේ...එයා ඉතින් කෙලින්ම කිව්වනෙ මම නිකම්ම නිකම් යාලුවෙක් විතරය කියලා.. අනික ඉතින් මායම් දාලා පටලගත්තත් මොකටදෑ.. :(
@ChammA :
ඇයි බොල චම්මෝ...පැංච්ගෙ කතාව නොලිව්වට මම වෙන කතන්දරයක් ලිව්වනෙ..:P
අනේ පෝස්ට් පරක්කු වෙන්නෙ වැඩ නිසා...
හිකිස්...නෑ එන්නෙ නං තොගයක් පටෝගෙන...ඔය දාල තියෙන්නෙ ෆ්ලයිට් එක අතුගාන වෙලාවක ගත්තු පින්තූරයක්.. හිකිස්.. :D
@කිඩෝ :
ReplyDeleteආහ්හ්...කිඩා මලයෝ...අපිවත් මතක් වෙලා තියෙන්නෙ එහෙනං.. :D
@සාතන් :
අනේ ඒකනං අහගන්ට බැරි වුණා..ඊලඟ පාර එද්දි අහගෙන එන්නම්කො.. :P
@mahima :
පිස්සු කියන්ඩ එපා..ඔය අක්කල දෙන්න ඉඳිද්දි මුලු ගුවන් යානෙම පිරිලනෙ.. :D
@විශ්ව :
ReplyDeleteඅනේ යන්ඩ..මම මේ චූටි පොත් දෙකක් දුන්නෙ..ඒකත් එයා ආසම සබ්ජෙක්ට් එකට අදාල පොත් දෙකක්..අනික ඒක උස්සන් ආව කියල එයාට පාඩුවක් නං වුණේ නෑ..මොකද ඒ පොත් දෙක උණු උණුවෙම පාවිච්චි කළේත් මම නෙවෙයි වවුල්ස්ම තමා.. :D
@Yohan Kanishka | යොහාන් කණිෂ්ක :
ඔහොම හින්ට් ගහනවද ඈ..හිතේ දුකට පොඩ්ඩක් කතාව කල් දැම්මට.. :/
@මධුරංග :
හිකිස් එහෙම නැතුව බෑනෙ අයියේ...ඓන්දියාව වගේ රටවල නම් පොත් ලංකාවට වඩා ලාබයි අයියේ..ඒත් මෙහේ ගොඩක් තියෙන්නෙ අදාල පොත් වල රුසියානු පරිවර්ථන.ඉංග්‍රීසි පිටපත් ගනං...
@MaRLaN :
ReplyDeleteතැන්ක්ස් මාලන් මල්ලී...ඔයාගෙ කං කෙඳිරිය අහගෙන ඉන්ට බැරිම තමා අද බැරි මරගාතේ එඩිට් කරගෙන පෝස්ට් එක දැම්මෙ...හිකිස්.. :D ඉක්මනටම ඉතිරියත් දාන්නං.. :D
@Dinesh :
එහෙනං චැට් එකකදි වගේ අහන්ඩකො... :D
ජනවාරි ඉඳන් ලංකාවයි වසීලීස්සගෙ රටයි අතරත් ශ්‍රී ලංකා එයාලයින්ස් වලින් ඍජු ගුවන් වාර දාන්න යනව කියල තමා කියන්නෙ..එහෙම වුනොත් නම් හොඳයි..අපේම රටටනෙ ඒ සල්ලිත් එතකොට :D හැබැයි දිනේශ් අයියටනං කැමති වෙන්න කාරණේ වෙන මොකක් හරි වගේ.. ;)
අපෝ ඇති යන්තම් දාල....හැමදාම ඇවිත් බැලුව මේකේ ඉතිරිය කෝ කියල.....ඉක්මනට කතාවේ අවසානේ දාන්න අක්කා....හැපී එන්ඩ් එකක් බලන්න ඉන්නේ
ReplyDeleteමොකද්ද මට කැමතිවෙන්න කාරණේ???
ReplyDeleteඅවසානය හිතා ගත්තැහැකි වගේ. වැඩේ හරි නේද.
ReplyDeleteමට චල්තේ චල්තේ මතක් වෙනවා
ReplyDeleteචල්තේ චල්තේ කුච් කුච් හෝ ගයා, චෝරී චෝරී චුප්කෙ චුප්කේ
@සිතුවිලි නිහඬයි :
ReplyDeleteහෙහ් හෙහ්..තැන්කූ තැන්කූ නිතරම මේ පැත්තෙ ඇවිදින් ගියාට... :D
අනේ මංදා එන්ඩින් එක නරක වුණොත් මෙයාල තරහ වෙයිද කියල..
@Dinesh :
''යද්දියි එද්දියි දෙපාරම ගෑණු ළමයි දෙන්නෙක්ම සෙට් උනා..''
ඔන්න ඕක මිසක වෙන කාරණයක් නං වෙන්ඩ බෑ.. :D
@පිණිබිඳු... :
වැඩේ කෝම හරි වෙන්නද පිණිබිඳුවෝ...වැඩේ වැරදුනේ කලින් මතක නැද්ද..? ;))
@jora :
හිකිස් තැන්කූ....හැබැයි ඉතින් හින්දි චිත්‍රපටයක පෙන්නන තරම් සුන්දර නෑ අනේ ආදරෙත්... ඔය කියන දවස් වල මංචි උන්නෙ බෝම දුකෙන්.. :((
නයිස් හොඳේ...
ReplyDeleteවසිලීස්සගෙ රටට පියාඹන්න වවුල්ස්ට දුර වැඩි ඇති නේද අපරාදෙ මේ එයාර් ලයින්ස් වලට ගෙවන්නෙ නැතුව.
ReplyDeletehenryblogwalker aka Dude
හෆ්ෆා.... පවු අනේ අසරණ වවුල්.... පැටලිලා....මංචිගෙ දැලේ... හික්ස්ස්ස්ස්ස්
ReplyDeleteඑකනේ මමනම් ආයෙත් යන හැම පාරම යන්නේ ශ්‍රි ලංකන් වලම තමා.. :)
ReplyDelete@prasanna86k :
ReplyDeleteතැන්කූ හොඳේ.... :D
@Dude :
අනේ පව් එච්චර දුර පියාඹන්න ගියොත් නං එයාට ගොඩාක් මහන්සි වෙයිනෙ..:(
@හිතුවක්කාරි :
අනේ එයා මගේ දැලේ පැටලුනානං බැරියැ හිතුවක්කාරියෙ.. :(
@Dinesh :
ReplyDeleteහික් හික්...ඔය දැක්කනෙ.. :D